ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන් අන් අතර ප්‍රථම ඓතිහාසික හමුවීම – Live

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අතර ඓතිහාසික සාකච්ඡාව ආරම්භ වී තිබෙනවා. ඇමරිකානු ජනාධිපතිවරයෙකු තනතුර හොඹවමින් සිටියදී උතුරු කොරියානු නායකයෙකු හමුවන ප්‍රථම අවස්ථාව ද මෙය වනවා.

ඔවුන් අතර පැවැත්වෙන සාකච්ඡාවල මූලික අරමුණ වනුයේ කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවියෙන් තොර කලාපයක් බවට පත් කිරීම මෙන්ම උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් අතර සාම ගිවිසුමකට එළඹීමයි.

ඔවුන් මෙලෙස සමුළුවකට එක්ව සිටින්නේ උතුරු කොරියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර දැඩි උණසුම්කාරී වාතාවරණයක් පැන නැගීමෙන් අනතුරුවයි.

උතුරු කොරියාව ඇමරිකාවට එල්ල කළ හැකි මිසයිල අත්හදා බලද්දී, ජනපති ට්‍රම්ප් ඔවුන්ට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිත කරන බවට ද තර්ජනය කළා.

කෙසේ නමුත්, උතුරු කොරියානු සමුළුවෙන් සාමය උදෙසා ඒකායන පියවරක් තැබිය හැකි බව ජනපති ට්‍රම්ප් දැන් කියා සිටිනවා.

ඔවුන් අතර සමුළුවේදී ජනපති ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන්, ඔවුන්ගේ භාෂා පරිවර්තකයන් පමණක් එක් කර ගනිමින් විනාඩි 45ක පෞද්ගලික සාකච්ඡාවක ද නිරතවීමට නියමිතයි.

සමුළුව සඳහා සිංගප්පූරුව මෙතෙක් නොවූ විරූ ආරක්ෂක විධි විධාන යොදා ඇති බවයි එරට විදෙස් කටයුතු අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් කියා සිටියා.

ජනපති ට්‍රම්ප් සමුළුව නිමවා ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 5.30ට නැවතත් ඇමරිකාව බලා නික්මීමට නියමිතව තිබෙනවා.
පහතින් සජීවිව නරඹන්න

Source Link : Bro – බ්‍රෝ

ලෝකෙටම ආදර්ශයක් දෙමින් තම අතින් හැලුණු තේ කෝප්පය නෙදර්ලන්ත අගමැති පිරිසිදු කරපු හැටි (video)

පසුගිය දිනෙක නෙදර්ලන්ත පාර්ලිමේන්තුවේ සිදුවු විශේෂ සිදුවීමක් පිළිබඳව මේ වන විට විදෙස් මාධ්‍ය හා සමාජ ජාල අතර කතාබහක් ඇතිව තිබෙනවා.

ඒ අගමැති Mark Rutte අත තිබූ කෝපි කෝප්පය බිමට වැටීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. එම අවස්ථාවේදී ඔහු සේවකයින් ලබා අපිරිසිදු වුණු බිම පිරිසිදු නොකරගෙන එම ක්‍රියාව ඔහු විසින්ම සිදු කිරීම කාගේත් ප්‍රසංශාවට ලක්ව තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ එම අවස්ථාව මාධ්‍යවේදියෙකුගේ කැමරාවේ සටහන්ව තිබූ ආකාරයයි.

Source Link : Bro – බ්‍රෝ

අයහපත් කාලගුණය හමුවේ මහා අනතුරකින් යානය බේරා ජීවිත සිය ගණනක් ගලවා ගත් අපේ නියමුවා..!

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් සිදු වීමට ගිය අනතුරකින් මුදවා ගෙන යානයේ ගමන් කරමින් සිටි 240 දෙනෙකුගේ ජිවීතය බේරා ගත් ගුවන් නියමුවෙක් පිළිබදව වාර්තා වේ.

අධික වැසි සහ දැඩි සුළං මධ්‍යයේ ඉන්දියාවේ කොචින් අන්තර්ජාතික ගුවන්තොටුපළ වෙත ගොඩබාමින් තිබූ ගුවන් යානයක්‌ මෙලෙසින් සිදුවීමට ගිය මහා අනතුරක්‌ වළක්‌වා ගනිමින් සාර්ථකව ගොඩ බෑමට එහි නියමුවා සමත් වී ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මාධ්‍යයට පවසනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ. එල්. 167 දරන ගුවන් යානය ශ්‍රී ලංකා වේලාවෙන් පස්‌වරු 3.30 ට කොචින් අන්තර්ජාතික ගුවන්තොටුපළ වෙත ගොඩ බෑමට සූදානම් වෙද්දී එම ගුවන්තොටුපළ අවට දැඩි සුළං සහ අධික වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වයක්‌ පැවතී ඇත. එවිට මෙම යානය තුළ මගීන් 228 ක්‌ සහ කාර්ය මණ්‌ඩලය 12 ක්‌ සේවය කරමින් සිට තිබේ. මෙම ගුවන් යානය ප්‍රංශයේ නිෂ්පාදිත A-330 වර්ගයේ යානයකි.

මෙවැනි අයහපත් කාලගුණික තත්ත්වයක්‌ යටතේ කොචින් ගුවන්තොටුපළ වෙත ගොඩ බාමින් තිබූ මෙම ගුවන් යානය එකවරම එක පසෙකට ඇළවෙමින් ලිස්‌සා ගොස්‌ එම ධාවන පථය තුළ සවිකර තිබූ විදුලි පහන් කිහිපයකට හානි සිදු වී තිබේ.

එහෙත් පසුව මෙම යානයේ නියමුවා මෙම දුෂ්කර තත්ත්වයේ වුව ද යානය පාලනය කරගනිමින් එහි වූ මගීන්ට කිසිදු කරදරයක්‌ නොවන පරිදි සාර්ථකව කොචින් අන්තර්ජාතික ගුවන්තොටුපළ වෙත ගොඩබෑමට සමත් වී ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ වනවිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉංජිනේරුවරුන් පිරිසක්‌ කොචින් අන්තර්ජාතික ගුවන්තොටුපළ වෙත ගොස්‌ මෙම යානයට යම් ආපදාවක්‌ සිදු වී ඇත් ද යන්න පිළිබඳව පරීක්‍ෂා කරමින් සිටින බවද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා තිබුනා.

Source Link : Bro – බ්‍රෝ

තට්ටු ගණනක් උඩ සිට වැටෙන්න ගිය දරුවාව තත්පර 30 න් උඩට නැග සුපර් මෑන් වගේ බේරාගත් තරුණයා (video)

Mamoudou Gassama කියන්නේ වයස අවුරුදු 22ක පසුවන තරුණයෙක්. ඔහු ඉන්නේ ප්‍රංශයේ. මේ දවස්වල ඔහුව හදුන්වන්නේ ප්‍රංශයේ ඉන්න සුපර් මෑන් කියලයි. ඊට හේතුව ඔහු මහමග ගමන් කරමින් සිටියදී තට්ටු ගණනාවක ගොඩනැගිල්ලේ හතරවැනි තට්ටුවේ එල්ලී හිටිය කුඩා දරුවෙකු බේරා ගැනීමට සමත් වූ නිසයි.

“මම පාරේ යනකොට දැක්කා දරුවෙක් අත් දෙකින් එල්ලිලා කෑ ගහලා අඩනවා. වැටෙන්න ඔන්න මෙන්න. තරප්පු පෙළ නැගලා ළමයාව බේරා ගන්න වෙලාවක් නැහැ. මිනිස්සුත් වට වෙලා කෑගහනවා දරුවා බේරා ගන්න කියලා. නමුත් කිසිම කෙනෙක් දරුවා බේරා ගන්න උත්සහ කළේ නැහැ. ඒ නිසා මම බැල්කනි ආධාරක අල්ලා ගනිමින් හතර වැනි තට්ටුවටම තත්ත්පර 30ක් ඇතුලත නැගලා දරුවාව බේරා ගත්තා.

මම උඩට යනකොට හිතුවේ දරුවා වැටෙයි කියලා. නමුත් දරුවා බේරුනා දෙවියන්ගේ පිහිටෙන්. දරුවා බේරාගෙන පහලට එනකොට තමයි මම දැක්කේ මේ දර්ශනය බොහෝ දෙනෙක් වීඩියෝ කරලා කියලා. විශාල පිරිසක් එතනට ඇවිත් හිටියා. මේ වීඩියෝව සමාජ ජාල වගේම මාධ්‍ය මගින් විකාශය වෙලා තියෙනවා. ඒක දැකපු ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මාව සුපර් මෑන් කෙනෙක් කරලා ඔහුව මුණගැහෙන්න ආරාධනා කරලා තියෙනවා. ඒක නම් මට විශාල ගෞරවයක්..” ඔහු එහෙම කියනවා.

එම වීඩියෝව පහතින්,

Source Link : Bro – බ්‍රෝ

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු හා මේගන් මර්කල්ගේ විවාහය අදයි. දශක දෙකකට ආයේ රාජකීය විවාහයක් නැහැ. (photos)

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මර්කල්ගේ රාජකීය විවාහය සඳහා සියල්ල සූදානම් කර අවසන්. වින්ඩ්සර් හි සෙන්ට් ජෝර්ජ්ස් දේවස්ථානයේදී අද (19දා) දවහල් 12.00 ට පමණ (ශ්‍රී ලංකා වේලාවෙන් සවස 4.30 ට පමණ) මෙම රාජකීය විවාහය ආරම්භ වීමට නියමිතයි.

අද පෙ.ව.8.00 පමණ වනවිට ආරාධිත ජනතාවගෙන් පිරිසක් දේවස්ථානයෙන් පිටත තණ පිට්ටනිවල රැඳෙමින් රාජකීය යුවළ දේවස්ථානයට පැමිණෙන විට හා ඉන් පිටව යන විට ආචාර කිරීමට සූදානම් වෙයි.

එමෙන්ම, දේවස්ථානය වෙත පැමිණෙන ආරාධිතයන් පෙ.ව. 9.30 පමණ වනවිට ඒ වෙත පැමිණීමට නියමිත අතර, ඔවුන් පෙ.ව.11.15 පමණ වනවිට දේවස්ථානයේ අසුන්ගන්නවා ඇත.

සෙන්ට් ජෝර්ජ්ස් දේවස්ථානය තුළ 600ක් පමණ වෙතැයි සැලකෙන ආරාධිතයන් පිරිස මධ්‍යයේ හැරී – මේගන් විවාහ මංගල්‍යය දහවල් 12.00 පමණ වනවිට ආරම්භ වෙතැයි සඳහන් වේ.

අනතුරුව විනාඩි 25ක පමණ කාලයක් පුරා විශේෂ අශ්ව කරත්තයක නැගී රාජකීය යුවළ දේවස්තානයේ සිට වින්ඩ්සර් නගරය හරහා තමන්ට සුබ පැතීමට පැමිණි සාමාන්‍ය ජනතාවට ආචාරය පුද කරමින් ගමන් කරනු ඇති අතර, මෙය ප.ව.1.00 ට පමණ ආරම්භ වෙතැයි කියැවේ.

අනතුරුව සවස් කාලයේ වින්ඩ්සර් මාලිගයේම සෙන්ට් ජෝර්ජ් උත්සව ශාලාවේදී විශේෂ මංගල භෝජන සංග්‍රහයක් විශේෂ ආරාධිතයන් වෙනුවෙන් මනාල යුවළද පෙරටුව දෙවැනි එළිසබෙත් රැජිනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

රාත්‍රිය උදාවෙත්ම චාල්ස් කුමරුන් විසින් හැරීගේ සහ මේගන්ගේ මිතුරු මිතුරුයන් ඇතුළුව රාජකීයයන්ගේ සමීපතම මිතුරු මිතුරියන් පිරිසක් වෙත ෆ්‍රොග්මෝ හවුස් හිදී තවත් විශේෂ සංග්‍රහයක් පැවැත්වීමට සූදානම්ව සිටින බව කියයි.

Source Link : Bro – බ්‍රෝ

රිච්ටර් මාපකයේ 6.9 ක භුකම්පනයකින් පසු හවායි දුපත් හි ගිනිකන්දක් සක්‍රිය වී ලාවා පාරට ගලයි

රිච්ටර් මාපකයේ 6.9 ක් ලෙස සටහන් වූ භුමිකාම්පාවක් සමග පසුගිය සිකුරාදා (මැයි 4) ‘කිලවෙයා’ යමහල විදාරණය වීම ආරම්භ වුණි.

හවායිවල පිහිටි ‘කිලවෙයා’ (Kilauea) යමහල විදාරණය වීමෙන් නිවාස විසි හයක් විනාශ වී ඇත. ඊයේ (මැයි 6) රාත්‍රියේ සිට යමහල නැවතත් සක්‍රීය වීමෙන් තවත් සිය ගණනක් නිවාස අවදානම් තත්වයක පවතී.

පුද්ගලයන් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් එම අවදානම් කලාපයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ. සුරතල් සතුන් මුදා ගැනීම සදහා සමහර පුද්ගලයන්ට නැවතත් සිය නිවෙස් කරා යෑමට අවසර ලබා දුන්නත්, එහි රැඳී සිටීම අනාරක්ෂිත බව නිලධාරීහු පවසති.

‘ලයිලානි එස්ටේට්ස්’ (Leilani Estates) නම් ප්‍රදේශයේ පිහිටි මෙම යමහලෙන් ඊයේ රාත්‍රියේ මීටර් හැත්තෑවක් පමණ ඉහළට ලාවා විසිර යමින් තිබුණි.

පසුගිය සිකුරාදා හවායි දූපත්වලට බලපෑ භූමිකම්පාව රික්ටර් මාපකයේ සටහන් වී තිබුණේ 6.9 ක් ලෙසය.

‘බ්රෙන්ටන් අවා’ නම් නිවැසියෙක් සිය අත්දැකීම් බීබීසීයට මෙසේ විස්තර කළේය.

“සුරතල් සතුන් තවමත් කූඩුවල හෝ දම්වැල්වලින් බැඳ දමා, ආහාර නොමැතිව සිටිනු දකින විට මට මහත් දුකක් දැනුණා. ඉතින් අපි ආපසු ගිහින් ඔවුන්ට කන්න යමක් දුන්නේ. මෙය ඉතා දුක්මුසු තත්වයක්”

‘කිලවෙයා’ ලෝකයේ වඩාත් සක්‍රීය යමහල්වලින් එකක් වන අතර වසර තිස් පහක කාලයක් ඇතුළත බොහෝ වතාවක් එය විදාරණය වී ඇත.

 

Source Link : Bro – බ්‍රෝ

අලුත උපන් දරුවා, තාත්තා වගේ නෙවෙයි අම්මාගේ බොඩි ගාර්ඩ් වගේ කියපු කතාව නිසා මුළු හොලිවූඩයම කැළඹෙයි..!

ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ නිරූපන ශිල්පිනියක් හා ජනප්‍රිය තරුවක් වන කයිලි ජෙනර් සම්බන්ධ ආන්දෝලන්නාත්මක පුවතක් මේ දිනවල අන්තර්ජාලයේ මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යයේද දැඩි ලෙස කතාබහට ලක්ව තිබෙනවා.
කයිලි ජෙනර් අතිශය ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනි කිම් කඩෑශියැන් ගේ අර්ධ සොහොයුරියක්ද වනවා.

විසි හැවිරිදි (20) කයිලි පසුගිය පෙබරවාරි පළමුවෙනිදා සිය ප්‍රථම දරු ප්‍රසූතිය සිදු කළ අතර උපත ලද දියණිය ස්ටෝමි වෙබ්ස්ටර් නමින් කයිලි හා ඇයගේ පෙම්වතා වන ටේවිස් ස්කොට් විසින් නම් කර තිබුනා. ට්‍රේවිස් ස්කොට් ඇමෙරිකානු ජාතික රැප් ගායකයෙක් වනවා.

කෙසේ වෙතත් කයිලි සහ ස්කොට්ගේ දියණියගේ ඡායාරූප සමාජජාලා වලට මුදා හැරීමත් සමග සමාජජාලා වල රසිකයන් පළකර තිබු අදහස් සීග්‍රයෙන් පැතිර ගොස් ජාත්‍යන්තර මාධ්‍යයේද අවදානයට ලක්ව තිබෙනවා.

එනම් කයිලිගේ දියණියගේ රූපය ඇයගේ පුද්ගලික ආරක්ෂකයාට සමාන බවයි ට්විටර් ඇතුලු සමාජජාලා වෙබ් අඩවි වල බොහො දෙනෙක් පළකර තිබුනේ. ටිම් චුන්ග් නම් කයිලිගේ පෞද්ගලික ආරක්ෂකයා විසි හැවිරිදි තරුණයෙක් වන අතර ඔහු අමතර රැකියාවක් ලෙසින් මෙලෙස කයිලී ජෙනර්ගේ පුද්ගලික ආරක්ෂකයා ලෙස කටයුතු කරන බව සදහන්.

මෙම පුවත සමාජජාලා වල පැතිරීමත් සමග දහස් ගණනක් රසිකයන් මෙම පුවත පිළිබදව අදහස් දක්වා තිබූ අතර ඉන්පසු ජාත්‍යන්තර මාධ්‍යයේද මේ පිළිබදව කතාබහට ලක්ව තිබුනා.

කයිලි සහ දියණිය

කයිලිගේ පෙම්වතා ට්‍රේවීස් ස්කොට්

කයිලිගේ පෞද්ගලික ආරක්ෂකයා ටිම් චුන්ග්

සමාජජාලා වල පළව තිබූ අදහස්

Source Link : Bro – බ්‍රෝ

මිලියන 87කගේ ෆේස්බුක් දත්ත සොරා ගත් බි‍්‍රතාන්‍ය සමාගම වැසේ

පසුගිය දිනවල ජාත්‍යන්තරය තුල දැඩි කතාබහකට ලක්වූ බි‍්‍රතාන්‍යයේ කේමිබි‍්‍රජ් ඇනලටිකා සමාගම වසා දමා තිබෙනවා. ඒ ෆේස්බුක් සමාගමට අයත් එහි පරිශීලකයින් මිලියන ගණනකගේ දත්ත සොරා ගැනිම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හමුවේයි.

දේශපාලන මැදිහත්වීම් මත ලොව පුරා සිටින ෆේස්බුක් පරිශිලකයින් මිලියන 87කගේ පමණ දත්ත සොරා ගෙන ඇති බවට ෆේස්බුක් සමාගම විසින් කේම්බි‍්‍රජ් ඇනලටිකා සමාගම වෙත චෝදනා එල්ල කරනු ලැබුවා. මේවනවිටත් එම චෝදනා පවතින්නේ විභාග වෙමින්.

බි‍්‍රතාන්‍ය පුවත්පත් පවසන අන්දමට කේම්බි‍්‍රජ් ඇනලටිකා සමාගම වසා දමා ඇත්තේ ඊයේ දිනයේ සිටයි. එහි සියලූ කාර්යය මණ්ඩලයටද සිය රාජකාරී උපකරණ යළි භාරදෙන ලෙස සමාගම විසින් දැනුම් දිමක් කරනු ලැබ තිබෙනවා.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ දිගින් දිගටම එල්ල වූ චෝදනාවන් මෙන්ම නීතිමය කි‍්‍රයාමාර්ග හා සිය ගනුදෙනුකරුවන් ඉවත් වීම හමුවේ සමාගම වසා දැමීමට කේම්බි‍්‍රජ් ඇනලටියා පාලනාධිකාරියට සිදුවු බවයි.

Source Link : Bro – බ්‍රෝ

මහල් නිවාසයකින් ඇද වැටුනු කාන්තාවගේ කෙස් වැටිය නිසා දෙවන මහලේදී ජීවිතය බේරුණු හැටි..! (video)

මහල් නිවාසයක තුන්වන මහලෙන් පහලට ඇද වැටුණු කාන්තාවක් ඉතා විශ්මිත අයුරින් බේරාගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. සිංගප්පූරුවේ මහල් නිවාස සංකීර්ණයක සේවය කල ගෘහ සේවිකාවක් බවට සැක කරන මෙම කාන්තාව එම නිවාස සංකීර්ණයේ තුන්වන මහලින් ඇද වැටුනු අවස්ථාවේදී එහි දෙවන මහලේ සේවය කල පුද්ගලයෙකු විසින් එම කාන්තාවගේ කෙස් වැටියෙන් අල්ලාගෙ තිබෙනවා.

එම අවස්තාවේදී කිසියම් පුද්ගලයෙකු විසින් මෙම සිදුවීම පටිගත කර අන්තර්ජාලයට මුදා හැරීමත් සමඟ මේ වනවිට සමාජ ජාලා හරහා විශාල ලෙස හුවමාරු වෙමින් පවතිනවා.

එම වීඩියෝව පහතින්,

Source Link : Bro – බ්‍රෝ

කිම් ජොංගේ දකුණු කොරියානු දේශසීමා පසුකිරීම අතර කාගෙත් අවධානයට යොමු වූ ඔහුගේ ආරක්ෂකයින්ගේ හැසිරීම (video)

ප්‍රභල රාජ්‍යයන්ගේ හා ලෝවැසියන්ගේ අවධානයට යොමු වූ උතුරු – දකුණු කොරියානු නායකයින්ගේ ඉතිහාසගත හමුවීම අද (27) දින සිදු වූ බවට අප මීට පෙර ඔබට තොරතුරු ගෙන ආවා. ඒ අතර කාගෙත් අවධායනයට ලක්වූ සිද්ධියක් වූයේ උතුරු කොරියානු නායකයාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂකයින් පිළිබවයි.

ඔවුන් සෑම අවස්ථාවකම සිය නායකයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානයෙන් සිටි අයුරු මෙන්ම නායකයාගේ රථය පසුපස දිවයමින් එයට ආරක්ෂාව දුන් ආකාරය සම්බන්ධයෙන්ද විදෙස් මාධ්‍ය විශේෂයෙන් තොරතුරු වාර්තා කර සිටියා.

උතුරු කොරියානු නායක කිම් ජොං ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන අතර මීට පෙරද ඔහු හදිසයේම චීනයේ සංචාරයක නිරත වුණා. එහිදීද ගුවන් යානයක් භාවිතා කිරීම ඔහු ප්‍රතික්ෂේප කර තිබුණු අතර පසුව ඒ සඳහා යොදා ගැනුනේ විශේෂ ආරක්ෂාවක් යටතේ ගමන්කළ දුම්රියකුයි.

පහතින් දැක්වෙන්නෙ අද දින කොරියානු දේශසීම පසු කර ඉතිහාසගත ගමනට කිම් ජොං ගේ ආරක්ෂකයින් ඔහුට ආරක්ෂාව ලබාදුන් ආකාරය ඇතුලත් වීඩියෝවයි…..

Source Link : Bro – බ්‍රෝ