අද රාත්‍රී සිට වයිබර් වෙත පිවිසීමේ අවස්ථාව – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

වයිබර් සමාජ ජාලය වෙත පිවිසීමේ අවස්ථාව අද රාත්‍රී සිට ලබා දීමට රජය තීරණය කළ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මහනුවර ඇති වූ කළහකාරී සිදුවීම් සමඟ වට්ස්අප්, ෆේස්බුක්, වයිබර් ඇතුළු සමාජ ජාලා වෙත පිවිසීමේ අවස්ථාව ඇහිරීමට රජය පියවර ගත්තා.

නැවත සමාජ ජාල වෙත පිවිසීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීමේ මූලික පියවරක් ලෙස අද (13) රාත්‍රියේ සිට වයිබර් සමාජ ජාලය වෙත පිවිසීමේ අවස්ථාව ලබා දීමට රජය තීරණය කර ඇති බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනයේ දැක්වෙන්නේ.

රජය සමාජ මාධ්‍ය අවහිර කිරීමත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාපාර පවත්වාගෙන ගිය කුඩා පරිමාණ ව්‍යාපාරිකයෝ සහ කර්මාන්තකරුවෝ රැසක් අපහසුතාවට පත්වුණා

ගෙවුණු දින කිහිපයේ සංවිධාන, මාධ්‍යවේදීන්, සිවිල් පුරවැසියන් ඇතුළු විශාල පිරිසක් මේ ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර තිබිණි.

එම නිවේදනය පහතින්

Source Link : Bro – බ්‍රෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *