පාර්ලිමේන්තුවේ ගරුත්වය කෙලසන චණ්ඩින්ට අගමැති රනිල් වැට බඳියි. මන්ත්‍රීවරුන්ගේ අචාරධර්ම පද්ධතිය හෙට පාර්ලිමේන්තුවට

Image result for sri lanka parliament fight

කලක් තිස්සේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය ගරුත්වයට හානිවෙමින් දිගින් දිගටම සිදුවන නොමනා ක්‍රියාකාරකම් නිසාවෙන් දේශපාලකයාගේ ගරුත්වය රැකගැනීමේ අවසාන විසදුම ලෙස යහපාලන රජයේ පොරොන්දුවක් ලෙස කතානායක කරු ජයසුරියගේ මුලිකත්වයෙන් අගමැති රනිල්ගේ අදහසක් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආචාරධර්ම පද්දතිය ඇතුලත් පනත හෙට (23) පාර්ලිමේන්තුවට දෙවන වර ඉදිරිපත්කර සම්මතකර ගැනීමට නියමිතයි.

පසුගිය ආණ්ඩු ගණනාවකින්ම මෙවන් පනතක් ගෙන ඒමට ඇති අවශ්‍යතාවය පෙන්නුම් කලත් එවකට කිසිදු නායකයකු මෙවන් පනතක් ගෙන ඒමට මුලිකත්වය නොගත්තේ තමන්ගේ ගෝලබාලයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විය හැකි. එහෙත් වර්තමාන අගමැතිවරයා විපක්ෂ නායක වී සිටි අවස්ථාවේදී පවා මෙවන් යෝජානාවක් ගෙන ආ අතර එය සම්මත කිරීමට තරම් එවකට පාර්ලිමේන්තුවට අවශ්‍යතාවයක් තිබුනේ නැ.

මෙම ආචාරධර්ම පද්ධතිය අනුව කල හා නොකලයුතු දේ පිළිබද මග පෙන්වීමක් කරන අතර එසේ අචාරධර්ම කඩකරන මන්ත්‍රීවරුන්ට නිසි ක්‍රියාමාර්ග ගතයුතු අකාරය මෙහි සදහන් වනවා. රටේ සියලුම කොටස්වලට හැසිරිය යුතු ආකාරය හා ආචාරධර්ම මගපෙන්වීමක් ඇතත් රටේ නීති සම්පාධනය කරන ව්‍යවස්ථාදායකයට මෙවන් මාර්ගෝපදේශයක් නොමැතිවීම පිළිබද අගමැතිවරයා කරුණු පැහැදිලි කලේ පළමුවර මෙය පාර්ලිමේන්තවට ඉදිරිපත් කල අවස්ථාවේදීය. මෙම කාර්යේදී අගමැතිවරයා හා කතානායකවරයා මුලිකත්වයගෙන ක්‍රියා කර ඇත.

මෙය අයාලේ යන ලංකාවේ දේශපාලනය වෙනුවෙන් ගත් සුබවාදී තීරණයක් ලෙස පාට පක්ෂ බේද නොසලකා අගය කල යුතුය.

Source Link : ආටිකල් 14.news

පොදු අපේක්ෂකයා කර රජ පුටුවේ ඉන්දපු රනිල් අගමැතිකමෙන් එලවා කුමන්ත්‍රණයකින් වරක් පාවාදීපු කරු ඉඳන්න යන මෛත්‍රීගේ ගේමක් හෙළිවෙයි

පොදු අපේක්ෂකයා කර රජ පුටුවේ ඉන්දපු රනිල් අගමැතිකමෙන් එලවා කුමන්ත්‍රණයකින් කරු ඉඳන්න යන මෛත්‍රීගේ ගේමක්…

Source Link : ආටිකල් 14.news

ලංකාව අවධානම් කලාපෙන් නායක චන්දි සහ තිසර බේරාගයි තිසරගේ සැබෑ තුන් ඉරියව්ව මතුවෙයි කුසල්ලාගෙනුත් හොඳ සහයක්

මේ වසරේ මුහුණ දුන් තෙවන තරගය ජයගන්නට අවසානයේදී ලංකාව සමත්වනවා. පන්දුයවිමේ ප්‍රගතියක් දුටු කණ්ඩායමේ ලකුණු 198 සියල්ල දවා ගැනීමට සමත් වීම මෙම ජයග්‍රහණයට හේතුවුවා. තිසර පෙරේරා මෙම තරගාවලියේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයා වන අතර අද කඩුලු 4 ක් ලබාගත්තා. පිත්තෙන් ඔහුගේ වගකීම අවසන් වන තෙක් නායක චන්දිමාල් සමග පැවැත්වීම ජයග්‍රහණයට ප්‍රබල හේතුවක් වුවා.

ඉනිමේ මුල් බාගයේ කුසල් ජනිත් ලකුණු 49 ලබාගත්තා. එත් ඔහු යම් කොන්දේ අබාදයකට ලක්වූ අතර එය එතරම් හොද තත්වයක් නොවේ. කෙසේ වෙතත් 23 වනදා තරගයෙන් සිම්බාබ්වය බන්ගලියන් හමුවේ පරාජය විය යුතු අතර ලංකාව බන්ගලියන්ට එරෙහි තරගය ජය ගත යුතුය. යම් හෙයකින් ලංකාව බංගලි තරගය පරාජය වී සිම්බාබ්වේ තරගයත් බන්ගලියන් ජයගතහොත් ලකුණු ලබාගැනීමේ වේගය අනුව අවසන් තරගයට යනු ඇති. මේ වන විට සිම්බාබ්වේ හා ලංකාව ලකුණු 4 බැගින් ලබාගත්තත් බංගලි දැවැන්ත පරාජය නිසා ලකුණු දලවේගය අනුව තෙවන ස්ථානයෙයි සිටින්නේ.

තරගයේ විරයා පන්දු 26 න ලකුණු 39 ක් හා 33 ට කඩුලු 4 ක් ලබාගත් තිසර පෙරේරා.

Image may contain: 1 person, playing a sport and outdoor

Image may contain: one or more people, people playing sports and shoes

Image may contain: 1 person, playing a sport and outdoor

Source Link : ආටිකල් 14.news

ජනාධිපතිගේ නිදහස් පක්ෂේ අග්‍ර ගෝලයා වඩේ චාමර පොලිසිය ලවා විදුහල්පතිනියට පිස්සු කියලා ඔප්පු කරන්න බලපෑම්. පොලිසියේ උණුසුම් තත්වයක්

ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක විසින් දණ ගැස්වූ බව කියන බදුල්ල ප්‍රදේශයේ දෙමළ විදුහලක විදුහල්පතිනිය සම්බන්ධ සිද්ධියට කටඋත්තර ලබාගැනීමට අදාළ විදුහල්පතිනිය බදුල්ල පොලිසියට කැඳවා ඇත.

ඇයට මානසික රෝගී තත්ත්වයක් ඇතැයි කියමින් පොලිසිය ඇය මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට උත්සාහ කිරීමේදී විදුහල්පතිනිය ඊට විරෝධය පෑම හේතුවෙන් පොලිස් ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

එසේම මේ වන විට මහා ඇමති තනතුරෙන් ඉවත් නොකර ඔහුගේ අධ්‍යාපන අමාත්‍යංශ විෂය පමණක් ඉවත් කර ආණ්ඩුකාර වරයාට පවරාගෙන තිබෙනවා. මෙම පිස්සු බල්ලෙක් මෙන් වියරුවෙන් දගලන මෙම පුද්ගලයා අනිවාරයෙන් මෙම විදුහල්පතිනියට දැඩි බලපෑමක් කරනු නිසැකයි. ජනාධිපතිගේ අග්‍රගනයේ ගෝලයකු වන මෙම පුද්ගලයාට නිසි ක්‍රියාමාර්ග ගනීදැයි විශ්වාස නැති අතර විනිවිදබවය කතාකරන ජනාධිපතිගේ සැබෑ ස්වරුපය මෙම සිද්දියේ අවසානයේදී දැකගත හැක.

Source Link : ආටිකල් 14.news

දිනෙන් දින වැඩිවන රට වාහන නිසා විදේශ විනිමය රටේ නවතාගන්න ලංකාවේ ලොකුම ටයර් රිජෙට් ටයර් කම්හල හොරණ හැදෙන හැටි

අගමැති රනිල් ලංකාවේ විශාලතම ටයර් නිෂ්පාදනාගාරයේ ප්‍රගතිය නිරීක්ෂණයෙන් පසු දැක්වූ අදහස්..

පසුගිය අවුරුද්දේ මෙම රිජිට් ටයර් කම්හලට මුල්ගල තබනු ලැබුවා. එහි ඉදිකිරීම් වල ප්‍රගතිය පරීක්ෂා කර බැලීමටයි අද මම මෙහි පැමිණියේ. මේ වගේ සමාගම්වල ප්‍රගතිය මත ලංකාවේ අනාගතය රැදී පවතිනවා. අපට අළුත් රැකියා බිහිකරන්නට අවස්ථාව ලැබෙන්නේ මෙවැනි ව්‍යාපාර නිසයි. ලංකාවට අවශ්‍ය විදේශ විනිමය උපයා ගන්නේත් මෙවැනි ව්‍යාපාර නිසායි. එමනිසා විදේශ වෙළඳ පොළට ප්‍රවිෂ්ඨව වෙළෙඳ පොළත් අත්පත් කරගැනීමට අවස්ථාව ලැබෙන මෙම ව්‍යාපාරය පිළිබද මම අදහස් දක්වන්නට කැමතියි.

වර්ෂ 2020 දී නිෂ්පාදන ආරම්භ කරන මෙම කර්මාන්ත ශාලාව ලංකාවේ තිබෙන විශාලතම ටයර් නිෂ්පාදන කම්හල බවට පත්වෙනවා. ලංකාව එක්දාස් නවසිය ගණන්වල සිට ටයර් නිෂ්පාදනයට ප්‍රසිද්ධියක් අත්පත් කරගෙන තිබෙනවා. මෙවැනි කර්මාන්ත ආරම්භ කරන්නට එදා අධ්‍යාපන ඇමති හැටියටත්, කර්මාන්ත ඇමති හැටියටත් මට අවස්ථාව ලැබීම ගැන මම ආඩම්බර වෙනවා.

ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ අළුත් ආර්ථික වැඩපිළිවෙලක් අපි ආරම්භ කොට තිබෙනවා. මම ඊයේ මධ්‍යම අධිවේගි මාර්ගයේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට සහභාගි වූණා. ඒ මධ්‍යම අධිවේගී මාර්ගය කේන්ද්‍ර කොට ගෙන නව වෙළෙඳ කලාප කිහිපයක් ආරම්භ කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. මහනුවර එක කොටසත්. හම්බන්තොට එක කොටසත්, හම්බන්තොට වරායත්, ගුවන් තොටුපලත් ක්‍රියාත්මක කිරීමෙන් පසු එම ප්‍රදේශයේ වෙළඳ කලාප වල වැඩත් ආරම්භ කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් ඇති කෙරෙන වෙළෙඳ කලාපයේ පළමු ආයෝජනය ලෙස මෙම ටයර් කර්මාන්ත ශාලාව හදුන්වා දෙන්නට පුළුවන්.

ඒ වගේම මිල්ලනියේත් තවත් වෙළෙඳ කලාපයක් ආරම්භ කෙරෙනවා. අපි පළමුවෙන්ම කළේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමයි. කර්මාන්ත කලාපවලට අවශ්‍ය පාරවල් විදුලිය, විදුලි සංදේශ හා ජලය වැනි මූලික අවශ්‍යතා වලට අපි මුලින්ම මුදල් සෙයාගත්තා. ඉන්පසුව දැන් තමයි කර්මාන්ත ශාලා ආරම්භ කරගෙන යන්නේ. මෙවැනි ආයෝජන අවස්ථා වර්ධනය වීමත් සමග මේ ප්‍රදේශයෙන් විශාල විපර්යාසයකට භාජනය වෙනවා. කාර්මික කරණයක් ඇතිවෙනවා. බියගම, කටුනායක හා රත්මලාන වැනි ප්‍රදේශයන්හි ඇතිවූ වෙනස වගේම විශාල විපර්යාසයක්. අපට අවශ්‍ය වුණේ ණය බරින් මිරිකී තිබුණු ආර්ථිකය වෙනුවට ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමටයි. රැකියා හා ආදායම් මාර්ග බිහි කරන්නට හැකිවන්නේ එවැනි ශක්තිමත් ආර්ථිකයකින් පමණයි. මෙම ටයර් නිෂ්පාදන ව්‍යාපෘතියෙන් පමණක් 3000කට පමණ රැකියා අවස්ථා උදාවෙනවා. විශේෂයෙන්ම අපොස (සා.පෙළ) උසස් පෙළ හා කාර්මික හා තාක්ෂණ දැනුමත් ඇති මේ ප්‍රදේශවල තරුණ තරුණියන්ට මේ මගින් රැකියා ලබා ගත හැකියි. අපි මේ රටේ පාසැල් අධ්‍යාපනය අවුරුදු 13ක් අනිවාර්ය කිරීමට සැලසුම් කළේ එම අරමුණ ඇතිවයි.

 

Source Link : ආටිකල් 14.news

සාම්ප්‍රදායික මාධ්‍යකරුවාගේ විශ්වාසය බිඳවැටිලා විශ්වාශවන්තම වෘතියන්ගේ සමීක්ෂණයකින් අන්තිමට ඉන්නේ දේශපාලකයෝ හා මාධ්‍යවේදියෝ – මංගල

සාම්ප්‍රදායික ජනමාධ්‍යවේදියා ජනතා විශ්වාසය අහිමිකරගෙන ඇති වටපිටාවක්
තුළ ස්මාර්ට් දුරකතන අතැති සියලු දෙනා වාර්තාකරුවන් බවට පත්ව ඇතැයි මුදල්
හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

සාම්ප්‍රදායික මාධ්‍යවේදියා විශ්වසනීයත්වයෙන් තොර වාර්තාකරණය සහ කිසිදු
පදනමකින් තොරව ප්‍රවෘත්ති නිෂ්පාදනය කිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව
අමාත්‍යවරයා පෙන්වා දෙයි. මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා
පුවත්පත් මණ්ඩලය මගින් මාතර දිස්ත්‍රික්කයේ පාසල් ගුරුවරුන් වෙනුවෙන්
සංවිධානය කළ වැඩමුළුව අමතමිනි. එම වැඩමුළුව (19) මාතර පර්ල් ක්ලිෆ්
හෝටලයේ දී පැවැත්විණි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා.

‘‘2017 අවුරුද්දෙ අමෙරිකාවෙ සමීක්ෂණයක් කළා වෘත්තීන්වල විශ්වසනීයභාවය
ගැන. ඒ ලැයිස්තුවේ අවසන් ම ස්ථාන හිමි වෙලා තිබුණෙ මාධ්‍යවේදීන්ට සහ
දේශපාලඥයන්ටයි. ඒ කියන්නෙ අපි දෙගොල්ලොම එකම බෝට්ටුවෙ. දේශපාලනඥයාට එහෙම
වුණේ ඇයි කියන කාරණාව මම කියන්න යන්නෙ නෑ.

අද වන විට සාම්ප්‍රදායික මාධ්‍යවේදියා පිළිබඳව ජනතාව තුළ තියෙන විශ්වාසය
නැති වෙමින් තිබෙනවා. ඒකට හේතුව තමයි පදනමක් නැති වාර්තාකරණය. ඉස්සර
පුවත්පත්වල කුමන වාර්තා පළ කළත් ඒකට පදනමක් තිබුණ. දැන් එහෙම නෙවෙයි,
මාධ්‍යවේදියාගේ, විවිධ පුද්ගලයන්ගේ සහ දේශපාලනඥයන්ගේ වුවමනාවට පුවත්
නිෂ්පාදනය කරනවා. නමුත් මේ නවීන සමාජය තුළ මේ බොරු පුවත්වලට ඉස්සරහට යන්න
බෑ. ඒව ඔප්පු වෙනවා. ඒ එක්කම ජනමාධ්‍ය පිළිබද තියෙන විශ්වාසය නැති වෙලා
යනවා. අද හැමෝම අතේ ස්මාර්ට් ෆෝන් තියෙනවා. ඒ හැම කෙනෙක් ම වාර්තාකරුවෙක්
බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා වාරණය කියන දේ අදට වලංගු නෑ.

ප්‍රංශයේ නව ආණ්ඩුව කතාබහක් ඇති කරගෙන යනවා මේ බොරු පුවත් සම්බන්ධයෙන්
ගන්නා ක්‍රියාමාර්ග ගැන. ඒ කියන්නෙ එහෙම කතාබහක් ලෝකය තුළ ඇති වෙමින්
තියෙනවා. මේ තත්ත්වයෙන් මිදෙන්න වාරණය සහ නීතිවලින් පමණක් බැහැ. අපි කළ
යුත්තේ ගෝත්‍රික අදහස් බැහැර කළ නව පරපුරක් නිර්මාණය කිරීමයි.

ගූගල් සමාගම කියනවා සෙක්ස් කියන වචනය වැඩිම සර්ච් කරන්නෙ ශ්‍රී ලංකාවෙන්
කියල. නිල් චිත්‍රපට වෙබ් අඩවි බලන වැඩි ම පිරිස අද ඉන්නෙ මැදපෙරදිග
රටවල. තහංචි දාගෙන හිරකරගෙන ඉන්න තරමට මේ වගේ දේවල්වලට පෙළඹෙන එක වැඩි
වෙනවා. විවෘත සමාජවල මේ තත්ත්වයන් නැහැ. ඒ නිසා ගුරුවරුන් විදියට ඔබට
ලොකු වගකීමක් තියෙනවා දරුවන් මේ සදහා පෙළගැස්වීම සිදු කිරීමට.‘‘

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ, ශ්‍රී ලංකා පුවත්පත්
මණ්ඩලයේ සභාපති කොග්ගල වෙල්ලාල බන්ධුල, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්
නීතීඥ සුදර්ශන ගුණවර්ධන යන මහත්වරු  ද එක්ව සිටියහ.

Source Link : ආටිකල් 14.news

නිදහස් පක්ෂේ ඌව මහා ඇමති දැනගගස්සපු ගුරුවරිය කියන කතාව ජනාධිපති දේශපාලනයට හා අනික් පක්ෂවලට දැන් වෙලා තියන දේ කියන හැටි

නිදහස් පක්ෂේ ඌව මහා ඇමති දැනගගස්සපු ගුරුවරිය කියන කතාව
ජනාධිපති දේශපාලනයට හා අනික් පක්ෂවලට දැන් වෙලා තියන දේ කියන හැටි

Source Link : ආටිකල් 14.news

ඇමතිලා ජනාධිපතිට ඔළුව අතගාලා ටොකු අනිනවා එයා ටොකු කාලා හොඳට ඉන්නවා. හෑල්ලු වෙන්නේ තනතුර – මහින්ද

Image may contain: 8 people, people smiling, people standing and outdoor

වත්මන් කැබිනට් මණ්ඩලයේ කටයුතු කිරීම තමනට ලැජ්ජාවක් යයි කියමින් වත්මන් රජයේ ඇමතිවරුන් විසින් ජනාධිපතිවරයා හෑල්ලුවට ලක් කරන්නේ යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පවසයි.

ඒ ආකාරයට ජනාධිපතිවරයා හෑල්ලු කිරීම රටත් ජනතාවත් හෑල්ලූ කිරීමක් යයිද ඔහු පෙන්වා දෙයි.

කොළඹදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැුළියක් අමතමින් ඒ මහතා මේ බව කීවේය.

‘කැබිනට් ඇමතිවරුම කියා ගන්නවා තමන්ට කැබිනට් එකේ ඉන්න ලැජ්ජයි කියල. කැබිනට් ඇමතිවරු ජනාධිපතිවරයා අපහසුතාවට පත් කරනවා. ඒක හරියට ඔළුව අතගාල ටොකු අනිනව වගේ වැඩක්. ජනාධිපතිත් ඒ ටොක්ක කාල හොදට ඉන්නවා. ඒත් ජනාධිපති තනතුර හෑල්ලු වෙනව කියන්නෙ රටත් ජනතාවත් හෑල්ලු වෙනව කියන එක’ යයිද රාජපක්‍ෂ එහිදී කියා සිටියේය.

 

Source Link : ආටිකල් 14.news

නිදහස් පක්ෂේ වඩේ චාමර ගුරුවරිය දනගස්වලා ඒක වහන්න හිරු දෙරණ වාර්ථාකරු මයික් බලෙන් අල්ලලා වොයිස් කට් අරන්

බදුල්ලේ දෙමළ විද්‍යාලයේ විදුහල්පතිනිය දණගස්වා ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක හා පළාත් නිලධාරියා කළ අතවරය

“ මට තර්ජනය කර බලපෑම් කළා. මහ ඇමතිට විරුද්ධව සාක්ෂි දෙන්න එපා කියලා පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියෙක් කිව්වා. මගේ කට උත්තරය ලියලා දුන්නේ ඌව පළාතේ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියෙක්“
මරණ තර්ජන වලට බියේ සැඟව සිටි බදුල්ල දමිල විද්‍යාලයේ විදුහල්පතිනිය කට අරියි.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දිසානායක මහතා විසින් තර්ජනය කොට බැණ වැදී දණ ගස්වා වන්දවා ගත් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය මීට සුළු වේලාවකට පෙර පාපෝච්චාණයක් කළාය.

තමන් මුහුණ දුන් අත්දැකීම විස්තර කරමින් මෙම විදුහල්පතිනිය සඳහන් කළේ තමාට තර්ජනය කොට, බලහත්කාරයෙන් මෙම පිරිස රූපවාහිනී නාලිකාවක මාධ්‍යෙව්දියකු යැයි කියාගන්නා ලද පුද්ගලයයෙකු ඉදිරියේ ප්‍රකාශයක්ද ලබාගත් බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කැෆේ සංවිධානය මාධ්‍ය වෙත සහ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් වරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව අධ්‍යාපන අමාත්‍යංශය මගින් විමර්ශනයක් ආරම්භ කළ අතර එහිදී ඇය විසින් ලබාදිය යුතු කට උත්තරය පවා ලියා තේරුම් කරදී ඇත්තේ ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියෙකු විසිනි. ඌව පළාතේ දේශපාලඥයින්ගේ නිවෙස් සහ කාර්යාල වල නිතර දැකිය හැකි මෙම නිලධාරියා තමාට සිදුකළ තර්ජන ශිෂ්ට මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළ නොහැකි බවද මෙම අතවරයට ලක්වූ විදුහල්පතිනය අප සමඟ පැවසුවාය.

ඌව පළාත් අධ්‍යාපන ලේකම්වරිය සන්ධ්‍යා අඹන්වල යි. ඌව පළාතේ හද්දා පිටිසරට මේ විදුහල්පතිතුමිය මාරු කරන බවට තර්ජනය කළේ ඇයයි. සිද්ධිය සම්බන්ධ ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පියදාස රත්නායක යි. කැෆේ සංවිධාය විසින් යොමු කළ පැමිණිල්ලට විදුහල්පතිවරිය විසින් ලබා දිය යුතු පිළිතුර සකස් කොට දුන්නේ ඔහු ය.

මෙවැනි සිදුවීමක් සිදු නොවූ බවට පුවත් පත් සාකච්ඡා පැවැත්වූ ඌව කොලේජ් විදුහල්පති සහ ජනමාධ්‍ය වෘත්තියට නිගා දෙන ජනමාධ්‍යවේදීන් දෙදනා පිළිබදව හෙට දින කරුණු ඉදිරිපත් කරමි.

මෙම සිදුවීම කැෆේ සංවිධානය විසින් මාධ්‍ය ඔස්සේ හෙළිකිරීමත් සමඟ ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයාටත්, පාර්ලිමේන්තු මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මහතාටත් හොරුන්, හිගන්නන් සහ ව්‍යාපාරිකයින් ලෙස අවලාද නැගීය.

විදුහල්පතිනිය කාමරයා දමා, පිරිමින් 4 ක් තර්ජනය කිරීමෙන් පසුව, රූපවාහිනි නාලිකාවල මයික් අල්ලා, බලහත්කාරයෙන් ප්‍ර‍කාශ ලබාගෙන විකාශනය කළ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුවේ ‘මාධ්‍යවේදී හැදුණුම්පත් ධාරීන් තුන්දෙනාගේ කථාව

(සුදර්ශන ගුණවර්ධන රජයේ ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂ, වෙත සිදු කළ පැමිණිල්ල. )

ඌව ප්‍ර‍ධාන අමත්‍යවරයා විසින් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දන ගස්සා, අතවර කිරීමේ සිද්ධිය වසන් කිරීම සදහා ඇයට තර්ජන කර ප්‍ර‍කාශයක් සටහන් කර එය මාධ්‍ය මගින් ප්‍ර‍චාරය කිරීමට සම්බන්ධ ‘මාධ්‍යවේදීන් සම්බන්ධයෙනි.

2018 ජනවාරි 9 දින කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍යේ විධායක අධ්‍යක්ෂවරයා ලෙස මම ‘ඌව ප්‍ර‍ධාන අමත්‍යවරයා විසින් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දන ගස්සා, අතවර කිරීමේ සිද්ධියක්‘ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කළෙමි. ඒ පිළිබද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වෙත ලිඛිත පැමිණිල්ලක් සිදු කළෙමි.

ඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල හා ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ පියදාස රත්නායක විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබද කරුණු අප විසින් අධ්‍යයානය කොට ඇත. මේ පිළිබද විමර්ශනයේ දී අතරවරයට පත් විදුහල්පතිනිය විසින් ලබා දිය යුතු කටඋත්තරය ලියා දී, තේරුම් කර දී, එම ප්‍ර‍කාශය මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා නමුත් ඌව පළාත් සභාවෙන් වැටුප් ලබන සේවකයින් විසින් විඩියෝ ගත කොට ‘දෙරණ‘ හා ‘හිරු‘, ස්වර්ණවාහිනී නාලිකා මගින් විකාශනය කොට ඇත. පළාත් ප්‍ර‍ධාන අමාත්‍යවරයා විසින් ‘ගුරුවරිය දණ ගැස්සවූයේ නැත‘ යන්න සමාජ ගත කිරීමට මෙම විඩියෝ පටය යොදා ගන්නා ලදී.

එය මාගේ දැනුම අනුව දෙරණ, හිරු හා ස්වර්ණවාහිනී නාලිකා මගින් ප්‍ර‍චාරය කොට ඇත්තේ ප්‍ර‍වෘත්තිමය වටිනාකම සලකා යැයි මම සිතමි. මුළු බදුල්ලම දන්නා කරුණක්, ලොග් සටහන් සාධක ඇති කරුණක්, බදුල්ල නගරයේ උද්ඝෝෂණ දෙකකට හේතු වූ කරුණක්, සිවිල් සංවිධාන මැදිහත්වී ඇති කරුණක් අදාල සිද්ධියට ලක්වූ පුද්ගලයා විසින් ප්‍ර‍තික්ෂේප කරන්නේ නම් එහි ප්‍ර‍වෘත්තිමය වැදගත්කම විශාලය.

නමුත්, සත්‍යය නම් බලහත්කාරයෙන් ඇය බිය වද්දා, මෙම මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා පුද්ගලයින් විසින් ඇයට ‘වචන කියා දී – ඇයගේ කැමැත්තට පරිබාහිරව විඩියෝගත කරන ලද ප්‍ර‍කාශයක්‘ බව මේ වන විට හෙළිදරව් වී ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් යැයි කියාගන්නා පුද්ගලයින් තිදෙනෙකුට රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍යවේදී හැදුණුම්පත් නිකුත් කර ඇත. ඔවුහු ඌව පළාත් සභාවේ තනතුරු දරමින් වැටුප් ලබති. එපමණක් ද නොව, මෙම බලහත්කාරී පටිගත කිරීම සදහා පළාත් සභාව සතු මහජන දේපල, (විඩියෝ කැමරා, බැටරි, පටිගත කිරීමේ උපකරණ සහ තවත් දේ) භාවිත කර ඇත. සියල්ලටම වඩා මෙම බලහත්කාරී පටිගත කිරීම සිදු කරන වේළාව සදහා මෙම මාධ්‍යවේදීන් තිදෙනා රජයේ බදු මුදලින් වැටුප් ලබන ඌව පළාත් සභාවේ සේවයට වාර්තා කර සිටි පුද්ගලයින් වෙති.

විදුහල්පතිනියක් දණ ගැස්වීම පිළිබද අසික්කිත සිදුවීමක් පිළිබද පරීක්ෂණයක් ඉල්ලා සිටි විට එම පරීක්ෂණය සිදු කළ යුතු නිලධාරීන් විසින් ‘මරණ බිය ඇති කොට, ඌව පළාතේ ඈත කෙරවලට මාරු කරන බවට තර්ජනය කර, වාර්ගික ගැටුම් ඇති කරන්නේ යැයි චෝදනා කොට, ඇය විසින් ප්‍ර‍කාශ කළ යුතු වචන කියා දී ඒවා පටිගත කිරීමේ කාර්යයකට සහභාගි වූ, දායක වූ , අනුබල සැපයූ අය සැබෑ මාධ්‍යවේදීන් විය නොහැකිය. රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුවේ ‘හැදුණුම්පත් දරන මාධ්‍යවේදීන් ලෙස තවදුරටත් ඔවුන්ට කටයුතු කළ හැකි ද යන්න පිළිබද නිගමනය කිරීම අතිශයින්ම වැදගත් වේ.

මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රාදේශීය මාධ්‍යවේදීයා, විදුහල්පතිනියට දණ නොගැස්සු බවට වචන කියා දී හිරු, දෙරණ මයික් අල්ලා සිද්ධිය විඩියෝ ගත කරන ලද්දේ xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx (ඌව පළාත් සභා මාධ්‍ය ඒකකයේ වැටුප් ලබන රැකියාවක් සිදු කරන) විසිනි.

මෙම විඩියෝ පට හිරු සහ දෙරණ නාලිකා සදහා ලබා දී ඇත්තේ මාධ්‍යවේදී xxxxxxxxxxxxxxxxxxxxxxxxxx විසිනි. ඔහු ඌව පලාත් ප්‍ර‍ධාන අමාත්‍ය මාධ්‍ය උපදේශක හෝ වෙනත් තනතුරු නාමයකින් පළාත් සභාවේ වැටුප් ලබන්නෙකි.

තෙවන මාධ්‍යවේදී හැදුණුම්පත් ධාරියා ද, පළාත් සභාවේ වැටුප් ලබන සේවකයෙකු බව පැවසෙන නමුත් එය තහවුරු කර ගත නොහැකි විය.

රජයේ ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂතුමනි,
1. මෙම පුද්ගලයින් ඔබගේ අත්සන සහිතව රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ‘මාධ්‍යවේදී හැදුණුම්පත් දරන බැවින් එම හැදුණුම්පත් වහා ආපසු කැදවන ලෙස ද,
2. මෙම සිද්ධිය පිළිබද රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුව මගින් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ද,
3. මෙම මාධ්‍යවේදීන් ජාතික රූපවාහිනිය, හිරු, දෙරණ, ස්වර්ණවාහිනී යන රූපවාහිනී නාලිකා ද ලංකාදීප පුවත්පත ඇතුළු මාධ්‍ය ආයතන 30 කට වැඩි සංඛ්‍යාවක බදුල්ල වාර්තාකරුවන් ලෙස කටයුතු කරති. එබැවින් ඔවුන්ට මෙම සිද්ධිය පිළිබද බලහත්කාරී, විනාශකාරී වාර්තාකරණයකට ඇති ඉඩ අවම කිරීම සදහා සුදුසු වෙනත් ක්‍රියා මාර්ග ගන්නා ලෙස ද, කාරුණිකව ඉල්ලමි.

මෙයට විශ්වාසී,

කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය හා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය

Source Link : ආටිකල් 14.news

ජනප්‍රිය නිලි අංජුලා රාජපක්ෂ මහින්ද අතින් යුග දිවියට

ජනප්‍රිය නිළි අංජුලා රාජපක්ෂ අද සිය යුගදිවියට එළඹ තිබෙනවා.

ඉතාමත් චාමෙට කෙරුණු මෙම විවාහ මංගල උත්වයට සාක්ෂිකරුවකු ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ද සහභාගීවී තිබීම විශේෂත්වයකි.

ක්ෂේත්‍රයේ හිත මිතුරු තරුන් පිරාවරාගත් අංජුලාගේ විවාහයේ ඡායාරූප කිහිපයක් පහතින්…

(photos – hitgossip)

  

Source Link : ආටිකල් 14.news