අර්ශස් රෝගය නිට්ටාවටම සුව කර ගන්න ගෙදරදීම හදා ගන්න පුළුවන් බලගතු බෙහෙතක් මෙන්න

වර්තමානයේ ඉතා බහුලව පවතින නමුත් බොහෝ දෙනා සගවා ගෙන සිටින ඉවසා දරා ගැනීමට අපහසු වූත්, සිටගෙන සිටීමට හෝ වාඩි වී සිටීමට නොහැකි එක්‌ ඉරියව්වකින් සිටීමට නොහැකි රෝගයක්‌ ඔබට තිබේද ? මෙය මූල ගාය ලෙස පැරැන්නන් හදුන්වනු ලැබූ අතර අද සමාජයේ බොහෝ දෙනා මෙම රෝගී තත්ත්වය හදුන්වනු ලබන්නේ අර්ශස්‌ නමිනි.

ස්‌ත්‍රී පුරුෂ භේදයකින් තොරව මහත් කරදරකාරී රෝගයක්‌ වන මෙය ශාරීරික ආබාධයක්‌ වුවත් මානසික පීඩනයකට ලක්‌ වී සිටින රෝගීන් සංඛ්‍යාව ඉතා විශාලය. මෙහිදී ප්‍රධාන වශයෙන් සිදු වන්නේ ගුද මාර්ගය අවසන් වන ස්‌ථානයේ ඇති රුධිර වාහිනීවල ඉදිමීමක්‌ ඇති වීමයි. එය බාහිරව ගෙඩි වශයෙන් පිටතට පැමිණීමක්‌ ද සිදුවිය හැකිය. මෙම තත්ත්වය ඇති වූ විට දිගු කාලීනව ඇති වන තදබල වේදනාවක්‌ ද ඇති වේ. තවද, මළපහ කරන විට ලේ පිටවීම හෝ කැසීම රෝග ලක්‌ෂණ ලෙස පෙන්නුම් කරයි.

ආයුර්වේදයේ සදහන් වන ආකාරයට මෙය මහා රෝගයකි. මෙසේ පාරම්පරික තත්ත්වයක්‌ තුළ මෙම රෝගයට ගොදුරු වුවහොත් එය සුව කිරීමට අපහසු තත්ත්වයක්‌ බවත් ආයුර්වේදයේ සදහන් වේ. මෙම අර්ශස්‌ රෝගය සදහා බටහිර ප්‍රතිකාර කොතෙකුත් තිබුණ ද ආයුර්වේද ප්‍රතිකාරවලින් නිට්‌ටාවටම සුව කර ගත හැකිය.

කාන්තාවන්ට තාවකාලිකව ඇතිවන අර්ශස්‌ තත්ත්වයක්‌ ද පවතී. එනම් ගර්භණී කාලයේදී ඇති වන අර්ශස්‌ය. එයට හේතුව වන්නේ ගර්භාෂයේ වර්ධනය වන ගර්භය නිසා ශරීරයේ පහළ කොටස්‌වල ඇති රුධිරය හෘදය දෙසට යැමට බාධා වී ගුදය ආශ්‍රිත ශිරාවල එක්‌රැස්‌ වීම නිසයි.

ආයුර්වේදයේ මෙම රෝගී තත්ත්වය ප්‍රධාන වශයෙන් ප්‍රභේද කිහිපයකින් වර්ග කර දක්‌වන අතර නවීන වෛද්‍ය විද්‍යාවේ මෙය කොටස්‌ 2කට බෙදේ. බාහිර අර්ශස්‌, අභ්‍යන්තර අර්ශස්‌

සාමාන්‍ය ලක්‌ෂණ

ගුද මාර්ගයේ තදබල වේදනාව, ගුදය ආසන්නයේ දැවිලි ගතිය, රුධිරය පිටවීම, ක්‌ලාන්තය, කරකැවිල්ල, කෑම අරුචිය, කොන්දේ කැක්‌කුම, යටිබඩ ප්‍රදේශයේ වේදනාව, බඩ පුරවා දැමීම, මළ බද්ධය, රක්‌තහීනතාවය.

මීට අමතරව නුරුස්‌සන ගතිය මෙන්ම කේන්ති යැම වැනි ලක්‌ෂණ ද පෙන්නුම් කරයි. අර්ශස්‌ රෝගය සදහා ගෙදරදී පිළියෙල කළ හැකි සාර්ථක අත් බෙහෙත් කිහිපයක්‌ සාදා ගන්නා ආකාරය පහතින් දැක්‌වේ. සේපාලිකා දළු දෙමිටක්‌ ගෙන තම්බා එම වතුර රාත්‍රී නින්දට පෙර බොන්න. අර්ශස්‌ ගෙඩි එළියට පෙනෙන්නට තිබේ නම් වැල්පෙනෙල දළු, එළගිතෙල්, උණු අළුපල්ලේ තැම්බූ රතුලූණු එකට අඹරා ගෙඩිවල ගාන්න.

ලේ යනවා නම් නෙළුම් රේණු, මී පැණි, එළ වෝඩරුවෙන් අඹරා බුලු ගෙඩියක තරම් ගුලියක්‌ සාදා කන්න. බෙලි කොළ, මුගුණුවැන්න, ආඩතෝඩ දළු, අමුවෙන් හෝ වියළි ඖෂධ ගිනි අගුරු කැබැල්ලකට දමා එම බෙහෙත් කොළ මතට හල් දුම්මල කුඩු දමා එය හිල් පොල්කටුවකින් වසා උදේ සවස ගුද මාර්ගයට දුම් අල්ලන්න.

අර්තාපල් ගෙඩි දෙකක පමණ හොදින් පොතු හැර එයට වතුර ස්‌වල්පයක්‌ දමා පල්පයක්‌ වන තෙක්‌ අඹරා එම පල්පය විනාඩි 10 – 15 ක්‌ පමණ බැද තැබීම. මෙය බාහිර අර්ශස්‌වලට වඩාත් හිතකර වේ. සුදුලූණු බික්‌ 03කට දවුල් කුරු`දු පත්‍ර 03 ක්‌ එකතු කර තලා බ`දුනකට දමා රත් කරගෙන එය නිවුණු පසු එය අර්ශස්‌ ඇති ස්‌ථානයට තබා බ`දින්න.

මෙය බාහිර අර්ශස්‌ සදහා උචිත වේ.

කොහිල අල, ගොටුකොළ, පෙනෙල කොළ, එළ පිටවක්‌කා කලං 03 බැගින් වතුර පත 08 එකට සිද පෙරා උදේ සවස පානය කිරීම මොනර කුඩුම්බිය කැද සතියකට දින 2 – 3 ක්‌ ගැනීම

මෙලෙස ගෙදරදී ඉතා පහසුවෙන් සාදා ගත හැකි අත් බෙහෙත් උපයෝගී කර ගෙන ප්‍රතිකාර සිදුකර ගැනීමට අමතරව අප ගන්නා ආහාර පිළිබදවද සැලකිලිමත් වීමක්‌ ආයුර්වේදයේ සදහන් වන ආකාරයට වැදගත් වේ.

මෙලෙස මෙවැනි අර්ශස්‌ පවතින රෝගීන්ට සුදුසු ආහාර ලෙස වැටකොලු, පතෝල වැනි එළවළු වර්ග, නිවිති, මුගුණුවැන්න, තම්පලා, කංකු වැනි පලා වර්ග ආහාරයට එකතු කර ගැනීම සුදුසු වේ. ඒ වගේම කෙසෙල්, ගස්‌ලබු, අලිපේර වැනි පලතුරු වර්ග ද වඩාත් උචිත වේ.

මෙවැනි රෝගීන් ආහාරයට ගැනීමට නුසුදුසු ආහාර ලෙස ඉස්‌සෝ, දැල්ලෝ, බල මාළු, බල කරවල, ඌරු මස්‌ වැනි උෂ්ණාධික මාංශ වර්ගද ,අන්නාසි, අඹ, රඹුටන්, අනෝදා, දිවුල්, ජම්බු වැනි උෂ්ණාධික පලතුරු වර්ග ද, විනාකිරි එකතු කරන ලද ආහාර වර්ග චට්‌නි, සෝස්‌, අච්චාරු වර්ගද සදහන් කළ හැක.

මෙලෙස නිවැරැදි ආහාර විහරණ රටාවන් අනුගමනය කරමින් තවදුරටත් වෛද්‍යවරයකු වෙත යොමු කිරීම මගින් මෙම හිතට වද දෙන අර්ශස්‌ රෝගය සහමුලින්ම සුව කර ගැනීමට ඔබට අවස්‌ථාව හිමි වනු ඇත.

වැඩිදුර තොරතුරු සදහා දුරකථන අංක 071 – 6046284 ඇමැතිය හැකිය.

Source Link : Wishma Lokaya

Leave a Reply

Your email address will not be published. Required fields are marked *