අතිදක්ෂයා විරාත්ට PEPSI ප්‍රචාරයට බිලියන ගානක් දෙද්දි එය අත්හැරියට ඕන කුණු ගොඩක් විකුණන අපේ රටේ සුපිරි හාදයෝ

මීට පෙර වසර වල පෙනී සිටියත් මෙවර පෙප්සි කෝලා සමාගමේ බිලියන ගනනක මුදලකට පෙප්සි ප්‍රවර්ධනයට දැනට ලෝකයේ සිටින විශිෂ්ඨ පිතිකරු විරාත් කෝලිට ආරාධනා කල විට කෝලි එය ප්‍රතික්ෂේප කලේ මෙවැනි පැනි බීම ඇඟට කිසි සේත්ම ගුණදායක නොවන බවත් එය මනසට ඇඟට සහ සෞඛ්‍යට අහිතකර නිසා එවන් පැනි බීම ප්‍රවර්ධනය තමන් සහභාගි නොවන බව පවසමින්.

සුපිරි ක්‍රීඩකයාගේ මතය වන්නේ තමන් බොන්නේ නැත්තම් එය බිලියන ගනනක මුදලකට බොනවා යයි කියමින් මිනිසුන් මුලා කර වංචා කල නොහැකි බව යන්නයි.

ඒ වගේම මේ වසරේ ඔහු පූමා, එම්.ආර්.එෆ් ටයර්, බූසට්, පෙප්සි, අවුඩි වැනි වෙළදනාමයන්ද ප්‍රවර්ධනය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එහෙත් දුක්කදායක කාරනය වන්නේ කෝලි සෞඛ්‍ය හා මානසික කායික ශක්තියට හානිකර යයි ප්‍රවර්ධනය කල නොහැකි යයි පැවසු ඒ පෙප්සි නාමයම ලංකාවේ ප්‍රවර්ධනය කිරීමට ලංකාව බිහිකල සුපිරි පන්දු යවන්නා මාලිංග සහ දේශපාලනයට පිවිසීමට දින ගනිමින් සිටින හිටපු ආරම්භක පිතිකරු ඩිල්ශාන්.

එසේම “සර්” නාමය ලැබීමට නියමිත අසීමිත ලෙස මේ වන විට මුදල් උපයා ඇති යයි අපට අනුමාන කල හැකි ලෝකපූජිත ක්‍රීඩක සංගක්කාරට ලෝක කුසලානය ජයගත් හිටපු නායක පවා චෝදනා කලේ ළමුන්ට කිසි සේත්ම නුසුදුසු නූඩල්ස් වර්ග ඔහු විකුණන බවයි.

එයින් නොනැවති ඔහු කිසි සේත්ම ආරක්ෂාවක් නැති කාර් රතයක් විකිනීමට ඔහු දැන් ඉදිරිපත්වී ඇත. එය ඔහුගේ කාරයනම් අපට ප්‍රශ්නයක් නැත. ඔහු එහි තත්වය ආරක්ෂාව පිලිබද සෑහිමකට පත්වනවා නම් එය ගැන සහතිකයක් දීම ගැන ප්‍රශ්නයක් නැත. එහෙත් දැන්වීමට පමනක් වාහනය පැද ලෝකයේ ඉහල ආරක්ෂාවක් ඇති කාර් රතයක නැගි ගෙදර යාම කොතරම් දක්ෂයෙක් වුවත් හදවත වැසිකිලියක්ද යන්න ඇසීමට කනගාටුවෙන් වුවත් සිතෙයි.

සංගක්කාර මහතා පිලිබද අප හැමදා අගය කරමින් වාර්ථා ගෙන ආවත් ඔහු කරන හැම දේටම සමාජයේ මිනිසුන් වෙනුවෙන් බලා සිටිය නොහැක. ඔහුගේ මහත්මා ගතියක් අප හොඳින් දකින නිසා ඔහුට ඇති ආදරය නිසා පැවසීමට ඇත්තේ අසීමිත මුදල් පසුපස හඹා නොයා තෝරා බේරා අපේම මිනිසුන්ට නිවරදි තේරීමකට උපකාර වන්න යන්නයි.

එසේම ලංකාව මෙතෙක් බිහි කල හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ඇන්ජලෝ සීනි අධික පානයක් සහ ෆෝන් වර්ගයක් ප්‍රවර්ධනය කරයි. එහෙත් ඔවුන් මේවා කී පාරක් පාවිච්චි කර ඇතිද? අහිංසක අසරණ මිනිසුන් මොවුන්ගේ දිහා බලාගෙන මේ දේවල් පාවිච්චියට පෙලබෙයි. රටෙන් බාගයකට කොලෙස්ට්‍රෝල්, දියවැඩියා, හදවත් රෝග, පිලිකා වැනි බෝ නොවන රෝග ඇතිවී තිබෙන්නේ මෙවන් ඇඟට අත්‍යාවශ්‍ය නොවන ආහාර සහ වෙළද නාමයන් ප්‍රවර්ධනය කර විකුණන නිසාය.

අසීමිත ලෙස මුදල් ඇති විරාත්ට අසීමිත මුදල් කන්දරාවක් තම හෘද සාක්ෂියට එකග නොමැති නිසා අත් හල හැකි නම් ලංකාව වැනි අතීතයේ සිට අධ්‍යාත්මයට බර රටක පුද්ගලයන්ට බැරි ඇයි? ඔබ සිතන්න. අපේ ආදරය අපටම මරණය ගෙන දෙනවානම් කඩුව රත්තරං වුවත් ඇනගත හැකිද?

Source Link : ආටිකල් 14.news

ක්‍රිස් ගේල්ට BPL අවසන් තරගයේ ආච්චි සීයා මුත්තා ඔක්කොම වැහෙයි හයේ 18 සමග ලකුණු 146 ක ලෝක වාර්ථාවක්

ඩකා ඩයිනමයිට් සහ රාග්පූර් රයිඩර් අතර තරගයෙන් ලකුණු 57 ක පහසු ජයක් ලබන්න ක්‍රිස් ගේල්ගේ කණ්ඩායම සමත් වුනා. රාග්පූර් වෙනුවෙන් මාලිංග, තිසර, ඉසුරු උදාන ලංකාවෙන් ක්‍රීඩා කලා.

පලමුව පන්දුවට පහර දුන් රාග්පූර් එක් කඩුල්ලකට ලකුණු 206 යි. ක්‍රිස් ගේල 146 යි. නවසීලන්ත හිටපු සුපිරි ක්‍රීඩක බ්‍රෙන්ඩන් මැකලම් 51 යි.

මෙහි විශේෂත්වය වන්නේ 20 20 ඉතිහාසයේ ඕනම අවසන් තරගයක ශතකයක් ලබා ගත් ලොව පලමු ක්‍රීඩකයා වීම, හයේ පහර 18 ක් එක ඉනිමක එල්ල කල ලොව පලමු වැන්නා වීම, 20 20 සියළු තරග වල ලකුණු 11000 ක් පසු කල ලොව එකම ක්‍රීඩකයා වීම, 20 20 ශතක 20 ක් ඇති එකම ක්‍රීඩකයා වීම, බීපීඑල් තරගාවලියේ හයේ පහර 100 ක් එල්ල කල පලමු වැන්නා වීම වැනි එකි මෙකි නොකි දැවැන්ත වාර්ථා ටිකකට හිමිකම් කියන්නට 37 හැවිරිදි කොදෙව් දැවැන්තයා සමත් වී තිබෙනවා.

ඒ අනුව 2017 බීපීඑල් ශූරතව රාග්පූර් කණ්ඩායම ලබා ගත්තා. මේ ගේල්ගේ පන්දු 69 ට ලබාගත් ලකුණු 146 ය.

Source Link : ආටිකල් 14.news

ඉතිහාසේ පලමු වරට ලංකාවට ඉන්දියාවේදි තරගාවලි ජයක් ලැබීමේ ස්වර්ණමය අවස්ථාවක්. එසේ වූවොත් තිසර 2019 තෙක්

1997 දි ඉන්දියාව ලංකාව අතර ද්වි පාර්ශ්වික තරගාවලියකින් ලංකාව ජයගෙන ඇත්තේ 2-0 ලෙස. ඒ හිටපු නායක අර්ජුන රනතුංගගේ නායකත්වයෙන්. ඉන් අනතුරු වසර 20 ක් ලංකාව ඉන්දියාවට එරෙහි තරගාවලි ජයක් ලබා නෑ.

Sri Lanka’s captain Thisara Perera prepares to bowl at nets during a practice session ahead of their second one-day international cricket match against India in Mohali, India, Tuesday, Dec. 12, 2017. (AP Photo/Altaf Qadri)

එසේම ඉන්දිය බූමියේ ඉන්දියාවට එරෙහිව කිසිම ආකෘතියකින් එනම් ටෙස්ට් එක්දින 20 20 කිසිම තරගාවලියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ජය ලබස් නෑ.

කෙසේ වෙතත් හොඳ අවස්ථාවක් ලංකාවට ඇති අතර පීඩනයකින් තොරව මොහාලි දෙවන තරගයට බදාදා (13) මුහුණ දෙන බව තිසර පවසනවා. එසේම මෙම ඉතිහාසගත ජය ලැබුවොත් එය හේතුවක් කරගෙන 2019 ලෝක කුසලානය වන තෙක් තිසර පෙරේරා නායකයා කිරීමේ සැලැස්මක් ඇති බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරනවා.

මෙතෙක් ක්‍රීඩා කල දත්ත අනුව ඉතා දුර්වල වාර්ථාවක් තිබෙන තිසර පලමු තරගයේත් වැඩිම ප්‍රහාරයට ලක්වූ ක්‍රීඩකයා වූ අතර සුරංග, නුවන්, අකිල, සචිත්, මැතිව්ස්, උපුල්, දික්වැල්ල, වැනි ක්‍රීඩකයන්ගේ ප්‍රභල දායකත්වය මත තරගය ජයගත් විට නායකයා නම් වූ නාමයට එහි සියළු ගරුත්වය ලගු කිරීමේ අදිසි හස්තය ක්‍රියාත්මක බවයි අපට පෙනෙන්නේ.

කෙසේ වෙතත් මොහාලි තරගයට ආබාදයට ලක්වූ ධනංජය සිල්වා සහබාගිවන්නේ නෑ. තිසර පවසන්නේ ඔහු පන්ජාබ් ක්‍රීඩාංගනයේ කලින් අයිපීඑල් ක්‍රීඩා කර ඇති බවයි. ඒ කින්ස් ඉලවන් පන්ජාබ් කන්ඩායමට.මෙම ක්‍රිඩාංගනය ලකුණු පාරාදීසයක් වුවත් වේග පන්දු යවන්නන්ට උචිත තනතිල්ලක් ඇති බවයි තිසර පවසන්නේ. එනිසා සචිත් පතිරන වෙනුවට දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැඳවනු ඇති.

දෙවන තරගය ඉන්දියාව පරාජය වුවොත් ඉන්දියාව පිට පිට කණ්ඩායම් දෙකකින් යුත් තරගාවලි 7 ක් ජය ගැනීම අවසන් වෙනවා. ඔවුන් අවසන් වරට පරාජය වී ඇත්තේ 2016 ජනවාරි ඕස්ට්‍රේලියා තරගාවලිය 1-4 ලෙස.

එසේම ඇන්ජලෝට තවත් ලකුණු 63 ක් ගැනීමට හැකි වුවොත් ලකුණු 5000 සම්පූර්ණ කිරීමට හැකි වනවා. ඒ 5000 සම්පූර්ණ කල 10 වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසයි.

අද දිනයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මොහාලි වෙත ලගා වී පුහුණු වීම් කර තිබෙනවා. ඒ ඔවුන් ධර්මශාලාවෙන් සදුදා දිනයේ පැමිනීමට නියමිත වුවත් හිම අදික ලෙස පතිත වීම හා ගුවන්තොටුපලේ සිරවී නැවත හෝටලයට යාමට සිදුවීම නිසා ඔවුන්ට දිනක් ප්‍රමාද වීයි මොහාලි ඒමට සිදු වූයේ.

Cricklanka.com

Source Link : ආටිකල් 14.news

2018 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල කාලය ඉවරයි ඒත් ඊට පෙර ආයෙත් තනතුරු හුවමාරුකරගයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ තනතුරුවල වෙනස් වීමක් ජනවාරි මාසයේදී සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි . ඒ සාමාජික සංගම්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන විශේෂ මහා සභා රැස්වීමකදීය(SGM). මෙම විශේෂ මහා සභා රැස්වීම ජනවාරි මස 07 වැනි දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, ඒ පිළිබඳ දැනුවත් කිරීමේ ලිපි මේ වනවිටත් සාමාජික සංගම්වලට යවා තිබේ.

මෙම විශේෂ මහා සභා රැස්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් ලේකම් ධුරය දරන මොහාන් ද සිල්වා මහතා එම තනතුරෙන් ඉවත් කර ඒ වෙනුවට පුරප්පාඩුව පවතින උපසභාපති ධුරය ඔහුට ලබාදී දේශීය ක්‍රිකට් ගොඩනැංවීමට දේශීය ක්‍රිකට් ප්‍රධානී තනතුර පිරිනැමීමට නියමිත බවට අනාවරණය වේ. මෙම උපසභාපති ධුරයේ මීට පෙර කටයුතු කළේ ජයන්ත ධර්මදාස මහතා වන අතර, වත්මන් පරිපාලනයේ ක්‍රියා පිළිවෙත පිළිබඳව කලකිරී ඔහු ඉල්ලා අස්විය. මේ අනුව මොහාන් ද සිල්වා මහතා උපසභාපති තනතුරට පත් කිරීමත් සමග පුරප්පාඩු වන ලේකම් ධුරයට එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ සමන්ත දොඩන්වල හෝ ගුවන් හමුදාවේ නිලධාරියෙකු වන රොෂාන් බියන්වල පත් කිරීමේ සූදානමක් පවතින බවටද හෙළිවේ.

මේ අතර මෙතෙක් දේශීය ක්‍රිකට් ප්‍රධානී වශයෙන් කටයුතු කරමින් සහ ජාත්‍යන්තර ක්‍රිකට්වල වැඩ බලන ප්‍රධානී වශයෙන් කටයුතු කළ උපසභාපති කේ. මතිවානන් මහතාව ඉදිරියේදී පූර්ණ වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් අංශයේ ප්‍රධානියා වශයෙන් පත් කිරීමට නියමිතය.

මීට අමතරව රවීන් වික්‍රමරත්න දරන උපලේකම් තනතුර සහ ශම්මි සිල්වා දරන භාණ්ඩාගාරික  යන තනතුරුද වෙනස් වීමට වැඩි ඉඩක් පවතින බවට හෙළිවේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ නිලධාරියෙක්  සඳහන් කළේ ලබන වසරේ මැයි මස 31 වැනිදා දක්වා වත්මන් පරිපාලනයට පරිපාලන කටයුතු කරගෙන යා හැකි බවත්, මෙම විශේෂ මහා සභා රැස්වීමේදී තනතුරු කිහිපයක් වෙනස් කර ගැනීම සහ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්චා කරමින් තීරණ ගැනීම පමණක් සිදු වන බවත්ය. එමෙන්ම මෙම විශේෂ මහා සභා රැස්වීම පවත්වනුයේ තවත් වසර දෙකකින් වත්මන් පරිපාලනය දීර්ඝ කරගැනීමට නොවන බවත්, ලබන වසරේ මැයි මස 31 වැනිදායින් පසුව යළිත් නිලවරණයකින් නව පරිපාලනයක් පත්කරගත යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

Source Link : ආටිකල් 14.news

ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවන එක්දින තරගය ගහන්න වෙන්නේ පුහුණුවීම් නැතිව. තවම ධරමශාලාවේ හිරවෙලා

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන එක්දින තරඟය පැවැත්වෙන්නේ හෙට. ඒ මොහාලි හිදී. හැබැයි මේ තරඟයට සහභාගී වෙන ශ්‍රී ලංකා කණ්ඩායම තාමත් මොහාලි නුවරට ගිහිං නැහැ. ඊයේ දිනයේ තමයි ශ්‍රී ලංකාව පළමු එක්දින තරඟය පැවැත්වුණු ධර්මසාලා නුවර ඉඳලා මොහාලි වලට යන්න හිටියේ. ඒ ගුවන් මගින්. හැබැයි අයහපත් කාලගුණය හින්දා ඊයේ ගුවන් ගමන් සීමා කරලා.

ඊයේ ධර්මසාලා ගුවන් තොටුපොළේ ශ්‍රී ලංකා කණ්ඩායම පැය 4ක් විතර රස්තියාදු වෙලා. ඉතින් ආයිත් කලින් නැවතිලා හිටපු හෝටලයටම ගිහිං. කොහොම වුණත් අද දවස ඇතුලත ශ්‍රී ලංකා කණ්ඩායම ගුවනින් බැරි වුණොත් ගොඩබිමින් හෝ මොහාලි වෙත රැගෙන යන්නයි ඉන්දීය ක්‍රිකට් පරිපාලනය තීරණය කරේ. එහෙම වුණොත් ලංකා ක්‍රීඩකයන්ට පැය 5 යි විනාඩි 30 ක් විතර සුඛෝපභෝගී බස් රථයක ගමන් කරන්න වෙනවා.

ධර්මසාලා වල ඉඳලා මොහාලි වලට 248km දුරක් තියෙනවා. මේ තියෙන්නේ ඒ ගමන් මාර්ගය.

Source Link : ආටිකල් 14.news

ලංකාව අපේ පුහුණුකරු පැහැර ගත්තා. ඒකට ලංකාවට බංගලාදේශය ඇවිල්ලම විඳවන්න වෙයි – ටෙස්ට් නායක ශකිබ්

බංග්ලාදේශ ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස ශකීබ් අල් හසන් නම් කර තිබෙනවා.ඒ, එළඹෙන බංග්ලාදේශ කණ්ඩායමේ ශ‍්‍රී ලංකා සංචාරය මුල්කර ගනිමින්.

නායකත්වය භාරගැනීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී සකීබ් අල් හසන් පවසා සිටියේ පසුගිය අවුරුදු කිහිපයෙහි ටෙස්ට් තරගවලින් ලැබුණු සාර්ථකත්වය ඉදිරියට පවත්වා ගෙන යාමට කටයුතු කරන බවයි.

ඒක අලුත් වගකීමක්..පසුගිය වසර කිහිපය තුළ අපි එංගලන්තය ඔස්ටේ‍්‍රලියාව හා ශ‍්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් ජයග‍්‍රහණ වාර්තා කළා..මම උත්සාහ කරනවා ඒක වැඩිදියුණු කරගන්න..

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියා සංචාරය අවසන් වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් අභියෝගයකට මුහුණ දීමට සිදුවේ,ඒ බංගලාදේශයේ බංගලාදේශ කණ්ඩායම සමඟින් තරඟාවලියකට සහභාගී වීමට නියමිතව තිබෙන නිසාවෙනි.අතීතයේ බංගලාදේශය සමඟ තරඟාවලියක් යනු නවකයන් සඳහා කණ්ඩායමේ දොර විවරවන ප්‍රවීනයන්ට මද විවේකයක් ලැබෙන තරඟාවලියකි.නමුත් මේ වන විට මේ තත්වය සම්පුර්ණයෙන්ම වෙනස්වී බංගලාදේශය තම රටේදී ඉතා ප්‍රබල කණ්ඩායමක් බවට පත්වී ඇත.
මෙම තත්වයට පත්වීමට බංගලාදේශයට උදව් කල චන්දික හතුරුසිංහ සහ තිලාන් සමරවීර ඉදිරි තරඟාවලියේ සිටින්නේ ශ්‍රී ලංකාව සමඟ නිසා මෙම තරඟාවලිය තවත් තරඟකාරී බවට පත්වනු ඇති බව විචාරකයන් මත පල කරන අතර ,මේ අතරවාරයේ බංගලාදේශ කණ්ඩායම නව ටෙස්ට් නායකයෙකුද නම් කර ඇත.
අලුත් ටෙස්ට් නායකයා බවට පත්ව ඇත්තේ 2009 වර්ෂයේ සිටි 2011 වර්ෂය තෙක් ටෙස්ට් එක්දින හා විස්සයි විස්ස අකෘති තුනෙහිම නායකයා වශයෙන් කටයුතු කළ ශකීම් අල් හසන්ය.ශකීබ්ට එම කාලසිමාව තුළ ජයග‍්‍රහණය කිරීමට හැකිවුයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වු ටෙස්ට් තරගයක් පමනක් වුවද මේ වන විට කණ්ඩායමේ තත්වය වෙනස්ය.
නායකයා බවට පත්වීමෙන් අනතුරුව මාද්‍ය වෙත අදහස් දැක්වූ ෂකීබ් පවසා ඇත්තේද තම කණ්ඩායම මේ වනවිට හොඳ තැනක සිටින බවය.
“ටෙස්ට් තරගාවලිය අපේ රටේ තියන නිසා අපිට ගොඩක් වාසියි.මොකද රටින් පිටදි ක‍්‍රිඩා කරද්දි ගොඩක්දුරට අපි සාර්ථක වෙලා නෑ.ඒක අපිට ගොඩක් හොද අවස්ථාවක්..අපේ ක‍්‍රීඩකයින් ගොඩක් දෙනෙක් මේ වෙලාවෙ දක්ෂතා අතර ඉන්න නිසා මෙදා පාර නායකත්වය ලබාදෙන එක ලේසියි..කණ්ඩායමේ අනෙක් ක‍්‍රිඩකයින් ගොඩක් හොදට ක‍්‍රීඩා කරනවානම් නායකයකුට තියෙන පීඩනය ගොඩක් අඩුයි.”

බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු පුහුණුකරු වන චන්දික හතුරුසිංහ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරීත්වය යටතේ ශ‍්‍රී ලංකා පිල තරග වදින පළමු ටෙස්ට් තරගාවලිය ද මෙය වනු ඇති අතර හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායමෙන් ඉවත්වීම හේතුවෙන් ක‍්‍රීඩකයින්ගේ මානසිකත්වයට බලපෑම් එල්ල වූ බව එරට ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හුසේන් ප‍්‍රකාශ කරමින් කියා ඇත්තේ හතුරුගේ වෙනස්වීම නිසා ක්‍රීඩකයන්ට වුන බලපෑම ඉකුත් දකුණු අප‍්‍රිකානු සංචාරයේදී බංග්ලාදේශය ලැබූ දැවැන්ත පරාජයෙන් තහවුරු වූ බවයි.
නව නායකයා මාද්‍ය වෙත හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු කර ගැනීම ගැන පවසා ඇත්තේ ශ්‍රී ලංකාව හතුරුසිංහ පැහැරගත් වරදට ඉදිරි තරඟාවලියේදී ශ්‍රී ලංකාවෙන් පලිගැනීමට සුදානම් කථාවකි.
“Sri Lanka Cricket abducted Hathursinghe. But Bangladesh team won’t buckle down and we will thrash Sri Lanka badly in the upcoming series”

Source Link : ආටිකල් 14.news

ලාහෝර් නොයෑමේ වෛරය වෙනුවෙන් නායකකම ගැලවූ නිහඬ උපුල් නව නායකයාට සහ හිටපු නායකයාට සුභ පැතූ හැටි

ඉන්දු ලංකා පලමු එක්දින තරගයට උපුල් තරංග නායකයා කල නොසිටි ඇන්ජලෝ, අසේල, වැනි ක්‍රීඩකයන් සමග ලද ජයග්‍රහණය වෙනුවෙන් නායක තිසර, ඇන්ජලෝ, සුරංග හා ප්‍රදීප්ට ඔහු සුභ පතා ටුවිටර් පනිවිඩයක් තබා තිබෙනවා.

උපුල් තරංග පිට පිට තරග 10 ක් පරාජය වූ අතර එවකට ඔහුට ස්ථාවර කණ්ඩායමක් සිටියේ නෑ. ඔහු අවසන් පකිස්ථාන තරගාවලියේ තනියෙන් ශතක රැස්කල තරග පරාජ තනියෙන් විඳගත්තා. එසේම ආන්දෝලනාත්මක ලාහෝර් තරගයට යාමට නොහැකි බව පවසමින් ක්‍රීඩකයින් 40 ක් ලිපියක් ලබා දුන්නද අවසානයේ පරිපාලනය පලි ගත්තේ උපුල් තරංගගෙන් පමණි.

පකිස්තාන එක්දින තරගාවලි පරාජය වූ අවස්ථාවේදි නායකයා වෙනස් කරනවායයි නොපැවසූ පරිපාලනය ලාහෝර් ගොස් පැමිනි විගස එය වෙනස් කිරීමට තීරනය කර ඉන්දිය තරගාවලියට පමනක් තිසර යනුවෙන් අවසානයේ පැවසීය. එහෙත් කණ්ඩායමේ ශක්තිය නිසා තරග ජය ගතහොත් නැවත පුද්ගලික දක්ෂතා නැති ක්‍රීඩකයා 2019 වන තෙක්ම නායකයා කරනු ඇති. තවද අප දුටුවේ ඇන්ජලෝ මැතිව්ස් පිටිය තුල යම් වෙනස්කම් කරමින් තවමත් නායකත්වයේ චරිතය රගපාන බවයි. උපුල් තරංග සුදුසු නායකයා නොවනවානම් මහේල ඉල්ලා අස්වී නැවත ඉල්ලීමකට නායකයා වූවා සේ අඩුම තරමින් නැවත ඇන්ජලෝට එය ලබා දිය යුතුය. නව ක්‍රීඩකයකු සොයනවානම් පලමුපෙල ඉහල අත්දැකීම් ඇති හා නායත්වය දරන අසේලට හෝ ග්‍රැන්ඩ් ස්මිත් අප්‍රිකානුවන් ගෙන ආවාක් මෙන් දික්වැල්ල වැනි ක්‍රීඩකයකු ගෙන ආ යුතුයි.

පකිස්ථාන තරගාවලියේ සුරංග කඩුලු ත්‍රිත්වයක් ලබා ඇති බවත් ටෙස්ට් ප්‍රසාද ලකුණු වරදවා මාධ්‍ය නිවේදන කරන ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩාව ගැන ඇති අවධානය හා පරිපාලන හැකියාව පෙන්නුම් කරන අතර එවන් පරිපාලනයකින් මෙවන් පෙරපාසල් නාඩගම් පලිගැනීම හැර විද්වත් තීරණ බලාපොරොත්තු විය නොහැකි.

එම මාධ්‍ය නිවේදන ගැන විමසූ විට සභාපති පැවසුවේ හිරු නාලිකාව නිවේදනයේ ඉස්පිලි වරදා ඇති බව යන ලදරු පිලිතුරකි. එය ඉස්පිලි පාපිලි නොව වචන දුසිම් ගනන් වරදා ඇති නිර්ලජ්ජිත නිවේදනයකි. නිහතමානිව එය පිලිගැනීමටවත් ඉහල පුටුවට හැකියාවක් නැති වීම කොතරම් ඛේදවාචකයක්ද?

Source Link : ආටිකල් 14.news

ලංකාව මැච් එක දිනන්න හේතුව වුනේ උපුල් ලකුණු 11 දී දවා ගැනීමේ අවස්ථාව බුම්රා නිපන්දුවකින් අහිමිකර ගැනීම – පොතාස්

දිල්ලි ටෙස්ට් තරගයේ දූෂිත වායුව ආග්‍රහනයෙන් අසනීප වී කණ්ඩායමේ සියල්ලගේ ඉල්ලීම මත අසනීපෙන් වුවත් ක්‍රීඩා කල සුරංගගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ 112 කට ඉන්දියාව දන ගැස්සුවා.

එහෙත් පිලිතුරු ඉනිම එතරම් ලේසි එකක් වුනේ නෑ. ඔවුන්ගේ පන්දු යවන්නනුත් දැඩි බලපෑමක් කරන්නට සමත්වුනා. ඒ ධනුෂ්කගේ අනුවන පහරෙන් කඩුල්ල පූජා කිරීමත් ලහිරු තිරිමාන්නගේ කඩුල්ලත් සමග. උපුල් ලකුනු 11 දි කඩුල්ල බිඳ වැටුනත් බුම්රාගේ සුපුරුදු නිපන්දු වලට කඩුළු ලබා ගැනීමේ නාටකය නිසා පිටියෙන් ඉවත්වූ උපුල් නැවත පැමිණ දිගට හරහට පහරවල් එල්ල කිරීමෙන් ලකුණු 49 ක් ලබා තරගය ඔවුන්ගෙන් ඈත්කලා. ඒත් ඒ අවස්ථාවේ උපුල් දැවී ගියානම් තරගය වෙනස්වන්නට ඉඩ තිබූ බවයි ශ්‍රී ලංකා පුහුණුකරු වගේම ඉන්දියන් මාධ්‍යත් පවසන්නේ.

මෙම සිද්දියම ශූරයන්ගේ කුසලානයේ පකිස්තානයේ ෆකර් සමාන් බුම්රාගේ නිපන්දුවකට දැවී ගොස් ඔහු අවසන් කලේ ලකුණු 114 කින් එය ඔවුන්ගේ පරාජයට හේතුවූ බවට දැඩි විවේචන එල්ල වූවා. ඊයේ(10) පරාජයටත් ඔවුන් බුම්රාගේ පතුරු හරිනවා.

ලංකාවේ වැඩ බලන පුහුණුකරු පොතාස් මෙසේ පවසනවා. ” මම තරගයේ ප්‍රභල අවස්ථා දෙකක් දකිනවා ඒ කාසියේ වාසිය අනෙක උපුල් මුලු ලකුණු 15 ව තිබියදි නිපන්දුවකට දැවී ගොස් නැවත පැමිණ 49 ක් ගැසීම.”

තරංග 2017 වසරේ ලංකාවෙ සාර්ථකම පිතිකරු. ලකුණු 900 ට වඩා ලබා සිටින ඔහු සාමාන්‍ය 47 ක්.

එසේම නායක ශර්මා මාධ්‍යට පැවසුවේ පන්දු යවන්නන්ට චෝදනා කරන එක සාධාරණ නොවන බවයි. එය පිතිකරුවන්ගේ අඩුපාඩුව බවත් තව ලකුනු 70 ක් 80 ක් ලබා ගත්තානම් දැඩි අභියෝගයක් දීමට පන්දු යවන්නන්ට හැකි වන බවත් පවසනවා.

පොතාස් තවදුරටත් පවසන්නේ සුරංග ලෝක මට්ටමේ පන්දු යවන්නකු බවයි. ඔහුගේ ජීවිතකාලයම ඔහු වැඩි පුර පන්දු යවා ඇත්තේ වියලි තනතිලි වල බවත් ඔහුට කොල පැහැති වේග තනතිලි තිබුනානන් ඔහු මීට වඩා දෙයක් දැනටත් කර අවසන් බවත් පොතාස් පවසනවා.

තවද මේ වසරේ එක්දින තරග හොඳින් නොකල අතර ඇන්ජලෝ නැවත කණ්ඩායමට පැමින පන්දු යැවීම කොයිතරම් වැදගත්ද යන්න හොඳින් පෙනුන බවද පොතාස් පැහැදිලි කරනවා. ඔහු සීයට සීයක් තවම ෆිට් නැතිබවයි පුහුණුකරු පවසන්නේ.

Cricklanka.com

Source Link : ආටිකල් 14.news

පරාජ රැල්ල අවසන් කල ධර්මශාලාවේ වීරයා සුරංග තරගයට ඇවිත් තියෙන්නේ අසනීපෙන්. දැන් ලෙඩේ වැඩිවෙලා

ඉන්දියාව පරදවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා ඊයේ (10) දිනයේ දක්ෂතා දැක්වූ සුරංග ලක්මාල් මේ වනවිට රෝගාතුර වී සිටිනවා.

ඔහු තරගයට පෙරද අසනීප තත්ත්වයෙන් පසුවුවද හැකි නම් ක්‍රීඩා කරන ලෙස කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් ඉල්ලා ඇති අතර ඊයේ තරගයට එක්ව ඇත්තේ ඒ අනුවයි.

කතා කිරීමට ද අපහසු තත්ත්වයේ පසුවූ ඔහු තරගය අතරේදී ද වමනය දමමින් ක්‍රීඩා කරනු ලැබුවා. තරගයෙන් අනතුරුව සුරංග ලක්මාල් සඳහන් කළේ දිල්ලිවල තිබූ පරිසර තත්ත්වය නිසා මෙලෙස තමන් අසනීප වූ බවයි.

දිල්ලිවල තිබූ පරිසර තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ ප්‍රතිචාර පිළිබඳව ඉන්දියාවේ ඇතැම් ක්‍රීඩකයන් තම නොසතුට පළ කර තිබුණා.

Cricklanka.com

Sri Lanka’s Suranga Lakmal gestures to a teammate during their first one-day international cricket match against India in Dharmsala, India, Sunday, Dec. 10, 2017. (AP Photo/Altaf Qadri)

Source Link : ආටිකල් 14.news