මීළඟ අගමැතිවරයා වීමට සුදුසුම පුද්ගලයා තමන් බව අමාත්‍යය ජෝන් අමරතුංග පවසයි

මේ වන විට රටේ අග්‍රාමාත්‍යය ධුරය සියලු දෙනා කතාවන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. ඒ අතරතුර රටේ මීළඟ අගමැතිවරයා වීමට සුදුසුම පුද්ගලයා තමන් බව අමාත්‍යය ජෝන් අමරතුංග මහතා පවසා තිබෙනවා. ඒ අද(13) පැවති වත්තල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම අවසානයේදී මාධ්‍යවේදීන් අමතමින්. පක්ෂයේ ජ්‍යෙෂ්ඨත්වයෙන් තමන් දෙවෙනි වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට පමණක් බව පවසන අමාත්‍යයවරයා මීළඟට අග්‍රාමාත්‍ය පදවිය සඳහා තමන් සුදුසු බව ප්‍රකාශ කළ ඔහු අද වන විට රජයේ පරිපාලනයද අඩපන වි ඇති බවද පැවසුවා.

මේ වන විට කුඩු ව්‍යාපාරය හැමතැනම කරගෙන යද්දී පොලීසිය නිශ්ශබ්දව සිටින බව පෙන්වාදෙන ඒ මහතා “පොලීසිය වත්තෙත් කුඩු විකුණනවලු” යනුවෙන්ද ප්‍රකාශ කරනවා.  අමාත්‍යයවරයාගෙන් නීතිය හා සාමය අමාත්‍යංශය පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ එම අමාත්‍යංශය මේ වන විට විනාශ වී ඇති බවයි.

Source Link : Online Sinhala Blog

Leave a Reply

Your email address will not be published. Required fields are marked *