මාලඹේ ඉඳන් කොටුවට ගුවනින් යන කිලෝමීටර් 25 ක සැහැල්ලු දුම්රිය මාර්ගය මෙන්න.

ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ පෙරළියක් සිදු කරන ව්‍යාපෘතියක් තමයි සැහැල්ලු දුම්රිය පද්ධතිය හෙවත් ලයිට් රේල් ට්‍රාන්ස්සිට් (LRT) පද්ධතිය. ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ මාලඹේ තොරතුරු තාක්ෂණ උද්‍යානයේ සිට පිටකොටුව දක්වා මේ සැහැල්ලු දුම්රිය ගමන් කරන්න නියමිතයි.

පළමු අදියෙරේදී දුම්රිය මාර්ගය කිලෝමීටර් 25 ක් දිගින් යුක්තයි. දුම්රිය ස්ථාන 16 ක් මේ ඉදිකරනවා. බොරැල්ල, රාජගිරිය, බත්තරමුල්ල බොරැල්ල සහ ටවුන්හෝල් හරහා මේ සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදි කිරීමට නියමිතයි. මෙම සැහැල්ලු දුම්රිය මගීන් 165 ක් එකවර ගෙනයා හැකි මැදිරි 4 කින් සමන්විතයි.

දැනට කොළඹ කොටුවේ සිට මාලබේ දක්වා ගමන් කිරීමට සාමානයෙන් විනාඩි 45 – 90 අතර කාලයක් ගතවෙනවා. හැබැයි මේ සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිකිරීමෙන් පස්සේ විනාඩි 30 න් යන්න පුළුවන්. මෙම ව්‍යාපෘතියේ පළමු අදියරෙහි ඉදිකිරීම් කටයුතු 2020 දී ආරම්භ වෙනවා. වාණිජ මෙහෙයුම් 2024 වන විට ආරම්භ කිරීමට තමයි අපේක්ෂා කරලා තියෙන්නේ.

මෙගාපොලිස් සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය විසින් පසුගිය සිකුරාදා මේ සඳහා අවශ්‍ය ඉඩම් අත්පත් කර ගැනීම පිළිබදව නිවේදනය කරා. ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JICA) මෙම ව්‍යපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7 ක ණය මුදලක් ලබා දෙනවා. ඒ අවුරුදු 12 ක සහන කාලයක් සහිතව අවුරුදු 40 ක ආපසු ගෙවීමේ කාල සීමාවක් එක්ක.

Source Link : ආටිකල් 14.news

එකම පවුලේ දස දෙනෙකුගේ සිරුරු සිවිලිමේ එල්ලෙමින් තිබී හමුවේ

එකම පවුලක සාමාජිකයන් සහ ඥාතීන් පිරිසකගේ මළ සිරුරු ඉන්දියාවේ දිල්ලි අගනුවර නිවසකින් හමුවී තිබේ.

මරණයට පත් දස දෙනෙකුගේ සිරුරු සිවිලිමේ එල්ලෙමින් තිබුණු අතර, හැත්තෑ වැනි වියේ පමණ වයසේ පසු වූ කාන්තාවකගේ සිරුර පමණක් බිම වැතිර තිබී හමුවිය.

මරණයට පත් පිරිසෙන් වැඩි දෙනෙකුගේ දෑස් ආවරණය කර මුඛ වසා දෑත් පිටුපසට බැඳ දමනු ලැබ තිබිණ.

මරණවලට හේතුව පැහැදිලි නොමැති අතර එය ඝාතනයක් විය හැකි ද යන්න පොලිසිය බැහැර නොකරයි.

“ගුප්ත චාරිත්‍ර”

නමුත් එම පවුලේ “ගුප්ත චාරිත්‍රයක්” පිළිබඳ සාක්ෂි හමු වී ඇතැයි පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඝාතනවලට යම් සම්බන්ධයක් ඇතැයි පෙනෙන්නට තිබෙන “නිශ්චිතවම අධ්‍යාත්මික සහ ගුප්ත චාරිත්‍ර” දෙසට නැඹුරුවක් ඇති අත්අකුරින් ලියන ලද සටහන් නිවසේ තිබී හමුව ඇති බවත් සම්පූර්ණ පොලිස් වාර්තාවේ සඳහන් වේ.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ප්‍රතිඵල ලැබීමට නියමිත අතර පොලිසිය විසින් අසල්වැසියන් ප්‍රශ්න කරනු ලැබ ඇති අතර ප්‍රදේශයේ සීසීටීවී දර්ශන පරීක්ෂාවට ලක් කරනු ලැබ තිබේ.

ඒඑෆ්පී පුවත් සේවය වෙත අදහස් දක්වමින් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ සිදුවුයේ කුමක්දැයි යන්න පිළිබඳ යමක් කීමට “තවමත් කල් වැඩි” බවය.

“දැනට පරීක්ෂණ සිදුවෙනවා. අප කිසිම දෙයක් ගැන තීන්දුවකට පැමිණ නැහැ,” යනුවෙන් ඔහු පවසීය.

ඉහත කී පවුල බුරරි දිස්ත්‍රික්කයේ වසර විස්සකට අධික කාලයක් වාසය කර තිබේ.

රාජස්තාන්හි සිට එහි පැමිණ ඇති ඔවුන් සතු තෙමහල් ගොඩනැගිල්ලේ වෙළඳසල් දෙකක් පවත්වාගෙන ගොස් තිබේ.

ඉරිදා උදෑසන කිරි මිලදී ගැනීම සඳහා ගිය අසල්වැසියෙකු විසින් මළ සිරුරු සොයා ගනු ලැබ ඇත.

 

Gurcharan Singh on 1 July 2018

ගුරුචරන් සිං

 

“මම වෙළඳසලට ඇතුල් වූ විට දොරවල් ඇර තිබුනා. අත් බැඳපු ඔවුන් සියලු දෙනාගේ සිරුරු සිවිලිමේ එල්ලෙමින් තිබුනා,” යනුවෙන් ගුරුචරන් සිං  කියා සිටියේය.

මරණයට පත් පිරිස අතර සහෝදරයන් දෙදෙනෙකු, ඔවුන්ගේ බිරියන් දෙදෙනා, ඔවුන්ගේ දරුවන් සහ වැඩිහිටි කාන්තාව වෙති.

සුරතලයට ඇති කළ සුනඛයා නිරුපද්‍රිතව හමුව තිබේ.

මරණ හේතුවෙන් අසල්වැසියන් කම්පනයට පත්ව සිටින බව බීබීසී හින්දි සේවය වාර්තා කරයි.

ඉහත කී පවුල සතුටින් දිවි ගෙවූ බවත් ප්‍රජා කටයුතුවලට සම්බන්ධව සිටි බවත් අවට වැසියන් ප්‍රාදේශීය මාධ්‍ය වෙත පවසා තිබිණි.

 

 

Source Link : ආටිකල් 14.news

ආචාර්ය ලෙස්ටර්ගේ සම්මානය හොරකම් කරලා තියෙන්නේ සංවිධානාත්මකව මල ගෙවල් වලින් හොරකම් කරන කණ්ඩායමක්. 6 ක් අත්අඩංගුවට

ප්‍රවීණ සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී පිරිනැමුණු සම්මානය සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා ලබන 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දමින්ද වැලිගොඩපිටිය මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

සැකකරුවන් 6 දෙනා අතරින් සොරකමට සෘජුව සම්බන්ධ වී ඇතැයි, අනාවරණ වී ඇති සැකකරුවන් දෙදෙනෙකු එදින හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේ ය.

ජීවිතේ එක් වරක් පමණක් අද්විතීය සිනමාකරුවෙකුට හිමිවන ඉන්දීය යාවජීව කර්තව්‍ය සම්මානය 2000 වසරේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාට පිරිනැමුණේ, 31 වන අන්තර් ජාතික ඉන්දීය සිනමා සම්මාන උළෙලේදීයි.

ඒ ඔහු සිනමාවට කළ අමිල මෙහෙවර අගයමිනි.

Source Link : ආටිකල් 14.news

වන්ෂොට් තවත් බෝම්බයක් පත්තු කරයි. මාලිංග පැන්නුවේ සුමතිපාල සුමතිපාල අභියෝගයට එරෙහි පට්ට දුෂණ තොගයක් ලියවිලි සමග හෙළිකරයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනය සම්බන්ධයෙන් සිදුකල විමර්ෂණයකට අදාලව තමන්ගෙන් ද ප්‍රශ්න කල බවත් එහිදී තමන් දන්නා කරුණු සියල්ල හෙලිකල බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමණායක අද (23) ඔහුගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වර්ථමානයේ සිදුව තිබෙන කඩා වැටීමට වගකිවයුත්තේ තිලංග සුමතිපාල ප්‍රමුඛ ක්‍රිකට් පාලක මණ්ඩලය බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා වර්ථමාන පාලක මණ්ඩලය බලයට එන විට 2 -3 වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකා කණ්ඩායම දැන් 8 වන ස්ථානය දක්වා පහතට ගොස් ඇති බව සඳහන් කළා.

වර්තමාන ක්‍රිකට් සභාපතිවරයා විසින් ලසිත් මාලිංග ගෙන් පලිගන්නා බවද නියෝජය ඇමතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

මේ අතර ක්‍රිකට් ආයතනය විසින් කි‍්‍රකට් විශ්ව විද්‍යාලයක් සැදීමට කියා ස්වාමින් වහන්සේ නමකට රුපියල් මිලියන 25ක් දීලා තියෙනවා. චෙක් එක අතින් ලියලා දීලා තියෙන්නේ.

කි‍්‍රකට් හදන්න කියලා පොත් දෙකක් ලියලා තියෙනවා. එකක් ලක්ෂ 12යි. අනෙක් පොතට ලක්ෂ 26ක් වියදම් වෙලා තියෙන බවට ප්‍රකාශ කල නියෝජය ඇමතිවරයා ක්‍රිකට් ආයතනයේ සිදුවූ බව කියන එම සිද්ධීන් සම්බන්යෙන් වන සාක්ෂි රැසක්ද මාධ්‍ය වෙතට ලබා දුන්නා.

මෙහිදී නියෝජය ඇමති රංජන් රාමණායක කියා සිටියේ පුවත්පත් ආයතනයක හා ක්‍රිකට් භාණ්ඩ විකිණීමේ ව්‍යාපාරයකට හිම්කම් කියන වත්මන් සභාපති තිලංග සුමතිපාල හට යලිත් වරක් ක්‍රිකට් ආයතයේ සභාපතිධුරය දැරීමට අයිතියක් නොමැති බවයි.

 

 

Source Link : ආටිකල් 14.news

ලක්ෂ 5 සිට 60 දක්වා මුදල් අරගෙන නඩු තීන්දු වෙනස් කරන්න කටයුතු කලා යයි අල්ලස් එකෙන් අල්ලපු අපේ රටේ විනිසුරුවරු

පසුගිය ආණ්ඩුව සහ එහි විධායකය අධිකරණය හා කටයුතු කළ ආකාරය පුන පුනා කිවමනා නොවේ. නව ආණ්ඩුව පත් වන්නේම පසුගිය ආණ්ඩුව ජරාජීර්ණ කළ නීතියේ ආධිපත්‍ය නැවත ස්ථාපනය කරන බව සපථකරය.

ඒ පොරොන්දුවේ මෙතෙක් ඉටු නොවූ සීයට අනුවක් දේ අතර මන්දගාමීව හෝ අධිකරණ සේවා කොමිසම සක්‍රීය කිරීම හා එහි කටයුතු දැනට යම් ස්වාධීන මට්ටමක පවත්වාගෙන යෑම සාධනීයය.

එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය ඔක්තෝබර් 31 වැනිදා ගාල්ල මහාධිකරණ විනිසුරුවරයාව සිටි, අන්ත දූෂිත චෝදනා ගණනාවක් ඇතිව කටයුතු කළ මොහාන් සෙනෙවිරත්නව වැඩ තහනමකට ලක් කරන ලදී. ඉන්පසුව ඉකුත් දෙසැම්බර් 29වැනිදා ඔහුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත ගෙන්වා ප්‍රශ්න කළ බවද කියැවේ.

මහින්ද රාජපක්ෂ අතින්

නීතිපති දෙපාර්තුමේන්තුවේ කටයුතු කළ අධිනීතිඥවරුන්ට මහාධිකරණ විනිසුරු ධූර ලබා දීමට 2009 වසරේදී රාජපක්ෂ ජනාධිපතිවරයා පියවර ගන්නා ලදී. ඒ අනුව කෙළින්ම මහාධිකරණ වවිනිසුරු ධූරයට පත් මොහාන් ඉන්ද්‍රජිත් සෙනෙවිරත්න හිටපු දූෂිත සරත් නන්ද සිල්වාගේ ගෝලබාලයෙකු බව කියැවේ.

පළමු පත්වීම ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතින් පත්වීම ලබාගෙන ඇත්තේ හම්බන්තොට මහාධිකරණ වෙතය. ඉන්පසුව අම්පාර, නැවත හම්බන්තොට , කෑගල්ල සිවිල් මහාධිකරණය, රත්නපුර අපරාධ මහාධිකරණය, බලපිටිය, සහ 2016 ජනවාරි මාසයේ සිට 2017 අප්‍රේල් 26 වැනිදා වනතෙක් කටයුතු කර තිබේ. එහිදී ඔහුට විරුද්ධව ලද පැමිණිලි අනුව ඔහුව කෑගල්ල දිසා අධිකරණයට ස්ථානමාරු කර තිබූ අතර ඔක්තෝබර් 31 වැනිදා වැඩ තහනම් වනතුරු එහි කටයුතු කර තිබේ.

2016 සැප්තැම්බර් 8 වැනිදා අවසන් තීන්දුව ලබාදුන් භාරත ලක්ෂ්මන් ඝාතන නඩු තීන්දුවේදී දුමින්ද සිල්වා ඇතුළු සියලුම චූදිතයන් නිදොස්කොට නිදහස් කිරීමේ තීන්දුව ලබාදුන් ත්‍රිපුද්ගල මඩුල්ලේ සභාපති විනිසුරු ශිරාන් ගුණරත්නගේ තීන්දුව ලියූ බවට මාධ්‍ය වාර්තා කළ විනිසුරන් දෙදෙනාගෙන් එක් අය බව කියැවුණේ උක්ත මොහාන් සෙනෙවිරත්නවිනිසුරුවරයා පිළිබඳවය. විනිසුරුවරයෙකුට තමන් අදහන ආගමක් හෝ ලබ්දියක් ද දේශපාලන මතයක් ද තිබිය හැකිය. එය අතීශය පෞද්ගලික කාරණයක් විය යුතුය. ඒ ඔවුන් යුක්තිය පසඳලීමේ කාරණය ඉටුකරන්නන් වන බැවිනි.

නමුත් ඔහු සේවය කළ අධිකරණයන්හි නිලධාරීන්ට අනුව ඔහු නිල කාමරයේ සියලු ආගමික ශාස්ත්ෲවරුන්ට ඉහළින් බැසිල් රාජපක්ෂ, සරත් නන්ද සිල්වා සහ සී.ආර් ද සිල්වාගේ ජායාරූප එල්වා නිල කටයුතු කළ බව කියැවේ.

සාමාන්‍යයෙන් උදෑසන 9.30ට ආරම්භ වන උසාවි ක්‍රමයක් වෙනුවට ඔහු උසාවි ආරම්භ කර තිබුණේ දහවල් 11 පසුවීමෙන් පසුවය. උසාවි සංකීර්ණ තුළ දන්සැල් පවත්වමින්, බෞද්ධ සැරසිලි ආදිය කරමින් සාමාන්‍ය විනිසුරු භූමිකාවෙන් පිට කටයුතු කර තිබේ.

නඩු විභාග ආරම්භයට පෙර තම නිල කාමරයට කැඳවන නීතිඥයන් සමග සුහදව සාකච්ජා කර එම නඩු කෙටි ක්‍රම මගින් විසඳමුදැයි විමසා දහවල් 11න් පසුව විභාග කැඳවීම සිදුකළ බව අධිකරණ සේවා කොමිසමට ඔහු සේවය කළ අධිකරණ වල නීතිඥයන්ගෙන් ලද පැමිණිලි සිය ගණනක සඳහන්ව තිබේ. ඒ අනුව ඔහු සේවයට ගිය සියලුම අධිකරණ තුළ තිබූ දහසකට අධික නඩු විභාග පණහ සීමාවට අඩු කර තිබේ.

නඩු විභාග අඩු කිරීම

අධිකරණ තදබදය අඩු කිරීම හොඳය. නමුත් එය දූෂණයෙන් හා වංචාවෙන් යුතුව සිදුවන්නේ නම් එය ඉතා භයානකය. අධිකරණ සේවා කොමිසමට 2016 වසරේ නැවැම්බර් සිට මෙකී විනිසුරුවරයාට විරුද්ධව පැමිණිළි ලැබීම ආරම්භ වී තිබේ. ඒවාට අනුව විනිසුරුවරයා අසල නිල රාජකාරි සිදු කරනු ලබන මුඩ්ලියර්,ආරච්චි සහ තෝල්ක මුදලිට අමතරව පුන්නක දිනේෂ් නැති පුද්ගලයෙකු මේසයක් සහිතව රඳවාගෙන නඩු විභාග පවත්වා තිබේ.

අධිකරණ සේවා කොමිසමට නීතිඥවරුන් සහ සිවිල් පුද්ගලයන් එවන ලද දිවුරුම් ප්‍රකාශ වලට අනුව එම පුද්ගලයා විසින් බරපතළ චෝදනා ඇති මෙන්ම, මුදල් යහමින් ඇතැයි සැලකිය හැකි සැකකරුවන් සහ චූදිතයන් පිළිබඳව සටහන් තබාගෙන පසුව ඔවුන් වෙත ගොස් නඩු විභාග ඉක්මනින් අවසන් කරගත හැකි බවත්, චෝදනා වලින් නිදොස්වීමක් හෝ සුළු දඬුවමක් පමණක් ලබාගත හැකි බවත් දන්වා තිබේ. එලෙස දැන්වීමෙන් පසුව විනිසුරුවරයා සමග ඉතා හිතවත් බව අඟවන නීතිඥවරුන් කීපදෙනෙකු පසුගිය අධිකරණය කළාප තුළ මුණගස්වා තිබේ.

එලෙස මුණගස්වන නීතිඥයන් හරහා ඒ ඒ වකවානුවලදී ලක්ෂ පහේ සිට ලක්ෂ 60 ආදී දක්වා විශාල මිළක් අය කරමින් බරපතළ අපරාධ නඩු සඳහා අත්හිටවූ සිර දඬුවම් හෝ සුළු දඩ මුදලක් පමණක් අයකර නඩු විභාග අවසන් කර තිබේ.

ගාල්ල අධිකරණ නීතිඥයන්ට අනුව ගාල්ල මහාධිකරණයේ පමණක් ඔහු සේවය කළ කෙටි කාළය තුළ අපරාධ නඩු 400කට ආසන්න ප්‍රමාණයක් අවසන් කර තිබේ. 2017 මාර්තු 28 වැනිදා අධිකරණ සේවා කොමිසමට හා අගවිනිසුරුවරයාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති නීතිඥ ලාල් ශාන්ත දන්වා ඇත්තේ බලපිටිය අධිකරණයේ දී චූදිත විනිසුරුවරයා විසින් වසර දෙකක් තුළ නඩු 800කට ආසන්න ප්‍රමාණයක් අවසන් කර ඇති බවයි.

එමෙන්ම එම පැමිණිල්ල මගින් ඔහු වැඩිදුරටත් දන්වා ඇත්තේ 2017 මාර්තු 27 වැනිදා බලපිටිය අධිකරණ නිල ගභඩාව සොරුන් බිඳීම පවා සැක සහිත බවයි. වටිනා නඩු භාන්ඩ තිබෙන කාමර වෙනුවට ලිපි ලේඛන ගභඩාව බිඳ එවා පැහැරගෙන ගොස් ඇති බවත්, උක්ත විනිසුරුවරයා විසින් අවසන් කරන ලද නඩු විභාග කීපයක් හා ඒවායේ ලඝු ලේකන පොත් අස්ථානගත වී ඇති බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ.

ඊට අමතරව ගාල්ල මහාධිකරණයේ නීතිඥ රාජිණී අබේවික්‍රම ඇතුළු නීතිඥයන් ද සිවිල් පුරවැසියන් ගණනාවක් ද මෙම විනිසුරුවරයා නඩු විසඳූ ආකාරය පිළිබඳව දිවුරුම් ප්‍රකාශ මගින් පැමිණිලි කර තිබේ.

හෙළණි ද සිල්වා

මොහාන් සෙනෙවිරත්න විනිසුරුවරයා ගාල්ල සහ බලපිටිය අධිකරණ තුළ මෙහෙය වූ සැකකටයුතු නඩු මෙහෙයවා ඇත්තේ හෙළණි ද සිල්වා නැමැති නීතිඥවරියක් විසිනි. බලපිටිය අධිකරණයේ පැවැති අපරාධ නඩු විභාගයකදී චූදිත බන්ධනාගාර නියාමකවරයෙකු වෙනුවෙන් බලහත්කාරයෙන් පෙනී සිටි අදාල නීතිඥවරිය ඇගේ 0777728796 අංක දරන ජංගම දුරකථනයෙන් 0779309979 අංක දරන අදාල නියාමකවරයාගේ දුරකථනයට කතා කර නඩුව විසඳීම සඳහා ලක්ෂ 15ක මුදලක් ඉල්ලා ඇති අතර ඉන් ලක්ෂ 5ක් විනිසුරුවරයා වෙතත්, ලක්ෂ 5ක් වෙනත් නීතිඥවරයෙකු වෙතත් ඉතිරි ලක්ෂ 5 තමන්ට අවශ්‍ය බවත් දන්වා තිබේ.

එතරම් මුදලක් ලබා දිය නොහැකි බව දැන්වූ විට කෙටි පණිවිඩ මගින් මුදල් ඉල්ලා ඇති බවත්, ලබා නොදුන් නිසා විනිසුරුවරයා බන්ධනාගාර කොමසාරිස්වරයා අධිකරණයට කැඳවා එම නිලධාරීවරයාගේ රැකියාව අත්හිටුවීමට නියෝග කළ බවත්,තමන්ට එම චෝදනා පිළිගන්නා ලෙස බල කළ බවත් දිවුරුම් ප්‍රකාශයක් මගින් 2017 අප්‍රේල් 18 වැනිදා අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කර තිබේ.

2017 ජුනි 21 වැනිදා දිවුරුම් ප්‍රකාශයක් ලබාදෙමින් ගාල්ල ලබුදූව ශ්‍රී විජයාරාමයේ පස්ගොඩ උපශාන්ත හිමි තමන්ට විරුද්ධව ඇති ඃC3355 සහ ඃCභ් 3379 නඩු විභාගය සමථයකට පත් කරගැනීම සඳහා ලක්ෂ 7ක මුදලක් හෙළණි ද සිල්වා විසින් ඉල්ලා තිබේ.2016 සැප්තැම්බර් 26 වැනිදා මාතර කාලිදාස පාරේ පදිංචි හෙළණිගේ නිවසට ලක්ෂ 5ක මුදල සමග පැමිණෙන ලෙස දන්වා ඇති අතර, එහි ගිය පසු මොහාන් සෙනෙවිරත්න විනිසුරුවරයාට එම නිවසේදී මුදල් ලබා දුන් බව එහිමියන් දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණය සේවා කොමිසමට පැමිණිලි කර තිබේ.

2017 ජුනි 21වැනි දින ලබාදෙන ලද අදාල දිවුරුම් ප්‍රකාශය අනුව නීතිඥවරියට ලක්ෂ 2ක මුදලක් එහිමියන් විසින් බැංකුගත කර තිබෙන අතර, මේ වනවිට විනිසුරුවරයා ගාල්ල අධිකරණයේ සේවය නොකිරීම නිසා තමන් බය පක්ෂපාතීව විනිසුරුවරයාට ලබාදුන් මුදල හා නඩුවේ තීන්දු පවා අර්බුදයකට පත්ව ඇති බව වැඩිදුරටත් සඳහන්කර තිබේ.

නීතිඥවරුන් විසින් කරන ලද පැමිණිලි ගොනුව අනුව අදාල නීතිඥවරිය විසින් ඃCභ් 1741, ඃCභ් 1305. දරන නඩු ඇතුළු නඩු විභාග විශාල පප්‍රමාණයක් සඳහා මුදල් ලබාගෙන විනිසුරුවරයා හරහා අත්හිටවූ හෝ සුළු දඩ ගෙවා අපරාධ චූදිතයන් විශාල සංඛ්‍යවක් නිදහස් කර තිබේ.

අපරාධ නඩුවලට සුළු දඬුවම්

ලංකා දන්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය අනුව පුද්ගල ඝාතනය බරපතළ වරදකි.එහිම 297 වගන්තිය අනුව ඊට ලබාදෙන දඬුවම ලිහිල් කළද නොහැකිය. එහෙත් එම වරද යටතේ තිබූ ඃCභ් 500 දරන නඩුව ඉක්මණින් අවසන් කර අත්හිටවූ සිරදඬුවම් ලබා දී තිබෙන්නෙ මේ විනිසුරුවරයා විසිනි.

නඩු අංක ඃCභ් 950/06 යටතේ බලපිටිය අධිකරණයේ විභාග වූ නඩුවේ චූදිතයන් දෙදෙනෙකුට එල්ල වී තිබූ චෝදනා ව වනුයේ පුද්ගලයෙකුට වෙඩි තැබීමෙන් මරණීය තුවාල සිදු කිරීමයි. දන්ඩ නීති සංග්‍රහයේ 32වැනි වගන්තිය අනුව ඊට කක්‍රියාත්මක විය යුතු අතර 300 වැනි වගන්තිය අනුව දඬුවම් ලබාදිය යුතුය. එහෙත් වසර 7ක් අධිකරණය මගහරිමින් සිටි චූදිතයන්ට 2015 අගෝස්තු 4වැනි දින අධිකරණයට බාර වීමට අවසර දී රුපියල් 4500 ඉතා සුළු දඩයක් නියමකර, කළින් පනවන ලද වරෙන්තුද නැවත කැඳවාගෙන තිබේ.

නඩු අංක ඃCභ් 287 නඩුව හෙරොයින් සම්බන්ධ එකක් වන අතර එහිදීද වරද පිළිගන්නා ලෙස දන්වා නඩුව අවසන් කර තිබේ. ඃCභ් 498/695/1084 යන නඩු ත්‍රිත්වයේ චූදිකාව වූ ලියනගමගේ අනෝමා මීට පෙර සඳහන් පරිදි වරද පිළිගෙන සුළු දඬුවම් ලබා නිදහස් වී තිබේ. ඒ සඳහා උක්ත නීතිඥවරිය සම්බන්ධ වී ඇති අතර ලක්ෂ 21ක මුදලක් ලබා දී තිබෙන බව අධිකරණ සේවා කොමිසමට පැමිණිලි ලැබී තිබේ. ඃCභ් 1484 යන බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ නඩුවක් ඇතුළුව, ඃCභ් 1578, ඃCභ් 1226/1298/1519, ඃCභ් 1400, සහ ඃCභ් 576 වැනි සුවිශේෂී නඩු විභාග ගණනාවක් මෙම විනිසුරුවරයාට විරුද්ධව අධිකරණ සේවා කොමිසම වෙත පැමිණිලි ලෙස ලැබී තිබේ.

රාජිණී අබේවික්‍රම නීතිඥවරියට අනුව ගෝවින්ද වැලිවිටිගොඩ නැමැත්තෙකු මාර්ගයෙන් ලක්ෂ 60ක මුදලක් ලබාගෙන නඩු විභාග අවසන්කොට තිබේ.

වැඩ තහනමෙන් නතර වේද?

යුක්තිය පසිඳලීම සඳහා යොදා ගැනෙන ආයතන ක්‍රමය යුක්තිය ඉටුකරන ආකාරය ජාතියක ශීලාචාරත්වයේ තරම පෙන්නුම් කරන කැඩපතක් බව හැරල්ඞ් ලැස්කි පවසා තිබේ. ඒ අනුව මෙවැනි මහාධිකරණ විනිසුරන් යටතේ නඩු ඇසෙන රටක් කොතරම් ශීලාචාරද, නීතිය කොතෙක් දුරට පිළිගත හැකිද, මිනිසුන් නීතිය කොතෙක්දුරට විශ්වාස කරනු ඇතිද යන්න පැහැදිලි වනු ඇත. ඒ අර්ථයෙන් ලංකාව ශීලාචාර රාජ්‍යයක් වශයෙන් නොව අශීලාචාර රාජ්‍යයක් වශයෙන් පමණක් ලෝකයා විසින් පිළිගැනීම වැලැක්විය නොහැකිවනු ඇත.

යහපාලන රජයේ යුක්තිය ඉටුවීමේ ප්‍රමාදයද දිගින් දිගටම ඔඩු දුවමින් තිබේ.එවන් වටපිටාවක පැමිණිලි ලැබීමෙන් වසරකට පසුව හෝ මොහාන් සෙනෙවිරත්නලා වැනි දූෂිත විනිසුරන් අධිකරණ පද්ධතියෙන් ඉවත් කිරීමට පියවර ගැනීම යහපත් වුවද මේසා මහජන මුදල් ලබාගත්තවුන්ගෙන් ඒවා නැවත ලබාගෙන සැබැ අපරාධකරුවන්ට විරුද්ධව නැවත නඩු ඇසීමද ඉක්මනින් කළ යුතුය. මෙවැනි දූෂණයන් සිදු කිරීමට උපකාර කළ කළු ලෝගුකරුවන්ටද වහා පරීක්ෂණ තබා ලෝගු ඉවත් කළ යුතුය.

කසුන් පුස්සෙවෙල
රැස – 2018 ජනවාරි 11

 

Source Link : ආටිකල් 14.news

ඩොලර් ලක්ෂ ගණන්වලට ක්‍රිකට් තරග විකුණලා බෝඩ් එකේ කෝටි ගනන් ගහලා රන්ජන්ගෙන් ආන්දෝලනාත්මක හෙලිදරව්වක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබදව පසුගිය දිනවල අතිශය කතාබහට ලක්වුණා. මෙහිදි ඇතමෙක් ප්‍රසිද්ධියේම ක්‍රිකට් පරිපාලනය විවේචනය කිරීමටද වූවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය පිළිබද මෙම සංවාදය ඉදිරියට ගෙන එමින් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සිදු කළ ප්‍රකාශයක් කතාබහට ලක්ව තිබෙනවා.

මෙහිදි නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක ප්‍රකාශ කර තිබුනේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ සිදුව ඇති දූෂණ අක්‍රමිකතා සියල්ල පිළිබඳව සියලු ලිපි ලේඛන තමන් සතුව ඇති නිසා ඉදිරියේදී ඒ පිළිබඳව රටට හෙළිදරව් කරන බවටයි.

ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය හරහා සිදුව ඇති දූෂණ ක්‍රියා බැඳුම්කර සිද්ධියට එහා යන්නක්‌ බවත්, ඩොලර් ලක්‍ෂ ගණනින් ගසා කා ඇති බවත් තරග විකිණීම, තරග පාවාදීම, ක්‍රිකට්‌ තරග රූපවාහිනි වෙත විකිණීම යන කරුණු ඒ අතර ප්‍රධාන බවත් නියෝජ්‍ය ඇමතිවරයා සදහන් කර තිබුනා.

මේ පිළිබඳව අපරාධ පරීක්‍ෂණ සිදු කරන රටේ සෑම ස්‌ථානයකටම දැනුම් දෙන බවත්, පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කරන මෙම වාර්තාවන් වෙනුවෙන් කොන්ද පණ ඇති සුපිරි ක්‍රිකට්‌ ක්‍රීඩකයන්, නිලධාරීන් තමාට සහාය ලබා දීමට සූදානමින් පසුවන බවත් ඔහු පවසා තිබුනා.

විමර්ශනවලට හානි සිදුවන නිසා ඔවුන් පිළිබඳව තොරතුරු මේ මොහොතේ හෙළිදරව් නොකරන බවත් දූෂණ චෝදනා ලැබූවන් අද සුවිශාල වරප්‍රසාද ලබමින් මුනිවරයන් සේ කල් ගෙවන බව තමන් දන්නා බව ද ඒ අතර හිටපු ක්‍රීඩා ඇමැතිවරු කීපදෙනෙකු ද සිටින බව රන්ජන් රාමනායක මහතා මාධ්‍යය ඉදිරියේ පවසා සිටියා.

ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ දූෂණ චෝදනා හෙළිදරව් කරමින් ක්‍රිකට්‌වලට ආදරය කරන අහිංසක ජනතාවට සාධාරණය ඉටු කර දීම තමාගේ අභිලාශය බව ද නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

Source Link : ආටිකල් 14.news

විනිසුරු නඩුවට එන්නේ නෑ ගිහින් බලද්දි වැටෙන්න බීලා දෙහි ගානවා. තීන්දු ඔක්කොම රිමාන්ඩ් – නීතිඥ සුගන්ධිගේ හෙලිදරව්ව

අධිකරණය නීතිඥවරුන් සහ විනිසුරුවරුන් පිළිබඳ නීතිඥවරියක් වන සුගන්ධ්කා ෆර්නැන්ඩෝ විසින්ම හෙලිදරව් කරන තිත්ත ඇත්ත.ඔබතුමිය අධිකරණ ඇමැතිතුමිය වුණානම් වෙනසක් වෙයි නේද,

මෙය අමාත්‍ය රන්ජන්ගේ පිටුවේ සදහන්වූ වීඩියෝවක් වන අතර මෙතුමිය ලංකාවේ අවංක ලෝයර් කෙනෙකුට ආරක්ෂාව මදි නිසා විදෙස්ගත වී ඇති බව පවසනවා.

මෙතුමියගේ හෙළිදරව් අග හිරි වැටෙන අතර අප ජිවත් වන රටේ මෙතරම් දුෂණ ගොඩක් සිදුවනවාද යන්න කනගාටුවට කරුණක් වන්නේ අප මෙම ස්ථාන වල නිතිය පිහිට පතා යන විට අපටද උරුම වන්නේ මෙම තත්වයම වන නිසායි.

එම වීඩියෝ අවසානයේ බලන්න…

නිතිය රකින පොලිසිය අධිකරණය මෙසේ හැසිරෙන්වානම් මුදල් හා බලය වැඩි පාර්ශවයට වාසි වී දිනක අපටද නිකරුනේ හිරබත් කන්නද සිවිය හැකි.

අප හට එක අත්දැකීමක් ඇති අතර කොලබ ප්‍රදේශයේ එක පොලිසියක ස්තානධිපතිවරයකු වෙත ගිය කාන්තාවක් සහ පුරුෂයෙක් පවුල් ප්‍රශ්නය විසදීමට පැමිණිලි කල අතර පසුව කාන්තාවට ඇමතුම් දීම හා මගතොටදී හමුවී එක එක යෝජනා කර ප්‍රශ්නය විසදා දෙන බව පැවසීමත් එයට එකග නොවුවොත් පුරුෂයාට වාසි විය හැකි බව පැවසීමත් නිසා පවුලේ ප්‍රශ්නය නිතිය හමුවට ගෙන නොගොස් ගුටි කකා ගෙදර ඇතුලෙම විසදා ගැනීමට තරම් අසරණ වී ඇත.

මෙවන් කාරනා දකින රටක් ඉක්මනින් සොමාලියාවක් වන බව අපට සැක නැත. දියුණු රටක් මෙන් පෙන්වීමට ලිසිං කර වාහනයක් පැද්දාට රටේ අභ්‍යන්තර සංස්කෘතිය සොමාලියාවක් වී අවසන් අතර එය බාහිරින් පුපුරා යාමත් ඉතාමත් ආසන්නයේ ඇති බව කනගාටුවෙන් පැවසිය යුතුය.

මාධ්‍ය ජනතාව ගුරුවරු සහ සමාජයේ පිළිගත් පුද්ගලයින් දේශපාලන පිල්වලට බෙදී මඩ අවලාද බොරු කෙල කෙල සිටින අතර රටේ අභ්‍යන්තර සංස්කෘතිය මේ වන විටත් නාය ගොස් අවසන් බව අවධාරණය කල යුතුය. ස්වයන් විනයක් සමාජ ගරුත්වයක් ඇති තැන පුද්ගලයන් තනි තනියෙන් විනයක් ඇතිව ජිවත් වෙනු ඇත.

Source Link : ආටිකල් 14.news

ඔයත් සිල්වාලා ප්‍රනාන්දුලා අල්මේදාලා ෆොසේකාලා ද ඔන්න පැටිකිරිය පෘතුගීසින්ගෙන් උරුම වූ ලාංකීය වාසගම් හා තේරුම්

පෘතුගීසීන් ලංකාවට එසේත් නැත්නම් පෘතුගීසි ජාතිකයින් විසින් හැඳින් වූ පරිදි සීලාඕ (Ceilão) වෙත පැමිණියේ අහම්බයෙනි. 1505 දී ඉන්දියානු සාගරය හරහා යාත්‍රා කරමින් සිටින අතරතුර කුණාටුවකට හසුව ලංකාවේ ගාලු වරාය ආශ්‍රිත ප්‍රදේශයට ගසාගෙන ආ, ඉන්දියාවේ පළමු පෘතුගීසි ප්‍රතිරාජයා වූ ෆ්රැන්සිස්කෝ අල්මේදාගේ පුත්‍රයා වන ලොරෙන්සෝ ද අල්මේදා ප්‍රමුඛ නාවුකයින්ට, එකිනෙකා කුලල් කා ගාමින් භේදභින්න වී සිටි දේශීය රාජ්‍ය පාලකයින් නිසා මෙරට පෘතුගීසි පාලනයට පදනම දැමීමට පහසු විය. ඉන් වසර දහතුනකට පසුව, එනම් 1518 දී, පෘතුගීසීහු කෝට්ටේ රජ කළ වීර පරාක්‍රමබාහු රජු සමඟ විධිමත් සම්බන්ධතාවක් ගොඩනඟා ගනිමින් කොළඹ කොටුව ඉදි කිරීමට පියවර ගත්හ.

පෘතුගීසි ජාතිකයින් පිළිබඳ නොපහන් හැඟීමෙන් කටයුතු කළ, එවකට කෝට්ටේ රජකළ විජයබාහු VII රජු පෘතුගීසීන් කොළඹ සිට කෝට්ටේ නගරයට වට වන්දනාවක රැගෙන යාමෙන් අනතුරුව කෝට්ටේ නගරයට සම්ප්‍රාප්ත කරවීමේ උප්පරවැට්ටිය නිසාම මෙම විදේශික ජාතිය පිළිබඳව රජුගේ තිබූ ආකල්පය පැහැදිලි ය. ‘පරංගියා කෝට්ටේ ගියා වැනිය’ යන ප්‍රකාශය අදට ද භාවිත වන්නේ මෙම සිදුවීම පදනම් කොට ගෙනයි.

 

පසුව තම සටකපටභාවය උපයෝගී කරගත් පෘතුගීසීන් විජයබාහු රජුගෙන් ඉල්ලා සිටියේ ගෙරි හමක් හෙවත් හරක් සමක් එලා ගැනීමට අවශ්‍ය පමණක කුඩා බිම් කඩක් ලබා දෙන ලෙසයි. ඔවුන් ඉල්ලා සිටියේ කුඩා බිම් කඩක් බැවින් රජු ඊට අවසර දුන් අතර පසුව පෘතුගීසීන් හරක් සම කීතු කීතු වලට ඉරා සිහින් පටි ලෙස කොළඹ විශාල ප්‍රදේශයක ඉඩකඩ වෙන් කරගෙන විශාල බලකොටුවකට පදනම දැමීමට සමත් විය. 1658 දක්වා ලංකාව වටා වෙරළ තීරය පෘතුගීසි ආක්‍රමණයට නතුව පැවතුණි.

වෙළඳාමෙහි දක්ෂයින් වන පෘතුගීසීන් ශ්‍රී ලංකාව තුළ වෙළෙඳ හා වාණිජමය අවස්ථා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ ද, අසීමිත ලෙස සිදුකළ දේශීය සම්පත් සූරාකෑම හේතුවෙන් දිවයින අභ්‍යන්තරයේ ස්වෛරී රාජධානි හතක් ඇතිවීමට මඟ පෑදුණි. එම රාජධානි වලින් ආරක්ෂා වීම පිණිස කෝට්ටේ රාජධානියට පෘතුගීසීන්ගේ සහාය මත දැඩිව යැපෙන්නට සිදු වූ අතර, ලාංකීය සම්බන්ධතා තුළ පෘතුගීසිහු ප්‍රබල භූමිකාවක් රඟ දැක්වූහ.

රෝමානු කතෝලික දේවස්ථානයේ නියෝග ප්‍රකාරව ධර්මපාල කුමරු සිය ආගමට හරවා බෞතීස්‌ම කිරීමත් හේතුවෙන් පෘතුගීසිහු සිය දේශපාලන අරමුණ ද ඉටුකර ගත් අතර, 1543 දී කෝට්ටේ රාජධානියේ බුවනෙකබාහු රජතුමා සමඟ ගිවිසුමක් ඇති කරගන්නා ලදී. ධර්මපාල කුමරු පෘතුගීසි සංස්කෘතියට අනුගත වීමත් සමග ශ්‍රී ලංකාවේ සමාජයේ ප්‍රබල වෙනස්කම් ප්‍රකාශයට පත් වූයේ ය.

ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ බටහිර ජාතීන් තුන අතුරින් අපේ සංස්කෘතියට විශාල බලපෑමක් සිදුකළ ජාතියක් ලෙස පෘතුගීසින් හැඳින්විය හැක. 16 වැනි සියවසේ දී ලාංකිකයකු කතෝලික දහම වැළඳ ගැනීම යනු සපුරාම පෘතුගීසි සංස්කෘතිය වැළඳ ගැනීමක් බවට පත්විය. පල්ලියෙන් බෞතීස්ම කරනු ලැබූ අයගේ නම් පමණක් නොව වාසගම් ද පෘතුගීසිකරණයට ලක් වූයේ ය. කුසුමාසන දේවිය දෝන කතිරිනා වන්නේත්, කරලියද්දේ බණ්ඩාර දොන් පිලිප් බවට පත්වන්නේත් මේ හේතුවෙනි. සුභාෂිතය රචනා කළ අලගියවන්න මුකවෙටි “දොන් ජෙරනිමෝ” ලෙස කතෝලිකයකුව සිට ඇති අතර එම කාලය තුළ ‘කොන්ස්තන්තීනු හටන’ නමින් පෘතුගීසි සේනාධිපතියකු වර්ණනා කරමින් කාව්‍ය සංග්‍රහයක් රචනා කර තිබීම ද කුප්‍රකට සිද්ධියකි.

පෘතුගීසි ජාතිකයන්ගේ බලපෑම නිසා අපේ රට තුළ වර්තමානයේදීත් භාවිත වෙමින් තිබෙන පෙළපත් නාමයන් ගණනාවකි. එම ප්‍රසිද්ධ පෙළපත් නාමයන්හි ආරම්භය මෙන්ම අර්ථය පිළිබඳව ද මෙම ලිපිය මගින් විමසා බැලෙනු ඇත.

 

 

සිල්වා/ ද සිල්වා
සිල්වා සහ එයින් ව්‍යුත්පන්න වන ද සිල්වා යන ජනප්‍රිය පෘතුගීසි පෙළපත් නාමය ලතින් යෙදුමක් වන අතර එහි අර්ථය වන්නේ ‘වනාන්තරය’ නැතිනම් ‘ලඳු කැලෑව’ යන්නයි. මෙම වාසගම පෘතුගීසි භාෂාව කතා කරන රටවල පමණක් නොව පෘතුගීසි ආධිපත්‍යය යටතේ පැවති ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඇමරිකාව, සහ අප්‍රිකාව වැනි රටවල් වල ද ප්‍රචලිත නාමයකි. සිල්වා හා ද සිල්වා ලංකාවේ ප්‍රචලිත වාසගමක් වුවද එම වාසගම හිමි පුද්ගලයා පෘතුගීසි සම්භවයක් ඇති අයෙකු ලෙස අදහස් නොකෙරේ. පෘතුගීසීන් විසින් පවත්වාගෙන ගිය සංස්කෘතික ආධිපත්‍යයෙන් අපගේ මුතුන්මිත්තන්ට උරුම වූ නාමයන් ලෙස සැලකිය හැකිය.

ප්‍රනාන්දු
ප්‍රනාන්දු යන වාසගම ඉංග්‍රීසියෙන් කියැවෙන්නේ ෆර්නෑන්ඩු යනුවෙනි. පෘතුගීසි නාමය ෆර්නාන්දෝ ය. ‘නිර්භීත’ හෝ ‘නිර්භීත ගමනක්’ යන්න මෙහි අර්ථය වේ. තව ද මෙම නම ජර්මානු මූලයක් සහිත නාමයක ස්පාඤ්ඤ ස්වරූපය යි. ෆාර්ඩි යන්නෙන් ‘ගමන’ යන අර්ථයත් නැන්ඩි යන්නෙන් ‘නිර්භීත’, ‘බය නැති’ යන අර්ථයත් ජනිත වේ. ලංකාවේ ද සිල්වා, පෙරේරා යන වාසගම් මෙන්ම ජනප්‍රිය වාසගමක් වන මෙය පෘතුගීසින් විසින් පාලනය කරන ලද බටහිර ඉන්දියාවේ ද අතිශය ජනප්‍රිය වාසගම කි.

පෙරේරා
ඉංග්‍රීසි භාෂාවෙන් පෙරේරා යන්න පෙරේරා (Perera) සහ පෙරෙයිරා (Pereira) යනුවෙන් වෙන් වෙන්ව භාවිත කරනු ලබයි. එහි තේරුම ‘පෙයාස් ගස’ යන්න යි. පෘතුගීසි පාලනයත් සමග රෝමානු කතෝලිකකරණය හේතුවෙන් සමාජය තුළ ප්‍රචලිත වූ නාමයකි. පෙරේරා යන්න සපාඤ්ඤ නාමයක් වන අතර අයිබීරියන් අර්ධද්වීපය තුළ එහි Perer, Perero, Pereros, Pereyra, Pereyras, Das Pereiras, Paraira ආදී විවිධ ස්වරූපයන් ඇත.

අල්මේදා/ද අල්මේදා
අල්මේදා නැතිනම් අල් මයිදා (Al-maaidah) යන අරාබි මූලයෙන් පැමිණි මෙම නාමය පෘතුගාලයේ Beira Alta පළාතේ ඉස්ලාමීය ආක්‍රමණයට නතුව තිබූ නගරයක් හැඳින්වූ පෘතුගීසි වචනයකි. පළමුවරට දිවයිනට පැමිණි පෘතුගීසි දේශ ගවේෂකයකු වූයේ ලොරැන්සෝ ද අල්මේදා යි. පසුකාලීනව පෘතුගීසීන් විසින් ලංකාවේ බලය තහවුරු කර ගැනීමත් සමඟ සිංහල හා දෙමළ පවුල් ගණනාවක් අල්මේදා යන වාසගමට වැදගත්කමක් ලබා දුන්නෝ ය.

කොස්තා/ද කොස්තා
කොස්තා යන්න costa නමැති ලතින් වචනයෙන් බිඳී ආ පෘතුගීසි වාසගමකි. මෙහි ලතින් වචනයේ අර්ථය වන්නේ ‘රබර්’ යන්න ය. කාලයාගේ ඇවෑමෙන් මෙම වාසගම දිවයිනේ වෙරළබඩ පළාත් හි භාවිත වූ අතර ‘පැත්ත’, ‘බෑවුම’, ‘වෙරළ’ යන තේරුම ද සහිතය. තව ද කොස්තා සහ ද කොස්තා යන නම් ඉතාලි සහ ස්පාඤ්ඤ වාසගම් වේ. පෘතුගීසීන් මෙරට ස්ථාවර වීමත් සමග සිංහල සහ දෙමළ පවුල් අතර මෙම වාසගම ප්‍රචලිත විය

ෆොන්සේකා
ෆොන්සේකා යන පෘතුගීසි නම fōns siccus යන ලතින් වචනයෙන් බිඳී ආවකි. එහි තේරුම ‘සිඳී ගිය ලිඳ’ යන්නයි. ‘වියළි බිම උල්පත’ ලෙස ද අර්ථකථනය වේ. යුරෝපයේ උණුසුම ගිම්හාන මාසවල දී වියළී ගිය උණුසුම් වසන්ත කාලයන් හමුවුව ද අද වන විට ෆොන්සේකා යන්න ජනප්‍රිය සිංහල වාසගමකි.

 

 

කොරයා
පෘතුගීසි වචනයක් වන කොරයා යන්නෙහි අර්ථය ‘සම් පටි’ යන්න යි. මෙම වාසගම වෘත්තීයයක් පදනම් කරගෙන පැවත එන්නක් ලෙස සැලකිය හැකි අතර එහි මුල්ම හිමිකරු සම් පදම්කරුවෙකු, නිෂ්පාදකයකු, හෝ විකුණුම්කරුවෙකු වන්නට ඇත. තවද කොරයා යන්නෙන් ‘හදවත’ යන්න ද අර්ථවත් වන බව පැවසේ. පෘතුගාලය සහ ස්පාඤ්ඤයේ ජනප්‍රිය මෙම වාසගම පෘතුගීසි පාලනය තුළ ශ්‍රී ලාංකීය දෙමළ සහ සිංහල පවුල් විසින් භාවිත කරනු ලැබීය.

තිසේරා
Teixeira යන පෘතුගීසි වචනයෙන් පැවත එන අතර ‘යූ ගස’ (Yew) අර්ථය ගෙන දේ. ලංකාවේ ඕනෑම අයෙකු දන්නා වාසගමක් වුව ද පෙරේරා, සිල්වා මෙන් ප්‍රචලිත නැත. නමුත් මෙය පෘතුගාලය තුළ බෙහෙවින් ප්‍රරසිද්ධ වාසගමකි.

කබ්රාල්
කබ්රාල් (Cabral) හා එහි තවත් ප්‍රභේදයක් වන Cabraal නමැති ලතින් මූලයෙන් එන මේ නමෙහි අර්ථය ‘එළුවන් ගාල්වන තැන’ යන්න යි. මෙය ආරම්භයේ දී එළුවන් ඇති කරන පුද්ගලයකු හැඳින්වීමට යොදා ගත්තා විය හැකිය. ඒ අනුව මෙම වාසගම ද වෘත්තියකට අදාළව ඇති වූවක් සේ සැලකිය හැක. මෙම වාසගම ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රචලිතව ඇත්තේ සිංහල පවුල් අතර ය.

තාබෲ/ ද ආබෲ
Thabrew යන්නෙහි ප්‍රභේදයක් වන ද de Abrew යන්න Abreu නමැති පෘතුගීසි වචනයෙන් වර්ධනය වී ආවකි. මෙම නාමයේ මූලය විවාද සම්පන්න ය. මෙය නෝමැන්ඩි පෙළපතේ ඉපැරණි ශාඛාවක් ලෙස සැලකෙන අතර තවත් මතයක් වන්නේ හීබෲ හි ඒබ්‍රහම් යන යෙදුම හා සම්බන්ධ වන්නක් බවයි.

පැස්කුවල්
Pasco යන පෘතුගීසි මූලයෙන් පැමිණි පැස්කුවල් නමෙහි අර්ථය පාස්කු මංගල්‍යය හා බැඳී පවතී.

සොයිසා
Souza යන පෘතුගීසි මූලයෙන් පැමිණි මෙම නාමය යොදාගෙන ඇත්තේ පෘතුගාලයේ සූසා නම් ගංගාවේ නිම්නයේ පදිංචි වී සිටි වැසියන් හඳුන්වනු පිණිස බව සැලකේ.

පීරිස්, නෝනිස්, ගෝමස්, සුවාරිස්, මෙන්ඩිස්, සිගේරා, කෲස්, රුද්‍රිගු, වාස්, පීරිස්, පාරිස්, ඩයස්‌, මෙන්ඩිස්, ද මෙල් ආදී වශයෙන් පෘතුගීසි සංස්කෘතියෙන් ලැබුණු නම් ගණන් කළ නොහැකි තරම් ය. මේ හැරෙන්නට ශ්‍රී ලංකාවේ එදිනෙදා භාවිතා වන පෘතුගීසි වචන ගණනාවක් ද ඇත. කලිසම, කමිසය, අල්මාරිය, බෝනික්කා, බොත්තම එවැනි වචන වලින් කිහිපයකි. දිවයිනේ විවිධ ප්‍රදේශවල, විශේෂයෙන්ම උතුරේ, පෘතුගීසි සම්භවයක් ඇති පෘතුගීසි භාෂාව භාවිත කරන ජන කොටස් අදටත් දක්නට ලැබේ. වසර එකසිය පනස් තුනක් පුරා පැවති පෘතුගීසි පාලනය අද දක්වාම අප රටේ සංස්කෘතික අනන්‍යතාවයට සිදු කර ඇති බලපෑම කොතෙක්ද යන්න ඉන් පැහැදිලි වේ.

source : Roar වෙබ් අඩවිය

Source Link : ආටිකල් 14.news

වේයන්ගොඩදී ෆ්ලෑෂ් බැක් වේදිකාව හිටිහැටියේ කඩා වැටෙයි

වේයන්ගොඩදී ෆ්ලෑෂ් බැක් වේදිකාව හිටිහැටියේ කඩා වැටෙයි

Source Link : ආටිකල් 14.news

ගාලු මුහුදේ කිමිදෙමින් සිටි තරුණයින් දෙදෙනෙක් ගොඩ ගත්කිලෝ 40ක් බරැති පිළිමය.

ගාල්ල කොටුව ආසන්න මුහුදේ ගිලී තිබීයදී සොයාගත් කිලෝග්‍රෑම් 40 කටත් වැඩි බරැති පිළිමය පිළිබඳව පුරා විද්‍යා අංශ පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ගාල්ල කොටුව ආසන්න මුහුදේ ගල්මල් නැරඹීමට නිතර පැමිණෙන කරාපිටිය ජස්ටින්කන්ද ප්‍රදේශයේ පදිංචි කමල් නමැති තරුණයකු සමග පැමිණි ඔහුගේ මිතුරකු කිමිදෙමින් සිටියදී ඊයේ (15) මෙම පිළිමය දැක තිබුණා.

මෙම පිළිමය මුහුදු වෙරළේ සිට අඩි 150ක් පමණ දුරකින් පැහැදිලි මුහුදේ මතුපිට සිට අඩි 5-10 පමණ ගැඹුරකින් තිබු බවයි ඔවුන් පවසා ඇත්තේ.

පිළිමය දුටු වහාම තමන්ට බයක් දැනුනු බවත් ගොඩබිමට ගොස් ටික වෙලාවකට පසු ඇතිවූ කුතුහලය මත නැවතත් සිය මිතුරාද සමග කිමිදී පිළිමය ගොඩට ගත් බවත් කමල් පොලිසියට පවසා තිබෙනවා.

දියේ සිට මුහුදු වෙරළට ගෙන ඒමේදී එතරම් බරක් ජලයේදී නොදැනුනත් ජලයෙන් මතුපිටට ගැනීමට තමාට සහ මිතුරාට දැඩි අපහසු වූ බවත් සඳහන් කර තිබෙනවා.

මුහුදු වෙරළේ සිටම 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ඇමතුමක් ගත්තත් එයට ප්‍රතිචාරයක් නොලද හෙයින් පිළිමය අමාරුවෙන් ගාල්ල කොටුව තුළ පිහිටි සුධර්මාලය පන්සලට ගෙනවිත් එහි නායක හිමියන්ට භාර කර පසුව පොලිසියට සහ පුරාවිද්‍යා අංශ දැනුවත් කරන්නට පියවර ගත් බවද ඔවුන් සඳහන් කරනවා.

 

Source Link : ආටිකල් 14.news