සරාගී නිළියන් පරාජය කළ ශාරුක්ගේ සුරූපී දියණිය මෙන්න (PHOTOS)

බොලිවුඩයේ ජනප්‍රිය නළු ශාරුක් ඛාන්ගේ සුරූපී දියණිය පිළිබඳ මේ දිනවල බොහෝ දෙනෙකුගේ අවධානය යොමු ව තිබෙනවා.

එක රැයකින් සරාගී නිළියන් පරාජය කරමින් ලොව පුරා ජනප්‍රිය වූ සුහානා ඉදිරියේ දී සිනමාවට ද එක්වනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේ වෙතත් නැවතත් ඇය වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවන්නේ නැවත ඇය මිතුරියන් සමග උත්සවයකට පැමිණි අවස්ථාවේ දැක්වෙන ඡායාරූප පෙළක් අන්තර්ජාලයට නිකුත්වීමත් සමග ය.

එම ඡායාරූප පෙළ පහතින් :

The post සරාගී නිළියන් පරාජය කළ ශාරුක්ගේ සුරූපී දියණිය මෙන්න (PHOTOS) appeared first on පුහුල් හොරා.

Source Link : පුහුල් හොරා

ජනප්‍රිය නලුවා මහනවුනේ මෙහෙමයි.කවුරුත් නොදැකපු ෆොටෝස් මෙන්න

ජනප්‍රිය රංගන ශිල්පි සෝමසිරි අලකොලංගගේ මහතා පසුගියදා පැවිදි දිවියට ඇතුලත්වුනා.වසර ගණනාවක්ම රංගන ක්ෂ්ත්‍රයේ ප්‍රතිභාපූර්ණ කලා ශිල්පියෙකු ලෙසට දක්ෂතා දැක්වූ ඒ මහතා පැවිදි දිවියට ඇතුලත් වූ අවස්ථාවේ චායාරූප එකතුවක් පුහුල් හොරාට ලැබුනා.

The post ජනප්‍රිය නලුවා මහනවුනේ මෙහෙමයි.කවුරුත් නොදැකපු ෆොටෝස් මෙන්න appeared first on පුහුල් හොරා.

Source Link : පුහුල් හොරා

මෙතෙක් ලංකාවේ බිහි වූ කිසිදු නිළියක් කතා නොකළ ආකාරයට ටීනා මාධ්‍යට කතා කරයි

මගේ පෙනුමේ අඩුවකුත් නැහැ

ඒ නිසා අපේ හදන්න දෙයක් නැහැ

චුලක්ෂිට මට තරම් නර්තනය බැහැ

මෝස්තර නිරූපණ ශිල්පිණියක් ලෙස ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ටීනා ශනෙල් ගැන මේ දිනවල අවධානය යොමු වී තිබෙන්නේ ඇය සම්බන්ධ වූ අලුත් චිත්‍රපටය නිසා ය. ඇයගේ අලුත් අත්දැකීම සහ පුද්ගලික තොරුතුර රැසක් පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක දී සඳහන් කර තිබේ.
එය පහතින්….

නිරූපණ ශිල්පිණිය ‘දේදුනු ආකාසේ’ එක්ක රංගන ශිල්පිණිනියක් වෙලානේ?
ඔව්. ‘දේදුනු ආකාසේ’ කියන්නේ මගේ ප්‍රථම චිත්‍රපටය. ප්‍රියන්ත කොළඹගේ වැනි දැවැන්තයෙක් යටතේ වැඩ කරන්න ලැබීම ගැන මම ආඩම්බර වෙනවා. ලංකාවේ ගොඩක් අයට මේ වගේ අවස්ථා ලැබෙනවා අඩුයි. ඉතින් මටයි චුලක්ෂිටයි මේ ලැබිච්ච අවස්ථාව ගැන ඇත්තටම ගොඩක් සතුටු වෙනවා.

ටීනාට මේ අවස්ථාව ලැබුණේ තව බොහෝ දෙනෙක් පරද්දලා නේද?
ප්‍රියන්ත අයියා ඔඩිෂන් එක තිබ්බ වෙලාවේ ලිස්ට් එකේ මුලින්ම හිටියේ මම. අපිටත් ඉස්සෙල්ලා ක්ෂේත්‍රයට ආපු මොඩ්ල්ස්ලා, නිළියෝ ඒ ඔඩිෂන් එකට ආවා. මාව තේරෙයි ද නැද්ද කියලා දෙගිඩියාවකින් මාත් හිටියේ. ගොඩක් දෙනෙක් අතරින් තමයි මාවයි චුලක්ෂිවයි මේ චිත්‍රපටයට තෝරගත්තේ. මගේ පළමුවැනි චිත්‍රපටයෙන් මට ලැබුණේ ලොකුම අවස්ථාවක්.

ටීනා කියන්නේ රංගනයට එන්න ලොකු කැමැත්තකින් හිටපු කෙනෙක් වගේ?
ඔව්. මම රංගනයට එන්න කැමැත්තෙන් හිටියා. මට ඩ්‍රාමාවලටත් ආරාධනා ලැබුණා. හැබැයි මම ඒවට සම්බන්ධ වුණේ නැහැ. මම ෆිල්ම්වලට සම්බන්ධ වෙන්න කැමැත්තෙන් හිටියේ. මොකද චිත්‍රපටවල හැමදාම පේන්නේ නෑ. ඉඳලා හිටලා තමයි තමන් ආදරය කරන චරිත පේන්න ඉන්නේ. චිත්‍රපටවලට සම්බන්ධ වෙන එක මගේ චරිතයටත් හොඳයි කියලා හිතුවා.

පළමුවැනි චිත්‍රපටයෙදිම ටීනාට හේමාල් එක්ක රඟපාන්න ලැබෙනවා. ඒකත් ටීනාගේ හිතේ තිබ්බ හීනයක්ද?
හරියට බැලුවොත් හැම පැත්තෙන්ම දක්ෂ ලෙස රඟපාන්න පුළුවන් නළුවෙක්ට දැන් ඉන්නේ හේමාල්නේ. එයා එක්ක රඟපාන්න කැමැත්තක් තිබ්බේ නෑ කිව්වොත් බොරුවක්. පළමුවැනි චිත්‍රපටයෙම එයත් එක්ක රඟපාන්න ලැබීම වාසනාවක්. එයාගෙන් ලොකු සහයෝගයක් අපිට ලැබුණා.

චිත්‍රපටයෙ දි ටීනාගේ රංගන හැකියාවටත් වඩා නර්තන හැකියාව කැපිලා පේනවනේ. ටීනා නර්තනයට හපනියක් වගේ?
මට උපතින්ම නර්තන හැකියාව තිබ්බා. මම පාසලේදිත් නර්තනය කළා. නර්තනය මට දෙයියෝ දුන්නු හැකියාවක්. ඒ හැකියාව මට වාසනාවක්. ඒ වගේ හැකියා හැමෝටම හම්බවෙන්නේ නැහැ. ඒ නිසා මම ඒ හැකියාවෙන් කැපිලා පේනවා. මට දෙයක් ඉගැන්නුවොත් මට ඒක ඉක්මනින් අල්ල ගන්නත් පුළුවන්.

චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පිණියන් දෙන්නෙක් ඉන්නවා. චිත්‍රපටයෙහි කැපිලා පේන්න චුලක්ෂියි ටීනයි අතර තරගයක් තිබ්බ ද?
මමයි චුලක්ෂියි හොඳ යාළුවෝ. අපි දෙන්නට තිබ්බ චරිත දෙක දෙවිදියක්. චුලක්ෂි එයාගේ චරිතයෙ දි සාර්ථක වුණා. අනෙක් නිළියන් එක්ක බලද්දි එයා හොඳ තැනක ඉන්නවා. අපේ ලංකාවේ සම්මාන ගත්ත අලුත් රංගන ශිල්පිනියන්ටත් වඩා චුලක්ෂි දක්ෂයි. චුලක්ෂිට මට තරම් නර්තනය බැහැ. මම නර්තනයෙදි එයාට වඩා ඉදිරියෙන් ඉන්නවා. හැබැයි අපි අතර තරගයක් තිබ්බේ නැහැ.

ඔබ එක් දර්ශනයක දි හේමාල් සමග තොල් සිප ගැනීමක් කරනවා. සමහරු එවැනි දර්ශන ප්‍රතික්ෂේප කරද්දි ඔබට එය ප්‍රතික්ෂේප කරන්න කාරණයක් තිබෙන්න නැතිව ඇති?
ඒ දුන්න ලිප් කිස් එක ගොඩක් ලොකු ලිප් කිස් එකක් නෙමෙයි. බොලිවුඩ්, හොලිවුඩ් චිත්‍රපටවල ඒ වගේ දර්ශන ඕන තරම් තියෙනවා. ලංකාවේ කමර්ෂල් චිත්‍රපටවලත් එවැනි දර්ශන තියෙන්න ඕන. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මම ඒ දර්ශනය ප්‍රතික්ෂේප කළේ නෑ. ඩිරෙක්ටර්ට අවශ්‍ය දේ මම කළා.

ටීනාගේ රංගන හැකියාව දකින්නත් කලින් රංගනයට තවත් අවස්ථා ලැබුණලු නේද?
ඔව්. මට තව ෆිල්ම් දෙක තුනකට කතා කළා. දැනට ෆිල්ම් දෙකක් භාරගෙන තියෙනවා.

ඒ කියන්නේ රංගනයෙන් දුරක් යන්න ද ලෑස්ති වෙන්නේ?
චිත්‍රපට කර්මාන්තය හොඳයි. මම හිතනවා මට ගොඩක් දුර යන්න පුළුවන් වෙයි කියලා. මගේ පෙනුමේ අඩුවකුත් නැහැ. මට වෙනස් ෆීචර්ස් තියෙනවා. මට හොඳට ඩාන්ස් කරන්නත් පුළුවන්. මට ඕන චැලේන්ජ් එකක් භාරගෙන කරන්න පුළුවන්.

රංගන ක්ෂේත්‍රයේ පවතින්න පෙනුමයි නැටිල්ලයි තිබ්බම ඇතිද?
ලස්සන අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. මිනිස්සු අතරට ගෙනියන්න ලස්සන කෙනෙක් තෝරගන්නේ. ඉන්දියාවේ නම් ඇඟේ හැඬ, ලස්සන මේ හැම දේම තියෙන රංගන ශිල්පිනියන් ඉන්නවා. හැබැයි ලංකාවේ එහෙම අය දකින්නේ නෑ. මමයි චුලක්ෂියි මොඩ්ල්ස්ලා වෙලා ඉඳලා තමයි රංගනයට ආවේ. ඒ නිසා අපේ හදන්න දෙයක් නැහැ.

ඒ කියන්නේ ටීනායි චුලක්ෂියි ආවේ හරි පාරේ කියන එකද?
ඔව්. මමයි චුලක්ෂියි හරි විදියට මේ ක්ෂේත්‍රයට ආවේ. අපිට වරැද්දක් කියන්න බෑ. ඇඳුම් අඳින්න ඕනේ කොහොමද, මූණේ මොන පැත්තද කැමරාවට ලස්සන, ශරීරයේ හැඩය පවත්වාගන්නේ කොහොමද කියලා අපි දන්නවා. අපි මීට කලින් රඟපාලා නැති වුණත් ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂවරයා අලුත් දෙන්නෙක් චිත්‍රපටයට දාන්න අභියෝගයක් ගත්තා. ගොඩක් ඩිරෙක්ටර්ස්ලා මොඩ්ල්ස්ලට තැන දෙනවා අඩුයි. චිත්‍රපට බලන අයත් නිතර දකින නිළියන් දකින්න කැමැති නැහැ. ඉතින් අලුත් වුණත් අපි චිත්‍රපටයට අපේ දායකත්වය දුන්නා.

ටීනා වාණිජ චිත්‍රපටවල විතරද රඟපාන්නේ?
මම වාණිජ චිත්‍රපටවල රඟපාන්න කැමැතියි. කොමඩි චිත්‍රපටවලට නම් මම ඒ තරම් ආස නැහැ. මම ලේසියෙන් දෙයක් භාරගන්නේ නෑ. රඟපාන නළුවා කවුද, ඩිරෙක්ටර් කවුද කියන හැම දේම බලලා තමයි මම දෙයක් භාරගන්නේ.

කලාත්මක නිර්මාණයකට ඔබේ නිරුවත අවශ්‍ය වුණොත් ඔබ ඒ කැප කිරීම කරනවද?
මම නිරුවත් වෙන්නේ නැහැ. සාමාන්‍ය දුරට දේවල් කරන්න පුළුවන්. නිරුවත් දර්ශන ලංකාවේ කරන්න බෑ. කරන්න පුළුවන් තරමේ දේවල් වුණත් රඟපාන නළුවා, නිර්මාණය, චරිතය මේ හැම දේම හිතලා කරන්නේ.

ටීනාට දැන් විශේෂ කෙනකුත් ඉන්නවනේ. ඒ කෙනා ටීනාගේ රංගනයට තහංචි දාන්නේ නැද්ද?
එයා යාළුවෙන්නත් කලින් ඉඳන් මම ක්ෂේත්‍රයේ ඉන්නේ. එයා මට සීමා මායිම් දාන්නේ නෑ. හැබැයි වැඩක් භාරගනිද්දි මම එයාට කියනවා.

 

The post මෙතෙක් ලංකාවේ බිහි වූ කිසිදු නිළියක් කතා නොකළ ආකාරයට ටීනා මාධ්‍යට කතා කරයි appeared first on පුහුල් හොරා.

Source Link : පුහුල් හොරා

ගයත්‍රීගේ නිරුවත් චයාරුප නිසා ලෝකෙම ප්‍රසිද්දවෙලා ගුගල් එකෙනුත් සුබපතලා ඒවා ගයත්‍රිගේ දුවටත් ටැග් කරලා මෙන්න ගයත්‍රී දැන් කියන කතාව

මේ දවස්වල හිටියටත් වඩා ජනප්‍රියත්වයක් ලැබිලා නේද..?

ඒක තමයි සමහරු මාව ජනප්‍රිය කරන්න බලාගෙන ඉන්නවා.

හැබැයි ජනප්‍රිය කරන්නේ හොඳ පැත්තකට නෙවෙයි..?

මගේ කියලා ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යවල පැතිරෙනවා. ඒක මම හිතලා කරගත්ත දෙයක් නෙවෙයි. මොකද ඔය ඡායාරූප මගේ නෙවෙයි කියලා ඔප්පු වෙලා ඉවරයි. ඒවා මාස ගාණකට කලින් වෙන කවුද කෙනෙක් එළියට දාපු ෆොටෝස් වගයක්. ඒවා මට සම්බන්ධයක් නැහැ. සමහරු කරන දේවල් නිසා මාව තවත් ජනප්‍රිය වෙලා. මේ වෙනකොට ගූගල් එකේ මගේ නම ගොඩක් දෙනෙක් සර්ච් කරලා තියෙනවා. ගූගල් එකෙන් ඡ්ථචඪත එකකුත් මට ආවා සුබ පතලා.

ගයාත්‍රි දරුවෝ දෙන්නෙක්ගේ මවක්නේ. ඒ පැතිරෙන ඡායාරූපවලින් දරුවන්ට බලපෑමක් එල්ල වෙන්නේ නැද්ද..?

දරුවෝ ඉන්න අම්මා කෙනෙක් විදියට මම අප්සට් වුණා. මගේ දුවගේ ඉන්ස්ටර්ග්‍රෑම් අකවුන්ට් එකට පවා මේ ඡායාරූප ටැග් කරලා තිබුණා. එයා හරි තේරුම් ගත්ත දරුවෙක්. ඔය දේවල් ඒ විදියට සිදුවෙද්දි ඒ දේවල්වලට කෑ ගහලා වැඩක් නැහැ. සමහරුන්ට මඩ ගහලා මාව තව ජනප්‍රිය කරන්න වුවමනා ඇති.

කාටද මේ දේවල් කරන්න අවශ්‍ය වෙන්නේ..?

කාටහරි මඩ ගහන්න වුවමනා වෙන්න ඇති. ඒ මඩ ගහන අය දන්නේ නෑ, ඔය කතා ඇත්ත නොවෙන නිසා ඒකේ ප්‍රතිචාරය මට හොඳ විදියට ලැබෙනවා කියලා. මාව බොහෝ පිරිසක් දැනගෙන හිටියා. ප්‍රේක්ෂකයෝ සියයට හැටක් හැත්තෑවක්වත් මාව දන්නවා. මේ දේවල් එක්ක එතැනින් එහා අයත් මං ගැන හොයනවා. ඔය දේවල් නිසා ජනප්‍රියත්වය තවත් ලැබෙනවා.

හැබැයි ජනප්‍රියත්වය ලැබුණට ජීවිතයට කැළලක් එකතු වෙන්නේ..?

ඒ පතුරුවන දේවල් ඇත්තනම් තමයි මගේ ජීවිතයට කැළලක් එකතු වෙන්නේ. හැමෝම දැන ගන්නවා ඒ ඡායාරූපවල ඉන්නේ මම නෙවෙයි කියලා. ඇත්ත ලින්ක් එකට ගිහින් බැලුවම තේරෙයි ඒ ෂෙයාර් කරලා තිබ්බ පින්තූර කාගෙද කියලා. මම කවදාවත් ඔය වගේ පින්තූර අරගෙන නෑ.

එකම වගේ ඇඳුමක් නිසානේ ඔය පටලැවිල්ල..?

ඒ වගේ ඇඳුමක් ඇඳලා පුවත්පතට මම ඡායාරූප ගත්තා. මම ඇඳලා ඉන්න ඇඳුම දණහිසෙන් උඩටවත් ගන්න බෑ. එච්චර තදයි. මම ඒ ඇඳුම හරි අමාරුවෙන් අඳින්නේ. ඒ ගවුම දැන් මම අයින් කරලත් දාලා තියෙන්නේ. අර ප්‍රසිද්ධ කරලා තියෙන ඡායාරූපවල තියෙන විදිහට ඔය ඇඳුම උඩට ගන්න බෑ. තනිකරම මඩක් ගහන්න සහ වෙන සතුටක් ලබන්න කවුරු හරි මේ වගේ දෙයක් කරලා කියලා ඕන කෙනෙක්ට පැහැදිලියි. ඒ නිසා ඇත්තටම මට මේ ගැන බයක් ඇති වුණේ නැහැ. මගේ වටා ඉන්න අයට මේක ප්‍රශ්නයක් නෙවෙයි. මම එහෙම කෙනෙක් නොවන බව හැමෝම දන්නවා.

හැබැයි යම්කිසි පිරිසකට හරි ඒ ගැන ගැටලුවක් ඇති වෙන්න පුළුවන් නේද..?

ගොඩදෙනෙක් මං ගැන කතා වෙනවා ඇති. මට ගොඩක් ආදරය කරන රසික රසිකාවියෝ ඉන්නවා. ඒ අය මම ඔය වගේ දෙයක් කරයි කියලා හිතන්නේ නෑ. මම ඔහොම දෙයක් කරයි කියලා එයාලා කවදාවත් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ඒ නිසා මම දන්නවා මේක කවුරුත් විශ්වාස කළේ නෑ කියලා. දැන දැන මඩ ගහනවා නම් ජෙලස් එකට කරන දේවල්. මාත් එක්ක අප්සට් අයත් කිහිපදෙනෙක් ඉන්නවනේ.

මඩ ප්‍රචාරවලට ඔබවම තෝරගන්න ඇත්තේ…?

ඒ ඇඳුම ගොඩක් ජනප්‍රියයි. ඒ ඇඳුම දැක්කම කෙනෙක්ට හිතෙන්න ඇති ඒ මම කියලා. මගේ නමත් එක්ක ඒක අෑඳන එක සමහරුන්ට ලොකු දෙයක් වෙන්න ඇති. එහෙම හිතලා ඒ දේවල් ප්‍රචාරය කරන්න ඇති කියලා තමයි මම හිතන්නේ. හැබැයි මම දන්නේ නැහැ කවුද ඒක කළේ කියලා.

කවුද මේක මුලින්ම කළේ කියලා හොයලා බලන්න වුවමනාවක් නැද්ද..?

ඇත්තටම ඒ ගැන හොයන්න උත්සාහ කළා. හැබැයි ඒ දේවල් හොයන්න ටිකක් අමාරුයි. මේ ඡායාරූප ඉස්සෙල්ලම දැම්මේ කවුද කියලා හොයන්න CIDයට භාර දුන්නා. එයාලා ඒක හොයයි. පේජ් කරන අය එක්ක නම් මගේ තරහක් නෑ. මගේ නම පහුගිය කාලේ එක එක සිද්ධිවලට අෑඳලා සයිට්වල ගියානේ. එතැනදි සයිට්වල ඉන්න ළමයි මාත් එක්ක ගොඩක් හිතවත් වුණා. වැරැදි විදිහට පැතිරෙන දේවල් තියෙනවා නම් එයාලා මට ඒවා එවනවා. ඔය ගොසිප් සයිට්වල උදවියත් ඉදිරියෙදිත් තමන්ටත් අම්මලා, අක්කලා, නංගිලා ඉන්නවා කියලා හිතලා වැඩකරයි කියලා මම හිතනවා.

ගයාත්‍රි මේ හැම දෙයක්ම උපේක්ෂාවෙන් දරා ගන්නවද..?

මේ වගේ දෙයක් කරලා යම්කිසි කෙනෙක් සතුටක් ලබනවා නම් මට ඒක සතුටක්.

වෙනත් තැනැත්තියකගේ පෙම්වතෙක් සමඟ ඔබට ප්‍රේම සබඳතාවක් තියෙනවා කියලා පසුගිය කාලේ කතාවක් පැතිරුණා..?

ඔය කියන අය මට එහෙම මඩ ගහන්න පටන් ගත්තේ ඇයි කියලා මම දන්නේ නැහැ. දැන් ඒ මඩ ගැහිල්ල නතර කරලා තියෙනවා නම් ඇයි එහෙම නතර කරලා තියෙන්නේ කියලත් මම දන්නේ නැහැ.

ගයාත්‍රි, චන්න සුසංයෝගය දැන් බිඳිලා, ඔබ දැන් පවුලෙන් අෑත්වෙලා කියලත් සමහරු කියනවා..?

ඔය කතාව මොන පරමාර්ථයකින් කියනවද කියලා මම දන්නේ නැහැ. අපිට එහෙම ගැටලුවක් නැහැ. අපි දරුවන්ගේ වැඩ කරනවා. අපේ වැඩ කටයුතුත් කර ගන්නවා. අපි ගෙවල් දෙකක ඉන්නේ කියලත් සමහරු කියනවා. අපේ ගෙවල් පැත්තට ඇවිත් බැලුවොත් අපි ගෙවල් දෙකකද ඉන්නේ කියලත් හොයාගත හැකි.

ඔබ ගැන එක එක කතා පැතිරෙද්දි චන්නගෙන් මොන වගේ ප්‍රතිචාරයක්ද තියෙන්නේ..?

සමහර දේවල්වලදී එයා කලකිරිලා ඉන්නවා වගේ පේනවා. ඇයි ඔයා ඔය වගේ දේවල් වෙන්න දෙන්නේ කියලා සමහර වෙලාවට අහනවා. මම ඉතිං ඒවා හිතලා කරගන්නේ නැහැ. එයා මටත් වඩා සමාජයේ සැරිසරනවා. එක එක අය එයාගෙන් දේවල් අහනවා ඇති. නමුත් මම නිවැරැදියි කියන එක ගෙදර අය දන්නවා. ඊට එහා ඔය දේවල් ගැන මම දුක් වෙන්නේ නැහැ.

ඔබ දැන් තරුණයෙක් සමඟ නිතර විශේෂ අවස්ථාවලට සම්බන්ධ වෙනවා කියන්නේ ඇත්තද..?

මම කොහේ හරි යනවා නම් එක්කෝ මම තනියෙන් යනවා. නැත්නම් නයනා එක්ක යනවා. එහෙම නැතුව තැන් තැන්වල යන්න මට බොඩිගාඩ්ලා නැහැ.

දුවලා දෙන්නෙක්ගේ මවක් වුණාට ඔබ බොහොම හැඩකාරියක්. ඔබට ආදර යෝජනා හෝ අයුතු යෝජනා ඇවිත් නැද්ද..?

ආදර යෝජනා නම් ඕන තරම් තියෙනවා. අයුතු යෝජනා කරන්න ආවොත් නම් මගෙන් හොඳවයින් දෙකක් අහගන්නවා. මම කාටවත් බය නැහැ. මොකද මම කාගෙන්වත් ජීවත් වෙන්නේ නැහැනේ. තව කෙනෙක්ගේ ආසාවට මගේ ආත්ම ගරුත්වය කොයිම වෙලාවකවත් මම පාවලා දෙන්නේ නැහැ. කිසිම කෙනෙක්ට අයිතියක් නැහැ තවත් ගැහැනියකට නරක යෝජනාවක් කරන්න. එහෙම යෝජනා කරන මිනිසුන්ට මගෙන් කිසිම සමාවක් නැහැ. සමහරු ආදරය ප්‍රකාශ කරගෙනත් එනවනේ. එක එක කෙනාට ආදරය දෙන්න මම ලෑස්ති නැහැ. හැබැයි මට කෙනෙක්ට ආදරය හිතුණොත් යාළුවෙක් විදියට හරි, දුක සැප බෙදාගන්න පුළුවන් නම් හරි ඒ කෙනා මගේ ජීවිතේ ඉන්න පුළුවන්. එහෙම නැතිව එක එක කෙනාට ඕන විදියට හසුරවන්න පුළුවන් කෙනෙක් නෙවෙයි මම.

දැන් ඔබ රංගන කටයුතුවලටත් සම්බන්ධ වෙනවා. සැලෝන් එකේ වැඩත් කරනවා. ඔය හැම කටයුත්තක් එක්කම දුවලා දෙන්නා වෙනුවෙන් වෙන් කරන්න කාලය තියෙනවද..?

අනිවාර්යයෙන්ම. ගොඩදෙනෙක් හිතන්නේ අපිට කාලය මදි කියලා. මම හැමදේම සමබරව කරනවා. මගේ දරුවෝ වෙනුවෙන් වෙන් කරන්නත් මට කාලය තියෙනවා. මම හැම පැත්තෙන්ම සාර්ථකව ඒ දේවල් ඉෂ්ට කරනවා.

ගයාත්‍රි ඩයස් කියන්නේ කවදාවත් වගකීම් පැහැර හැරිය මවක් නෙවෙයිද..?

කොහෙත්ම නැහැ.

කලා කටයුතු පැත්තෙන් මොනවද මේ දවස්වල සිද්ධ වෙන්නේ..?

මේ දවස්වල හරිම කැමැත්තෙන් වැඩ කරන නාට්‍යයක් තමයි පිනි කියන්නේ. පත්තිනි ටෙලි නාට්‍යයෙත් මම රඟපානවා.

කාලයක් පුංචි තිරයෙන් ගොඩක් අෑත්වෙලා හිටියනේ. දැන් ආයෙත් රංගන භූමිකාවට ලොකු ඉඩක් වෙන් කරලා වගේ..?

රංගනයට මම ආසයි කවදත්. දෙයියනේ කියලා මට දැන් වැඩත් හම්බෙනවා. ඒ නිසා මම ඒ වැඩ කටයුතුවලට කැමැත්තෙන්ම සම්බන්ධ වෙනවා.

අලුත් සිනමා නිර්මාණවලින් වැඩ පෙන්වන්න අවස්ථාව ලැබුණේ නැද්ද..?

මම මේ වෙනකොට චිත්‍රපට විසිපහකට වැඩිය කරලා තියෙනවා. පසුගිය කාලේ වැඩිපුරම රඟපෑවේ චිත්‍රපට. ඒවා ඉදිරියේදී තිරගත වෙනතුරු බලාගෙන ඉන්නවා.

ජීවිතයේ තව සැලසුම් ඇති…?

මම කවදාවත් කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්න කැමැති කෙනෙක්. මම කාගෙන්වත් කාලා ඇඳලා ජීවත් වෙන්නේ නැහැ. ඒ නිසා මගේ සැලෝන් එක තව දියුණු කරගන්න ඕන. මගේ දරුවෝ දෙන්නගේ අනාගතය ගැන තවත් හිතන්න ඕන.

ඔබ ලංකාව දාලා වෙන රටකට යන්න සූදානම් වෙනවා කියලත් පහුගිය කාලේ කතා පැතිරුණා…?

මේ වෙන දේවල් එක්ක ඇයි අපි මේ වගේ මිනිස්සු අතර ජීවත් වෙන්නේ කියලා හිතනවා. ඇත්තටම දවසක මම රටින් යාවි.

හැබැයි සමහරුන්ට හිතෙන්න පුළුවන් ඔබ ප්‍රශ්නවලින් පලා යනවා කියලා..?

මම ප්‍රශ්නවලින් පැනලා යන්නේ නැහැ. මේ ප්‍රශ්න ඇති කරන මිනිසුන්ගෙන් පලා යනවා. මේ වගේ ප්‍රශ්න ඇති කරන මිනිස්සු ඉන්න රටක ඉපදෙන්නවත් මම කැමැති නැහැ. මම දවසක රටින් ගියොත් මගේ කිසිම අප්ඩේට් එකක් දෙන්නෙත් නෑ කියන තැන මම ඉන්නේ. අපිට අගයක් නැත්නම්, අපිට ආදරයක් නැත්නම් ඇයි මම ඒ මිනිස්සු අතර ඉන්නේ.

The post ගයත්‍රීගේ නිරුවත් චයාරුප නිසා ලෝකෙම ප්‍රසිද්දවෙලා ගුගල් එකෙනුත් සුබපතලා ඒවා ගයත්‍රිගේ දුවටත් ටැග් කරලා මෙන්න ගයත්‍රී දැන් කියන කතාව appeared first on පුහුල් හොරා.

Source Link : පුහුල් හොරා

කාලෙකින් දැක්ක වෙනස්ම විදිහේ අපූරූ ප්‍රී ෂූට් එකක් (PHOTOS)

සාමාන්‍යයෙන් අපිට දකින්න ලැබෙන්නේ එකම වගේ වෙඩින් ප්‍රී ශූට් ෆොටෝස් .හැබැයි සාම්ප්‍රදායෙන් බැහැරවෙලා අලුත් විදිහකට හිතලා කරපු pre shoot එකක ෆොටෝස් ටිකක් තමයි මේ.

The post කාලෙකින් දැක්ක වෙනස්ම විදිහේ අපූරූ ප්‍රී ෂූට් එකක් (PHOTOS) appeared first on පුහුල් හොරා.

Source Link : පුහුල් හොරා

හොඳම නිර්මාණ කරන්නේ මම .අකැමතිනම් මොන ඉලවුවකටද ඒවා බලන්නේ-ඉරාජ් කියයි

ඉරාජ්… සිංගප්පූරුවේ සිටින අතරේදී යූ ටියුබ් හරහා එළිදැක්වූ “දැනුණා” ආන්දෝලනාත්මක වීඩියෝවක් වුණා නේද?

ඔව්… ඒ ගැන විවිධ අය විවිධ අදහස් කියනවා. මම නිර්මාණයක් කරනවා. ඒකට බණියි. හොඳ කියයි. ආයෙත් මම තවත් නිර්මාණයක් දානවා.

ඉතින්… ඕක ඔහොම තමයි මගේ ජීවිතේ.

මේක ප්‍රවීණ කලාකරු වික්ටර් රත්නායක අළලා නිර්මාණය වීම ගැන මොකද ඉරාජ් කියන්නේ… ඇත්ත කියන්න… මේක ඔහුගේ ජීවිත කතාව අළලා ඔබ නිර්මාණය කරපු දෙයක්…?

නෑ… නෑ… මේ නිර්මාණය ඇත්තටම මම කළේ එහෙම හිතලා නෙමේ. ඔය ප්‍රශ්නය ගැන ගොඩාක් කතාකරනවා අඩුයිනේ. මේ මියුසික් වීඩියෝ එකේ තියන ඇතුළාන්තය දැක්කේ නෑ. ඒත්… මම මේක මිනිස්සු බලන්න, ආකර්ෂණය කරන්න දාපු පොඩි පොඩි ඇම තියෙනවානේ. මිනිස්සු ඒවා දැක්කා මිසක් මේකේ ඇතුළාන්තය ගැන කතා කළේ නෑ. නමුත් මේකේ ඇතුළේ ලොකු පණිවිඩයක් තියෙනවා. පසුගිය දවස්වල අපේ රටේ හිටපු කලාකරුවෙක්ට මේ වගේ සිදුවීමක් නිසා ගොඩාක් බැන්නා. ඉතින් මම ඒ රටේ ඒ දවස්වල තිබ්බ ඒ කතාවක් අළලා තමයි මේ නිර්මාණය කළේ. ඒ කලාකරුවාව සමාජ වෙබ් ජාලාවලින් සමහර අවස්ථාවලදී විහිළුවට ලක් කළා. මම ඒකත් ආදර්ශයට අරගෙන තමයි මේ වීඩියෝව කළේ. හැබැයි ඒ චරිතය පාක්එකේ ගිහින් මෙහෙම හමුවුණා කියලා කියන්න බැහැනේ. ඒ නිසා ඔය වගේ ගොඩාක් කතාවල එකතුවක් ඔතන තියෙන්නේ.

පසුගිය කාලේදී ඇතිවුණු සිදුවීම්වලදී පසුබිමෙන් වාදනය වුණු ඇතැම් සංගීත හඬ පවා ඉරාජ් මේ මියුසික් වීඩියෝව හරහා ප්‍රචාරය කළා…?

දරුවෝ බලාගන්නේ නැත්නම් වයසක කෙනෙක්ව කවුරුත් බලාගන්නෙ නැත්නම් එහෙම දෙයක් කළාට කිසි ප්‍රශ්නයක් නැහැ කියලයි මම කියලා තියෙන්නේ. හැබැයි මේ වීඩියෝ එකේ මිනිස්සු දැක්කේ ඒ ඇම විතරයි. කතා කරන්න පටන් ගත්තේ වෙන දේවල්. හැබැයි ඉතින් මේ වීඩියෝ එකෙන් පස්සේ මට තේරෙනවා ගොඩාක් අය මේකේ ඇතුළාන්තය බලන්න කියලා FB හරහා කියනවා. මෙහෙමයි මේ මියුසික් වීඩියෝ එකේ මම බොහෝම උපක්‍රමශීලීව මිනිසුන් අතරට යන්න, මිනිස්සු බලලා බැණලා හරි කතා කරන නිර්මාණයක් කළා. මේකේදී මට අවශ්‍ය පණිවිඩය මම දැම්මා මිනිස්සු බැලුවා. සමහර අය බැන්නා, සමහර අය හොඳ කිව්වා. ඉතින්… හැමදාම කොල්ලෙක් බෙල්ල වැළදාගෙන, අඬාගෙන හැරෙන සින්දු හදනවාට වඩා මට ඕනවුණා මීට වඩා දෙයක් කරන්න. අනික මේක පෞද්ගලිකව කාවවත් ටාගට් කරලා ඔහුගේ චරිත ඝාතනයක්නම් කිසිසේත්ම කරලා නෑ. බලන කේන්ද්‍රය වෙනස් කරලා බලන්න. එතකොට තේරෙයි.

ඉරාජ් අම්මාට, තාත්තාට, දරුවෙක්ට එකට ඉඳගෙන බලන්න බැරි නිර්මාණයක්නේ මේ? ඇයි මේ වගේ නිර්මාණ කරන්නේ?

ජනමාධ්‍ය, යූ ටියුබ් මාධ්‍යයයි කියන්නේ දෙකක්. ජනමාධ්‍ය හරහා රූපවාහිනියට මගේ මියුසික් වීඩියෝවක් ගියාම මේ යූ ටියුබ් හරහා ගියපු නිර්මාණ රූපවාහිනියේ පෙන්නන්නේ නෑ. ටී.වී. එකේ, මියුසික් වීඩියෝවක් යනකොට ගුවන්විදුලියේ සින්දුවක් ඇහෙද්දී ඒක හැමෝටම දැකගන්න, අහන්න ලැබෙනවා. නමුත් මගේ යූ ටියුබ් චැනල් එකේ වීඩියෝවක් දානවා කියද්දී ඒකට ලොකු මහන්සියක් ගන්න ඕනේ. ඒකට තව සර්ච් කරලා සින්දුව හොයලා බලනවා කියන්නේ ලොකු වැඩක්. මේක හොයාගෙන යන දෙයක්. මේක මම හැම ගෙදරකටම ගිහින් බලන්න කියලා බලෙන් පෙන්නපු දෙයක් නෙමේ. මම මියුසික් වීඩියෝ එකක් කරලා මගේ චැනල් එකට දැම්මම ඒක මිනිස්සු හොයාගෙන ඇවිත් බලනවා. මිලියන ගණන් හොයාගෙන ඇවිත් බලනවා. ඉතින් ඒකට මට කරන්න දෙයක් නැහැ. මම වීඩියෝ එකක් කරද්දී යූ ටියුබ් එකේ තියෙනවා නීති මාලාවක්. ඒ නීති මාලාව Follow කරලා මම මියුසික් වීඩියෝ එකක් කරනවා. ඉතින් මම මිනිස්සුන්ට කියන්නේ කැමති නැත්නම් බලන්න එපා කියලයි.

ඒත්… ඉරාජ් ඒකට තුරුම්පුව විදිහට පාවිච්චි කළේ මේ රටේ ඉන්න ප්‍රවීණ කලාකරුවෙක්…?

එහෙම කියන්න බෑ. මේක එක්කෙනෙක්ගේ ජීවිත කතාවක් කියලා කියන්න බෑ. මේකට කලාකරුවෙක්ට වෙච්චි සිදුවීමකුත් මම අරන් තියෙනවා. හැබැයි අන්තිම රිසාල්ට් එක තමයි ඒ කලාකරුවාට දැන් කළින් බැණපු මිනිස්සු දැන් හොඳ කියනවා. ඒ නිසා මම එක අතකින් කරලා තියෙන්නේ හොඳ දෙයක්.

ඉරාජ් කියන්නේ කලාකරුවෙක්වත්, සංගීතවේදීයෙකුවත් නෙමේ. ඉරාජ් කියන්නේ ව්‍යාපාරිකයෙක් විතරයි කියලා චෝදනා කළොත්?

මමත් දැක්කා එහෙම සමහරු කියනවා. කුහකකම්, ඊර්ෂ්‍යාකම් කරන්න එපා. පාඩුවේ ලංකාවේ කෙනෙක් සල්ලි කීයක් හරි හම්බ කරද්දී ඒක ප්‍රශ්නයක් නෙමෙයිනේ. ඒක ප්‍රශ්නයක් කරගන්න නරකයිනේ.

අසූචි ටිකක් හරි පැකට් කරලා විකුණන සමාජයක ඉරාජ් කියන්නෙත් ඒ ජාතියෙම කෙනෙක් කියලා ඔබට චෝදනා එල්ල වෙනවා. සල්ලි හම්බ කිරීම විතරක්මද ඉරාජ්ගේ ටාගට් එක…?

මෙහෙමයි… ඒක ඉතින් මිනිස්සු දැක්ක විදිහනේ සමහර මිනිස්සු මේකේ හොඳ දකින්න පුළුවන්. සමහර අය නරක අහන්න පුළුවන්. ඉතින් මම මේ ගීතය විතරක් නෙමේ තව ගොඩාක් ගීත කරලා තියෙනවා. මම බෞද්ධ ගීත පවා කළා. ඉතින් මිනිස්සු වැඩිපුර බලන්නේ බණින්නමනේ.

වයසට ගිහින් තරුණියක් කසාද බැඳපු එකම කෙනා වික්ටර් රත්නායකයන් විතරක් නෙමෙයිනේ. වයසට ගිහින් තරුණ ගෑනු ළමයි කසාද බැඳලා හෝ නොබැඳ තියාගෙන ඉන්න ඔය වයසේ වැඩිහිටියන් ඕනතරම් කලා ලෝකයේදීත් රටේත් ඉන්නවා.

ඇයි මේ එක චරිතයක් අළලා ඔබ මෙවැනි නිර්මාණයක් කළේ. හිතට එකඟ නොවුණු තැනක් ඇත්තටම තිබුණේ නැද්ද…?

මේක වික්ටර් රත්නායකයන්ගේ කියලා කොහොමත් කියන්න බැහැනේ. වික්ටර් රත්නායකගේ කියලා මිනිස්සු ඔළුවට දාගත්තාට මට කරන්න දෙයක් නෑ. මේ වගේ සිදුවීම් තව ඕනෑතරම් තියෙනවා. මට ඕන වුණේ මිනිස්සුන්ගේ මෙහෙම ආදරය කරනඑක ප්‍රශ්නයක් නැහැ කියලා කියන්නයි. ඒ පැත්තෙන් මම ලොකුවට සාර්ථකයි. මේක නිසා එහෙම කසාද බඳින එක කමක් නැහැ කියලයි මිනිස්සු පිළිගන්නේ.

ඔබ හිතනවාද ඔබ කළේ හොඳ නිර්මාණයක් කියලා?

ඔව්… මම අනිවාර්යයෙන්ම පිළිගන්නවා මම කළේ හොඳ නිර්මාණයක් කියලා. ඕක වපර ඇසෙන් බැලුවොත් තමයි නරක දේවල් පෙන්නේ. මමත් උපක්‍රමශීලීව යම් යම් දේවල් මේ මියුසික් වීඩියෝවේ දැම්මා. ඒ නිසයි අද වෙද්දී ලක්ෂ විසිපහකට ආසන්න ප්‍රමාණයක් මේ නිර්මාණය බැලුවේ.

The post හොඳම නිර්මාණ කරන්නේ මම .අකැමතිනම් මොන ඉලවුවකටද ඒවා බලන්නේ-ඉරාජ් කියයි appeared first on පුහුල් හොරා.

Source Link : පුහුල් හොරා

අන්න අරූ මැරිලා කියලා දසුන්ගේ බිරිඳ මට කිවුවා. එයා පුතා මැරුණ ගමන්ම බැංකු කාර්ඩ් ඔක්කොම ටික අතට ගත්තා- දසුන්ගේ මව කියන කවුරුත්ම නොදන්නා ඇත්ත කතාව

කොළඹ සිට අප ගමන්ගත් වෑන් රථය නුවර මාර්ගයේ තිහාරිය පසු කරමින් මීටර් කිහිපයක්‌ ඉදිරියට ගමන් කළේය.

ඉන් පසු දකුණු දෙසට විහිදුණු අතුරු මාර්ගයකට වෑන් රථය හැරෙව්වේය. එම මාර්ගයේ කිලෝමීටරයක්‌ පමණ ගමන් ගත් අපි එක්‌තරා නිවසක්‌ ඉදිරිපිට වෑන් රථය නතර කළෙමු.

අඩකටත් වඩා අඩුවෙන් වැඩ අවසන් කර තිබූ එම දෙමහල් නිවසේ ගෙමිදුල තුළ තරුණයන් කිහිපදෙනෙක්‌ යම්කිසි කාර්යක නිරත වෙමින් සිටියහ.

ඒ සමඟම සුදුවතින් සැරසී සිටි කාන්තාවක්‌ අප පිළිගැනීමට ඉදිරියට පැමිණියාය.

සුහදශීලී සිනහවකින් අපව පිළිගැනීමට තැත් කළත් ඇයට එසේ කර ගැනීමට නොහැකි වූවාය. එක්‌වරම මා දැත් බදාගත් ඇය නොනවත්වාම අඬන්නට පටන් ගත්තාය.

පිරිපුන් ශරීරයකට හිමිකම් කියූ ඇය දින කිහිපයක්‌ ඇතුළත වැහැරී ගොසින්ය. නිතරම මුහුණෙහි රැඳුණු සිනහව අතුරුදහන්ව ගොස්‌ය. කලක්‌ සතුටින් ජීවත් වුණු ඇය දැන් ගත කරන්නේ දුකින් පිරුණු ජීවිතයකි.

යළි කෙදිනක ඇය සතුටින් ජීවත් වේවි දැයි අපිට කිව නොහැකිය. ඒ මන්ද යත් ඇය සිටින්නේ ඒ තරම්ම ලොකු සිත් වේදනාවකින් නිසාය. නමින් ඇය ශ්‍යාමා හේරත්ය. එහෙත් රටම ඇයව දැන ගත්තේ සියදිවි නසාගත් ජනප්‍රිය රංගන ශිල්පි දසුන් නිශාන් ද සිල්වාගේ මෑණියන් ලෙසින්ය.

දැන් එම මවට මියගිය තම පුතණුවන් ගැන දහසකුත් දේ පැවසීමට ඇත. ඒ දසුන්ගේ මරණයෙන් පසු ඇතිවූ විවිධ ගැටලුකාරී තත්ත්වයන් නිසාය. සමහර මාධ්‍ය ඔස්‌සේ තම මියගිය පුතා ගැන අසත්‍ය තොරතුරු පවා පවසන බවට ද ඇය චෝදනා කරයි.

ලේ කිරි කර පොවා ලොකු මහත් කළ දසුන් ගැන තමාට වඩා දන්නා කිසිවකු මේ ලෝකයේ නැති බව ඇය ඉතා සංවේගයෙන් යුතුව පැවසුවාය.

මගේ පුතා මෙහෙම මැරෙන්න ඕන කෙනෙක්‌ නොවෙයි. එහෙත් එයාව මරා ගත්තා. ඒ ශලනි තාරකා සහ පුතාගේ බිරිඳ සංදීපනි. ඒ දෙන්නා තමයි මගේ රත්‍රන් පුතාගේ මරණයට වග කියන්න ඕනෑ. මම මේක කියන්නේ වගකීමකින් යුතුවයි. එලෙස චෝදනා එල්ල කරමින් ඇය දිවි නසාගත් තම පුතා වන ජනප්‍රිය රංගන ශිල්පි දසුන් නිශාන් ද සිල්වා සහ තම පවුලට එල්ල වී ඇති බොරු චෝදනා ගැන පැවසුවේ මෙලෙසින්ය.

“මගේ නම ශ්‍යාමා හේරත්. මගේ උපන් ගම නුවර. මම දැනට දශක තුනකට පමණ ඉහතදී විවාහ වුණා. මගේ මහත්තයා සිවිල් ඉංජිනේරුවෙක්‌. ඒක නිසා අපිට හොඳට සල්ලි තිබුණා. විවාහයෙන් වසරකට පමණ පසු දසුන් පුතා උපදිනවා. ඒ දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේදී. ඉන් පසු අපි නුවර අස්‌ගිරිය ප්‍රදේශයේ පදිංචියට යනවා.”

“වසර ගණනක්‌ මහත්තයයි මමයි දසුන් පුතයි අස්‌ගිරිය ප්‍රදේශයේ ජීවත් වුණා. ඒ කාලේ උපරිම විදිහට එයාට සැලකුවා. කිසිම දෙයකින් අඩුවක්‌ කළේ නැහැ. මොන්ටිසෝරි පවා ගියේ ජාත්‍යන්තර පාසලක. පසුව දසුන්ව අස්‌ගිරියේ වාරියපොළ ශ්‍රී සුමංගල විදුහලට ඇතුළත් කළා. නමය වසර දක්‌වා ඔහු එහි අධ්‍යාපනය හැදැරුවා.”

“මගේ මහත්තයා වේවැල්දෙණිය ප්‍රදේශයේ නිවසක්‌ හදනවා. එම නිසා අපිට අස්‌ගිරියෙන් එන්න සිද්ධ වෙනවා. එතකොට මට දෙවැනි පුතා හම්බ වෙන්නත් ඉන්නවා. ඒත් දසුන් පුතා වේවැල්දෙණියේ ඉඳන් නුවර සුමංගල විදුහලට යනවා. වාර දෙකක්‌ පමණ ඔහු එලෙස පාසල් ගියා. පස්‌සේ තේරුණා ගමන් මහන්සිය නිසා පුතා ගොඩක්‌ දුක්‌ විඳිනවා කියලා. ඒක නිසා මම එයාව එම පාසලෙන් අස්‌කරගෙන මිහිරිගම කනිෂ්ඨ විදුහලට ඇතුළත් කළා.”

“ඒක මිශ්‍ර පාසලක්‌. එහෙදි තමයි මගේ පුතා සංදීපනි සමඟ යාළුවෙන්නේ. පළමුව සංදීපනී බැහැ කියනවා. පස්‌සේ පුතා කොහොම හරි ඇයව යාළු කරගෙන තියෙනවා. ඊට පස්‌සේ අපිට ඒ සම්බන්ධතාව ගැන ආරංචි වෙනවා. මුලින්ම අපි විරුද්ධ වෙනවා. මම පුතාට කිව්වේ ඉගෙනගෙන ඉවර වෙලා ඕවා කරගන්න කියලා. ඒ අවස්‌ථාවේදී පුතා ඒක ඇහුවද නැද්ද කියන්න මම දන්නේ නැහැ.”

“මොනව කළත් පුතා ඉගෙන ගන්න හරි දක්‍ෂයි. අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් මිහිරිගම පාසල් තුනකින් හොඳම ප්‍රතිඵල ලබාගෙන තිබුණේ දසුන් පුතා. ඒ නිසා එයාට ගම්පහ බණ්‌ඩාරනායක විදුහලට යන්න පුළුවන් වුණා. එම විදුහලේ ජීව විද්‍යා අංශයෙන් ඔහු උසස්‌ පෙළ හැදැරුවා. එතකොටත් සංදීපනි සමඟ සම්බන්ධතාවය තිබිලා තියෙනවා.”

“ඔය අතර දෙවැනි පුතා හම්බවෙලා අවුරුදු දෙකකට විතර පස්‌සේ මගේ ස්‌වාමි පුරුෂයා විදේශ රැකියාවක්‌ කිරීම සඳහා කැනඩාව බලා පිටත් වුණා. එහෙම ගිහිල්ලා කාලයක්‌ ගතවෙනකොට එයා එහෙදි වෙන විවාහයක්‌ කර ගත්තා. මට ඒ වෙලාවේ ලොකු දුකක්‌ මගේ සිතට ආවා. ඒත් කාටවත් මම ඒක පෙන්නුවේ නැහැ. මගේ සැමියා එයාට කැමති දෙයක්‌නේ කරගෙන තියෙන්නේ කියලා හිත හදා ගත්තා.”

“හැබැයි මම එකක්‌ ස්‌ථිරවම හිතා ගත්තා. ඒ කොහොම හරි මගේ දරුවො දෙන්නට හොඳින් උගන්නලා සමාජයේ හොඳ තැනකට රැගෙන එනවා කියලා. මහත්තයා මාව අතහැරියත් ආර්ථික අතින් මට ප්‍රශ්න තිබුණේ නැහැ. මම ඉතිරි කරගත් සල්ලිත් ගොඩක්‌ තිබුණා. කාර් එකකුත් මට තිබුණා. සමහරදාට දසුන් පුතාව මම ඒකෙන් පාසලටත් ගිහින් දානවා.”

“කාලයක්‌ ඔහොම ගතවෙලා ගියා. ආදායම් මාර්ගයක්‌ නොමැති නිසා අතේ තිබුණ සල්ලි අඩුවෙන්න පටන් ගත්තා. ඒත් ජීවත් වෙන්න උවමනා ප්‍රමාණයට මට සල්ලි තිබුණා. ඔය කාලය අතරතුර දසුන් පුතාට වෙළෙඳ දැන්වීමකට පෙනී සිටින්න අවස්‌ථාව ලැබුණා. එතකොට එයා උසස්‌ පෙළ කරනවා. ඉන් පස්‌සේ යාළුවකුගේ මාර්ගයෙන් එයා නිරූපණ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වුණා. ඒ සමඟම දසුන් පුතාත් සල්ලි හම්බ කරන්න පටන් ගත්තා.”

“උසස්‌ පෙළ විභාගයෙන් පසුව දසුන් දීර්ඝකාලීනව නිරූපණ ක්‍ෂේත්‍රයට යොමු වුණා. ඒ සමඟම තොරතුරු තාක්‍ෂණය පිළිබඳ බාහිර උපාධියක්‌ හැදැරුවා. කොළඹ සරසවියේ”

“ඔය කාලය අතරතුර දිනක්‌ සංදීපනී සමඟ තිබුණ ආදර සම්බන්ධතාවය ගැන පුතා මට පැවසුවා. මුලින්ම මම ඒ සම්බන්ධතාවට විරුද්ධ වුණා. මොකද සංදීපනිලාගේ පවුල අපිට ගැලපුණේ නැහැ. මම ඒ පවුලට අපහාස කරනවා නොවේ. ඇත්තටම ඒගොල්ලන්ට අපිට තරම් ආර්ථික මට්‌ටමකුත් තිබුණේ නැහැ. දිගින් දිගටම පුතා මේ ගැන මගෙන් අහනවා. අවසානයේ එයාගේ කැමැත්තට ඉඩ දීලා මම මේ සම්බන්ධතාවට කැමති වුණා.” එතැනින් පසුව තමයි සංදීපනිලාගේ පවුලේ අයව මම හඳුනා ගත්තේ.”

“එක්‌තරා දිනක රාත්‍රි අටට පමණ මගේ මෝටර් රථය අනතුරකට ලක්‌වෙනවා. එම නිසා මාස හතරක්‌ පමණ රෝහල්ගත වී ප්‍රතිකාර ලබාගන්න මට සිදුවෙනවා. ඒ සමඟම ආර්ථික ගැටලු කිහිපයක්‌ පැනනගිනවා. ඒක නිසා මම තීරණය කළා වේවැල්දෙණියේ තියෙන මගේ නිවස විකුණා දමන්න. ඒ අනුව මම ඒක විකුණලා කුලී නිවසක පදිංචියට එනවා.”

“එම කාලය වෙනකොට දසුන් පුතාට මම සල්ලි වියදම් කළේ නැහැ. එයා උපයා ගත් මුදල්වලින් එයාගේ අවශ්‍යතා ඉටුකර ගත්තා. එතකොට දසුන් කොළඹ බෝඩ්වෙලා හිටියේ. එයාගේ කටයුතු කරගෙන යැමේ පහසුව සඳහා.”

“වේවැල්දෙණිය නිවස විකුණූ සල්ලි වලින් රුපියල් ලක්‍ෂ දහයක මුදලක්‌ මම දසුන් පුතාට දුන්නා. එයා ඒක ඒ මොහොතේම එයාගේ යාළුවෙක්‌ ඉන්නවා රෙජී කියලා, එයාට දීලා තිබුණා. එයා පුතාට මේ ෆිල්ඩ් එකට එන්න ගොඩක්‌ උදව් කළ කෙනෙක්‌.

රෙජී අහලා ඇයි මට මේ සල්ලි දෙන්නේ කියලා. එතකොට දසුන් පුතා කියලා අපේ ගේ විකුණලා අම්මා මට ඒක දුන්නා තියා ගන්න කියලා. උඹ මේක තියාගෙන ඕන දෙයක්‌ කරපන් මම යනවා කියලා.” රෙජී ඒ සල්ලි ඔහුගේ තාත්තාට දී පවසා ඇත්තේ මේ දසුන් අයියාගේ සල්ලි වගයක්‌. පස්‌සේ එයාට දෙන්න පරිස්‌සමින් තියාගන්න කියාය.”

“2014 වර්ෂයේ අප්‍රේල් මාසයේ පුතා සංදීපනිලාගේ ගෙදර යනවා පළවැනි වතාවට එයාගේ දෙමාපියන්ව මුණගැහෙන්න. ඒ සමඟම විවාහය ගැනත් කතා කරගන්නවා. ඔය අතර දසුන් පුතාට මම දුන්න ලක්‍ෂ දහයෙන් එහි ඉඩමක්‌ ගන්න තීරණය කරනවා. සංදීපනි සමඟ එකතු වී ඉඩමක්‌ ගන්න හොයනවා. අවසානයේ දසුන් පුතා දැනට අපි පදිංචිවෙලා ඉන්න මේ ඉඩම ගන්නවා. ඒ මම දීපු සල්ලිවලින්.”

“නිවෙස්‌වලින් කැමැත්ත ලැබුණු පසු සංදීපනි මා සමඟත් ඉතා ළඟින් ආශ්‍රය කරන්න පටන් ගත්තා. ඇත්තටම මම එයාට සැලකුවේ මගේ දුවෙක්‌ විදිහට. මම එයාට හිත රිදෙන්න වචනයක්‌වත් කියලා නැහැ. ඔය අතරතුර දෙන්නගේ විවාහ ගිවිස ගැනීම සිදුවුණා 2015 වර්ෂයේදී. ඊට පස්‌සේ පුතා සංදීපනිලගේ ගෙදරත් නැවතිලා හිටියා.”

“දසුන් පුතා අපි දැන් පදිංචිවෙලා ඉන්න මේ නිවසේ වැඩ කටයුතු පටන් ගත්තෙත් ඔය කාලේදීමයි. ඔහු පළමුව කුඩා කාමර දෙකක්‌ සහිතව දෙමහල් නිවසේ පිටුපස කොටස සාදා ගත්තා. එලෙස සාදාගත් නිවසට 2015 වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදා අපි පදිංචියට පැමිණියා.”

“එහි පදිංචියට ආ පසු දසුන් පුතා නිතරම පැවසුවේ අම්මේ අම්මා මැරෙනකම්ම මෙහේ ඉන්න ඕන. ඉක්‌මනට මම මේ නිවසේ වැඩ ඉවර කරනවා කියාය. එලෙස වසර දෙකක්‌ පමණ ගතවී ගියා. පුතා ඒ අතර කලා ක්‍ෂේත්‍රයෙන් ඉදිරියට ගියා. විවේක ලද හැම මොහොතකම පැමිණ මගෙයි එයාගේ මල්ලිගෙයි දුක සැප හොයලා බැලුවා. මල්ලිට එයා නිතරම පැවසුවේ පිටරට ගිහින් ඉගෙන ගන්න. එයත් උදව් කරන්නම් කියායි.”

2017 වර්ෂයේ අගෝස්‌තු 2 වැනිදා පුතා ගෙදර ආවා. රාත්‍රි කෑම ගන්නා අතරතුර එයාට කෝල් එකක්‌ ආවා. මට තේරුණා ඒ කතා කළේ පිරිමි කෙනෙක්‌ නොවන බව. පසුව මම පුතාගෙන් ඒ ගැන ඇහුවා. ඒත් එයා වැඩි විස්‌තරයක්‌ මට කිව්වේ නැහැ. මට තේරුණා මොකක්‌ හරි අවුලක්‌ තියෙනවා කියලා. මගේ දසුන් පුතා වැඩිය කතා කරන කෙනෙක්‌ නොවෙයි. හැම දේකටම දෙන්නේ කෙටි උත්තර. ඒක නිසා ඒ සම්බන්ධයෙන් ලොකු දෙයක්‌ මට අහගන්නත් බැරි වුණා.”

“සංදීපනිත් වෙනදා වගේ මට කතා කරන්නෙත් නැහැ. ඒ ගැනත් මට පොඩි සැකයක්‌ තිබුණා. දවසක්‌ සංදීපනි යන ගමනක්‌ ගැන අහද්දි එයා මට කීවා යන හැම තැනක්‌ම ඔයාට කියලා යන්න ඕනැද කියලා. ඒ එක්‌කම අගෝස්‌තු 10 මගේ යාළුවෙක්‌ කතා කරලා ඇහුවා ඔයාගේ දුව ඕස්‌ටේ්‍රලියාවේ ගියා නේද? කියලා. මම කිව්වා මට කියලා ගියේ නැහැ කියලා.” පස්‌සේ මම පුතාගෙන් ඒ ගැන විමසුවා. පුතා කිව්වා ඔව් අම්මේ සංදීපනි රට ගියා කියලා. ඉතින් මම ඇහුවා පුතා ඇයි ගියේ නැත්තේ කියලා. අම්මා මට වැඩ තියනවා ඒක නිසා ගියේ නැහැ කීවා.”

“හැබැයි වෙනදාට වඩා පුතා ගෙදර එන්න පටන් ගත්තා. ඒ එන හැම වෙලාවකම මම අහනවා දුව කතා කළා ද කියලා. පුතා කියනවා ඔව් කියලා. ඊට වඩා වැඩි දෙයක්‌ එයා කියන්නේ නැහැ. කොච්චර මම අහන්න උත්සහ කළත් එයා උත්තර දෙන්නේ නැහැ. හැබැයි මොකක්‌ හරි ප්‍රශ්නයක පුතා ඉන්න බව මට තේරුණා.”

“පුතා ඉන්න ප්‍රශ්නය මොකක්‌ද කියලා අහන්න මම දුවට දුරකථන ඇමතුමක්‌ ගත්තා. එතකොට එයා කිව්වා දැන් එයා ගැන කතා කරලා වැඩක්‌ නැහැ මගෙන් මොකුත් අහන්න එපා. එයාගෙන්ම අහගන්න කියලා. මම ඒ වෙලාවේ කිව්වා පුතා මට මොකුත් කියන්නේ නැහැ ඔයා මට කියන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒ වෙලාවේ සංදීපනි දුව කිව්වා මම දැන් පාසලේ වැඩක ඉන්නේ පස්‌සෙ ඔයාට ගන්නම් කියා.”

“හවස සංදීපනි දුව මට දුරකථන ඇමතුමක්‌ ගත්තා. ඒ අරන් පැවසුවේ දසුන්, නිළියක්‌ සමඟ ප්‍රේම සම්බන්ධතාවක්‌ ජනවාරි මාසයේ සිට ඇතිකරගෙන තිබෙන බවත් එය තමාට හසුවුණේ ජුනි මාසයේදී බවත්ය. ඒ පිළිබඳ විමසීමේදී දසුන් වරද පිළිගත් බවත් දැන් ඔහු තමාව බලන්න එන්නේ නැති බවත් ඇය පවසා ඇත. මෙයට අමතරව සංදීපනි ඇයට වැඩිදුරටත් පවසා ඇත්තේ ශලනි අක්‌කා මට හැම දෙයක්‌ම පවසන බවයි.”

මෙයට අමතරව සංදීපනි ඇයට කතා කරන හැම මොහොතකම දසුන්ගේ ලස්‌සන මුහුණ නිසා තමයි මේ සේරම වුණේ. ඒක නිසා එයාගේ මූණ කුඩුපට්‌ටම් වෙන්න ඕනෑ, ඕකට යහතින් ජීවත් වෙන්න දෙන්න හොඳ නැහැ. ඉක්‌මනටම මැරෙන්න ඕනෑ කියා දෙස්‌ දෙවොල් කියා තිබේ. එවිට ඇය පවසා ඇත්තේ දෙස්‌ දොවොල් නොතියා ප්‍රශ්නයක්‌ තියෙනවනම් බේරාගන්න කියාය.

“මෙම සිද්ධිය පිළිබඳව ඇය දසුන්ගෙන් විමසා තිබේ. එවිට ඔහු ශලනි තාරකා සමඟ ප්‍රේම සම්බන්ධතාවක්‌ ඇති බවට පිළිගෙන තිබේ. වැඩිදුරටත් පවසා ඇත්තේ තමා බලාපොරොත්තු වූ ආදරය සංදීපනිගෙන් නොලැබුණු නිසා ශලනි සමඟ ආදර සම්බන්ධතාවක්‌ ඇතිකර ගත් බවයි. එවිට ඇය පවසා ඇත්තේ සංදීපනී දුවට අසාධාරණයක්‌ කරන්න එපා කියාය.”

අවසන් වරට ඇය දසුන් සමඟ කතා කර ඇත්තේ සැප්තැම්බර් 24 වැනිදාය. ඒ ඔහු ගෙල වැලලාගෙන මියයැමට පෙර දිනයේය. ඒ අවස්‌ථාවේදී පවා දසුන් පවසා ඇත්තේ “මම හොඳින් ඉන්නවා. මල්ලිට හොඳින් උගන්වන්න. අම්මා මැරෙනකම්ම ඔතන පදිංචිවෙලා ඉන්න ඕනෑ” කියාය.

පසුදින සංදීපනි දසුන්ගේ මවට දුරකථන ඇමතුමක්‌ දී පවසා ඇත්තේ “අන්න අරූ මැරිලා” කියාය.

දසුන්ගේ මරණය ඇය දැනගෙන ඇත්තේ ඒ ආකාරයෙනි. දසුන්ගේ මළ සිරුර රෝහලට ගෙන යන අවස්‌ථාවේදී ඔහුගේ මුදල් පසුම්බිය යහළුවකු දසුන්ගේ සොහොයුරාට දී තිබේ. එය දුටු සංදීපනි සොහොයුරාගෙන් මුදල් පසුම්බිය රැගෙන දසුන්ගේ බැංකු කාඩ් ටික රැගෙන තිබේ. එම මොහොතේ ඇයට වටින දේ වී ඇත්තේ දසුන්ගේ බැංකු කාඩ් පමණි. එලෙස පවසන්නේ දසුන්ගේ මවයි.

දසුන්ගේ මව වන ශ්‍යාමා හේරත් යළි සංදීපනි සහ ශලනි ගැන පැවසුවේ මෙවැනි දෙයකි. “මගේ පුතා සංදීපනිගෙන් වෙන් වෙන්න හේතුව මම පස්‌සෙ හොයලා බැලුවා. එතකොටයි දැනගන්න ලැබුණේ. පුතා බලාපොරොත්තු වූ ආදරය ඇයගෙන් ලැබිලා නැහැ. ශලනි සමඟ තිබුණ සම්බන්ධය ඇය දැනගත් පසුව ශලනි සමඟ හිතවත්කමක්‌ ගොඩනඟාගෙන මගේ පුතාට විවිධ බලපෑම් කරලා තියෙනවා. ඒ සමඟම ශලනි ද දසුන් සමඟ යන එන තැන් ආදී සියලු තොරතුරු දසුන්ට හොරෙන් සංදීපනිට පවසා තිබේ. මේ අයුරින් ශලනියි සංදීපනියි එකතුවී මගේ පුතාගේ ඔළුව නරක්‌වෙන විදිහටයි හැසිරිලා තියෙන්නේ. අවසානයේ ඒ දෙන්නගෙන් එන පීඩනය දරාගන්න බැරුව තමයි මගේ පුතා සියදිවි හානිකරගෙන තියෙන්නේ.”

“මම කියන්නේ නැහැ මගේ පුතා මෙතැනදි නිවැරැදියි කියලා. එයාගෙත් වරදක්‌ තියෙනවා. හොයන ආදරය නොලැබුණා කියලා විවාහ වුණ බිරිඳව අතහැරලා වෙන කෙනෙක්‌ ළඟට යන්න නරකයි. නීතිමය වශයෙන් වෙන් වෙන්නත් පුතා සංදීපනිට යෝජනා කරලා තිබුණා. එහෙත් එයා ඒකට කැමති වෙලා නැහැ. අවසානයේ මේ දෙන්නටම ඕනවෙලා තිබුණේ මගේ පුතා එක්‌ක ජීවත් වෙන්න.”

“සංදීපනි කියලා තිබුණා මම දසුන්ලාගේ පවුලට ගොඩක්‌ උදව් කළා කියලා. ඒක අමූලික බොරුවක්‌. ඒගොල්ලන්ට කාටවත් උදව් කරන්න පුළුවන් මට්‌ටමේ ආර්ථික තත්ත්වයක්‌ තිබුණේ නැහැ. ඒක මම වගකීමෙන් කියනවා. සංදීපනි අපිට මුදල් වලින් කිසිම උදව්වක්‌ කරලා නැහැ. ඒ වගේම ඇය දසුන් මගේ සල්ලිවලින් ගත්ත අපි දැන් පදිංචිවෙලා ඉන්න ඉඩමේ ඔප්පුවත් අරන් ගිහින් තියෙනවා. ඇය මට කිව්වා මගේ බාල පුතාගේ උසස්‌ පෙළ විභාගය අවසන් වූ ගමන් මේ නිවසින් අපිව පන්නලා දානවා කියලා. බලන්න ඇය කොතරම් පහත් විදිහටද අපිට සැලකුවේ කියලා. ඒ මදිවට දැන් ඇය ඉන්නෙත් ඕස්‌ටේ්‍රලියාවේ.”

“මම සංදීපනි දුවගෙන් එක ඉල්ලීමක්‌ කරනවා. මගේ පුතා මිලදී ගත් අපි ජීවත්වෙලා ඉන්න මේ නිවසෙන් අපිව පන්නන්න හදන්න එපා. මගේ පුතා ජීවත්වෙලා ඉන්නකම් කීවේ “අම්මේ අම්මා මැරෙනකම් මෙතන ජීවත්වෙලා ඉන්න ඕන කියලා.”

“ශලනි තාරකාටත් මට කියන්න දෙයක්‌ තියෙනවා. එයා කවි පන්තියක්‌ දාලා තියෙනවා හත් දවසක්‌ යන්නත් කලින් නැන්දම්මලා ලේලිලා එකතුවෙලා දේපළ බෙදාගන්න බැරිව රණ්‌ඩු වෙනවා කියලා. ඒක අමූලික බොරුවක්‌. මම නොවෙයි දේපළ ඉල්ලලා රණ්‌ඩු වෙන්නේ සංදීපනි. ඒක මතක තියාගන්න. මට මගේ ජීවිතේ වටිනාම වස්‌තුව අහිමි වුණා ඒගොල්ලන්ගේ සමහර වැඩ නිසා. ඒක නිසා මට මේ දේපළවලට රණ්‌ඩු වෙලා වැඩක්‌ නැහැ.”

“ශලනි තාරකා කියන්නේ කවුද කියලා මුළු රටම දන්නවා. ඒක නිසා එයා කියලා තියෙන වැරදි ප්‍රකාශයට ප්‍රසිද්ධියේ එයා මගෙන් සමාව ගන්න ඕනෑ”

“මගේ පුතා මත් පෙති ගන්නවා දිනපතා මත් ද්‍රව්‍ය පාවිච්චි කරනවා, “බ්ලූ වේල්” ගේම් එක සෙල්ලම් කළා. කාන්තාවන් පසුපස ගියා කියා නොයෙක්‌ චෝදනා සමහර මාධ්‍ය ඔස්‌සේ එල්ල කර තිබුණා. මම වගකීමෙන් යුතුව කියනවා මගේ පුතා ඒ වගේ කෙනෙක්‌ නොවෙයි කියලා. සාදයකදී මත්පැන් ටිකක්‌ බිව්වට එයා ඉහත සඳහන් කළ ආකාරයේ පුද්ගලයෙක්‌ නොවේ. හරිම අහිංසක සංවේදී මිනිහෙක්‌.”

අවසාන වශයෙන් ද ඇය පවසා සිටියේ තම පුතාගේ මරණයට ශලනි තාරකා සහ ඔහුගේ විවාහක බිරිඳ වන සංදීපනි ද වගකිව යුතු බවයි

The post අන්න අරූ මැරිලා කියලා දසුන්ගේ බිරිඳ මට කිවුවා. එයා පුතා මැරුණ ගමන්ම බැංකු කාර්ඩ් ඔක්කොම ටික අතට ගත්තා- දසුන්ගේ මව කියන කවුරුත්ම නොදන්නා ඇත්ත කතාව appeared first on පුහුල් හොරා.

Source Link : පුහුල් හොරා

දෙවෙනි ඉණිම නාට්‍යයේ පිටපත් රචකයා සහ අධ්‍යක්ෂකවරයා අතර ගැටුමක්..එදිරි දෙවෙනි ඉනිමෙන් සමුගනි?

දෙවෙනි ඉනිම යනු මෙරට ටෙලි නාට්‍ය කලාවට අලුත් පිටුවක් පෙරලූ නිර්මාණයක්.හින්දි කසි කබල් වලින් ඔලු පුරවාගෙන ඔද්දල්ව සිටි සමාජයකට දෙවෙනි ඉනිම සැබැවින්ම ආශිර්වාදයක් විය.එනිසාම ඉතාමත් කෙටි කාලයක් තුල එම නාට්‍යය ශ්‍රේණිගත කිරීම් වල ඉහලටම එන්නට සමත් විය.එහි සාර්ථකත්වය පසුපස ඇති දේවල් බොහොමයකි.දෙරණ සභාපති ලක්සිරි වික්‍රමගේ ද පුද්ගලිකව මෙම නාට්‍යයේ ඇතැම් කටයුතු සොයා බලයි.

නමුත් එහි සාර්ථකත්වය ඇති ප්‍රධානතම රහස නම් එහි තිරපටපත් රචකයායි.එනම් සමන් එදිරිමුණියි.

එදිරි යනු ක්ෂෙත්‍රය තුල පිලිගැනීමට ලක්ව ඇති චරිතයකි.ඔහුගේ නිර්මාණශීලි බව මෙන්ම කොන්ද කෙලින් තබාගෙන වැඩ කිරීම නිසා දෙවනි ඉණිමද නොදැවී ලකුණු පොත් අතරට එකතු විය.ඔහු එම නිර්මාණය වෙනුවෙන් ඇතැම් සම්මාන උළෙලවල් පවා වර්ජනය කරන්නට විය.

 

 

මේ අතර හදිසියේම අද ෆේස්බුක් සටහනක් තබා ඇති ඔහු යම් අනතුරු හැඟවීමක් සිදු කොට තිබේ.ඔහු මෙය සිදු කර ඇත්තේ එහි අධ්‍යක්ෂකවරයාටයි.එනම් සාරංග මෙන්ඩිස්ටයි.එදිරි මෙහිදී කියා ඇත්තේ හිතුනොත් තමන් දෙවෙනි ඉනිමද මගදී නතර කර දමා පිටව යන බවයි.

මෙම ගැටුමට හේතුව කුමක්ද යන්න මෙතෙක් නිල  වශයෙන් දැනගන්නට නොලැබුනත් ඔහු විසින් ෆේස්බුක්  තබන ලද සටහනක් මීට හේතුවී ඇතැයි වාර්තාවෙනවා.

The post දෙවෙනි ඉණිම නාට්‍යයේ පිටපත් රචකයා සහ අධ්‍යක්ෂකවරයා අතර ගැටුමක්..එදිරි දෙවෙනි ඉනිමෙන් සමුගනි? appeared first on පුහුල් හොරා.

Source Link : පුහුල් හොරා

සිඳු ටෙලි නාට්‍යයේ රඟපාන ජනප්‍රිය නලුවා මහ පාරේ කාර් එක හප්පගෙන මිනිස්සුන්ට සද්දෙ දාපු හැටි මෙන්න

සිදූ ටෙලිනාට්‍ය රගපෑවා කියලා ඌ පොරක්ද තූ යකෝ ඇදගනින් නයිටියක් 😂😂
බුකියේ අපි වගේම සහෝදරයෙක්ට උන අසාධාරණයක් 👊👊

පරක්කු වෙනවානම් කලින් යා යුතුය..ඒවාට පාරේ යන අනිත් උන් පලි නැත..දෙරණ නාළිකාවේ විකාශය වන” සිදූ” ටෙලිනාට්‍යයෙහි රිජී්ගේ චරිතයට පණ පොවන මොහු අද උදෑසන නාවල විවෘත විශ්වවිද්‍යාලය අසල දී වැරදි ලෙස ඉස්සර කර මාගේ රථයට ද හානි කර එය මාගේ අතින් සිදු වූවක් බවට පත් කිරීමට උස් හඬින් කතා කර “ඇයි ගේම ද ” කියා මට බැන වැදී මා ඡායාරූප ගන්නා අවස්ථාවේ දී මා ඔහුගේ රථය ඉදිරියේ සිටිය දී මා යටකර යාමට උත්සාහ කිරීමේදී අසල ගරාජයේ සිටි අයියා පැමින ඔහුව නැවැත්වීමට උත්සාහ කලේය.එහිදී ඔහුට ද බැණ වැදුන අතර, මා 119 ද ඇමතුවෙමි.

 

පොලිස් නිලධාරියෙකු පැමිණි පසු ඔහු අසල දී ඔහුගේ අහිංසක කම පෙන්වමින් ඔහුට යාමට හදිසි බව පවසා පෙ.ව. 9.30ට මිරිහාන පොලිස් ස්ථානයට එන බව පවසා යන්නට ගිය අතර ඔහු පොලිස් ස්ථානයට පැමිණෙන විට පෙ.ව. 11.40 ද පසු විය. මා එතෙක් ද ඉවසා සිටියේ මාගේ මනුස්සකම නිසාවෙනි. නමුත් ඔහු පැමිණියේ තවත් නීතීඥයෙකු සමගිනි. ඒ සමගම ඔහුගේ තවත් සගයන් හතරදෙනෙකු ද පැමිණියේය.ඔවුන් පවසා සිටියේ “ඕක braso ගාපු ගමන් යනවා” යැයි කෙළ ගා පිහදාන ගමන් ය. “ඕක අපේ ගරාජයට දමා හදල දෙන්නම්” කියා කී අතර තවකෙකු කීවේ “cut & polish කර ගමන් හරි” කියා ය. මා දන්නා තරමින් ඔය කිසිවක් Paint නොකර හරියන්නේ නැති බව සහසුද්දෙන් ම දන්නා නිසාවෙනි.

මා පසූව ඔවුනූත් කවුරුත් දන්නා Kentharo වෙත දමා ඒ දෙන quotation එකට ගෙවීමට කැමති දැයි ඇසීමි. නමුත් ඔවුන් එකඟ වූයේ නැත. මා නඩු මගට බසින බව පැවසූ විට “හරි තමුසෙ දානව නඩු, මං බලාගන්නම් ” කියා පැවසිය. මා කට උත්තර දී පැමිණියෙමි.
ඉන්පසු සවස 5.38 ට calls 2ක් ද 5.49 ට තවත් ඇමතුමක් ගෙන “මම තමුසෙට ඕක මාස 7ක් 8ක් යනකන් හදන්න දෙන්නෙ නෑ, තමූසෙට ඔහොමම තමයි පදින්න වෙන්නෙ, මම තමුසෙ ගැන බලාගන්නම්” කියා තර්ජනය කර සිටියේ ය. මුන් වැනි කාලකන්නි එක ටෙලිනාට්‍යක රඟපෑ විට මෙලෙස හැසිරෙනවා නම් චිත්‍රපටයක දෙකක් රඟපෑවා නම් කෙසේ හැසිරෙයි ද???.

මට “සිදූ” ටෙලිනාට්‍ය යේ අධ්‍යක්ෂක මහතාට ස්තූති කල යුතුමය. මන්දයත් මොහුගේ සැබෑ ජීවිතයට සරිලන චරිතයක් ලබා දීම නිසාවෙනි. අනෙක් කලාකරුවන් හට ද මොවුන් වැනි උන් පිලිලයකි.

නලුවන් නමින් පෙනීසිටින එළුවන් සමාජයට පෙන්වීමට ශෙයා කරන්න 👊

උපුටා ගැනීමකි

The post සිඳු ටෙලි නාට්‍යයේ රඟපාන ජනප්‍රිය නලුවා මහ පාරේ කාර් එක හප්පගෙන මිනිස්සුන්ට සද්දෙ දාපු හැටි මෙන්න appeared first on පුහුල් හොරා.

Source Link : පුහුල් හොරා

ඔයා වගේ බලු කෙඳිරි දාන කෙනෙක්ට මං වගේ සිංහයෙක් බය නෑ -පියුමිගෙන් පිංපොන්ට රිදෙන්න උත්තරයක්

ඉරාජ්ගේ වීඩියෝව ගැන පහුගිය දිනවල බොහෝ දෙනෙකු කතා කරන්නට වුනා.මේ කතා බහ තවත් උණුසුම් වුනේ මේ වීඩියෝවේ රඟපාපු පියුමි හංසමාලි ට කොරියාවේදී එල්ලවුන විරෝධයත් එක්කයි.මේ ගැන ගොඩක් දෙනෙක් ගොඩක් දේවල් කියලා තිබුනා.රජිත හිරාන්..එහෙමත් නැතිනම්..පින්පොන් මේ ගැන ෆේස්බුක් එකට වීඩියෝ එකකුත් එකතු කරලා තිබුනා.හැබැයි ඔහු ඒ වීඩියෝව අනිත් පහුවදාම ඉවත් කරගෙන තිබුනා.ඒ විතරක් නෙවෙයි.හිත රිදුනානම් සමාව ඉල්ලනවා කියලත් ඔහු අලුත් වීඩියෝවෙන් කියලා තිබුනා.

ඒත් එහෙම කියපු ඔහු අද වෙද්දි තවත් වීඩියෝ එකක් ෆේස්බුකියට දාලා තියෙනවා.දැන් ඔහු කියන්නෙ වෙනමම කතාවක්.මේ තියෙන්නේ ඔහුගේ ඒ වීඩියෝවක් ටික.ඔහු මේ විදිහට තමන්ට කරපු චෝදනා ගැන පියුමි දුන්න උත්තරයත් පහතින් ඔබට බලා ගන්න පුලුවන්.

01 වීඩියෝව ( ඔහු විසින් ඉවත් කරන ලද )

02 වීඩියෝව ( ඔහු විසින් ඉවත් කරන ලද )

03 වීඩියෝව

 

 

 

The post ඔයා වගේ බලු කෙඳිරි දාන කෙනෙක්ට මං වගේ සිංහයෙක් බය නෑ -පියුමිගෙන් පිංපොන්ට රිදෙන්න උත්තරයක් appeared first on පුහුල් හොරා.

Source Link : පුහුල් හොරා