ක්‍රිස් ගේල් වෙනුවෙන් සුපිරි නිළි ප්‍රීති සින්ටා තැබූ ට්විටර් සටහන (Photos)

ක්‍රිස් ගේල් නම් වූ සුපිරි ක්‍රීඩකයා පිළිබඳව පසුගියදා නැවත කතා කරන්නට පටන් ගත්තා. IPL තරඟාවලියේ පසුගිය 19 වනදා පැවති තරඟය ලකුණු 15 කින් ජයගන්නට කිංස් එලෙවන් පංජාබ් සමත්වුණේ සන්රයිසර්ස් හයිද්‍රාබාද් පරාජය කරමින්. එහිදී ක්‍රිස් ගේල් පංජාබ් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ තරඟයේ වීරයා බවට පත්වෙමින්.

ගේල් මෙවර තරඟාවලියේ ක්‍රීඩකයකු රැස් කළ පළමු ශතකයට හිමිකම් කියමින් නොදැවී ලකුණු 104ක් රැස්කිරීමට සමත් වුනා. සුපිරි බොලිවුඩ් නිළියක් මෙන්ම පංජාබ් කණ්ඩායමේ හිමිකාරියක් වන ප්‍රීති සින්ටා මේ සුපිරි ඉනිම ගැන ට්විටර් පණිවිඩයක් තබා තිබුණා.

“මෙවර තරඟාවලියේ පළමු ශතකය, තරඟයේ වීරයා බවට ගේල් පත්වුණු දෙවැනි තරඟය. දෙවියන්ට ස්තුති වනවා මේ දේ ගැන. ගේල් ප්‍රහාරයේදී මම හරි තැන හිටියා”

මෙවර IPL වෙන්දේසියේ මුලික අදියරේදී ක්‍රිස් ගේල් කිසිදු කණ්ඩායමක් මිලදී නොගත් අතර ඔහු වෙන්දේසියේ දෙවන අදියරේදී පංජාබ් කණ්ඩායම වෙන්දේසියේ මුලික මුදලට මිලදී ගත් බවයි වාර්තා වන්නේ.

මේ බොලිවුඩ් සුපිරි නිළි ප්‍රීති සින්ටා තබා තිබූ ට්විටර් සටහන…

Source Link : Online Sinhala Blog

ඇස්ගහපු ප්‍රියාට එරෙහිව දෙදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි ! (Photos)

ප්‍රියා ප්‍රකාශ් නම ඇසූ පමණින් ඔබේ මතකයට එන චරිතය. ඇස් ගහලා එක රැයෙන් ලොව පුරා ඇය ජනප්‍රිය වුනේ “ඔරු ආදර්” චිත්‍රපටය හරහා. “ඔරු ආදර්” චිත්‍රපටයේ එන “මානික්යා මලරායා පූවි” නම් ගීතයේ ඇය පෙනී සිටින ඇස්ගැ සීමේ දර්ශනය ලෝකවාසී බොහෝ තරුණ තරුණියන්ගේ සිත්ගත් අතර අන්තර්ජාලය හරහා මෙම දර්ශණය දැඩිව හුවමාරු වෙන්න පටන් ගත්තා.

ලෝකෙම ආදරය දිනාගත්තත්, ඉන්දියාවේ හයිද්‍රාබාද් ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනක් මෙයට විරුධව එරට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරලා කියලයි විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ. එම දෙදෙනා චෝදනා කරන්නේ ඇස්ගැසීම ඉස්ලාම් දහමට පටහැනි, තහනම් ක්‍රියාවක් කියලයි.
තවද, මෙම ගීතය “ඔරු ආදර්” චිත්‍රපටයෙන් ඉවත්කරන්න කියලත් මෙම පෙත්සම්කරුවන් දෙදෙනා ඉල්ලා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Source Link : Online Sinhala Blog

හාදු වැස්සකින් අමනුෂ්‍යය බැල්ම නැති කරන්නේ මෙන්න මෙහෙමයි ! (Photos)

මංගල දිනය කියන්නේ කවදාවත් කාටවත් අමතක නොවන දවසක්. ඒ සොඳුරු දිනයේ ස්වීඩනයේ තරුණයන්ට අත් විඳින්නට ලැබෙන පුදුමාකාර අත් දැකීමක් පිළිබඳවයි මේ තොරතුර.

ස්වීඩනයේ යුවළක් විවාහ වන දිනයේ මනාලියගේ පාර්ශ්වයේ තරුණියන් විසින් මනාලයාගේ මුහුණට හාදු දීමේ සිරිතක් අදටත් පවතින එක් සම්ප්‍රදායක් වනවා. හාදු දෙනවා විතරක් නෙවෙයි මේ දෙන හාදුව දෙන්න ඕනේ හාදු සලකුණ මනාලයාගේ මුහුණේ හොඳින් සටහන් වෙන විදියටයි. ඉස්සර කාලේ නම් මේ සම්ප්‍රදායට තරුණියන් මනාලයාට හාදු දෙන්න කලින් තමන්ගේ දෙතොල්වල සායම් ආලේප කර ගන්න ඕනේ. නමුත් දැන් ලිප්ස්ටික් තියන නිසා සායම් පාවිච්චි වෙන්නේ නැහැ.

මේ විදියට හාදු දුන්නම මනාලයාට අමනුෂ්‍යය බැල්ම එහෙම වැටිලා තියෙනවා නම් ඒවා නැති වෙලා යනවා කියලා තමයි එයාලා විශ්වාස කරන්නේ.

මේ බලන්නකෝ…

Source Link : Online Sinhala Blog

උඩුගුවනේදී එන්ජිම පුපුරා ගිය ගුවන් යානය බේරාගත්තේ මෙහෙමයි (Video & Photos)

ලෝකයේ සිදුවන විවිධ ගුවන්යානා අනතුරු පිළිබඳව අපට අසන්නට දකින්නට ලැබෙනවා. ඒ සිදුවන අනතුරු බොහොමයක් සිදුවන්නේ ජිවිත අනතුරු රැසක් වාර්තා කරමින්. ඒ අතර අනතුරකට ලක්වූ පසුව නිරුපද්‍රිතව ගොඩබස්සවන්නට හැකි නම් එය විශ්මයජනක කටයුත්තක් වනවා. එවැනි පුවතක් අපට විදෙස් මාධ්‍යයන්ගෙන් වාර්තා වුනා. ඒ අමෙරිකාවේ නිව් යෝර්ක් සිට ටෙක්සාස් බලා පියාසර කරමින් තිබු ගුවන් යානයක් හදිසියේ ෆිලඩෙල්ෆියා ගුවන් තොටුපලට ගොඩ බස්වා ඇති බවටයි.

මගීන් 143 දෙනෙක් හා කාර්යමණ්ඩලයේ 06 දෙනෙකුද රැගත් බෝයින් 737-700 වර්ගයේ මෙම ගුවන් යානයේ වම් පස එන්ජිම උඩු ගුවනේදීම පුපුරා ගොස් තිබෙනවා. එම පිපිරීමෙන් ගුවන් යානයේ සිටි එක් මගියෙක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ.

එක් වරම ඇතිවූ පිපිරුම් ශබ්දයත් සමග ගුවන් යානයේ කවුළුවක් අර්ධ වශයෙන් විනාශ වූ බවත් ඒ අසල ආසනයේ වාඩිවී සිටි කාන්තාවක් ඒ තුලින් යානයෙන් එලියට ඇදී ගියත් අසල සිටි පිරිස් මහත් පරිශ්‍රමයක් දරා ඇයගේ දිවි බේරා ගත් බවත් ගුවන් යානය තුළ සිටි එක් මගියෙක් පවසා තිබෙනවා. යානයේ මගීන් සඳහන් කරන්නේ එන්ජිමේ ඇතිවූ පිපිරුමත් සමඟ ගුවන් යානය අඩි 100 ක් පමණ එක් වරම පහලට ඇදවැටුණු බවයි. කෙසේ නමුත් යානයේ සිටි මගීන් තම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදුවීමට ගිය විශාල ජීවිත හානියක් වලක්වා ගැනීමට කටයුතු කිරීම වෙනුවෙන් ගුවන් නියමුවන් හා කාර්යමණ්ඩලයට සිය ස්තූතිය පුදකර තිබූ අයුරු දැකගත හැකි වුනා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලන ඒකකය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවද විදෙස් මාධ්‍යය සදහන් කරනවා.

මේ සමාජ ජාල මාධ්‍යය වෙත පළකර තිබූ විඩියෝව සහ ඡායාරූප එකතුවයි…

Source Link : Online Sinhala Blog

ගුවනේදී එන්ජිම පුපුරාගිය යානය ගුවන් නියමුවන්ගේ දස්කමින් බෙරාගනියි ! (Photos)

ලෝකයේ සිදුවන විවිධ ගුවන්යානා අනතුරු පිළිබඳව අපට අසන්නට දකින්නට ලැබෙනවා. ඒ සිදුවන අනතුරු බොහොමයක් සිදුවන්නේ ජිවිත අනතුරු රැසක් වාර්තා කරමින්. ඒ අතර අනතුරකට ලක්වූ පසුව නිරුපද්‍රිතව ගොඩබස්සවන්නට හැකි නම් එය විශ්මයජනක කටයුත්තක් වනවා. එවැනි පුවතක් අපට විදෙස් මාධ්‍යයන්ගෙන් වාර්තා වුනා. ඒ අමෙරිකාවේ නිව් යෝර්ක් සිට ටෙක්සාස් බලා පියාසර කරමින් තිබු ගුවන් යානයක් හදිසියේ ෆිලඩෙල්ෆියා ගුවන් තොටුපලට ගොඩ බස්වා ඇති බවටයි.

මගීන් 143 දෙනෙක් හා කාර්යමණ්ඩලයේ 06 දෙනෙකුද රැගත් බෝයින් 737-700 වර්ගයේ මෙම ගුවන් යානයේ වම් පස එන්ජිම උඩු ගුවනේදීම පුපුරා ගොස් තිබෙනවා. එම පිපිරීමෙන් ගුවන් යානයේ සිටි එක් මගියෙක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ.

එක් වරම ඇතිවූ පිපිරුම් ශබ්දයත් සමග ගුවන් යානයේ කවුළුවක් අර්ධ වශයෙන් විනාශ වූ බවත් ඒ අසල ආසනයේ වාඩිවී සිටි කාන්තාවක් ඒ තුලින් යානයෙන් එලියට ඇදී ගියත් අසල සිටි පිරිස් මහත් පරිශ්‍රමයක් දරා ඇයගේ දිවි බේරා ගත් බවත් ගුවන් යානය තුළ සිටි එක් මගියෙක් පවසා තිබෙනවා. යානයේ මගීන් සඳහන් කරන්නේ එන්ජිමේ ඇතිවූ පිපිරුමත් සමඟ ගුවන් යානය අඩි 100 ක් පමණ එක් වරම පහලට ඇදවැටුණු බවයි. කෙසේ නමුත් යානයේ සිටි මගීන් තම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදුවීමට ගිය විශාල ජීවිත හානියක් වලක්වා ගැනීමට කටයුතු කිරීම වෙනුවෙන් ගුවන් නියමුවන් හා කාර්යමණ්ඩලයට සිය ස්තූතිය පුදකර තිබූ අයුරු දැකගත හැකි වුනා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලන ඒකකය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවද විදෙස් මාධ්‍යය සදහන් කරනවා.

මේ සමාජ ජාල මාධ්‍යය වෙත පළකර තිබූ සටහන් කිහිපයක්…

 

Source Link : Online Sinhala Blog

අහස පොළව නුහුලන අපරාධයක අවසන් මොහොත – මේ කතාව අහන ඔයාලගේ ඇස් වලටත් කඳුලක් උනන බවනම් සත්තයි

ලෝකයෙන් අපිට විව්ධාකරයේ අමුතුම පුවත් අසන්නට දකින්නට ලැබෙනවා. අද අපි මේ ඔයාලට කියන්න යන්නෙත් ඒ වගේ පුවතක් ගැනයි. මේ කතාව ඇතින්නියක් ගැනයි මරි නමින් හඳුන්වන මේ ඇතින්නිය ලෝක ප්‍රසිද්ධ සර්කස් කණ්ඩායමක් වන Sparks World එකේ හිටපු දක්ෂම අතින්නියයි.

නමුත් කිසිවෙකුට හිතාගන්නවත් බැරි දඬුවමක් මේ අතින්නියට හිමිවෙනවා. ඒ 1916 දී මෙයාගේ පුහුණුකරුව ඝාතනය කිරිමේ වරදට ප්‍රසිද්ධියේ එල්ලා මරණවා.. ඒ සිදුවීම ගැන කියන කතාවයි.. මෙන්න බලන්නකෝ විස්තරේ

Source Link : Online Sinhala Blog

ගුවන් යානයක වේගයට වඩා වේගයෙන් ගමන් කළ හැකි ලොව ප්‍රථම හයිපර්ලූප් පථයේ වැඩ ආරම්භ වෙයි! (Photos)

තාක්ෂණයේ දියුණුවත් සමඟින් ලෝකය විවිධ සොයාගැනීම් සිදුකරනු ලබනවා. ඒ අනුව යුරෝපය තුළ ප්‍රවාහන ක්ෂේත්‍රය දැවැන්ත විප්ලවයකට බඳුන් කරමින් ලොව ප්‍රථම හයිපර්ලූප් පථයේ (විශේෂයෙන් සකස් කල නලයක්) ඉදිකිරීම් මේ වන විට ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා. හයිපර්ලූප් ලෙස හඳුන්වන්නේ අධිවේගයෙන් මගීන් ප්‍රවාහනය කිරීම සඳහා හඳුන්වාදෙනු ලබන ප්‍රවාහන මාධ්‍යයක් වනවා. මෙහිදී සිදුවන්නේ අඩු පීඩන නළයක් තුළින් මගීන් රැගත් රථයක් ධාවනය කිරීමයි.

හයිපර්ලූප් පථය පිළිබඳව ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඊලෝන් මස්ක් විසින් මුලින්ම අනාවරණය කරනු ලැබුවා. මෙම ක්‍රමය මඟින් ආසන්න වශයෙන් පැයට සැතපුම් 670 ක වේගයක් හෙවත් පැයට කිලෝමීටර් 1000 ඉක්මවූ වේගයකින් මගීන් ප්‍රවාහනය කිරීමේ හැකියාව ඇති බවයි පැවසෙන්නේ. එම වේගය කොන්කෝඩ් යානාවක වේගය මෙන් අඩක පමණ වේගයක් වන අතර බෝයිං 737 ගුවන් යානාවක වේගයට වඩා වැඩි වේගයක් ගනු ඇතී.

ඒ අනුව නුදුරු අනාගතයේදී මහද්වීප අතර ගමනාගමනය මෙම ක්‍රමය මගින් විනාඩි කිහිපයකට සීමා වන බවයි බොහෝ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

Source Link : Online Sinhala Blog

දරුවන් 200යි , බිරින්දෑවරුන් 24 යි , වයස අවුරුදු 256යි ලොවක් මවිතකළ ලී චින්ග් යොන්

අපිට මේ ලෝකය පුරාවට දවසින් දවස එක එක පුදුමාකාර පුවත් අසන්නට දකින්නට ලැබෙනවා. අද අපි මේ ඔයාලට කියන්න ඒ වගේ කතාවක් නමුත් මෙය ඔබට කිව්වා ගමන් විශ්වාස කරන්න අමාරු වෙයි නමුත් මෙය සත්‍ය කතාවක් කියලා තමයි මුළු ලෝකයේම පිළිගැනීම.

ඉතින් මේ කතාවේ කතා නායකයා තමයි “ලී චින්ග් යොන්” කියන්නේ දරුවන් 200යි , බිරින්දෑවරුන් 24 යි , වයස අවුරුදු 256ක් බවයි සඳහන් වෙන්නේ මෙන්න බලන්නකෝ විස්තරේ වීඩියෝව පහතින්

Source Link : Online Sinhala Blog

ෆේස්බුක් එකට දවස් 5ක් නොගියොත් සිදුවන දේ දන්නවද? මේක ඇහුවොත්නම් ඔබ පුදුම වෙනවා සත්තයි

අද ලෝකයේ තිබෙන අංක එකේ සමාජ මාධ්‍ය වෙබ් අඩවිය තමයි ෆේස්බුක් කියන්නේ. හොඳට නරකට දෙකටම යොදාගන්න පුළුවන් සුපිරිම ආයුධයක් කිව්වොත් අපි නිවැරදි. ෆේස්බුක් ඔස්සේ සිදුවන හොඳ දේවල් වගේම නරක දේවල් ගැනත් අපිට පසුගිය කාලයේ නිතර දෙවේලේ අහන්නට දකින්නට ලැබුණා.

ඉතින් අද අපි මේ ඔයාලට කියන්න යන්නේ ඕස්‌ට්‍රේලියාවේ ක්‌වින්ස්‌ලන්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක්‌ විසින් සිදු කරනු ලැබූ පරීක්ෂණයකින් හෙළිවූ විස්තරයක් ගැනයි. එහෙනම් මෙන්න බලන්නකෝ වීඩියෝව

Source Link : Online Sinhala Blog

කාර්තික්ට ලැබුණු සම්මානය ශාරුක් ඛාන්ගේ අතින් කිසිවෙකු නොසිතු අයෙකුට තෑගි කරයි ! (Video)

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම අතර පසුගිය දා පැවැත්වුණේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තුන්වන තරඟය ලෙසයි. එහිදී කොල්කටා නයිට් රයිඩර්ස් පිල කඩුලු හතරකින් එම තරඟය ජයගන්නට සමත් වුණා.

එහිදී තරඟයේ වීරයා සම්මානය හිමිකර ගැනීමට නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සුනිල් නරායන් සමත් වූ අතර තරඟයේ එල්ල කළ හොඳම පහරට ලබාදෙන “Star Plus Nayi Soch” සම්මානය සහ ඉන්දීය රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගය හිමිකර ගැනීමට කොල්කටා නායක දිනේෂ් කාර්තික් සමත් වුනා.

අනතුරුව තරඟය පැවති කොල්කටා ක්‍රීඩාංගනයේ සිදුවූ විශේෂ සිදුවීමක් පිළිබඳව මේ වන විට ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.  ඒ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය දරණ බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් සහ නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායක දිනේෂ් කාර්තික් සිදුකළ විශේෂ ක්‍රියාවක් හේතුවෙන්. ඒ එදින තරඟය නැරඹීමට පැමිණ සිටි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ප්‍රේක්ෂකයෙකුට ෂාරුක් ඛාන් සහ කාර්තික් එක්ව තරඟයේ එල්ල කළ හොඳම පහර වෙනුවෙන් කාර්තික්ට හිමිවූ සම්මානය සහ මුදල් ත්‍යාගය පිරිනැමීමයි.

එලෙස සම්මානය සහ මුදල් ත්‍යාගය පිරිනමනු ලැබුවේ අබාධිත තත්වයකින් පසුවන ප්‍රේක්ෂකයෙකුටයි. ඔවුන් දෙදෙනා මෙම ත්‍යාගයන් පිරිනමන අතර සංවේදී වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් ලොව පුරා සිටින ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රසාදය හිමිව තිබෙනවා.

එම සංවේදී අවස්ථාවේ වීඩියෝවයි මේ…

Source Link : Online Sinhala Blog