වියත් මගේ රට හදන විදිහිය කියන කෝටි ගානක මුදල් වංචා කර ඇති විදුලිබල මණ්ඩලේ සාමාන්‍ය අධිකාරිවරයෙක් ගැන වෘතිය සමිති ක්‍රියාමාර්ගයක් ගන්න යයි

මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (පිරිස්) ලෙස සේවය කරන සේනජිත් දසනායක යන අය සම්බන්ධ දූෂණ පිලිබඳ මෙතෙක් නිසි පියවර නොගැනීම සම්බන්ධව ඉදිරියේදී දැඩි පියවර ගැනීමට වෘත්තීය සමිති කිහිපයක් සූදානමින් සිටින බව වාර්තා වේ.

මොහු කොළඹ නගර කාර්යාලයේ සේවය කරන වකවානුවේ රුපියල් 2,455,807.57ක (දස ලක්‍ෂ 12.7ට වඩා) මුදල් වංචාවක් සිදුවී ඇත.මේ පිලිබඳ පරීක්‍ෂණ පැවැත්වෙන අතරතුර අනුමැතියකින් තොරව විදේශ ගතවී ඇත.පසුව ඒක පාර්ශ්වීය පරීක්‍ෂණයකින් මොහු සියලු චෝදනා වලට වැරදිකරු වී සේවයෙන් පහ කිරීමට නිර්දේශ වී තිබේ.

2013 නොවැම්බර් මස 11 දින එවක ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යධිකාරීවරයා මෙම වංචාව සම්බන්ධ පරීක්‍ෂණ සිදු කිරීම සඳහා විමර්ශන නිලධාරී ලෙස විගණන සහකාර ඩී.වී.එස්.කේ.ෆොන්සේකා මහතා පත් කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මොහු වියත් මඟ සංවිධානයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බවට කරුණු හෙළිදරව් වී තිබේ මෙවැනි දූෂිත පුද්ගලයෙකු වන මොහු සම්බන්ධයෙන් කිසිදු පියවරක නොගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවී පැමිණිලි කිරීමට වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් සූදානමින් සිටියි.

Source Link : ආටිකල් 14.news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *