කිසිඳු ජයක් නොලබා වැඩිම තරඟ ප්‍රමාණයක් පරාජය වූ නායකයන් අතර තිසරගේ නම ඉදිරියෙන්

පසුගියදා ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර පැවති තරඟයේ නියමිත කාලය තුල පන්දුවාර 20 නොදැමීමේ වරද හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේශ් චන්දිමාල්ට තරඟ දෙකක තහනමක් පැනවිය. ඉන් පසු ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය තිසර පෙරේරා හට හිමිවිය.

මෙසේ තිසර පෙරේරා හට විවිධ අවස්ථා වලදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වරම් හිමි වූ අතර ඊයේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වීමේ වගකීම භාරව තිබුනේ තිසර පෙරේරා හටය. කෙසේ නමුත් ඊයේ තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වුයේ නිදහස් කුසලාන බලාපොරොත්තුව අවධානමට ලක් කරමිනි.

කෙසේ නමුත් ඊයේ තරඟය පරාජය වීමත් සමගම තිසර පෙරේරාගේ නම ක්‍රිකට් වාර්තා පොත් අතරට ඇතුලත් විය. නමුත් එය එතරම් සුභදායි ආරංචියක් නෙවේ. එයට හේතුව නම් ඔහුගේ නම ඇතුලත් වුයේ, ” අන්තර්ජාතික විස්සයි විස්ස තරඟාවලදී ක්‍රීඩකයකු නායකත්වය දරන අවස්ථාවේ කණ්ඩායම් කිසිම ජයග්‍රහණයක් නොලබා පරාජය වූ වාර ගණන ” යන ලයිස්තුවේ ප්‍රමුඛ ස්ථානයට පත්වෙමිනි.

ඒ අනුව තිසර පෙරේරා නායකත්වය ලබාදුන් විස්සයි විස්ස තරඟ 7 ම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වී ඇති අතර, දෙවන ස්ථානය ස්කොට්ලන්තයේ ගැවින් හැමිල්ටන් ගේ නායකත්වයටත්, තෙවන ස්ථානය බංගලාදේශ ක්‍රීඩක ෂකිබ් අල් හසන්ගේ නායකත්වයටත් හිමි වී ඇත.

7 – Thisara Perera (SL)
6 – Gavin Hamilton (Sco)
6 – Shakib Al Hasan (Ban)

Source Link : Bro – බ්‍රෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *