තුෂානි ආදරය ගැන අමුතු විදිහට කතා කරයි

thushani de silva

තුෂානි මුලින්ම ඔබ ගැන හැදින්වීමක් කළොත් ?
මගේ ගම මහනුවර. ඉගෙන ගත්තෙ ශාන්ත අන්තෝනි කන්‍යාරාමයෙන්. පවුලේ අම්මා ගෘහණියක්. තාත්තා ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ව්‍යාපාරයක නිරතයි. මම පවුලේ බාලයා. අක්කලා දෙදෙනෙක් ඉන්නවා. එක අක්කා කෙනෙක් රූපලාවන්‍ය ආයතනයක් පවත්වාගෙන යනවා. මගේ වයස අවුරුදු 24යි.

 

ඇයි රගපෑම තෝරා ගත්තේ ?
පොඩි කාලයේ ඉදලාම හීනයක් තිබුණා. ඒ හීනයට තමයි ළගාවුණේ.

 

ඇයි රගපෑම කෙරෙහි හීනයක් ඇති වුණේ ?
පොඩි කාලයේ ඉදලාම එක එක හීන තියෙනවනේ. එදා ඉදලාම මගේ ආසාව වුණේ නිළියක් වීමටයි. හැබැයි උසස් පෙළ කළේ වාණිජ අංශයෙන්. කොහොමහරි අන්තිමට නතර වුනේ කලා අංශයේ.

 

ඉගෙනීමෙන් ඉදිරියට යන්න හිතුවෙ නැද්ද ?
ඉගෙනීමටත් දක්ෂ වුණා. තවමත් ඉගෙනීමෙන් ඈත්වෙලා නැහැ. වාණිජ අංශයෙන් ඉගෙන ගන්නා අතරේ AAT පාඨමාලාවන් හදාරණවා. ඒවාට අමතරව මහේන්ද්‍ර පෙරේරා සර්ගේ රංග පාසලේ සහ අනෝජා වීරසිංහ මහත්මියගේ අභින රංග පාලේ පුහුණුව ලබනවා. රවීන්ද්‍ර විජේරත්න මහතා යටතේ වැඩමුළු වලටත්, දායක වුණා.

 

තුෂානිට මොන වගේ චරිතද වැඩිපුර ලැබෙන්නේ ?
බටහිර තාලයට හුරු දගකාර චරිත තමයි වැඩිපුර ලැබෙන්නේ.

 

සැබෑවටත් දගකාර චරිතයක්ද ?
එහෙම කිව්වොත් හරි.

 

මොනවද කළ දග වැඩ ?
අම්මෝ කියන්න බැරි තරම්. දගවැඩ නම් බොහෝමයි.

 

තුෂානි හැබෑවට කොහොම කෙනෙක්ද ?
හරිම සංවේදී කෙනෙක්. නිතරම විනෝදයෙන් ගත කරන්න කැමැතියි. ඕනෑම කෙනෙකුට උදවු කරන්න උත්සාහ ගන්නවා. හැබැයි වෙලාවකට නපුරුයි. යාළුවෝ උදව්වක් ඉල්ලුවොත් අනිවාර්යයෙන්ම කරනවා.

 

‘හදයා’ චරිතය ගැන කිව්වොත් ?
ඒක ටිකක් වෙනස් චරිතයක්. අසාධාරණය පෙන්නන්න බැරි හොර වැඩ එහෙම වෙනවා නම්, ඒවා බොස්ට පෙන්වා දෙන චරිතයක්.

 

‘හදයා’ හැර දායකවූ වෙනත් නිර්මාණ මොනවාද ?
සූම් චිත්‍රපටය ඒමට නියමිතයි. ඊට අමතරව සුදේශ් වමන්තගේ නැතිබැරිටාසන් සහ දිට්ඨ නමැති චිත්‍රපටයේ රගපෑවා. ඒවා තිරගතවීමට නියමිතයි. වැඩි දෙනෙක් මා ගැන කතා කරන්න පටන් ගත්තේ ‘මොණර කිරිල්ලි’ ටෙලි නාට්‍ය ‘ටානියා’ චරිතය සමගයි. මේ වන විට ටෙලිනාට්‍ය හය හතකට විතර දායකවෙලා තියෙනවා.

 

රගපෑම ‘තුෂානි’ට දැනෙන්නෙ මොන විදියටද ?
රගපෑම එක අතකට අපේ ජීවිතයේම කොටසක් වගෙයි. සැබෑ ජීවිතයේදීත් සමහර අවස්ථාවලදී අපට රගපාන්න වගේ අවස්ථා තියෙනවා. ඒ විදියට අපගේ ජීවිතයට අදාළ කරගෙන වගේම චරිත අනුකරණය කරමින් දෙයක් කිරීම තමයි රංගනය. ඒ කරන රංගනයේදී තවත් මනුෂ්‍යයකුට ආදරයක්, වින්දනයක් ඇතිවන පරිදි ඒ රංගනය ඉදිරිපත් කළ හැකි නම් එය සැබෑ රංගනයක් වේවි.

 

මේ විදියට කලාව ගැන හිතන තුෂානිට, ආදරේ එහෙමත් දැනෙනවා ඇති ?
ඒ ගැන දැන්ම කතා කරන්න බැහැ.

 

ඇයි පෙම්වතා තහංචි දාලාද ?
එහෙම නැහැ.

 

මේ කැන්ඩි ලමිස්සිගේ හිතගත් පෙම්වතා නළුවෙක්ද ?
නැහැ.

 

ආදරය කියලා දැනෙන්නෙ ?
ආදරය කියන දේ සුන්දරයි. හැබැයි කටුක පැත්තකුත් ඇති. ඒක මනුෂ්‍ය ජීවිතයකට ලැබෙන අපූරු දෙයක් වෙන්න ඇති. ආදරය කියන දේ එක්ක ආත්මාර්ථකාමීත්වය ඇතුළු බොහෝ දේ තියෙනවා. ඒ වගේම වේදනාකාරී වෙන්නත් පුළුවනි. කොටින්ම කිව්වොත් ආදරේ කියන්නෙ ඇතුවත් බැරි, නැතුවත් බැරි දෙයක්. ගෙදරින් මට ලැබෙන ආදරය නිසා තමයි අද මම මේ වගේ කේෂ්ත්‍රයක සිටින්නෙ. තවම මම යැපෙන්නෙත් ගෙදරින්.

 

කේෂ්ත්‍රයේ සමීපම යාළුවෝ කවුද ?
බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අතරින් අනුරාධා එදිරිසිංහ සහ ෂෙහානි පෙරේරා මගේ හොදම යාළුවෝ.

The post තුෂානි ආදරය ගැන අමුතු විදිහට කතා කරයි appeared first on Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk - Raja Gossip.

Source Link : Gossip – Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Leave a Reply

Your email address will not be published. Required fields are marked *