2020 ජනපතිවරණයේදී ඉන්දියාවේ සහය ලැබෙන ශ්‍රී ලාංකික අපේක්ෂකයා මෙන්න

2020 වසරේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳව විවිධ අදහස් පලවනවා. ඒ අතර එංගලන්තයේ හාවර්ඩ් සරසවියේ ආර්ථිකය පිළිබදව ආචාර්ය උපාධිධාරීයෙක් වන ඉන්දියාවේ ප්‍රකට දේශපාලනඥ මහාචා‍ර්ය සුබ්‍රමනියම් ස්වාමී පවසන්නේ එම මැතිවරණය මෙරට ඉතිහාසය යළි වරක් වෙනස් කරන මැතිවරණයක් බවට පත්වනු ඇති බවයි.

“ශ්‍රී ලංකාවේ 2020 ජනපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ තරඟ වදින්නේ නම් දේශප්‍රේමී ඉන්දියානුවන්ගේ සහය ඔහුට හිමි විය යුතු” බව පවසන ඒ මහතා ඉන්දිය රජයේ පූර්ණ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ වෙත ලබාදෙන්නැයි එරට රජයෙන් ඉල්ලා සිටිනවා. 2009 වසරේදී ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළ බවද සුබ්‍රමනියම් ස්වාමී පවසා තිබුණා.

සුබ්‍රමනියම් ස්වාමී සිය ට්විටර් සටහනක් තබමින් මෙම අදහස් පල කර තිබුණේ, එම ට්විටර් ගිණුමේ තැබූ පණිවිඩයයි මේ…

Source Link : Online Sinhala Blog

Leave a Reply

Your email address will not be published. Required fields are marked *