රෑ වැඩි කරපු ඉන්දන මිල පැය 12 ක් යන්න කලින් ආයෙත් අඩු කරයි. නරලොව හොල්මන් පිස්සු පාලනය

ඉන්ධන මිල යළි පහළ දමන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නියෝග කර තිබෙනවා.

ඊයේ පැවති මිළටම ඉන්ධන අළෙවිකරන ලෙසයි ඔහු ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නියෝග කොට ඇත්තේ.

ඒ අනුව ඉන්ධන ලීටරයක නව මිල (ඊයේ (05) මධ්‍යම රාත්‍රිය තෙක් පැවති මිල) ලෙස සටහන් වන්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු.137, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු.148, ඩීසල් ලීටරයක් රු.109 ක් සහ සුපර් ඩීසල් ලීටරයක්රු.119 ක් ලෙසයි.

Source Link : ආටිකල් 14.news

පනී ආය පනී ආයෙත් පනි නැවත පනී දයාසිරි පොහොට්ටුවට යන්න ගිහින් මෛත්‍රිගෙන් තනතුරක් අරන් ටෝක් එකක්දී නවතී

පසුගිය දා රජයේ තනතුරුවලින් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයෙකු වන දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබෙනවා.

නිදහස් පක්ෂයේ නව නිලධාරි කණ්ඩායම සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී හමුවක් පැවැත්වුණු අතර එහිදී පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු මෙන්ම පක්ෂයේ නව මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස දයාසිරි ජයසේකර සහ අමාත්‍ය මහින්ද සමරසිංහ පත් කිරීම සිදුවූ බවයි නිදහස් පක්ෂයේ උප ලේකම්වරයෙකු වන බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය සඳහන් කළේ.

මෙම හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ද එක්ව සිටි බව ප්‍රධාන අමාත්‍යවරයා තහවුරු කළා.

මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට 16 කණ්ඩායම නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහභාගි නොවීම විශේෂයෙන් කැපී පෙණුනා.

16 දෙනා නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතරින් එම අවස්ථාවට සහභාගී නොවූයේ එස්බී දිසානායක සහ දයාසිරි ජයසේකර පමණයි.

එස්බී දිසානායක විදෙස්ගත වීම හේතුවෙන් මෙම හමුවට සහභාගී නොවූ බව 16 කණ්ඩායමේ සාමාජිකයින් තහවුරු කළ අතර දයාසිරි ජයසේකරගේ නොපැමිණීමට හේතුව නිශ්චිත වශයෙන් පැවසීමට ඔවුන් අපොහොසත් වූවා.

එමෙන්ම ඊයේ අදාළ හමුවට පෙර දයාසිරි ජයසේකර මාධ්‍ය වෙත අදහස් පළ කර තිබුණේ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව සඳහා තමන් හට කිසිදු ආරාධනාවක් සිදුකර නොමැති බවයි.

ජෝන් සෙනෙවිරත්නගේ තීන්දුව 16යේ කණ්ඩායමේ සියලුදෙනාගේ තීන්දුව නොවන බවට පවසා ඇති ඔහු ඒකාබද්ධ විපක්ෂය විසින් තමන්ව පාවඩ දමා පිළිගැනීම අවශ්‍ය නොමැති නමුත් බල්ලෝ බළල්ලුන්ට මෙන් සැළකීමට තමන් එකඟ නොවන බවත් ප්‍රකාශ කොට තිබෙනවා.

එමෙන්ම මේ වන විට 16යේ කණ්ඩායම තුළත් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මතුව ඇති බවද ඔහු ප්‍රකාශ කළ බව සඳහන්.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ තමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වීමට සූදානම් නොමැති බවයි.

මේ අතර දයාසිරි ජයසේකර ජන හමුවක් අමතමින් පහත පරිදි අදහස් පළ කළා.

“කොම්පැණියේ ඩිරෙක්ටර්ස්ලා හිටපු ගමන් අප්සෙට් යනවා. හැබැයි ආපහු ඩිරෙක්ටර්ස්ලා ටික එකතුවෙලා වැඩේ පටංගත්තම වැඩේ දුවනවා. කොම්පැණිය නැවත උස්සගන්න තියෙන්නෙ. ඒකට මේක අතහැරලා දාලා වෙන කොම්පැණියකට යන එක නෙවෙයි කරන්න තියෙන්නේ. මේ කොම්පැණිය හදාගන්න ඕනෙ.

අපි කකුල් දෙක දෙපැත්තෙ තියන් ඉන්නවලු. කොහෙද කකුල් දෙක දෙපැත්තෙ තියන් ඉන්නෙ? මම ආයේ ගමින් ගමට ගිහිල්ලා අපේ ශාඛා සමිති ටික හදනවා. තරුණ සමිති ටික හදනවා. කාන්තා සමිති ටික හදනවා. ඉන්නේ දහදෙනාද, ඒ ටික එකතු කරන්න. එකතු කරලා පක්ෂෙ ගොඩගන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මිනිස්සු ඉන්නවා.

ජනාධිපතිවරණයේ දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහෝගය නැතුව කිසිම කෙනෙකුට දිනන්න හම්බවෙන්නෙ නෑ මතක තියාගන්න. අපේ තියෙන ලක්ෂ 15, ලක්ෂ 20 කරන්න අපි මහන්සි වෙන්න ඕනෙ. කවුරුහරි හිතනවනම්, පොදුජන පෙරමුණේ අපිට 44ක් ආවා, අපි බලාගමු, අපිට තනියම දිනන්න පුලුවන් කියලා, පුලුවන්නම් දිනාගන්න කියන්න.

ඉන්න ගෙදර අතඇරලා දාලා වෙන ගෙවල්වල තාවකාලිකව ලැගුම්ගන්න මම නම් සූදානම් නෑ. දේශපාලනයෙන් හෙට විශ්‍රාම ගියත් දයාසිරි ජයසේකර එක එකාට නැමෙන්න සූදානම් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ජයග්‍රහණය සඳහා අපි කැපවෙනවයි කියන එක මං තමුන්නාන්සෙලාට කියන්න කැමතියි.

Source Link : ආටිකල් 14.news

කොටි දේශපාලන අංශ නායිකාව මහරගම පිලිකා රෝහලේ සිට අවසානෙදි ආයෙත් කොටි එපා කිව්වත් විජේකලාට කොටි හොඳවුන තිත්ත කථාව

තමිලිනි හා විජයකලා
.
එල්ටීටීඊ කාන්තා දේශපාලන අංශයේ නායිකා තමිලිනී තමාගේ ජීවිතයේ අවසාන දින කිහිපය මහරගම පිළිකා රෝහලේ ගත කරමින් සිටින විට පැවසුවේ භයංකර ඉතිහාසයක් නිර්මානය කල කොටි සංවිධානය යලි මේ රටේ ස්ථාපිත නොකළ යුතු බවයි.

කොටි සංවිධානයේ අභ්‍යන්තරය තුල කියාත්මක වූ සියල්ලම දන්නා කිහිප දෙනෙකුගෙන් එක් අයෙකු වූ ඇය, තමාගේ ස්වයං පාපොච්චාරනය අලලා ලියන ලද තියුණු “අසිපතක සෙවන යට ” කෘතියෙන් සමස්ත රට වැසීයාම නව මානයකට රැගෙන යාමට සමත් විය.

අතීතයේදී මෙන් මේ රටේ රුධිර ගංගාවක් ගලායාමේ බිහිසුණු ,අමිහිරි, වේදනාකාරී තත්වයක් තව දුරටත් ඇති නොවේවා යන උත්තුංග පරමාර්ථය පෙරදැරි කරගනිමින් තමිලිනී තම මරණ මංචකයේ සිට ආයාචනා කලේද යලි එවැන්නක් මේ රටට අවැසි නැති බවය.

තම සංවිධානයේ බිඳ වැටීම, බලලෝභිත්වය , දමිල ජනයා මත දියත් කල දී පීඩනය , යහපත් දේ මෙන්ම නොකළ යුතු දේත් ඇය තුලනාත්මකව බැලුවේය. කොටි සංවිධානයේ කටුක යතාර්ථය අප ඇත්ත ඇති සැටියෙන් දුටුවේද තමිලිනි වැනි දේශපාලන විභවයක් ඇති උතුරේ කාන්තවකිනි. ඒ තමිලිනිය.

වසර ගණනාවක් පුර්ණ කාලීන එල්ටීටීඊ කාඩර්වරියක් වෙමින් , කොටි සංවිධානයේ ඉහලම නායකත්වය සමග සමීප සබැඳියාවක් තිබු තමිලිනි යලි කොටි සංවිධානය මේ රටේ යලි කිසි කලෙක හිස එසවීම දැකීමට අකමැති වෙද්දී , විජයකලාට එවැන්නක් අවශ්‍ය වුයේ මන්ද යන්න විමසා බැලිය යුතුය.

විජයකලා යනු කවුද ? පළමුවෙන් ඒ ගැන සැකවින් විමසා බලමු. එමගින් විජයකලා ට යලි කොටි අවශ්ය් වුයේ මන්ද යන්න වැටහෙනු ඇත.

උතුරේ යුද්ධයෙන් ඇත්ත වශයෙන්ම බැට කෑවේ දකුණේ මෙන්ම උතුරේද පීඩිත ජනයා බව පුන පුනා පැවසීමට තරම් නොවේ. රුවන්ඩා පන්නයේ ලේ ගංගා දෙපාර්ශවයෙන්ම ගලා ගිය එම තිරශ්චීන යුද්ධයෙන් බඩ වඩා ගත්තේ උතුරේ මෙන්ම දකුණේ සිටි අවස්ථාවාදී දේශපාලුවන්, ව්‍යාපාරිකයින් , කොටි නායකයින් , හා ආරක්ෂක හමුදාවන්හි ඉහලම නිලධාරීන් බව රහසක් නොවේ.

මේ රටේ යුද්ධය යනු අලෙවි කල භාණ්ඩයකි. එය කලින් කලට මේ රටේ දේශපාලන ඉල්ලීම් වලට අනුව කිසිදු ලැජ්ජාවකින් තොරව අලෙවි කළේය. විජයකාලගේ ස්වාමි පුරුෂයා මේ රටේ පුරවැසියන් ප්‍රථමයෙන් හඳුනා ගන්නේද එවන් යුධමය වාතාවරණයකදීය.
.
යුද්ධය අතරතුර දකුණට වඩා දැඩි පීඩාවකට ලක්වුයේ උතුරු නැගෙනහිර ජනයාය. සියලු අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල දකුණේ මෙන් තුන් හතර ගුනයක් ඉහල දමා උතුරේ අලෙවි කරන්නට විය.

උතුරේ එක් පවුලක සාමාජිකයෙකු හෝ යුරෝපයේ ඕස්ට්‍රේලියාවේ උතුරු ඇමෙරිකාවේ ජීවත්වන නිසා , විකුණන කුමන හෝ මිලකට කුස පුරවාගන්නා ආහාර මල්ලක් ගැනීමට ඔවුන්ට මිල මුදල් තම පවුලේ සාමාජිකයින් එවන ලදී.

එවන් වට පිටාවක බොරදියේ මාළු බෑ උතුරේ ව්‍යාපාරිකයින් අතර විජය කලාගේ ස්වාමියා වූ මහේෂ්වරන්ද “ලොකු වැඩකොටසක් ” කල අයෙකි.

එක් පසෙකින් තමා නියෝජනය කල එක්සත් ජාතික පක්ෂ දේශපාලනයත් , අනෙක් පසින් උතුරේ ක්‍රියාත්මක වූ කොටි සංවිධානයත් තමාගේ ව්‍යාපාරික කටයුතු වලට අවශ්‍ය තෝතැන්න සකසා දී තිබුණි.

එජාප කොටි සාම ගිවිසුම සමයේ මහේෂ්වරන් උතුරේ ව්‍යාපාරික කටයුතු වලට අත ගැසිය . අද උතුරේ ජීවත් වන දෙමළ ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන විජයකලාගේ සැමියා මෙම ව්‍යාපාර හරහා අධික ලාබයක් ලැබීය.

උතුරේ ජනයා නොමරා මරණ පොල් පොට් පන්නයේ පාලනයක් ප්‍රභාකරන් විසින් ගෙන යද්දී , දමිල ජනයාගේ සැබෑ අයිතීන් වෙනුවෙන් මහේශ්වරන්ලා විජයකලාලා එදා පෙනී සිටියේ නැත. කොළඹ සිට නැව් මගින් උතුරට ගෙනන භාණ්ඩ තොග අධික මිලකට විකුණා ලාභ ලැබීම හැර ඔවුන්ට වෙනත් අපේක්ෂාවන් නොතිබුණි.

යාපනයට පැමිණෙන භාණ්ඩ කොටි සංවිධානය හරහා අනෙකුත් මුදා නොගත් පළාත්වලට විකුණන ලදී. මෙම ව්‍යාපාර කිසිදු ගැටලුවකින් තොරව පවත්වාගෙන යාමට එවකට පැවති රාජපක්ෂ පාලනයෙන් අවශ්‍ය සහයෝගය මහේෂ්වරන්ලාට ලැබුණු අතර එල්ටීටීඊ සංවිධානයට අධික කප්පම් මුදලක් ලබාදීම හේතුවෙන් ඒ සඳහා ඔවුන්ගේ සහයෝගය ද ලැබිණි. . ඒ වෙනුවෙන් මහේෂ්වරන් කොටි සංවිධානයට ලක්ෂ ගණනින් කප්පම් ලබා දී තිබුණි.

කෙසේ වුවද , කොටි සංවිධානය හා මහේෂ්වරන් අතර තිබු ගනු දෙණුවල ඇති වූ මතභේදයක් උඩ කොළඹ කෝවිලක් තුලදී කොටි සංවිධානය විසින් ඔහු මරා දැමුණි. ඉන් පසුව එජාපයේ මන්ත්‍රී ධුරයක් විජයකලාට හිමි වුයේ එජාපයට තම සැමියා විසින් ලබා දුන් කෝටි ගණනක ආධාර වලට ප්‍රති උපකාරයක් ලෙසය.

හේෂ්වරන් ගේ අභාවයත් සමගම අධික ලාභ ලැබූ කලු කඩ ව්‍යාපාර සහමුලින්ම බිඳවැතුනී. යුද්ධයෙන් මඩිය තරකරගත් බොහෝ පිරිසක් මෙන් , විජයකලාට ද යුද්ධ යලි ඕනෑ වී තිබේ.

විජයකලා මහේෂ්වරන්ලාට යුද්ධය අවසන්වීම බරපතල ගැටලුවකි. උතුරේ ජනයා ගැන මහා ජාති වාත්සල්‍යකින් කතා කරන මෙම කාන්තාව, උතුර මෙන්ම දකුණද කම්පා කල විද්‍යා ඝාතනයේ සැකකරුවන්ට ආරක්ෂාව ලබා දී තිබුණි.

රනිල් වික්‍රමසිංහ ගේ පුර්ණ මැදිහත් වීමෙන් එම නඩුවෙන් ඇයට ගැලවීමට ඉඩ ලැබුණි. උතුරේ ජනයා පෙලා දමමින් , ඔවුන් අන්ත අසරණව සිටි සමයේදී මහා ජාවාරම් වල නියැලෙමින් උතුරම සුද්ධ කල මොවුන්ට , උතුරේ ජනයා ගැන කතා කිරීමට ශුද්ධ වූ අයිතියක් නැත.

උපුටා දැක්වීම

එල්ටීටීඊ කාන්තා දේශපාලන අංශයේ නායිකා තමිලිනී තමාගේ ජීවිතයේ අවසාන දින කිහිපය මහරගම පිළිකා රෝහලේ ගත කරමින් සිටින විට පැවසුවේ භයංකර ඉතිහාසයක් නිර්මානය කල කොටි සංවිධානය යලි මේ රටේ ස්ථාපිත නොකළ යුතු බවයි. කොටි සංවිධානයේ අභ්‍යන්තරය තුල කියාත්මක වූ සියල්ලම දන්නා කිහිප දෙනෙකුගෙන් එක් අයෙකු වූ ඇය, තමාගේ ස්වයං පාපොච්චාරනය අලලා ලියන ලද තියුණු “අසිපතක සෙවන යට ” කෘතියෙන් සමස්ත රට වැසීයාම නව මානයකට රැගෙන යාමට සමත් විය. අතීතයේදී මෙන් මේ රටේ රුධිර ගංගාවක් ගලායාමේ බිහිසුණු ,අමිහිරි, වේදනාකාරී තත්වයක් තව දුරටත් ඇති නොවේවා යන උත්තුංග පරමාර්ථය පෙරදැරි කරගනිමින් තමිලිනී තම මරණ මංචකයේ සිට ආයාචනා කලේද යලි එවැන්නක් මේ රටට අවැසි නැති බවය. තම සංවිධානයේ බිඳ වැටීම, බලලෝභිත්වය , දමිල ජනයා මත දියත් කල දී පීඩනය , යහපත් දේ මෙන්ම නොකළ යුතු දේත් ඇය තුලනාත්මකව බැලුවේය. කොටි සංවිධානයේ කටුක යතාර්ථය අප ඇත්ත ඇති සැටියෙන් දුටුවේද තමිලිනි වැනි දේශපාලන විභවයක් ඇති උතුරේ කාන්තවකිනි. ඒ තමිලිනිය.

වසර ගණනාවක් පුර්ණ කාලීන එල්ටීටීඊ කාඩර්වරියක් වෙමින් , කොටි සංවිධානයේ ඉහලම නායකත්වය සමග සමීප සබැඳියාවක් තිබු තමිලිනි යලි කොටි සංවිධානය මේ රටේ යලි කිසි කලෙක හිස එසවීම දැකීමට අකමැති වෙද්දී , විජයකලාට එවැන්නක් අවශ්‍ය වුයේ මන්ද යන්න විමසා බැලිය යුතුය. විජයකලා යනු කවුද ? පළමුවෙන් ඒ ගැන සැකවින් විමසා බලමු. එමගින් විජයකලා ට යලි කොටි අවශ්ය් වුයේ මන්ද යන්න වැටහෙනු ඇත. උතුරේ යුද්ධයෙන් ඇත්ත වශයෙන්ම බැට කෑවේ දකුණේ මෙන්ම උතුරේද පීඩිත ජනයා බව පුන පුනා පැවසීමට තරම් නොවේ. රුවන්ඩා පන්නයේ ලේ ගංගා දෙපාර්ශවයෙන්ම ගලා ගිය එම තිරශ්චීන යුද්ධයෙන් බඩ වඩා ගත්තේ උතුරේ මෙන්ම දකුණේ සිටි අවස්ථාවාදී දේශපාලුවන්, ව්‍යාපාරිකයින් , කොටි නායකයින් , හා ආරක්ෂක හමුදාවන්හි ඉහලම නිලධාරීන් බව රහසක් නොවේ. මේ රටේ යුද්ධය යනු අලෙවි කල භාණ්ඩයකි. එය කලින් කලට මේ රටේ දේශපාලන ඉල්ලීම් වලට අනුව කිසිදු ලැජ්ජාවකින් තොරව අලෙවි කළේය. විජයකාලගේ ස්වාමි පුරුෂයා මේ රටේ පුරවැසියන් ප්‍රථමයෙන් හඳුනා ගන්නේද එවන් යුධමය වාතාවරණයකදීය.

යුද්ධය අතරතුර දකුණට වඩා දැඩි පීඩාවකට ලක්වුයේ උතුරු නැගෙනහිර ජනයාය. සියලු අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල දකුණේ මෙන් තුන් හතර ගුනයක් ඉහල දමා උතුරේ අලෙවි කරන්නට විය. උතුරේ එක් පවුලක සාමාජිකයෙකු හෝ යුරෝපයේ ඕස්ට්‍රේලියාවේ උතුරු ඇමෙරිකාවේ ජීවත්වන නිසා , විකුණන කුමන හෝ මිලකට කුස පුරවාගන්නා ආහාර මල්ලක් ගැනීමට ඔවුන්ට මිල මුදල් තම පවුලේ සාමාජිකයින් එවන ලදී. එවන් වට පිටාවක බොරදියේ මාළු බෑ උතුරේ ව්‍යාපාරිකයින් අතර විජය කලාගේ ස්වාමියා වූ මහේෂ්වරන්ද “ලොකු වැඩකොටසක් ” කල අයෙකි. එක් පසෙකින් තමා නියෝජනය කල එක්සත් ජාතික පක්ෂ දේශපාලනයත් , අනෙක් පසින් උතුරේ ක්‍රියාත්මක වූ කොටි සංවිධානයත් තමාගේ ව්‍යාපාරික කටයුතු වලට අවශ්‍ය තෝතැන්න සකසා දී තිබුණි. එජාප කොටි ඊනියා සාම ගිවිසුම සමයේ මහේෂ්වරන් උතුරේ ව්‍යාපාරික කටයුතු වලට අත ගැසිය . අද උතුරේ ජීවත් වන දෙමළ ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන විජයකලාගේ සැමියා මෙම ව්‍යාපාර හරහා අධික ලාබයක් ලැබීය. උතුරේ ජනයා නොමරා මරණ පොල් පොට් පන්නයේ පාලනයක් ප්‍රභාකරන් විසින් ගෙන යද්දී , දමිල ජනයාගේ සැබෑ අයිතීන් වෙනුවෙන් මහේශ්වරන්ලා විජයකලාලා එදා පෙනී සිටියේ නැත. කොළඹ සිට නැව් මගින් උතුරට ගෙනන භාණ්ඩ තොග අධික මිලකට විකුණා ලාභ ලැබීම හැර ඔවුන්ට වෙනත් අපේක්ෂාවන් නොතිබුණි. යාපනයට පැමිණෙන භාණ්ඩ කොටි සංවිධානය හරහා අනෙකුත් මුදා නොගත් පළාත්වලට විකුණන ලදී. මෙම ව්‍යාපාර කිසිදු ගැටලුවකින් තොරව පවත්වාගෙන යාමට එවකට පැවති රාජපක්ෂ පාලනයෙන් අවශ්‍ය සහයෝගය මහේෂ්වරන්ලාට ලැබුණු අතර එල්ටීටීඊ සංවිධානයට අධික කප්පම් මුදලක් ලබාදීම හේතුවෙන් ඒ සඳහා ඔවුන්ගේ සහයෝගය ද ලැබිණි. . ඒ වෙනුවෙන් මහේෂ්වරන් කොටි සංවිධානයට ලක්ෂ ගණනින් කප්පම් ලබා දී තිබුණි. කෙසේ වුවද , කොටි සංවිධානය හා මහේෂ්වරන් අතර තිබු ගනු දෙණුවල ඇති වූ මතභේදයක් උඩ කොළඹ කෝවිලක් තුලදී කොටි සංවිධානය විසින් ඔහු මරා දැමුණි. ඉන් පසුව එජාපයේ මන්ත්‍රී ධුරයක් විජයකලාට හිමි වුයේ එජාපයට තම සැමියා විසින් ලබා දුන් කෝටි ගණනක ආධාර වලට ප්‍රති උපකාරයක් ලෙසය. මහේෂ්වරන් ගේ අභාවයත් සමගම අධික ලාභ ලැබූ කලු කඩ ව්‍යාපාර සහමුලින්ම බිඳවැතුනී. . යුද්ධයෙන් මඩිය තරකරගත් බොහෝ පිරිසක් මෙන් , විජයකලාට ද යුද්ධ යලි ඕනෑ වී තිබේ. විජයකලා මහේෂ්වරන්ලාට යුද්ධය අවසන්වීම බරපතල ගැටලුවකි. උතුරේ ජනයා ගැන මහා ජාති වාත්සල්‍යකින් කතා කරන මෙම කාන්තාව, උතුර මෙන්ම දකුණද කම්පා කල විද්‍යා ඝාතනයේ සැකකරුවන්ට ආරක්ෂාව ලබා දී තිබුණි. රනිල් වික්‍රමසිංහ ගේ පුර්ණ මැදිහත් වීමෙන් එම නඩුවෙන් ඇයට ගැලවීමට ඉඩ ලැබුණි. උතුරේ ජනයා පෙලා දමමින් , ඔවුන් අන්ත අසරණව සිටි සමයේදී මහා ජාවාරම් වල නියැලෙමින් උතුරම සුද්ධ කල මොවුන්ට , උතුරේ ජනයා ගැන කතා කිරීමට ශුද්ධ වූ අයිතියක් නැත.

 

Image may contain: 1 person, standing and outdoorImage may contain: 1 person, close-up

Source Link : ආටිකල් 14.news

විජේකලා යාපනේදි කථා කලා, මැතිසබේ අවුල් කලා , දැන් ඉන්නේ නිකම් බලා – සියතේ අරවින්ද විජේකලාට කවියෙන් නමපු විදිහිය

ඇමති කමක් දරන කාන්තාවක් වන විජේකලා නමැත්තිය ත්‍රස්තවාදය හා කොටි ප්‍රවර්දනය වන ප්‍රකාශයක් පසුගියදා නිකුත් කලා.

ඒ එල්ටිටි ඉන්න කාලේ සතුටින් හිටිය බවත් ඔවුන් නැවත ගෙන ආ යුතු බවත් මේම කාන්තාව පවසනවා.

එයට විහිළුවෙන් වුවත් හොද උත්තරයක් දුන් ඩිජේ අරා

Source Link : ආටිකල් 14.news

හැමදා කොටින්ට කඩේ ගිය විජේ කලාට මෙවර ලංකාවෙන්ම විරෝධය සංඝරත්නයත් එජාප ඇමතිකම් දරන විජේකලාට දැඩි විරෝධය පායි

රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් සිදු කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් මහා සංඝරත්නය දැඩි විරෝධයක් පළ කරනවා.

එක්සත් ජාතික පක්ෂයේද සාමාජිකාවක් වන ඇය සම්බන්ධයෙන් පියවර ගැනීම එම පක්ෂය සතු වගකීමක් බවයි ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පැවසුවේ.

දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් නෙත් නිවුස් වෙත කියා සිටියේ ඇයගේ ප‍්‍රකායෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝය වන බවයි.

හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති බුදුගල ජිනවංශ හිමියන් කියා සිටියේ රට තුළ භීතියක් ඇති කර දේශපාලන අභිමතාර්ථයන් ඉටු කර ගැනීමට උත්සහ දැරීම කණගාටුවට කරුණක් බවයි.

මේ අතර විජයකලා රාජ්‍ය අමාත්‍යවරියගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඇයට එරෙහිව නීතිමය පියවර ගැනීමේ හැකියාව ඇති බවයි නීතිවේදීන් පවසන්නේ.

Source Link : ආටිකල් 14.news

ගෝටා 2020 ට පළමු පියවර පොහොට්ටුවේ කාර්යාලයෙන් තබයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්‌වන පළාත් සභා මන්ත්‍රීවරුන්ට පක්‌ෂ සාමාජිකත්වය පිරිනැමීමේ උත්සවය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‌ෂ මූලස්‌ථානයේදී මේ වන විට පැවැත්වේ.

මෙහිදී විසුරුවා හැර ඇති පළාත් සභා තුන ඇතුළුව පළාත් සභා නවයෙහි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රීවරුන් සියයට 90 ක්‌ පමණ පක්‌ෂ සාමාජිකත්ව ලබාගැනීමට නියමිතය.

මේ අතර හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා සෘජු ලෙස දේශපාලන කටයුතුවලට එක්‌වෙමින් ප්‍රථම වරට බත්තරමුල්ල නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‌ෂ මූලස්‌ථානයට පැමිණ සිටියේය.

ගෝඨාභය රාජපක්‌ෂ මහතාට සෘජුව දේශපාලනයට පැමිණීමේ කාලය දැන් එළඹ ඇති බැවින් ප්‍රායෝගික දේශපාලන වැඩසටහනක්‌ සැකසීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‌ෂ මූලස්‌ථානයට පැමිණෙන ලෙස කරන ලද ආරාධනයකට අනුව ඒ මහතා අද (04) එහි පැමිණ තිබේ.









Source Link : ආටිකල් 14.news

රුසියාවේ පාපන්දු ලෝක කුසලානය අතර සුපිරි ක්‍රීඩකයන් වන මෙසී හා රොනල්ඩෝ මරා දමනවායයි කියූ අයිඑස් ත්‍රස්ත නායකයාගේ පුත්‍රයා රුසියානු ප්‍රහාරයකින් මරුට

ඉස්ලාමිය අන්තවාදී සංවිධානයේ නායකයා වන අබු බක්ර් අල්-බග්ඩාඩිගේ එක් දරුවෙක් සිරියාවේ, හොම්ස් නගරයේදී ඇතිවූ ගැටුමකදී මියගිය බව එම සංවිධානය විසින් නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනයක සඳහන් වන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

සිරියාවේ, හොම්ස් හි පිහිටි තාප බලාගාරයක් අසලදී රුසියානු සහ නුසාරේයියා සටන් කණ්ඩායම් වලට එරෙහිව දියත් කරන ලද මෙහෙයුමකදී සිය සංවිධානයේ නායකයා ගේ පුත්‍රයා වන හුදෙයිෆා අල්-බද්රි මිය ගිය බවට” සංවිධානය නිවේදනය කර සිටිනවා. (සිරියාවේ අලාව්ට් යන ප්‍රජාව මෙසේ නුසාරේයියා යනුවෙන් හදුන්වනු ලබනවා)

ඉස්ලාමිය අන්තවාදී සංවිධානයේ නායකයා වන අබු බක්ර් අල්-බග්ඩාඩි සිටිනා නිශ්චිත ස්ථානයක් පිළිබඳව මේ දක්වා කිසිදු තොරතුරක් ලැබී නැති අතර සිය පුත්‍රයාගේ මරණය සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන නිවේදනයට අනුව ඔහු තවමත් ජිවතුන් අතර සිටින බවට පෙනීයන බවයි රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ.

2014 වසරේදී උතුරු ඉරාකයේ සිය මෙහෙයුම් ආරම්භ කළ ඉස්ලාමිය සංවිධානයේ නායකයා මොසුල් හි මුස්ලිම් දේවස්ථානයක සිටි බවත් එල්ලවූ ගුවන් ප්‍රහාරයකින් ඔහු ජිවිතක්ෂයට පත්වූ බව මුලින් වාර්තා පළවුනා.

අබු බක්ර් අල්-බග්ඩාඩි අවසන් වරට මාධ්‍ය හමුවේ හඩ පටයක් නිකුත් කලේ 2016 වසරේදී වන අතර එහිදී මිනිත්තු 46 ක කාලයක් තුල සිදුකළ එම නිවේදනය තුලින් ඔහු ඉල්ලා සිටියේ බටහිර රාජ්‍යයන්ට එරෙහිව දියත් කරන මෙන් හා ඉරාකයේ සහ සිරියාවේ සටන් දිගටම කරගෙන යන ලෙසයි. ඉන් පසුව ඔහුගේ හඩ පටයක් හෝ නිවේදනයක් මේ දක්වා ප්‍රසිද්ධ වී නැත.

 

Source Link : ආටිකල් 14.news

ළමා සොල්දාදුවන් ලවා මිනි මරපු එල්ටිටිය ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් නැවත බිහිකල යුතුයි කියු විජේ කලාගේ ගොන්කතාවට විරෝධය

එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් ඊයේ (02) සිදු කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සිංහල රාවය සංවිධානය දැඩි පිළිකුලෙන් යුතුව හෙලාදකිනවා.

මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ද කරන බවයි ඔවුන් කියා සිටියේ.

නිල මෙහෙවර ව්‍යාපෘතිය යටතේ යාපනය වීරසිංහම් ශාලාවේ පැවැති උත්සවයකදී රාජ්‍ය අමාත්‍යවරිය මෙම ප‍්‍රකාශය කළා. එහිදී ඇය කියා සිටියේ එල්. ටී. ටී. ඊ. සංවිධානය යළි ගොඩ නැගිය යුතු බවයි. හය හැවිරිදි පාසල් දැරියක් ඉකුත්දා දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය ඒ බව පැවසුවා.

එල්. ටී. ටී. ඊ. ය බලවත්ව පැවති සමයේ මීට වඩා නිදහසක් පැවති බවයි එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. ඒ අනුව සැකයෙන් හා බියෙන් තොරව ජීවත් වීමට සහ ළමයින් ආරක්ෂා වීමට නම් උතුරු හා නැගෙනහිර පළාත් තුළ එල්. ටී. ටී. ඊ. සංවිධානය යළිත් අත එසවිය යුතු බවද රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවා.

සිංහල රාවය සංවිධානය වෙනුවෙන් ඊට ප‍්‍රතිචාර දැක්වූ එහි මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සඳහන් කළේ රාජ්‍ය අමාත්‍යවරියකගේ මෙම ප්‍රකාශය පිළිබඳව ජනතාව දැඩි විමතියකින් බලා සිටින බවයි.

රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මෙම ආන්දෝලනාත්මක ප‍්‍රකාශය කරන අවස්ථාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන ද උත්සව සභාවේ සිටියා. ඒ අනුව නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ඔහුගෙන් ද විමසීමක් කළා.

එහිදී ඔහු සඳහන් කළේ “එතුමිය ළමා කටයුතු භාර රාජ්‍ය අමාත්‍යවරිය හැටියට ඔය සිදු වූ සිද්ධිය ගැන විශේෂ සිත්වේදනාවක් ඇති. එතුමිය කියන්න උත්සහ කළේ..මම හිතන විදිහට..ත්‍රස්තවාදය තිබෙන කාලේ ඔය වගේ සිද්ධියක් වුණා නම් නීතියක් නැති නිසා බොහෝ වේලාවට සිදු වන්නේ එවැනි අය වෙඩි තබා ඝාතනය කිරීම. ඉතින් එවැනි සමාජ යාන්ත්‍රනයක් අවශ්‍යයි කියන එක නෙමෙයි..මෙවැනි සිද්ධිවලට දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියන කාරණය තමයි කියන්න උත්සහ කර ඇත්තේ.” යනුවෙනි.

Source Link : ආටිකල් 14.news

නයි වෛරෙන් සිටි රටවල් දෙක එකවර මිතුරුවීමේ රහස තවත් ප්‍රශ්නයක් කරමින් කිං ජොන්ගේ පෑන ගැන සැකයක්

පසුගියදා ලොව පුරා කතාබහට ලක්වූ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හා උතුරු කොරියා නායක කිම් ජොන් අතර හමුවේදී ගිවිසුම්වලට අත්සන් කිරීමේදී, ඇමෙරිකා නියෝජිතයන් ලබා දුන් පෑන අතට නොගෙන වෙනත් පෑනකින් එම ගිවිසුම්වලට අත්සන් තැබීමට කිම් ජොන් උන් කටයුතු කර තිබුණා.

ඒ පිළිබඳව මේ වන විට විදෙස් මාධ්‍යවල කතාබහට ලක්ව ඇති අතර උතුරු කොරියා නායකයා එසේ කරන්නට ඇත්තේ ඇමෙරිකානුවන් විසින් ලබා දුන් පෑනේ විෂ කැවීමක් කර ඇතැයි සැකයක් මතුවුණු නිසා විය හැකි යැයි ද විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබෙනවා.

කිම් ජොන් ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන අයෙකු වන අතර ගිවිසුම් සඳහා අත්සන් කරද්දී, ඔහුගේ උපදේශිකාව මෙන්ම ඔහුගේ නැගණිය ද වන කිම් යෝ ජොං ද ඒ අසල සිටියාය.

ඇමෙරිකානුවන් දුන් පෑන් අතට ගැනීම වළක්වමින් තම සොයුරාට ඇය ඇය ළඟ ඇති පෑන ලබා දෙන දසුන් මේ වනවිට විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබෙනවා.

Source Link : ආටිකල් 14.news

මහින්ද දැඩි දේශපාලන තීන්දුවක් ගැනීමට යයි ඒකාබද්දේ භේද නතර නොකලහොත් අළුත් පක්ෂයක්

ඒකාබද්ධ විපක්ෂය ගන්නා පොදු තීන්දු උල්ලංඝනය කරමින් කල්ලි කණ්ඩායම් හදන්නට ගියහොත් තමන් දැඩි දේශපාලන තීන්දුවක් ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ඇතැම්විට එය තමන්ගේ නායකත්වයෙන් බිහිවන අලුත් දේශපාලන පක්ෂයක් විය හැකි යැයිද මහින්ද අනතුරු ඇඟවීය.

ඔහු මෙම ප්‍රකාශය කළේ නියෝජ්‍ය කතානායක තෝරා ගැනීමේ ඡන්දයේදී සිය කණ්ඩායමේ ඇතැමුන් පක්ෂ මතයට අනුව ඡන්දය නොදීම සාධාරණීකරණය කිරීමට බැසිල් රාජපක්ෂ මහතා කරුණු දැක්වූ අවස්ථාවේදීය.

මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා විපක්ෂයට පැමිණි 16 දෙනාගේ කණ්ඩායම සෙසු පක්ෂ නායකයන් හමුවුවද පොහොට්ටුවේ නායකයන් මුණ නොගැසීම ගැන දොස් පැවරීය. එවිට මහින්ද රාජපක්ෂ මහතා කියා ඇත්තේ ඔවුන් තමා මුණගැසුණු වගය.

තමන්ගේ නායකත්වය ඡන්දය නොදුන් කණ්ඩායම නොපිළිගන්නේදැයි හෙතෙම එහිදී දැඩි ලෙස ප්‍රශ්න කර ඇත. තම නායකත්වය නොපිළිගන්නා අය වෙත්නම් ඒ බව තමන්ට දන්වන ලෙසද මහින්ද රාජපක්ෂ මහතා කීය. පාර්ලිමේන්තුවේ ආණ්ඩුව සතු 2/3ක බලය අහිමි කිරීමට ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනාගේ සහාය ලබාගත යුතුම යැයි මහින්ද ප්‍රකාශ කර තිබිණි.

16 කණ්ඩායමෙන් ජනපතිට කොන්දේසි

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්මට්ටමින් ප්‍රතිසංවිධානය කිරීම තම කණ්ඩායම මගින් සිදුකරන බවත් ඊට ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප 23 දෙනා සම්බන්ධ නොකරන ලෙසත් 16 දෙනාගේ කණ්ඩායම විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දැනුම් දී තිබේ.

මෙලෙස දැනුම් දී ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා (14) රාත්‍රියේ 16 දෙනාගේ පිරිසක් ජනාධිපතිවරයා සමඟ සිදුකළ සාකච්ඡාවේදීය.

ඊට ජනාධිපතිවරයා එකඟවෙමින් එම සාකච්ඡාවට සහභාගී වී සිටි ශ්‍රීලනිප නව මහලේකම්වරයාට දන්වා ඇත්තේ ආණ්ඩුවේ සිටින 23 දෙනා 16 දෙනාගේ ප්‍රතිසංවිධාන වැඩකටයුතුවලට සහභාගී නොකරන ලෙසය.

මෙහිදී ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා විසින් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත සිදුකරන ප්‍රකාශ පිළිබඳව දැඩි විවේචනයක් කර ඇත. සන්ධාන ලේකම්වරයා පක්ෂයේ සභාපතිවරයාගේ ප්‍රකාශ නොව සිරිකොතේ ප්‍රකාශ ලබාදෙන බවට එහිදී විවේචනය කර ඇත. එහිදී ජනාධිපතිවරයාද එම ප්‍රකාශ සම්බන්ධයෙන් සිය විරුද්ධත්වය පිරිසට දන්වා ඇතැයි සඳහන් වේ.

එසේම එළඹෙන සැප්තැම්බරයේ පක්ෂ මහා සමුළුවට පෙර පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් නොකරගතහොත් පක්ෂය විනාශ වුණු යුගය ලෙස මෙම යුගය ඉතිහාස ගතවන බව එම පිරිස පෙන්වා දී ඇත. ඒ නිසා නව මහලේකම්වරයකු පක්ෂයට පත්කොට පක්ෂය ප්‍රතිසංවිධාන ගතකරන ලෙසත් එතෙක් අණ්ඩුවේ සිටින ශ්‍රීලනිප 23 දෙනා සමඟ ගමනක් සිදුනොකරන ලෙසත් එම පිරිස ජනාධිපතිවරයාට පවසා තිබේ.

6 න් 11ක් කෙළින්ම ඒකාබද්ධයට

එසේම ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීන් 16 දෙනාගෙන් 11 දෙනකු ඒකාබද්ධ විපක්ෂය සමඟ සෘජුවම එක්වීමට තීන්දු කර ඇතැයි එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය. ඉතිරි 05 දෙනා ද එම මතයට එකඟ කර ගැනීම සඳහා මේ සතියේ සාකච්ඡා කරන බවද ඔහු සඳහන් කළේය.

සති කිහිපයක් විදේශගතව සිටි අනුර යාපා හිටපු අමාත්‍යවරයා මෙරටට පැමිණෙන තෙක් මෙම සාකච්ඡා පමා වූ අතර දැන් අනුර යාපා මහතා ද පැමිණ සිටිනා නිසා කඩිනමින් සාකච්ඡාවක් පවත්වා තීන්දුවක් ගන්නා බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

එලෙස පොදු එකඟතාවකට පත් වූ පසු ශ්‍රී.ල.නි.පයේ දැනට සිටිනා තවත් මන්ත්‍රීන් 5 දෙනකු තමන් සමඟ එක්වීමට සූදානම් යැයි හෙතෙම අවධාරණය කළේය.

Source Link : ආටිකල් 14.news