මිනිසුන් මුදල් ඉතිරි කිරීමේ පරමාර්ථයෙන් එදිනදා කටයුතු සිදු කරන ආකාරය දැක්වෙන පිංතූර 15ක්

මේ දිනවල “HACK” සහ “DIY” යන වචන බොහෝ ජනප්‍රිය වෙමින් පවතී.එමෙන්ම වර්තාමානයේ මුදල් ඉතිරි කිරීම විශාල ප්‍රවණතාවයක් බවට පත් වී ඇති අතර බොහෝ ප්‍රවනතාවයන් සිදු කරන විට එය සමහර විට පාලනයෙන් තොරව පවතී.අපිට අපේ ජීවිතයට වටිනා අදහස් ගැනීම වටිනවා.ඒ සදහා අපි අද ඔබට ගෙනාවේ එවැනි ලිපියක්.

මෙම ලිපිය තුලින් ඔබට දැක ගැනීමට පුළුවන් මිනිසුන් තමාගේ එදිනෙදා කාර්යන් සදහා සරල ක්‍රම භාවිතා කරන ආකාරය. එක් අතකින් මෙය නැරඹීම තුලින් හාස්‍යටද ඔබව ලක් වේවි නිසැකයෙන්ම.පහත සදහන් වන්නේ එම ජායාරූප 17යි

Source Link : lanka-hotnews

‘‘මගේ ජනප්‍රියත්වය වැඩි කරගන්න ගැහැණියකගේ අඩනිරුවත අවශ්‍ය නැහැ..‘‘ – නදිමාල් පෙරේරා

නදීමාල් පෙරේරා කියන්නේ අමල් පෙරේරාගේ ආදරණිය පුතණුවන්. මර්වින් පෙරේරාගේ ආදරණිය මුණුපුරා. ඔහුව දැන් හදුන්වන්න අවශ්‍ය නැහැ. බොහෝ දෙනා නදීමාල්ගේ ගායන හැකියාව හදුනන නිසා. රිදී තිරයේ පසුබිම් ගායනට පවා අවස්ථාව හිමි කරගත් නදීමාල්ගේ අලුත් තොරතුරු ගැනයි මේ කතාබහ.

නදීමාල් කොහොමද ජිවිතේ..?
සංගීත වැඩකටයුතු එක්ක හොදින් සතුටින් ජිවිතේ ගෙවිලා යනවා. වරදක් නැහැ.

නව පරපුරේ ගායක ගායිකාවන් ජනප්‍රිය වෙන්න නිරන්තරයෙන්ම ගීත නිර්මාණය කරනවා. නදීමාල් අලුත් ගීත එක්ක ජනතාව අතරට යන්න උත්සහ කරන්නේ නැද්ද..?
නිතරම ගීත කළේ නැතත් හොද නිර්මාණ කරමින් ජනතාව අතරට යන්න මම උත්සහ කරනවා. මම අලුත් ගීතයක් නිර්මාණය කරලා තියෙනවා මේ දිනවල. ඒ ගීතයේ තනුව මගේ. ආදරේ ගැන කියවෙන්නේ. නමුත් වෙනස් ආරක් ගන්න නිසා ඒ ගීතය ජනගත කළාට පස්සේ හොද ප්‍රතිචාර ලැබෙයි කියලා මම විශ්වාස කරනවා.

නිර්මාණ විකාශය කරමින් ජනප්‍රිය වෙන්න කෙටි මාර්ගයක් විදිහට බොහෝ දෙනා භාවිතා කරන්නේ සමාජ ජාල වෙබ් අඩවි. නදීමාල් කියන්නෙත් එහෙම කෙනෙක්ද..?
ගීත ජනප්‍රිය කරගන්න ලේසීම තැන තමයි ශෝෂල් මිඩියා කියන්නේ. මම හිතනවා ඒ ක්‍රමය හොදයි කියලා. මම ගීත නිර්මාණය කරලා youtube හරහා විකාශය කරනවා. එතකොට ඒ නිර්මාණය බලන අහන සංඛ්‍යාවත් වැඩියි. මොකක් හෝ මාධ්‍ය ආයතනයක් මගෙන් ගීත ඉල්ලුවොත් මම භාර දෙනවා.

මේ අමල් පෙරේරාගේ පුතා, එහෙම නැති නම් මර්වින් පෙරේරාගේ මුණුපුරා කියලා ඔබව හදුන්වා දෙන කාලය අවසන් වෙලා නිර්මාල්ව හදුනා ගන්නා කාලය උදා වෙලා කිව්වොත්..?
ජනතාව මාව මුලින්ම දන්නේ මගේ තාත්තා නිසා වගේම සීයා නිසා කිව්වොත් හරි. නමුත් මම ඒ ජනප්‍රියත්වය දිගටම පාවිච්චි කරනවා නම් වැරදියි. මම තාත්තාගෙන් උදව් ඉල්ලා ගන්නවා. නමුත් තාත්තාගේ ජනප්‍රියත්වය මම පාවිච්චි කරලා ජනප්‍රිය වෙන්න උත්සහ කරන්නේ නැහැ. තාත්තා වගේම සීයා ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කරලා තියෙනවා සංගීත ක්ෂේත්‍රය තුළ. මටත් ඕන මගේ අනන්‍යතාවය පෙන්වන්නයි. මම හිතනවා මේ වෙනකොට ඒ දේ කරන්න පුළුවන් වෙලා තියෙනවා යම් තරමට කියලා. තාත්තත් මට කියන්නේ අලුත් දේවල් කරන්න කියලයි.

කොහොමද ලැබෙන ප්‍රතිචාර..?
ගොඩක් හොද ප්‍රතිචාර. ඒ ප්‍රතිචාරවලට වයස් භේදයක් නැහැ. ඒ ගැන මට සතුටු වෙන්න පුළුවන්.

ඔබේ සීයාගේ ගීත අතිෂයින් ජනප්‍රියයි. ඒ ගීත තවමත් ඕනෑම පරපුරක් රසවිදිනවා. ඒ රසය ඔබේ හඩින් දෙන්න බලාපොරොත්තුවක් නැද්ද..?
තවම නම් මට එහෙම අදහසක් නැහැ. මට ඕන මගේ ගීත ජනතාව අතරට ගෙනියන්නයි. අවස්ථාවක් ලැබුණොත් ඒ ගැන හිතලා බලනවා.

එතකොට ඔබ ප්‍රසංග වේදිකාවේවත් පියාගේ හෝ සීයාගේ ගීත ගයන්නේ නැද්ද..?
ප්‍රසංග වේදිකාවට ගොඩ වෙද්දී ඒ වගේ ඉල්ලීම් නම් ලැබෙනවා. එහෙම ආරාධනා ලැබුණොත් නොගයා ඉන්නේ නැහැ. ඒ රසිකයින්ගේ ඉල්ලීම් නිසා.

ඔබ පුංචි කාලේ ඔබේ සීයා ඔබත් ගායකයෙක් වෙනතුරු බලාගෙන ඉන්න ඇති නේද.. ඒ මතකය ගැන කිව්වොත්..?
සීයාගේ හිතේ නම් එහෙම අදහසක් තියෙන්න ඇති. සීයා වගේ ජනතාව අතරට යන ගායකයෙක් වෙනවට. මම පුංචි කාලේ සීයාගේ ගීත රස වින්දා. ඔහු ගීත ගයන හැටි දැක්කා. ඒ කාලේ මම පුංචියි. මම කවදාවත් හිතුවේ නැහැ මේ විදිහට ගායකයෙක් වෙයි කියලා. මගේ ඔළුවේ ඒ ගැන කිසිම අදහසක් තිබ්බේ නැහැ. මේ ගමන මට අහම්බයක්. කොහොම නමුත් සීයා හිටියා නම් ගොඩක් සතුටු වෙයි.

නදීමාල්ගේ වෘත්තීය සංගීතයද..?
මේ වෙනකොට මම සංගීතයට සම්බන්ධ වෙලා ඉන්නේ. වෙන රැකියාවක් කරන්නේ නැහැ.අධ්‍යාපන කටයුතු අවසන් කරලා නැහැ. තව සංගීතය ගැන ඉගෙන ගන්නත් ඕන. රැකියාව සංගීතය වෙයිද කියලා දැන්ම කියන්න බැහැ.

එතකොට අලුත් පරම්පරාව ඔබට අභියෝගයක් වෙලා නැද්ද..?
මට නම් කිසිම කෙනෙක් අභියෝගයක් වෙලා නැහැ. හුගක් අය මගේ යාළුවො. අපි අපිට උදව් කරගෙන සහයෝගයෙන් මේ ගමන යනවා. මම මේ ගමන යන්නේ මගේ දක්ෂතාවයෙන්. ඒ නිසා මට කවුරුවත් අභියෝගයක් වෙන්නේ නැහැ.

නව පරපුර ගීත ජනප්‍රිය කරගන්න නිරූපිකාවන්ගේ අඩනිරුවත රූප රාමු සදහා භාවිතා කරනවා. මාකට් එක හදා ගන්න ඔබත් අඩනිරුවත භාවිතා කරනවද..?
තවම නම් මට එහෙම අදහසක් නැහැ. මම මාව අනවශ්‍ය විදිහට මාකට් කරන්නේ නැහැ. ගීතයට ගැළපෙන විදිහට සීමාව ඇතුළේ නිර්මාණාත්මක දෙයක් කරන්නයි මම නම් හිතන්නේ. ඒ නිසා ගැහැණු කෙනෙක්ගේ අඩනිරුවත මට ජනප්‍රිය වෙන්න උවමනා වෙන්නේ නැහැ.

ඔබ ගීතයක් නිර්මාණය කළ සැණින් පියාටත් කලින් අහන්න දෙන්නේ මවට කියන්නේ ඇත්තද..?
මම කරන හැම ගීතයක්ම මුලින්ම අහන්නේ අම්මා. අම්මාට තමයි මම අහන්න දෙන්නේ. ඊට පස්සේ තාත්තාටයි නංගිටයි. ඒ අය ඉතින් එක එක විදිහට ප්‍රතිචාර දක්වනවා. නංගි ගීතය අහපු ගමන්ම හොද නම් හොදයි කියනවා. එයාගේ හිතට ඒ ගීතය ඇල්ලුවේ නැත්තම් සින්දුව වැඩක් නැහැ හොද නැහැ කියලා මුහුණට කෙලින්ම කියනවා.

නැගණියත් එක්ක ගීතයක් කරන්න අදහසක් නැද්ද..?
එයා තවම ඉගෙන ගන්නවා. වයස අවුරුදු 17යි. මම නම් කැමතියි නංගි එක්ක ගීතයක් කරන්න. එයාට ලස්සනට සින්දු කියන්න පුළුවන්. ඒත් ලැජ්ජයි එයා සමාජය ඉදිරියට එන්න. ඒ ගැන ඉදිරියට හිතනවා.

නදිමාල් මේ කාලේ ෆැෂන් ගැන වැඩිපුර හිතනවා කියලත් ආරංචියි..?
මම කොහොමත් ලස්සනට ඉන්න අසයි. ඒ නිසා මට ගැලපෙන ෆැෂන් මම තෝරා ගන්නවා. ජිම් යන්නේ නම් රැල්ලට නෙමෙයි. මගේ ශරීරය නිරෝගිව ලස්සනට තියා ගන්න ඕන නිසයි.

සටහන : හර්ෂණී වීරරත්න

Source Link : Bro – බ්‍රෝ

දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් සංවිධානය කල සුපිරි බක් මහ උළෙල (photos)

දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් සංවිධානය කරන ලද බක් මහ උළලක් ඊයේ (15) වෙන්නප්පුව නයිනමඩම ප්‍රදේශයේදී පැවැත් වූ අතර බක් මහ කුමරිය තේරීම, කඹ ඇදීම, කොට්ටා පොර, බනිස් කෑම, ඇතුළු තරග රැසක් මෙහිදී පැවැත්විනි.

ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග ප්‍රධානය කිරීමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රි සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ එක්ව සිටියහ.

පැරණි දඩුවම් ක්‍රමයක් වූ දඩු කදේ ගැසීමද මෙම අවුරුදු උත්සවයේදී දක්නට ලැබුණා.
(එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වෙයි)

Source Link : Bro – බ්‍රෝ

සංචාරකයින්ගේ අමුතුම ජායාරූප 19ක් මෙන්න-විශ්මයට පත් වෙනවා නිසැකයි

මිනිසුන් බොහෝ වෙලාවට කැමතියි සංචාරය කිරීම සදහා. ලොව සිටින ජනගහනයෙන් 40% ක් පමණ තමා මෙම ක්‍රියාවලියට යොමු වී තිබෙන්නේ. කෙසේ වෙතත් සංචාරය කිරීම තුලින් අපේ මනසට මෙන්ම ශරීරයටද දැනෙන්නේ ඉතාමත් සතුටක්. ලොව පුරා චාරකයන් සංචාරය කරන අතර තුර ජායාරුප ගැනීමටනම් අමතක කරන්නේ නෑ.
ඉතින් අද අපි ඔබට ගෙන ආවේ එවැනි ජායාරූප කිහිපයක්.

පැරිසියේ සැඟවුණු කුළුණ නැරඹීම හෝ පැරිසියේ අයිෆල් කුළුණ ඉදිරිපිට සිපගන්නා ජායාරුප අද වන විට හැමෝගෙම ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් මෙවැනි පුද්ගලයින් ටිකක් නිර්මාණශීලි නිසා පෙළක් ජායාරූප අද වන විට මිනිසුන් අතරේ ප්‍රසිද්දියට පත්ව තිබෙනවා. මේ හේතුව නිසා මිනිසුන් පිළිම සමග ගත් අමුතු ජායාරූප පෙළක් මෙම ලිපිය තුලින් ඔබට දැක බලාගැනීමේ හැකියාව තිබෙනවා. බැලුබැල්මට අපටද හාස්‍යක් උපදවීමට සමත් මෙම
ජායාරූප 19 පහත දැක්වෙනවා.

උපුටාගැනීම: https://www.lowenapita.com/

Source Link : lanka-hotnews

වෙනත් පෙම්වතුන් යන තැන්වලට නෙවෙයි අපි ගියේ තොසේ කඩවලට

හාස්‍ය රංගනයෙන් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ශිල්පීන් රැසක්‌ අද වන විට බිහි වී තිබෙනවා. ඒ ශිල්පීන් අතරේ ප්‍රේකෂයන් අතර නිතර කතාබහට ලක්වෙන චරිතයක් තමයි මිහිර සිරිතිලක කියන්නේ මිහිර විකට චරිත නිරූපනයක් කරත් ඔහුත් සාමන්‍ය ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් කිසිවකු නොදන්න මිහිරගේ සැබෑ ජීවිතය ගැන මිහිර කියන්නේ මේ විදිහේ කතාවක්…

මිහිර අපි පාසල වියේ ප්‍රේමණිය මතක අතරට ඇවිද යමුද?
මුල්ම පාසල අලුත්වැව මධ්‍ය මහා විද්‍යාලය මම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයනේ පාසල් වියේ මම පෙම්වතෙක් වුණේම නැහැ ඒ කාලෙදි මම හැම වෙලාවෙම උත්සාහ කළේ පාසලේ අනිත් අයට ආදර්ශවත් ශිෂ්‍යා වෙන්නයි ඒ නිසා පෙම්වත් සිතුවිල්ලක් ආවත් ඒ දේවල් එළියට නොයාම හිත ඇතුළෙම හැංගිලා මැකිලා ගියා..

ඉතින් ඊට පස්සේ?
ඊට පස්සෙ මම උසස් පෙළ පන්තියේ ඉද්දිම අපේ අපේ තාත්ත අපෙන් වියෝවෙනව. ඒ එක්කම මටත් මගේ අයියටත් ලොකු වගකීමක් පැවරෙනව. අපේ පවුලේ වගකීම තාත්තගෙන් පස්සෙ දරන්නෙ මමයි අයියයි අපි ජීවත් වුණේ සැහැල්ලු ජීවිතයක නෙවෙයි උසස් පෙළට ජීවවිද්‍යාව හදාරමින් හිටපු මම ආර්ථික හේතු නිසාම කලා විෂයන්වලට යොමු වෙන්න හිතනවා පාසල් වියේම අපිට ජීවත් විමේ ගැටලු බාධක එල්ල වෙද්දි ආදරය හිත යටම යටපත් වෙලා ගියා කිව්වොත් හරි ඉතින් තාරුණ්‍යයේ ගෙවුණත් ආදරය වැනි මාතෘකාවලට ජීවිතයේ ඉඩක් වෙන් කරන්න අමතක වෙනවා

නාට්‍යකාරයෙක් මෙන් කලා ලෝකය හඳුනා ගන්න උත්සාහ කරන කාලයේවත් පෙම් සිතක් පහළ වුණාද?
පාසලෙන් පස්සේ මම කහටගස්දිගිලියෙන් කොළඹට එනව ඒ ඇවිත් මම පිළියන්දල බෝඩිමක නවාතැන් ගන්නවා. පිළියන්දල නතරවෙලා ඉන්න කාලෙ තමයි මට ඇය දකින්න ලැබෙන්නෙ ගීතිකා මධුරුංගනී අපේ බෝඩිම අසල ආයතනයක රැකියාව කළා යන එන මාවතේ නෙත ගැටෙන යුවතියට මගේ හිත ගියා අහම්බෙන් දකින්න ලැබුණ යුවතිය වෙනුවෙන් මම ඇය වැඩට යන එන වෙලාවට ඇගේ ආයතනය ලඟින් ඇවිද යන්න හුරු වුණා.

ගීතිකා නළුවකුගේ ආදරය එකහෙලා පිළිගන්නවද?
මේ වෙද්දි මම නාට්‍ය කරනව වෙන රැකියාවක් කළේ නැහැ හැබැයි ප්‍රසිද්ධ කලාකරුවෙක් වෙලා තිබුණෙත් නැහැ. ඉතින් ඇයට නළුවකුට ආදරය කරනව කියල හිතන්න තරම් සාධක තිබුණේ නැහැ කියලා හැඟීමක් තිබුණේ නැහැ ඇය මාව දැක්කේ අනෙකුත් සාමන්‍ය තරුණයෙක් වගෙයි ඒ කාලේ ඇත්තම කියනව නම් මම හරිහමන් රැකියාවක් නැති ගමෙන් කොළඹට ආපු සාමණ්‍ය තරුණයෙක්

මේ ආදර කතාවට බාධක විරෝධතා එල්ල වෙන්නත් ඇති නේද?
මම ඇයව විවාහ කරගන්න කැමතියි කියලා ඇයගේ ගෙදරට ගිහින් යෝජනාව කලා ඒ වෙද්දි මට රැකියාවත් තිබුණේ නැහැ සාමාන්‍යයෙන් විවාහයේදී දෙමවුපියන් සලකන ආර්ථික වත් පොහොසත්කම් මට තිබුණෙත් නැහැ එත් එයාගේ වැඩිහිටියෝ කිව්වේ තමන් කැමති නිසානේ ගෙදරට ඇවිත් මේ ගැන ඇහුවේ කියලා අපිට කැමත්ත දුන්නා පසුව අපි දෙන්නගෙ දෙපාර්වයේම කැමත්ත ලැබිලා අපි විවාහ දිවියට එළඹුනා.

සාමාන්‍ය කෙනෙක් විදිහට ඇය දුටු ඔබ පසු කලක ජනප්‍රිය තරුවක් වෙලා කාන්තාවන්ගේ ඇල්ම බැල්මට යොමුවෙද්දි?
පුංචි ඉරිසියාකාරකම් තියෙනවා. ඒක එහෙම නොවෙන්නෙ නැහැනෙ ඕනම ගැහැනු කෙනෙක් ඒ වගේ තැනකදී වෙනස් වෙනවනෙ එයා වුණත් කැමති නැහැ එවැනි තත්තවකට හැබැයි ඇය මේ වෙද්දි ජනප්‍රිය කෙනකුට සමාජයේ තියෙන අවධානය තේරුම් අරන් ඉන්නේ අපි දෙන්න ගමනක් යද්දි හමුවෙන රසික රසිකාවියන් එක්ක මම කතා කරලා ඡායාරූපවලට පෙනී සිටිත්දි එයා පසෙකට වෙලා ඉන්නව කාන්තාවනන්ගෙ ඇලුම් බැලුම් නිසා ඇතිවෙන නෝක්කාඩුකම් නම් තියෙනවා. ඒක වෙනස් කරන්න නම් මහබඹාගේ ඉඳන් වෙනස් වෙන්න එපැයි..

ඔබලාගේ ආදර ගමනේ මතක සැමරුම් සිහිකළොත්
අපේ ආදරේ තියෙන ලොකුම සැමරුම තමයි අපි ආදරය පටන් ගනිද්දි මට ආර්ථීක ශක්තියක් තිබුණේ නැහැ වෙනත් පෙම්වතුන් යන තැන්වලට නෙවෙයි අපි ගියේ තොසේ කඩයකට වගේ සාමන්‍ය අඩු ආර්ථික මට්ටමක් තියෙන තැනකට තමයි මම ඇයව කැඳවාගෙන ගියේ ඇය ගැන මගේ හිතේ තියෙන ගෞරවයත් එයයි ජනප්‍රිය හෝ කිසිම ආර්ථික ශක්තියක් නැති මිහිරටයි ආදරය කළේ.

මිහිරගේ පළමු පෙම ද ඔබේ දිවියට සැනසුම සදන්න‍ෙ?
එයිට කලින් ආදරය ගැන අදහස් තිබිලා තියෙනවා නමුත් ඇය තමයි මගේ දිවියේ මල්ඵල ගැණුන ප්‍රේමය

තරුවකට බරිඳක් වෙන එක ලේසී පහසු කාරණයක් නොවෙයි කියලයි හැමෝම කියන්නෙ?
ඇත්තටම ඒක අසීරු දෙයක් තමයි ලොකු ඉවසීමක් තියෙන්න ඕන ඒ වගේ කෙනෙකුට ජනප්‍රිය වීමත් එක්ක නිවාඩුවක් නැති කාර්ය බහුල ජීිවිතයන් තමයි අපිට ගෙවන්න වෙලා තියෙන්නේ සමහර වෙලාවට එයාටත හිතෙනවා ඇති මම වෙන රස්සාවක් කළා නම් හොඳයි කියල ඒ ඉතින් පුද්ගලික දිවියේ දෙයකට පවා කාලයක් නැති තරමට එක දිගට වැඩ කරන නිසා ඒ වුණාට මේ ජනප්‍රියත්වයට මට ලැබෙන ප්‍රතිචාර ජනතා ආදරය ගැන ඇය තුළ සතුටක් තියෙනවා

Source Link : Bro – බ්‍රෝ

ලෙස්ටර් ජේම්ස් පීරිස්ට මසකට ලක්ෂ 5ක දීමනාවක් දීමට ජනපති තීරණය කරයි

ජාත්‍යන්තර කීර්තියට පත් ප‍්‍රවීණ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ප‍්‍රතිකාර කටයුතු සහ අනෙකුත් වියදම් වෙනුවෙන් මසකට රුපියල් ලක්‍ෂ 5 බැගින් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 99 වන ජන්ම දිනය අදට යෙදී තිබූ අතර, තිඹිරිගස්යායේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත ගිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඔහු වෙත සිය සුබපැතුම් පිරිනැමූ අතර එහිදී එතුමා වෙත මේ බව දැනුම් දුන්නේය.

දේශීය සිනමාව අන්තර්ජාතික කීර්තියට පත් කිරීමට සිය නිර්මාණ දායකත්වය සැපයූ ජ්‍යෙෂ්ඨතම ලාංකේය සිනමාකරුවා වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඉටු කළ මෙහෙවර අගයමින් ඒ මහතාගේ වෛද්‍ය ප‍්‍රතිකාර කටයුතු ඇතුළු සෙසු වියදම් සදහා විශේෂ මාසික දීමනාවක් ලබාදීමට ජනාධිපතිවරයා පසුගියදා කැබිනට් අනුමැතිය ද ලබා ගත්තේය.

යුග මෙහෙවරක් ඉටුකළ යුග පුරුෂයෙකුට පමණක් පිරිනැමෙන මෙම විශේෂ මාසික දීමනාවට අදාළ ලිපි ලේඛන සහ ඊට අදාළ පළමු චෙක්පත ද මෙහිදී ජනාධිපතිවරයා පිරිනැමීය.

නීතිය හා සාමය අමැති රංජිත් මද්දුමබණ්ඩාර, ආචාර්ය සෝමරත්න දිසානායක, රේනුකා බාලසූරිය යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Source Link : Bro – බ්‍රෝ

ලොකුම හීනය වෛද්‍යවරියක්වීම – උසස් පෙළ සමත් වුණත් මට වෛද්‍ය විද්‍යාලයට යන්න ලකුණු මදි වුණා

මේ දින වල සවර්ණවාහිණි නාලිකාවේ විකාශය වන කෝටිපතියෝ ටෙලි කතා මාලාවේ ජනප්‍රිය චරිතයක් තමයි අංජලී කියන්නේ, අංජලීගේ චරිතයට රංගනයෙන් එකතු වන නවක නිළිය ගැන දැන් හැමෝම කතා වෙනවා. කව්ද මේ අංජලී…. ඇය ගැන මුල් වරට මේ විදිහට කියලා තිබුනා..

මුලින්ම අපි තුෂිනිගේ පෞද්ගලික තොරතුරු ටිකක් කතාකරමු..
මගේ ගම කටුනේරිය. වෙන්නප්පුව හෝලි පැමිලි කොන්වන්ට් එකෙන් සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබලා කටුනේරිය ශා/සෙබස්තියන් විදුහලින් උසස්පෙළ ජීව විද්‍යා අංශයෙන් හැදෑරුවා. පුංචිකා‍ලේ ඉඳන් මගේ තිබුන ලොකුම හීනය වෛද්‍යවරියක්වීම . උසස්පෙළ සමත් වුණත් මට වෛද්‍ය විද්‍යාලයට යන්න ලකුණු මදි වුණා . ඉන් පසුව මම ඉතාලියට ගියා . අපේ පවු‍ලේ හැමෝම ඉන්නේ ඉතාලියේ . මම එහිදී හෝටල් කේෂ්ත්‍රයේ රැකියාවක් කළා.

තුෂිනිට භාෂා කීපයක් කතා කරන්න පුළුවන් නේද … ?.
සිංහල , ඉංග්‍රිසි සහ ඉතාලි භාෂා ගැන පූර්ණ දැනීමක් තියෙනවා. ජර්මන් සහ ස්පාඤ්ඤ භාෂාවන් කතා කරන්නට පුළුවනි . ඉතාලියේදී මම කළ රැකියාවට භාෂා ඥානය ගොඩක් ප්‍රයෝජනවත් වුණා.

තුෂිනි නිළිකමට එක්වීම සුවිශේෂ සිදුවීමක් නේද.. ?
ඇත්තටම ඔවු.. මම පාසල් වේදිකාවේ වත් රඟපාලා තිබුණේ නැහැ.. ඒත් කාලයත් එක්ක කලාවට මොකක්දෝ ආශාවක් ඉබේම හිතට ඇතිවුණා.. ඉතාලියේ සැලුන් එකක සුමිත් පෙරේරා කියලා අයියා කෙනෙක් දවසක් මගෙන් ඇහුවා රඟපාන්න කැමතිද කියලා.. ස්වප්නා අක්ක තමයි මට සුමිත් අයියව අඳුන්නල දුන්නේ.. සුමිත් අයියා ලංකාවේ ඉන්න කා‍ලේ නිරූපන ශිල්පියෙක් . ඒ වෙද්දි මටත් රංගනය ගැන ආශාවක් තිබුණ හින්ද මම කැමතියි කිව්වා. රංගන ශිල්පි උදිත් අබේරත්න සුමිත් අයියගේ යාළුවෙක් . ඒ හරහා මට උදිත් අයියව අඳුනගන්න ලැබුණා . උදිත් අයියාට දුරකතනයෙන් කතාකළාම මට චාමර සමරවික්‍රම මහතාව අඳුන්නලා දුන්නා. ඒ වෙද්දි මම දැනගෙන හිටියේ නැහැ.

ඒ මහතා “හාරකෝටිය” ටෙලි නාට්‍යයේ නිෂ්පාදකවරයා කියලා. මගේ ‍පොටෝස් ටිකක් එවන්න කියලා කියපු නිසා මමත් නිකමට වගේ ‍පොටොස් ටිකක් යැවුවා. ඊට පස්සේ මට කතාකරලා මගෙ රඟපෑම් ඇතුළත් වීඩියෝ එකක් එවන්න කිව්වා. ඒ සද්දා මංගල සූරිය බංඩාර මහතා. ඒ වෙද්දි මම “හාරකොටිය “ ටෙලි නාට්‍යයට වහවැටුණු රසිකාවියක්.. මම “හාරකොටිය” ටෙලි නාට්‍යයේ කොටසක් රඟපාලා වීඩියෝ එකක් යැවුවා.. ජයප්‍රකාශ් ශිවගුරුනාදන් සර් දුරකතනයෙන් කතාකරලා මාව “කෝටිපතියෝ” ටෙලි නාට්‍යයේ අංජලීගේ චරිතයට තෝරාගෙන තියෙනවා කියලා කිව්වම මට හිතාගන්නවත් බැරිවුණා.. මම තාත්තත් එක්ක ලංකාවට ආවේ “කෝටිපතියෝ” රඟපාන්න . දැන් මමයි තාත්තයි ඉන්නේ ලංකාවේ .

පාසල් වේදිකාවේවත් රඟපාලා නැති තුෂිණිට හා හා පුරා කැමරාවක් ඉදිරියේ රංගනයක් ඉදිරිපත් කරද්දී දැනුණේ මොන විදියේ හැඟීමක්ද .. ?
මට මුලින්ම රඟපාන්න තිබුණේ මගේ පෙම්වතා මිය ගියාට පස්සේ හඬාවැටෙන ජවනිකාවක් . මුලදී පුංචි තැති ගැන්මක් තිබුණා . ඒත් ශිවගුරුනාදන් සර් මාව හොඳින් මෙහෙයවූවා.. දෙපාරක් විතර ඒ ජවනිකාව රූගත කළා.. මට මේ ටෙලි නාට්‍යයේදී ප්‍රවීණයන් රැසක් එක්ක වැඩ කරන්න අවස්ථාව හිමිවුණා.. ඒකත් මට ලොකු අත්දැකීමක් වුණා..

“කෝටිපතියෝ” ඉවරවෙලා ආයෙමත් ඉතාලියට යනවාද….?
ඇත්තම කියනව නම් මම රඟපාන්න ආසයි . මම කැමතියි දිගටම ලංකාවේ නතරවෙලා වෘත්තිය නිළියක් වෙන්න.

මේ වන විටත් “කෝටිපතියෝ” නිසා ඔබට ඒ ගමන් මග සැකසිලා නේද .. ?
මේ වනවිටත් නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිල තියෙනවා.. ටෙලි නාට්‍ය වගේම චිත්‍රපටයකටත් ආරාධනා ලැබුණා .චිත්‍රපටයට ආරාධනා ලැබෙද්දී මම “කෝටිපතියෝ” රූගතකිරීම්වල හිටියේ. ඒ නිසා ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කරන්නට සිදුවුණා..මේ වෙද්දී “පිං” ටෙලි නාට්‍යයට එක්වෙලා ඉන්නවා. තවත් ටෙලි නාට්‍යය සඳහා ඉදිරියේදී එක්වේවි. “කෝටිපතියෝ” සඳහා එක්වන විට මම රඟපෑම ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ.. මේ කටයුත්තට එකතුවුණාම අපිට ප්‍රවීණ පිරිස් සමගත් වැඩ කරන්න සිදුවනවා. එහිදී අපිටත් අපේ රංගනය ඒ අය සමග ඒ මට්ටමින්ම පවත්වාගන්න වෙනවා. මම කැමතියි යම් අවබෝධයක් ඇතුව මේ තුළ රැඳෙන්න . ඒ හින්දා රංගනය ගැන යම් හැදෑරීමක් කරන්නත් මගේ අදහසක් තියෙනවා.

බොහෝ නළු නිළියන් පවසන දෙයක් තමයි රංගනයේදී තෝරා ගැනීම් කරන බව. ඔබත් දායක වෙන්නේ තෝරා බේරාගත් නිර්මාණවලට විතරද . ?
මම මගේ ගමන පටන් ගත්තේ හොඳ තැනකින්. ඒ හින්දා දායක වන නිර්මාණ ගැන හිතන්න වෙනවා. එහිදී යම් තෝරාගැනීමක් කරන්න වෙනවා.

සරල විනෝදාත්මක චිත්‍රපටයක මල් ගස් වටේ දුවන පෙම්වතියගේ චරිතය රඟපාන්න ආරාධනා ලැබුණොත් එය බාරගන්නවාද..?
ලැබෙන නිර්මාණය සරල විනෝදාත්මක චිත්‍රපටයක්ද එහිදී මල් ගස් වටේ දුවන්න සිදුවනවාද කියන එක මට ප්‍රශ්නයක් ‍නෙවෙයි. නමුත් එතැනදී කරන්න තියෙන්නේ මල්ගස් වටේ දුවන එක විතරක්ම නම් නිර්මාණයේ ගැඹුරක් නැත්නම් මම එය බාරගන්නේ නැහැ. නිර්මාණය තුළ සහ මට රඟපාන්න තියෙන චරිතය තුළ යම් ගැඹුරක් තියෙනවා නම් මම එය භාරගන්නවා.

ආදරය ගැන විවාහය ගැන කතාකරන්න කැමතිද … ?
මට තවම ප්‍රේමවන්තයෙක් නැහැ . යෝජනා නම් ඇවිල්ල තියෙනවා . ඒත් මම තවම ඒ ගැන හිතුවේ නැහැ . දැන් නම් මම කලාව තුළ ගමනක් යන්න සූදානම් වෙලා ඉන්න හින්දා ඒ දේවල් ගැන හිතන එක ටිකක් කල් දාන්න වෙයි .

Source Link : Bro – බ්‍රෝ

” මම ගෙදරත් විකිණුවා..! ” අප්‍රේල් පළවෙනිදා කල බොරුවක් දුර දිග ගිය හැටි

අප්‍රේල් පළවෙනිදා මෝඩයාගේ දිනය කියන සම්ප්‍රධායට ලොකු ඉතිහාසයක් තියෙනවා. මේ ඉතිහාසය පුරාවටම අප්‍රේල් පළවෙනිදා සිදුකල ඇතැම් විහිළු නිසා බොහෝ දෙනා අපහසුතාවය පත්වුනු කතා අපි ඕනෑ තරම් අහලා තියෙනවා. ඊයේ (01) දිනයෙදිත් එවැනි සිදුවීම් කිහිපයක්ම අපිට අහන්න ලැබුනා. කොහොම වුනත් මේ කියන්න යන්නෙ ජාත්‍යන්තරයේ කතාබහට ලක්වුනු අප්‍රේල් පළවෙනිදා සිදුකල අමුතු විදියේ විහිළුවක් ගැන.

මේ සිද්දිය සිදුවුනේ 1939 වසරේ අප්‍රේල් පළමුවැනිදා. කතාවට ලොකු ඉතිහාසයක් තිබුනට මේ කතාව ඇහුවම අප්‍රේල් පළවෙනිදා කරන විහිළු සමහර විට කොයිතරම් බරපතල වෙන්න පුළුවන්ද කියලා හිතාගන්න පුළුවන්.

ඇමරිකා එක්‌සත් ජනපදයේ ඇපල් බී නෞකාව සිද්දිය සිදුවුන දවසේ මැනිලා වරායේ නැංගුරම් ලා තිබුණා “අද අප්‍රේල් පළෙවැනිදානෙ..! මොඩයාගේ දිනය..! අපි ප්‍රධාන අණ දෙන නිලධාරියාට විහිළුවක්‌ කරමු කියලා නෞකාවේ සිටි අය තීරණය කරා.

ඒ වන විට ඇපල් බී නමැති එම නෞකාවේ ප්‍රධාන අණදෙන නිලධාරියා ලෙස සේවය කළේ ඡේ. ඡේ. ස්‌විනි නමැති ඉතා කාරුණික අයෙකි. නෞකාවේ සියලුම නිලධාරීන්ට තරාතිරම නොබලා සංග්‍රහ කළ ඔහු මිලාන් නරගයට බෙහෙවින් ආදරය කළ අතර දරුවන් හා බිරිඳ මිලාන් නගරයේ පදිංචි කරවීය. නමුත් චීන ආහාර බෙහෙවින් අප්‍රිය කළේ ස්විනි වසරකට වරක්‌ චීන මුහුදේ පැවැත්වෙන සංදර්ශන පවා මඟ හැරීමට කටයුතු කලා. ස්‌විනිගේ මෙම දුර්වලතාවය හඳුනා ගත් නැවේ නිලධාරීන් එය තමන්ගේ වාසියට පෙරළා ගෙන මෙම විහිළුව කිරීමට කටයුතු කලා.

සර්, මෙන්න ඔබට ස්‌ථානමරු නියෝගයක්‌..! අප්‍රේල් 9 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ඔබ චීනයේ චුන්-කින්ග් වරායේ ටුටුලාප් නෞකාවේ ප්‍රධාන අණදෙන නිලධාරි ලෙස ස්‌ථානමාරු කොට ඇත. ගුවන්විදුලි පණිවිඩය ව්‍යාජ වුවද, එහි වූ නියෝගය ස්‌විනී වෙහසට පත් කළේය. මෙම නියෝගය වඩා වෙහෙසකර වූයේ මාරු නියෝගය චීනය වැනි තමා අප්‍රිය කරන රටකට යැම වෙනුවෙන්ය,

බෝට්‌ටුවක්‌ සූදානම් කර ගත් ඔහු මැනිලා නගරය බලා ගියේය. ඔහු දිවා ආහාරය තෙක්‌ම පැමිණියේ නැත. සවස 2.00 පමණ වන විට පැමිණියේ දැඩි වෙහෙසකර මුහුණේන්ය.

සර්… වෙලා ගියේ?

මම ගියා ගෙදර විකුණන්න. බිරිඳයි දරුවොයි ඇමරිකාවට යවන්න ඕන. මම නව වැනිදාට වැඩ බාර ගන්නත් එපා යැ.

සර් – සර්

හරි හරි,.. තව දවස්‌ තියෙනවා ඒක නොවෙයි සර්….. අද අප්‍රේල් 01 වැනිදා… මේක බොරුවක්‌…”

මොනවා… ඔව් සර්

බලනවා දැන් මම ගෙදර විකුණලා ඩොලර් 1,72,000 කට චෙක්‌ එක ගත්තා. ඇමරිකාවට දරුවොයි, බිරිඳයි පිටත් කරන්න නාවික ටිකට්‌ ගත්තා… නාවික හමුදා මූලස්‌ථානයට යවන්න මැනිලාවේ නාවික සේනාධිපතිට භාර දුන්න පණිවිඩය….?

සර්…. මම ඒ සේරම කරන්නම්.

තමුසේ හිතනවද? මේක සෙල්ලම් වැඩක්‌ කියලා වටකෙරෙනවා සර්. අපි කළ වැරැද්දට යුද හමුදා අධිකරණයෙන් දඬුවම් ලබන්න තරම් දරුණුයි.

අණ දෙන නිලධාරියාගෙන් ලිපිනය ලබා ගත් ඔහු නිවස මිලදී ගත් පුද්ගලයා වෙත ගොස්‌ සිද්ධිය නොවලහා කිවේය. ගෙවන ලද මුදල ලබා දෙන්නට එකඟ වුවද, ඔහු නිවස පවරා දෙන්නට කැමැති වූයේ නැත. එහෙත් අන්තිමේදී මහත් අසීරුවෙන් නිවස මිලදී ගත් පුද්ගලයා ඊට කැමැති කර ගත්තේය.

මේ අතර නාවික ටිකට්‌ බාර දීමට යන විට වේලාව හවස 5.45 පමණ විය. ටිකට්‌ දුන් විටම මුදල් දීමට නොහැකි බව නිලධාරියා දන්වා සිටියේය. මේ වන විට නාවික සේවා වෙළෙඳ කළමනාකරු හොංකොං බලා පසුදින උදයේ පිටත්වන හෙයින් මෙදින කෙසේ හෝ ටිකට්‌ පත් බාරදී මුදල් ලබාගත යුතුවිය. දැනට ඔහු පෝලෝ සමාජ ශාලාවේය. මෙයට ඇතුළු වීමට නම් සන්ධ්‍යා ඇඳුමක්‌ අවශ්‍ය විය. කළ යුතු දෙයක්‌ නැත. මැනිලා බුලටින් පුවත්පතේ කතුවරිය විසින් ලබා දෙන ලද සිරුරට නිසි පරිදි නොගැලපෙන ඇඳුමෙන් සැරසී ඔහු නෘත්‍ය ශාලාවට ඇතුළු විය. සියලු විස්‌තරය ඔහු වෙත දන්වා නැවත මුදල් ලබාදෙන ලෙසට ලිතව ලිපියක්‌ ලබා ගත්තේය.

අවසානයේදී නාවික සේනාධිපති වෙත ගියේ ස්‌ථානමාරු නියෝගය අහෝසිකර ගැනීමටය, එතැනට ගිය නාවික හමුදාවේ නිලධාරියා සිද්ධිය සඳහන් කළේය.

තමුසෙ දැන් යනවා. මම ස්‌විනිගෙ ඉල්ලීම අවලංගු කරන්නම්… හැබැයි එකක්‌ මතක තියා ගන්නවා… මීට පස්‌සෙ විහිළුවලදී ඇස්‌ රතුකර ගන්නෙ නැතුව ඉන්නවා… හොඳයි සර්… නිලධාරියා බයාදුවෙන් කීවේය.

ඔහු වහා ස්‌විනි වෙත ගියේය. සියල්ල නිරවුල් කර ගත් ලිපි බාර දුන්නේය. ස්‌විනි ඔහු අමතා…. හරි. දැන් සමුසෙගෙ අවසාන රාජකාරිය… මේ ලියුම් තුන තැපෑලට දානවා…. එහි වූ සටහන මෙසේය.

“අද අප්‍රේල් 01 වැනිදා මෙය මෝඩයාගේ දිනය විදිහට සලකා කරන ලද විහිළුව දුර දිග ගියා. එයින් ගැලවීමට ඔවුන් ගත් පසු ක්‍රියාමාර්ග වෙනුවෙන් සහය දක්‌වන ලද ඔබට ස්‌තූතියි. මගේ ජීවිතයටම මේ වගේ අප්‍රේල් විහිළුවක්‌ ගැන කිසිම දිනක අසා නැත.” යනුවෙන් නාවික සේනාධිපති වරයාට, ඉඩම මිලට ගත් පුද්ගලයාට, නාවික ටිකට්‌ පත් මිලට ගත් ආයතනයට එකම ආකාරයෙන් ලිපි යැවීමටද ස්‌විනි කටයුතු කර තිබුණා.

Source Link : Bro – බ්‍රෝ

ඔවුන්ට දෙවෙනි ඉනිමවත් මතක් වෙලා තියෙනවා දැක්කේ නෑ මං – සම්මාන ගත්ත අයට මුල අමතක වෙලාද?

මේ වන විට ලංකාවේ අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙන කව්රුත් ආදරය කරන ටෙලි නාට්‍ය දෙකක් වන සිඳු සහ දෙවනෙි ඉනිම වෙනුවෙන් පසු ගිය දිනවල පැවති සම්මාන උළෙලවල් වලදී සම්මාන රාශියක් හිමි වුනා.

ජනතා සම්මාන උළෙලේදී සහ රයිගම් සම්මාන උළෙලේදී ජනප්‍රියතම නිළියන්ට හිමි සම්මාන දෙවැනි ඉනිමේ සමල්කා සහ දෙව්මි චරිත වලට දායක වුන ශනුද්‍රි සහ නයනතාර හිමි කර ගැනීමට සමත් වූනත් ඔවුන්ට එම සම්මාන හිමි කර දුන් දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය අමතක කර තිබෙන බවට දෙවෙනි ඉනිම ටෙලි කතාව රචනා කළ සමන් එදිරිමුණි සිත් තැවුලෙන් මෙසේ කියා තිබුනා.

පසුගිය Peoples awards උළේලෙදී ඔබ රචනා කළ නාට්‍ය නියෝජනය කරමින් සම්මාන ලැබුණා නේද?
නිර්දේශ වුණා මං හිතන්නෙ ජනතාවගේ ටෙලි නාට්‍ය බවට පත් වුණේ සිඳු ටෙලි නාට්‍ය දෙවන වතාවටක්

සිඳු ඔබ රචනා කරන්න පටන් ගත් නාට්‍යයක්, නමුත් ඔබ එය රචනා කිරීම අතරමගදී නවතා දැමුමා පසුතැවීමක් නැද්ද ඒ ගැන?
පීපල්ස් අවොඩ් එකට ඔය කියන සමීක්ෂණය පැවැත්වෙන්නේ මම එය රචනා කරන කාලෙදීම තමයි ඒ ගැන ඇත්තටම මට තියෙන්නේ සතුටක් පිට පිට දෙවතාවක් ජනතාවගේ ටෙලි නාට්‍ය බවට පත්වූ නිර්මාණයේ රචකයා වීම. නමුත් පසුතැවීමක් තියෙනවානම් තියෙන්නේ සිඳු කතාව පටන් ගනිද්දි මගේ හිතේ තිබුණු අරමුණ කරා සිඳු ලඟා නොවීම නිසා පමණයි ඒක මම ලිව්වේ ළමයින්ටත් රසවිඳිය හැකි පවුලේ ටෙලිනාට්‍යයෙක් ලෙස

ඔබ කියන්නේ දැන් ඒ නාටයේ එහෙම රසයක් නැහැ කියලාද?
රසය කියන එක නෙවෙයි අරමුණ කියන එක ගැන මං කියන්නේ විවිධ රසයන් විවිධ අය ගාව තියෙන්නේ මං දීපු රසය නෙමෙයි දැන් තියෙන්නේ කියන එක ඉතින් ඕන කෙනෙක්ට පැහැදිලිනේ එකේන් මං අදහස් කරන්නේ නෑ එක රස නෑ කියලා මං කියන්නෙ මම සිඳු නාට්‍ය ඔය කියන විදිහේ අදහසකින් ලියපු නාට්‍යක් නෙමෙයි.

ඔබ ඊළගට ලියපු දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය වෙනුවෙනත් සම්මාන ලැබී තිබෙනවා. ඒ ගැන ඔබ ඉන්නේ ආඩම්බරයෙන් වෙන්න ඇති?
හොඳම නිළියන් ලෙස ශනුද්‍රිට සහ නයනතාරාට ජනතා සම්මාන ලැබුණු බව ආරංචි වුණා. සුබ පතනවා ඔවුන්ට.

ආරංචි වුණා කියන්නේ ඔබ හරියටම දන්නේ නැද්ද?
නෑ. මං දැක්කා දෙරණ ටීවි එකේ දානවා ඔය වෙනකොට සමාජ ජාලත් තහණම් කරලා තිබුණා නිසා ටීවි එකෙන් තමයි දැක්කේ

සම්මාන ලැබූ අය ඔබට කතා කළෙවත් නැහැ කියලද ඔබ මේ කියන්නේ?
එහෙම හොඳ පුරුදු තියෙන නළුවන් සහ නිළයන් ලංකාවේ ඉන්නේ හරිම අතළොස්සයිනේ මට නම් එහෙම කවුරුත් කතා කරලා කිව්වේ නෑ කතා කරන්න දෙයකුත් නෑ ඉතින් මම කරපු දෙයකුත් නෑනේ ඒ වෙනුවෙන්

ඔබ ඒ ජයග්‍රහණය වෙනුවෙන් කිසිත් කළේ නැති වෙන්න බැහැ ඔබගේ රචනාව තුළයි ඔය චරිත බිහිවෙන්නේ කිව්වොත්?
මාත් එහෙම හිතනවා අධ්‍යක්ෂතුමත් එහෙම හිතනවා සමහර විට ඒක මේ මමයි සාරංගයි දෙන්නා විතරක් හිතාගෙන ඉන්න මනස්ගාත දෙයක් වෙනනත් ඇතිනේ. ඔවුන් අති දක්ෂ නිළියන් මම නම් අද ඊයේ යාන්තං ටෙලිනාට්‍ය දෙකක් ලියාගෙන උඩට ආපු මනුස්සයෙක්

ඔවුන් සාරංගට කතා කරලත් නැද්ද?
සාරංග මගෙන් ඇහුව මචං මෙහෙම ආරංචියක් තියෙනවා ඇත්තද කියලා ඒ වෙද්දි සාරංග ලංකාවේ හිටියේත් නෑ කිසි දෙයක් දන්නේ නෑ නේ අපි දෙන්නා මේක නිකං අපිට නොදැනි ටිකට් එකක් අදුනා වගේ හරිම සතුටුයි මොකද අපි දෙන්නා කරන ටෙලි නාටයේ චරිතනේ අප්පා

හැබැයි සිඳු වෙනුවෙන් ලැබිච්ච සම්මානය ගැන නම් ඔබ දැනුවත් කළාලු නේදු?
ඔවි චරිත් කොතලාවල මහතා කතා කරලා කිව්වා සිඳුට සම්මානයක් ලැබිලා තියෙනවා. ඒක ගන්න යමු කියලා, මං කිව්වා සිඳු කියන්නේ දැන් මට අයිති දෙයක් නෙමෙයි කියලා. අතහැරියට පස්සෙ නැවත හරී බැලීමක් මගේ ජීවිතියේ නෑ කිසිම දෙයක් ගැන

ඔබ කලින් කීවා අපේ රටේ හොඳ පුරුදු තියෙන නළු නිළියන් හරිම අඩුයි කියලා ඔබ එහෙම කියන්කේ සමිමාන ලැබූ බව නිකමටවත් නොකී දුකට වෙන්න ඇති
දුකක් නම් නැහැ පුදුමයක් මිස

පුදුමය මොකක්ද?
ඔවුන්ට දෙවැනි ඉනිමවත් මතක් වෙලා තියෙනවා දැක්කේ නෑ මං දෙවැනි ඉනිම කණ්ඩායම සියඹලා ගෙනැල්ලා තිබුණෙම නැද්ද යකෝ එතකොට කියලා මට තනියම හිතුණා.

මේ සිත් රිදවීම් එක්ක දෙවෙනි ඉනිම ප්‍රේක්ෂකයන්ට ආදරණීය නිර්මාණයක් නැති නොවෙයි නේද?
දෙයියම්පල්ලා සිත් රිදවීම් නම් නැහැ අපි මේ ගමන යන්නේ කරන්නේ මොනවද කියලා හරියට දැනගෙන ලංකාවේ ඉදිරි වසර 10 තුළ ට්‍රෙන්ඩ් එක හදන්නේ අපි දන්නවා ඒක කරන විදිහ. නයනතාර, ශනුද්‍රි රවීන් කෙෂාන් ලංකාවේ සම්මාන ගන්න ජනප්‍රියතම නළුවන් නළියන් බවට පත් කරනවාමයි කියන එක මම දෙවෙනි ඉනිම පටන් ගනිද්දි මගේ ඔළුවට දාගත්තු ඉල්ක්කයක් එක් දන්නේ මම විතරක් නෙවෙයි ඔය සමහර නළුවන නිළියන්ට මං ඒක කියලා තියෙනවා. ඔවුන් දන්නවා ඔවුන් ආවේ කොයි පාරෙද කියලා මේ සම්මාන ලැබෙන්නෙ පුද්ගල චරිතවලට නෙමෙයි මම ඕන ඔට්ටුවක් දානවා මේ සම්මාන ලැබුණේ දෙව්මිට සහ සමල්කාට එක් කවුරු පිළිගත්තත් නැතත් ඇත්තක්

ඔබ කියන්නේ ඒ සම්මාන ඔබ විසින් මවලා දුන්න චරිතවලට හමිවුණ දේවල් කියලාද?
චරිත හදන්නේ අපි රඟපාන්නේ ඔවුන් මේක ටීම් වර්ක් එකක් ජන විඥානය හැසිරෙන විදිය තේරුම් ගත්තාම ඒක සරල වැඩක් මිනිස්සු ආදරය කරන්නේ පුද්ගල චරිතවලට නෙමෙයි. මිනිස්සු මට වඩා ආදරෙයි මං හදාපු චරිත වලට සෝරත පොඩි හාමුදුරුවන්ට මුළු ලංකාවක් ආදරය කළා. චරිත ලියනවා කියන්නේ සෙල්ලමක් නෙමෙයි ඒවා ඉබේ වෙන දේවලුත් නෙමෙයි

ඔබ නිර්මාණවලට මවන්නේ ඔබ වටා සිටන චරිතද?
මම මහණ වුණොත් සෝරත වගේ වෙයි. නාකී වෙද්දි ලොකු හාමුදුරුවෝ වගේ වෙයි. ආදරේ කළොත් අවන්ත වගේ වෙයි මගේ කෙල්ල සමල්කා වගේ වෙනවට මං ආසයි මගේ මාමා ආනන්ද එයා ඇත්තටම ජීවත් වෙනවා මං පොඩි කාලේ පන්සල් ගියේ සිරිනාග විහාරයට සිඳු එකේ පන්සලේ නම ඒක පොඩි කාලේ අපේ පන්සලේ පොඩි හාමුදුරුවෝ සෝරත පොඩි හාමුදුරුවෝ උන්නාන්සේ තාම ඉන්නවා. දැන් නම් ආස්සරයන් නෑ ඉස්සර තරම් සමල්කා වගේ කෙල්ලෙක් මං ආශ්‍රය කරලා තියෙනවා දෙව්මි වගේ නෑනලා මට ඉඳලා තියෙනවා. මයිකි සහ චබී කියලා කියන්නේ ඇත්තටම අපිත් එක්ක ඉස්කෝලේ ගියපු උන් මයික් නම් ඉතිං ඔය ඉන්න මයික්ම තමයි දෙනුවනාව මම දන්නේ වේල්ස් කුමාරේ උසස් පෙළ කරන කාලේ. ඒකා ඒ කාලෙත් පිස්සා දැන් වගේම හරිම ආදරණිය චරිතයක් මං ලියන්නෙ මගේ ජීවිතේ මට අහුවෙච්ච දෙවල්. එකයි මං කියන්නේ මේක සෙල්ලමක් නෙමෙයි චරිත කියන්නේ චරිත මං ලියන චරිත බොරු ඒවා නෙමෙයි මවපුවා නෙමෙයි ඇත්තටම පවතින මහපොළොවේ ඒවා බව මගේ හදවත දන්නවා ඒකයි මිනිස්සු ඒවට ආදරේ

රයිගයම් ටෙලි සම්මාන උළෙලට ගියෙත් නැද්ද?
එක් අංකයකින් එක් මනාපයක් පමණක් පිළි නොගන්නා කිසිම සම්මාන උළෙලක කිසිම සම්මානයක් මා පිළිගන්නේ නෑ සම්මානයක් කියලා එය තනිකරම හොර ඡන්ද දාලා පාර්ලිමේන්තු ගිහින් ජනතා නායකයා කියලා තමන්ම කියාගන්නවා වගේ වැඩක් මම දන්නේ නෑ රයිගම් එකේ එක අංකයකින් එක මනාපයද පිළිගන්නේ කියලා දන්න විදිහට නම් සම්මානවලට නිර්දේශ නම්වලට එස්.එම්.එස් ගැහිල්ල බිස්නස් එකක් මොබයිල් කොම්පැනියයි සම්මාන උළෙලේ කොම්පැනියයි සම්මාන උළෙලේ සංවිධායකයොයි ඒ සල්ලි ටික බේදාගන්නවා හැම සම්මාන උළෙලකම මනාප මගඩිය කියන්නෙ ඕකට එකම එක දවසක් මම ගියා ඔය සම්මාන උළෙලකට නොදැනුවත්කමට ආයි නම් යන්නේ නෑ

Source Link : Bro – බ්‍රෝ

එළඹෙන නිවාඩු සමයේ නුවරඑලිය යන ඔබ සැමට පහසු මිලට නවාතැන් පහසුකම්

අප්‍රේල් නිවාඩු කාලේ කියන්නේ කව්රුත් කැමති කාලයක්. මොකද සිංහල අලුත් අවුරුද්ද නිසා පවුලේ හැමෝටම මේ මාසේ දීර්ඝ නිවාඩු ලැබෙනවා. ඉතින් මේ දවස් වල හැමෝම වගේ විනෝද චාරිකා යන එක සාමාන්‍ය දෙයක්.

ඉතින් මේ අතර කව්රුත් වැඩියෙන්ම යන්න කැමති තැනක් තමයි නුවරඑළිය කියන්නේ. මොකද සෞම්‍ය කාලගුණයත් සමග කට්ටිය කැමති වෙන්නේ සීතල පැත්තකට යන්න. ඒ වගේම නුවරලිය තියන සුන්දරත්වය මෙයට ප්‍රධාන හේතුවක්.

ඒ කෙසේ නමුත් අප්‍රේල් මාසයේ නුවරලිය ගියහම එහෙ නවාතැන් පහසුකම් සොයන එක නම් එච්චර ලේසි වෙන්නේ නැහැ. ඉතින් මෙසේ නුවරලිය යන්න කලින් ඉන්න තැනකුත් හොයාගෙන යන එක වටිනවා. මොකද එතකොට නවාතැන් පහසුකම් සොයන කාලේ ඉතුරු වන නිසා.

ඉතින් Top Venice කියන්නේ නුවරලියේ ටවුමේ ඉඳන් කිලෝමීටර 2 ක් වගේ දුරින් පිහිටි ලස්සන හෝටලයක්. මෙම හෝටලයේ පිහිටා තිබෙන පරිසරය ඉතා ආකර්ශනිය මෙන්ම ආරක්‍ෂිත බැවින් පිරීපුන් නිසා ඔබට ගැලපෙන තැන මෙය විය හැක.

මෙම හෝටලයේ කාමරයක් ඔබට ඇමරිකානු ඩොලර් 45 සිට ලබාගැනීමට හැකියාව තිබෙනවා. තවත් විස්තර කිව්වොත් lovers leap දියඅල්ල පිහිටා තියෙන්නේ මෙම හෝටලයේ සිට ඇවිදින දුරින්. ඒ කියන්නේ මීටර් 100 ක් වගේ දුරකින්. ඊට අමතරව මීටර 800 ක් වගේ දුරකින් pedro තේ කර්මාන්තය පිහිටා තිබෙනවා. ඊට වඩා ලස්සන දේ තමයි පිදුරුතලාගල කන්ද පිහිටා තිබෙන්නේ මෙම හෝටලයේ සිට කිලෝමීටර 8 ක දුරින්.

ඒ වටපිටාව ගැන නේ කිව්වේ. හෝටලේ ඇතුලේ විස්තර කිව්වොත් සෑම කාමරයකම උණු වතුරෙන් ස්නානය කිරීමේ පහසුකම් තිබෙනවා. ඊට අමතරව ඔබට නොමිලේ Wifi පහසු කමත් මෙහදී ලැබෙනවා. තවද පවුලේ අයට එකට වාඩිවෙලා කන්න පුළුවන් විදිහට හෝටලේ ආපණශාලාවක් ද පිහිටා තිබෙනවා. තවත් අපි ඒකි නොකී කියපු පහසුකම් ගොඩාක් ඔබට මෙහිදී ලබාගත හැක.

වචන වලින් කියනවට වඩා පහත පින්තුර දැක්කම ඔබට වැටහෙයි මේ හෝටලයේ අපුරුත්වය.

ඉතින් වැඩි විස්තර දැනගන්න නම් මේ අංකයට +94 77 288 4765 කෝල් එකක් දෙන්න නැත්තම් එයාලගේ වෙබ් අඩවිය http://topvenice.lk/ හරහා ඔබට තොරතුරු ලබාගත හැක.

 

Source Link : Bro – බ්‍රෝ