පිළිකාවක් වේලාසනින්ම හදුනා ගන්නේ මෙහෙමයි

පිළිකාවේ වු ප්‍රථම රෝග ලක්ෂණය කලින් හදුනා ගැනිමට හැකිනම් මෙම නපුරු රෝගය පරාජය කිරිමට ඇති අවස්තාව ඉහල අගයක පවතිනවා. මෙහි සඳහන් වෙන සමහරක් රෝග ලක්ෂණ පොදුවෙි දැකගත හැකි එවා වුනත් බොහෝ දෙනෙක් පුරුදුව සිටින්නේ එම රෝග ලක්ෂණයන් නොසලකා හැරිමටයි. එය කෙතරම් අවාසනා වන්ත තත්වයක්ද ? එම නිසා ඒ රෝග ලක්ෂණයන් පිලිබදව ඔබ දැනුවත් සිටිම ඉතාම වැදගත් බව මතක තබා ගන්න.

(1) හුස්ම වල කෙටි බව

පෙනහළු පිළිකාවෙ වු ප්‍රථම රෝග ලක්ෂණයන් ගෙන් එකක් වන මෙම ලක්ෂණය සෑම දෙනෙක්ම පාහේ නොසලකා හරිනවා. පිලිකා රෝගින් පවසන්නේ මෙම රෝග ලක්ෂණයන් ඔවුන්ගෙන් දිස් වුනද ඒ සඳහා කිසිවක් කිරිමට ඔවුන් පෙලඹුනේ නැති බවයි. හුස්මවල කෙටි බව ඇදුම රෝගය නිසාද ඇතිවෙන්නට පුළුවන් එම නිසා පිළිකාවේ මෙම රෝගි තත්වය ඇදුමරෝගයේ වු එම රෝග ලක්ෂණයන් වෙන්කොට හදුනා ගැනිමට වෛද්‍ය සහය පැතිය යුතුයී.

(2) බොහෝ කල් පවතින කැස්ස සහ පපුවේ වේදනාව

ලියුකේමියාව සහා පෙනහළු පිළිකා වැනි පිළිකා තත්වයන් වැලදි ඇති විට කැස්ස සහා පපුවේ වෙිදනාව වැනි ලක්ෂණයන් දර්ශනය වෙනවා.පිළිකා තත්වයක් හේතුවෙන් ඇති වෙන මෙම දෝෂය වෙනස් නොවි ස්ථාවරවම පවතිනවා. නමුත් ඇතැම් විට එම දෝෂය කලාතුරකින් අතුරු දහන් වි නැවත ඇතිවිමේ හැකියාවක්ද පවතිව බව හොදින් මතක තබා ගන්න. බොහෝ කාලයක් ස්ථාවරව පවතින වේදනාවකින් හෝ කැස්සකින් ඔබ පිඩා විදිනවානම් වහාම වෛද්‍යවරයෙකු හමු වි තත්වය පරික්ෂා කරගන්න.

(3) නිතර ලෙඩ විම

ලියුකේමියා රෝගය වැලදුන විට රුධිරයේ ඇති දුසු රුධිරානු සෛල ප්‍රමාණය අසාමාන්‍ය ලෙස වැඩි විමක් සිදු වෙනවා. ඒ හෙතුවෙන් ආසාදන තත්වයන්ට එරෙහිව සටන් කිරිමට ඇති හැකියාව වියැකි යන අතර එම හෙතුව නිසා ශරිරය නිතර ලෙඩරෝග වලට භාජනය වෙනවා. නිතර ඇතිවෙන උණ සහා සෙම්ප්‍රතිශ්‍යාව සඳහා වෛද්‍ය උපදෙස් පතනු ලැබු වැඩිමහලු පුද්ගලයින්ගෙන් තමයි මෙම ලියුකේමියා තත්වය වැඩි වශයෙන් සොයාගෙන තිඛෙන්නේ.

(4) ගිලින විට දැනෙන අපහසු තාවය

ගැබි ගෙල ආශීතව ඇතිවි ඇති පිළිතා තත්වයන් පිලිබදව අනතුරු අගවා සිටිමේ පොදු ලක්ෂණයක් වශයෙන් මෙම තත්වය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මෙම තත්වය පෙනහළු පිළිකාවේ ප්‍රථම රෝගි ලක්ෂණයක් විමටද ඉඩ තිඛෙන බව හොදින් මතක තබා ගන්න.

(5) කිහිලි සහ ඉකිලි ප්‍රදේශයේ දැකගත හැකි ඉදිමු වසා ගැටිති

විශාලනය වි ඇති වසා ග්‍රන්ථි වලින් අගවා සිටින්නේ වසා පද්ධතියේ සිදුවි ඇති වෙනස් කම් පිලිබදවයි. එවැනි වෙනසක් පිළීකා තත්වයක් හේතුවෙන්ද ඇති වෙන්නට ඉඩ තිඛෙනවා. කිහිලි ප්‍රදේශයේ දැක ගතහැකි වේදනා රහිත ගැටිත්තක් බොහෝ විට පියයුරු පිළිකා තත්වයක් කරා වර්ධනය විමේ හැකියාවක් තිඛෙනවා. ඒ වගේම තමයි ඛෙල්ල ප්‍රදේශයේ හෝ ඉකිලි ප්‍රදේශයේ ඇති වි ඇති ගැටිත්තක් ලියුකේමියා තත්වයේ පෙර රෝගි ලක්ෂණයක් වෙන්නටද පුළුවන්

(6) තැළුම

මෙම තත්වයේ රතු රුධිරානු ෙසෙයිල වල අසාමන්‍ය ක්‍රියාකාරකමක් පිලිබදව අගවා සිටින ලක්ෂණයක් විමටද ඉඩ තිඛෙනවා. බොහෝ විට ඒම තත්වයන් හේතු කොට ගෙන ලියුකේමියා තත්වයක්ද ඇතිවෙන්නට පුළුවන්. අත්ලේ සහා ඇගිලි වල ඇතිවි තිඛෙන තැල්මක් වැනි ස්භාවය, මුහුණේ පපුවේ සහා ඛෙල්ලේ දැකගත් හැකි රතු ලප වැනි දෑ කිසි විටෙක මග නොහරින්න.

(7) ගුද මාර්ගයෙන් රුධිරය වහනය විම

මහා බඩවැල ආශිතව ඇතිවි ඇති පිළිකා තත්වයකදි ඇතිවෙන ප්‍රථම ලක්ෂණයක් නම් ගුද මාර්ගයෙන් රුධිරය වාහනය විමයි. මල පහ වල රුධිරය අන්තර්ගත විමද එම පිළිකා තත්වයේම පලමු රෝග ලක්ෂණය වශයෙන් හඳුන්වන්න පුළුවන්. මෙවැනි තත්වයක් කිසි විටෙක ස්වාභාවික හෝ සමාන්‍ය තත්වයක් වෙන්නේ නැහැ. එම නිසා මෙවැනි තත්වයක් ඔබගෙන් දර්ශනය වෙනවානම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු වෙන්න.

(8) බර අඩුවිම

ඔබේ ජිවන රටාවේ හෝ ඇහාර වේලේ කිසිදු වෙනස් කමක් සුදු නොකර රාත්තල් ගනින් බර අඩුවිමේ තත්වයක් දක්නට ලැඛෙනවානම්. ඔබ ඔඛෙන්ම ඇසිය යුතු වෙනවා මෙවැනි තත්වයක් ඇතිවිමට හේතුව කුමක්ද කියා. ශරිරයේ බර අසාමන්‍ය ලෙස අඩුවිම මහාබඩවැල ආශ්‍රිතව ඇතිවි ඇති පිළිකා තත්වයක පෙර ලක්ෂණයක් බව ඔබ දන්නවාද? මොකද එවැනි පිළීකා තත්වයකට හැකියාව තිඛෙනවා ආහාර රුචිය සඳහා දැඩි බලපෑමක් ඇති කිරිමට.

(9) නියපොතු වල සිදුවෙන වෙනස් කම්

බොහෝමයක් පිළීකා තත්වයන් නිසා නියපොතු වල ස්වාභාවය අමුතු ලෙස වෙනස් වෙන්නට පුළුවන්. නියපොතු වල කළු සහා දුබුරු පැහැයෙන් යුතු රේඛා හෝ තිත් දිස් වෙනවානම් එය සමේ පිළිකා තත්වයක් පිලිබදව අනතුරු අගවා සිටින ලක්ෂණයක් බව දැනගන්න. නියපොතු වල වර්ණය සුදුමැලි හෝ සුදු වර්ණය ලෙස වෙනස් වි තිඛෙනවානම් එයින් කියවෙන්නේ අක්මාව නිවැරදි ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැති බවයි. අක්මා පිළිකා තත්වයක් නිසාද නියපොතු වල වර්ණය මෙලෙස වෙනස් වෙන්නට පුළුවන්.

(10) මුඛ පිළීකා තත්වයක් නම්

මුඛය ආශ්‍රිතව ඇති කල්පවතින වේදනාවක් නැති ඉවත් කල නොහැකි සුදු හෝ රතු ලප, කල් පවතින ඉවත් කල නොහැකි සුදු සහා රතු මිශ්‍ර ලප, මුඛයේ අසාමාන්‍ය දැවිල්ලක් සමග කොල් සහා මුඛ ශේල්ෂ්මල රළුවිමක් සහා සුදුමැලි විමක්, මුඛයේ සුවනොවෙන තුවාලයක්, දිව නැමිමේ හෝ මුඛය විවෘත කිරිමේ අපහසුවක්. මෙවැනි රෝග ලක්ෂණ ඔබේ හෝ ඔබ දන්නා කෙනෙකු සිටිනම් වහාම වෛද්‍ය වරයෙකු හමුවි පරික්ෂා කර ගන්න.

(11) පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ලක්ෂණයන්

අවශ්‍යතාවය ඇතත් මුත්‍රා කිරිමේ අපහසු තාවයක්, මුත්‍රා කිරිම ඇරඹිමේ හා මුත්‍රා ධාරාව පවත්වා ගැනිමේ අපහසුතා, මුත්‍රා කිරිමෙන් පසු සම්පුර්ණ මුත්‍රා පිට නොවුනාක් මෙන් දැනිම, නිතර නිතර මුත්‍රා පිට විම, රාත්‍රියට මුත්‍රා පිටවන වාර ගණන වැඩි විම සහා මුත්‍රා සමග ලේ පිට විම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.

මෙම රෝගි ලක්ෂණයන් කල්තියා හඳුනා ගෙන වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වුනොත් පිලිකා මාරයා පරාජය කිරිම සඳහා එය පිටුවහලක් වෙනවා. මෙවැනි රෝග ලක්ෂනයන් සති තුනකට වඩා පවතිනම් ඔබේ ප්‍රදේශයේ සුව දිවි සායනය, සුවනාරි සායනය හෝ ලගම පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගොස් පරික්ෂා කරවා ගැනිමෙන් පිළිකා කලින් හඳුනා ගැනිම මගින් පිළිකාව නිට්ටාවටම සුව කරගැනිමට ඔබට පුළුවන.

පිළිකා සම්බන්ධ ඔබට කිසියම් ගැටලුවක් වේනම් කොළඹ 05, නාරාහෙන්පිට, ඇල්විටි ගල මවතේ අංක 555 දරන ස්ථානයේ පිහිටි ජාතික පිළිකා මර්ධන වැඩසටහන ඇමතිය හැකියි. දුරකථන අංක – 0112368627 සහා 0113159227

Source Link : Wishma Lokaya

නිවසේ මින්ට් වගා කර ගන්නා අයුරු සහ නිවසේ මින්ට් වගා කිරීමට හේතු පහළොවක්

ප්‍රියජනක සුවඳක් සහ මිහිරි රසයක් ඇති Lamiaceae පවුලට අයත් වන මින්ට් මගින් අප්‍රමාණ සෞඛ්‍යය වාසි සපයා ගන්නට පුළුවන්. වසර ගණනාවක සිට විවිධ රෝග සුවපත් කර ගැනීම සඳහා මින්ට් ඖෂධයක් ලෙස භාවිතා කර තිබෙනවා. ඊට අමතරව ස්නානය කිරීමේදී, ආනනකයක් ආකාරයට, දන්තාලේපයක් ලෙස, සුවඳ විලවුන් ලෙස සහ මවුත් වොෂ් ලෙස මින්ට් භාවිතා කිරීම සිදු වනවා. ඔබ මින්ට් නිවසේ වගා කල යුතු හේතු පහළොවක් පහත ආකාරයට දක්වන්නට පුළුවන්.

1. ඇදුම රෝගය සුවපත් කිරීම

මින්ට් තුල අන්තර්ගත වන Rosmarinic අම්ලය තුල ප්‍රභල ප්‍රතිඔක්සිකාරක බලයක් අන්තර්ගත වන නිසා ඇදුම රෝගය වැනි ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග බොහෝමයක් සුවපත් කර ගන්නට පුළුවන්.

2. හිසරදය සමනය කර ඔක්කාරය සුවපත් කිරීම

හිසරදය සහ ඉරුවාරදය සුවපත් කිරීමට මින්ට් ඉතා ඵලදායී වනවා. හිසරදයක් ඇතිවූ විට මින්ට් පත්‍ර කිහිපයක් නළලේ අතුල්ලන්න නැතිනම් මින්ට් පත්‍ර භාවිතා කර තේ පානයක් සකස් කර පානය කරන්න. මෙමගින් ඔබට ඇතිවන හිසරදය සහ ඉරුවාරදය සුවපත් කරගන්නට පුළුවන්.

3. මුඛ සෞඛ්‍යය වර්ධනයට

මින්ට් තුල අඩංගු වන බැක්ටීරියා නාශක බලය සහ වේදනා නාශක බලය මගින් මුඛය තුල ඇති බැක්ටීරියාවන් නසා විදුරුමස් ආශ්‍රිත රෝගද නසා මුඛයෙන් හමන දුර්ගන්ධය පවා පහකර මුඛ සෞඛ්‍යය වර්ධනය කරනු ලබනවා.

4. කැස්ස සහ ශ්වසන රෝග වලට සුවයක් සලසා ගැනීම

මින්ට් පත්‍ර වල සුවඳ ආග්‍රහණය කිරීම මගින් ශ්වසන අපහසුතා සමනය කර ගන්නට පුළුවන්. එමෙන්ම, මින්ට් ක්‍රීම් හෝ මින්ට් පත්‍ර කිහිපයක් පපුව මත අතුල්ලන්න, මින්ට් පත්‍ර භාවිතා කර තේ පානයක් සකසා පානය කරන්න.

5. ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කිරීම

මින්ට් පත්‍ර තුල අඩංගු වන විටමින් B, විටමින් C, විටමින් D, විටමින් E, කැල්සියම් සහ පොස්පරස් මගින් සෙම්ප්‍රතිශ්‍යාව සහ වෙනත් ආසාදනයන් සුවපත් කර ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරනු ලබනවා.

6. ආහාර ජීර්ණය වර්ධනය කිරීම

උදරයේ වේදනාව සමනයට සහ ආහාර ජීර්ණය වේගවත් කිරීමට මින්ට් ඵලදායී වනවා. මින්ට් තුල අන්තර්ගත වන ශාකමය ධාතු සහ ප්‍රතිඔක්සිකාරක මගින් ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග සුවපත් කර ආහාර ජීර්ණයට අවශ්‍ය වන එන්සයිම නිසි ලෙස වර්ධනය කර ගන්නට පුළුවන්.

7. පිළිකාව ඇතිවීමේ අවදානම පහල දැමීම

මහා බඩවැලේ ඇතිවන පිළිකාව, චර්ම පිළිකාව, අක්මාවේ සහ පෙනහල්ලේ ඇතිවන පිළිකාව ඇතිවීමට බලපාන පිළිකා සෛල නැසීමේ හැකියාවක් මින්ට් තුල අන්තර්ගත වනවා.

8. මව්කිරි ලබාදෙන මව්වරුන්ගේ වේදනාවන් සමනය කිරීම

මව්කිරි ලබා දෙන මව්වරුන්ට ඇතිවන පියයුරු වේදනාව සහ දැවිල්ල සුවපත් කර ගැනීමට පියයුරු මත මින්ට් පත්‍ර ඇතිල්ලීම සහ මින්ට් තේ පානයන් පානය කිරීම සිදු කරන්නට පුළුවන්.

9. මනෝභාවය වර්ධනය කිරීම

මින්ට් මගින් මොළයේ serotonin ප්‍රමාණය වර්ධය කර මනෝභාවය සහ මතක ශක්තිය වර්ධනය කරනු ලබනවා.

10. ඉක්කා වැටීම වළක්වා ගැනීමට

ඔබට නිතර ඉක්කා වැටෙනවා නම් මින්ට් ජලය පානය කරන්නට පුළුවන්. මින්ට් තුල අඩංගු වන මෙන්තොල් මගින් ඉක්කා වැටීම පාලනය වනවා.

11. ශරීරයේ බර පාලනයට

මින්ට් පත්‍ර සතු ආහාර ජීර්ණය සඳහා වූ එන්සයිම උද්විපණය කිරීමේ හැකියාව මගින් ආහාර ජීර්ණ ක්‍රියාවලිය වේගවත් කර ශරීරයේ බර අඩු කර ගන්නට පුළුවන්.

12. මතක ශක්තිය වර්ධනය කර ගැනීමට

අධ්‍යයනයන් වලට අනුව මින්ට් මගින් මතක ශක්තිය සහ සිතීමේ හැකියාව වර්ධනය කර ගන්නට පුළුවන්. මතකය වර්ධනය කර මොළයේ සෞඛ්‍යය වර්ධනය කර ගන්නට නම් දිනකට කිහිප වතාවක් මින්ට් තේ පානයක් පානය කල යතු වනවා.

13. විෂාදය සහ තෙහෙට්ටුව දුරු කර ගැනීමට

ශරීරයට ශක්තිය ලබාදී මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරන ස්වභාවික උත්තේජකයක් ලෙස මින්ට් ක්‍රියාකරනු ලබනවා. ඔබට කාංසාව, මානසික වෙහෙස හෝ විෂාදය තත්වයක් දැනෙනවා නම් මින්ට් පත්‍ර සහ මින්ට් තෙල් උපකාර වේවි.

14. සමේ සෞඛ්‍යය වර්ධනය කිරීමට

මින්ට් තෙල් තුල අඩංගු වන ප්‍රතිපූතික බලයන් මගින් සම නිසි ලෙස පවිත්‍ර කිරීම සිදු කරනු ලබනවා. කුරුලෑ සහ මුහුණේ ඇතිවන බිබිළි ඉවත් කර ගැනීමට සහ කෘමි සතුන්ගෙන් සමට සිදුවන හානි දුරු කර ගැනීමට මින්ට් තෙල් භාවිතා කරන්නට පුළුවන්. මින්ට් පත්‍ර මගින් ශරීරයට ලබා දෙන සිසිල් බව මගින් සමේ පීඩාකාරී තත්වයන් සහ ඉදිමීම වැනි තත්වයන්ටද සුවය සැලසනවා.

15. නිසරුබව දුරු කිරීම

මින්ට් තුල අන්තර්ගත වන මෙන්තොල් සංයෝගය මගින් කාන්තාවන්ගේ නිසරුබව දුරු කරනු ලබන අතර කාන්තාවන්ගේ මෙන්ම පිරිමි පුද්ගලයින්ගේද නිසරු බව මින්ට් මගින් දුරු කරනු ලබනවා.

නිවසේදී මින්ට් ශාකයක් රෝපණය කර ගන්නේ කෙසේද?

මින්ට් මගින් සෞඛ්‍යය වාසි බොහෝමයක් සලසන නිසා පහත උපදෙස් අනුව ඔබේ නිවසේසෙත් මින්ට් ශාකයක් රෝපණය කර ගැනීම අතිශය ප්‍රයෝජනවත් වනවා.

• අඟල් 12-15 පළල ඇති පෝච්චියක් ගෙන එයට සරු පස් පුරවා පසට මින්ට් පත්‍ර සිටුවා ගන්න.

• මින්ට් පත්‍ර සිටුවා ගත් පෝච්චිය හිරුකිරණ පතිත වන ස්ථානයක තබන්න.

• මින්ට් ශාකය අඟල් පහක් පමණ වර්ධනය වූ පසුව මල් පොහොටු ඇතුළුව පත්‍ර කප්පාදු කරන්න.

• මින්ට් පත්‍ර අස්වැන්න ලබා ගැනීමේදී සම්පූර්ණ පත්‍ර ප්‍රමණයෙන් 1/3 ක් පමණක් අස්වැන්න ලබා ගන්න.

Source Link : Wishma Lokaya

කැස්ස සදහා සුදුසු ඉඟුරු සිරප් වට්ටෝරුවක් ගෙදරදීම සකස් කර ගන්නා හැටි

ශ්‍රී ලංකාවේ සියලු පළාත් වල වැවෙන පැළෑටියකි. සුළු අත් බෙහෙත් සඳහා අවශ්‍යම ඖෂධයක් වුවද අද කාලේ නිවසක මෙම පැළෑටිය ඇත්තේ කලාතුරකිනි. නමුදු පැරැන්නෝ තම ගෙවත්තෙහි ඉඟුරු පැළෑටියක් සිටුවා ගැනීමට අමතක නොකළහ. ඉන්දියාවේ හා චීනයේ විශාල ලෙස ඉඟුරු වගා කරයි. චීන ඉඟුරු ප්‍රමාණයෙන් විශාල වන අතර විශේෂයෙන්ම දෝසි වැනි රස කැවිලි සඳහා යොදා ගනී.

ඉඟුරු යනු ආහාර රසගන්වන්නට මෙන් ම, රෝග සුවයට ද එකලෙසම දායක වන රහස් ගුණයකින් හෙබි අරුම පුදුම ද්‍රව්‍යයකි. ආහාර සෑදීමේදී ඉඟුරු යොදා ගැනීමෙන් ආහාරවල රසවත්භාවය වැඩි කරවීම මෙන් ම, ‍ඛේටය හා අනෙකුත් ජීරණ යුෂ නිපදවීම ද , කුස තුළ වාතය එක්රැස් වීම අඩු කිරීම ද යන ප්‍රයෝජන අත්කර දේ. ඉඟුරුවලින් සාදා ගන්නා රසවත් ආහාර ලොව පුරා ඉතා ජනප්‍රිය ය . එමෙන් ම, මෙහි විටමින් සී, මැග්නීසියම්, පොටෑසියම්, කොපර් හා මැංගනීස් අන්තර්ගත වේ. මේ තරම් ගුණාංග සපිරි සුපිරි ද්‍රව්‍යයක් වන ඉඟුරුවල බොහෝ ගුණ ඇත.

ඖෂධීය ගුණ

ශීතලයි, මධුරයි, සැහැල්ලුයි, කටුක රසයි, උෂ්නයි. හෘදයට හිතයි. බඩගිනි වඩවයි. වීර්ය වඩයි. මළ බද්ධය හා වමනය නැති කරයි. පාණ්ඩු, මුත්‍රා අමාරු, රත්, පිත් රෝග නසයි. උණ රෝගීන්ටද උෂ්ණ කාලයට ද අනුභවය සුදුසු නැත. වේලන ලද ඉඟුරු “සිද්දිගුරු” නමින් හඳුන්වයි. (Dry Ginger) අමු ඉඟුරු වරකට කළඳක් ද වියළි ඉඟුරු කළන් දෙකක් පමණ ගත යුතු වේ. වියළි ඉඟුරු හැඳින්වීමට මහෝෂධී, විශ්වා ආදී විශේෂිත නම් විසි හතරක් ද ඇත.

කන් කැක්කුමට අත් බෙහෙතක්

අමු ඉඟුරු යුෂ, මී පැණි. සහිඳ ලුණු තල තෙල් සමව ගෙන කකාරවා සදා ගත් තෙල උණුසුම්ව කනට දැමීමෙන් කන් කැක්කුම සුව වේ.

කැස්ස සඳහා සුදුසු ඉඟුරු සිරප් වට්ටෝරුවක්

පිරිසිදු මී පැණි කෝප්ප 1ක්
ඉඟුරු යුෂ තේ හැඳි 1ක්
සාමාන්‍ය ප්‍රමාණයේ දෙහි ගෙඩියක යුෂ (අවශ්‍ය නම් පමණක්)

ඉහත සඳහන් කල සියලුම ද්‍රව්‍යන් එකට එකතු කර මිශ්‍රණය සදා ගන්න. ඉන්පසු මෙම මිශ්‍රණයෙන් තේ හැඳි 1 ක බැගින් දවසට 3 වරක් පානය කරන්න. මෙය සාමාන්‍ය කැස්සකදී නම් පමණක් භාවිතා කරන්න මතක තබා ගන්න.

ඉඟුරුවලින් සිරුරේ අධික සීනි මට්ටම පාලනය කරයි. ජීර්ණයට ද බලපෑම් කර, ආමාෂය සුවපත් කරවයි. ඉඟුරුවල ඇති සංයෝග මඟින් ආහාරවල ඇති පෝෂ්‍ය පදාර්ථ හා ඛණිජ වර්ග අවශෝෂණය කර ගැනීම පහසු කරවයි. ඉඟුරුවල ප්‍රතිඔක්සිකාරක බොහෝ සෙයින් අන්තර්ගත වේ. පිළිකා නාශකයකි.

අස්ථිවල නිරෝගීතාව වැඩි කරවන හා හන්දිපත් වේදනාව සමනය කිරීමේ හැකියාවක් ද ඉඟුරු සතු ය. සෑම උදෑසනකම ඉඟුරු තේ කෝප්පයක් පානය කිරීමෙන්, අස්ථිවල නීරෝගීභාවයට මනා රුකුලක් වේ.

ඉඟුරු වල ඇති සෞඛ්‍ය ප්‍රතිලාභ 20

අංශභාගය හා හෘද රෝග ඇති වීම වළක්වයි

ඉඟුරු, හෘද රෝග සහ ආඝාතය වැළඳීමේ අවදානම අඩු කරයි. මෙය ප්‍රති-ගිනි අවුලුවන හා ප්‍රතිඔක්සිකාරක ගුණ වලින් පිරිලා තිබෙනවා. ඔබ දිනපතා ඉඟුරු පානය කළ යුතුයි. තව ද, ඔබ සුදුළූනු, ලූනු සමග ඉඟුරු එකතු කරන්නේ නම්, ඔබට පුදුමාකාර ගුණ ලබා ගත හැකියි. මෙම ආහාර තුනට හදවතේ සෞඛ්ය මට්ටම ඉහළ නැංවීමට හැකියාව ඇත.

ඇල්සයිමර්ස් රෝගය ඇති වීම වළක්වයි

ඉඟුරු, මොළයේ සෑදෙන සෛල අහිමි වීම වළක්වාලයි. ඇල්සයිමර්ස් රෝග ඇතිවන්නේ මෙම මස්තිෂ්ක සෛල වලට වන හානි හේතුවෙන් බව පෙනී යයි. මේ නිසා, සාමාන්‍ය පදනම මත සුදුළූණු පරිභෝජනය මගින් මතකය අහිමි වීම වළක්වාලයි.

බඩවැල් සඳහා උදව් කරයි

ඉඟුරු, ඉතා ඵලදායී හා ආහාර දිරවීමේ සෞඛ්ය සඳහා ප්‍රයෝජනවත් වේ. එය ආහාර ජීර්ණ පද්ධතිය වැඩිදියුණුවක් හා බඩවැලේ උද්දීපක තත්ත්වය සඳහා උපකාරී වේ.තේ ලෙස හෝ ඉඟුරු පෙති හෝ ආහාරයට ගන්න. එය බඩවැල් හා සමස්ත ආහාර ජීර්ණ පද්ධතියටම ප්‍රයෝජනවත් වනු ඇත.

පිළිකා වලින් ආරක්ෂා කරයි

මෙම අරුම පුදුම, කුළු බඩුවෙන් ඩිම්බකෝෂ පිළිකා වැනි සමහර ජීවිතයට තර්ජනයක් එල්ල වන තත්වයන්ට පවා ප්‍රතිකාර කර එවා වළක්වා ගත හැකියි. එය පිළිකා සෛල ඉවත් කර සෞඛ්ය සම්පන්න සෛල ලබා දෙයි.

බර අඩුකර ගැනීමට උදව් කරයි

ඉඟුරු මගින් ආහාර ආශාවන් නතර කර මේදය දහනය හා සමස්ත යහපැවැත්ම වැඩි දියුණු කරයි. ඒ නිසා, ඉඟුරු නිතිපතා පරිභෝජනය සිරුරේ බර අඞු කිරීමට හා එම ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීමට උදව් කරයි.

මාංශ පේශි වල වේදනාවන් අඩු කරයි

මාංශ පේශී වෙහෙසට පත් වී ඇති බව ඔබට හැඟෙන විට, ඔබට ඉඟුරු පරිභෝජනය කළ හැකියි. එහි ප්‍රතිඵල ඔබට වහාම දැනෙන්නට ගනී. ඔබ ව්යායාම කිරීමකින් පසුව හෝ ඔබට වඩා ශක්තිය හා බලය අවශ්‍ය සෑම අවස්ථාවකදීම එය පරිභෝජනය කරන්නේ නම් ඔබට එහි ඇති ගුණ ලබාගත හැකියි.

උදැසන අසනීප ගතිය නැති කරයි

මෙය නිරන්තරයෙන්ම ගර්භනී කාන්තාවන්ගේ අත්දැකීම් තත්වයක් වන අතර, මෙයින් උදෑසන ලෙඩ රෝග ලක්ෂණ සමනය කළ හැක. උදේ අවස්ථාවක දී ඔබට අසනීප ගතියක් දැනෙනවා නම් හුදෙක් ඉඟුරු තේ කෝප්පයක් බොන්න.

ග්ලූකෝස් මට්ටම සමනය කරයි

ඉඟුරු මගින් දිගටම සාමාන්‍ය ග්ලූකෝස් මට්ටම හා විවිධ ග්ලූකෝස් මට්ටම් වළක්වයි. එමෙන්ම මෙමගින් සිරුරේ බර අඞු කිරීමේ ක්‍රියාවලිය සඳහා තීරණාත්මක වන අතර එනිසාවෙන් මනෝගතිය වර්ධනය කර ගත හැකිය.

පෝෂණය උරා ගැනීමට උදව් කරයි

ඉඟුරු ඔබේ ශරීරය හා ඊට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සහ අතිරේක අවශෝෂණය සඳහා උපකාරී වනු ඇත. එය සමස්ත සෞඛ්ය වැඩි දියුණු හා ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කිරීමට වැදගත් වේ.

ඉදිමුම් නැති කරයි

ඉඟුරු වල ඇති ගුණ නිදන්ගත වේදනා සහ ඉදිමුම් සමනය කරයි. එය දැවිල්ල හා ආතරයිටිස් කරයි.

ශ්වසන පද්ධතිය ඉහළ නංවයි

ඔබේ ආහාර වේලට ඉඟුරු එකතු කිරීමෙන් වසා නාලිකා විවෘත වී විෂ තරකිරීමට ඉඩ නොදෙනු ඇත. ඊට අමතරව, එය ආසාදන වළක්වා ශ්වසන පද්ධති වල හුස්ම ඇති කරයි.

සංසරණය වැඩි දියුණු කරයි

ධමනි හරහා අවශ්‍ය තරම් රුධිරය ගලා නොයන විට, ඔබගේ අන්ත මත බොහෝ ගැටලු මතු විය හැකිය. නරක සංසරණය ඔබේ සෞඛ්යට අහිතකර විය හැක. මේ නිසා, සුදුළූණු රුධිරය ප්‍රවර්ධනය කරන අතර එය වඩාත් හොඳින් සංසරණය සඳහා හොඳම ස්වාභාවික පිළියමක් වේ.

දියවැඩියාවෙන් ආරක්ෂා කරයි

ඉඟුරු ඉන්සියුලින් සංවේදිතාව වැඩි කරන අතර, එම නිසාම දියවැඩියාව වළක්වයි.

වණ සුව කරයි

ඉඟුරු නිත්‍ය පරිභෝජනය මගින් බඩවැල් වල තුවාල ඖෂධ වලට වඩා හය ගුණයක් ශක්තිමත්ව සුව කරයි. එපමනක් නොව, ඉඟුරු තෙල් මගින් තුවාලයක් වැඩි වීම වැළැක්විය හැකි අතර එහි විශාල චිකිත්සක ගුණ ඇත.

අම්ලපිත්තය නැති කරයි

ඔබත් අම්ලපිත්තයට මුහුණ දී ඇති අයෙකු විය හැකිය. එසේ නම් අපි ඔබට කියන විසඳුමක් තියෙනවා.මෙම පිළියම ඕනෑම බෙහෙත් සැලකින් ගන්නා බෙහෙත් පෙත්තකට වඩා යහපත් වේ.ඉඟුරු අම්ලපිත්තය නැති කිරීමට හේතු වන අතර ඕනෑම අහිතකර බලපෑමක් ඇති නොකරයි.මෙයට අම්ල උදාසීන කල හැක.

බඩේ ගෑස් ඇති වීම වළක්වයි

ඔබ දිනපතා ඉඟුරු භාවිත කිරීම මගින් දැරිය නොහැකි වේදනාවෙන් මිදීමට පුළුවන්.සෑම රාත්‍රියකම නිදා ගැනීමට යාමට පෙර ඉඟුරු පරිභෝජනය වඩා හොඳ වේ.

අස්ථි කුහර පැහැදිලි කරයි

ඔබ බොහෝ විට අවහිර වුනු හා අස්ථි කුහර වේදනාවට මුහුණ දී ඇති අයෙක් නම්, ඒ සඳහා ඇති හොඳම විසඳුම ඉඟුරු වේ.එය අස්ථි කුහර වේදනාව නිරාකරණය කර තවදුරටත් අවහිර වීම වළක්වයි. මෙම අරමුණු ඉටු කර ගැනීම සඳහා, උණුසුම් ඉඟුරු තේ කෝප්පයක් බොන්න.

නරක හුස්ම නැති කරයි

නරක හුස්ම ඉතා නින්දා සහගත හා කෝප සහගත විය හැක. ඉඟුරු තේ එය නැති කිරීමෙන් නරක හුස්ම තුරන් කිරීමට උපකාර කරන අතර හුස්ම සුවඳ වැඩි දියුණු කරයි.

ලිංගික ආශාව පුළුල් කරයි

සංසරණය වැඩි දියුණු කර ගැනීම මගින් ඉඟුරු ලිංගික ආශාව ලබා දෙයි. ඔබ ඉඟුරු පරිභෝජනය නිතර කරන විට, ඔබට වැඩි ලිංගික ආශාවන් ඇති විය හැකියි.

දිලීර ආසාදන නැති කරයි

ඉඟුරු යීස්ට් ආසාදන හා දිලීර ආසාදන වැළැක්වීමට ඵලදායී වේ. එහි යීස්ට් ආසාදන හා සටන් කරන නාශක සහ දිලීර නාශක ගුණ අඩංගු වේ.

Source Link : Wishma Lokaya

ලංකාවේ ගොඩ දෙනෙක් පාවිච්චි කරන ජනප්‍රිය වාසගම් 22ක ඔබ නොදත් ඇත්තම තේරුම

ලංකාවේ පහතරට ප්‍රදේශවල, ඉනුත් විශේෂයෙන් පුත්තලමේ සිට මාතර දක්වා වෙරළ තීරයේ ජනයා අතරින් බහුතරයක් එකල කතෝලික දහම වැළඳගෙන පෘතුගීසි වාසගම් ලබාගත් බව පෙනී යන නමුත් මන්නාරම, යාපනය, ත්‍රිකුණාමලය හා මඩකලපුව වැනි දෙමළ ජන බහුතරය සිටින ප්‍රදේශවල ජනයා කතෝලික දහම වැළඳගත්ත ද ඔවුන් සිංහලයන් තරම් පෘතුගීසි වාසගම් ලබා නොගත්තේදැයි ඔවුන්ගේ වාසගම් විමසා බලනට කල්පනා කළ හැකිය.

එහෙත් ලන්දේසි පීඩනය හා කුල පීඩනය ආදිය නිසා කළුතර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ජනයා විශාල වශයෙන් කතෝලික විශ්වාසය හැර දමන්නට ඇතැයි 16-17 සියවස්වල කතෝලික ධර්මදූතයන්ගේ වාර්තා සහ වත්මන් ආගමික ජනගහනය සසඳ‌ා බලන විට කල්පනා කළ හැකිය. කෙසේ වෙතත් එම ජනයා තමන්ට ලැබුණු පෘතුගීසි වාසගම් අද පවා භාවිත කරන බව පෙනී යයි.

බෞද්ධයන් අතර පවා පෙරේරා, සිල්වා, ප්‍රනාන්දු, කුරේ, ඩයස් ආදී බොහෝ පෘතුගීසි වාසගම් භාවිත වන්නේ එබැවින්ය යන්න අපගේ අදහසය. පෙර කී ලෙසම ලාංකික අපට උරුම වූ පෘතුගීසි පෙළපත් නාම මොනවාදැයි දැන් අපි විමසා බලමු.

මෙම වාසගම් බොහෝ විට පෘතුගීසි, ස්පාඤ්ඤ, ලතින් හා ජර්මානු ආභාසයෙන් පෘතුගීසින් හරහා අපට ලැබිණැයි කල්පනා කළ හැකිය. එසේම මේ පෙළපත් නාම අද වන විට අප විසින් අපගේ ඌරුවට, හැඩයට යළි සකසා ඇති බව ද නිරීක්ෂණය කළ හැකිය. අප අතර භාවිත මෙම පෘතුගීසි වාසගම් මොනවාදැයි දැන් අපි සොයා බලමු.

සිල්වා, පෙරේරා, ප්‍රනාන්දු, ඩයස්, මෙන්ඩිස් (මැන්දිස්) කුරේ ද මෙල්, කෘෘස්, පීරිස්. පාරිස්, ගෝමස්, ගෝමිස්, වාස්, ​ෆොන්සේකා, අල්විස්, අල්මේදා, කබ්‍රාල්, නෝනිස්, සොයිසා, සුවාරිස්, රොද්‍රිගු, රුබේරු, කොරයා සහ පැස්කුවල් මෙබඳු ලාංකික – පෘතුගීසි වාසගම් අතර කැපී පෙනෙයි.

මා රෝමයේ ලතෙරාන සසුන් සරසවියේ අධ්‍යාපනය ඇරඹූ මුල් කාලයේ අපගේ ඉතාලි භාෂා පන්තියේ සිසු සිසුවියන් එකිනෙකා හඳුනා ගන්නා අතරතුර මාගේ නමටද ‘ඩයස්’ යන වාසගම ඇතුළත් බව දුටු එක් මොසැම්බික් ජාතික මා මිතුරු පියතුමෙකු ‘අහා උඹත් පෘතුගීසියෙකුදැයි’ හඬ නගා මාගෙන් විමසා සිටියේය. මා තුළ ඒ සැණෙකින් ඇති වූයේ ලජ්ජාවකි.

ලොව දිළිඳුම රටවල් අතර ද දිළිඳුම රටක් සේ පිළිගැනෙන අප්‍රිකාවේ මොසැම්බික් දේශය අදටත් පෘතුගීසි යටත් විජිතවාදයේ අමිහිර විඳින රටකි. එහෙත් එරට රාජ්‍ය භාෂාව ද බහුතරයේ භාෂාවද පෘතුගීසි භාෂාවය. එබැවින් මම ‘‘මම ලාංකිකයකු මිස පරංගියෙකු නොවෙමි’ යි ඔහුට පවසා ලංකාව තුළ පෘතුගීසි බලපෑම ගැන ඔහු සමග සංවාදයක් ඇරඹීමි.

එතැන් පටන් ලාංකිකයන් අතර භාවිත පෘතුගීසි වචන මෙන්ම වෙසෙසින්ම වාසගම් (පෙළපත්නාම) ගැන ඔහුගෙන් විමසා ඒවා​ෙය් අරුත දැනගතිමි.

පෘතුගීසි – ඉංග්‍රීසි ශබ්ද කෝෂයක උපකාරයෙන් එම වචනවල සැබෑ මූලය සොයා ගැනීමට තැත් කළෙමි. ඒවා සටහන්කර තබා ගතිමි. මෙම පෘතුගීසි වාසගම්වල මුල් අදහස සොයා ගැනීමේදී පරෙස්සමින් හා කල්පනාකාරීව එය මෙහෙයවීම් මන්ද බොහෝ සිංහල – පෘතුගීසි වාසගම් එහි මුල් වචනය ලෙසම අද භාවිත නොවන බැවිනි.

තවද අන්තර්ජාලය ඔස්සේ විශ්වාසවන්ත මූලාශ්‍ර පමණක් ඇසුරු කරමින් පෘතුගීසි වාසගම් පිළිබඳව අප කළ ​ෙසායා බැලීම ද මෙම අධ්‍යයනය වඩාත් පලබර කිරීමට හේතු විය. ඇත්ත වශයෙන්ම මෙවැනි ගවේෂණයක් මගින් අප බලාපොරොත්තු වන්නේ අප රටේ ජනතාව වඩාත් දැනුම්වත් ජනතාවක් වනු දැකීමය.

අප අධ්‍යයනය කළ මෙම පෘතුගීසි වාසගම් මෙන්ම ලාංකේය හා භාරතීය වාසගම් ද විමසා බලන කල යුරෝපයට වඩා පෙරදිග අපගේ වාසගම් තම ගෞරව බහුමානය ප්‍රකාශ කරන බව පෙනී යයි. Black, Brown, White, Clark, Bush, Rider ආදී බටහිර වාසගම් ඉතා සරල මෙන්ම තවත් කෙනෙකුගෙන් තමන් හුදෙක්ම වෙන් කර හඳුනා ගැනීම පමණක් ඉන් අරමුණ කරන්නේ දැයි අපට කල්පනා වෙයි.

එහෙත් සිංහල, දෙමළ වාසගම් එසේ නොවේ. ඒ පිළිබඳව අප වෙනම අධ්‍යයනය කළ යුතු බව පෙනී යයි. ලංකාවේ භාවිත පෘතුගීසි වාසගම්වලින් බොහොමයක්ම පෙර කී යුරෝපීය වාසගම් ගත් මගම ගන්නා බව පෙනීයයි. ‘වාසගම’ යනුවෙන් අප විටෙක හැඳින්වූවත් ‘Surname’ යනුවෙන් ඉංග්‍රීසි බසින් අප හඳුන්වන සංකල්පය ‘පෙළපත් නාමය’/ ‘ගෝත්‍ර නාමය’ ලෙස හැඳින්වීම වඩාත් යෝග්‍ය වන බව පෙනී යන්නේ ‘වාසගම’ යන්නෙන් ‘වාසය කරන ගම’ නොහොත් ‘මුල් ගම’ ද අදහස් කෙරෙන බැවිනි. එහෙයින් ගත් කල, දැන් අප විමසා බලන්නට යන්නේ ලංකාවේ භාවිත පෘතුගීසි ‘වාසගම්’ නොව ‘පෙළපත් නාම’ යැයි කිව හැකිය. දැන් අපි ඒවා එකින් එක ගෙන ඒවායේ පැටිකිරිය විමසා බලමු.

පෙරේරා

මෙය ලංකාවේ වඩාත්ම භාවිත පෘතුගීසි පෙළපත් නාමවලින් එකකි. පෘතුගීසි යෙදුම:- Pereira (පෙරෙයිරා). අර්ථය:- ​‘පෙයාර්ස් ගස’

සිල්වා

‘සිල්වා’ යනු පෘතුගීසි නොව ලතින් වචනයකි (ලතින් බස සියලු යුරෝපා භාෂාවල මාතාව බව අපි දනිමු). ලතින් යෙදුම: Silva (සිල්වා). අර්ථය: ලන්ද, ලඳු කැලෑව, Silva යන්න විටෙක De Silva ලෙසද භාවිත වේ ‘De’ යන්න ඉංග්‍රීසි බසින් ගත්කල ‘Of’ යන අරුත දෙයි. ඒ අනුව ‘De Silva’ යනු ලන්දේ/ ‘ලඳු කැලෑවේ’ යනුවෙයි.

ද මෙල්

පෘතුගීසි යෙදුම – De Mello (දෙ මෙල්ලෝ). අර්ථය – ‘මී පැණි’. ඒ අනුව De Mello හෙවත් De Mel යනු ‘මීපැණිහි’/‘මීපැණියේ’ යනුයි.

කෲස්

පෘතුගීසි යෙදුම: Cruz (කෲස්). අර්ථය – ‘කුරුසිය’. 100% ක්ම පාහේ ක්‍රිස්තියානින් වන පෘතුගාලයේ මෙබඳු ආගමික සංකල්පයක් පෙළපත් නාමයක් සේ යොද‌ා ගැනීම පුදුමයට කරුණක් නොවේ.

පීරිස්

පෘතුගීසි යෙදුම – Pires (පීරෙස්) – අර්ථය – පීරිසිය. මේ අනුව ‘පීරිසිය’ යනු වචනය මෙන්ම ‘කෝප්පය’ යන වචනයද පෘතුගීසි ආභාසයෙන් සිංහලයට නැඟිණැයි කල්පනා කළ හැකිය. පෘතුගීසි බසින් කෝප්පය Copo (කෝපෝ) යනුය.

පාරිස්

පෘතුගීසි යෙදුම: Paris (පරීස්). අප කළ විමර්ශනයට අනුව පෘතුගීසි බසින් පරීස් යනු ප්‍රංශයේ අගනුවර වන පැරීසියයි. පැරීසියේ කලක් තිස්සේ සාම්ප්‍රද‌ායිකව පෘතුගීසි සම්භවයක් සහිත ජන කොටසක් ජීවත් වෙති. මේ ජනතාව පෘතුගීසින් විසින් හඳුන්වනු ලැබුවේ ‘පරීස්’ යනුවෙනි. මේ සිංහල භාවිතයේදී මේ වාසගම ලැබූ අය ‘පාරිස්’ ලෙස හඳුන්වනු ලබති.

ඩයස්

පෘතුගීසි යෙදුම – Dias (දියාස්) – අර්ථය : දිනයන්. පෘතුගීසි බසින් Dia (දියා) යනු ‘දිනය’ යි dias (දියාස්) යනු එහි බහුවචනමය ස්වරූපයයි. මාගේ පෙර කී මිතුරා පෙන්වා දුන් ආකාරයට ‘දිනය උදා කරන’ (දිනකර) යන අර්ථයෙන් මෙම Dias යන්න ‘සූර්යයා’ ලෙසද අර්ථකථනය කළ හැකිය.

මෙන්ඩිස්

පෘතුගීසි යෙදුම – Mandaz (මන්දෙස්) Menendez (මෙනෙන්දෙස්). අර්ථය – ‘මෙනෙන්දෝ ගේ පුත්‍රයා’. මෙනෙන්දෝ යනු යුරෝපයට බලපෑ කතෝලික ශුද්ධවන්තයෙකු සේම රාජ කුමාරයෙකි. ඉංග්‍රීසි බසින් St.Hermangild (සා.හර්මන්පිල්ඩ්) ලෙස හඳුන්වන්නේත් මෙතුමාය. ක්‍රි.ව 6 වැනි සියවසේ ජීවත් වූ ස්පාඤ්ඤ රජකුමරෙකු වූ මෙතුමා කතෝලික විශ්වාසය උදෙසා දිවි පිදූ ප්‍රාණ පරිත්‍යාගියෙකි. මේ පෙළපත් නාමයේ අර්ථය එම ‘මෙනෙන්දෝගේ පුත්‍රයා’ යනුය.

ප්‍රනාන්දු

යුරෝපයේ රටවල් රැසක පෙළපත් නාම හෝ පුද්ගල නාමයක් ද ලෙස ප්‍රනාන්දු යන්න ප්‍රකටය. පෘතුගීසි යෙදුම – Fernando (ෆර්නාන්දෝ). ජර්මානු රජ පෙළපතක් වන ෆර්ඩිනන්ඩ් (Ferdinand) යන්නෙහි පෘතුගීසි නාමය ලෙස ‘Fernando’ හැඳින්විය හැකිය. මෙම නාමයම Ferdinand ලෙස ජර්මන්, චෙක්, ලන්දේසි, ඉංග්‍රීසි, ප්‍රංශ මෙන්ම පෝලන්ත යන භාෂාවලින්ද Hernando (හෙර්නන්දෝ) ලෙස ස්පාඤ්ඤ භාෂාවෙන්ද නන්දෝර් ලෙස හංගේරියානු භාෂාවෙන්ද භාවිතවේ. ප්‍රනාන්දු යනු එහිම ලාංකේය ප්‍රකාශනයයි.

තවද තම ප්‍රනාන්දු යන පෙළපත් නාමය ‘ප්‍රනන්ද’ හෝ ‘පුරනන්ද’ යනුවෙන් වඩාත් දේශීයත්වයට නඟාගත් ස්වල්ප දෙනෙකු සේම තම නාමයේ මුල් පෙළපත් නාමය නමේ අගට ගෙන ප්‍රනාන්දු යන්න භාවිත නොකරන වර්ණකුලසූරිය, කුරුකුලසූරිය, මිහිඳුකුල සූරිය, වර්ණකුල, මිහිඳුකුල, කොඩිප්පිලි හෝ වීරක්කොඩි හෝ වැනි නම් දරන ප්‍රනාන්දුවරු ද සිටිති

නෝනිස්

ස්පාඤ්ඤ නාමය : ‘නූනෝ’/ පෘතුගීසි නාමය ‘නූනෙස්’. අර්ථය : ‘නුනෝගේ පුත්‍රයා’ මීට අමතරව මෙය පෘතුගීසි අරුතින් ‘නවවෙනි’ හෝ ‘සීයා’ යනුද වෙයි නූනෝ යනු 14 වැනි සියවසේ සිදු වූ කස්තීලියානු ආක්‍රමණයට එරෙහිව සටන් වැදී පෘතුගාලය බේරාගත් වීරෝදාර රණවිරුවෙකි ‘නූනෙස්’ ඔහුගේ පුත්‍රයා ලෙස අර්ථකථනය කෙරෙන අතර සිංහලයේදී එය ‘නෝනිස්’ නම් වෙයි.

ගෝමස්/ගෝමිස්

මෙම පෙළපත් නාම දෙකම එකම ස්පාඤ්ඤ මූලාශ්‍රයකින් සම්භව වී යැයි සැලකිය හැකිය. ස්පාඤ්ඤ යෙදුම: විසිගොතික් සංකල්පයක් වූ ‘ගෝමා’ මෙහි මූල්‍ය ජර්මානු ‘ගුමා’ (Guma) යන්න අර්ථය:- ‘මිනිසා’. ඒ අනුව ‘​ගෝමෙස්’ යනු ‘මිනිස් පුත්‍රයා’ (මනුෂ්‍ය පුත්‍රයා) ලෙස ගත හැකිය.

ෆොන්සේකා

ලතින් මූලය : Fon+Sicca. අර්ථය : ​Fon (උල්පත) Sicca (වියළි බිම) වියළි බිමෙහි උල්පත තවද මෙය කාන්තාරයක ක්ෂේම භූමියකට ඉඟි කරයි.

කොස්තා

පෘතුගීසි යෙදුම: Costa (කොස්තා). පෘතුගීසි අර්ථය : ගං ඉවුර, බෑවුම, මුහුදු වෙරළ. ලතින් අර්ථය: පැත්ත, අයින, කෙළවර, අද්දර

වාස්

හංගේරියානු මූලය : Vass. අර්ථය – යකඩ. මෙමගින් කම්මල් රැකියාවේ නියුක්ත වූවන්, යපස් පතල්කරුවන් හෝ යකඩ භාණ්ඩ වෙළඳාමේ යෙදෙන්නන් අදහස් කෙරේ. එසේම මෙම පෙළපත් නාමය මගින් අති විශිෂ්ට චරිතයක්. ප්‍රබල විඳ දරා ගැනීමේ හැකියාවක්ද ප්‍රකාශ කෙරේ.

අල්විස්

ජර්මානු මූලය : Alfher (පුද්ගල නාමයකි). පෘතුගීසි නාමය: Alves ( අල්වෙස්). අර්ථය – අල්ෆර්ගේ පුත්‍රයා (Alves) ලංකාවේදී මෙය Alwis (අල්විස්) බවට පත් වී ඇත.

රුද්‍රිගු

ස්පාඤ්ඤ මූලය – රොද්‍රිගෝ දියාස් දෙ වීවාර් (පුද්ගල නාමයකි) එකො​ළොස් වෙනි සියවසේ විශිෂ්ට හා කැපී පෙනුණු ස්පාඤ්ඤ සේනාධිපතියෙකු වූ මොහුගේ නාමයට ගෞරව පිණිස රොද්‍රිගු යන මොහුගේ නාමය පෙළපත් නාමයක් සේ පසුකාලීනව භාවිතයට ගැනුණු බව පෙනී යයි.

පුරාණ ජර්මානු බසෙහි Hroderic ලෙස හඳුන්වනු ලැබූ මේ නාමය ස්පාඤ්ඤ, පෘතුගීසි හා ඉතාලි භාෂාවලින් Roderico (රොදෙරිතෝ) ලෙසද කතෝලාන බසෙහි Roderic (රොඩෙරික්) ලෙසද ඉංග්‍රීසියෙහි Rod හා Roddy ලෙසද ප්‍රංශ බසෙහි රොද්‍රිගු (Rodrigue) ලෙසද පෘතුගීසි හා ස්පාඤ්ඤ භාෂාවලින් තවත් විටෙක Ruy,Rui හෝ Ruiz ලෙසද මේ නම භාවිත කෙරේ. සාමාන්‍ය සිංහල භාවිතයේදී රුද්‍රිගු නම් වන මේ පෙළපත් නාමය ඉංග්‍රීසිකරණ ලක්ව Rodrigo (රොඩ්රිගෝ) ලෙස වර්තමාන ‘පොෂ්’ ඉංග්‍රීසියෙහි (Posh English) භාවිත වේ.

සුවාරිස්

ජර්මානු මූලය :- Suero (සුඑ්රෝ). Su+heri ලෙස මේ වචනය කොටස් දෙකකට බෙදා දැක්විය හැකි නමුත් පෘතුගීසි විශේෂඥයන් පවා තවමත් ‘su’ යන්නෙහි අර්ථය කුමක්දැයි නිශ්චිත කරගෙන නැත. එහෙත් ‘heri’ හෙවත් ‘hari’ යනු ‘හමුදාව’ යි.

සොයිසා

පෘතුගීසි මූල්‍ය : Souza (සූසා). මුල් කාලයේ මේ නාමය යොදා ගැනුණේ පෘතුගාලයේ සූසා ගංගා නිම්නයේ පදිංචි වැසියන් හඳුන්වනු පිණිසය. මේ ගංගාවට Souza යන නම ලැබීමට ලතින් වචන දෙකක බලපෑමක් ඇතැයි සැලකේ. එනම් Salsus (ලවණමය) හෝ Saxa (ගල් සහිත) යන වචන දෙකම හෝ ඉන් එකක් හෝ ඊට බලපාන්නට ඇතැයි පිළිගැනේ. සොයිසා යැයි කී විට ලංකාවේ කාටත් සිහිවන නගරය මොරටුවයි.

අල්මේදා

අරාබි මූලය – ‘අල් මයිද‌ා’ (Al Maida). අර්ථය – කලක් ඉස්ලාමීය ආක්‍රමණයට යට වී සිටි ස්පාඤ්ඤයේ එක් නගරයක් අරාබින් විසින් හඳුන්වනු ලැබූයේ ‘අල් මයිදා’ යනුවෙනි. එහි අර්ථය ‘සානුව’ යනුය. ‘අල්මේයිදා’ ලෙස ස්පාඤ්ඤකරණයට ලක් වූ මේ පෙළපත් නාමයෙන් එම නගරයේ වැසියන් හඳුන්වනු ලැබීය. මෙම පෙළපත් නාමය ලංකාවේදී භාවිත වන්නේ ‘අල්මේදා’ වශයෙනි. ලංකාවට ගොඩබට ප්‍රථම පෘතුගීසි කප්පිත්තා වූයේ ලොරෙන්සෝද අල්මේදාය.

කබ්රාල්

ලතින් මූලය: Capralis (කප්‍රාලිස්). අර්ථය: එළුවන් ලගින තැන – මේ පෙළපත් නාමය එළුවන් බලාගන්නා පුද්ගලයෙකු හැඳින්වීමට යොදා ගත්තා විය හැකිය. ලංකාවේදී මෙය ‘කබ්රාල්’ ලෙස භාවිතවේ.

කොරයා Cora (කෝරා)

ලතින් මූලය – Cora (​කොරෙයා) අර්ථය – හදවත. ලතින් බසින් කොරියානු රාජ්‍යය හැඳින්වීමට යෙදෙන මේ යෙදුම  හැරෙන්නට මෙම පෙළපත් නාමය සාධාරණීකරණය සඳහා සොයාගැනීමට අපට සොයාගත හැකි එකම සාධාරණ වචනය වන්නේ ‘හදවත’ යන අරුත දෙන ‘Cora’ (කෝරා) යන්නය. මේ අනුව ‘හෘදයාංගම’ වැනි අරුතකින් Cora (කෝරා) යන්න කොරයා’ ලෙස සකසාගත්තේදැයි කල්පනා කළ හැක.

පැස්කුවල්

පෘතුගීසි මූලය: Pascoa. අර්ථය – පාස්කුව (පාස්කු මංගල්‍යය). මෙම නාමය ‘පාස්කු මංගල්‍යය හා සබැඳි අරුතක් ගෙන එයි. ක්‍රිස්තියානින්ගේ ඉහළම තලයේ මංගල්‍යය නත්තල නොව පාස්කුවයි. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දුක් විඳීම, මරණය හා උත්ථානය සමරන පාස්කු මංගල්‍යය නත්තලට වඩා වැදගත් මංගල්‍යය වෙයි.  පැස්කුවල් යන පෙළපත් නාමය Pascoa (පාස්කොආ) යන පෘතුගීසි යෙදුම හා බැඳෙන බව මෙසේ තහවුරු වේ.

පෘතුගීසි ආභාසයෙන් මෙරටට ලැබුණු පෙළපත් නාම පිළිබඳ මා කළ විමර්ශනය ඵලදායක වී යැයි කල්පනා කරමි. එසේම තම පෙළපත් නාමය පිළිබඳ සැබෑ තතු දැන ගැනීම බොහෝ දෙනෙකුගේ සතුටට හේතුවිය හැකියැයි හඟීමි. එහෙත් මේ පෙළපත් නාම පිළිබඳ තවත් වෙනස් අර්ථකථන ද තිබීමට ඉඩ ඇත. තවත් එබඳු අධ්‍යයනයන් වේ නම් ඒවාත් මේ මොහොතේ කරළියට පැමිණේවායි පතමි.

ජමික මනෝහර සුබසිංහ
මුලාශ්‍රය – ලංකාදීප පුවත් පත

Source Link : Wishma Lokaya

ඕනෑම දෙයක් පහසුවෙන් මතක තබාගැනීමේ විශ්වීය සුත්‍රය

අපි ජීවිත කාලයේදී මොනතරම් දේවල් ප්‍රමාණයක් ඉගෙන ගන්නවාද? එත් අපිට ඒ හැම දෙයක්ම මතක නෑ. මොකද අපිට ඒවායින් වැඩි ප්‍රමාණයක් අමතක වෙනවා. ඇයි මෙහෙම අමතක වෙන්නේ.

අපි බලමු ඇයි අපිට අමතක වෙන්නේ වෙන්නේ කියලා. ඒ එක්කම හොයමු කාර්යක්ෂමව තොරතුරු මතක තියාගන්නේ කොහොමද කියන එක පිළිබඳව. ජර්මන් ජාතික මනෝ විද්‍යාඥයෙක් වන හර්මන් ෂි එබින්ගස් හොයාගෙන තිබෙනවා මතක තබා ගැනීමට උපකාරී වන විශ්වීය සුත්‍රයක්. ඉතින් ඒ ගැනත් ඔබට කියා දෙන්න මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වෙනවා.

ඇයි අපිට අමතක වෙන්නේ

අපේ මොළය, ඔලුවට අනවශ්‍ය දේවල් පිරෙන එක නවත්තනවා. අන්න ඒ නිසයි ලැබෙන හැම අලුත් තොරතුරක්ම කෙටි කාලීන මතකයක ගබඩා වෙලා ඒ තොරතුරු නැවත පාවිච්චි කළේ නැත්නම් මැකිලා යන්නේ. හැබැයි කෙටි කාලීන මතකයේ තිබිලා අපි භාවිතා කරපු තොරතුරු, ආවර්ජනය කළ දේවල් දිගු කාලීන මතකයේ ගබඩා වෙනවා.

එබින්ගස්ගේ අමතක වීමේ වක්‍රය

මේක “එබින්ගස්ගේ අමතකවීමේ වක්‍රය” උනාට එබින්ගස් විතරක් නෙවෙයි අපි හැමෝටම අදාළයි. මේ වක්‍රයෙන් කියවෙනවා අපි දෙයක් අළුතෙන් ඉගෙන ගෙන මොළයට ඇතුල් කළත් නැවත පැයක් ඇතුළත අළුත් කළේ නැත්නම් අපිට ඒ තොරතුරෙන් භාගයකට වැඩි ප්‍රමාණයක් අමතක වෙන බව. සතියකට පසුව අපිට මතක තිබෙන්නේ ඉගෙනගත් දෙයින් 20%ක් වගේ අඩු ප්‍රමාණයක්.

හැමදේම මතක තියාගන්නේ කොහොමද

වේගවත් පාඩම් කිරීමේ ක්‍රමය – ඉක්මනින් මතක තබා ගැනීමට

පළමු පාඩම් කිරීම ඉගෙනගත් වහාම
දෙවන පාඩම් කිරීම විනාඩි 15- 20කට පසුව
තුන්වන පාඩම් කිරීම පැය 6 – 8කට පසුව
හතරවන පාඩම් කිරීම පැය 24කට පසුව

වේගවත් පාඩම් කිරීමේ ක්‍රමය – දිගුකල් මතක තබා ගැනීමට

පළමු පාඩම් කිරීම ඉගෙනගත් වහාම
දෙවන පාඩම් කිරීම විනාඩි 20 – 30කට පසුව
තුන්වන පාඩම් කිරීම දිනකට පසුව
හතරවන පාඩම් කිරීම සති 2, 3කට පසුව
පස්වන පාඩම් කිරීම මාස 2, 3කට පසුව

තොරතුරු, වැඩි කාලයක් අපේ මතකයේ තබා ගැනීමට අවශ්‍යනම් අපි එම තොරතුරු දිගු කාලීන මතකයට ඇතුළත් කරගත යුතු වෙනවා. නමුත් බලෙන් පාඩම් කිරීම හෝ කරවීම සාර්ථක ක්‍රමයක් නොවේ. මොකද ඉක්මනින් තොරතුරු සමඟ සන්නිවේදනය හදාගෙන ඒවායේ දත්ත හා හැඩය සමඟ සම්බන්ධයක් ගොඩ නගන්නට අපේ මොළයට හැකියාවක් නෑ.

ඔබට අවශ්‍යනම් දිගු කාලීන තොරතුරු මතක තියාගන්න, පාඩම් කරන දේවල් ආවර්ජනය කරන්න. එවිටයි නැවත එම තොරතුරු මතකයට නංවා ගත හැක්කේ. මෙයට ගතවෙන කාලය දින ගණනාවක් හෝ මාස ගණනාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට පුළුවන් ඔබ විසින්ම නිර්මාණය කරගත් කාඩ්පත්, කෙටි සටහන් හා දෘශ්‍යධාර උපයෝගී කරගෙන පාඩම් කරන්න. එහෙමත් නැතිනම් Anki (Android, ios) හා Supermemo (Android) වැනි මෙවලම් යොදාගෙන සැලැස්මකට අනුව පාඩම් කරන්න.

මතක තබා ගැනීමට වැදගත් වන ක්‍රම 12

01. ඉගෙනගන්න දේ තේරුම් ගන්න අපි ඉගෙනගත් දේ තේරුම් ගෙන සිටියහොත් ඒවා හිතෙන් හෝ නැවත නැවත කියවීමෙන් ධාරණය කරගන්න පුළුවන්. අන්න එහෙම තේරුම්ගෙන මතක තබා ගත් තොරතුරු අනෙක්වාට වඩා නව ගුණයකින් මතක් වීමේ හැකියාවක් පවතිනවා.

02. අත්‍යවශ්‍ය තොරතුරු පමණක් ඉගෙන ගන්න ඉගෙන ගැනීමේදී වැදගත් පිළිවෙල අනුව ඒ ඒ තොරතුරු වලට ප්‍රමුඛතාවය ලබා දෙන්න.

03. යම් සටහනක මුලින් හා අගින් ඇති තොරතුරු මතකයේ රැදීමේ හැකියාව වැඩියි. පාඩම් කිරීමේදී ඒ පිළිබඳව ඔබ සැලකිලිමත් වීම වටිනවා.

04. එකවරම අවධානය එක මාතෘකාවක සිට තවත් මාතෘකාවකට මාරු කරන්න. හැබැයි මතක තියාගන්න සමාන මතකයන් කවලම් වෙලා විකාරයක් වෙන්න පුළුවන්.

05. ප්‍රතිවිරුද්ධව ඉගෙනගන්න උදාහරණයක් ලෙස ඔබ විදෙස් භාෂාවක් ඉගෙන ගන්නවා නම් උදේ හා සවස ආවර්ජනය කරන්න. විරුද්ධ දේවල් මතක තබා ගන්න ඉතා ලේසියි.

06. ඔබේ “මතක මන්දිරය” තනා ගන්න අපේ මතකය සෑම විටම වටපිටාව සමඟ බැදිලයි තිබෙන්නේ. උදාහරණයක් විදිහට කාමරයේ සිට පාඩම් කරනකොට විෂය කරුණු කාමරයේ තිබෙන දේවල් සමඟ සම්බන්ධ කරගන්න පුළුවන්. නැවත නැවත ඒ පිළිවෙලට එම කරුණු මතක් කිරීම වටිනවා. පසුව ඔබට පුළුවන් කාමරයේ තිබුණු දේවල් මතකයට නගාගෙන විෂය කරුණු මතක් කර ගන්න.

07. “ඇමිණුම් වචන” භාවිතා කරන්න මේ ක්‍රමයෙන් කියවෙන්නේ ඉගෙනගත්ත දෙයක් තවත් ඉගෙනගත්ත දෙයකට අමුණන්න එකයි. එවිට එක දෙයක් මතක් කරනකොට අනෙක් දේ ඉබේම ඔබට මතක් වේවි.

08. අලුත් වචන, හොදින් දන්නා වචන එක්ක සම්බන්ධ කරගන්න භාෂාවක් ඉගෙනගන්නා විට පහසුම දේ තමයි සමාන වචන එකට මතක තියාගන්න එක. පොකුරු විදිහට. දන්නා දෙයකින් නොදන්නා දෙයක් ඉගෙනගැනීම එවිට ඔබට ඉතා පහසු වෙනවා.

09. ඔබට කැමති ආකාරයට කතාන්දර නිර්මාණය කරන්න ඔබට තොරතුරු ගොඩක් එකවර මතක තියාගන්න අවශ්‍යනම් ඒවා එකකට එකක් පිළිවෙලින් සම්බන්ධ කරලා කතාවක්, ගැලපීමක් හදා ගන්න. හැමදෙයක්ම එකිනෙකට බැඳුණාම මතක තියා ගන්න ගොඩක් පහසුයි.

10. ටේප් රෙකෝඩරයක් භාවිතා කරන්න ඉගෙනගන්නා දේවල් ටේප් රෙකෝඩරයකින් පටිගත කරගන්න. කිහිපවතාවක් සවන් දෙන්න. ගීත හා අනෙකුත් ශ්‍රව්‍ය මාධ්‍යට ප්‍රියකරන අයට සුදුසුම ක්‍රමය තමයි මේක.

11. රූප මවා ගන්න ඉගෙනීමේදී ඉරියව්, ඉඟි හා ශරීර භාෂාව භාවිතා කරන්න. තමන්ට ආවේනික ආකාරයට රූප මවාගන්න.

12. හොදම දේ තෝරන්න කල් පැනපු, යාවත් කාලීන නොවූ පොත් හා ඉගෙනුම් ක්‍රම භාවිතය වහාම නවත්වන්න. ඔබ භාවිතා කරන්නේ යම් පොතක ඉතා පැරණි මුද්‍රණයක් නම්, පොතේ සදහන් බොහෝ කරුණු හා සිද්ධාන්ත වර්තමානයේදී වෙනස් වී තිබෙන්න පුළුවන්. ඒ හේතුවෙන් වැරදීමට ඉඩ ඇති දේවල් මත ඔබේ කාලය කා දමන්න එපා.

ඉතින් මේ දේවල් වලින් ඔබ යමක් ඉගෙන ගත්තා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න. ඔබට සුභ දවසක්!

Source Link : Wishma Lokaya

පියයුරු පිළිකාවකට තුඩු දිය හැකි රෝග ලක්‍ෂණ 12 ක්

පිළිකා රෝගී කාන්තාවන් අතරින් වැඩි දෙනෙකු පියයුරු පිළිකාවලට ගොදුරු වූවන් බව ලෝක සෞඛ්‍යය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම තත්ත්වය සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල පොදුවේ දැකිය හැකි බවය.

2011 වසරේ දී ලොව පුරා කාන්තාවන් 508,000 පියයුරු පිළිකා හේතුවෙන් මරණයට පත්ව ඇති බව ඇස්තමේන්තු කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව 2014 වසරේ දී ශ්‍රී ලංකාව තුළ පිළිකා හේතුවෙන් මරණයට පත්ව ඇති කාන්තාවන් සංඛ්‍යාව 7,200 කි. ඉන් 18.8% පියයුරු පිළිකා රෝගීන්ය.

කෙසේ නමුත් පියයුරු පිළිකාවක් වැළඳී සුවය ලැබීමට පවතින හැකියාව රටින් රටට වෙනස් වේ.

පූර්ව රෝග ලක්ෂණ හඳුනා ගැනීමේ වැඩසටහන් මදකම පියයුරු පිළිකාවක් වැළඳී දිවි බේරා ගැනීමට ඇති හැකියාව අවම වීමේ කෙරෙහි බලපාන ප්‍රධාන හේතුවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා ජාතික පිළිකා ආයතනය පවසන පරිදි පියයුරු පිළිකා ප්‍රාථමික හෝ ද්වීතික විය හැක.

පිළිකාව මුලින්ම පියයුරු වල ඇති වූයේ නම් එය ප්‍රාථමික පියයුරු පිළිකාවකි.

ශරීරයේ වෙනත් තැනක ඇති වූ ගෙඩියක් පියයුරු වලට පැතිරී ඇත්නම් එය ද්වීතික පියයුරු පිළිකාවකි.

බොහෝ අවස්ථාවලදී ප්‍රාථමික පියයුරු පිළිකා ප්‍රතිකාරවලින් පසු නැවත හට ගැනීමක් සිදු නොවන බව ජාතික පිළිකා ආයතනය පෙන්වා දෙයි.

කෙසේ නමුත් ඇතැම් කාන්තාවන්ගේ පිළිකා සෛල, ප්‍රාථමික පිළිකාවලින් වෙන්වී ගොස් රුධිර ප්‍රවාහය හෝ වසාවාහි පද්ධතිය මගින් ශරීරයෙ අනෙක් කොටස් වලට පැතිර යා හැකි බව එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

පියයුරු පිළිකාවකට තුඩු දිය හැකි රෝග ලක්‍ෂණ 12 ක්

පියයුරු ආශ්‍රිත සම ඝන වීම

සම මතුපිට වළ ගැසීම

තන පුඩුව මත කුෂ්ඨ ඇතිවීම

තන පුඩුවෙන් දියරයක් ගැලීම

අසීරුවක් හෝ වේදනාවක් දැනීම

තන පුඩුව ඇතුළට ගිලී යාම

නහර මතු වීම

ඉදිමීම

සැරව සහිත තුවාල ඇතිවීම

සම දොඩම් ලෙල්ලක ස්වරූපය ගැනීම

පියයුරු වල ප්‍රමාණයෙ හෝ හැඩය වෙනස්වීම

තද ගැටිති

ඉහත කී රෝග ලක්ෂණ ඇත්නම් වහා වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර ගත යුතු බව විශේෂඥ මතයයි.

පියයුරුවල ගැටිති ඇති වීම පියයුරු පිළිකාවල ඉතා සුලබ ලක්‍ෂණයක් බව පෙන්වා දෙන ජාතික පිළිකා ආයතනය පියයුරුවල ඇති වන ගැටිති බොහොමයක් පිළිකා නොවන බව පවසයි.

මේ අතර කාන්තාවන් මෙන්ම පුරුෂයන් ද පියයුරු පිළිකාවලට ගොදුරු විය හැකි නමුත් ශ්‍රී ලංකාවේ බහුතර පුරුෂයින් ඒ සම්බන්ධයෙන් දැනුවත් නොමැති බව ජාතික පිළිකා ආයතනය පවසයි.

පියයුරු පිළිකාවක් වැළඳුණු පිරිමියෙකු තුළ දැකිය හැකි රෝග ලක්ෂණ

තන පුඩුව යට හෝ අන්තරාලයෙ ඇති වන වේදනා රහිත ගැටිති

පියයුරු වල ප්‍රමාණය හෝ හැඩය වෙනස්වීම

යටිකුරු වූ තන පුඩු

තන පුඩුවේ කුෂ්ඨ ඇතිවීම

තන පුඩුවෙන් රුධිරය වහනය වීම

කිහිල්ල ඉදිමීම හෝ ගැටිති ඇතිවීම

තන පුඩුව වටා තුවාලයක් හට ගැනීම

ශ්‍රී ලංකාව තුළ පුරුෂයන් පනස් දෙනෙකු පමණ වාර්ෂිකව පියයුරු පිළිකාවලට ගොදුරුවන බව පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා මීට ඉහත දී මාධ්‍ය වෙත පවසා තිබුනා

ලිපි මුලාශ්‍රය – BBC පුවත් සේවය

Source Link : Wishma Lokaya

විවිධ රෝග වලට ගුණ දෙන කැඳ වර්ග මෙන්න – ඉතාම වටිනා මෙම ලිපිය හැමෝටම බලන්න ශෙයා කරන්න

ගොවිතැන සිය ජීවනෝපාය කරගෙන ජීවත්වන ඈත ගම් දනව්වල සමහර ගැමියන් තවමත් උදෑසන ආහාරයට කොළ කැඳ කෝප්පයක් හෝ දෙකක් ගන්නේ ඉන් ලැබෙන ගුණය දන්නා නිසාවෙනි. උදෑසනට කිරි තේ හෝ කහට තේ බොන්නට බොහෝ දෙනා පුරුදුව හිටියත් කොළ කැඳ කොප්පයක් රහ බලා තම දෛනික කටයුතු අරඹන්නේ ප්‍රබෝධයෙන් හා උනන්දුවෙන් යුතුවයි.

සිරුරට පහසුවෙන් අවශෝෂණය කරගත හැකි ලෙස කොළ කැඳ සාදාගත හැක්කේ ශාකයක හෝ වැලක කොළ පොතු මුල් සහ අල උපයෝගී කරගෙන දිරවීමට පහසුවන පරිදි සැකසීමෙනි.

ඖෂධීය ගුණයෙන් වැඩියි

ලංකාවේ ගබ්බදව ජීවත්වන ගැමියන් දෛනිකව මෙවැනි ගුණාත්මක බවින් වැඩි කොළ කැඳ වර්ග භාවිතා කරයි. බාල මහළු, රෝගී හා නිරෝගී අයටත් කැඳ වර්ග පානය කිරීම බොහෝ ගුණ දෙන බැවින් සමහරුන් මේ සඳහා ගුණාත්මක බව වැඩි කරගැනීමට දේශීය ඖෂධීය ගුණැති සහල් වර්ග උපයෝගී කරගනියි.

වර්තමානයේ වස විසෙන් තොර ආහාර රටාවකට හුරුවන්නට අවශ්‍ය නිසා සාමාන්‍යයෙන් මෙම සහල් වර්ගයන් මිල අධික විම නිසා ප්‍රධාන ආහාරවේලට භාවිතා නොකළත් උදෑසන ඔබේ තේ පානය වෙනුවට මේ දේශීය සහලින් සැදු කොළ කැඳ පානයක් ලෙස ගන්නේ සෞඛ්‍යට වඩාත් හිතකර නිසයි. එසේම කැඳ සැදීම සඳහා ඕතඥදඤඥප එක වෙනුවට පුරාණයේ මෙන් වංගෙඩියේ දමා කොටා ගතහැකි නම් එය වඩා සුදුසුයි. නියම පෝෂණ හා ඖෂධීය ගුණයේ ඉහළ වටිනාකමක් ඒ කැඳවලට ලැබෙන්නේ එවිටයි.

සෞඛ්‍යට හිතකරයි

කොළ කැඳ ප්‍රධාන කොටස් 2 ට ආයුර්වේදයට අනුව පෙන්වා දිය හැකියි. ඖෂධීයව එකක් හා අනෙක පෝෂණීයව කොළ කැඳ ලෙස සිරුරේ පැවැත්මට හා පෝෂණයට අවශ්‍ය වන පරිදි ස්වභාවධර්මයා අපට දායාද කර දී ඇත.

ඖෂධීය කොළ කැඳ

විවිධ රෝගාබාධවලට ඔරොත්තු දිය හැකි කැඳ වර්ග පරිසරයෙන් අපට හමුවේ. මේ අනුව අල වර්ග, කොළ වර්ග, පොතු වර්ග, ඇට වර්ග ඖෂධීය කැඳ ලෙස භාවිතා කෙරේ. ඒ සඳහා උදාහරණ ලෙස කරංපිචා කොළ, කොහිල අල කැඳ, එළබටු දළු කැඳ, හීන් බෝවිටියා සහ මුලින්ම ගෙන සාදාගන්නා කැඳ, ගොටු කොළ කැඳ, යකිනාරං කොළ කැඳ, සහ දිවුල් කොළ කැඳ යනුවෙන් හඳුන්වා දිය හැකියි.

පෝෂණීය කැඳ

මෙහිදී රෝගාබාධයක් නොමැතිව සිටින සිරුරේ හිතකර සෞඛ්‍ය තත්ත්වය නඟාසිටුවීමට උදෙසා පෝෂණීය කැඳ ලබාදේ. ඒ වගේ නිරෝගී පුද්ගලයන්ට මෙවැනි කැඳ වර්ග නිර්දේශ කරනු ඇත. උදා – හාතාවාරිය කොළ කැඳ, මොණරකුඩුම්බිය, මුල් හැර අන් සියළුම කොටස් කොළ කැඳ වලට භාවිතා කරයි. ඉරමුසු කොළ කැඳ, මුගුණුවැන්න, කුරක්කන් කැඳ, මුං ඇට කැඳ, බැඳි හාල් කැඳ, මෙනේරි කැඳ

බැඳි හාල් කැඳ

අවශ්‍ය ප්‍රමාණයට හාල් ගෙන සෝදා පිරිසුදු කර කබලෙ දමා බැදගන්න. රන්වන් පාට වන තෙක් බැඳ පසුව එය වෙනම භාජනයකට වතුර සමඟ එක්කර ටික වේලාවක් ගිය පසු පොල්කිරි හා අවශ්‍ය පදමට ලුණු එකතු කර බැඳි හාල් කැඳ සාදාගත හැකියි. ඕනෑම රෝගාබාධයක් සැදී සුව වූ විට පළමුවෙන් ම දෙන්නේ මේ බැඳි හාල් කැඳයි. මෙහිදී සහල් බැදගත් නිසා පවතින සුවිශේෂී ගුණය වන්නේ අන්ත්‍රවලදී වැඩි ප්‍රමාණයක් හොඳින් අවශෝෂණය කිරීමට හැකිවීමයි. මෙහි දී ක්ෂණික ශක්තියක් ලැබේ.

මේ කැඳවල සාන්ද්‍රණය හොඳින් පවතින බැවින් කැඳ සුළු ප්‍රමාණයකින් වුවත් සිරුරේ ශක්තිය ලැබේ. අන්ත්‍රගත රෝගාබාධ වලදී මෙය වඩාත් සුදුසුයි. අන්ත්‍රගත රෝගයේ ඝණ ආහාරයක් ගත්විට එය දිරවීමට අපහසුය. නමුත් බැඳි හාල් කැඳ වලින් ලැබෙන දිරවීමේ පහසුබව නිසා හොඳින් සිරුරට අවශෝෂණය වී පෝෂණය ලැබේ. එවිට ඝණ ආහාර ලබාගැනීමට අවශ්‍ය මුලික පදනම වැටෙනු ඇත.

කරපිංචා කොළ කැඳ

පාරම්පරිකව එන දේශීය වෛද්‍යවරු චිරාත් කාලයක පටන් ගෙන භාවිතා කරන විෂ නසන කරපිංචා කොළ කැඳ විශේෂයෙන් සර්ප විෂට යොදා ගැනේ. කරපිංචා කොළ ඕනෑම අවස්ථාවක දී සර්ප විෂ නසන්නට විශේෂයෙන් දේශීය චිකිත්සාවේ දී ඕනෑම වෛද්‍ය පරම්පරාවකට අදාලව භාවිතා කරයි.

කරපිංචා කොළ වංගෙඩියක දමා කොටා ගත් යුෂට පොල්කිරි සමඟ හාල් අවශ්‍ය පමණට එකතු කර ඇති තෙක් ලුණු ද දමා රත්කර කැඳ සදා ගත හැකියි. හාල් එක් කිරීමේදී සුවඳැල් වැනි දේශීය ඖෂධීය හාලක් භාවිතා කරන්නේ නම් උපරීම ප්‍රථිඵල ලබාගත හැකියි.

හීන් බෝවිටියා කොළ කැඳ- අක්මාවේ තෙල් අවම කර ගැනීමට හීන් බෝවිටියා

දේශීය වෙදකමේ විශේෂයෙන් භාවිතා වන්නේ සෙංගමාලය රෝගටයි. අක්මාව ශක්තිමත් කරන කැඳ වර්ගයකි. මෙහි මුළුමනින්ම ඇත්තේ ඖෂධීය ගුණයයි. සෙංගමාලයට සිදු කරන ප්‍රතිකාර පංතියේදී එක් ඖෂධයක් ලෙස ද හීන් බෝවිටියා කොළ කැඳ ලබාදෙයි. එහි පවතින ගුණ අනුව අද බහුලව පවතින කොලොස්ටරෝල් වලට හිතකර ලෙස ද භාවිතා වේ.

ඒ සඳහා ප්‍රතිකාර ගන්නා අතරේ දී අමතර පානයක් ලෙස මෙය එක දිගට දිනපතා එක්වේල බැගින් සතියක් ගැනීමෙන් ඖෂධවල ගුණාත්මක භාවය ලබාගත හැකියි. කැඳ සඳහා බෝවිටිය සහමුලින්ම ගනියි.

හීන් බෝවිටියා දලු හා හීනැටි හාල් මිටක් යොදා සාදාගන්නා කැඳ පානය කිරීමෙන් අක්මා රෝග, අර්ශස්, සෙංගමාලය, කොලෙස්ටරෝල් අඩු කර ගත හැකියි.

බෝවිටියා වර්ග බොහෝ ඇත. මින් වඩා ගුණය ලබාගත හැක්කේ හීන් බෝවිටියා වලිනි. පැරසිටමෝල් විස වී අක්මාවට සිදුවන හානිය වළක්වා ගත හැකියි.

මෙහි ගුණය ලබාගත හැක්කේ දලුවලින් පමණි. මෝරපු කොළ ආහාරයට ගැනීමෙන් ගැස්ට්‍රයිටීස් සෑදිය හැකියි. එබැවින් මෝරපු බෝවිටියා කොළ ආහාරයට සුදුසු නැත.

කොහිල අල කැඳ

දිනපතා භාවිතා කළ හැකියි. විශේෂයෙන් අර්ශස් රෝගී අයට සුදුසුයි. බඩවැළ පහත්වීම (ගුදභ්‍රංෂය) ගත රෝග තත්ත්වයේදී ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙස ගනී. කොහිල අල පොතු හැර මදය කෑලි වලට කපා ගාගන්නා ලද පොල් සමඟ වංගෙඩියේ දමා කොටා මිරිකා ගත් යුෂ සහල් සමඟ රත් කර පදමට ලුණ දමා කැඳ සාදා ප්‍රයෝජනයට ගත හැකියි. මල බද්ධයට විශේෂිතයි. වතුර අඩුවෙන් පානය කරන පිටි සහිත ආහාර ගන්නා අයට මෙය විශේෂිත වේ. එවිට ඔවුන්ගේ මල පිටවීමේ අපහසුව මඟ හරවා ගත හැකියි.

එළබටු කැඳ

විශේෂයෙන්ම ළදරුවන්ගේ සෙම අවස්ථාවලදී භාවිතා කරයි. දළු ගෙන කොටා ගත් යුෂ පසුව පොල් කිරි දමා හාල් ද ඇතුළුව ලුණු දමා රත්කර ප්‍රයෝජනයට ගත හැකියි. ඕනෑම සෙම් හා කැස්ස රෝගයට ගුණ දේ.

හාතාවරිය කැඳ

මෙය පෝෂණීය කැඳකි. හාතාවරිය කොළ කොටා යුෂ මිරිකා ගෙන පොල්කිරි සමඟ මිශ්‍ර කර රත්කර පදමට ලුණු දමා හාතාවරිය කැඳ සාදාගත හැකියි. මෙය ඉතා ප්‍රනීත කැඳකි. සිරුරේ ධාතු ශක්තිය වර්ධනය වෙයි. ක්‍රීඩකයන්ට හා වෙහෙසී වැඩකරන අයට ඉතාම සුදුසු වෙයි.

බලංගොඩ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රංජිත් රූපසිංහ

Source Link : Wishma Lokaya

සාර්ථකත්වයේ දෙරගුළු විවර කරන නිවසේ බුදුපහන තියන නිවැරදි ක්‍රමය මෙන්න

නිවසේ බුදු පහන ඔබ කොපමණ තබා ඇතිද? උදේ සවස මේ බුදු පහනේ ආලෝකයෙන් ඔබගේ නිවස එළිය වෙන්නට ඇති.නමුත් සමහර අය බුදු පහන තබන ගමන් එහි ගුණයක්‌ නොමැති බව හා නිතරම කරදරමයි කියන වාර අනන්තවත් ඇත. එහි වරද ඔබගේම ය.

පවුලේ සතුට – සමගිය – දියුණුව දරුවන්ගේ ඉගෙනීමේ හැකියාව ඇතිකර මාරක බාධක අනතුරු දුරු කරගෙන යහපත් ජීවිත ගතකිරීමට එයින් හැකිවේවි. දරුණු නවග්‍රහ අපල, ඒරාෂ්ඨක අපල වලින් පවා ඔබව ගලවා ගන්නේ බුදු පහනේ ආලෝකයයි.

එයින් සතුටට පත්වන විශ්වයේ බලයයි. සම්‍යක්‌දෘෂ්ඨික දේව සමූහයායි. බුදුගුණ බලය තව අවුරුදු 2500 ක කාලයකට ඉදිරියට ඇත. බුදුගුණ බලය අනන්තයි, අප්‍රමාණයි.

නිවැරදිව සෙත් ලැබෙන අයුරින් බුදු පහන මෙසේ අලුත් කරගන්න.

* ඔබ තබන පහන පිරිසිදු විය යුතුයි. මාළු හෝ මස්‌ වැනි දේ හෝ වෙනත් පිළී වර්ගයක්‌ අතගා බුදු පහන අල්ලන්නට එපා.

* හිත පිරිසිදු කරගන්න. ඔබ දුප්පත් වුවත් පෝසත් වුවත් එයින් ප්‍රශ්නයක්‌ නැත.

* මුහුණ ඇඟ පිරිසිදු වගේම හිත ද පිරිසිදු කර ගන්න.

* බුද්ධ පූජාව තබනවා නම් එම භාජන වෙනම තබන්න. පිරිසිදුව තබා ගන්න. වෙන් කරන ලද බන්දේසියක හෝ ලොකු පිරිසිදු භාජනයක්‌ පැන් පෙරා තබා ගන්න.

* සුදු කහ මල් තබන්න

* බුද්ධ පූජාවට වෙන් කළ යමක්‌ තිබේ නම් බත්, පාන් හෝ ඉඳිආප්ප ආදී කෑම වර්ගයක්‌ තමාට හැකි අයුරු තබා ගන්න. බුදු පහනට පිරිසිදුම තෙල් දමා ගන්න.

* මේ පහන තව භාජනයක්‌ මත තබා ගන්න. එහි විශේෂ බව මේ ලිපිය කියවා අවසානයේ ඔබට අවබෝධ වනු ඇත.

* බුද්ධ පූජාව තබන විට කිසිම විට කෑම පමණක්‌ තබන්නට එපා. පලතුරක්‌ අතුරුපසට යමක්‌ තබා ගන්න.

මෙය අමාරු දෙයක්‌ නොවේ. ඔබගේ ගෙදරට ගෙනෙන දෙයින් පළමුව වෙන් කර ගන්න. ඔබට මේ ගැන මෙතෙක්‌ සිතුණේ නැහැ නේද? ගෙදරට ගේන කෙසෙල් ඇවරියෙන් ගෙඩි 2 ක්‌ වෙන් කර ගන්න. මී කිරි හෝ අයිස්‌ ක්‍රීම් කෑමට පෙර වෙන් කරන ලද පොඩි වීදුරු හෝ කප් එකකට දමා ගන්න ඔබ සතුටින්ම මෙය කරන්න.

මොකට තබනවාද විසි කරනවානේ අපරාදේ කියා සිතන්නට එපා. මේ මුළු ලොවම සනසාලූ උතුම් ගෞතම බුදුරජාණන් වහන්සේට මේ අතුරුපස වෙන් කරන බව සිතන්න.

නිවසට ගෙනෙන පැණි රස කැවිලි, තල කැරලි හෝ වෙනත් කැවිලි වර්ගයක්‌ නම් පොඩි කොටසක්‌ සිතේ සතුටින් වෙනම භාජනයක අයින් කර තබන්න. දැන් බලන්න බුද්ධ පූජාවට අතුරුපස වෙන් වූ හැටි. අමතර වියදමක්‌ ගියේ නැහැ. මේ සුළු දේ මහා විශාල පුණ්‍ය කර්මයක්‌ බව සිතුනේ නැහැ නේද?

ඉතාම වටිනා දේ දැන් ඉගෙන ගන්න. ඔබ ගෙදර ස්‌වාමියා නම් බිරිඳට දරුවන්ට සලකන්න. නොපමාව යුතුකම් ඉටු කරන්න. දුරාචාරේ හෝ සූදුවට සුරාවට ඇබ්බැහි වී නම් එය නවතා දමන්න. තමාගේ වයසක අම්මාට තාත්තාට ආච්චිට හෝ සීයාට සලකන්න. බේත් හේත් ටික ලබා දෙන්න. තමාට හැකි අයුරු කරන්න.

බිරිඳක්‌ නම් තම ස්‌වාමියාට කීකරු වන්න. ස්‌වාමියා කරන කියන යහපත් හරි දේට සහාය දෙන්න. පති භක්‌තිය ඇති කරගන්න. පතිවත රකින්න ඕන. මේ විශ්වයේ එකම එක විශේෂ බලයක්‌ පවතිනවා, එකම බලය සත්‍යයේ බලයයි. විශ්වයේ කොපමණ බලයක්‌ තිබෙනවාද ඒ බලවලට සමාන කළ හැකි විශේෂ බලය පරම සත්‍යයේ බලයයි.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේද බුද්ධත්වය ලබන්නට පෙර අධිෂ්ඨානයක්‌ කළහ. එය අධිෂ්ඨානයක්‌ වුවත් අධිෂ්ඨාන කරන්නට නම් තමා තුළ සත්‍ය තිබෙන්නට අවශ්‍ය වෙයි. බුද්ධත්වය ලබන්නට පෙර දන් වළඳා පාත්‍රය උඩු ගම් බලා යේවායි අධිෂ්ඨාන කළේ ය. අපට ද ප්‍රාර්ථනා අධිෂ්ඨාන අනන්තවත් තිබේ. නමුත් විශ්වයේ බලය, ලබන්නට නම් අපට සත්‍යයේ බලය අවශ්‍යම වෙයි.

මේ ලෙස පත්තිනි දේවියත් තම ස්‌වාමියා වෙනුවෙන් සත්‍ය ක්‍රියා කළාය. ඒ තම පති භක්‌තියේ සත්‍ය බව ඔප්පු කරමිනි.

* බුදු පහන තබන විට පළමුව පන්සිල් ගෙන ඉතිපිසෝ ගාථාව 7 වරක්‌ කියන්න.

* සබ්බ පාපස්‌ස ගාථාව 7 වරක්‌ කියන්න.

ඉතිපිසෝ ගාථාව නව අරහාදී බුදුගුණ සත්‍ය පවතිනවා.

සබ්බ පාපස්‌ස ගාථාවේ කුසලයෙහි පිහිටීම තිබෙනවා.

මේ ලෙස කාලයක්‌ම කරන විට දින සති මාස ගෙවෙන විට ඔබට තිබෙන කරදර බාධා ටික ටික ගෙවී යහපත උදා වන බව තමාටම අත්දැක ගන්න ලැබේවි. කුසලය සත්‍ය නැතිව තබන බුදු පහනෙන් බලයක්‌ පිහිටන්නේ නැහැ. නමුත් පින පවතිනවා. සත්‍යයේ බලයක්‌ නැහැ. තවත් විශේෂ දෙයක්‌ තිබෙනවා.

අභිනව පහන් තැබීමට සුදුසුම වේලාව

නිවසේ අලුතින් බුදු පහන තබන අයට හා බුදු පහන සත්‍යයේ පිහිටා තබන්නට සිත හා අධිෂ්ඨාන කරන අයට සුබ හෝරාවක පහන තබන්න. අභිජිත් කියන බොහෝ ගුණ දෙන ප්‍රබල මුහුර්ථය උදාවන වේලාව ඉර උදාව අනුව ශුද්ධ කර ගන්න. එය අභිනව පහන් තැබීමට සුදුසුම වේලාවයි.

ඉර උදාව උදේ 6 ලෙස සලකාගෙන ඔබට පහසු දින 2ක්‌ මේ සමඟ සඳහන් කරන්නම්.

ඉරිදා උදේ 11.00 ට බ්‍රහස්‌පති හෝරාව උදාවේ. සෙනසුරුගේ පංචම හෝරාවේ මෙම අභිsජිත් මුහුර්ථය උදාවෙයි. (ඉර උදාව අනුව වේලාව සකසා ගන්න.)

දින 7 තුළ අභිජිත් මුහුර්ථය යෙදෙන වේලාවන් ඇති නමුත් සඳුදා දිනය උදේ 6 ඉර උදාව සේ ගත්විට උදේ 10 ට රවි ග්‍රහයාගේ හෝරාවේ රවි ග්‍රහයාගේම පංචම කාලයේ මෙම අභිsජිත් කියන ශුභ මුහුර්ථය උදාවේ.

මේ මුහුර්ථ කාලයේ දී බොහෝ ශුභ කටයුතු කරන අතර බුදු පහන අලුතින් තැබීම ආරම්භ කිරීමට ද ශුභ වෙයි.

තමාට ශුභ දිනයකට යෙදෙන අභිsජිත් මුහුර්ථය ඔබට ඔබගේ ජ්‍යෙdතිෂවේදීන් ලවා සාදවා ගෙන කටයුතු කළ හැකියි.

මේ මගින් නිවසේ පවතින වාස්‌තු දෝෂ පවා මඟහැරී යනු ඇත. අණවින කොඩිවින පවා ඉගිලී යනු ඇත. උතුම් බුදුගුණ හා තුණුරුවන්ගේ බලය අසීමිතයි.

දුව පුතාගේ විභාග ආදියට යන විට අධිෂ්ඨාන කරන්න. මාගේ සත්‍යයේ බලයෙන් දරුවන්ට ජය වේවායි පතන්න. ප්‍රබල ශුභ දශාවක්‌ ලබා නම් ගුණ අධිකව ලැබේ.

පහනේ තෙල් නළලත තිලක තබන්න. මා කියූ පරිදි පහන තවත් භාජනයක දමා තබන්න. එවිට එයින් වැටෙන හා කාන්දුවන තෙල් වල බලයක්‌ මතු වෙනවා එම තෙල් බිඳක්‌ හිස ගල් වන්න. රෝග පවා සුව වෙයි.

බොන බෙහෙත්වල ගුණ ලැබෙයි. ලෙඩක්‌ හැදුණත් එක බෙහෙතෙන් සුවය ලබයි. පවුලේ සතුට සමඟිය ඇතිවේ. ධනය ගෞරවය ලැබේ. මේ සත්‍ය ක්‍රියාව අත්හදා බලන්න.

සෑම බෞද්ධයෙකුම අනිවාර්යයෙන් කියවියයුතු මෙම ලිපිය මිතුරන්ටත් දැනගන්න Share කරන්න.

නිහාල් හේවාබටගොඩගේ, ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී , ජ්‍යෙතිෂ විද්‍යා විශ්වකීර්ති , පානදුර- 077 4181943

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න

Source Link : Wishma Lokaya

කොහිල කැඳවලින් අර්ශස්‌ නිට්ටාවටම සුව කරගන්නේ මෙහෙමයි – ඉතාම වටිනා ලිපියක්

ක්‍රි.පූ. 1700 දී, එනම් මෙයට වසර 3700 කට පෙර කල අර්ශස්‌ ප්‍රතිකාර ගැන විස්‌තර කෙරෙන පැපිරස්‌ පතක්‌ ඊජිප්තුවෙන් හමුවෙලා තිබෙනවා. ඇකේෂියා (Acaeia)නමැති මධ්‍යධරණී ශාක වර්ගයේ පත්‍ර ගෙන ඒවා අඹරා බඳුනක දමා කකාරා ගුද මාර්ගය තුළට ඇතුළු කර තැබීමෙන් අර්ශස්‌ හෙවත් භගන්ධරා රෝගය නිට්‌ටාවටම සුව වන බව එම පැපිරස්‌ පත්‍රයේ සඳහන් වෙනවා.

ක්‍රි.පූ. 460-370 අතර ජීවත් වූ ග්‍රීක වෛද්‍යවරයකු සහ නූතන වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලකෙන හිපොක්‍රටිස්‌ගේ බෙහෙත් වට්‌ටෝරු එකතුවේ අර්ශස්‌ රෝගයට බෙහෙත් සඳහන් වෙලා තිබෙනවා.

මොනවද මේ අර්ශස්‌?

මෙය, මෙයට අවුරුදු 3700 කට පෙරත් වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කෙරුණු බවට ඉපැරණි ලිත ඉතිහාසයේ තිබෙන රෝගයක්‌. බෝ නොවන රෝග අතර වඩාත්ම වේදනාකාරී රෝගවලින් එකක්‌ හැටියට අර්ශස්‌ හඳුන්වන්න පුළුවන්. ක්‍රි.පූ. 1700 දී, එනම් මෙයට වසර 3700 කට පෙර කල අර්ශස්‌ ප්‍රතිකාර ගැන විස්‌තර කෙරෙන පැපිරස්‌ පතක්‌ ඊජිප්තුවෙන් හමුවෙලා තිබෙනවා.

ඇකේෂියා (Acaeia)නමැති මධ්‍යධරණී ශාක වර්ගයේ පත්‍ර ගෙන ඒවා අඹරා බඳුනක දමා කකාරා ගුද මාර්ගය තුළට ඇතුළු කර තැබීමෙන් අර්ශස්‌ හෙවත් භගන්ධරා රෝගය නිට්‌ටාවටම සුව වන බව එම පැපිරස්‌ පත්‍රයේ සඳහන් වෙනවා. ක්‍රි.පූ. 460-370 අතර ජීවත් වූ ග්‍රීක වෛද්‍යවරයකු සහ නූතන වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලකෙන හිපොක්‍රටිස්‌ගේ බෙහෙත් වට්‌ටෝරු එකතුවේ අර්ශස්‌ රෝගයට බෙහෙත් සඳහන් වෙලා තිබෙනවා.

ඔබ ඒ කිව්වෙ මේ රෝගයේ ඉතිහාසය. වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ පර්යේෂණාත්මකව ප්‍රතිකාර කෙරෙන මේ රෝගය නිට්‌ටාවට සුවපත් කරන්න පුළුවන්ද?

සියයට සියයක්‌ම පුළුවන්. සාමාන්‍යයෙන් සිදුකෙරෙන්නේ සැත්කමක්‌ මගින් අර්ශස්‌ ගෙඩි කපා ඉවත් කිරීම. එහෙම නැතිව පාරම්පරික සිංහල වෛද්‍ය ක්‍රමයට අනුව කසාය, තෙල්, ගුද මාර්ගයේ තැන්පත් කරන කුඩු වර්ග මගින් මේ රෝගය සුව කළ හැකියි. මෙය අපේ අත්තරගම වෙද පරම්පරාව සතු වෙදකමක්‌ 1948 ජීව අත්තරගම පරම්පරාව සහ එහි නූතන පරම්පරාව වන මා මේ වෙදකම කරනවා. තවත් වැදගත් යමක්‌ සඳහන් කළ යුතුයි.

අත්තරගම නූතන වෙද පරම්පරාව බිහිවන්නේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන මූලික කරගෙන. අර්ශස්‌ කියන්නේ කෙනකුගේ සිරුරේ උණුසුම් හෙවත් “ගිනියම” පදනම් කරගත් රෝගයක්‌. එක එක විදියට මෙය හැදෙනවා. සමහරුන්ට ලේ යනවා. තව සමහරුන්ට මළ බද්ධය වැළඳෙනවා. සමහරුන්ගේ ගුද මාර්ගය ඉවසන්න බැරි තරම් දැවිල්ල ගන්නවා.

තව සමහරුන්ගේ ගුද මාර්ගය අර්ශස්‌ ගෙඩි නිසා අවහිර වෙලා මළපහ කරගන්න බැරි වෙනවා. මෙය ගුදය ආශ්‍රිත රෝගයක්‌ නිසා මුත්‍රා මාර්ගයටත් බලපෑම් ඇති වනවා. සමහරු මේ රෝගය ගැන කියන්න ලඡ්ජයි. ඒ ගැන වෛද්‍යවරයකු එක්‌ක කතා කරන්න ලඡ්ජයි. විශේෂයෙන් කාන්තාවන් මේ රෝගය සඟවාගෙන දුක්‌ විඳීමේ ප්‍රවණතාවක්‌ තිබෙනවා.

මෙයට වයස්‌ සීමාවක්‌ තිබෙනවද?

නැහැ. පුංචි ළමයාටත්, තරුණයාටත් මහලු අයටත් මේ රෝගය එකසේ හැදෙනවා. මෙය ජානවලින් එන්නත් පුළුවන්• මවුපියන්ගෙන් අයකුට තිබුණොත් දරුවන්ට මෙය ඇතිවිය හැකියි. එසේම නිතරම අධික උෂ්ණ ආහාර ගැනීමෙනුත් මේ රෝගය හැදෙන බව අපේ පාරම්පරික වෙදකමේ කියෑවෙනවා.

ඉස්‌සො, දැල්ලො, බලමාළු, බල කරවල වැනි අධි පෝෂ්‍ය සහ විවිධ ඇසිඩ් වර්ග අඩංගු මත්ස්‍ය වර්ගත්, හරක්‌ මසුත් නිතර කන අයටත් මේ රෝගය වැළඳීමේ ඉඩකඩ වැඩියි. රෝගය උත්සන්නවෙලා නිතර නිතර ලේ යන්න පටන් ගත්තාම රෝගියා රක්‌තහීනතාවයෙන් පෙළෙනවා.

අර්ශස්‌ රෝගයට මත්පැන් බලපාන බව ඔබ කිව්වා. ඒ කොහොමද?

මත්පැන් විතරක්‌ නෙමෙයි සියලු ආකාරයේ මත්ද්‍රව්‍ය මෙයට බලපානවා. මත්පැන් කියන්නේ පානය කරන සැණින් දිවේ සිටම ශරීරයට උරාගන්න දෙයක්‌. එවිට ශරීරයේ සෛල විකෘති වෙනවා. ගුද මාර්ගය කියන්නේ ඉතා සියුම් පටක තිබෙන ප්‍රදේශයක්‌. එවැනි තැනක සෛල විකෘතියක්‌ හටගත්තොත් එමගින් එතැන ගෙඩි ඇතිවීමට ඉඩ තිබෙනවා.

ඒවා අර්ශස්‌ ගෙඩි අනෙක්‌ කෙනෙක්‌ මත්පැන් බිව්වට පස්‌සේ පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර ගන්නෙ නැහැ. ඔවුන් කන්නේ තෙල්, සෝස්‌ සහ කෘත්‍රිම රසකාරක දමා පිළියෙළ කර බැදුණු ආහාර. ඒවා ශරීරයට ඉතාම අහිතකරයි. මේ අතර සමහරු කියනව ඌරුමස්‌ සීතල ආහාරයක්‌. ඒ නිසා අර්ශස්‌වලට හොඳයි කියලා. මෙය පල් බොරුවක්‌.

අර්ශස්‌ සහ මළබද්ධය එකක්‌ පසුපස එන රෝග බව කියනවා…

අර්ශස්‌ කියන්නේ එක ලෙඩක්‌. මළ බද්ධය කියන්නෙ තව ලෙඩක්‌. හැබැයි අර්ශස්‌ හැදුණාම ගුද මාර්ගය තුළ ගෙඩි හටගෙන එය අවහිර වෙනවා. එවිට මළපහ කරගැනීමට රෝගියාට බැරි වෙනවා.

අර්ශස්‌ රෝගයට ගෙදර හදාගත හැකි අත්බෙහෙත් තිබෙනවද?

කොහිල අල කැඳ අර්ශස්‌වලට ඉතාම ප්‍රත්‍යක්‍ෂ බෙහෙතක්‌. මෙය හදන හැටි මෙහෙමයි. අඟලක්‌ ගනකම අඟල් දෙකක්‌ දිග කොහිල අලයක්‌ අරගෙන පිරිසිදු කරගන්න. ගොටුකොළ මිටක්‌ සහ පොතු ඉවත් කරගත් රතුළුEනු ගෙඩි පහකුත් ගන්න. මේවා වංගෙඩියක දමා කොටමින් වතුර කෝප්ප භාගයක්‌ පමණ එකතු කරන්න.

එහෙම නැත්නම් බ්ලෙන්ඩරයක දමා බ්ලෙන්ඩ් කරන්න. ඉන්පසු ඉස්‌ම ටික පෙරා හෝ මිරිකාගෙන එළඟිතෙල් මේස හැඳි භාගයක්‌ දමා ළිපේ තබා රත්කර ගන්න. නිවුණු පසු පානය කරන්න. හිස්‌බඩ සතියකට දවස්‌ දෙක තුනක්‌ මෙය පානය කරනවා. සති හතරක්‌ තුළ ලැබෙන ගුණය ඔබ දැනගන්න.

(නොමිලේ උපදෙස්‌ සඳහා 0372249276, 0773018158 යන අංකවලින් විමසන්න.) සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

Source Link : Wishma Lokaya

හිස්‌ කබලේ සෙම පිරීම හෙවත් සයිනසයිටීස්‌ රෝගය සුව කර ගන්නා අන්දම

බොහෝ දෙනා පීඩාවිඳින තවත් හිසේ කැක්‌කුම් තත්ත්වයක්‌ ලෙස හිස්‌ කබලේ සෙම පිරීම හෙවත් සයිනසයිටීස්‌ රෝගය හඳුන්වාදිය හැකියි. සයිනසයිටීස්‌ රෝගය ඇතිවන්නේ අපගේ ශ්වසන මාර්ගයේ ඉහළ කොටසේ සිදුවන ආසාධනයන් නිසා නිපදවන සෙම හිස්‌කබලේ ඇති කුහරවල ක්‍රමක්‍රමයෙන් එකතුවීමෙනි. අපගේ නාසයට සම්බන්ධව හිස්‌කබලේ කුහර යුගල් තුනක්‌ තිබේ.

එයින් එක්‌ කුහර යුගලයක්‌ ඇසට ඉහළින් නළල ප්‍රදේශයේ ෆ්‍රන්ටල් සයිනස්‌ (Frontal Sinus) ලෙසත්, දෙවැන්න ඇසට පහළින් නාසය දෙපස උඩු දත් ඇන්දට ඉහළින් මැක්‌සිලරිසයිනස්‌ (Maxillary Sinus) ලෙසත්, තෙවැන්න නාසය ඇතුළතින් එත්මොයිඩල් සයිනස්‌ (Ethmoidl Sinus) ලෙසත්, පිහිටා ඇත. මේවා අපගේ නාස්‌ කුහරයට සම්බන්ධ වේ. ශ්වසන මාර්ගයේ උඩ කොටසේ නිපදවන සෙම සහ සොටු මෙම කුහරවලට ක්‍රම ක්‍රමයෙන් එකතුවීමේ ප්‍රවණතාවයක්‌ ඇත.

දැන් අපි සලකා බලමු කෙනෙකුගේ සෙම නිපදවීම වැඩිවන්නේ ඇයි ද කියා. සමහර අයට උපතින්ම ඇති පීනස හෙවත් Allergic Rhinitis ලෙස හඳුන්වන රෝග තත්ත්වය නිසා උදය කාලයේ නිතර නිතර සෙම ගැලීම සිදුවේ. මෙම සොටු දියර හොඳට සූරා එළියට නොදමා උඩට ඇදීමෙන් සයිනස්‌ කුහරවලට එකතුවිය හැකියි. සමහරෙකුට දූවිලි හෝ දුම් ඇවිස්‌සුණු තැන්වලදී කිවිසුම් යාම සහ සොටුදියර ගැලීමට පටන් ගනියි.

මෙයට අමතරව සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණු අවස්‌ථාවලදී ද මෙම තත්ත්වය ඇති වේ. තවද නාසයේ ඇති මස්‌දළු, පීනස්‌ ගෙඩි වැනි රෝග තත්ත්ව නිසා ද සුළු වශයෙන් හෝ සෑදෙන සෙම නාසයෙන් එළියට දැමීමට ඇති අපහසුතාවයෙන් කුහර තුළ තැන්පත් විය හැකියි. මෙසේ කාලයක්‌ තුළ එකතුවන සෙම බැක්‌ටීරියාවල ආසාධනයට සහ පැසවීමට ලක්‌වීමෙන් මෙම සයිනසයිටීස්‌ නැමැති ආසාධන තත්ත්වය ඇති වේ.

රාත්‍රී කාලයේ ස්‌නානය සහ තෙත කොණ්‌ඩය පිටින් නිදා ගැනීම, නිතර නිතර සීතල වතුර පාවිච්චිය මෙම රෝග ඇතිවීමට බලපාන වෙනත් සාධක වේ.

රෝග ලක්‍ෂණ

හිසේ නළල ආශ්‍රිතව ඇතිවන දැඩි වේදනාව
හිසේ බර ගතිය
හිස පහතට හෙළා ලිවීමේදී හෝ වැඩක්‌ කිරීමේදී ඇතිවන අපහසුතාවයපහත්වී නැගිටින විට කැරකිල්ල සහ විසිවෙන ගතිය ඇතිවීම
අන් අය නොරුස්‌සන ස්‌වභාවය
කියාගැනීමට බැරි අසනීප තත්ත්වයක්‌ දැනීම
සවස්‌ කාලයේ උණ ගතිය
දිවා කාලයේ ඇස්‌ ඇරගෙන සිටීමට ඇති අපහසුතාවය සහ තද නිදිමත

ඔබට මෙවැනි රෝග ලක්‍ෂණ ඇත්නම් වෛද්‍යවරයෙක්‌ හමුවී පරික්‍ෂා කර බලා ප්‍රතිකාරවලට යොමුවීමෙන් මෙම රෝග තත්ත්වය නිට්‌ටාවට සුවකර ගත හැකියි. හිස්‌කබලේ කුහර ඇති තැන් ඇඟිල්ලෙන් තද කිරීමෙන් දැඩි වේදනාවක්‌ ඇතිවේ නම් මෙම රෝගය ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකියි. ඊට අමතරව එක්‌ස්‌ කිරණ පරික්‍ෂණයක්‌ මගින් කුහර තුළ සෙම තැන්පත් වී ඇතිදැයි පැහැදිලිව බලාගත හැකියි.

රෝගය සඳහා ප්‍රතිකාර

සති දෙකක පමණ කාලයක්‌ වෛද්‍ය නිර්දේශ මත ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම

මීට අමතරව සෙම නිපදවීම අඩු කිරීම සඳහා ද පීනස සඳහා ද ප්‍රතිකාර ලබා ගැනීම

හුමාලය ආශ්වාස කිරීම

මෙම ප්‍රතිකාරවලින් ද ගුණයක්‌ නොමැතිනම් උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමුවී සයිනස්‌වල ඇති සෙම ඉවත් කර සේදීම කළ යුතුය.

බොහෝ රෝගීන් මෙම කරුණු නොදැන සයිනසයිටීස්‌ රෝගයෙන් පීඩාවිඳින අවස්‌ථාවන් ඇත. එම නිසා රෝගයට නිසි ප්‍රතිකාර ලබාගැනීමත් නැවත රෝගය මතු නොවීම සඳහා අප ඉහතින් සඳහන් කළ රෝගයට බලපාන කරුණුවලින් ඉවත්වීමත් ඉතාම වැදගත් වේ.

එස්‌. එන්. ඒ සේනාරත්න , ඡේෂ්ඨ නේවාසික වෛද්‍ය , විකලාංග අංශය – ජාතික රෝහල

Source Link : Wishma Lokaya