
ඇය වෘත්තියෙන් ගුවන් සේවිකාවකි. ටෙලිනාට්‍ය රංගනය ඇයගේ තවත් භාවිතයකි. ඇය දිනිති වෙල්ගමගේය. හාර කෝටියෙන් ටෙලි තිරයට පෑයූ ඇය මේ දිනවල හමුවන්නේ සිල්ලර සමනල්ලු සමගය. ඊට අමතරව ෆිල්ම්ස්ටාර් වැඩ සටහන මෙහෙයවීමට ද ඇය දායකව සිටින්නීය. එලෙසින් මේ දිනවල රූපවාහිනී තිරය හැඩකරන ඒ හැඩකාරියකි.
දිනිති හරිම කාර්ය බහුලයි වගේ ?
මේ දිනවල හරිම කාර්ය බහුලයි.
ඒකට හේතුව කිව්වොත් ?
සිල්ලර සමනල්ලු රූගත කිරීම් නිසාත්, ෆිල්ම්ස්ටාර් වැඩසටහන නිසාත්, ඊටත් අමතරව මගේ රුකියාව නිසාත් කාර්ය බහුල වෙලා.
මේ දිනවල ගුවනේ පියාඹන්නේ කොහේටද ?
ශ්‍රී ලංකන් පියාඹන සෑම තැනකටම අපට යන්න වෙනවා.
දිනිති ගැන වැඩිපුරම අද මිනිස්සු කතා කරන්නේ ?
ඇත්තටම හාර කෝටියෙන් පසුව, දැන් කතා කරන්නේ අභිෂේකා කියලයි.
හාර කෝටිය නිසා ලාබද ? පාඩුද ? වුණේ ?
දිනිති වල්ගමගේ කියන චරිතය මිනිස්සු හදුනා ගත්තේ හාර කෝටියෙන්. එතැනින් එහාට මම මොන චරිතය කළත්, මිනිස්සු කතා කරන්නේ අභිෂේකා කියලයි.
මෑතකදී ගුවනේදී ඔබට ලොකු සිදුවීමකට මුහුණ දෙන්න වුණාය කියලා ආරංචියි ?
හාර කෝටිය නැරඹූ අම්මා කෙනෙක් මාව අල්ලගෙන ඇඩුවා. අනේ පුතේ ඔයාව බේරිලා ආ එක ගැන මට හරි සතුටුයි. මම දෙවියන්ට යාඥා පවා කළා කියලා කිව්වා මේකට හේතුව තමයි ඊට සති දෙකකට විතර පෙරදී හාර කෝටියේ මම වෙඩි වදින දර්ශනයකට මුහුණදීම. ඉතින් ඇය නොවරදවාම හාර කෝටිය හදවතින්ම නැරඹූ ප්‍රේක්ෂිකාවක්. ඒ ප්‍රතිචාරය නම් මට කවදාවත්ම අමතක වන එකක් නැහැ.
ඒ විදියට හාර කෝටියෙන් බෙහෝ දෙනාගේ ආදරය දිනූ ඔබ ඇයි සිල්ලර සමනලුන්ට මැදි වුණේ ?
හාර කෝටියට මාව ගත්තේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතායි. ඊට පසුව සද්ධා මංගල සූරියබණ්ඩාරගේ රචනයකට, සංජය නිර්මාල් අධ්‍යක්ෂණය කරන සිල්ලර සමනල්ලු රගපෑමට අවස්ථාව ලැබුණා. ඒකට ලැබෙන ප්‍රතිචාරත් හරිම ඉහළයි.
එහි ඔබ රගපාන්නේ ?
නිම්මි කියන චරිතය.
නිම්මි මොන වගේ කෙනෙක්ද ?
නිම්මි කියන්නේ හැරී නමැති මැරයාගේ දුව, වෙලාවකට ඇයත් කොච්චි කරලක් වගෙයි. කටකාර රණ්ඩු කෙක්කක්.
දිනිති වල්ගමගේත් සැබෑවට ටිකක් ඒ වගේලු නේද ?
අනේ එහෙම නං නැහැ. මම ටිකක් කියවනවා වැඩියි. එච්චරයි. මම නිම්මි වගෙත් නෙවෙයි. අභිෂේකා වගෙත් නෙවෙයි. ඒ දෙදෙනාටම මැදිවූ චරිතයක්.
කුඩා කාලයේදි අයියලා දෙන්න එක්ක හරි හරියට රණ්ඩු කළා කියන්නේ ?
මම පවුලෙ එකම කෙල්ලනෙ. අයියලා දෙන්නා එක්ක මාත් හරි හරියට ඔට්ටු වුණා. එයාලා වත්තේ ගහකට හරි වෙන උස තැනකට නැග්ගාම මාත් නැග්ගා, ඉතින් අපේ නෑදෑයෝ එහෙම ඔයා කොලු වැඩ කරන්න එපා කියලා කියලත් තියෙනවා. අයියලා දෙන්නා, අම්මා, තාත්තා, ලොකු අම්මා, එයාලගෙ ආදරය මැද තමයි මම කුඩා කාලය ගත කළේ. අද මම කොළඹ ඉන්නෙත් ලොකු අම්මා එක්කයි. ඇය විශ්‍රාමික ගුරුවරියක්.
හාර කෝටියෙ ඔබගේ පෙම්වතා වුණේ ?
සාරංග.
එතකොට සිල්ලර සමනල්ලු පෙම්වතා ?
ධනංජය
හැබෑ ජීවිතයේ පෙම්වතා.
ඉන්නවා ඉතින්.
ඒ පෙම් කතාව ගැන කෙටියෙන් කිව්වොත් ?
ඒක පාසල් සමයේ සිට දැන හදුනාගෙන පසුව ඇති වූ ප්‍රේමයක්. එයා මට ආදරය කරන්න පටන් ගත්තේ මාව කවුරුවත් නොදන්නා කාලයේදීයි. අද මම කලාවේ මේ සිටින තැනට එන්න මාව බොහෝම උනන්දු කළේ එයා.
ප්‍රේමය නම් කිම ?
ලස්සනයි, හැබැයි ලස්සන කෙනෙක් හම්බ වුණොත් ?
ඒ කියන්නෙ ඔබගේ පෙම්වතා ලස්සනයි ?
මම කියන්නෙ රූපය ගැන නෙවෙයි. ලස්සනට ආදරය කරන කෙනෙක් හම්බ වුණාම ආදරය ලස්සනයි.
ෆිල්ම්ස්ටාර් ගැනත් කියමු ?
සිරස ගෙන එන ෆිල්ම්ස්ටාර්, නිවේදනයත් මෙහෙය වන්නේ මම සහ මනුරංග විජේසේකරයි. නිවේදනය කියන්නෙ ඇත්තටම හරි අමාරු දෙයක්. රගපානවාට වඩා එය හරි වෙනස් අත්දෑකීමක්. මගේ තාත්තා ගුරුවරයෙකු ලෙසත් පසුව කලාප ගුරු උපදේශකවරයකු ලෙසත් කටයුතු කළේ නාට්‍ය අංශයෙන්. අම්මත් ගුරුවරියක ලෙස කටයුතු කළා. එයාලා මට නිතරම කිව්වේ කැමරාව ඉදිරියේ රගපාන්න එපා කියලයි. ඒ චරිතය කරන්න කියලයි. ඉතින් රගපෑම ඒ වගේ කළාට නිවේදනය ඒ විදිහට කරන්න බැහැ.
The post අද මම කලාවේ මේ සිටින තැනට එන්න මාව බොහෝම උනන්දු කළේ එයා appeared first on Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk - Raja Gossip.
Source Link : Gossip – Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip