චන්දිමාල්ගේ උපන්දින සාදයේ දාපු Dance මොනවද? බලන්න මේ ටික.

ඔයාලට මතක ඇති පසුගිය කාලේ චන්දිමාල් ගේ උපන්දින සාදයේදී Dance කරන වීඩියෝ කිහිපයක් අන්තර්ජාලයේ හෝමාරු වුනා. ඒ වගේම බොහෝ දෙනා එම අවස්ථාව ගැන එක එක අදහස් දැක්වුවා. චන්දිමාල් ගේ උපන්දින සාදයට සහභාගී වූ කිහිපදෙනෙක් ඇතුළුව ලංකාවේ මේ දිනවල සමාජ ජාලා වෙබ්අඩවි වල ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියන් කිහිපදෙනෙක් සරාගී නර්තනයක යෙදෙන අවස්ථාවක් දැක්වෙන වීඩියෝ කිහිපයක් මේ වන විට අන්තර්ජාල සීග්‍රයෙන් හෝමාරු වෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න,

The post චන්දිමාල්ගේ උපන්දින සාදයේ දාපු Dance මොනවද? බලන්න මේ ටික. appeared first on Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk - Raja Gossip.

Source Link : Gossip – Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

පොඩි පොඩි බිස්නස් පටන් ගන්න අලුතෙන්ම එන ෆ්‍රිජ් එකක් තියෙන Demak ත්‍රීවීල් එක

ලොරියක් අරගෙන පොඩි බිස්නස් එකක් පටන් ගන්න සිහින මවන බොහෝ දෙනෙක්ට ඒක සිහිනයක් විතරක්ම වෙන්නෙ අතේ තියෙන ගානට පොඩි බට්ටා ලොරියක් වත් ගන්න බැරි නිසා. දැන් ලංකාවේ වාහන මිල අහස උසට ගිහින්. අමාරුවෙන් පොඩි ලොරියක් ගත්තත් පාරට දාන්න කලින් තව වැඩ ගොඩක් තියෙනවා.

තට්ටුව විතරක් අරගෙන තව ලක්ෂ 2-3ක් වියදම් කරලා බොඩිය ගැහුවට මස්, මාළු , කිරි, යෝගට්, එළවළු වගේ ශීත කල අහාර බිස්නස් එකක් එහෙම කරන්න හිතාගෙන ඉන්න අයට ෆ්‍රිජ් එකක් හයි කරන්න තවත් ලක්ෂ කිහිපයක් ඕන වෙනවා. අන්තිමේදී පොඩියට පටන් ගන්න හිතපු බිස්නස් එකට මුලදීම කණකොකා හඬලන්නේ පටන් ගන්න කලින්ම රට වටේට ණය වෙලා.

මෙන්න මේ ප්‍රශ්නෙට Demak ලංකා සමාගම අපූරු විසඳුමක් ලබා දී තිබෙනවා. ශීතාගාර සහිත, එහෙමත් නැත්නම් ෆ්‍රිජ් එකක් තිබෙන ත්‍රිරෝද රථයක් ලංකාවට ප්‍රථම වතාවට හඳුන්වා දෙන Demak ලංකා සමාගම සම්පූර්ණ රථයම ලක්ෂ 10ටත් අඩුවෙන් මාර්කට් එකට හඳුන්වාදී තිබෙනවා.

කෙටියෙන්ම කිව්වොත් Demak Eco3 ත්‍රිරෝද රථය මිලදී ගෙන පළමු දවසෙම අපි අර කතා කරපු පොඩි පොඩි බිස්නස් හිතේ බරක් නැතිවම පටන් ගන්න පුළුවන්. මේ රථයේ විශේෂත්වය වන්නේ ශීතකරණයට අවශ්‍ය විදුලිබලය එම ත්‍රිරෝද රථයේ වහලය මත තිබෙන සූරියකෝෂ මගින් නිපදවීමයි.

Demak Eco3 ත්‍රිරෝද රථය ලංකාවට හඳුනවා දීම නිල වශයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධනය හා ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතාගේ මුලිකත්වයෙන් පසුගිය දිනක එම අමාත්‍යාංශයෙදී පැවතුනා. මේ සඳහා Demak ශ්‍රී ලංකා සමාගමේ නව කළමනාකාරීත්වයද සහභාගිවීම විශේෂත්වයක්.

මාධ්‍ය වෙත අදහස් දැක්වූ Demak ලංකා සමාගමේ සභාපති Gao Rong මහතා පැවසුවේ මේ වසරේ Demak ලංකා සමාගම දේශීය මෝටර් සයිකල් වෙළඳපොලේ පෙරළියක් ඇති කරමින් 50CC ස්කූටරයක් අඩුමිලට හඳුන්වාදීමට බලපොරොත්තු වන අතර ජපන් සහ ඉන්දියානු මෝටර් සයිකල් ගෙන්වා බෙදාහැරීමේ කටයුත්තටද මුලපුරන බවයි.

Demak සමාගමේ රට පුරා විසිරී ඇති තම සේවා ජාලය හරහා දැනට වෙළඳපොළේ තිබෙන සියළුම මාදිලියේ මෝටර් සයිකල් සඳහා අමතරකොටස් බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවද Demak සමාගම ලංකාවේ සංචාරක කර්මාන්තයට උරදෙමින් නවතම හෝටල් සමූහයක් ආරම්භ කිරීමට නියමිත බවද ප්‍රකාශ කර සිටියා.

The post පොඩි පොඩි බිස්නස් පටන් ගන්න අලුතෙන්ම එන ෆ්‍රිජ් එකක් තියෙන Demak ත්‍රීවීල් එක appeared first on Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk - Raja Gossip.

Source Link : Gossip – Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

ලංකාවේ ලා බාලතම පුද්ගලික පුහුණුකාරිනිය මිශිකා උත්පලා

මිශිකා කියන්නේ පාසැල් අවදියේ ටිකක් තරබාරු චරිතයක්. නමුත් මිශිකා තම උත්සාහයෙන්ම මෙයට විසදුමක් සොයාගනු ලැබුවා. දැන් ඇය ඉතාමත් ලස්සන රූ සපුවකට උරුමකම් කියනවා. ඇය මේ වනවිට ලංකාවේ සිටින ලා බාලතම පුද්ගලික පුහුණුකාරිනියද වෙනවා.

A post shared by BADASS BITCH💕 (@mishika_uthpala) on

A post shared by BADASS BITCH💕 (@mishika_uthpala) on

A post shared by BADASS BITCH💕 (@mishika_uthpala) on

A post shared by BADASS BITCH💕 (@mishika_uthpala) on

The post ලංකාවේ ලා බාලතම පුද්ගලික පුහුණුකාරිනිය මිශිකා උත්පලා appeared first on Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk - Raja Gossip.

Source Link : Gossip – Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

කුවේට් යුවල කටුනායක ගුවන්තොටුපලේදී රේගුවේ නිලධාරින්ට පහර දුන් වීඩියෝව

පසුගිය දිනක කටුනායක ගුවන්තොටුපලේදී රේගු නිලධාරීන් පස් දෙනෙකුට පහරදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් කුවේටයේ සිට පැමිණි කුවේට් ජාතික යුවලක් හා එම සිද්ධියට මුලික වූ සුනඛයා පොලිස් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරා. පසුව මේ යුවල ඇප මත මුදාහරුනා.

එම අවස්ථාවේ වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. එම වීඩියෝව පහතින් නරඹන්න,

The post කුවේට් යුවල කටුනායක ගුවන්තොටුපලේදී රේගුවේ නිලධාරින්ට පහර දුන් වීඩියෝව appeared first on Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk - Raja Gossip.

Source Link : Gossip – Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

බොහෝ දෙනාගේ මතකයේ රැඳුනු කොල්ලුපිටියේ ග්‍රීන් කැබින් 31 වෙනිදා අවසන් ගමනේ

“මචං කොල්ලුපිටිය ග්‍රීන් කැබින් (Green Cabin) එක ලඟට එන්න”. ඔන්න ඔහොම කියපු අවස්ථා ඔබටත් ඇති. කොළඹ ඉන්න අය යාලුවෝ එක්ක ෂෝර්ට් ඉට්ස් එකක් කන්න, අයිස් කොෆි එකක් බොන්න සෙට් වුනු තැන තමයි මෙන්න මේ Green Cabin එක. පොඩි පොඩි meeting වලට, බිස්නස් වැඩක් කතා කරගන්න වගේම හොඳ දහවල් කෑම වේලක් ගන්න තිබුණු හොඳම තැනක් තමයි Green Cabin එක.

කොළඹ සිටින අපේ සුන්දර මතකයන් බොහොමයක් මේ කොල්ලුපිටියේ Green Cabin එකත් එක්ක බැඳිලා තිබෙනවා. මේ මතකයන් සියල්ලම, මතකයක් ලෙස පමණක් ඉතුරු කර ජුලී 31 වෙනිදා සිට Green Cabin එක වසා දැමීමට එහි කළමනාකාරිත්වය තීරණය කර තිබෙනවා.

කොල්ලුපිටියේ පිහිටි Green Cabin පරිශ්‍රය මේ වන විටත් විකුණා ඇතිබවටයි වාර්තා වන්නේ. 1936 දී මිසිස් ද වොස් විසින් ආරම්භ කරන ලද Green Cabin අවන්හල 1942 සිරිල් රොද්‍රිගු නමැති ව්‍යාපාරිකයෙකු හට විකුණා දමනවා. පරම්පරා ගණනක් මෙසේ පැවත ආ Green Cabin අවන්හල මෙසේ 31 වෙනිදා අවසන් ගමන් යන්නේ මෙය වටා ගෙතුණු මතකයන් පමණක් ඉතුරු කරමින්.

The post බොහෝ දෙනාගේ මතකයේ රැඳුනු කොල්ලුපිටියේ ග්‍රීන් කැබින් 31 වෙනිදා අවසන් ගමනේ appeared first on Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk - Raja Gossip.

Source Link : Gossip – Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

රැල්ලට අහුවෙලා ගන්න ස්කූටර් වලට වඩා මේ ස්කූටරේ වෙනස බලන්න

අපි ස්කූටර් එකක් ගන්නෙ එහි තිබෙන පහසුව නිසාම. හැබැයි බොහෝ දෙනෙක් ස්කූටර් ගන්නේ රැල්ලට අහුවෙලා. අපි එහෙම කියන්න හේතුව තමයි කාලෙන් කාලෙට එන එක එක ස්කූටර් වර්ග එක රැල්ලට අපිට පාරේ දැකගන්න පුළුවන් වීම.ඊට පස්සේ ටික දවසකින් එන්නේ තවත් වර්ගයක්.

නමුත් ඔයාලා දැකලා ඇති Classic පෙනුමක් තියෙන අවුරුදු 40-50ක් පරණ ස්කූටර් තවම පාරේ ධාවනය කරනවා. නිකමට වගේ ස්කූටරේ ඉදිරිපස තිබෙන නම බලන්නකෝ. Vespa හෝ Piaggio කියලා තිබෙනවා දැකගන්න ලැබේවි.

අපි හිතුවා වසර 70කට වඩා ඉතිහාසයක් තිබෙන Vespa ස්කූටර් එක ගැන Vespa ස්කූටර් හිමිකරුවන්ගෙන්ම විමසන්න. එම වීඩියෝව පහතින් නරඹන්න,

දැන් ඔබට වැටෙහෙනවා ඇති Vespa ස්කූටර් සහ වෙනත් ස්කූටර් අතර තිබෙන වෙනස. Colonial Motors ගෙනෙන Vespa ස්කූටරයක් මිලදී ගත් ඔබට ලැබෙන සේවාව පිළිබඳ දැක්වෙන වීඩියෝවක් පහතින් නරඹන්න,

076 36 99 555 අමතා Vespa ස්කූටරයක Test Ride එකක් ලබාගෙන අපි මේ ඔබට කියන වෙනස අත්විඳින්න.

The post රැල්ලට අහුවෙලා ගන්න ස්කූටර් වලට වඩා මේ ස්කූටරේ වෙනස බලන්න appeared first on Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk - Raja Gossip.

Source Link : Gossip – Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

කුමාර ලියනගේ රොහාන් පල්ලෙවත්ත මහතාට සිංහලෙන්ම කියලා දෙයි

ප්‍රවීන සාහිත්‍ය හා කලා විචාරක කුමාර ලියනගේ මහතා එතුමාගේ මුහුණු පොතේ හරි අපූරු සටහනක් තබා තිබුනා. ටිකක් ආවේග ශීලි රටාවකින් සටහන් කරතිබූනේ 2020 ජනාධිපති සිහිනය දකින රොහාන් පල්ලෙවත්ත මහතාට තැබූ පණිවිඩයක්. එම සටහන පහතින් කියවන්න.

උපුටා ගැනීම —

රොහාන් පල්ලෙවත්ත මහත්මයා,

මේ විදියට, මෝඩ දේශපාලනයට ඇවිල්ලා, අන්තිමට ‘රොහාන් පල්ලෙවත්ත’ මහත්මයාට වෙන්නෙ, ‘රොහාන් වත්තපල්ලෙ’ වෙන්න.

වටේ ඉන්න අවස්ථාවාදින්ට රැවටෙන්නෙ නැතුව, මෙතෙක් කලක් කර ගෙන ආපු, ව්‍යාපාරික ක්ෂේත්‍රයෙන් ලංකාව දිනවන්න.

ඒක හොඳට ම ඇති.

දේශපාලනයට ඇවිත් වරද්ද ගත්තා ම කවුරුත් නෑ. අතේ තියෙන සල්ලි මිටි ටිකක්, වෙන අය ගේ බෑන්ක් එකවුන්ට්වල තියෙයි. එච්චරයි වෙන්නෙ.

FB එකෙත් මම දැක්කා, ‘අනේ අපිටත් ඔබතුමන් ව හමුවෙන්න ආසයි‘, කියලා තියෙනවා. අහක යන නයි රෙද්ද පල්ලෙ දා ගන්න එපා.

පෞද්ගලික ව දන්න නිසයි, වේලාසණින් කියන්නෙ.

අර පිරිත්පොත්කාරයා වගේ හොර තක්කඩියන්ට රැවටිලා ඉන්න ඔබතුමන්ට පොදු සමාජය තේරෙන්නෙ නෑ.

ඔබතුමන්ටත් වඩා වැඩකාරයන් වුණ උපාලි විජේවර්ධනලාට, ලලිත් කොතලාවලලාට, වැරදුණා.

මෑත කාලයේ හොඳම උදාහරණය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා.

ලෝකයේ තිබුණු දරුණු ම ත්‍රස්තවාදී සංවිධානය, තමන් ගේ රට තුළදීම, තමන් ගේ හමුදා බලයෙන් පරාජය කරන්න, දේශපාලන නායකත්වයක් එක්ක, හමුදා නායකත්වයක් දීලා, ඊට පස්සෙ කුමන්ත්‍රණකාරයන් ගෙන් ගොනාට ඇන්දිලා අද කැලණියේ මර්වින් සිල්වා ගාණට වැටිලා ඉන්න හැටි බලන්න.

ජෙනරාල් සරත් ෆොන්සේකාට මොළයක් තිබුණා නං, අද එතුමා ඉන්න ඕන, අඩු ගාණේ ආසියානු මට්ටමේ ආරක්ෂක උපදේශක තනතුරක. විනාඩියට ඩොලර් ගණන් උපයන්න තිබුණා.

නමුත්, එතුමාට අද යන එන අතක් නැති කරලා තියෙන්නෙ.

කොටි සංවිධානය පරාජය කරන්න හමුදා නායකත්වය දීපු ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාටත් මෙහෙම වෙනවා නං, නො දන්නා දේශපාලනයක් කරන්න හදන ඔබතුමන්ට මොකක් වෙයි ද?

ඒක තමයි ඔබතුමාටත් අන්තිමට වෙන්නෙ, මේ විදියට ගියොත්.

වටේ ඉන්න ගොබ්බ උපදේශකයන්ටයි, අවස්ථාවාදීන්ටයි, තක්කඩි ඇඩ්වර්ටයිසින්කාරයන්ටයි, රැවටිලා කරන්න බැරි වැඩ, රටට කියන්න එපා.

UN අමතලා, Time සඟරාවේ කවරේ ඉඳලා ගේම ගහන්න ප්ලෑන් කළාට, ලංකාව කියන්නෙ වෙන රටක්.

‘ලංකාවට ඕන මහපොළොවේ අවංක ව මුල් ඇදපු, ලෝකෙ වටේ ඇවිදින්න පුළුවන් රාජ්‍ය තාන්ත්‍රික නායකයෙක්.’

නේරු කෙනෙක්. ලී ක්වාන් යූ කෙනෙක්.

ලංකාවෙ මෑත කාලීන උදාහරණය ලක්ෂ්මන් කදිරගාමර්.

irreparable loss. දැන් අපට වෙලා තියෙන්නෙ, ලක්ෂ්මන් කදිරගාමර් මහත්මයාට ආසන්න චරිතයක් හදා ගන්න.

ඔබතුමන් ගේ විශේ්ෂඥභාවය තියෙන්නෙ අන්තර්ජාතික ව්‍යාපාරික සමාජයේ.

ඒකේ සැරිසරන්න. රටට විදේශ විනිමය උපයලා දෙන්න.

අන්තිමට මේ රට ගැන කලකිරිලා, ඔබතුමා බංග්ලාදේශයට හරි, වියට්නාමෙට හරි, කොම්පැණියත් අරන් යයි, කියන අවදානම වේලාසණින් දකින නිසයි, මේ සටහන තියන්නෙ.

මම, කොන්දේසි විරහිත ව හිට ගන්නෙ රට පැත්තෙ.

මම, දන්න සේරම තාම කිව්වෙ නෑ, ඕං.

– කුමාර ලියනගේ

The post කුමාර ලියනගේ රොහාන් පල්ලෙවත්ත මහතාට සිංහලෙන්ම කියලා දෙයි appeared first on Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk - Raja Gossip.

Source Link : Gossip – Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

සමරනායක ඉංජිනේරු මහත්තයා ලෝකෙටම සිහි ගැන්වූ අපේ මනුස්සකම

කතාවට කියනවා ලෝකයේ අනිත් රටවලට වඩා ලංකාවේ මිනිස්සු හරි වෙනස් කියලා. හැබැයි දැන් දැන් මේ කියමන වැඩිපුර භාවිතා වෙන්නේ වැරදි ක්‍රියා වලට. නමුත් ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ගේ හිතේ තියෙන මනුස්සකම පෙන්වා දුන්න පුවතක් ඊයේ අන්තර්ජාලයේ පළවුනා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ වැඩිදුර අධ්‍යාපනය ලබා ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරුවෙක් වශයෙන් විදුලිබල මණ්ඩලයට තම ලබා දෙන G D K සමරනායක මහතා තම විදුලිබල මණ්ඩලයේ සිසුන් කිහිපදෙනෙක් සමග පසුගිය සිකුරාදා දිනයේදී හරි අපූරු වැඩක් සිදුකලා.

සමරනායක මහතා දිනපතා රාජාංගනය සිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන ගමන අතරතුර උදැසන 7ට විතර මග සිටින පුද්ගලයෙකු ඇහැ ගැටෙනවා. වැරහැලි ඇඳගත් මේ පුද්ගලයාගේ හිසකෙස් එකිනෙකට ඇලී ඇති ආකාරයෙන් මාස කිහිපයකින් ස්නානය නොකරන ලද බව ඔහු එක හෙලා හඳුනා ගන්නවා.

මෙම පුද්ගලයා දෛනිකව පුරුද්දක් වශයෙන් කරන විශේෂ ක්‍රියාවක් සමරනායක මහතාට ඔහුගේ දිනපතා ගමන අතරතුර අධ්‍යනය කරන්න ලැබෙනවා. අද සමාජයේ හොඳ සිහියෙන් සිටින මිනිස්සු තමන්ගේ කුණු පාරේ දමා යන කාලෙක මේ වැරහැලි ඇඳගත්, දුගඳ හමන පුද්ගලයා ඔහුගේ වටපිටාවේ තිබෙන පොලිතින්, කඩදාසි වැනි අපද්‍රව්‍ය සියල්ල එක තැනකට රැස්කොට ගිනිතබන ආකාරය සමරනායක මහතා ගේ සිතේ කොනක විශේෂ අනුකම්පාවක් ඇතිකිරීමට මූලික වෙනවා.

සමරනායක මහතා දිනක් ඔහුගේ බත්පත මෙම පුද්ගලයට ලබා දෙන්නේ ඔහු ගැන වැඩි විස්තරයක් සොයා බැලීමේ අරමුණෙන්. නමුත් වැඩි කතා බහක් නැති මේ පුද්ගලයා සමරනායක මහතාට ස්තුතිය ඇරෙන්න වෙන කිසිම දෙයක් පවසන්නේ නැහැ.

දින කිහිපයක්ම තම බත්පත ලබා දුන්න සමරනායක මහතා අඩේප්පන් නමැති මෙම ද්‍රවිඩ ජාතික පුද්ගලයා සමග හොඳ හිත ගොඩනගා ගන්නවා. මසකට ප්‍රථමයෙන් තම දරුවන් සමග අඩේප්පන් හමුවීමට යන සමරනායක මහතා තීරණය කරන්නේ මොහුව සමාජගත කිරීමට අවශ්‍ය කටයුතු කිරීමටයි.

මේ සදහා මුලින්ම එකතුවන්නේ සමරනායක මහතාගේ විදුලිබල මණ්ඩලයේ සිසුන්. ඔවුන් එකතුවෙලා මේ ක්‍රියාන්විතයට අවශ්‍ය වන මුදල් ටිකක් රැස් කරනවා. මීළඟට සමරනායක මහතා එකතු කරගන්නේ මිත්‍රයෙක් වන කැකිරාව ඉස්පිරිතාලේ වෛද්‍ය අසිත මහතා. වෛද්‍යතුමා සමග කතා බහ කිරීමෙන් පසුව දඹුල්ල පොලිසිය සහා සමාජ සුභසාධකය එකතුව අඩේප්පන් සමාජ ගත කිරීමේ මුලික ක්‍රියාන්විතය සඳහා පිඹුරුපත් සකසනවා.

පසුගිය 20 වෙනි සිකුරාදා උදැසන අඩේප්පන් හමුවීමට ගිය සමරනායක මහතා සහ ඔහුගේ විදුලිබල මණ්ඩලයේ සිසුන් අඩේප්පන් පිරිසිදුකර, එකට ඇලී තිබුණු කොණ්ඩය කපා, හොඳ ඇඳුමක් අන්දවා විශේෂඥ වෛද්‍යවරයෙකු යටතේ රෝහල් ගත කර ප්‍රතිකාර ලබා දෙනවා.

රජ ගොසිප් අපිට වැඩි දුර අදහස් දැක්වූ සමරනායක මහතා කියා සිටයේ අඩේප්පන් ප්‍රතිකාර ලබා අවසන්වූ විගස ඔහුට අදායම් මාර්ගයක් සහ ඉන්න ගෙයක් ලබා දෙන්න කටයුතු කරන බවයි.

මෙවන් උතුම් ක්‍රියාවකට උරදුන් සමරනායක මහතා රජ ගොසිප් අපිට පැවසුවේ මෙන්න මේ පණිවිඩය සමාජගත කරන ලෙසයි. අපි එම පණිවිඩය මෙසේ සටහන් කරමු.

“දැන් මේ වැඩේ දැකලා කට්ටිය සෙට් වෙලා පාරේ ඉන්න මිනිස්සු නාවලා ඇඳුම් අන්දලා නැවතත් පාරටම අත අරි. හැබැයි මතක තිය ගන්න මේ මිනිස්සුන්ගේ ඒ පෙනුම නිසා තමයි කවුරු හරි කෑම එකක්, ජිවත් වෙන්න සල්ලි කියලා රුපියලක් හරි දෙන්නේ. හොඳට ඇඳලා ඉන්න අයට කව්රුත් කිසිම දෙයක් දෙන්නේ නැහැ. ඒක නිසා අපි ඉතාමත් පරිස්සම් වෙන්න ඕනේ. සමහර වෙලාවට හොඳට කරන්න යන වැඩෙන් ඒ පාරේ ඉන්න පුද්ගලයාගේ ජීවිතේට හානියක් වෙන්න පුළුවන්.

අපි අඩේප්පන්ගේ ඉදිරි ජීවිතය ගතකරන්න රස්සාවක්, ගෙයක් වගේ හැම පහසුකමක්ම සලසා දෙනවා. Plan එකක් ඇතිව අපි සත්කාරය කරන්න ඕනේ.”

– G D K සමරනායක –

සමරනායක මහතා ප්‍රමුඛ මෙම කණ්ඩායම සිදුකරන අඩේප්පන් සමාජගත කිරීමේ සත්කාරයට ඔබටත් වචනෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද දායක විය හැකියි. සමරනායක මහතා ගේ දුරකතන අංකය 071-553-0797 ට ඇමතුමක් ලබා දී ඔබේ වටිනා සහය ලබාදෙන්න.

එම අවස්ථාවේ වීඩියෝව සහ ඡායාරූප පහතින් බලන්න,

(All images are © Copyrighted by G D K Samaranyake )

The post සමරනායක ඉංජිනේරු මහත්තයා ලෝකෙටම සිහි ගැන්වූ අපේ මනුස්සකම appeared first on Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk - Raja Gossip.

Source Link : Gossip – Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Sandani Fernando ගාල්ලේ ශුට් එකේදී පිම්බුරෙකුට අහුවුණු හැටි

පසුගිය සති කිහිපයේ ලංකාවේ වගේම ඉන්දියාවත් viral ගිය photoshoot එකක් තමයි සඳනි ප්‍රනාන්දු ගේ photoshoot එක. ඒ ශුට් එක අතරතුර හරි අපුරු සිදුවීම් කිහිපයක්ම සිදුවුනා. දැඩි වර්ෂාපතනය අතරතුර සිදුවුණු මෙම photoshoot එකේදී ගාලු කොටුවේ තැපැල් කාර්යාලයට crew එක ගොඩවුනේ වැස්ස නිසා. මේ අතරතුර එතනට අමුත්තෙක් ආවා. ඒ අමුත්තා එක්ක සඳිනි පොඩි ශුට් එකක් කළා.

එම photoshoot එකේ දී ගත් ඡායාරූප පහතින් බලන්න,

The post Sandani Fernando ගාල්ලේ ශුට් එකේදී පිම්බුරෙකුට අහුවුණු හැටි appeared first on Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk - Raja Gossip.

Source Link : Gossip – Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

ඔයාගේ ස්කූටරේ Service කරන්නේ කොහොමද? Raja Gossip Motor Review

රැල්ලට අහුවෙලා ස්කූටර් ගත්ත බොහෝදෙනාට මුහුණදීමට වෙන ප්‍රශ්නයක්‌ ගැන තමයි අද Raja Gossip Motor Review එකෙන් අපි කතා කරන්න යන්නේ.

මිලදී ගත් ස්කූටරේ එදිනෙදා නඩත්තුවේදී සහ සේවා වාරයකදී කලයුතු සහ නොකළ යුතු දේ ගැන තාක්ෂණික පැහැදිලි කිරීමක් අපි මේ වීඩියෝවේන් ඔබ වෙත ගෙන එනවා.

මේ සඳහා අපි බාවිතාකරන්නේ Colonial Motors ගෙනෙන Vespa Elegante ස්කූටරය.

Vespa ස්කූටරයේ වැඩි විස්තර දැනගැනීමට 076 36 99 555 අමතන්න.

The post ඔයාගේ ස්කූටරේ Service කරන්නේ කොහොමද? Raja Gossip Motor Review appeared first on Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk - Raja Gossip.

Source Link : Gossip – Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip