සාගලගේ පොලිස් ඇමතිකම මෛත්‍රී අරන් කැබිනට් එකත් සංශෝදනය කර 2015 පොදු අපේක්ෂකයා 2021 වන තෙක් බලයේ සිටිමේ සැලැස්මක්

ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන්වීම පිළිබද තීන්දුව ලැබුණ පසුව අලුත් දේශපාලන ගමනක් ආරම්භ කිරීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරයි.

ඒ අනුව 2021 වසර දක්වා ජනාධිපතිවරයා ධූරයේ රැදී සිටීමට අපේක්ෂා කරන අතර ඉදිරි වසර තුන හොරුන් ඇල්ලීමේ වසර තුන බවට ජනාධිපතිවරයා පත් කරගැනීමට නියමිතය. ඒ අනුව මෙතෙක් කල් හොරු ඇල්ලීම් ප‍්‍රමාද වූයේ පොලීසිය හා නීතිපති දෙපාර්තේම්තුවට වෙනත් අය යටතේ බව පවසමින් එය තමන් යටතට පත් කරගැනීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බවද ආරංචිමාර්ග සදහන් කරයි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රභලයෙක් වන සාගල රත්නායක සතුව තිබෙන නීතිය හා සාමය අමාත්‍යාංශයත්, අගමැති රනිල් වික‍්‍රමසිංහ යටතේ පවතින නීතිපති දෙපාර්තමේන්තුවත් තමන් යටතට පත් කරගැනීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටී.

ඒ අතරම පළාත් පාලන මැතිවරණයෙන් පසුව කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට අවශ්‍ය අමාත්‍යධූර ලබාගැනීමට නියමිත බවද දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

voice of lanka

Source Link : ආටිකල් 14.news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *