ගැබ්බර මුව දෙනක් ඝාතනය කල නරුමයන් ආයුධ සමග පොලිස් දැලේ

තබ්බෝව රක්ෂිතයේ වෙඩි තබා ඝාතනය කල බවට සැක කෙරෙන ගැබ්බර මුව දෙනක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු කරුවලගස්වැව වන ජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගැබ්බර මුව දෙනක් ඝාතනය කර ඊයේ (11) රාත්‍රීයේ කරුවලගස්වැව තබ්බෝව වැව් තාවුල්ලේදී යතුරු පැදියකින් රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු සහ ඔවුන්ට සහාය වෙමින් තවත් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සැකකරුවෙකුයි මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ. සැකකරුවන් කරුවලගස්වැව 8 කණුවප්‍රදේශයේ පදිංචි අවුරුදු 22ත් 25ත් අතර පසුවන්නන් වෙනවා.

මුව දෙනට වෙඩි තැබීම සදහා යොදා ගත් බෝර 12 ගිනි අවියද නිලධාරීන් බාරයට ගෙන ඇති අතර, ඝාතනය කර ඇති මුව දෙන කිලෝ ග්‍රෑම් 50ක පමණ බරකින් යුක්ත බවයි වන ජීවී නිලධාරීන් කියා සිටියේ. තබ්බෝව රක්ෂිතයේ දී වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

වනසත්ව හා රුක්ෂලතා ආඥා පනතේ 30 වගන්තිය(1)උප (ඈ) යටතේ අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂ නිළධාරී එම් ඥානරත්න මහතා පැවසීය.

Source Link : Bro – බ්‍රෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *