වනජීවි නිලධාරීන්ගේ පරක්කුව නිසා නොමිනිසුන් විසින් ලංකාවට පමණක් අවේණික දුර්ලභ දිවියෙකු සාහසික ලෙස මරා දමයි (Video)

කිලිනොච්චිය අම්බාල්කුලම ප්‍රදේශයේදී දිවියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති අතර, අනතුරුව ප්‍රදේශවාසීන් දිවියාට සාහසික ලෙස පහරදි අද(21) දහවල් මරා දමා පසුව මළකුණ සමග ජායාරුප ගෙන තිබේ.

දිවියා ගම්වැදී ඇති ප්‍රදේශවාසීන්ට පහරදි ඇති අතර ප්‍රදේශවාසීන් එහිදි වනජිවි නිළධාරීන්ට දැනුම් දී ඇති අතර,වනජිවි නිළධාරීන් ප්‍රදේශවාසීන් සමඟ එක්ව දිවියා අල්ලා ගැනීමට මෙහෙයුමක් සිදුකොට ඇතත් එහිදි දිවියා අල්ලා ගැනීමට නොහැකි වි ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

දිවියා අද උදැසන අම්බාල්කුලම විවේනන්ද විද්‍යාලය පසුපස කැලෑ ප්‍රදේශයේදී ගවයින් රැක බලා ගන්නා පුද්ගලයෙකුට පහරදි ඇති අතර,එහිදි ගම්වාසීන් වනජිවි නිළධාරීන්ට සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කොට තිබිණ.

වනජිවි නිළධාරීන් දිවියා අල්ලා ගැනීමට උදැසන 11 ට පමණ පැමිණ ඇති අතර, එහිදි ගම්වාසීන් වනජිවි නිළධාරීන් ප්‍රමාද වීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් වනජිවි නිලධාරීන්ට චෝදනා කොට ඇති අතර වනජිවි නිලධාරීන්ද එහිදි අපහසුතාවයට පත්ව නැවත හැරී ගිය බව ප්‍රදේශවාසීන් පිරිසක් පැවසීය.

වනජිවි නිලධාරීන් නැවත පිටත්වීමෙන් අනතුරුව ගම්වාසීන් දිවියා අල්ලා ගැනීමට පිටත්ව ගොස් ඇති අතර,අදාළ අවස්ථාවේදී දිවියා කැලෑවේ පඳුරකින් එළියට පැමිණ පුද්ගලයෙකුට පහරදීමට උත්සහ දැරු බවත් එහිදි ගම්වාසීන් විසින් පොලු මුගුරුවලින් පහරදී දිවියා මරා දැමු බවද කිලිනොච්චිය අම්බාල්කුලම ප්‍රදේශවාසීන් පැවසූහ.

ප්‍රදේශවාසීන් පැවසූවේ දිවියා ගම්වැදීමට හේතු‍ව මෙතෙක් අනාවරණය කොටගෙන නොමැති අතර, ගම්වැදුණ දිවියා ගම්මානය හරහා ගමන් කරමින් පිරිසට පහරදීම සිදුකොට ඇති බවයි.

දිවියා පහරදීමෙන් වනජිවි නිලධාරීයෙකුද තුවාල ලබා ඇති බව ප්‍රදේශවාසීන් පවසති.

දිවියා පහරදීමෙන් තුවාල ලැබූවන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති බව කිලිනොච්චිය පොලිසිය පැවසීය.

Source Link : Bro – බ්‍රෝ

පන්දුව පලුදු කිරීමේ වරදට හසුවූ දිනේෂ් චන්දිමාල්ට එක් තරඟ තහනමක් හා තරඟ ගාස්තුවෙන් 100% ක දඩයක්

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ට එක් ටෙස්ට් තරඟ තහනමක් සහ ඔහුගේ තරංග ගාස්තුවෙන් 100% ක දඩයක් අය කිරීමට ICC ය තීරණය කර ඇත. එයට හේතු වී ඇත්තේ මේ දවස් වල පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් හා ශ්‍රී ලංකා අතර ටෙස්ට් තරඟාවලිය අතර තුරදී දිනේෂ් චන්දිමාල් පන්දුව පලුදු කිරීමේ වරදට හසු වීමයි.

කෙසේ නමුත් මෙම සිද්ධියට අදාලව පරික්ෂණ කිහිපයක් පැවැත්වූ අතර, මිට සුළු මොහොතකට කලින් අනාවරණය වුයේ එම පරීක්ෂණ වලින් අනතුරුව දිනේෂ් චන්දිමාල් පන්දුව පලුදු කල බවට සාක්ෂි තිබෙන බවත්, එම නිසා ඔහුට මෙම දඬුවම ලබාදීමට කටයුතු කල බවත්ය.

ඒ අනුව එළඹෙන 23 වන දා පැවැත්වෙන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තුන්වන ටෙස්ට් තරඟයෙන් දිනේෂ් චන්දිමාල්ගේ නම ඉවත් වනු ඇත.

Source Link : Bro – බ්‍රෝ

“ශ්‍රී ලංකාව සතු වූ 444 වාර්තාව අවසන්” එංගලන්තය එක්දින වැඩිම ලකුණු වාර්තාව සමග ඔස්ට්‍රේලියාවට දැවැන්ත ප්‍රහාරයක් (Photos)

එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන 3 වන එක්දින තරගය අද එංගලන්තයේ නොටින්ග්හැම් ක්‍රීඩා පිටියේදී ආරම්භ විය.තරගයේ කාසිය වාසිය දිනු ඕස්ට්‍රේලියානු නායකයා එංගලන්තයට මුලින්ම පන්දුවට පහර දීමට ආරාධනා කළේය.

එංගන්ත මුල් පිතිකරුවන් දෙදෙනා අගනා ආරම්භයක් ලබා දෙමින් ලකුණු 159 ක් එක් කර දුන් අතර තෙවන කඩුල්ල සදහා තවත් ලකුණු 151ක් රස කිරීමට බ්‍රේස්ටෝ සහ ඇලෙක්ස් හෙල්ස් සමත් විය.බ්‍රේස්ටෝ අගනා ලකුණු 139ක් රැස් කර ගත්තේය.

පසුව ක්‍රියාත්මක වූ ඉයන් මෝගන් 444 ක් වූ කණ්ඩායමක් එක්දින තරගයකදී රැස් කරගත් වාර්තාව අභිබාව යාමට 6 පහර පිට පහර එල්ල කළේය.

මේ වන විට එංගලන්තය පන්දු ඕවර 46 ක් අවසානය ලකුණු 450 ක් රැස් කරගෙන සිටින අතර ඔවුන්ට තවත් පන්දුවාර 4ක් ඉතුරුවද තිබේ.

Source Link : Bro – බ්‍රෝ

ජාත්‍යන්තරයට අභියෝග කරමින් පේටන් බලපත්‍රය පවා හිමිකරගත් ලංකාවේ නිපදවන UJICO ඉදලේ විශේෂත්වය මොකක්ද?

අප සියලු දෙනා එදිනෙදා තම ගෙවත්ත පිරිසිදු කරගැනීම සඳහා භාවිතා කරන ඉදලේහි කල් පැවැත්ම සහ එහි භාවිතය පිලිබඳ අප හට ඇත්තේ එතරම් හොඳ ආකල්පයක් නොවේ. ඊට හේතුව ලෙස අප සඳහන් කරන්නේ මෙම ඉදල ඉක්මනින් කැඩී යාම, ගෙවීයාම හා විනාශ වීමයි.

මෙවැනි ප්‍රශ්න වලට විසඳුමක් ලෙස UJICO සන්නාම නාම යටතේ නවතම ඉදල් ත්‍රිත්වයක් දේශීයව නිපදවා වෙළඳ පොලොට හඳුන්වා දී ඇත. පහත රූපමය සටහන් මගින්, ඔබට මනාව අවබෝධ කරගත හැකිය.

UJICO දේශීය ආයතනය පෙන්වා දෙන්නේ ස්වකිය නිෂ්පාදන නිර්මාණය කර ඇති ශාස්ත්‍රිය වූ සුවිශේෂී වූ හැඩය සහ අන්තර්ගතය මනා ප්‍රතිලාභ ලැබීමට සමත් වූ බවයි. තවද මෙම ඉදල් ත්‍රිත්වයට ජාත්‍යන්තර පේටන් බලපත්‍රය පවා හිමිව ඇත්තේ එහි තිබෙන නව නිර්මාණාත්මක බව හා ලාංකීය අපගේ දේශීය නිෂ්පාදනයට ඉහල වටිනාකමක් ලබා දෙමිනි.

තවද UJICO ආයතනය සඳහන් කරන්නේ විවධ පාරිසරික සහ කාලගුනයන් යටතේ සිදුකල පර්යේෂණයන් මගින් දිගුකල් පැවැත්ම සහ ශක්තිමත්භාවය සනාත කල බවයි. එම නිසා මෙතෙක් ඔබ විසින් ගෙවත්ත පිරිසුදු කිරීම සඳහා නොදැනුවත්ව යෙදු අධික පිරිවැය 76% කින් අඩු කර ගැනීමට UJICO ඉදල් භාවිතයෙන් හැකිවනු ඇත.

1) පොල් ඉරට ඉදල
UJICO පොල් ඉරට ඉදල සාම්ප්‍රදායික ඉදලට වඩා බෙහෙවින් වෙනස්ය. ශක්තිමත් ඉරට කොටස අතුරා ඇති ආකාරය හේතුවෙන් සැහැල්ලු බව, දිගුකල් පැවැත්ම, අතුගෑමේදී ඉදල හසුරුවා ගැනීම පහසුව ආදී කරුණු නිසා උපරිම කාර්යක්ෂම තාවයක් ලබාගැනීමට හැකිවී තිබේ.

2) ප්ලාස්ටික් ඉදල
ලොවට නවතම හඳුන්වා දීමකි. ඉතා ශක්තිමත් ප්ලාස්ටික් කුරු නිපදවා සුවිශේෂී රටාවකට අතුරා තිබීම හේතුවෙන් එහි සැහැල්ලු භාවයත්, වසරකට වැඩි කාලයක් භාවිතා කිරීමටත් හැකිවී තිබේ. තවද එහි භාවිතා කරන ප්ලාස්ටික් අමුද්‍රව්‍ය වලින් 30% ක් ප්‍රතිශක්තිකරණය කල අමුද්‍රව්‍ය වේ. ඔවුන්ගේ මුලික අරමුණ වනුයේ මෙම පියවර අනුගමනය කර පාරිසරිකව මිත්‍රශීලි කරවීමයි.

3) steel ඉදල
මෙම ඉදලද නවතම හඳුන්වාදීමකි. ඕනෑම රළු හෝ සුමුදු මතුපිටක සීරීම් නොමැතිව එහි බැඳී ඇති දිය සෙවල් ආදී ඝන අපද්‍රව්‍ය ඉතා පහසුවෙන් ඉවත් කරගැනීමට මෙය වඩාත් සුදුසුම උපකරණයකි.

සාදාරණ මුල්‍යමය පරාසයක් යටතේ පාරිභෝගිකයන් අතර මෙය පත් කරලීම ඔවුන්ගේ අපේක්ෂාවයි. ඉතා ඉක්මනින් මෙම UJICO යනුවෙන් හැඳින්වෙන ඉදල් ශ්‍රී ලංකාවේ බොහොමයක් ගෘහස්ථයන් සොයන නිෂ්පාදනයක් බවට පත් වන ඔවුන් විශ්වාසය කරයි.

මෙම ඉදලක් අවශ්‍ය නම් ඔවුන්ගේ  UJICO (https://www.facebook.com/UJICOtec/) ෆේස්බුක් පිටුවට පණිවුඩයක් යවා, නැතහොත් ඔවුන් සමග වැඩිදුර වියපර කිරීමේ අරමුණින් පසුවන්නේ නම් ඔවුන්ගේ https://ujicotec.com/ වෙබ් අඩවියට පිවිස 011 2 605409 අංකය හරහා ඔබට ඔවුන්ව සම්බන්ධ කර ගැනීමට හැක.

Source Link : Bro – බ්‍රෝ

“ළහිරු කුමාර විදුලි වේගයෙන් පන්දු යවයි, කසුන් රාජිත කඩුලු අතරට” අයහපත් කාලගුණය නිසා බිහිසුනු ශ්‍රී ලංකා වේග පන්දුවෙන් කොදෙව්වන් බේරුනු හැටි! (Video/Photos)

ශ්‍රී ලංකාව සහ කොදෙව් දූපත් අතර පැවති දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. තරගයේ පස්වැනි දිනය වූ ඊයේ (18) දිනය අවසන් වන විට සත්කාරක කොදෙව් කණ්ඩායම කඩුලු පහක් දැවි ලකුණු 147ක් ලබා සිටියේය. මේ අනුව තරග තුනකින් සමන්විත සෝබර්ස් තිසේරා ටෙස්ට් තරගාවලියේ තරග 1-0ක් ලෙස කොදෙව් කණ්ඩායම ඉදිරියෙන් සිටියි.

පස්වෙනි දිනය සඳහා ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දුන් කසුන් රාජිත තමා යැවූ දෙවැනි ඕවරයේදීම ඩෙවෝන් ස්මිත් සහ කිරන් පවෙල් පිටියෙන් ඉවත් කරමින් කොදෙව් කණ්ඩායම අසරණ තත්වයකට ඇද දැමුවේය. කොදෙව් පළමු ඉනිමේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථකම පන්දු යවන්නා වූ ළහිරු කුමාර පැයට කිලෝමීටර් එකසිය පනහකට ආසන්න වේගයකින් පන්දු යැවීය.

පැයට කිලෝ මීටර් 148 ක වේගයකින් පැමිණි ළහිරු කුමාරගේ පන්දුවක් මඟහැරීමට ගත් උත්සාහයක් වැරදී එය පපු ප්‍රදේශයේ වැදීම හේතුවෙන් කෙටි වේලාවක් ක්‍රීඩාංගණය මත වැතිරී ඊට ප්‍රතිකාර ගත් ෂායි හෝප්, නැවත පන්දුවට පහරදීමෙන් වැළකී කණ්ඩායමේ භෞතචිකිත්සකවරයා සමග ආපසු ක්‍රීඩාගාරය වෙත ගියේය.

ෂායි හෝප්ගේ නික්ම යෑමෙන් පසුව පිටියට පිවිසි රොස්ටන් චේස්ට (13) වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට ඉඩක් නොලැබුන අතර දිවා ආහාරය සඳහා තරගය නතර කිරීමට ඕවරයක් පමණක් ඉතිරිව තිබියදී ඔහුගේ කඩුල්ල බිඳ දැමීමට සුරංග ලක්මාල් සමත් විය.

කෙසේ වෙතත් අයහපත් කාලගුණය නිසාවෙන් සහ කාර්ලෝස් බ්‍රැත්වෙයිට්ගේ පිතිකරණය හේතුවෙන් කොදෙව් කණ්ඩායම තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සමත් විය. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ ශැනෝන් ගැබ්‍රියෙල් තරගයේ වීරයා සම්මානය හිමි කර ගත්තේය.

Source Link : Bro – බ්‍රෝ

උමාලි සම්මාන උළෙලේදී ගැයූ ගීතය කා වෙනුවෙන්ද?

උමාලි මෙවර දෙරණ සිනමා සම්මාන උළෙලේදීත් සම්මානනීය නිළියක් බවට පත්වුණා.

ඔව්. ඒ ගැන ලොකු සතුටක් තිබෙනවා. ව්ඪදධ තඪමඥ සහ ඒ ලෙවල් චිත්‍රපටවල කණ්ඩායමේ පිරිස එක්ක සතුටින් වැඩ කළා. ඒ සතුටෙ දිගුවක් ලෙස සම්මානනීය ඇගයුම් ලැබිලා තිබෙනවා. හොඳම සහාය නිළිය සහ ජනප්‍රියම නැඟී එන නිළිය කියන සම්මාන හිමිවීම ගැන සතුටින් ඉන්නේ.

ඔබට පළමු වතාවට තමයි ජනතා සම්මානයක් ලැබෙන්නේ?

ඔව්. මම කාලයක් ලංකාවේ හිටියෙත් නෑ. නිර්මාණවලින් විතරයි ප්‍රේක්ෂකයන්ට මාව දකින්න ලැබුණේ. බාහිර වැඩවලට සම්බන්ධ වුණෙත් නෑ. සමාජය සමඟ ගනුදෙනු කළෙත් නෑ. මගේ රංගනය අගය කරන අය තමයි මට මනාප පළ කරන්න ඇත්තේ. මාව මතක තියාගෙන මට මනාප පළ කළ ප්‍රේක්ෂකයන්ට මම ස්තුතිවන්ත වෙනවා.

ඒ නිර්මාණ නිසා මෙවරත් සම්මානනීය ඇගයුම් ලැබෙයි කියලා බලාපොරොත්තු සහිතවද හිටියේ?

මම සම්මාන බලාපොරොත්තුවෙන් වැඩ කරන්නේ නැහැ. සම්මානයක් හිමි වෙන්නේ අපි කළ දේ තුළ යම් ගුණාත්මක මට්ටවක් තිබෙන නිසා. රංගනයෙන් සම්බන්ධ වෙන චරිතය මම ඉගෙන ගත්ත දේවලුත් එකතු කරගෙන උපරිම ලෙස කරන්න මම උත්සාහ කරනවා. ඒ උත්සාහයට, ඒ කැප කිරීමට සම්මානයක් ලැබෙද්දී සතුටුයි.

සම්මාන උළෙල නිසාමද උමාලි ලංකාවට ආවේ?

නෑ. තවත් වැඩ කටයුතු කිහිපයක් නිසා මම කලින්ම ලංකාවට ඇවිත් හිටියේ.

උමාලිට පසුගිය වසරෙත් සම්මානීය ඇගයුම් කිහිපයක් ලැබුණා. අඩු වයසකදී පිට පිට සම්මානනීය ඇගයුම් ලැබීමත් ලොකු වටිනාකමක් නේද?

මාව මුලින්ම කැමරාවක් ඉස්සරහට ගෙනාවේ උදයකාන්ත වර්ණසූරිය මහත්මයා. ඒ 2000දී. මට පළමු ඇගයීම ලැබුණේ 2010දී. ඒ ෂර්ලි පී. දෙලංකාවල මහත්මයාගේ පූජාසනය නිර්මාණයේ “සඳලි” කියන චරිතයට. අරුංගල් ටෙලි නාට්‍ය වෙනුවෙන් මට හොඳම නිළිය සම්මානය ලැබුණා. මම විදේශගත වෙලා රංගනය ගැන ඉගෙන ගෙන ලංකාවට ආවට පස්සේ ප්‍රධාන චරිතයක් කළ පළමුවැනි නාට්‍ය බොහිමියානුවා. මට හොඳම නිළිය ලෙස ගිය වසරේ සම්මාන 3ක් ලැබුණා. ඒ ලෙවල් චිත්‍රපටය කළෙත් විදේශගත වෙලා ඉඳලා ලංකාවට ආවට පස්සේ. රංගනයේ බරපතළකමක් දැනිලා තිබුණේ නැති කාලයක තමයි ව්ඪදධ තඪමඥ චිත්‍රපටයට සම්බන්ධ වුණේ. ඉතිං ඒ නිර්මාණවලින් සම්මානනීය වීමට ලැබීම ලොකු අවස්ථාවක්.

උමාලිගේ තෝරා ගැනීම් මේ ඇගයීම්වලට හේතුවක් වුණා කියලා හිතෙන්නේ නැද්ද?

මම නිර්මාණ තෝරා ගන්නවට වඩා නිර්මාණ මාව තෝරගත්තා කිව්වොත් හරි. චරිතයට වුවමනා යමක් මං ළඟ තිබ්බ නිසානේ ඒ චරිතයට මාව තෝර ගන්නේ. මමත් තෝරා ගැනීම් කරනවා. නිර්මාණය තුළ කරන්න තිබෙන දේ ගැන මම බලනවා. මම නිර්මාණ තෝරා ගත්තා කියනවට වඩා මම කැමැතියි නිර්මාණ මාව තෝරාගත්තා කියනවට. ඒ ටීම් වර්ක් එක ඇතුළේ හැමෝගෙම සහයෝගය එක්ක ඒ නිර්මාණ සාර්ථක වුණා. ඒ වගේම මගේ කාර්යයත් උපරිමයට කරන්න පුළුවන් වුණා.

මේ සම්මානනීය ඇගයීම් ඔබේ හැකියාවටම පමණක් ලැබුණ දේවල්ද?

රංගනය කියන්නේ ලේසියෙන් පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මම රංගනය හැදෑරුවේ රංගනයට ඒ තුළින් යම් ශක්තියකුත් ලැබෙන නිසා. මගේ රංගන ජීවිතය ඇතුළේ මට හොඳ අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් හම්බවුණා. කරන්න ලැබුණ නිර්මාණ කිහිපයෙදි වුණත් මට ලැබිච්ච අත්දැකීම් වගේම මාත් එක්ක හිටපු ජේ‍යෂ්ඨ ශිල්පීන්ගෙන් ලැබුණ ගුරුහරුකම් මට වැදගත් වුණා. මම අලුත් කෙනෙක් කියලා කවදාවත් ඔවුන් මාව කොන් කළේ නෑ. එදත් අදත් මට ඔවුන්ගේ ආශීර්වාදය ලැබෙනවා.

ඒ කියන්නේ උමාලිට මේ වගේ සම්මානනීය ඇගයුම් ලැබෙද්දි හැමෝම සතුටු වෙනවා ඇතිද?

මගේ පවුලේ අය, නෑදෑයෝ, යහළුවෝ කොහොමත් සතුටු වෙනවා. මම නිරූපණය කළ චරිතය දැනුණා නම් අනෙක් අය නියම ලෙස මේ ඇගයීම් ගැන සතුටු වෙනවා ඇති. මට නම් සම්මානයකට නිර්දේශ වීමත් සතුටක්. ක්ෂේත්‍රයේ ඕනම කෙනෙක්ට සම්මානයක් ලැබෙද්දී මට සතුටුයි. අනෙක් අයත් එහෙම සතටු වෙනවා ඇති කියලා මම හිතනවා.

උමාලි සම්මාන ලැබුවට පස්සේ සම්මාන උළෙලේදී ගායනා කරන ගීත කොටස ගැන බොහෝ අය බොහෝ දේ කියන්න ගත්තා. ඇත්තටම ඒ ගීත කොටස් ගැයුවේ කා වෙනුවෙන්ද?

අපි නිර්මාණයක් තෝර ගන්නේ ඒක හැඟෙන දැනෙන නිසා. ඒ ඇතුළේ අපි ජීවත් වෙනවා. මට කාවැදිච්ච ගීත කොටසක් තමයි මම රයිගම් ටෙලි සම්මාන උළෙලේදී ගායනා කළේ. බොහිමියානුවා නිර්මාණයේ කණ්ඩායම වෙනුවෙන් මම එදා ඒ ගීතය ගායනා කළා. මම ඒ නිර්මාණයට දායක වෙලා උළෙලට සහභාගි වුණා. මට දැනෙන දේ මම කිව්වේ. ඒක එක එක අය එක එක විදියට ගන්න පුළුවන්. මට අදාළ නැහැ. ඒ වගේමයි මට ව්ඪදධ තඪමඥ චිත්‍රපටයත් හරි විශේෂයි. ඒ චිත්‍රපටයෙදි “ඔබේ ආදරේ සොයා යන්න” කියන ගීතය මම සංඛ දිනෙත් එක්ක ගායනා කළා. ඒ නිර්මාණයේ හැමෝම වෙනුවෙන් ඒ නිර්මාණය ඉස්මතු කරන්න තමයි මම දෙරණ සිනමා සම්මාන උළෙලේදී ඒ ගීතය ගැයුවේ. මට ගායන හැකියාවක් තිබෙනවා. මට හැඟිච්ච නිසා එය ඉදිරිපත් කළා. අනෙක් අය ඒක මොන විදියට හිතුවත් ‍ෙදාස් කියන්න බෑ.

උමාලි පහුගිය කාලේ ලංකාවේ හිටියේ නැත්තේ?

මම දැන් තාත්තාගේ වැඩවලට උදවු වෙනවා. ඉතිං ඒ වැඩවලදි නේපාලය, ජපානය, ඉන්දුනීසියාව, මැලේසියාව වගේ රටවල් කිහිපයක සංචාරය කරන්න වුණා. ඒකයි එක දිගට ලංකාවේ රැඳෙන්න කාලය නැති වුණේ.

ඔය වැඩ කටයුතුත් එක්ක රංගනයට වෙන් කරන්න උමාලිට කාලය තියෙනවද?

ඔව්. ඒ වැඩ කටයුතු එක්ක කතාබහ කරලා රංගන කටයුතුවලට වෙන් කරන්නත් කාලය තියෙනවා.

අලුත් නිර්මාණවලට ආරාධනා ලැබුණද?

ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් ඒවා තවම සාකච්ඡා මට්ටමෙන් තියෙන්නේ.

උමාලිගේ ගායන හැකියාවෙන් අලුත් නිර්මාණයක් කළේ නැද්ද?

මෙදා සැරේ ලංකාවට ආවට පස්සේ නවරත්න ගමගේ සර් සංගීතවත් කළ කුමාර ලියනගේ මහත්මයා ලිව්ව ගීත දෙකක් මම ගායනා කරලා පටිගත කළා. මම ඒ ගීත කළේ මගේ තාත්තගේ ආසාවට. මගේ සින්දු අහන්න ගෙදර අය ආසයි. නිර්මාණ කටයුත්තක් ළඟදී කළේ නැති නිසා තමයි මේ ගීත දෙක පටිගත කළේ. හෙමින් සැරේ ගීතවල රූපරචනා කරනවා.

පෞද්ගලික ජීවිතේ අලුත් වෙනස්කම්, සැලසුම් තියෙනවද?

සැලසුම් කරපු දේවල් නම් නෑ. ධර්මානුකූලව ජීවිතය ගත කරනවා. ධර්මයෙන් මට ලැබුණ පිටිවහල අසීමිතයි. පුළුවන් තරම් හිත සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.

පහුගිය කාලේ උමාලිගේ පෞද්ගලික ජීවිතයට විවිධ විවේචන එල්ල වුණා. ඒ විවේචන ගැන උමාලිට මොකද හිතුණේ?

විවේචනය කියන දේ සමාජයේ පොදු දෙයක්. විවේචන අපි හැමෝටම එල්ල වෙනවා. කලා ශිල්පීන් කියන්නේ මිනිස්සු අතරට වැඩිපුර ගිය පිරිසක්. ඒ අය ගැන විවේචන වැඩියි. ඒ විවේචන එල්ල කරද්දි වටින් ගොඩින් එල්ල කරනවට වඩා කෙළින්ම කියන්න ඕන කෙනාට කියන්න ඕන. එක එක අය එක එක විදියයි. ඒ අය කියන දේවල් මට අදාළ නැහැ. මම ඒ දේවල් පස්සේ යන්නෙත් නෑ. ඒවා බල බල දේවල් හැඩ ගස්ස ගන්න ගියෙත් නෑ. මගේ ඉස්සරහට ඇවිත් කවුරු හරි මාව විවේචනය කළොත් මම ඒවට ප්‍රතිචාර දක්වනවා. නැත්නම් මට ඒ විවේචන අදාළ වෙන්නේ නෑ.

ඒ විවේචනවලින් උමාලිට හානියක් නැද්ද?

නෑ. මගේ හිත ශක්තිමත් වෙනවා. අටලෝ දහම කාටත් පොදුයි. මේ කිසිම දේකින් සිත නොසැලී තියාගන්න ප්‍රගුණ කළ යුතුයි. ඒක මට උපරිම පුහුණු කරන්න ඒ වාතාවරණය රුකුලක් දෙනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

Source Link : Bro – බ්‍රෝ

ජාත්‍යන්තරයට අභියෝග කරමින් පේටන් බලපත්‍රය පවා හිමිකරගත් ලංකාවේ නිපදවන UJICO ඉදලේ විශේෂත්වය මොකක්ද?

අප සියලු දෙනා එදිනෙදා තම ගෙවත්ත පිරිසිදු කරගැනීම සඳහා භාවිතා කරන ඉදලේහි කල් පැවැත්ම සහ එහි භාවිතය පිලිබඳ අප හට ඇත්තේ එතරම් හොඳ ආකල්පයක් නොවේ. ඊට හේතුව ලෙස අප සඳහන් කරන්නේ මෙම ඉදල ඉක්මනින් කැඩී යාම, ගෙවීයාම හා විනාශ වීමයි.

මෙවැනි ප්‍රශ්න වලට විසඳුමක් ලෙස UJICO සන්නාම නාම යටතේ නවතම ඉදල් ත්‍රිත්වයක් දේශීයව නිපදවා වෙළඳ පොලොට හඳුන්වා දී ඇත. පහත රූපමය සටහන් මගින්, ඔබට මනාව අවබෝධ කරගත හැකිය.

UJICO දේශීය ආයතනය පෙන්වා දෙන්නේ ස්වකිය නිෂ්පාදන නිර්මාණය කර ඇති ශාස්ත්‍රිය වූ සුවිශේෂී වූ හැඩය සහ අන්තර්ගතය මනා ප්‍රතිලාභ ලැබීමට සමත් වූ බවයි. තවද මෙම ඉදල් ත්‍රිත්වයට ජාත්‍යන්තර පේටන් බලපත්‍රය පවා හිමිව ඇත්තේ එහි තිබෙන නව නිර්මාණාත්මක බව හා ලාංකීය අපගේ දේශීය නිෂ්පාදනයට ඉහල වටිනාකමක් ලබා දෙමිනි.

තවද UJICO ආයතනය සඳහන් කරන්නේ විවධ පාරිසරික සහ කාලගුනයන් යටතේ සිදුකල පර්යේෂණයන් මගින් දිගුකල් පැවැත්ම සහ ශක්තිමත්භාවය සනාත කල බවයි. එම නිසා මෙතෙක් ඔබ විසින් ගෙවත්ත පිරිසුදු කිරීම සඳහා නොදැනුවත්ව යෙදු අධික පිරිවැය 76% කින් අඩු කර ගැනීමට UJICO ඉදල් භාවිතයෙන් හැකිවනු ඇත.

1) පොල් ඉරට ඉදල
UJICO පොල් ඉරට ඉදල සාම්ප්‍රදායික ඉදලට වඩා බෙහෙවින් වෙනස්ය. ශක්තිමත් ඉරට කොටස අතුරා ඇති ආකාරය හේතුවෙන් සැහැල්ලු බව, දිගුකල් පැවැත්ම, අතුගෑමේදී ඉදල හසුරුවා ගැනීම පහසුව ආදී කරුණු නිසා උපරිම කාර්යක්ෂම තාවයක් ලබාගැනීමට හැකිවී තිබේ.

2) ප්ලාස්ටික් ඉදල
ලොවට නවතම හඳුන්වා දීමකි. ඉතා ශක්තිමත් ප්ලාස්ටික් කුරු නිපදවා සුවිශේෂී රටාවකට අතුරා තිබීම හේතුවෙන් එහි සැහැල්ලු භාවයත්, වසරකට වැඩි කාලයක් භාවිතා කිරීමටත් හැකිවී තිබේ. තවද එහි භාවිතා කරන ප්ලාස්ටික් අමුද්‍රව්‍ය වලින් 30% ක් ප්‍රතිශක්තිකරණය කල අමුද්‍රව්‍ය වේ. ඔවුන්ගේ මුලික අරමුණ වනුයේ මෙම පියවර අනුගමනය කර පාරිසරිකව මිත්‍රශීලි කරවීමයි.

3) steel ඉදල
මෙම ඉදලද නවතම හඳුන්වාදීමකි. ඕනෑම රළු හෝ සුමුදු මතුපිටක සීරීම් නොමැතිව එහි බැඳී ඇති දිය සෙවල් ආදී ඝන අපද්‍රව්‍ය ඉතා පහසුවෙන් ඉවත් කරගැනීමට මෙය වඩාත් සුදුසුම උපකරණයකි.

රු.399.00 ක් වැනි සාදාරණ මුල්‍යමය පරාසයක් යටතේ පාරිභෝගිකයන් අතර මෙය පත් කරලීම ඔවුන්ගේ අපේක්ෂාවයි. ඉතා ඉක්මනින් මෙම UJICO යනුවෙන් හැඳින්වෙන ඉදල් ශ්‍රී ලංකාවේ බොහොමයක් ගෘහස්ථයන් සොයන නිෂ්පාදනයක් බවට පත් වන ඔවුන් විශ්වාසය කරයි.

මෙම ඉදලක් අවශ්‍ය නම් ඔවුන්ගේ  UJICO (https://www.facebook.com/UJICOtec/) ෆේස්බුක් පිටුවට පණිවුඩයක් යවා, නැතහොත් ඔවුන් සමග වැඩිදුර වියපර කිරීමේ අරමුණින් පසුවන්නේ නම් ඔවුන්ගේ https://ujicotec.com/ වෙබ් අඩවියට පිවිස 011 2 605409 අංකය හරහා ඔබට ඔවුන්ව සම්බන්ධ කර ගැනීමට හැක.

Source Link : Bro – බ්‍රෝ

ජාත්‍යන්තරයට අභියෝග කරමින් පේටන් බලපත්‍රය පවා හිමිකරගත් ලංකාවේ නිපදවන UJICO ඉදලේ විශේෂත්වය මොකක්ද?

අප සියලු දෙනා එදිනෙදා තම ගෙවත්ත පිරිසිදු කරගැනීම සඳහා භාවිතා කරන ඉදලේහි කල් පැවැත්ම සහ එහි භාවිතය පිලිබඳ අප හට ඇත්තේ එතරම් හොඳ ආකල්පයක් නොවේ. ඊට හේතුව ලෙස අප සඳහන් කරන්නේ මෙම ඉදල ඉක්මනින් කැඩී යාම, ගෙවීයාම හා විනාශ වීමයි.

මෙවැනි ප්‍රශ්න වලට විසඳුමක් ලෙස UJICO සන්නාම නාම යටතේ නවතම ඉදල් ත්‍රිත්වයක් දේශීයව නිපදවා වෙළඳ පොලොට හඳුන්වා දී ඇත. පහත රූපමය සටහන් මගින්, ඔබට මනාව අවබෝධ කරගත හැකිය.

UJICO දේශීය ආයතනය පෙන්වා දෙන්නේ ස්වකිය නිෂ්පාදන නිර්මාණය කර ඇති ශාස්ත්‍රිය වූ සුවිශේෂී වූ හැඩය සහ අන්තර්ගතය මනා ප්‍රතිලාභ ලැබීමට සමත් වූ බවයි. තවද මෙම ඉදල් ත්‍රිත්වයට ජාත්‍යන්තර පේටන් බලපත්‍රය පවා හිමිව ඇත්තේ එහි තිබෙන නව නිර්මාණාත්මක බව හා ලාංකීය අපගේ දේශීය නිෂ්පාදනයට ඉහල වටිනාකමක් ලබා දෙමිනි.

තවද UJICO ආයතනය සඳහන් කරන්නේ විවධ පාරිසරික සහ කාලගුනයන් යටතේ සිදුකල පර්යේෂණයන් මගින් දිගුකල් පැවැත්ම සහ ශක්තිමත්භාවය සනාත කල බවයි. එම නිසා මෙතෙක් ඔබ විසින් ගෙවත්ත පිරිසුදු කිරීම සඳහා නොදැනුවත්ව යෙදු අධික පිරිවැය 76% කින් අඩු කර ගැනීමට UJICO ඉදල් භාවිතයෙන් හැකිවනු ඇත.

1) පොල් ඉරට ඉදල
UJICO පොල් ඉරට ඉදල සාම්ප්‍රදායික ඉදලට වඩා බෙහෙවින් වෙනස්ය. ශක්තිමත් ඉරට කොටස අතුරා ඇති ආකාරය හේතුවෙන් සැහැල්ලු බව, දිගුකල් පැවැත්ම, අතුගෑමේදී ඉදල හසුරුවා ගැනීම පහසුව ආදී කරුණු නිසා උපරිම කාර්යක්ෂම තාවයක් ලබාගැනීමට හැකිවී තිබේ.

2) ප්ලාස්ටික් ඉදල
ලොවට නවතම හඳුන්වා දීමකි. ඉතා ශක්තිමත් ප්ලාස්ටික් කුරු නිපදවා සුවිශේෂී රටාවකට අතුරා තිබීම හේතුවෙන් එහි සැහැල්ලු භාවයත්, වසරකට වැඩි කාලයක් භාවිතා කිරීමටත් හැකිවී තිබේ. තවද එහි භාවිතා කරන ප්ලාස්ටික් අමුද්‍රව්‍ය වලින් 30% ක් ප්‍රතිශක්තිකරණය කල අමුද්‍රව්‍ය වේ. ඔවුන්ගේ මුලික අරමුණ වනුයේ මෙම පියවර අනුගමනය කර පාරිසරිකව මිත්‍රශීලි කරවීමයි.

3) steel ඉදල
මෙම ඉදලද නවතම හඳුන්වාදීමකි. ඕනෑම රළු හෝ සුමුදු මතුපිටක සීරීම් නොමැතිව එහි බැඳී ඇති දිය සෙවල් ආදී ඝන අපද්‍රව්‍ය ඉතා පහසුවෙන් ඉවත් කරගැනීමට මෙය වඩාත් සුදුසුම උපකරණයකි.

රු.399.00 ක් වැනි සාදාරණ මුල්‍යමය පරාසයක් යටතේ පාරිභෝගිකයන් අතර මෙය පත් කරලීම ඔවුන්ගේ අපේක්ෂාවයි. ඉතා ඉක්මනින් මෙම UJICO යනුවෙන් හැඳින්වෙන ඉදල් ශ්‍රී ලංකාවේ බොහොමයක් ගෘහස්ථයන් සොයන නිෂ්පාදනයක් බවට පත් වන ඔවුන් විශ්වාසය කරයි.

මෙම ඉදලක් අවශ්‍ය නම් ඔවුන්ගේ  UJICO (https://www.facebook.com/UJICOtec/) ෆේස්බුක් පිටුවට පණිවුඩයක් යවා, නැතහොත් ඔවුන් සමග වැඩිදුර වියපර කිරීමේ අරමුණින් පසුවන්නේ නම් ඔවුන්ගේ https://ujicotec.com/ වෙබ් අඩවියට පිවිස 011 2 605409 අංකය හරහා ඔබට ඔවුන්ව සම්බන්ධ කර ගැනීමට හැක.

 

Source Link : Bro – බ්‍රෝ

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන් අන් අතර ප්‍රථම ඓතිහාසික හමුවීම – Live

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අතර ඓතිහාසික සාකච්ඡාව ආරම්භ වී තිබෙනවා. ඇමරිකානු ජනාධිපතිවරයෙකු තනතුර හොඹවමින් සිටියදී උතුරු කොරියානු නායකයෙකු හමුවන ප්‍රථම අවස්ථාව ද මෙය වනවා.

ඔවුන් අතර පැවැත්වෙන සාකච්ඡාවල මූලික අරමුණ වනුයේ කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවියෙන් තොර කලාපයක් බවට පත් කිරීම මෙන්ම උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් අතර සාම ගිවිසුමකට එළඹීමයි.

ඔවුන් මෙලෙස සමුළුවකට එක්ව සිටින්නේ උතුරු කොරියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර දැඩි උණසුම්කාරී වාතාවරණයක් පැන නැගීමෙන් අනතුරුවයි.

උතුරු කොරියාව ඇමරිකාවට එල්ල කළ හැකි මිසයිල අත්හදා බලද්දී, ජනපති ට්‍රම්ප් ඔවුන්ට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිත කරන බවට ද තර්ජනය කළා.

කෙසේ නමුත්, උතුරු කොරියානු සමුළුවෙන් සාමය උදෙසා ඒකායන පියවරක් තැබිය හැකි බව ජනපති ට්‍රම්ප් දැන් කියා සිටිනවා.

ඔවුන් අතර සමුළුවේදී ජනපති ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන්, ඔවුන්ගේ භාෂා පරිවර්තකයන් පමණක් එක් කර ගනිමින් විනාඩි 45ක පෞද්ගලික සාකච්ඡාවක ද නිරතවීමට නියමිතයි.

සමුළුව සඳහා සිංගප්පූරුව මෙතෙක් නොවූ විරූ ආරක්ෂක විධි විධාන යොදා ඇති බවයි එරට විදෙස් කටයුතු අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් කියා සිටියා.

ජනපති ට්‍රම්ප් සමුළුව නිමවා ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 5.30ට නැවතත් ඇමරිකාව බලා නික්මීමට නියමිතව තිබෙනවා.
පහතින් සජීවිව නරඹන්න

Source Link : Bro – බ්‍රෝ

ගත්ත කෝල් 2ම busy ..තුන් වෙනියාට එක SMS එකකින් මිලියන 2ක් ලැබුණ හැටි.. ! (video)

ඊයේ සිරස උපන්දින සාදයේදී හොඳම ප්‍රේක්ෂකයාට මිලියන 20ක් දෙන්න නියමිත වී තිබුනි. දිනපතා ටෙලිනාට්‍ය ඇසුරින් අහන ප්‍රශ්න වලට නිවරදි පිලිතුර SMS එවූ ප්‍රේක්ෂකයින් අතරින් අහඹු ලෙස ජයග්‍රාහකයා තෝරා පත්කරගත්තේ මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිළධාරී නීතීඥ සුසාර දිනාල් මහතායි.

ඔහු තෝරාගත් පළමු අංකය හිමි වාසනාවන්තයාට සජීවීව ඇමතුමක් ලබාගත්තත් එම අංකය කාර්යබහුල වුනි. ඒ අනුව දෙවැනි අංකය තෝරාගත් අතර ඒ වාසනාවන්ත අංකත් කාර්යබහුල වීම නිසා අවස්ථාව මගහැරුනු අතර පසුව තුන්වන අවස්තාවේ ලබාගත් ඇමතුමෙන් මිලියන 2ක සුපිරි ත්‍යාගය දිනාගන්නට කොළොන්නාව ප්‍රදේශයේ ප්‍රැක්ටීසියා මහත්මියට වාසනාව ලැබුණා.

ඊයේ දිනයේ සුපිරි ත්‍යාගය වෙනුවෙන් දහස් ගණනක් SMS ලැබී තිබූ බවත් ප්‍රේක්ෂක ජනතාවට තමන් සමග රැදීසිටීම වෙනුවෙන් ලබාදිය හැකි හොඳම කෘතගුණ දැක්වීම මෙය බවයි සුසාර දිනාල් මහතා පවසා සිටියේය.

Source Link : Bro – බ්‍රෝ