සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැන කිව්ව දේ (Photos)

කුමාර් සංගක්කාර කියන්නේ ලෝකෙම පිළිගත්තු ශ්‍රී ලංකාවෙන් බිහිවූ අග්‍රගන්‍යය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. පසුගිය 15 වනදා කි‍්‍රඩා අමාත්‍යාංශයේදී කී‍්‍රඩා අමාත්‍යය ෆයිසර් මුස්තාෆා හමුවීමෙන් අනතුරුව කුමාර් සංගක්කාර මාධ්‍යය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ව්‍යවස්ථාව වෙනස් විය යුතු බවයි.

ඉදිරියේදී පැමිණෙන ක්‍රිකට් නිලවරණයට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව පවසන සංගක්කාර වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ තමා සිතන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ව්‍යවස්ථාව සහ ව්‍යුහය වෙනස් විය යුතු බවත් ඉන් පසු කවුරුන් ක්‍රිකට් ආයතනයට තේරී පත්වුවත් ක්‍රිකට් ව්‍යුහය සහ ව්‍යවස්ථාව ශක්තිමත් වන බවත්ය.

Source Link : Online Sinhala Blog

Leave a Reply

Your email address will not be published. Required fields are marked *