චන්දිට වගේම දේශීය ලිග් තරගාවලියේ වීරයා වී හොඳින් දස්කම් අතර සිටින ආරම්භක පිතිකරු දනුෂ්ක ගුණතිලකට ආසියානු කුසලානය සම්පුර්නෙන් අහිමිවෙයි

ශ්‍රි ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ආසියානු කුසලාන තරගාවලියට සහභාගීවීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා. ඒ පුහුණු සැසියක් අතරතුර සිදුවූ ආබාධයක් නිසාවෙනි.

Image result for danushka gunathilaka

ධනුෂ්ක ගුණතිලක වෙනුවට ෂෙහාන් ජයසූරිය ආසියානු කුසාලන තරගාවලියට එක්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරඟ ලබන 15 වැනිදා බංගලාදේශය සමගින් පැවැත්වීමට නියමිතය

ශී‍්‍ර ලංකාව සහභාගී වන පළමු තරගය සෙනසුරාදා(15) ආරම්භ වනවා.පළමු තරගයේ ශී‍්‍ර ලංකා පිළේ ප‍්‍රතිවාදීන් වන්නේ බංග්ලාදේශයයි. ලබන සඳුදා ශී‍්‍ර ලංකාව ඇෆ්ගනිස්තානය සමග තරග වදිනවා.

Image may contain: 11 people, people standing

මෙම තරග දේකා ලංකාව ජයගැනීම තීරණාත්මක වන්නේ දෙවන වටය නැතිනම් සුපිරි 4 තරග සදහා එයින් සුදුසුකම් ලබන නිසයි. සුපිරි 4 වටය 21 වනදා ආරම්භ වීමට නියමිතයි. එය 21 සිට 26 දක්වා පැවැත්වෙන අතර 28 අවසන් තරගය පැවැත්වෙනු ඇති

මෙවර ශී‍්‍ර ලංකා සංචිතයට සුපිරි වේග පන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංග ද වසරකට පසු එක්ව සිටීම විශේෂත්වයක්. මාලිංග දිවයිනෙන් පිටව යාමට පෙර මාධ්‍යට කියපු කෙලින් කතාව බලන්න.

මෙම තරගාවලියේ ආන්දෝලනාත්මක හා ක්‍රිකට් ලෝකයේ වටිනාම තරගය වන ඉන්දියා පකිස්තාන් තරගය 19 වනදා පැවැත්වෙනු ඇති. ඊට අමතරව සුපිරි 4 දී මොවුන් නැවත හමුවීමට ඉඩ ඇත.

මේවර ඉන්දියාව ලංකාව පකිස්තානය බංගලාදේශය ඇෆ්ගනිස්තානයට අමතර තේරී පත්වුණේ එමීර් කණ්ඩායම පරදවා හොන්කොන් කණ්ඩායමයි. ආසියානු කුසලානය ඉන්දියාව 5 වතාවක් සහ ලංකාව 4 වතාවක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

Source Link : ආටිකල් 14.news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *