අධීවේගී ක‍්‍රීකට් තරගාවලිය අද සංගා – හේරත් තරගාවලියෙන් ඉවත් වෙයි මෙන්න විස්තරේ

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද (14දා) සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන T-10 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන කලම්බු ලයන්ස් නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් හට හිමි වී තිබේ.

මෙම තරගාවලියේදී එක් කණ්ඩායමක් ඕවර 10 ක් ක්‍රීඩා කළ යුතුවේ. ඒ සඳහා ඔවුන්ට මිනිත්තු 45 ක කාලයක් හිමි වන අතර තරගයක් මිනිත්තු 90 ක කාලයක් පුරා පැවැත්වේ.

මේ වසරේ අප්‍රේල් මාසයේදී මෙරට පැවැති අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියෙන් ජය ලැබූ කොළඹ කණ්ඩායම, ‘කලම්බෝ ලයන්ස්’ ලෙසින් මෙම තරගාවලියට සහභාගි වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයෝ රැසක් එම කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන ‘කලම්බෝ ලයන්ස්’ කණ්ඩායමට ඇතුළත්ව සිටින ක්‍රීඩකයන් අතරින් ළහිරු තිරිමාන්න, ඩිල්ෂාන් මුණවීර, කිත්රුවන් විතානගේ, තිසර පෙරේරා, ඇන්ජලෝ පෙරේරා, ෂෙහාන් ජයසූරිය, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, විෂ්ව ප්‍රනාන්දු, සචිත්‍ර සේනානායක සහ ජෙෆ්රි වැන්ඩසේ ශ්‍රී ලංකා කණ්ඩායම නියොජ්නය කළ ක්‍රීඩකයෝ වෙති.

ඇන්ජලෝ ජයසිංහ, නිපුන් කරුණානායක, අලංකාර අසංක සහ කසුන් මධුෂංක කොළඹ කණ්ඩායමට ඇතුළත්ව සිටින සෙසු ක්‍රීඩකයන් වන අතර අවිෂ්ක ගුණවර්ධන එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.

කෙසේ වුවත් ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේදී තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටීම නිසා තිසර පෙරේරා, ළහිරු තිරිමාන්න, දුෂ්මන්ත චමීර සහ විශ්ව ප්‍රනාන්දු යන ක්‍රීඩකයන්ට මෙම දහයයි10 තරගාවලිය අහිමිවනු ඇත.

මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු වන කුමාර් සංගක්කාර මෙම තරගාවලියේදී ‘මරාතා ඇරබියන්ස්’ කණ්ඩායමටද, දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන රංගන හේරත් ‘පංජාබි ලෙජන්ඞ්ස්’ කණ්ඩායමටද ක්‍රීඩා කිරීමට නියමිතව සිටි නමුත් පසුව විවිධ හේතු නිසා ඔවුන් ඉන් ඉවත්ව ඇති බව වාර්තා වේ.

මෙම තරගාවලියේදී කලම්බො ලයන්ස් කණ්ඩායම සමග මාරාතා ඇරබියන්ස් සහ පක්ටූන්ස් යන කණ්ඩායම් ‘බී’ කාණ්ඩය යටතේද, පංජාබි ලෙජන්ඞ්ස්, කේරලා කිංග්ස් සහ බෙන්ගාල් ටයිගර්ස් යන කණ්ඩායම් ‘ඒ’ කාණ්ඩයට යටතේද තරග වැදීමට නියමිතය.

එහිදී විරේන්ද්‍ර සෙවැග් විසින් මාරාතා ඇරබියන්ස් කණ්ඩායමද, ෂොයිබ් මලික් විසින් පංජාබි ලෙජන්ඞ්ස් කණ්ඩායමද, සහීඞ් අෆ්රිඩි විසින් පක්ටූන් කණ්ඩායමද, ඔයින් මෝගන් විසින් කේරළ කිංග්ස් කණ්ඩායමද, සෆ්රාස් අහමඞ් විසින් බෙංගෝල් ටයිගර්ස් කණ්ඩායම මෙහෙයවනු ලබති.

ඒ අනුව අද දිනයේ ආරම්භ වන T-10 ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගය ලෙස සර්ෆ්රාස් අහමඩ් නායකත්වය දරන බෙංගාල් ටයිගර්ස් සහ ඉයන් මෝගන් නායකත්වය දරන කේරල කිංග්ස් අතර තරගය පැවැත්වෙන අතර දෙසැම්බර් 16 වැනි දින අර්ධ අවසන් පූර්ව තරගත්, දෙසැම්බර් 17 වැනි දින අවසන් පූර්ව තරග සහ අවසන් තරගය ද පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ කාල සටහන

දෙසැම්බර් 14
බෙන්ගාල් ටයිගර්ස් පිල සහ කේරලා කිංග්ස් පිල අතර
මාරාතා ඇරබියන්ස් පිල සහ පක්ටූන්ස් පිල අතර

දෙසැම්බර් 15
බෙන්ගාල් ටයිගර්ස් පිල සහ පංජාබි ලෙජන්ඞ්ස් පිල අතර
මාරාතා ඇරබියන්ස් පිල සහ කලම්බො ලයන්ස් අතර
පංජාබි ලෙජන්ඞ්ස් පිල සහ කේරලා කිංග්ස් පිල අතර
කලම්බො ලයන්ස් පිල සහ පක්ටූන්ස් පිල අතර

දෙසැම්බර් 16
‘ඒ’ කාණ්ඩයේ පළමු ස්ථානය සහ ‘බී’ කාණ්ඩයේ තෙවැනි ස්ථානය අතර
‘ඒ’ කාණ්ඩයේ තෙවැනි ස්ථානය සහ ‘බී’ කාණ්ඩයේ පළමු ස්ථානය අතර
‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය සහ ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය අතර

දෙසැම්බර් 17
පළමු අවසන් පූර්ව තරගය
දෙවැනි අවසන් පූර්ව තරගය
අවසන් මහ තරගය

Source Link : Tv kirilli

අපේ ක්‍රිකට් පිල දිරිගන්වන්න යන නිලාම්ගේ පියා ගැන රෝහිත්ගේ හිත උණු වෙයි – කෝලිත් මංගල උත්සවේ අස්සේ පණිවුඩ එවලා

ලංකාවේ හිටපු ඉතාමත් ප්‍රසිද්ධ ක්‍රිකට් දිරිගන්වන්නකු ලෙස කටයුතු කල පර්සිගෙන් පසු ලංකාවේ වෙනුවෙන් ඒ වැඩේට යන ගයාන් සහ නිලාම් මේ වනවිට ඉතාමත් ප්‍රසිද්ධයි. පසුගියදා පවතී ක්‍රිකට් තරඟය සඳහා ගයාන් සහ නිලාම් ඉන්දියාවේද සංචාරය කලේ ශ්‍රී ලංකා කණ්ඩායම දිරි ගැන්වීමේ අරමුණිනුයි.

නමුත් 3 වන ටෙස්ට් තරඟය අතරතුර නිලාම්ගේ පියා ශල්‍යකර්මයකට භාජනය කිරීමට සූදානම් බවට දැන ගන්නට ලැබී තිබෙනවා. ඉතින් මේ බව දැනගත් රෝහිත් ශර්මා කරපු උතම් වැඩක් ගැන මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක්වී තිබෙනවා වැඩි ව්සිතර සහිත වීඩියෝව පහතින් නරඹන්න

Source Link : Tv kirilli

රෝගී මවට බෙහෙත් ගන්න සල්ලි හොයන්න උසට උසේ හදපු කුලුන තුල වැඩ පෙන්නපු තරුණයා පහලට වැටි මියගිය හැටි කැමරාවේ සටහන් වෙයි

මේ ලෝකෙට ආව ගමන් මුලින්ම උණුහුම ලබන ආදරේ ලබන කෙනා තමයි අම්මා. ඒ වගේම තරුණයකුගේ තමන්ගේ ජිවිතයේ වැදගත්ම දවස තමයි විවාහ දිනය ඉතින් තමන්ගේ රෝගී මවට අවශ්‍ය ප්‍රතිකාර කිරීම සඳහා සහ සිය පෙම්වතියට විවාහ යෝජනාවක් කිරීමට අවශ්‍ය මුදල් සොයාගැනීමට ගොස් මාරු තුරුලට ගිය තරුණයෙක් ගැන කතාවක් අපිට අහන්නට ලැබුනා.

ඔහු නමින් Wu Yongning නම් 26 හැවිරිදි තරුණයෙකු තට්ටු 62ක් සහිත මහල් ගොඩනැගිල්ලක් මත සිට මෙම භයානක සෙල්ලම කරමින් සිටියදී පහතට වැටෙන ආකාරය සිය යහළුවාගේ කැමරාවේද සටහන් වී තිබෙනවා වැඩි විස්තර සහ ඡායරූප සහිත වීඩියෝව පහතින් මෙන්න ඔයාලත් බලන්නකෝ එහෙමනම්

Source Link : Tv kirilli

හයේ 18 ක් සමගින් වාර්තා 3ක් රැස් කරමින් BPL හෙල්ලූ ක්‍රිස් ගේල්ගේ සුපිරිම ඉනිම මෙන්න

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ලෝක වාර්තාවක් පිහිටුවීමට ඊයේ සමත් වුණා.

ඒ විස්සයි විස්ස තරඟයකදී වැඩිම 6 පහර සංඛාවක් එල්ල කළ ක්‍රීඩකයා ලෙසින්.

බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම හා රාන්පූර් රයිඩර්ස් කන්ඩායම අතර මේ වන විට පැවැත්වෙන අවසන් මහා තරඟයේදී ක්‍රිස් ගේල් මෙම දස්කම පෑමට සමත් වුණා.

එහිදී පන්දු 69කින් නොදැවී ලකුණු 146ක් රැස්කළ ක්‍රිස් ගේල්ගේ ඉනිමට හයේ පහර 18ක් සහ හතරේ පහර 5ක් අන්තර්ගත වුණා.

මෙම ශතකය ක්‍රිස් ගේල්ගේ 20වන විස්සයි 20 ශතකය වන අතර, එවැනි දස්කමක් දැක්වූ පළමු ක්‍රීඩකයා ලෙසද ගේල් වාර්තා පොත් අතරට එක්වුණා.එමෙන්ම විස්සයි 20 පිටියේ ලකුණු 11 000 සීමාව පසුකළ ලොව පළමු ක්‍රීඩකයා වීමටද ගේල් මෙහිදී සමත්වුණා

විස්සයි 20 තරගයක වැඩිම හයේ පහර සංඛාවක් එල්ල කළ ක්‍රීඩකයා ලෙස මීට පෙර වාර්තාව තබා තිබුණේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ක්‍රිස් ලින්ය.

රාන්පූර් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 206 ලබාගත් අතර, ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමට නියිමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 149 පමණයි. එ් අනුව මෙවර බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ශූරයන් බවට රාන්පූර් රයිඩර් කණ්ඩායම පත්වුණා.

ක්‍රිස් ගේල්ගේ ඉනිම පහතින් නරඹන්න

 

Source Link : Tv kirilli

මැණික් කටුව ළඟ මේ රේඛා පිහිටා තිබෙනවාදැයි දැන්ම බලන්න ඔබ ගැන කියවෙන විශ්මිත අනාවැකි මෙන්න දැනගන්න

ඔබේ ජීවිතයේ සිදුවන දේවල් දැනගැනීමට ඕනෑම අයෙකු කැමති වනවා නියතයි .සාමන්යෙන් පලාපල පවසන්නේ අත්ලේ ඇති රේඛා හෝ දේහ ලක්ෂණ වලට අනුවය.නමුත් අද අප ඔබට පවසන්නේ ඔබේ මැණික් කටුවේ ඇති රේඛා වලින් කියවෙන පලාපල ගැනයි.

මේ දැන්ම ඔබේ අතෙත් මැණික් කටුව ආශ්‍රිතව මෙම රේඛා තිබෙනවාදැයි දැන්ම පරික්ෂා කර බලන්න ඉන්පසු මෙම වීඩියෝවේ ඇති ආකාරයට එම එක් එක් රේඛා වලින් ඔබගැන කියවෙන් විශ්මිත අනාවැකි පිළිබඳව දැනගන්න මෙන්න වීඩියෝව නරඹන්න

 

Source Link : Tv kirilli

එක පන්දුවාරයකදී හයේ පහර හතක් එල්ල කර ශ්‍රී ලංකාවෙන් ලෝක වාර්ථාවක් බිහිකරයි

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සහ Foundation Of Goodness විසින් අනුග්‍රහය දක්වන ක්‍රිකට් තරඟාවලියක් පසුගිය සෙනසුරාදා හික්කඩුව ශ්‍රී සුමංගල විදුහල් ක්‍රීඩා පිටියේදී පැවති අතර මෙම තරඟාවලියේ ශුරතාව දිනා ගැනීමට Fog Academy කණ්ඩායම සමත්වූ අතර අවසන් තරඟයේදී ඔවුන් හමුවේ පරාජයට පත්වුයේ කොට්ටාව ධර්මපාල විදුහල් කණ්ඩායමය.

15න් පහල තරඟාවලියක් වූ මෙම තරඟාවලියේ අවසාන තරඟයේ සුපිරි දක්ෂතා දැක්වීමට Fog Academy කණ්ඩායම නියෝජනය කල නවිඳු පැහැසර සමත් වූ අතර ඔහු අවසන් තරඟයේ ශතකයක් ලබාගත් අතර තරඟයේ වීරයා බවට පත්වන්නටද ඔහු සමත් විය.

අවසන් තරඟයේ කාසිය වාසිය දිනු ධර්මපාල විදුහල් කණ්ඩායම පළමු පන්දුවට පහරදීමට ප්‍රතිවාදීන්ට ආරාධනය කල අතර පන්දු වාර 36 කට සීමාවී පැවති තරඟයේ Fog Academy කණ්ඩායම තම පන්දුවාර 36 අවසානයේ 283/7 ක් ලබාගත් අතර ඔවුන් වෙනුවෙන් සධීර වීරරත්න පන්දු 52ක් තුල ලකුණු 82ක් සහ නවිඳු පැහැසර පන්දු 87ක් තුල ලකුණු 109ක් ලබා ගැනීමට සමත් විය.පන්දු යැවීමේදී සෙමිල ලියනගේ කඩුලු 3ක් ලකුණු 45 කට දවා ගැනීමට සමත් විය.

ලකුණු 284 ඉලක්කය හඹා යාමට පැමිණි ධර්මපාල ක්‍රීඩකයන්ට ලබාගත හැකි වුයේ ලකුණු 72ක් පමණක් වන අතර ඒ අනුව Fog Academy කණ්ඩායමට ලකුණු 211ක ජයක් අවසන් තරඟයේදී හිමිවිය.

තරඟයේ වීරයා සම්මානය දිනාගත්තේ අවසන් තරඟයේ ශතකයක් ලබාගත් නවිඳු පැහැසර විසිනි,නවිඳු මෙම ඉනිමේදී එක පන්දුවාරයක් තුල නිපඳුවකටද සහිතව හයේ පහර 7ක් එල්ල කල අතර එවැනි දක්ෂකමක් කල ක්‍රීඩකයෙකු ගැන මීට පෙර වාර්තා වන්නේ නැත.

තරඟාවලියේ වීරයා සම්මානය නවෝද් පරණවිතාන දිනාගත් අතර තරඟාවලියේ දක්ෂතම පන්දු යවන්නා බවට පත්වුණේ සෙමිල ලියනගේ වන අතර තරඟයේ ජයසංකේත ලබා දීමේ අවසථාවට මුත්තයියා මුරලිදරන්ද සහභාගී විය

Source Link : Tv kirilli

අතේ සතේ නැතුව ඉඳලා අද සුපිරි නළුවෙක් වුන චාමර ප්‍රියදර්ශන ජීවිතය ගැන කිව්ව සංවේදී කතාව මෙන්න

වර්තමාන තරුණ පරපුර අතර ඉතාමත් ප්‍රසිද්ධ තරුවක් තමයි චාමර ප්‍රියදර්ශණ කියන්නේ. නමුත් ඔහුට අද ඉන්න තැනට පැමිණි ගමන ගැනනම් මතක්කරන්න තියෙන්නේ එතරම් සුන්දර අද්දැකීමක් නොවෙයි කන්න ඕනේ සේරම කටු කාලා විඳින්න ඕනේ සේරම දුක් විඳලා අද ඉන්න තැනට ඔහු ඇවිත් තියෙන්නේ ඔහු ඒ අපු ගමන ගම පසුගියදා සතිඅන්ත පුවත්පතක් සමඟ පවතී සම්මුඛ සාකච්චාවකදී හෙළිකර තිබුනා.

කුලී වැඩ කරලා කන්න නැතුව පාරේ වැටිලා ඉඳලා අද සුපිරි නළුවෙක් වුන චාමර ජීවිතය ගැන ඔහු පවත්පත සමඟ පවතී සාකච්චාවේදී කිව්වා සංවේදී කතාව තමයි මේ. මෙන්න වීඩියෝව බලන්නකෝ ඔහුගේ උත්සාහය අපි හැමෝටම ඔහු ආඩම්බරයක් මෙම සංවාදය මෙහෙයවා තිබෙන්නේ අරියවංශ කුලතිලක මහතා විසිනි

Source Link : Tv kirilli

රෝහිත් ශර්මාගේ ද්විත්ව ශතකය අස්සේ පැරණි පෙම්වතිය නිරුවත් ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට මුදා හැරලා

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු රෝහිත් ශර්මා ඔහුගේ අලුත්ම පෙම්වතිය වූ රිතිකා සමග විවාහ ගිවිස ගෙන තිබෙනවා.

වයස අවුරුදු 28 පසුවන රෝහිත් ශර්මා අතගත්තේ ද වයස අවුරුදු 28 ම පසුවන්නියක්.

මේ පිළිබදව පුවත ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ ශර්මා මෙලෙස විවාහ ගිවිසගත් යුවතිය සමඟ මීට වසර 6කට පෙර සිට දැන හඳුනන බවයි.

රෝහිත් ශර්මා රිතිකා සමග විවාහ ගිවිස ගැනීමට පෙර මාස 6කට ඉහතදී ඉන්දීය නිරූපිකාවක් වන සොෆියා හයට් සමඟ වසර ගණනාවක සිට සම්බන්ධතාවයක් පැවති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් එම සම්බන්ධතාවය අවසන් වූයේ ශර්මා පසුගිය වසරේ එක්දින ජාත්‍යන්තර පිටියේදි පිතිකරුවෙකු වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වෙනුවෙන් උපහාරයක් වශයෙන් සොෆියා ඇයගේ නිරුවත් ඡායාරූප පෙළක් ට්විටර් ගිණුම වෙත එක්කිරීමෙනුයි. එය දුටු රෝහිත් ශර්මා පවසා තිබෙන්නේ සොෆියා තමන්ගේ මිතුරියක් පමණක් බවයි.

ඡායාරූප කිහිපයක් පහතින්

Source Link : Tv kirilli

චතුරිකාගෙන් වෙන්වීමෙන් පසු රොෂාන් පිලපිටිය නිලියන් පරදන සුරූපී තරුණියක් සමඟ යුග දිවියට පිවිසෙයි

මේ වෙනකොට ලංකාවේ ඉන්න ඉතාමත් දක්ෂ ඒ වගේම ගොඩක් ප්‍රසිද්ධ නළුවෙක්. මේ දිනවල වික්ෂය වන සිදු ටෙලිනාට්‍ය හරහා රසික හදවත් දිනාගත් රොෂාන් පිලිපිටිය විවාහ වුනු පුවතක් අපිට අහන්නට ලැබුනා.

චතුරිකා පිරිස් සමඟ විවාහ වී සිටි ඔහු ඇයගෙන් වෙන්වීමෙන් පසු දීර්ඝ කාලයක් තනිකඩව සිටියා. පුඅසුගිය දිනෙක ඔහු විවාහ වී තිබුනේ රිද්මා නමැති කලාකාරිනියක් සමගිනුයි මෙන්න ඔවුන් දෙදෙනාගේ ඡායරූප සහ විස්තර සහිත වීඩියෝව පහතින් නරඹන්න

Source Link : Tv kirilli

රෝහිත් ශර්මා ලෝක වාර්තාවක් සමගින් සුපිරි ඉනිමක් දියත් කරයි මෙන්න විස්තරේ

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මොහාලිහිදී අද (13 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියානු කන්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 392ක් රැස් කිරීමට සමත් විය.

එහිදී ප‍්‍රහාරාත්මක ඉනිමක් දියත් කළ ඉන්දියානු නායක රෝහිත් ශර්මා සිය තෙවැනි එක්දින ද්විත්ව ශතකය රැස් කරගනිමින් නොදැවී ලකුනු 208ක් රැස් කරගැනීමට සමත් වු අතර ශ‍්‍රීයාස් අයියර් සමග එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 213ක සම්බන්ධතාවක්ද පැවැත්වීමට සමත් විය.

එක්දින ද්විත්ව ශතක තුනක් රැස් කළ පළමු ක‍්‍රීඩකයා ලෙසද ශර්මා වාර්තා පොත් අතරට එක් වු අතර පන්දු 153කදී වාර්තා වු රෝහිත් ගේ ඉනිමට දැවැන්ත හයේ පහර 12ක් හා හතරේ පහර 13ක් ඇතුළත් විය.

සිය මංගල එක්දින අර්ධ ශතකය රැුස් කරගත් අයියර් පන්දු 70 කදී හයේ පහර 02 ක් හා හතරේ පහර 9ක් සමගින් ලකුණු 88ක් රැස් කළහ.

මුළු ලකුණු සංඛ්‍යාව 115 ක් වනවිට ඉන්දිය කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ශිකර් ධවාන් දවාගැනීමට සචිත් පතිරණ සමත්විය. ලකුණු ලබාගැනීමට සෙමින් ආරම්භ කළද පසුව ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කළ ධවාන් දැවීයන විට පන්දු 67 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 68 ක් රැස්කිරීමට සමත්විය.

පළමු ඕවර 10 තුළ කඩුල්ලක් ලබානොදුන් ඉන්දිය පිතිකරුවෝ රැස්කිරීමට සමත්වූයේ ලකුණු 33 ක් වුවද අවසන් ඕවර 15 දී එක් කඩුල්ලක් අහිමිකර ගනිමින් ලකුණු 100 ක් රැස්කිරීමට සමත්වූහ.

ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුයැවීමේදී නායක තිසර පෙරේරා ලකුණු 80 කට කඩුලු 03ක් දවා ගත් අතර සචිත් පතිරණ එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය

ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනස්කමක් සිදුකර නොමැති අතර ඉන්දිය කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකරමින් කුල්දීප් යාදව් වෙනුවට වොෂින්ටන් සුන්දර් එක්දින වරම් හිමිකර ගනිමින් කණ්ඩායමට එක්වී ඇත.

වළාකුළු වලින් පිරි අහසක් ඇති බැවින් ඉන් ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය බව කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නායකයා පැවසීය. පළමු තරගයේ තණතීරූවට වඩා මෙම තණතීරුව වඩාත් හොදයැයි පැවසු තිසර පෙරේරා මම දන්නවා මෙම තණතීරූව. මම කිංග්ස් ඞෂ පංජාබ් කණ්ඩායම සමගින් මෙම තණතීරූවේ ක්‍රීඩාකර ඇති බවද පැවසීය.

කාසියේ වාසිය දිනාගත්තානම් ඔවුන් පන්දු යැවීමට සිටිබව ඉන්දිය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා පැවසීය. හැම තරගයකදීම මොනයම්හෝ දෙයක් ඉගෙන ගැනීමට ලැබෙන බවත් පන්දු යැවීමට සිටින කණ්ඩායම තරුණ පිරිසක් බවත් ඔවුන්ට තමන්ගේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යෑමට හැකි බවත් ශර්මා පැවසීය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා පළමුව පන්දු යැවීමට තීරණය කළේය

Source Link : Tv kirilli