පාපන්දු ලෝක කුසලානය නිසා ලෝකයම උණුසුම් වී ඇති රුසියාව සිරියාව රත් වෙන්න ගුවන් ප්‍රහාර එල්ල කර කැරලිකරුවන් යටත් කරයි

රුසියාව විසින් ඉදිරිපත් කරන ලද සටන් විරාම ගිවිසුමකට එකගතාවය පළකරමින් සිය අවි බිම තැබීමට සිරියාවේ දකුණු ප්‍රදේශයේ මෙහෙයුම් වල නිරතව සිටින කැරලිකරුවන් එකගතාවයකට පැමිණ ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. මේ වන විට දකුණු සිරියාවේ, ධීරා ප්‍රදේශය සිරියානු රජයේ හමුදාවන් විසින් රුසියාවේද සහය ඇතිව වටකොට ඇති බැවින් ඔවුන් මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ. මෙය සිරියානු ජනාධිපති බෂාර් අල්- අසාද් ප්‍රමුඛ රජයේ හමුදාවන් ලද තවත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙසයි දැක්වෙන්නේ.

වසර 03 කට අධික කාලයක් කැරලිකරුවන් විසින් සිය පාලනයට නතුකර ගෙන තිබු සිරියා-ජෝර්දාන නාසිබ් දේශසීමා පිවිසුම් මාර්ගයද සිරියානු රජයේ හමුදාවන් සිය යටතට ගැනීමට සමත් විය. ඒ රුසියාවේ ගුවන් ප්‍රහාර වලද සහය ඇතිවයි.

රුසියාව සමග ඇති කර ගනු ලැබූ එකගතාවයට අනුව මේ වන විට දකුණු සිරියාවේ කැරලිකරුවන්ගේ පාලනය යටතේ තිබෙන සියලුම නගර සහ ඔවුන් සතු අවි ආයුධ යලි භාරදීමට කැරලිකරුවන් එකඟ වී ඇති බවයි සිරියානු මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

යුධ ගැටුම් හේතුවෙන් අවතැන්වී සිටින දකුණු සිරියාවේ 320,000 ක් පමණ සිවිල් වැසියන්ට යලි සිය උපන් ප්‍රදේශ කරා යාමට ඉඩදීමට රුසියාව තීරණය කර ඇති බව කැරලිකරුවන් සඳහන් කර සිටිනවා.

පසුගිය වසර 07 ක කාලය තුලදී සිරියාව තුල ඇතිවූ යුධ ගැටුම් හේතුවෙන් මියගිය පිරිස දහස් ගණනක් බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන්නේ.

දකුණු සිරියාවේ මෙහෙයුම් වලදී සිරියාවේ රජයේ හමුදාවන්ට අනගි සහයක් ලබා දුන්නේ රුසියානු ප්‍රහාරක යානා මගින්ය.

මේ අතර සිරියානු ජනාධිපතිවරයා සිය මීලග ඉලක්කය ලෙස තෝරා ගෙන ඇත්තේ ඊශ්‍රායාලය සිය දේශසීමා ආරක්ෂා කරණයේ යෙදී සිටින ගොලන් හෙයිස්ට් ප්‍රදේශය යලි සිය පාලනය යටතට ගැනීමට බවයි.

පසුගිය බ්‍රහස්පතින්දා රුසියානු ප්‍රහාරක ජෙට් යානා මගින් දකුණු සිරියාවේ හදුනාගත් කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කරන ආකාරය රැගත් වීඩියෝව පහතින් නරඹන්න.

 

 

Source Link : ආටිකල් 14.news

අගමැති හමුවීමෙන් පසු කොටි නැගිට්ටවන්න ගිය විජයකලා ඇමතිකම අත හැර ගෙදරයන්න තීරනය කරයි

ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට විජයකලා මහේෂ්වරන් තීරණය කර තිබෙනවා.

කොටි සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට පසුගියදා රාජ්‍ය ඇමතිවරිය ප්‍රකාශ කිරීමත් සමඟ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගත්තා.

මෙම තත්වය හමුවේ ඇය ඊයේ පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද හමුවී තිබෙනවා.

එම සාකච්ඡාවලින් පසුවයි මෙලෙස රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත්වීමට විජයකලා මහේෂ්වරන් තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරිය මාධ්‍ය මගහරිමින් වෙනත් මාර්ගයකින් අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ.

Source Link : ආටිකල් 14.news

කිරිවෙහෙර මහානාහිමියන්ට වෙඩි තැබූ සාහසිකයන් පිළිබද තොරතුරු හෙළිවේ ඔවුන් ආ ජීප් රථය සොයාගනී. හිමිනම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි

වෙඩි ප්‍රහාරයකට ලක්ව හම්බන්තොට මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කතරගම – කිරිවෙහෙර රජමහා විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මගින් කොළඹට රැගෙන ඒමට තීරණය කර තිබෙනවා.

මේ අතර, මෙම වෙඩි තැබීම කතරගම – මහසෙන් දේවාලයේ අයිතිය සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් මුල් කර ගනිමින් සිදුව ඇති බවයි දැනට සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.

එමෙන්ම වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් ද මේ වන විට හඳුනාගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ නාහිමියන් සහ විහාරවාසී පූජ්‍ය වීදාපොල සෝභිත හිමියන්, ආගමික වතාවත්වල නිරත වී කිරිවෙහෙර උඩ මළුවේ සිට වැඩම කරමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කිරිවෙහෙර නාහිමියන් සහ අනෙක් හිමි නම දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහරෝහල වෙත මාරු කර යැවුණා.

හම්බන්තොට රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ධනුෂ්ක පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ නාහිමියන්ගේ උදර ප්‍රදේශයට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවයි.

මීට අමතරව වම් අතට සහ දකුණු පාදයට තුවාල සිදුව තිබෙනවා.

රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කිරීමෙන් පසුව නාහිමියන්ට ශල්‍යකර්මයක් ද සිදුකර ඇති අතර කෙසේ නමුත් වැඩිදුර ප්‍රතිකාර සඳහා උන්වහන්සේ ගුවන් මගින් කොළඹට රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බවයි රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ.

පහත මළුවේ සැඟව සිටි නාඳුනන පුද්ගලයින් තුන්දෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර කිරිවෙහෙර ආසන්නයේ නවතා තිබූ රතු පැහැති ජීප් රථයක නැගී පළා ගොස් තිබෙනවා.

වෙඩි තැබීම සඳහා ඔවුන් පැමිණි යූ.පී. සී.ඒ.ජී. 8531 දරණ සුඛෝපභෝගී ජීප් රථය කතරගම පුද බිම ආසන්නයේ දමා ගොස් තිබියදී සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් ඇතුළු සෙසු පුද්ගලයින් හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 8ක් මේ වන විටත් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කතරගම – කිරිවෙහෙර රජමහා විහාරයේ විහාරවාසී පූජ්‍ය තලගල ඥානේන්ද්‍ර හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මහසෙන් මහදේවාලයේ ප්‍රධාන කපු මහතා වන මහේෂ් බණ්ඩාර සහ ඔහුගේ පවුලේ ඥාතීන් විසින් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවට සැක පළ කරන බවයි





ඡායාරූප – සූරියවැව නුවන් ජයසේකර

 

Source Link : ආටිකල් 14.news

ඒකාබද්දේ 2020 සුපිරි තරුව තේරීමේ තරගයෙන් අවසන් වටයට නම් හතරක් තේරෙයි. එයින් 3 කම රාජපක්ෂවරු

අන්තිම වටයට ආ ඒකාබද්දයේ යෝජිත ජනාධිපති අපේක්‍ෂකයන් හතර දෙනා මෙන්න..!

ලබන වසරේදී පැවැත්වීමට මීලග ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ වන විට ඒකාබද්ද විපක්‍ෂය තුල සාකච්චාවක් ඇතිව තිබෙන බව පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

දිනේෂ් ගුණවර්ධණ, චමල් රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ යන සිවු දෙනා සම්බන්ධයෙන් යෝජනා ලැබී තිබෙන බවද මන්ත‍්‍රීවරයා කියයි.

මේ සම්බන්දයෙන් හරවත් සාකච්චාවක් ඒකාබද්ද විපක්‍ෂය තුල දැනට ඇතිව තිබෙන බවත් ජනාධිපතිවරණය කැදවීමට පෙර තම අපේක්‍ෂකයා ප‍්‍රකාශයට පත් කරනු හැකිවනු ඇති බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.

Source Link : ආටිකල් 14.news

මිලියන ගණන් ව්යදම් කරලා මගුල් කාලා ළමයි ස්කොලේ යනකම් නය ගෙවන අපේ නව පරපුරට ආදර්ශයක් දෙමින් මගුල් දවසේ පොදු සේවයක් කරයි

අලුත් මනාල ජෝඩුව ජයට මගුල් කන්න යන මුදල් දමා පොදුවැඩ රැුසක් කරයි..
සිය විවාහ මංගල උත්සවයේදී අරක්කු, සිගරැට් හා කට ගැස්ම වලට යන වියදමින් ගමට සහ තමන් ඉගෙන ගත් පාසලට පොදු සේවාවන් රැසක් ඉටු කොට විවාහ උත්සව දිනයේදීම ඒවා විවෘත කර ජනතා අයිතියට පැවරූ අපූරු මංගල්‍යයක් ඊයේ (12) අහුන්ගල්ල, කටුවිල ප්‍රදේශයේදී දක්නට ලැබුණි.

අහුන්ගල්ල, කටුවිල පදිංචි මංජුල ප‍්‍රදීප් පිටියගේ සහ මහේන්ද්‍රා මාධවී යන නව යුවළ සිය නිවෙසට පැමිණෙන විට සංඝරත්නයේ ආශීර්වාද මැද දෙපාර්ශ්වයේ ඥාතින්ගේ සහභාගිත්වයෙන් මෙම සත් කාර්යයන් විවෘත කෙරිණි. අහුන්ගල්ල කටුවිල කණිටු විදුහලට අඩුපාඩුවක්ව පැවති ක‍්‍රීඩාපිටියක් සකස් කිරීම, ඒ සදහා ක‍්‍රීඩා මණ්ඩපයක් ඉදිකිරීම, කටුවිල ජනතාව වෙනුවෙන් බස් මගී ආවරණයක් ඉදි කිරීම මේ යටතේ සිදුකර තිබුණි.

මෙම පොදු සේවාවන් විවෘත කිරීමේ අවස්ථාවට බළපිටිය බෞද්ධ කටයුතු සමායෝජක අහංගම මෛත‍්‍රි මූර්ති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය, දකුණු පළාත් සභාවේ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අසෝක ධනවංශ, දකුණු පළාත් සභා මන්ත‍්‍රී සම්මු ආරියවංශ, බළපිටිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති එන්. සමන් ද සිල්වා ඇතුළු බළපිටිය ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන්, කටුවිල කණිටු විද්‍යාලයේ විදුහල්පති චින්තක රාජකරුණා යන මහත්ම මහත්මීන් ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මනාල මහතාගේ පියාවූ ආචාර්ය පිටියගේ ජයසේන මහතා මෙසේ කීය.

මේ පාසලට ක‍්‍රීඩා පිටියක් තිබුණේ නැහැ. විදුහල්තිතුමා මීට මාස දෙකකට පමණ ඉහතදී මට කතා කරල කිව්වා ක‍්‍රීඩා පිටිය සකස් කර ගැනීමටත් පොඩි ක‍්‍රීඩා මණ්ඩපයක් හදා ගැනීමටත් අවශ්‍යයි කියල. මමත්, මගේ පියා වූ කොස්ගොඩ ගම් සභාවේ හිටපු උප සභාපති පිටියගේ දාවිත් අප්පුහාමි මහතාත් ඉගෙන ගත්තේ මේ ඉස්කෝලේ.

මගේ පුතාගෙ විවාහ මංගල්‍යයට දින යොදා ගෙන තිබුණේ. මගුල් ගෙදර කටයුතු ගැන සාකච්ජා කරන විටදී අරක්කු සිගරැට් හා කට ගැස්ම වලට පමණක් රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක් වැය වෙන බව වැටහුණා. ඒ වෙලාවේ විදුහල්පතිතුමාගේ ඉල්ලීමත් සිහියට නැගුණා. අරක්කු වලට නිකරුණේ වැය කරන මුදලින් නැසී ගිය පුතාගේ සීයා සිහිවීමටත්. පුතා ඉගෙන ගත් පාසලටත්, ගමටත් සේවයක් ලෙස ක‍්‍රීඩාපිටිය, ක‍්‍රීඩා මණ්ඩපය හා බස් නැවතුම ඉදිකිරීමට තීරණය කළා.

අද මගුල් ගෙදරක් කරන විට දරන්න බැරි විශාලම වියදම තමයි අරක්කු හා සිගරැට් වලට යන වියදම. එයින් ඇති ඵලයකුත් නැහැ. මම මේ යෝජනාව ගෙනා විට පුතා බොහොම සංතෝෂයෙන් කැමති වුණා. මෙම සේවාවන් ඉටුකිරීමට හැකිවිම ගැන සතුටු වෙනවා. ඇත්තෙන්ම මෙය රටට ඉතා හොද ආදර්ශයක්. මතට තිත තැබිය හැක්කේ මෙවැනි කාරණා තුලින් විතරක් පමණ යැයි ද කීය.

පළමුව මනාල යුවළ විසින් බස්නැවතුම පොළ විවෘත කරන ලද අතර දෙවනුව ක‍්‍රීඩාගාරයත් ක‍්‍රීඩා පිටියත් විවෘත කරනු ලැබූහ. මනාලිය එවන ලද පන්දුවකට පහර දී ලකුණු හතරක් රැස් කරමින් මනාල මහතා ක‍්‍රීඩාපිටිය විවෘත කරනු ලැබුවේ කාගෙත් අත් පොළසන් හඩ මධ්‍යයේය. මේඅවස්ථාව දැක බලා ගැනීමට පාසල් සිසු සිසුවියන් මෙන්ම ප‍්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වූහ.

– ජයකාන්ත ලියනගේ

Source Link : ආටිකල් 14.news

දේශීයත්වයෙන් පිරිපුන් දේශපාලකයෙක් වෙන ගම්මන්පිලගේ ඕස්ට්‍රේලියානු පුරවැසිකම හිමි පුත්‍රයා රිය අනතුරකට පත්වෙයි

පිවිතුරු හෙල උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට මේ මස 19 වනදා සිට මසක කාලයක් විදෙස් ගතවීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව අද අවසර ලබා දුන්නා.

ඒ අනුව ඔහුට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලික ඉවත් කළ මහාධිකරණ විනිසුරුවරයා ඒ පිළිබඳව ආගමන විගමන පාලකවරයා දැනුවත් කරන ලෙසටයි නියෝග කළේ.

තමාගේ අවුරුදු 10ක් වයසැති පුත්‍රයා ඕස්ට්‍රේලියාවේදී රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර සිටින බැවින් ඔහුව බැලීම යාම සඳහා අවසර ලබාදෙන ලෙස මන්ත්‍රීවරයා අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි මෙම විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර ඇත්තේ.

Source Link : ආටිකල් 14.news

වැලදෙන 70% ක් අනිවාරෙන් මිය යන අළුත් වෛරසයක් ව්‍යාප්ත වෙයි. නිපා වෛරසයට තවම ලෝකේ බෙහෙත් නැ

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තාවූ පළතුරු වවුලන් ඇතුලූ සත්ව විශේෂ වෙතින් මිනිසාට බෝවන මාරාන්තික වෛරස් රෝගය ලොව පුරා ව්‍යාප්ත විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

නිපා ලෙස නම් කර ඇති මෙම වෛරසය මීළඟ වසංගත රෝගය විය හැකි බවටයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ.

මෙම වෛරසයෙන් ඉන්දියාවේ පමණක් මේවන විට පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තවත් 200 කට වැඩි පිරිසක් රෝහල් ගතකර ඇති අතර ඉන් 26 දෙනෙකු බරපතල තත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ.

වැඩි වශයෙන් බලපෑම් එල්ලවී ඇති කේරළ ප්‍රාන්තයේ හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.

1998 වසරේ සිට මේ දක්වා නිපා වෛරසයෙන් මැලේසියාව, බංග්ලාදේශය සහ ඉන්දියාව යන රටවලින් මරණ 260 ක් වාර්තාවී තිබෙනවා.

මෙතෙක් එන්නතක් හෝ නිශ්චිත ප්‍රතිකාරයක් සොයාගෙන නොමැති නිපා වෛරස් රෝගය වැළඳෙන සියයට 70 ක් මියයන බව සඳහන්.

Source Link : ආටිකල් 14.news

යහපාලනෙන් මුදල් ඉපයූ ධනවතා රාජපක්ෂලාට හේත්තු වෙලාලු ඊලග පාර ආණ්ඩුව පෙරලුනොත් පරීක්ෂණ වලින් බේරිලා ඉන්න

දේශපාලන ප‍්‍රබලයාගේ ව්‍යාපාරික සහෝදරයා රාජපක්‍ෂ ප‍්‍රබලයාට සෙට් වෙයි.. ආණ්ඩුව පෙරළියකදී කළු සල්ලි සලවන්න සැරසෙනවාලූ..

මෙරට ප‍්‍රබල දේශපාලඥයෙකුගේ සහෝදරයෙකු රාජපක්‍ෂ පවුලේ ප‍්‍රබලයෙක් සමගින් සමීප සම්බන්දතාවයක් පවත්වාගෙන යමින් සිටින්නේ යයි වාර්තා වෙයි.

යම් හෙයකින් ඉදිරි මැතිවරණයකදී රාජපක්‍ෂ පාලනයක් නැවත බිහිවුවහොත් තම ව්‍යාපාර ආරක්‍ෂා කර ගැනීමේ අරමුණින් මෙම සබදකම් සිදුවන බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

මෙරට සිටින ධන කුවේරයක් වන මෙම පුද්ගලයා ව්‍යාපාර ජාලයක හිමිකරුවෙකුද වෙයි.

මීලග මැතිවරණයකින් ආණ්ඩුව පෙරලී රාජපක්‍ෂ පාලනයක් පැමිණියහොත් ධනය ඉපැයූ ආකාරය පරීක්‍ෂා කිරීම වලක්වා ගැනීම සදහා දැන් සිටම සැලසුම් කරමින් ඇතැයිද වාර්තාවන්හි වැඩි දුරටත් සදහන්ය.

Source Link : ආටිකල් 14.news

දුන්නේ කවුද කියලා දයාසිරිට අමතක චෙක් එකේ නොම්බරේ හා සියළු විස්තරේ අග ඉදන් මුලට මෙන්න මෙහෙමයි උනේ

දුන්නේ කවුද කියලා දයාසිරිට අමතක චෙක් එකේ නොම්බරේ හා සියළු විස්තරේ අග ඉදන් මුලට මෙන්න මෙහෙමයි උනේ

 

Source Link : ආටිකල් 14.news

ලංකාවේ මිනිස්සු 40න් 50න් අකාලයේ මිය යාම ඉදිරියේදි තව වැඩිවෙයි. කොත්තු ෆයිඩ් රයිස් මාරයා ගැන බය හිතෙන කථාව

*****අවුරුදු 40 න් 50 මැරෙන්න ඕනේනම් කොත්තු,ෆ්‍රයිඩ් රයිස් කන්න*****

”කුරුණෑගල මගෙන් ප්‍රතිකාර ගන්න එන අයගෙන් ගොඩක් අය වයස 40-50 පසුවන්නන්. මේ අතර අංශ භාගය හැදුණු තරුණ අය ප්‍රතිකාර ගන්න පැමිණීම වැඩිවෙලා තියෙනවා. සමහරුන්ට වයස 40 යි. වම් අත පණ නෑ. නැත්නම් දකුණු අත පණ නෑ. මේ වැඩි දෙනා කුරුණෑගල ගොවිතැන් කරන අය. මං හොයලා බැලුවා මොකක්ද මේකට හේතුව කියලා. ඒකට ප්‍රධාන වශයෙන් හේතු දෙකක් බලපානවා. එකක් තමයි කෘමිනාශක, වල් නාශක භාවිත කරන රාසායනික ගොවිතැනේ යෙදීම. දෙවැනි හේතුව තමයි මෙයාලා ගොවියො වුණාට රෑට ගොඩක් කන්නේ කොත්තු සහ රස කාරක යෙදූ බත්. එහෙම නැත්නම් ෆ්‍රයිඩ් රයිස්. මොකද ඒවා කෑවම බඩ පිරෙන නිසා. මං හිතන්නේ මෙයාලට අංශභාගය හැදෙන්න මේ කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් කන එකත් ප්‍රධාන හේතුවක්.”

මේ ඉකුත් දිනක වැලිසර රෝහ‍ලේ වෛද්‍ය ‍පෝෂණ විද්‍යා විශේෂඥ නිරෝෂ් බණ්ඩාරට කතා කළ විට ඔහු හෙළි කළ ලොමුදැහැගන්වන කතාවකි. අපේ ආහාර සංස්කෘතිය තුළ මේ වනවිට ඉහළට පැමිණ තිබෙන්නේ කොත්තු රයිස් සංස්කෘතියයි. ‍ලේසියට පහසුවට හැමෝම බලන්නෙ කොත්තුවක්, රයිස් එකක් කාලා බඩ පුරවගන්නයි. එසේ පහසුවට කෑවද මේ කොත්තු රයිස් පිටුපස තිබෙන කතාව තිත්ත එකකි.

කොත්තු හෝ රයිස් කෑමෙන් අංශභාග වැනි රෝග හැදෙන්නේ කෙසේද?

මෙයට කලකට පෙර තරුණ ළමයකුට සැත්කමක් කළා. ඔහු හිටිහැටියේ අංශභාග රෝගියෙක් වුණා. වසර දහයක් තිස්සේ ගමෙන් කොළඹට ඇවිත් රැකියාවක් කරන ඔහු ඒ වසර දහයෙම කාලා තියෙන්නේ කොත්තු සහ රයිස්. ඔහු අංශභාග රෝගියෙක් වුණේ ඒ නිසයි. මේ කොත්තු සහ රයිස් හැදීමේදී භාවිත කරන්නේ වරක් භාවිත කළ එළවළු තෙල් වර්ග. මේ බාල එළවළු තෙල් ආදිය සුපිරි හෝටල්වලින් ඕන තරම් ගන්න පුළුවන්. මේවා ලොකු කෑන් එකක් වෙන්නේ රුපියල් 200ක් වගේ මුදලක්. ඉතින් කොත්තු රයිස් හදන අය විතරක් ‍නෙවෙයි, කඩල බදින, වඩේ බදින, මුරුක්කු හදන අනෙක් සියලුම බයිට් වර්ග හදන අය 99ක්ම භාවිත කරන්නේ මේ බාල තෙල් වර්ග. ඒ විතරක් ‍නෙවෙයි ලංකාවේ කෑම කඩවලින් 90කට වැඩි ප්‍රමාණයක් ආහාර පිසීම සඳහා භාවිත කරන්නේ වරක් භාවිත කළ තෙල් වර්ග. අන්න ඒ නිසා තමයි මේවා කෑවම ලෙඩ හැදෙන්නේ. හිතාගන්න බැරි ලෙඩ හැදෙන්නේ. මේ තෙල් වර්ග රුධිර වාහිනිවලට ගිහිල්ලා ඒවායේ ඝනවීම් ඇති කරනවා. රුධිරවාහිනිවල ‍ලේ කැටි වැඩි කරනවා. ඉතින් එතනින් තමයි අංශ භාග රෝග ආදිය හැදෙන්නෙ.

අපට ඕනතරම් අත්දැකීම් තියෙනවා රෝහල්වලට ඇතුළුකරන රෝගීන් හේතුව හොයාගන්නත් කලින් හිටිහැටියේ මැරිලා යනවා. ඒකට හේතුව තමයි කොත්තු රයිස් සංස්කෘතිය.

වෛද්‍ය නිරෝෂ් බණ්ඩාර ඉහත දැක්වූ කරුණු අනුව පෙනෙන්නේ රසකර කර ඔබ අප නිතර අනුභව කරන ජනප්‍රිය ආහාරවල සැඟවුණු මාරයෙක් ඇති බවය. එහෙයින් ඒ ආහාර සංස්කෘතිය පිළිබඳ යළි සලකා බැලීමට කාලය එළඹ තිබේ. නිතර අප දකින දසුනක් නම් මේ රටේ ගම් නගරවල හන්දිගානේ තිබෙන බයිට් කඩය. එසේම වඩේ බදින තැන්ය. මේවා සඳහා බෙහෙවින් භාවිත කරන්නේ ප්‍රමිතියෙන් තොර යළි යළි භාවිත කරන තෙල් වර්ගය. විශේෂයෙන් රටකජු ආදිය බැදීමට බෙහෙවින් භාවිත කරන්නේ ප්‍රමිතියෙන් තොර එළවළු තෙල්ය. තාච්චිය කළු පාට වෙනකම් මේ තෙල් යළි යළි භාවිත කරන බව පෙනේ.

අපේ මව්පියන්, වැඩිහිටියන් කිසිදු වගවිභාගයක් නැතිව පුංචි දරුවන්ට බයිට් වර්ග ආදිය ඇති පදමට අරන් දෙනවා. අද අපේ ළමයි අතර අධික ස්ථුල අය ගොඩක් ඉන්නවා. ඒකට හේතුව තමයි මව්පියන් කිසිදු වග විභාගයක් නැතිව ඔවුන්ට වඩේ, බයිට් වර්ග ආදිය කන්න දීම, මොකද මේවා ගොඩක් හදලා තියෙන්නේ අර මුලින් කිව්වා වගේ ප්‍රමිතියෙන් තොර තෙල්වලින්. ඒ වගේම ගොඩක් පාසල් යන ළමයින්ට දැන් කොලෙස්ටරෝල් වැඩිවෙලා තියෙනවා. මගේ ළඟට ආවා ප්‍රතිකාර කරන්න ෆැටීලිවර් තියෙන ළමයි. ස්කෑන් කරලා බැලුවම එයාලට ෆැටීලිවර්. මොකක්ද මේකට හේතුව උදේට කන්නෙ පාන්, රෑට කන්නෙත් පාන්. බතුයි එළවළුයි කන්නේ ටිකයි. මීට අමතරව බයිට් වර්ග ඕන තරම් කනවා. ඒවගේම වයස 43ක තරුණ ලෙඩෙකුට මම ප්‍රතිකාර කරනවා එයාට දියවැඩියාව, ඒවගේම අංශභාගය හැදිලා.

මෙයා මොනවද කන්නේ? මෙයා හැමදාම කාලා තියෙන්නේ කොත්තු. මේ රයිස් වගේම කොත්තු හදන්න භාවිත කරන්නේ ප්‍රමිතියෙන් තොර තෙල්. ගොඩක් බයිට් වර්ග බදින තැන්වල ඒවගේම කොත්තු රයිස් හදන තැන්වල තියෙනවා කහපාට කෑන් එකක්. අන්න ඒකේ තියෙන තෙල් තමයි පාවිච්චි කරන්නේ. මං මුලින් කිව්ව විදියට අපේ රෝහල්වල හිටිහැටියේ රෝගීන් මැරෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණවලින් හෙළිවෙලා තියෙන්නේ එයාලට හාට් ඇටෑක් කියලා. මේවගේ හිටිහැටියේ හාට් ඇටෑක් හැදෙන්නේ ප්‍රමිතියෙන් තොර ආහාර භාවිතය නිසයි.

සාමාන්‍ය ජනතාව පමණක් ‍නෙවෙයි වෛද්‍යවරුන් අතරත් මේ දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි රෝග ඉහළ ගිහින් තියෙනවා. වෛද්‍යවරුන් අතරින් 40කට දියවැඩියාව තියෙනවා.

විශේෂයෙන් එළවළු තෙල් ඉහළ උෂ්ණත්වයකට ලක්කිරීමේදී ට්‍රාන්ස් ෆැට් බවට පත්වෙනවා. මේ ට්‍රාන්ස් ෆැට් හදවත් රෝග ඇතුළු රෝග රැසකට හේතුවක්. ඇත්තෙන්ම එළවළු තෙල් කවදාවත් බදින්න ගන්න හොඳ නැහැ. ගැඹුරු තෙ‍ලේ බදිනවා නම් ගන්න ඕන පිරිසිදු ‍පොල් තෙල්. පිරිසිදු ‍පොල් තෙල් පාවිච්චි කරනවා නම් ඔය බොහෝ ලෙඩ සුවවෙනවා.

වෛද්‍ය නිරෝෂ් සඳහන් කරන පරිදි එළවළු තෙල් නිෂ්පාදනය සඳහා සෝයා බෝංචි, කපු බිජ ආදිය යොදාගනී. මේ එළවළු තෙල් නිෂ්පාදනයේදී විෂ වර්ග එකතු වේ. මෙකී බිජවලින් තෙල් පෙරා ගැනීමේ දී භාවිත කරන රසායනික වර්ග නිසා බිජවල අන්තර්ගත ස්වාභාවික ‍පෝෂ්‍ය පදාර්ථ විනාශ වේ. අවසානයේ තෙල් නිපදවෙන්නේ පෙරී ඉතිරිවන රොඩුවලින්. මේ නිසා එළවළු තෙල් භාවිතයෙන් තොරවිය හැකි නම් එමගින් බොහෝ ලෙඩරෝග වළක්වා ගත හැකි බව පෙනේ.

“මේ විදියට කොත්තු සහ රයිස් ආහාර සංස්කෘතියට ගොදුරු වුණොත් 2020 වන විට වයස 40 50 වනවිට මියයන සංඛ්‍යාව වැඩිවීමට බොහෝ ඉඩකඩ තිබෙනවා. එය මට දැනට තියෙන කරුණු අනුව නිශ්චිතව සඳහන් කරන්න පුළුවන්. එමගින් අපේ රට සහ ජාතිය ප්‍රබල අර්බුදයකට මුහුණපාන බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ නිසා කොත්තු රයිස් සංස්කෘතියෙන් මිදිලා වස විසෙන් තොර දේශීය ආහාර සංස්කෘතියට යොමුවීමට කාලය ඇවිල්ලා. විශේෂයෙන් අපි අපේ දූදරුවන්ට වස විසෙන් තොර ආහාර පුරුදු කරන්න ඕන.”

වෛද්‍ය නිරෝෂ් බණ්ඩාර සඳහන් කළ ඉහත දැක්වූ කරුණු දේශීය ආහාරපාන ගැන උනන්දුවන මේ අවුරුදු සිංහල අවුරුදු සමයේ දී අවධානයට ගැනීම යෙහෙකි.

උපුටා ගැනීම – රිවිර online / වරුණ අබේසේකර

Image may contain: food

Source Link : ආටිකල් 14.news