මේවා නොදැන ෆේස්බුක් මැසේන්ජර් භාවිතා කරපු 80% පමණ අමාරුවේ වැටිලා ඔබත් දැන්ම දැනගන්න

ෆේස්බුක් කියන්නේ අද ලෝකයේ භාවිත වන අංක එකේ වෙබ් අඩවියක් කිව්වොත් අපි නිවැරදි. ඔබම මොහොතක් සිතන්න ඔබම දවසකට කී සැරයක් ෆේස්බුක් එකට ලොග් වෙලා ඉහලට පහලට යනවද කියලා. අද අපි මේ කියන්න යන්නේ ෆේස්බුක් එක ගැනනම් නොවෙයි ෆේස්බුක් එකෙන් චැට් කරන්න හදල තියන ෆේස්බුක් මැසෙන්ජර් ඇප් එක ගැනයි.

මිතුරන් සමඟ චැට් කරන්න වගේම කතා කරන්න , ඡායාරූප වැනි දෑ හුවමාරු කරගන්න අද වනවිට බොහෝ දෙන භාවිත කරන්නේ මේ මැසෙන්ජර් ඇප් එක. ඉතින් මෙහි තිබෙන සමහර දේවල් නොදැන මේ ඇප් එක භාවිත කරන්න ගිහින් බොහෝ දෙන අමාරුවේ වැටුණු අවස්ථා අපිට හමුවෙලා තිබෙනවා. අද අපි මේ කියන්න යන්නේ ෆේස්බුක් මැසේන්ජර් ගැන බොහෝ දෙනෙක් නොදන්නා රහස් 4ක් ගැනයි මෙන්න එහෙනම් බලන්නකෝ වීඩියෝව පහතින්

Source Link : Online Sinhala Blog

බාධක මැද ලෝකය ජයගෙන ලක් මව රනින් සැරසූ ආසියාවේ කළු සිංහයාට කලකට පසු ලැබෙන්න යන තෑග්ග මෙන්න

විවිධ ඉසව් ඔස්සේ ලක්මව ජාත්‍යන්තර තලයට ඔසවා තබා ලක්මව රනින් සරසන අභිමානවත් පුතුන් කිහිප දෙනෙක් අපේ රටේ සිටිනවා. ඒ අතරේ ආසියානු කාය වර්ධන තරගාවලියකදී ශුරතාවය දිනාගත් ලූෂන් පුෂ්පරාජ්ට හිමි වන්නේත් ප්‍රමුඛ ස්ථානයක්. කිසිදු අනුග්‍රහයක් දායකත්වයක් නොමැතිව ලක් මව වෙනුවෙන් ලූෂන් ජාත්‍යන්තරයේ තරඟ වැදී ජයග්‍රහණ රැසක් මෙරටට ගෙන ආ බව සැවොම කතා වෙන දෙයක්. නමුත් මේ වන විට ඔහුගේ දක්ෂතා අගයමින් මිලියන 4.5ක වටිනාකමිකින් යුත් නිවසක් ලුෂන්ට තිළිණ කරන්නට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ලෝක කායවර්ධන පිටියේ සිය නාමය ඉහලින් සනිටුවහන් කරමින් ඇමරිකාවේදී පැවති මිස්ටර් ඇට්ලස් තරඟාවලියේ 4වන ස්ථානය දින්ගන්නටද ලුෂන් සමත්වුනා.

මොරටුව ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක නිවසක් ලුෂන්ට තිළිණ කරන්නට සජිත් ප්‍රේමදාස ඇමතිවරයා තීරණය කර ඇත්තේ මේ සියලු දක්ෂතා අගයමින්.

හෙට උදෑසන නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යංශයේදී අදාළ නිවස නිල වශයෙන් බාරදීමට නියමිතයි.

Source Link : Online Sinhala Blog

මියගිය බිරිඳට පිං පිණිස අවුරුදු 12ක් තිස්සේ දවසට හාල් කිලෝ 8ක සහලින් අසරණ සුනඛයින්ට අහාර

අද සමාජය කෙතරම් කුරිරු වුවත් තවමත් සංවේදී හදවත් තිබෙන මිනිසුන් අනන්තවත් අපි අතර සිටිනවා අද අපි ඔබලාට කියන්න යන්නේ ඒ වගේ සංවේදී හදවතක් තියන උතුම් මිනිසෙක් ගැනයි. තමන් පන වගේ ආදරය කල බිරිඳ මියගිය පසු අය වෙනුවෙන් අවුරුදු 12ක් තිස්සේ අසරණ සුනඛයින්ට අහාර ලබාදෙන පුද්ගලයෙක් ගැන අපිට පුවතක් අසන්නට ලැබුණා.

ඔහු නමින් ජී.ඩී. සෝමවීර ජයනන්ද වන අතර ඔහුගේ ලිපිනය වන්නේ කිරිමැටියාන බෝත‍ලේගමයි. ඔහුගේ ආදරණීය බිරිඳ රෝගාතුරව හදිසියේ දිවියෙන් සමුගැන්මෙන් පසුව මියගිය බිරිඳ වෙනුවෙන් පින් රැස් කිරීමට වෙහෙසුණු ඔහුගේ යටිසිත පවසා ඇත්තේ තම මියගිය බිරිඳ වෙනුවෙන් අසරණ සතුන්ගේ කුසගින්න නිවීමට ප්‍රමුඛතාවක් දියයුතු බවකි වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්

Source Link : Online Sinhala Blog

“මගේ බිරිඳ ගෘහණියක් වීම මගේ කටයුතු සාර්ථක කරගැනීමට හේතුවයි” ප්‍රදීප් රංගන මාධ්‍යයට කිව්ව දේ

එක රැයක් තුළ මුළු රටක් ආදරය කරපු සුපිරි තරුවක් තමයි ප්‍රදීප් රංගන කියන්නේ. මේ දිනවල “සිරස ජූනියර් සුපර්ස්ටාර්” හරහා ඔබේ ආලින්දයට එන ඔහු ජූනියර් සුපර්ස්ටාර් ගැන වගේම ඔහුගේ තොරතුරුත් පුවත්පතකට කියලා තිබුණේ මේ විදියට…

“සිරස ජූනියර් සුපර් ස්ටාර්” තරඟය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි ?

ඇත්තෙන්ම “සිරස ජූනියර් සුපර් ස්ටාර්” විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීම ඉතාම වගකීම් සහිත කටයුත්තක්. එහි තරඟ වදින්නේ වයස 12 – 18 අතර ළමයි. ඒක සංක්‍රාන්ති වයස. ඒ වයසේදී සිතන පතන විදිය වෙනස්. ටිකක් ආවේගශීලීව හිතන ක්ෂණික තීරණ ගන්න වයසක්. ඒ වගේ අයත් එක්ක ගනුදෙනු කරන එක බොහෝම කල්පනාවෙන් කරන්න ඕන. අපේ එක වචනයකින් ඒ අයගේ ජීවිතේට තදබල බලපෑමක් ඇති කරන්න පුළුවනි. ඒ වගේම මේක තරඟයක් බවත් අපට අමතක කරන්න බෑ. දක්ෂයන් ඉදිරියට යවන්න අනෙක් අය ඉවත් කරන්න අනිවාර්යයෙන්ම සිදුවනවා. ඔන්න ඔය අන්ත දෙක ගැන හිතලා තමයි කටයුතු කරන්න වෙන්නේ.

ඒ විදියට කටයුතු කරද්දී ගොඩක් සංවේදි වු අවස්ථා ඇති ?

එහෙම අවස්ථා තියෙනවා. ඒත් විනිසුරුවරුයෙකු විදියට එහෙම සංවේදි වෙලා බැහැ. ඒ වගේ වෙලාවට පෞද්ගලිකව කළහැකි දෙයක් තියෙනවා නම් එම යුතුකම ඉටු කරනවා.

මේ වන විටත් ප්‍රදීප් ඒ වගේ කටයුත්තකට අතගහලා නේද ?

ඔව්, නිපුන කියලා වයස 15 ක විතර දරුවෙක් මේ තරඟයේදී මට මුණගැහුනා. ඒ ළමයට ගායන කුසලතා තියෙනවා. ඒත් ඊට වඩා දක්ෂ අය ඉදිරියට යද්දි ඒ ළමයට අවසන් 48 දෙනාගෙන් නතරවන්න සිදුවුණා. ඒ දරුවා “එස්. ඕ. එස්. ළමා ගම්මානයේ තමන්ගේ නංගි එක්ක ජීවත්වන ළමයෙක්. එයාගේ පසුබිම මත මම එයාට ගීතයක් නිර්මාණය කරලා දෙන්න තීරණය කළා. මේ දවස්වල ඒ ගීතය නිර්මාණය වනවා. ගීතය වීඩියෝවක් සමඟ ඉදිරියේදි මාධ්‍යයට ඉදිරිපත් කරන්න බලා‍පොරොත්තු වනවා. මම හිතන්නේ හේෂානුත් ඒ දරුවට නොමි‍ලේ සංගීතය උගන්නන්න ඉදිරිපත්වුණා.

“ජූනියර් සුපර්ස්ටාර්ස්” ලා ටිකක් දඩබ්බර වයසක ඉන්න අය, ඒ අය හිතුවක්කාරකන් කරපු අවස්ථා, විනිශ්චයට විරෝධතා එල්ලකල අවස්ථා නැද්ද ?

නැහැ. ඇත්තටම ඒ ළමයි හරි ශක්තිමත් විදියට ජය පරාජය පිළිගත්තා.

ඇතැම් තරඟකරුවන් මතුවු අවස්ථා තියෙනවා. විනිසුරුවන් ඒ අයට විශේෂත්වයක් දක්වන බවට සමහරු චෝදනා නඟනවා ?

කවුරුන් හෝ ඒ විදියට මතුවුනානන් ඒක ඒ අයගේ දක්ෂතා මත වූ දෙයක්. ඒ වගෙ අවස්ථාවල අපිත් ඊට සුදුසු ප්‍රතිචාර දක්වන්නට ඇති. නමුත් කිසිම දවසක අපි කිසිම තරඟකරුවකුට හෝ තරඟ කාරියකට විශේෂත්වයක් දක්වලා නැහැ.

පසුගිය කාලයම ප්‍රදීප් ගතක‍ලේ “ජූනියර් සුපර්ස්ටාර්ස්” ලා සමඟ. ඒ අයගේ දස්කම් ගැන ඔබට මේ වනවිට වැටහීමක් තියෙනවා. කිරුළු දිනාගන්නා කෙනා ගැන මේ වනවිට යම් චිත්‍රයක් ප්‍රදීප් තුළ ඇති ?

නැහැ. තරඟය පුරා දස්කම් පෙන්වු කෙනෙක් හිටිහැටියේ යම් අසනීප තත්ත්වයක් මත හෝ පෞද්ගලික හේතුවක් මත එක් වටයකදී අවම දස්කම් පෙන්වුවත් විනිශ්චයේදී පූර්ව දක්ෂතා ගැන හිතල බලනවා. ඒත් අවසන් වටයේදි එහෙම කරන්න බෑ. එහිදී ජය පරාජය හිමිවන්නේ එදා පෙන්වන දක්ෂතා මත. ඒ හින්දා දැනට අවසානය කරා ඇවිත් ඉන්න අය අතරින් කවුරු ජය ගනීද කියල මට නම් මේ මොහොතේ කියන්න බැහැ.

ප්‍රදීප්ගේ සංගීත ජීවිතයේ නවතම තොරතුරු මොනවාද ?

මේ දවස්වල මම ගායනා කල “ඔබගෙන් තරම්” ගීතයට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙනවා. ඒ වගේම සිරිස ටීවි තුළින් විකාශය වන “දිග්විජය” ටෙලි නාට්‍යයේ තේමා ගීතයටත් ගායනයෙන් එක්වුණා. ඔය අතරේ අලුත් ගීතයක් කරන්නත් සූදානම් වනවා. මේ වසර මැදදී මගේ එම නවතම ගීතය රසිකයන්ට තිළිණ කරන්න බලා‍පොරොත්තුවෙන් ඉන්නවා.

වෘත්තිමය තොරතුරු කතා කලොත් ?

මම දැනට බලංගොඩ මාරතැන්න රෝහ‍ලේ කටයුතු කරනවා. මේ වනවිට මම තමයි එහි ආයතනභාර වෛද්‍ය නිළධාරී විදියට කටයුතු කරන්නේ. වෘත්තියේ යෙදෙන අතර කාලය කළමනාකරණය කරගෙන තමයි සංගීත කටයුතුවල යෙදෙන්නේ.

කොහොමද පෞද්ගලික තොරතුරු ?

බොහොම සතුටින් ගෙවිල යනවා. මගේ බිරිඳ මගේ ළඟම ඉඳගෙන මගේ සියලු කටයුතුවලට සහයෝගය දෙනවා. ඇත්තටම ඇය රැකියාවක් නොකර ගෘහණියක් විදියට ඉන්න හින්දා තමයි මට මේ විදියට මගේ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙලා තියෙන්නේ.

දෙන්නගේ කැදැල්ලට පුංචි අමුත්තෙක් එන්නේ කවදාද ?

ඉදිරියේදී ඒ බලා‍පොරොත්තුව ඉෂ්ට වේවි.

Source Link : Online Sinhala Blog

සරුංගලේ දෙස බලා දිවයනවිට නොසිතූ ලෙස පුංචි පුතෙකුට අත්වූ ඇග කිලිපොලා යන අවාසනාවන්ත ඉරණම

සෙල්ලමත් සමඟ කාලය ගත කිරීමේදී නොසිතන ආකාරයට දරුවන්ට නොයෙකුත් අකරතැබ්බයන්ට මුහුණ දීමට සිදු වනවා. එවැනි පුවතක් අපට වාර්තා වන්නේ යාපනය, චාවකච්චේරි ප්‍රදේශයෙන්. ඒ වයස අවුරුදු 15 ක දරුවෙකු අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් ඊයේ(19) සවස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

වයස අවුරුදු 08ක තවත් දරුවෙක් සමඟ සරුංගල් යැවීමට ගිය අවස්ථාවක අදාල දරුවා මෙම අනතුරට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ. දරුවා ළිඳට වැටීමෙන් අනතුරුව වයස අවුරුදු 08 ක දරුවා බියවි වී නිවස වෙත පැමිණ සිද්ධිය පිළිබඳව වැඩිහිටියන් දැනුවත් කර තිබෙනවා. ඉන් අනතුරුව ළිඳට වැටුණු දරුවා ප්‍රදේශවාසීන් එක්ව ගොඩ‍ට ගෙන යාපනය චාවකච්චේරි රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

රෝහල්ගත කළ දරුවා අනතුරුව ජිවිතක්ෂයට පත්වූ බවයි වාර්තාවන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

 

Source Link : Online Sinhala Blog

ගුවන් යානේ යන ගමන් විනාඩි විස්සක් විතර කාන්තාවක් කරපු ලැජ්ජා නැති වැඩේ හින්දා අන්තර්ජාලය කැළඹෙයි – (Video) සහිතයි

ගුවන් යානයක, පියාසර කරන අතරතුර මගී කාන්තාවක් සිදු කළ ක්‍රියාවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ලොව පුරා පැතිර යමින් තිබෙනවා. ඒ රුසියාවට අයත් Ural ගුවන් සේවයේ ගුවන් යානයක් තුර්කියේ Antalya නගරයේ සිට රුසියාවේ මොස්කව් නගරය දක්වා පියාසර කරන අතරවාරයේ.

යම් කාන්තාවක් සිය යට ඇදුම ගුවන් යානයේ වායු සමීකරණයෙන් වේලා ගැනීමට උත්සහ කරන ආකාරය ගුවන් යානයේ සිටි තවත් මගියෙක් විසින් වීඩියෝ ගතකර තිබෙනවා.සමාජ ජාල මාධ්‍යය ඔස්සේ පැතිර යමින් තිබෙන්නේ එම වීඩියෝවයි.

ඇය ඒ ආකාරයෙන් විනාඩි විස්සක් පමණ සිය යට ඇදුම වේලා ගැනීමේ උත්සාහයක නිරත වූ බවයි මගියෙක් විදෙස් මාධ්‍යකට පවසා තිබුණේ.

මේ එම වීඩියෝවයි…

Source Link : Online Sinhala Blog

සන්ෆලවර් සංගීත කණ්ඩායමේ නෙල්සන් වාස් මවගේ අවමගුලට පැමිණි සිටි සියල්ල හඩවමින් ගැයූ මව් ගුණ ගීතය

ලංකාවේ දැනට සිටින ඉතාමත් ජනප්‍රිය සංගීත කණ්ඩායමක් තමයි නීල් වර්ණකුලසුරිය ප්‍රමුඛ සන්ෆලවර් සංගීත කණ්ඩායම… දශක හතරකට ආසන්න කාලයක් පුරාවටම ලංකාවේ එදා මෙන්ම අදත් ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන මේ කණ්ඩායම ගැන කතාකරන විට අමතක කල නොහැකි දැවැන්ත චරිතයක් තමයි නෙල්සන් වාස් කියන්නේ.

අද අපි මේ කියන්නට සුදානම් වෙන්නේ නෙල්සන් වාස් පිලිබන්දවනම් නොවෙයි. ඔහුගේ මෑණියන් ගැනයි. පසුගියදා ඔහුගේ මෑණියන් මෙලොවින් සදහටම සමුගත්තා. අවමංගල්‍ය උත්සවයේ වැඩකටයුතු අවසාන වී දේහය සුසාන භූමියට ගෙන යාමට පෙර නෙල්සන් වාස් ගායන ශිල්පියා පැමිණි හැම දෙනාම හඩවමින් තම අම්මාට ගුණ ගීතයක් ගායනා කළා. එහි වීඩියෝව තමයි මේ පහතින් ඔබත් නරඹන්න

Source Link : Online Sinhala Blog

“ඇත්තටම හරිම ආඩම්බරයි, ඒ වගේ දරුවෝ ලබන්න අපි හරි වාසනාවන්තයි” දිනක්ෂි, ශේෂාද්‍රි, වගේම ශනුද්‍රි ගැන මව ශිරාණි ප්‍රියසාද් කතා කරයි

අපේ රටේ කලාවට සම්බන්ධ පවුල් කිහිපයක් තියෙනවා. ඒ අය කලාවට ලොකු සේවයක් කරනවා වගේම ප්‍රේක්ෂක ආදරය ඉතා ඉහලින්ම දිනාගන්නත් සමත්වෙලා තියෙනවා. ඒ අතරේ දිනක්ෂි, ශේෂාද්‍රි, වගේම ශනුද්‍රි කියන්නේ පුංචි කාලේ ඉදලම කලාවට සම්බන්ධ වුණු අක්කා නගාලා. මේ තුන්දෙනා කලාවට අවතීර්ණ වෙන්නෙත් ඔවුන්ගේ පියා දිනේෂ් ප්‍රියසාද් නිසා. එතුමා සිනමා අධ්‍යක්ෂවරයෙක් වුණත් ඔහුටත් වඩා දැන් ඔහුගේ මේ දියණියන් තුන් දෙනා ජනප්‍රියයි. මේ තුන්දෙනාගේ ආදරණිය මව තමයි ශිරාණි ප්‍රියසාද්. දරුවෝ තුන්දෙනාගේ අතීතාවර්ජනයක් ඇය පසුගිය දවසක පුවත්පතකට කියලා තිබුණා. මේ ඒ පිළිබඳවයි.

ඔබේත් දිනේෂ් ප්‍රියසාද්ගේත් කැදැල්ලට එකතු වුණු මුල්ම දරුවා දිනක්ෂි. කොහොමද දිනක්ෂිගේ පුංචි කාලය?

අපි විවාහවෙලා අවුරුද්දකට විතර පස්සේ දිනක්ෂි අපේ පවුලට එකතුවුණා. එයා චූටි කාලේ හරිම අහිංසකයි. ලැජ්ජයි. අපි දෙන්නාගේ තුරුලේ තමයි දිනක්ෂි හිටියේ දිනක්ෂිගේ තාත්ති ෂූටිං ගියාට පස්සේ දිනක්ෂි හිටියේ මගේ තුරුලේ. එයා චූටි කාලේ බෝනික්කෝ එක්ක සෙල්ලම් කළා. මම එයාව නලවනවා වගේ අක්කි (දිනක්ෂිට ගෙදර අය කතා කරන්නේ අක්කි කියලා) එයාගේ සෙල්ලම් බෝනික්කෝ නැලෙව්වා. ඒ බෝනික්කෝ එක්ක කතා කරලා. හරිම සුරතල් වැඩ තමයි අක්කි චූටි කාලේ කළේ. චූටි කාලෙත් එයා දඟ නෑ.

දිනක්ෂි ළදරු පාසැලේදී මොනවගේ දරුවෙක්ද ?

අම්මෝ දිනක්ෂි මොන්ටිසෝරියේදී හැම දේකටම ඉදිරිපත් වෙනවා. මට තාම මතකයි මොන්ටිසෝරියේ එක අවුරුද්දක කොන්සට් එකකදී එක නැටුමකට විතරයි හිටියේ නැත්තේ. අනිත් හැම නැටුමකම මෙයා හිටියා. ඒ කොන්සට් එක මට බලන්න ලැබුණේ නෑ. මගේ වැඩේ ස්ටේජ් එක පිටිපස්සට වෙලා මෙයා ආපු ගමන් ඊළඟ නැටුමට ඉක්මනට මෙයාව ලෑස්ති කරපු එක. මෙයා ස්ටේජ් එකේ නටද්දි මම ඊළඟ නැටුමට ඇඳුම ලෑස්ති කරගන්නවා. ඒ නිසා කොන්සට් එක මට බලන්න ලැබුණේම නැහැ. හැබැයි එදා දිනක්ෂි හරි ලස්සනට හැම නැටුමක්ම නැටුවා කියලා කොන්සට් එක බලන්න ආපු හැමෝම කිව්වා.

ඊළඟට පවුලට ශේෂාද්‍රිත් එකතුවුණා ?

ඔව්, දිනක්ෂියි ශේෂාද්‍රියි අතර පරතරය අවුරුද්දයි මාස නවයයි. පවුලට අලුතින් කෙනෙක් එකතු වෙනවා කියලා එයාට එච්චර තේරුමක් තිබුණේ නෑ. එයා චූටියිනේ. හැබැයි ශේෂාද්‍රි හම්බවෙලා එයා චූටි කෙනා නිසා හැමෝගේම ආදරය, වැඩි සැලකිල්ල තිබුණේ ශේෂාද්‍රිටනේ. ඉතින් හැමෝම එයාව හුරතල් කරන්න පටන් ගත්තා. මේක අක්කිට දරාගන්න බැරිවුණා. හොඳට කතා කර කර හිටපු අක්කි එකපාරටම ගොත ගහන්න පටන් ගත්තා. අපි හරියට බයවුණා. අන්තිමේදී අපි ඩොක්ටර් කෙනෙක් ළඟටත් දිනක්ෂිව අරගෙන ගියා. ඩොක්ටර් දුන්නු එකම අවවාදය නොතේරෙන දරුවට වඩා තේරෙන දරුවව ළං කරගන්න කියලයි. කොහොම හරි කිව්වත් වගේම අර ගොත ගැහිල්ල එහෙම්මම නැතිවෙලා ගියා.

චූටි කාලේ දිනක්ෂි ශේෂාද්‍රිව අතපත ගාන්න, අදින්න එහෙම ලෑස්ති වුණේ නැද්ද ?

අක්කි පොඩීට චූටි කාලෙත් හරි ආදරෙයි. එතකොට දිනක්ෂි සූප්පුව බොනවා. ඉතින් කොහාම හරි අපි එක එක දේවල් කරලා දිනක්ෂිගේ සූප්පුව නැවැත්තුවා. ඉතින් ඔන්න පොඩී සූප්පුව බොන්න පටන් ගත්තනේ. ඊළඟට දිනක්ෂි ඇඳට නැගලා පොඩීගේ සූප්පුව අරගෙන ආයේ ඇඳෙන් බැහැලා අල්මාරිය පිටිපස්සට ගිහින් මාත් චුට්ටක් බීලා දෙන්නම් කියලා සූප්පුව බීලා ආයේ ඇඳට නැගලා පොඩීගේ කටට සූප්පුව ගහනවා.

පොඩි කාලේ ශේෂාද්‍රි දඟයිද ?

අම්මෝ හරිම දඟයි. මොන්ටිසෝරියේදීත් පොඩී හරිම දඟයි. මට තාම මතකයි පුංචි කාලේ මෙයාලගේ තාත්තිගේ ඥාති සහෝදරයෙකුගේ විවාහ උත්සවයේදී මේ දෙන්නට මල් කුමාරියන් දෙන්නා විදිහට තෝරාගත්තා. පල්ලියේදී අපි දෙන්නම හැංගිලා තමයි හිටියෙ. අපි දෙන්නව දැක්කොත් අපි ළඟට දුවගෙන එනවනේ. අක්කි නම් හරිම අහිංසක විදිහට ලස්සනට හිටියා. පූජාව පටන් ගත්තා විතරයි පොඩී එයා ළඟ හිටපු පොඩි පිරිමි ළමයාගේ අතේ තිබුණ වේවැල උදුරලා අරගෙන ඒ ළමයාට ගහගෙන ගහගෙන ගියා. පූජාව යද්දී ඒ දරුවා හරියට ඇඬුවා. ඒ වෙලාවේ අක්කි බයවෙලා පොඩී දිහා බලාගෙන හිටියා. ඒ වගේ හරිම දඟ වැඩ තමයි ශේෂාද්‍රි පොඩි කාලේ කළේ. පොඩි කාලේ අක්කි හරි චබී. ඉස්කෝලේ එක වසර දෙක වසර වෙද්දිත් ටිකක් මහතයි. ඊට පස්සේ තමයි කෙට්ටු වුණේ. ශේෂාද්‍රි නම් පුංචි කාලේ ඉඳන් චබී.

අක්කායි, නංගියි දෙන්නම ගියේ එකම ඉස්කෝලෙට නේද ?

ඔව්. දෙන්නම ගියේ බම්බලපිටියේ ශුද්ධ වූ කන්‍යාරාමයට. ඉතින් අක්කිනේ මුලින්ම ඉස්කෝලේ ගියේ. අක්කිව පළවෙනි දවස් දෙකේ මායි තාත්තියි එයාව එක්කරගෙන ගියා. එක්කරගෙන ආවා. ඊළඟට අපි වෑන් එකකට එයාව පුරුදු කළා. ඉතින් පොඩීවත් එක්කරගෙනම මම පාර ළඟට ගිහින් අක්කිව වෑන් එකට බාරදෙනවා. දවල්ට ආයෙමත් පොඩීවත් අතින් අල්ලගෙන පාරට ගිහින් වෑන් එක එනකන් ඉඳලා අක්කිව අරගෙන ගෙදර එක්ක එනවා. ඔන්න පළවෙනි දවසෙ එයා වෑන් එකෙන් බහිද්දි පොඩීට හොඳටම තරහ ගිහිල්ලා. ගෙදර ආපු ගමන් දොරවල් වලට ගහලා, පුටු පෙරළලා හොඳටම ඇඬුවා. අක්කි ගිහින් ආපු එකට පොඩීට ඉරිසියාවක් හිතිලා.

ඒ වුණාට අක්කි හරි පරිස්සමට ඉස්කෝලෙදි පොඩීව බලාගත්තා නේද ?

ඔව්. පොඩී ඉස්කෝලේ යන්න පටන් ගත්තට පස්සේ අපි එයාට නංගිව බලාගන්න බාර දුන්නා.අක්කි ඒ වගකීම හරි අපූරුවට කළා. පොඩීගේ පන්තිය තමයි මුලින්ම තියෙන්නේ. ඉතින් වෑන් එකෙන් නංගිවත් බස්සවගෙන අක්කි පොඩීව අතින් අල්ලගෙන පන්තියට එක්කරගෙන එනවා. පොඩීගේ බෑග් එකත් අරගෙන එන්නේ අක්කි. නංගිව පන්තියෙ එයාගේ පුටුවෙන් ඉන්දවලා නංගිගේ බෑග් එක බෝතලේත් එල්ලලා තමයි අක්කි එයාගේ පන්තියට යන්නේ. හැම ඉන්ටවල් එකකදීම අක්කි පොඩී කෑවද කියලා බලන්න එයාගේ පන්තියට එනවලු. මේ හැම දෙයක්ම මට කිව්වේ මෙයාලගේ පන්තිවල ගුරුතුමියන්. ඉස්කෝලේ ටීචර්ලාත් මේ දෙන්නට හරි ආදරෙයි.

ඉස්කෝලේ වැඩවලටත් දිනක්ෂි ශේෂාද්‍රිට උදව් කළාද ?

ඔව්, ඔව්… අක්කිගෙන් තමයි පොඩී ගොඩක් දේවල් ඉගෙන ගත්තේ. මම තමයි ඒ දෙන්නට මුල ඉඳලම ඉගැන්නුවේ. ශිෂ්‍යත්ව ක්ලාස් කියලා කිසිම දේකට මේ අය ගියේ නෑ. මම තමයි ඒ දේවල් ඉගැන්නුවේ. ඒ වගේම හරිම ආසාවෙන් මම කියනවා ඒ ප්‍රතිඵලය දෙන්නම මට දුන්නා. අක්කි ශිෂ්‍යත්වයෙන් ඉස්කෝලෙන් වැඩිම ලකුණු ගත්තා. පොඩී ශිෂ්‍යත්වයෙන් පන්තියේ වැඩිම ලකුණු ගත්තා.

ඔහොම කාලය ගෙවෙද්දි ශේෂාද්‍රිට අවුරුදු හතකට පස්සේ තවත් දුවෙක් පවුලට එකතු වෙනවනේ. ඒ ශනුද්‍රි… එයා චූටි කාලේ මොන වගේද ?

ශනූ චූටි කාලේ හරි මහතයි. ඉපදෙදිත් එයා හරිම ලොකුයි. ඊට පස්සේ තමයි එයා කෙට්ටු වුණේ. එයා අක්කලා දෙන්නට වඩා දන්නවා වැඩියි. වැඩවලදි වයසට වඩා නංගි (ශනූට ගෙදර අය කියන්නේ නංගා කියලා) පණ්ඩිතයි.

ශනුගේ පුංචි කාලේ අක්කලා දෙන්නාගෙන් ලැබුණු සහයෝගය කොහොමද ?

ඔව්, ඔව්…. අක්කිලා දෙන්නා ගොඩක් උදව් කළා. මම ඒ දෙන්නට බාරදීලා තමයි ගෙදර වැඩ ටික කරගන්නේ. දෙන්නම හරිම ආසාවෙන් බලාගත්තා. ඔඩොක්කුවේ තියාගෙන නලවනවා. නිදාගත්තේ නැත්නම් දෙන්නගේ වැඩේ මහ හයියෙන් සින්දු කිය කියා හයියෙන් හොලවනවා. ඉතින් පුංචි ශනුට හරි හිනා. නංගි හුස්ම අල්ලනවා. පොඩ්ඩක් ඇඬුවොත් ඇති එයාට. අපි ඉතින් බයවෙනවා. මට මතකයි එයා අඬලා එකපාරටම උඩට හුස්ම ඇල්ලුවා. අපේ ගෙවල් ඉස්සරහ ඩොක්ටර් කෙනෙක් ඉන්නවා. මම ශනුව උස්සගෙන ඒ ඩොක්ටර්ගේ ගෙදර එකපිම්මට දිව්වා. මම කොහොම පාර පැන්නද කියලා මට මතක නෑ. මගේ අතින් දරුවව අරගෙන ඩොක්ටර් කකුල් දෙකින් උස්සලා විනාඩි පහක් විතර තියලා තමයි ශනු හුස්ම ගත්තේ. එදා අපි හොඳටම බයවුණා. එතකොට නංගාට වයස අවුරුදු එකහමාරක් දෙකක් විතර ඇති. එදා ඉඳන් පුංචි කාලේ ශනුව අපි අඬවන්නේ නැහැ. මොකක් හරි ඉල්ලුවොත් ටක්ගාලා දුන්නා. හැබැයි පුංචි කාලේ එයා ඒක වාසියකට ගත්තා. හැමදෙයක්ම ඉල්ලන්න ගත්තා. අපි දෙනවා කියලා දන්නවනේ. හරිම කපටියි එයා.

ගැහැනු ළමයි තුන් දෙනෙක් ඉන්න ගෙයක්. මුළු ගේම පිරිලා ? කොහොමද තුන්දෙනාම ගෙදර ඉඳිද්දි ?

නංගා අක්කිට වඩා ගොඩක් බාලයිනේ. ඒ වුණාට ඒ තුන්දෙනාම එකටම තමයි ඉන්නේ. වැඩ කරන්නේ එක විදිහට තමයි. වෙලාවකට තුන්දෙනාම කාමරයට වෙලා කුටු කුටු ගගා කතා කර කර හිනාවෙනවා. සින්දු කියනවා. මහ හයියෙන් සින්දු දාගෙන නටනවා. සෙල්ෆි ගහනවා. නාන කාමරේදීත් සමහරවෙලාවට නටනවා. ඒවා වලින් නම් තුන්දෙනාටම අඩුවක් නැහැ.

තුන්දෙනාම ඉන්නේ එකම කාමරේද ?

නැහැ. ලොකු අක්කිට තනි කාමරයක්. එයා දැන් ලොකුයිනේ. පොඩීටයි නංගාටයි එක ලොකු කාමරයක් තියෙන්නේ. ඒ කාමරේ දෙන්නටම වෙන වෙනම එකම පාට එක වගේ ඇඳන් අල්මාරි තියෙනවා. හැබැයි ඉතින් සමහරදාට තුන්දෙනාම අක්කිගේ කාමරේට සෙට් වෙනවා. ඉතින් කියවනවා. ෆිල්ම් බලනවා. කෑ ගහනවා. මේ ළඟදි ශලනියි අසේකායි මේ තුන්දෙනයි ෆිල්ම් එකක් බැලුවා. මම යද්දි පොඩී ඇඳට වෙලා හොඳට නිදි. ශලනි දුවටයි අසේකා දුවටයි අපේ අනිත් දෙන්නටයි බිම කොට්ටයක්වත් නැතිව ෆිල්ම් එක බල බලාම නින්ද ගිහින්.

තුන්දෙනාම හරි හරියට Makeup එහෙමත් කරනවා නේද ?

ඔව්, ඔව්… Makeup සමහරදාට ගෙදර යුද්දේ. එක්කෙනාට එක එක මේක් අප් බොක්ස් අරගෙන දීලා නෑ. තුන්දෙනාටම එක බොක්ස් එකයි තියෙන්නේ. ඉතින් අක්කි අරන් ගියාම නංගා රණ්ඩු. ඉතින් දැන් මම කියලා තියෙන්නේ යන්න තියෙනවා නම් උදේට ඕන බඩු ටික වේලාසන වෙන්කරගන්න කියලා. නැත්නම් ගෝරි ගොඩමයි.

තුන්දෙනාම ආස කරන කෑම එහෙම වෙනස්ද ?

අක්කි ගොඩක් පැණි රස කෑම කන්න ආසයි. පොඩී පොඩ්ඩක් සැරට කන්න ආසයි. ශනු නම් ඒ දෙකම කනවා.

තුන්දෙනාගෙන් කේන්ති යන්නේ කාටද ?

තුන්දෙනාටම කේන්ති යනවා. හැබැයි තුන්දෙනාම ඒ කේන්තිය හිතේ තියාගෙන ඉන්නේ නෑ. ටක් ගාලා ඒ කේන්තිය නැතිවෙනවා. අක්කිට කේන්ති ගියාම පැත්තකට වෙලා අඬනවා. පොඩීට කේන්ති ගියාම ටිකක්වෙලා පැත්තකට වෙලා ඔරෝගෙන ඉන්නවා. ශනු නම් කේන්ති ගියාම කෑගහනවා. එහෙම කෑගහලා පැත්තකට වෙලා ඉන්නවා. ආයේ ටික වෙලාවකින් ළඟට එනවා. ඉතින් ඊට පස්සේ ඒ හැමදෙයක්ම අමතකයි.

හරිම ආදරණීය දූවරු තුන්දෙනෙක්ගේ අම්මා කෙනෙක්. මොකද හිතෙන්නේ ?

ඇත්තටම හරිම ආඩම්බරයි. ඒ තුන්දෙනාව අපි දෙන්නා අමාරුවෙන් තමයි හැදුවේ. හොඳ ඉස්කෝලවල්වලට දැම්මා. තුන්දෙනාටම හොඳට ඉගැන්නුවා. අද ඒ තුන්දෙනා ඉන්න තැන ගැන මටයි තාත්තිටයි ගොඩක් සතුටුයි. ඒ තුන්දෙනා ඉඳිද්දි මුළු ගේම පිරිලා. තුන්දෙනාම අපිට හොඳ දරුවෝ. ආදරණීය දරුවෝ. ඒ වගේ දරුවෝ ලබන්න අපි හරි වාසනාවන්තයි.

Source Link : Online Sinhala Blog

තම ආයතනය බාරදෙන්න කෙනෙක් හොයන්න ආයතනය ප්‍රධානියා ගහපු සුපිරි ප්ලෑන් එක හෙළිවූ විට සේවකයන්ගේ දෙලොව රත්වෙයි

සමහර මිනිසුන්ගේ ආකල්ප හැකියාවන් මන බලන්න අපි විවිධ පරීක්ෂණ ඔවුන් වෙත ලබාදෙනවා. ඇත්තටම කිව්වොත් තවත් කෙනෙක්ගේ බුද්ධිය මනින්න තිබෙන විභාගයත් එවැනි පරීක්ෂණයක්. අද අපි මේ ඔයාලට කියන්න යන්නේ මහළු ආයතන ප්‍රධානියකු විශ්‍රාම යාමට පෙර තම ආයතනය පවරන්න අවංක සේවකයකු සොයන්න කරපු සුපිරි පරීක්ෂණයක් ගැනයි මේ වීඩියෝව.

ඔහු තම ආයතනයේ සියළුම විධායක නිළධාරීන් එකවර කැඳවා තරුණයකු හට තම ව්‍යාපාර කටයුතු කරගෙන යෑම සඳහා පැවරීමට තීරණය කළේය. තම දරුවන් හෝ අධ්‍යක්ෂකවරුන් ඒ සඳහා තෝරා ගැනීම වෙනුවට යම් වෙනසක් කිරීමට ඔහුගේ අදහස විය මෙන්න බලන්නකෝ ඉතුරු විස්තරේ වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්

Source Link : Online Sinhala Blog

ප්‍රදේශයේ ජනතාව ගැන කළකිරී ප‍්‍රබල ඇමතිවරයෙකු විසින් තම උපන් දිනය වෙනුවෙන් බෙදා දීමට ගෙනා බස් රථ නැවත හරවා යවයි

දේශපාලඥයින් තමාගේ උපන් දිනය වැනි විශේෂ අවස්ථාවන්හිදී සිහිවටනයන් හැටියට නොයෙකුත් දෑ සමාජ සත්කාර ලෙස සිදුකරනවා අප ඕනෑ තරම් දැක තිබෙනවා. ඒ ආකාරයෙන් හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ප‍්‍රබල ඇමතිවරයෙකු විසින් තම උපන් දිනය වෙනුවෙන් දිස්ත්‍රික්කයේ පාසල් වෙත බෙදා දිමට ගෙන ආ බස්රථ 07ක් ආපසු යවා ඇති බවට වාර්තා වනවා.

එම බස්රථ අදාළ අමාත්‍යයවරයාගේ ජන්ම දිනය නිමිත්තෙන් බෙදා දීම සඳහා පරිත්‍යාග කළ ව්‍යාපාරිකයන් පිරිස වෙත නැවත යවා තිබෙනවා.

“මං මෙහේ මිනිස්සුන්ට කොචිචර වැඩ කරත් අගයක් නෑ. ඒක ගැන වගේම පක්ෂ නායකත්වය ගැන මම කලකිරිලා ඉන්නේ” යනුවෙන් අදාල තීරණය ගැන තම සමීප හිතවතුන් සමඟ ඇමතිවරයා අදහස් පල කර ඇති බවයි වාර්තා වන්නේ.

Source Link : Online Sinhala Blog