අද මධ්‍යම රාත්‍රියෙන් වයිබර් තහනම අවසන් – ආරක්ෂක ලේකම් ලිඛිතව නිර්දේශ කරයි !

පසුගියදා මහනුවර ප්‍රමුඛව දිවයිනේ ප්‍රදේශ කිහිපයක හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා සමගින් වෛරී ප්‍රකාශන පළවීම වැලැක්වීම සඳහා facebook, WhatsApp, Viber ආදී සමාජ ජාලයන්ට පිවිසීමට තාවකාලිකව සිමා කිරීමට රජය කටයුතු කළා.

කෙසේ වෙතත්, මේ වනවිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ Viber ජාලයට පිවිසීමට පනවා තිබු සීමා අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට රජය තීරණය කළ බවයි.

අදාළ තහනම ඉවත්කිරීමට අදාළ නිර්දේශ ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලිඛිතව දන්වා ඇති බවද වාර්තා වන අතර, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් පිලිබඳ අමාත්‍යය හරින් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ Facebook ඇතුළු අනෙකු සමාජ මාධ්‍ය ජාල සඳහා පනවා ඇති තහනම ලබන සිකුරාදා(16) ඉවත් කෙරෙන බවයි. තවද ඒ මහතා ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අද පැවති සාකච්ඡාවට ජනාධිපතිවරයා ද දුරකථනය ඔස්සේ සහභාගී වූ බවයි. එහිදී අදාළ එකඟතාවට පැමිණි බවද අමාත්‍යවරයා සඳහන් කළා.

මෙලෙස Facebook ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි සහ පණිවිඩ මෘදුකාංග සඳහා පැය 72ක තහනම පනවා අද(13) වන විට දින 8ක් ගතව තිබෙනවා.

Source Link : Online Sinhala Blog

Leave a Reply

Your email address will not be published. Required fields are marked *