රනිල්ගෙන් රැ කෝල් එකක් කියලා බිරිද ඇඳේ ඉදන් දුන්නා. රනිල් අහනවා දිනුම්නේ මන් ඇහුවා දිනුම්ද කියලා. මන් රැ 10 ට නිදාගත්තා – සිරිසේන ඉතිරි රෙදිත් ගලොගනී

2015 ජනාධිපතිවරණයේ ප්‍රතිපල බැලුවේ ගැහි ගැහි පරාජය වුවොත් ආදී හයක් යට වළලන බව දැනන් සිටියා යනුවෙන් මුලින් පැවසු ජනාධිපතිවූ සිරිසේන මහතා දැන් පවසන්නේ ඡන්දය දවසේ රැ 10 වන විට හොදට නිදාගත් බවයි.

රනිල් වික්‍රමසිංහ මහා රැ කෝල් කර අහනකම් දිනුම්ද පරදිද කියා ඔහුවත් ඔහුගේ පවුලේ අයවත් නොදන්නා බව පවසනවා. මෙවන් ප්‍රකාශ හා හෙළිකිරීම් රටේ නායකයකුට නොගැලපෙන්නේ තමන් රටට වැඩක් කිරීමට නායකයා වීමට සිටියානම් මිට වඩා අවදිව සිටිය යුතුයි.

හැම දිනකම රැ 10 ට අනිවාරෙන් නිදන බවත් නිදිමරන්නේ නැති බවත් පවසනවා. අතීතයේ ප්‍රේමදාස වැනි ජනාධිපතිවරු උදැසන 5 ට මිනිසුන් එවන ප්‍රශ්න ඇතුලත් ලිපි කියවා බලා එම ලිපි වලට අදාළ නිලධාරීන්ට උදේ 5 ට අම්මා අප්පා අමතන බව ඔහුගේ චරිත කතා වල සදහන්. එය අප පාට පක්ෂ පිල් නොමැතිව අගය කලයුතු දේ දැකීමට නිහතමානී විය යුතුයි.

රටේ නායකයකු වූ විට දිනකට පැය 6 ක් වත් නිදාගැනීමට හැකිනම් එය වාසනාවකි. මොහුගේ කියවීම පිළිබද මොහු හෙළිකරන අතර උඩින් පල්ලෙන් පොතක් කියවන බව පවසයි. පාට පක්ෂ පසෙකලා නැවත උදාහරණයක් ලෙස ගතහොත් ප්‍රේමදාස ජනාධිපතිවරයා සුචරිතය තම විශ්ව විද්‍යාලය කරගෙන අසීමිතව කියවීමට හුරුවූ අයකි.

රට අද වැටි ඇති තත්වයට මේ පරිනත නොමැතිකම හා බෝල් හා හිස් කම හොදම උදාහරණයයි. මෙය අවසන් දශක 2 , 3 තුල දේශපාලනයේ දුටු විශේෂ ලක්ෂණය වන අතර රට කළමනාකරණය අතින් අන්තයටම වැටීමට එකම හේතුව මෙය බව දැන්වත් තේරුම් ගැනීමේ ශක්තියක් ඇති රටේ සුළුතර ජනතාව හෝ වටහා ගත යුතුය

සම්පුර්ණ වීඩියෝව පහතින් බලන්න

Source Link : ආටිකල් 14.news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *