වැරදුණොත් තත්පරෙන් මැරෙන රත්තරං බඩු හදන රස්සාවේ ඔබ නොදත් පැත්ත

කොළඹ කාක්කන්ගේ කෑ ගැහිල්ලේ නම් අඩුවක් ඇත්තේම නෑ. හරියට කාක්කෝ නැත්නම් කොළඹකුත් නෑ වගේ. මහ පොළව ගිනි ගන්නා තරමට අව්රශ්මිය. ගිනි ගහන අව්වට දෙස් තිය තියා මිනිස්සු ඔවුන්ගේ අවශ්‍යතාවලට එහා මෙහා දුවනවා. මේ දසුන කොළඹට එන ඕනෑම ජනී ජනයෙකුට හුරු පුරුදුයි.

“සයඞ්…. සයිඞ්…. සයිඞ්…..අපි යන්නේ උඩින් ද ආ….

නාට්ටාමිගේ සද්දෙට හිතත් එක්කම ගැස්සිලා ගියා. මේ ඉතින් ඒ අය තාවකාලිකව උරුමකර ගත්ත තැන්නේ…… මිනිස්සුන්ගේ ඇඟේ හැපි හැපි අපිත් හෙමින් සීරුවේ ඉදිරියට සේන්දු වුණා.

ලෝකුරු වීදියේ කෝවිලේ පූජාව පටන් අරන්.. ඝන්ඨාර නාදයට ඇඟේ මහන්සිය විතරක් නෙමෙයි ජනාකීර්ණ පරිසරයත් සන්සුන් වෙලා.

ලෝකුරු වීදිය, හෙට්ටි වීදිය කියන්නේ ලංකා ඉතිහාසයේ රත්තරන් වැඩවලට ප්‍රසිද්ධම වීදිය. ඒක හැමෝම දන්න කාරණාවක්නේ.. සරලවම කියනවනම් මේ හෙට්ටි වීදියේ සාප්පුවලට රත්තරං බඩු හදන්නේ ලෝකුරු වීදියේ රත්තරං වැඩකරන මිනිස්සු. ඒ සිදුවීම එදා වගේම අදටත් ඒ අයුරින්ම සිදුවෙනවා. මේ විදිහට එදා මේ භූමිය ලෝකූරු වීදිය වුණේ සුද්දන්ගේ කාලයේදීයි. ඉන්දියාවෙන් රත්තරං කර්මාන්තයට ලංකාවට ආපු ශිල්පීන් අතර විශ්ව කියන කුලේ මිනිස්සු  මේ වීදිය වාසස්ථානය කරගත්තු නිසා අදටත් එය රත්තරං බඩු නිර්මාණය කරන බොහෝ අයගේ වාසස්ථානය වගේම, රත්තරං නිර්මාණ කරන වැඩපළවල් බවට පත්වෙලා.

අපි රත්තරනින් හැඩ වුණත් ඒ රත්තරං හැඩකරන ජීවිතවල එතනින් එහාට ලියවුණු ලොකු කතාවක් තියෙනවා. රත්තරන් කියන්නෙ ඉස්තරම් දෙයක්. රත්තරං කියන වචනය පවා අපි විවිධ අවස්ථාවල යොදා ගන්නවා. ආදරේ වැඩි වුණාමත් සමහරු රත්තරං කියනවනේ. එහෙම වෙන්නේ ලෝකේ තියෙන ලෝහ අතුරින් මිල අධිකම ලෝහය රත්තරං වගේම ඉතාම අලංකාරම ලෝහයත් රත්තරං නිසා වෙන්න ඇති.

ඒත් රත්තරං එක්කම ජීවිත ගෙවන මේ මිනිස්සුන්ගේ ජීවිත ඒ තරමටම ඉස්තරම්ද? ඒ මිනිස්සුන්ගේ දාඩිය රත්තරන් තරම්ම වටිනවද? ඒ වගේම මේ මිනිස්සුන්ගේ ජීවිතවලට රත්තරංවලට තරම්ම වටිනාකමක් ලැබෙනවාද? එහෙම සොයාගෙන ගිය අපට හිතුන එක දෙයක් තමයි රත්තරන්වලට වඩා විකිණෙන්නෙ මේ ජීවිත කියන එක.

ලෝකුරු වීදියේ කරක් ගහපු අපට මඟපෙන්වන්නෙක් මුණගැසුණා. ඔහුගෙන් ලැබුණු සහයෝගය නම් වචනයෙන් කියන්න බැරි තරම්. අප දැන් සිටින්නේ ලෝකුරු වීදියේ රත්තරං වැඩකරුවන්ගේ වැඩපොළක. ඔබේ මුද්දේ, වළල්ලේ, කරාබුවේ, මාලයේ අපූරු කැටයම් මවන ජීවිතවල ජීවිත කැටයම ඔවුන් දිගහැරියෙ මෙලෙසින්.

සිංහල තමයි අපට හරිය බැහැ…කමක් නෑ පුළුවන් විදිහට සහයෝගය දෙන්නම්.

ප්‍රශ්නය – නම කියමුකෝ?

මම ඇවිල්ලා සෙල්ලප්පා ආචාරී. අපි පැවත එන්නේ විශ්ව කියන කුලයෙන්.

ප්‍රශ්නය – මේ රැකියාව කරන්න පටන් අරන් දැන් කොච්චර කල්ද?

මම ඇවිල්ලා අපේ පරම්පරාවේ මේ රැකියාව කරන තුන්වෙනි පරම්පරාවේ එක්කෙනෙක්. මම රැකියාව කරන්න පටන් අරන් දැන් අවුරුදු 35ක් වෙනවා. අපේ ඉතිහාසය ගැන කියනවනම් ආචාරී කියන්නේ විශ්ව කියන කුලයේ රත්තරං බඩු හදන්නම උරුම වුණ කොට්ඨාසයක්. අපේ ආරම්භය ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ.

මුලින්ම අපේ කට්ටිය ලංකාවට ඇවිත් තියෙන්නේ සුද්දා කාලේ. ඒකාලේ ඉඳලම අපි තවමත් ඒ තැනම ඒ රැකියාව කරනවා.

දැන් වගේ නෙමෙයි. සුද්දා කාලේ ඒ කියන්නේ අපේ මුතුන් මිත්තන් කාලේ මේ රස්සාවට ලොකු තැනක් ලැබුණා. කොච්චරද කියනවනම් සුද්දා කාලේ වික්ටෝරියා රැජිනගේ රූපය තියෙන කාසි ආණ්ඩුවෙන් අපට දුන්නා.

දැන් මුකුත් නැහැ. රත්තරං වැඩ කරන කට්ටිය දුප්පත් තත්ත්වයට පත් වෙලා. රත්තරං කිව්වම ලංකාවෙ ඉතිහාසයෙත් ගොඩක්ම ප්‍රසිද්ධ හෙට්ටි වීදිය. සාප්පුවේ ලස්සනට දාලා තියෙන කොට හැමෝම ඒක ලොකු ගාණක් දීලා අරන් යනවා. ඒත් මේ කැටයම් කරන්නේ හෙට්ටිවීදියට එහා පැත්තේ ලෝකුරු වීදියේ දාඩිය වගුරගෙන කරගැට නැගුණ දෑත්වලින් කියලා නෝනලා මහත්වරු දන්නේ ගොඩක්ම අඩුවෙන්. වීදුරු පෙට්ටියේ දාලා තියෙන රත්තරංවලට ලක්‍ෂ ගණන් මිල නියම වුණාට ඒ කැටයම් කපන අපේ දෑත්වලට වැලිකැටයක තරමට වත් වටිනාකමක් ලැබෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත.

ප්‍රශ්නය – කතාවට පොඞ්ඩක් බාධා කරනවා. කොහොමද ඔයාලට මේ රත්තරන් ලැබෙන්නේ?

හෙට්ටි වීදියේ කඩවල්වලින් තමයි අපට රත්තරං දෙන්නේ. අපිට කැරට් 24ම දුන්නොත් ඒ ප්‍රමාණයටම අවශ්‍ය භාණ්ඩය ලස්සනට අපි හදලා දෙනවා. අපට රත්තරං දුන්නොත් අවශ්‍ය දේ අපි හදලා දෙනවා. අද අපේ කර්මාන්තය ගැන ගොඩක් දුකින් ඉන්නේ. හැමෝටම අපි රත්තරං බඩු හදනවා. ඒත් අද ලංකා ඉතිහාසයේ ගොඩක්ම දුප්පත්ම කොට්ඨාසයත් අපි. ලෝකෙට ඒක පේන්නේ නැහැ. ලෝකය ඒක දකින්නේ නැහැ.  අපි දවස් තුන්සිය හැට පහේම රත්තරං අතගෑවට අපට කියලා එක රත්තරං කෑල්ලක්වත් අපේ ළඟ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රී ගොල්ලෝ අතපය රත්තරංවලින් වහගෙන ඉන්නවා. ඒවා හදන්න දුක් විඳින අපේ දුක ගැන කවුරුත් අහන්නේ නැහැ.

ප්‍රශ්නය – එතකොට සිංහල අය මේ කර්මාන්තයේ නියැලිලා ඉන්න එකට මොකද කියන්නේ?

ඒකත් කුලයක්. නවන්දන්න කියන කුලයේ අය තමයි රත්තරං බඩු වැඩ කරන්නේ. එයාලා සිංහල. අපි ඔක්කොම ලංකාවෙ එක මිනිස්සු. අපි භාෂාව වෙනස්. ඒත් අපි එක ලේ දුවන අය. අපේ ක්‍රමය ඒකයි. සිංහල මිනිහා හැදුවා, අපි හැදුවා කියලා නැහැ. රත්තරං බර එකයි. දක්‍ෂතාව එකයි. සිංහල රත්තරං වැඩ කරන ගොඩක් අය ඉන්නවා අපේ ආචාරි කියන කුලය වාසගමට අරගත්ත අය.

ගාල්ල, මාතර ගොඩක් අය ඉන්නවා. බෞද්ධ සිංහල අය අපි එක්ක වැඩ කරනවා. අපි අතර ප්‍රශ්න නැහැ. ඒත් ලංකාවේ සැලකිය යුතු ප්‍රමාණයක් මේ කර්මාන්තයේ නියැලිලා ඉද්දී ඉන්දියාවෙන් ලංකාවට ඇවිල්ලා රත්තරං කර්මාන්තය කිරීම ගැන අපි තරයේ විරුද්ධයි

ප්‍රශ්නය – කර්මාන්තය මේ තරම් පහතට වැටෙන්න හේතුව?

හේතුව තමයි දැන් ඩුබායි, ඉන්දියා, ගල්ෆ් ඉඳලා ලංකාවට රත්තරං ගේනවා. අපේ බඩට ගහන්න පටන් ගත්තේ ඔන්න ඔතනින්. තව ඉන්දියාවේ, බොම්බාය, කල්කටාවලින් ඉන්දියන් අය 4000ක් ලංකාවේ රත්තරං වැඩ කරන්න ඇවිල්ලා. ඒ අය මේ අපේ රස්සාව කරන නිසා ලංකාවේ අපේ අයට වැඩ නැති වුණා. අපේ රටේ දක්‍ෂ වැඩකරුවෝ ඉන්නවා කැටයම් කපන ගල් බඳින. දැන් ඒ අයට වැඩ නැහැ. අපේ කට්ටිය දැන් වැඩ නැති නිසා වෙනින් වැඩ කරනවා. පාරවල් සුද්ද කරනවා, ත්‍රීවිල් හයර් කරනවා. විශ්ව කුල කියන අපේ චරිතවලට අද ලංකාවේ තැනක් නැති වෙලා. අපි උපතින්ම රත්රන් වැඩකරුවෝ. අපිව මේ විදිහට පාගලා දාපු එකට ගොඩක් දුකයි. කර්මාන්තයක් කඩා වැටෙනවා කියන්නේ රටත් අස්ථාවර වෙනවා. මේවා ආණ්ඩුවේ වැරදි.

ප්‍රශ්නය – ඒ කියන්නේ දැන් ලොකු ලොකු සාප්පුවලින් වැඩ එන්නේ නැද්ද?

වැඩ එනවා, ඉස්සර තරම් නැහැ. කෙළින්ම අපි ළඟට ආවොත් සාප්පුවෙන් රුපියල් 5000 කියන කරාබු ජෝඩුව අපි 2000 හදලා දෙනවා. භාගෙට භාගයක් සේවාදායකයාට ලාභයි. සාප්පුවෙන් බිල හදන්නේ බිල්ඩින් එකටයි, වීදුරු පෙට්ටියයි, ලස්සනට ඇඳගෙන ඉන්න ගෑනු ළමයින්ට පඩි ගෙවන්නයි, ලොකු ලොකු සාප්පුවල නමට තියෙන ජනප්‍රියත්වයටයි නේ…..

රත්තරං මිල වෙළඳපොළේ කොතැනකත් එකයි. වැඩකුලියේ වෙනසක් කරලා තමයි අපි අඩුවට දෙන්නේ. ලොකු සාප්පුවකින් රුපියල් අසූදාහක පවුමක මාලයක් ගත්තොත්, අපෙන් ඒක රුපියල් විසිදාහක් විතර අඩුවට හදවලා ගන්න පුළුවන්. ඒත් අද මිනිසුන්ට තියෙන ප්‍රශ්නය තමයි අපි ළඟට එන්න බයයි. වගකීමක් නැහැ  කියලා හිතනවා. ප්‍රශ්න ගොඩක් මතුවෙනවා. අපිට ලොකු ලස්සන සාප්පු නැහැ. පුංචි කාමර තියෙන්නේ. මිනිස්සු සාප්පු හරහා අපට කියවලා බඩු  හදන්න යොමු වෙලා ඉන්නේ අපිව මිනිසුන්ට විශ්වාස නැති නිසා.

ඒත් අපි දැන් අවුරුදු 35ක 40ක ඉඳලා මේ තැන්වල බඩු හදනවා. කවදාවත් වංචාවක් කරලා නැහැ. අපි හදවතින්ම දෙවියන් එක්ක බැඳිල ඉන්න මිනිස්සු. මේ තැන් දාලා අපිට යන්න තැනක් නැහැ. වංචාකාරයෝ ඉන්නවා. මම නැහැ කියන්නේ නැහැ. ඒත් විශ්වාස, වසර ගණනක් මේ කර්මාන්තයේ ඉන්න, රටේ පාලකයන්ටත් රත්තරං වැඩ කරපු මිනිස්සු අපි. සේවාදායකයාට අපි ගැන තියෙන විශ්වාසය නැති කරලා තියෙන්නේ සාප්පු හිමියෝ. ඩිරෙක්ලි අපේ ළඟ රත්රං බඩු හදාගන්න එනවනම් අපටත් ලාබයි. සේවාදායකයන්ටත් ලාභයි.

ප්‍රශ්නය – එහෙම ඩිරෙක් ඇවිත් බඩු හදන අය ඉන්නවද?

අපෝ ඔව්, ඔය ලොකු සාප්පුවල අපිත් එක්ක සම්බන්ධතා තියෙන අය ඔවුන්ගේ හිතවත් අය කෙළින්ම අපි ළඟට එවනවා. සමහරු මෙතනට ඇවිල්ලම අපිව අඳුරගෙන අපිට කියලා වැඩ කරවගන්නවා.

ප්‍රශ්නය – ලොකු සාප්පුවලට රත්තරං හදන එක පාඩු නැද්ද?

පාඩුයි තමයි. අපි ලොකු සාප්පුවල වැඩ එකක් දෙකක් භාරගන්නේ නැහැ. වැඩ කිහිපයක් එකට භාරගන්නවා. නැත්නම් අපට පාඩුයි.

ප්‍රශ්නය – රත්තරං බඩු හැදිල්ලේදී මොකද්ද මේ කුලියයි වැඩ පාඩුවයි කියන්නෙ?

කුලියයි, වැඩ පාඩුවයි කියන්නේ මොකද්ද කියලා ලංකාවේ ඉන්න ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. වැඩ කුලිය හැමෝම දන්නව ඇතිනේ. වැඩ පාඩුව දන්නේ නැහැ. අපි රත්තරං බඩුවක් හදනකොට ඒකේ කැටයම් කපන කොට කුඩු ටික හැලෙනවා. චූටි චූටි කෑලි කැපෙනවා. ග්‍රෑම් 10 රත්තරන් බර තිබුණෙත් වැඩ ඉවරවෙනකොට අර ග්‍රෑම් 10 සම්පූර්ණයෙන්ම ගන්න බැහැ. ඒ නිසා තමයි අපි පවුමකට මෙච්චරයි කියලා ගණන් තීරණය කරලා මණ්චාඩියක් මණ්චාඩි 2 අපි වැඩ පාඩුව ගන්නවා.

ප්‍රශ්නය – ඉස්සර රත්රං හැදුවේ රත්රන් වැඩකරුවෝ සියයට සීයක්ම අතින්. දැන් ඇවිල්ලා තියෙනවා මැෂින්කට් කියන කලාවක්. මොකද්ද ඒ ?

සියයට සීයක් අතින් හදන රත්රං කාලයක් පවතිනවා. ඒත් මැෂින් කට් කාලයක් පවතින්නේ නැහැ. ඉස්සර තාත්තා කාලේ අතින් කරපු හැම දෙයක්ම දැන් කරන්නේ මැෂින්වලින්. ඒත් ඒ රත්රන් තාවකාලිකයි. නිතරම කැඩෙනවා. විලාසිතාවට නම් හොඳයි.

ප්‍රශ්නය -සාමාන්‍යයෙන් අතේ කැටයමක් කරන්න කොයිතරම් වෙලාවක් යනවද?

අපිට පෙන්වන ඕනෑම මෝස්තරයක් කැටයම් කපන්න පුළුවන්. අතේ කැටයමක් කපන්න පළපුරුදු අයෙකුට යන්නේ පැය 3ක් වගේ වෙලාවක්. කැටයම් කපන එක හැමෝටම කරන්න බැහැ. හොඳ ඉවසීමක් තියෙන්න ඕනෑ. මෝස්තරය පොඞ්ඩක් හරි එහා මෙයා වුණොත් ආයෙමත් රත්රන් බඩුව උණු කරලා තමයි මෝස්තරය කපන්න වෙන්නේ. ඒ නිසා වරදින්නේ නැතුව මෝස්තරය කපාගන්න ඕනෑ. හුණුවලින් සටහන් කරගන්නත් පුළුවන්. නැත්නම් පුරුදු අය කැටයම් කපන්නේ හිතේ විශ්වාසයෙන්, මනසින්.

සමහරු අරන් එන මෝස්තර කපන්න ලොකු කාලයක් ගත වෙනවා වගේම අපි හොඳ සූදානමක් වෙන්නත් ඕනෑ. සමහර කැටයම් නිර්මාණ කරන්න ගියාම වැරදිලා කිහිප වතාවක්ම උණුකරන්න වෙන අවස්ථා තියෙනවා. හැබැයි අපි උත්සාහය අතහරින්නේ නැහැ.

ප්‍රශ්නය – ලෝකේ තියෙන කර්මාන්තවලින් ඔබ හිතෙන්නේ මේ කර්මාන්තය හොඳයි කියලද?

ගොඩාක් හොඳයි. හැබැයි ලෝකේ තියෙන කර්මාන්තවලින් අනතුරු බහුලම රැකියාවත් මේක. ඉස්සර අපි රත්රං බඩු හැදුවේ තඹ, රිදී, රත්තරන්  මේ තුනම එකතු කරලා. දැන් ඒ මිශ්‍රණය නතර කරලා තියෙන්නේ. දැන් ඇවිල්ලා තියෙන අලුත්ම කෙමිකල් එක තමයි කේඩියම්. ඒක අපට එන්නේ යුරෝප් රටවල්වලින්. “කේඩියම්” කියන කෙමිකල් එක ගොඩක් භයානක කෙමිකල් එකක්. මේක රත්රන් එක්ක උණු කරනකොට පුංචි කුඩක් වගේ සුළඟට යනවා. ඒ කුඩ අපේ ශරීරයට හොඳ නැහැ. මේ කෙමිකල් එක රත්රං එක්ක උණු කරද්දී මුඛ ආවරණයක් අනිවාර්යයෙන්ම පළඳින්න ඕනෑ.

ඒත් ලංකාවේ 60%ක්ම මේ කෙමිකල් එක උණු කරද්දී පරිස්සම් වෙන්නෙ නැහැ. මේ කෙමිකල් එකෙන් පිට වෙන කුඩ ශරීර ගතවුණොත් වසර 2ක් වගේ පුංචි කාලයකදී අපි පිළිකා රෝගී තත්ත්වයට ගොදුරු වෙනවා. දැනට දක්‍ෂ රත්තං නිර්මාණකරුවන් කිහිප දෙනෙක්ම මේ රෝගයට ගොදුරු වෙලා මරණයට පත්වෙලා තියෙනවා. මේක මරණය පෙන පෙනී කරන රැකියාවක්. මේ කෙමිකල් එක සයනයිඞ් සාන්ද්‍රණයක් තියෙන කෙමිකල් එකක්. මේකේ රස කොහෙවත් සඳහන් කරලා නැහැ. රස බැලුවොත් ජීවත් වෙන්නෙත් නැහැ. ඒ තත්ත්පරේටම මැරෙනවා.

තත්පරේට මිනිස්සු මරණ හෙට්ටිවීදියේ අපි නොදන්න රත්රං කතාවේ තවත් බොහෝ දේ ඔබට කියන්න තියෙනවා. මුළු ලෝකෙටම රත්රන් ලස්සනයි. ඒත් ඊට පිටිපස්සේ තියෙන්නේ ඛේදනීය ජීවිතේ අවලස්සනයි. ලස්සනට හදලා තියෙන කරමාලේ, වළල්ල, කරාබු ජෝඩුව හැමෝම ආඩම්බරයෙන් දාගෙන යනවා. ඒක හදන්න විඳින දුකයි, ලැබෙන පුංචි මුදලයි ලෝකෙට පෙන්නේ නැහැ.

ප්‍රශ්නය – රටේ පාලකයන්ටත් රත්රං වැඩ කරලා තියෙනවා කිව්වේ. විශේෂ පුද්ගලයකුට රත්රන් හදලා තියෙනවද?

අපෝ ඔව්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්මයට, එතුමා ජනාධිපති වෙලා සිටි අවදියේදී රත්රංවලින් ආරක්‍ෂාවට යන්ත්‍රයක් හදලා දුන්නා. බොහෝ දෙනා දැකලා ඇති නිතරම එතුමා අතේ තියාගෙන ඉන්න යන්ත්‍රයක්. ඉස්සර ඒ යන්ත්‍රය කතරගම දෙවියන් ආරක්‍ෂාවට අතේ තියාගත්තලු. එතුමාටත් අපල දෝෂවලින් මිදෙන්නට තමයි ඒ යන්ත්‍රය හදලා දුන්නේ. රත්තර යන්ත්‍ර 3, රිදීවලින් යන්ත්‍ර 5 මම එතුමට හදලා දුන්නා.

ප්‍රශ්නය – මේ කර්මාන්තයේදී අනතුරක් නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එහෙම අනතුරකට මුහුණ දීපු අවස්ථා තියෙනවද

දෙයියනේ කියලා වැඩ කරන්න බැරි තත්ත්වයට අනතුරු වෙලා නැහැ. දැන් ඉතින් ඔක්කොම මැෂින්වලින්නේ. මැෂින්වලට අත ගිහින් වගේ ලොකු අනතුරු මේ රැකියාව නිරත වෙලා ඉදපු අයට වෙලා තියෙනවා. කටුවෙන් වැඩකරනකොට නම් තුවාල ගොඩක් වෙනවා. ඇත්තම කියනව නම් කරන හැම වැඩකදීම පුංචි තුවාලයක් වෙනවාමයි. රත්තර කෝඩියම් මිශ්‍ර කරලා අපි තහඩුවක් හදාගන්න ඕනෑ. ඒ මැෂින් එකේ වැඩ කරන්න ඕනෑ හරිම පරිස්සමෙන්. බැරි වෙලාවත් අත ගියොත් ගියාම තමයි. ඇඟිලි නැතුව තමයි අත එළියට එන්නේ. තාත්තා කාලේ රත්රං උණු කළේ ලාම්පු දැල්ලට බටයක් තියලා පිඹලා. දැන් ඒ වෙනුවට ගෑස් ඇවිල්ලා. ඔක්කොම දැන් තාක්‍ෂණය එක්ක දියුණු වෙලා.

මේ කතා බහ අතර මේ කර්මාන්තයෙම නියැලෙන තවත් තරුණයෙක් මුණගැහුණා. හැබැයි ඔහු වැඩ කරන්නේ දවස් පඩියට. අප ඒ ජීවිතෙටත් එබිලා බැලුවා.මගේ නම රාජු. දැන් අවුරුදු 25 විතර මම කුලියට රත්රං බඩු හදනවා. කරන වැඬේ හැටියට තමයි අපට කුලිය ලැබෙන්නේ. කැටයම් කපන එක තමයි ලොකු වෙහෙසක් අරගෙන කරන්න ඕනෑ. කොච්චර මහන්සි වුණත් ලැබෙන්නේ පොඩි මුදලක්. ඒත් අපි හදන මාලේ, මුද්ද ලොකු සාප්පුවේ විකිණෙන්නේ ලක්‍ෂ ගාණට.

ප්‍රශ්නය – පවුමකට කීයක් ලැබෙනවද?

පවුමක මුද්දකට වගේ ලැබෙන්නේ 800 වගේ මුදලක්. අපි දවසේ හදන කෑලි ගානට තමයි බොස් අපට කුලිය දෙන්නේ. මෙතන පොඩි පොඩි කූට වැඩ නම් ඕන තරම් වෙනවා. සමහර සාප්පුවලින් හොඳ කැරට් 24 රත්තරං බඩු මකල කැරට් 22 කරලා රත්රං බාල කරලා බාර් එකක් හදලා අපට දෙනවා අවශ්‍ය බඩුව හදන්න. පාරිභෝගිකයා ඉතින් රැවටෙනවා. බැංකුවක තියන්න ගියාම තමයි වැඬේ අහුවෙන්නේ. ඒත් ඒ මිනිස්සු පාඩුව විඳගෙන ඉන්නවා. අපට ඉතින් ඕවා වැඩක් නැහැ.

අපි වැඩ කරන්නේ කුලියටනේ. තැලිමාල, සාමාන්‍ය මාල, වළලු, මුදුවල මෝස්තර වැඩි වෙනකොට වැඩ කුලියත් වැඩි වෙනවා. චේන්වලට නම් අපි අය කරන්නේ අඟල් ගානට. අඟලකට අපට රුපියල් 200 වගේ ගාණක් ලැබෙනවා. දැන් කර්මාන්තේ වැටිලා. අපි ජීවත් වෙන්නේ අමාරුවෙන්. වැඩ එන්නේ නැහැ. මෙහෙම ගියොත් අපිට බොන්න වෙන්නේ වස. හිතේ ආවේගයෙන්ම කතාව හමාර කරලා රාජු අපෙන් සමුගත්තා.

රත්රං එක්ක මුළු ජීවිත කාලෙම ගනුදෙනු කළත් මේ මිනිස්සුන්ගේ ජීවිත රත්තරං නෙමෙයි. අනුන්ගේ රත්රං එක්ක ඔට්ටු වෙන තවත් චරිතයක් අපේ සංචාරයේදී අපට මුණගැහුණා.

මම ජේ. කුමාර්, මම ඇවිල්ලා විශ්ව කුල පරපුරේ. අපි පරම්පරාවෙන්ම රත්රං බඩු හදන අය. ඉස්සර අපි පුටු උඩ ඉඳගෙන වැඩ කළේ නැහැ. අපි වැඩ කළේ බිම වාඩිවෙලා. ඒ කාලේ අපි මේ කර්මාන්තයට ගරු කළා. අද ගරු කරන්නේ නැහැ. තුට්ටුවටම දාලා. ඉස්සර අපි කැරට් බර බැලුවේ ගලෙන් හූරලා. දැන් ඇවිල්ලා ඔක්කොම මැෂින්. මගේ තාත්තා, සීයා කාලේ ජනතාවට හරියටම 22 බර දුන්නා. එතකොට මැෂින් නැහැ. එදා තිබුණේ කැරට් 22 විතරයි. ඉස්සර අපි බඩු හැදුවේ රත්තරං, තඹ රිදී එකතු කරලා. ඒ බඩු අවුරුදු 30ක් පාවිච්චි කළත් තවමත් ශක්තිමත්. උණුකරත් බර එහෙමමයි. දැන් ගොඩක් තියෙන්නේ මැෂින්වලින් හදන බඩු. දෙයක් කියන්නම්. වසර 30 අද්දැකීමෙන් කියන්නේ. දැන් ලංකාවේ තියෙන රත්තරං බාලයි.

ඉස්සර අපි හැදුවේ ඩයමන් චේන්, බැරල් මුදු, කොළ අත්තේ මුදු, ඉස්සර කොළඅත්තේ මුද්ද හැදුවේ මඟුල් මුද්ද විදිහට. ඒත් දැන් ඒ විලාසිතා නැහැ. දැන් රත්තරං වල ඒ තත්ත්වය නැහැ. තත්ත්වය බාල වෙලා. මැෂින්වලින් රත්තරං හදන්න ගත්තට පස්සේ 80% අපිට වැඩ නැති වුණා. ඉස්සර අපි අතේ හදපු චේන් අවුරුදු 20ක් 30ක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් තියෙන මැෂින් කට් උපරිම අවුරුද්දයි, දෙකයි, ගොඩක් අය පරණ රත්රං දීලා අලුත් මැෂින් කට් විලාසිතාවලට මාරු කරනවා. රැවටෙන්න එපා. මැෂින්කට් මෝස්තර මුදල් හදිසියට බැංකුවකවත් තියන්නවත් බැහැ. නියම මිල ලැබෙන්නේ නැහැ.

අපිට පවුම් බාගේ මුද්දකට වැඩ කුලිය දෙන්නේ සාප්පු වලින් 250යි. සාප්පුකාරයා ඒක විකුණන්නන් 5000ට. අපිට රත්තරන් දුන්නොත් පවුමේ මුද්දක් හදලා දෙන්නේ අපි රු. 500කට, ඔය ලොකු නම් තියෙන අය අපිට දෙන්නේ 500ක් 1000ක් විතර. එයාලා අහස උසට තට්ටු බිල්ඩින් ගහනවා. අපි තාම බිම වාඩිවෙනවා.

අනුන්ගේ රත්තරංවල වගකීම හිසමත දරාගෙන, ගනුදෙනු කරන මේ ජීවිතවල ලියවිච්ච කතාව හරිම පුදුමාකාරයි. ඔවුන්ට සමු දීලා අපි ආපසු හැරුණා. කියන්න තවත් බොහෝ දේ ඉතිරි වෙලා තියෙනවා.රත්තරං බඩු නිර්මාණය කරනවා කියන්නේ ඉතා සියුම්ව, කල්පනාවෙන් කළ යුතු දෙයක්. රත්තරං හදන තැන කුඩු ටික පවා පරිස්සම් කරනවා.

අපි හැමෝටම කියන්නේ රත්තරං ගැන නොදැන හෙට්ටි වීදියේ සාප්පුවලින් රත්තරං ගන්න යනවනම් ඒ ගනුදෙනුව හොඳ සිහිබුද්ධියෙන් කරගන්න. සමහර වෙලාවට ඔබට නොදැනෙන හෙට්ටිවීදියේ කෙරෙන කූට වැඩ ගැන අපට හිතන්නත් අමාරුයි. අපි හැරෙන කොට ඔවුන් අපිව පොළඹවගෙන හමාරයි. කරන්න දෙයක් නැහැ. රත්තරං එක්ක ගනුදෙනු කරන්නේ පරිස්සමෙන්.

විශේෂ ස්තුතිය : ගනේෂන් ආචාරි විග්නේෂරම්, ගුණසේකරම්, ත්‍යාගරාජම්, විනයාගමූර්ති යන අයට.

සටහන : නදීශා අතුකෝරළ
ලපි මුලාශ්‍රය – ලංකාදීප

Source Link : Wishma Lokaya

නිවසේ හදිසි ගෑස් කාන්දුවක් උනොත් මොකද කරන්නේ ?

ගෑස්‌ සිලින්ඩරයක්‌ ඉවුම් පිහුම් කටයුතු සඳහා භාවිත කිරීමේ දී මිල දී ගැනීමේ සිට ම ආරක්‌ෂාව පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. එහි දී ගෑස්‌ සිලින්ඩරය ගැන වගේ ම ගෑස්‌ කුකරය, රෙගියුලේටරය සහ සම්බන්ධ වන බටය ගැනත් ඔබේ අවධානය යොමු කළ යුතු වනවා. මීට හේතුව ගෑස්‌ ආශ්‍රිත ව සිදු වන අනතුරුවල දී ගෑස්‌ කාන්දු වීමට වඩාත් ඉඩ ඇත්තේ ගෑස්‌ සිලින්ඩරයේ දෝෂ  නිසා නො ව අනෙකුත් උපාංගවල මතු වන දෝෂ නිසා වීම හේතුවෙන්.

ගෑස්‌ සිලින්ඩරය

ලංකාවේ ගෑස්‌ අලෙවි කරන ප්‍රධාන සමාගම් දෙකක්‌ තිබෙනවා. මේ සාමාගම්වල බලය ලත් නියෝජිතවරුන් හරහා පමණක්‌ ගෑස්‌ සිලින්ඩර මිල දී ගැනීමට කටයුතු කිරීමෙන් ගෑස්‌ සිලින්ඩරවල ආරක්‌ෂිත බව පිළිබඳ යම් විශ්වසනීයත්වයක්‌ ඇති කරගත හැකියි. ගෑස්‌ පුරවන ලද සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර එහි කාන්දු පවතිනවා ද යන්න ගැන නිෂ්පාදන සමාගම කිහිප වරක්‌ පරීක්‌ෂා කරන අතර අලෙවි නියෝජිතයන් ද ගෑස්‌ සිලින්ඩර ආරක්‌ෂිත ව ගබඩා කිරීම හා පරිහරණය කිරීම ගැන මනාව දැනුවත් කරන්නට ඔවුන් කටයුතු කරනවා. එහි දී ඔබට අවශ්‍ය නම් ගෑස්‌ සිලින්ඩරය කිරා මැන බලා සිලින්ඩරයේ සඳහන් කර ඇති යකඩ බරට අමතර ව ගෑස්‌ නිවැරැදි බරට තිබෙනවා ද යන්න පිරික්‌සා බලන්නත් පුළුවන්.

ගෑස්‌ සිලින්ඩරය මිල දී ගැනීමේ දී එහි මුද්‍රව නො කැඩී තිබෙනවාද යන්න පිරික්‌සා බැලීමට අමතර ව ගෑස්‌ සිලින්ඩරයේ කර හෝ බඳ ආශ්‍රිත ව යම් තෙත් ගතියක්‌ හෝ අසාමාන්‍ය සීතල ගතියක්‌ හෝ ඇත් ද යන්න පරීක්‌ෂා කර බලන්න. එබඳු ලක්‌ෂණයක්‌ ඇත්නම් එය ගෑස්‌ කාන්දුවක සලකුණක්‌ විය හැකි බැවින් සිලින්ඩරය මාරු කර ගන්න.

ගෑස්‌ උදුන

ගෑස්‌ උදුනක්‌ මිල දී ගැනීමේ දී ද තත්ත්වයෙන් ඉහළ උදුනක්‌ මිල දී ගැනීමට කටයුතු කළ යුතුයි. ඒ වගේ ම ගෑස්‌ උදුන කිසියම් හෝ දෝෂ සහගත බවක්‌ දැක්‌වූ විට වහා ම එය නොසලකා නොහැර නැවත අලුත්වැඩියා කරගැනීමට කටයුතු කළ යුතුයි. ස්‌වයංක්‍රීය ගිනිදැල්වීමේ උපාංගය අක්‍රීය වූ විට ගිනිකූරකින් ගිනි දැල්වීමටත් උදුනේ දැල්ල මතුවන ගෑස්‌ විවර වලින් කොටසක්‌ ක්‍රියාත්මක නොවන විට පවා එය නො සලකා ඉවුම් පිහුම් කටයුතු කිරීමට අපේ සමහර ගෘහණියන් පුරුදු වී සිටිනවා. බැලු බැල්මට ගැටලුවක්‌ නොපෙනුනත් පසු කාලීනව ඔබ නොදැනුවත්වම ගෑස්‌ කාන්දුවක්‌ සිදුවීමට මෙබඳු අඩුපාඩු හේතු විය හැකියි.

රෙගියුලේටරය

වෙළෙඳපොළේ ඉතා අඩු මිල ගණනවලට සිලින්ඩරයට සම්බන්ධ කරන රෙගියුලේටර් මිල දී ගැනීමට තිබෙනවා. නමුත් ආවාට ගියාට රෙගියුලේටර් මිලට නො ගෙන ගෑස්‌ අලෙවි ආයතනයක්‌ හරහා හෝ වෙනත් ආයතනයක්‌ හරහා වගකීමක්‌ සහිතව උසස්‌ තත්ත්වයේ රෙගියුලේටරයක්‌ මිල දී ගැනීමට ඔබ වගබලාගත යුතුයි. ගෑස්‌ සිලින්ඩරයේ Psi (වර්ග අඟලකට රාත්තල්) 60-80ක පමණ පීඩනයකින් යුතු ව පවතින LP වායුව වර්ග Psi 0.4 දක්‌වා අඩු කර උදුන වෙත ලබා දෙන්නේ රෙගියුලේටරය මඟින්.

ඒ නිසා එය මනාව ක්‍රියාත්මක වීම ඉතා වැදගත්. සැම වසර පහකට වරක්‌ ම ඔබ සතු ව පවතින රෙගියුලේටරය ඉවත් කර අලුත් රෙගියුලේටරයක්‌ සවි කරන්නට මතක තබාගන්න. රෙගියුලේටරය සිලින්ඩරයට හොඳින් සම්බන්ධ වන්නේ නැත්නම් එය භාවිත කරන්න එපා. මෙබඳු බුරුල් රෙගියුලේටර උඩින් ගලක්‌ වැනි බරක්‌ තබා පාවිච්චි කරන්නට සමහරුන් කටයුතු කරනවා ඔබ දැක ඇති. මෙය භයානක අනතුරකට මුල පුරන්නක්‌ විය හැකියි.

වායු බටය

ඕනෑ ම බටයක්‌ රෙගියුලේටරයේ සිට උදුන දක්‌වා ගෑස්‌ ගෙන යැම සඳහා භාවිත කළ නොහැකියි. ඒ සඳහා BS 3212 යන ප්‍රමිතියෙන් යුතු බටයක්‌ වගකීම් සහගත අලෙවිකරුවකු ගෙන් ම ලබාගන්න. සෑම වසර 2කට වරක්‌ ම ගෑස්‌ බටයක්‌ මාරු කළ යුතුයි. රෙගියුලේටරය වගේ ම වායු බටය ද අලුත්වැඩියා කළ හැක්‌කක්‌ නො වෙයි. එය කැපීම් තුවාල වීම් ආදියට ලක්‌ වුව හොත් ටේප් පටි ආදිය යොදා එය අලුත්වැඩියා කර පාවිච්චි කරන්න එපා. එය ඉතා අවදානම් සහගත කටුයත්තක්‌.

එමෙන් ම විවිධ හෝටල් ආදියෙහි ගෑස්‌ බට කපා මැදින් සම්බන්ධ කර උදුන් කිහිපයකට ගෑස්‌ ගැනීම ආදී කටයුතු කරනවා. මෙය ද නො කළ යුත්තක්‌. රෙගියුලේටරය හා උදුන අතර තිබිය යුත්තේ මීටර් 1.5කට අඩු එක්‌ අඛණ්‌ඩ ගෑස්‌ ටියුබයක්‌ පමණයි. රෙගියුලේටරයට හා උදුනේ නළයට බටය සම්බන්ධ වන දෙකෙළවර ක්‌ලිප යොදා වෙන් නො වන සේ හොඳින් තද කර සම්බන්ධ කිරීමට ඔබ විශේෂයෙන් ම මතක තබාගත යුතුයි.

එදිනෙදා පරිහරණයේ දී ඔබ කළ යුතු දැ

ගෑස්‌ සිලින්ඩරය හොඳින් වාතාශ්‍රය ලැබෙන තැනකින් තැබීමට වගබලාගන්න. මෙමගින් ගෑස්‌ කන්දුවක්‌ සිදු වුව ද වායුව එක්‌ රැස්‌ වීම අවම වේ.

අධික තාපයකට හෝ ගිනිදැල්වලට හෝ නිරාවරණය වන තැනක ගෑස්‌ සිලින්ඩරය නො බන්න.

ගෑස්‌ සිලින්ඩරය සැම විට ම කෙළින් අතට තබන්න. පෙරළාගෙන යැමෙන් හෝ බිමට අතහැරීමෙන් වළකින්න.

ගෑස්‌ බටය විවෘත ව පෙනෙන සේ තබන්න. එවිට එයට හානියක්‌ සිදු වුව හොත් ඔබේ ඇස ගැටෙනු ඇත.

සිලින්ඩරයට රෙගියුලේටරය සවි කරන අවස්‌ථාවේ දී ආසන්නයේ කිසියම් ගින්නක්‌ නො දැල්වීමටත් විදුලි ස්‌විච නිවා දැමීමෙන් හෝ පත්තු කිරීමෙන් වැළකීමටත් කටුයතු කරන්න.

ගෑස්‌ බටය හා රෙගියුලේටරය නිවැරැ දිව උදුනට හා සිලින්ඩරයට සවි ව ඇත් දැයි තහවුරු කරගන්න.

ඔබ සතුව ඇත්තේ ගිනිකූරකින් බාහිරව දැල්ල පත්තු කළ යුතු උදුනක්‌ නම් ගිනිකූර මුලින් දල්වා ඉන් පසුව ගෑස්‌ ධාරාව විවෘත කිරීමට වග බලා ගන්න. පිස අවසන් වූ පසු ගෑස්‌ ධාරාව නිවී ඇත් දැයි තහවුරු කර ගන්න

පොළෝ මට්‌ටමෙන් යට ඇති කාමරවල ගෑස්‌ සිලින්ඩර භාවිත කිරීමෙන් වළකින්න. LP වායුව වාතයට වඩා බරින් වැඩි බැවින් කාන්දුවක්‌ සිදු වුව හොත් ඒවා එක්‌රැස්‌ වේ.

නිතර ම රෙගියුලේටරය ගලවා ඉවත් කිරීමෙන් වළකින්න. ගෑස්‌ සිලින්ඩරය වැය වී අවසන් වූ විට පමණක්‌ එය ඉවත් කිරීම ප්‍රමාණවත් ය.

භාවිත නො කරන විට රෙගියුලේටරයේ ස්‌විචය off ස්‌ථානයට කරකවා තබන්න.

ගෑස්‌ කාන්දුවක දී ඔබ කළ යුතු දේ

ගෑස්‌ සිලින්ඩරයක්‌ පුපුරා යැමෙන් තුවාල ලැබූ අය ගැන හෝ මිය ගිය අය ගැන විටින් විට පුවත් වාර්තා වනවා. නමුත් මේ ප්‍රකාශය බොහෝ විට එතරම් නිවැරැදි වන්නේ නැහැ. ඊට හේතුව ගෑස්‌ සිලින්ඩර මෙසේ පහසුවෙන් පුපුරා නො යැමයි. ගෑස්‌ සිලින්ඩරයක්‌ පුපුරා යැමට නම් එය සෘජු ව ම අධික තාපයකට නිරාවරණය විය යුතුයි. ගොඩනැඟිල්ලක්‌ ගිනිගත් විටෙක ආදී අවස්‌ථාවක මෙබඳු සිදුවීම් විය හැකියි. නමුත් නිවාස ආශ්‍රිත ව සිදු වන අනතුරුවල දී බොහෝ විට සිදු වන්නේ LP වායුව මිශ්‍ර වූ අවට ඇති වාතය ක්‌ෂණික ව දහනය වී පුපුරා යැමයි.

එහිදී ගෑස්‌ සිලින්ඩරය පුපුරා යන්නේ නැහැ. වහා ගිනි ඇවිළෙනසුලු LP වායුව වාතයේ හොඳින් මිශ්‍ර වනවා. වාතයෙන් සියයට 2-10ක්‌ වැනි කුඩා ප්‍රමාණයක පවා එම වායුව මිශ්‍ර වූ විට එම වාතය දහනය වනසුලු වනවා. ජනෙල් දොරවල් වසා ඇති සංවෘත වටපිටාවක්‌ තුළ කාන්දුවක්‌ සිදු වන විට LP වායුව එක්‌රැස්‌ වී වාතය ඇති සැම තැනක ම පැතිර යනවා.

විදුලි ස්‌විචයක්‌ දැල්වීමේ දී එහි අභ්‍යන්තරයේ නිකුත් වන කුඩා ගිනි පුළිඟුවකට පවා එම වායුව දහනය කළ හැකියි. ක්‌ෂණිකව සිදු වන මේ දහනයේ දී වාතය තැවරී ඇති සැම තැනක්‌ ම එකවර ගිනි ඇවිළෙනවා. ගෑස්‌ මගින් අනතුරට ලක්‌ වූවන් ගේ මුළු ශරීරයම දැවී  ගොස්‌ තුවාල වන්නේ මේ නිසයි.

කෙතරම් ආරක්‌ෂිත ව ගෑස්‌ උදුන් භාවිත කළත් සමහර විට ගෑස්‌ කාන්දු වීමක්‌ ඔබේ නිවසේ සිදුවිය හැකියි. එබඳු අවස්‌ථාවක දැනුවත්ව කල්පනාකරී ව හැසිරුණ හොත් සිදු වන්නට ඉඩ තිබෙන විශාල විනාශයක්‌ වළක්‌වාගත හැකියි. LP ගෑස්‌වල පවතින දුර්ගන්ධය නිසා ගෑස්‌ කාන්දු වීමක්‌ සිදු වී ඇති බවට වාතයේ ගඳින් අපට පහසුවෙන් හඳුනාගත හැකියි. මීට අමතරව සමහරවිට කාන්දුවන තැනින් සියුම් ශබ්දයක්‌ පැන නැගිය හැකියි. එබඳු අවස්‌ථාවක ඔබ අනුගමනය කළ යුත්තේ මෙබඳු ක්‍රියා පටිපාටියක්‌.

ගිනි පුළිගුවක්‌ හෝ ඇති වීමට ඉඩ තිබෙන කිසිදු දෙයක්‌ කරන්න එපා. කිසි ම විදුලි ස්‌විචයක්‌ ක්‍රියාත්මක කිරීමෙන් හෝ නිවා දැමීමෙන් වළකින්න. ජංගම දුරකථනය පවා භාවිත කිරීමෙන් වැළකිය යුතුයිs. ඒ, ඒ තුළ ඇති පරිපථ පවා තාපය ජනනය කිරීමට ඉඩ ඇති නිසයි.

දල්වා තිබෙන ගින්නක්‌ වේ නම් එය වහා නිවා දමන්න.

වාතාශ්‍රය හොඳින් ලැබෙන සේ සියලු ජනෙල් දොරවල් විවෘත කරන්න.

කාන්දුව සිදු වන්නේ බෙහෝ විට උදුනෙන් හෝ බටයෙන් විය හැකි බැවින් එය නැවැත්වීමට රෙගියුලේටර වෑල්වය off කරන්න.

කාන්දුව සිදු වන්නේ සිලින්ඩරයෙන් නම් හෝ සිදු වන තැනක්‌ සිතා ගත නොහැකි නම් රෙගියුලේටරය ඉවත් කර සිලින්ඩරය නිවසින් පිටතට ගෙන ගොස්‌ පුද්ගලයන් නොගැවසෙන හොඳින් වාතාශ්‍රය ලැබෙන තැනක තබන්න.

ගිනි නො දැල්වෙන බවට වගබලාගත් වටපිටාවක දී සබන් වතුර පරීක්‌ෂණය කිරීමෙන් කාන්දුව සිදු වන තැන හඳුනාගෙන හානියට ලක්‌ වූ කොටස අලුත් එකකට මාරු කරන්න.

සිලින්ඩරයෙන් ගෑස්‌ කාන්දු වන්නේ නම් එය එළිමහනේ කාන්දු වී අවසන් වීමට ඉඩ දී ඔබ ගේ අලෙවි නියෝජිතයා අමතා ඒ බව දැනුම් දෙන්න.

ගින්නක්‌ ඇවිලී ඇත්නම්

පිපිරීමක්‌ ඇති වන්නේ යම් කාලයක්‌ තිස්‌සේ වාතයෙහි එක්‌ රැස්‌ වූ LP වායුවට එක වර ගිනි ඇවිළීමෙනි. මීට අමතරව කාන්දුවකින් පිට වන LP වායු ධාරාවට ඒ මොහොතේ ම ගිනි ඇවිළී අඛණ්‌ඩව දැල්වෙන ගිනි දැල්ලක්‌ ඇති විය හැකි ය. මෙවැනි අවස්‌ථාවක ඔබ පළමුවෙන් කළ යුත්තේ ආරක්‌ෂිතව රෙගියුලේටර් වෑල්වය off කළ හැකි නම් එසේ කිරීමෙන් ගින්න නැවැත්වීමයි. රෙගියුලේටර් වෑල්වය වසා දැමිය නොහැකි නම් ගිනි දැල්ල පමණක්‌ නිවා දැමීමෙන් වළකින්න. මීට හේතුව එවිට කාන්දු වන ගෑස්‌ ධාරාව අඛණ්‌ඩව එකතු වී පිපිරීමක්‌ සිදු වීමට ඉඩ තිබීමයි. එබඳු අවස්‌ථාවක අවට ඇති වෙනත් ද්‍රව්‍යවලට ගිනි නො ඇවිළෙන පරිදි පාලනය කරගනිමින් කාන්දු වන එම වායු ධාරාව දහනය වී අවසන් වීමට ඉඩ හරින්න. මෙවැනි අවස්‌ථාවක සිලින්ඩරය සීතල කිරීමට පමණක්‌ එය මතට වතුර ඉසීම සිදු කළ හැකි ය.

මෙම වටිනා තොරතුරු ඇතුලත් ලිපිය ඔබේ මිතුරන් හා ආදරණියන් අතරේ බෙදා හැරීමට කාරුණික වෙන්න. ඔබට සුබ දවසක් !!!

Source Link : Wishma Lokaya

ටොයෝටා සමාගම ගැන ඔබ කිසිදා නොඇසූ පුදුම හිතෙන කතා

ටොයෝටා කියන්නේ අපි හැමෝම දන්නා නාමයක්. ලංකාවේ වගේම ලොව බොහෝ රටවලත් වාහන කියුවම මුලින්ම මතකයට එන්නේ ටොයෝටා නාමයයි. කල්පැවැත්ම මෙන්ම විශ්වාසාන්ත කම අතිනුත් ටොයෝටා කියුවම කාගේ කාගේත් සිත් වල ඇතිවෙන්නේ ප්‍රසන්න හැගීමක්. ටොයෝටා සමාගමට අනුව පසුගිය වසර 20 ඇතුලළත නිෂ්පාදනය කළ ටොයෝටා වාහනවලින් 80% ක්ම තවමත් ධාවනය වෙනවා.

ටොයෝටා සමාගම බිහි වුනු ආකාරය හරිම ලස්සන කතාවක්. ඒ වගේම ටොයෝටා සමාගම අපි හිතනවටත් වඩා ගොඩාක්  විශාලයි. දුක් කම්කටොලු රැසක් ගෙවාගෙන මේ තැනට ඇවිත් ඉන්න ටොයෝටා සමාගම ආශ්‍රයෙන් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න දේවලුත් ගොඩාක් තිබෙනවා.

ටොයෝටා කියන ජපන් සමාගම වාහන නිෂ්පාදනය ආරම්භ කළේ  වර්ෂ 1933 දී. ඒත් ඒක ගොඩක් පැරණි සමාගමක්. වාහන හදලත් ගොඩක් කල් යනතෙක් මිනිසුන් ටොයෝටා සමාගම ගැන දැනගෙන හිටියේ මහන මැෂින් හදන සමාගමක් විදියට. ටොයෝටා සමාගම, ඔබ නොදන්නව වුනාට අදටත් රෙදි නිෂ්පාදනය කරනවා. ඒ නිසා  ටොයෝටා ගැන කතා කරන විට මේ මහන මැෂින් කතාව නම් නොකියම බෑ.

ටොයෝටා සමාගමේ ආරම්භකයා වුනු  ටොයෝඩා සකිචිගේ පියා වඩු කාර්මිකයෙක්. හැමදාම පාසල් ගිහින්  ආවට පස්සේ පියාගේ වඩු වැඩවලට උදවු දීපු  සකිචි  පොත් කියවන්න ගොඩක් ආස කළා. දවසක් ඔහුට තම ජීවිතය සහමුලින්න වෙනස් කරන්න සමත් පොතක් කියවන්න ලැබුනා. යන්ත්‍රානුසාරයෙන් රෙදි වියන යන්ත්‍රයක් තනපු කෙනෙකු ගැන ඒ පොතේ සඳහන් වෙලා තිබුණා.

මේ පොත කියව කියව ඉන්න අතර තුර තමන්ගේ මව ඉතාමත්  අමාරුවෙන් අතින් රෙදි වියමින් සිටිනවා තරුණ සකිචි දවසක් දුටුවා. මේක දැකපු සකිචිට ගොඩාක් දුක හිතුනා.  තමන් කියවපු පොතෙන්  ලබපු ආභාෂයත් එක්ක තම මවගේ වැඩකටයුතු පහසු කරන්න යන්ත්‍රයක් හදන්න තරුණ සකිචිට ඕන උනා. තම පියාගේ වඩු වැඩටත් උදවු වෙන අතරතුරම ඔහු දැඩි පරිශ්‍රමයක් යොදා ස්වයංක්‍රීයව රෙදි වියන මැෂිමක් නිර්මාණය කරා.

අශ්ව බල එකක බලයක් තිබුණු මේ මැෂිමට ඉතාම අනර්ඝ විදිහට වේගයෙන් රෙදි වියන්න පුළුවන් කම තිබුනා. ඒ වෙනකොට මෙහෙම මැෂිමක් ජපානේ කිසිම කෙනෙකු හදලා තිබුනේ නෑ. ඒ නිසා මුළු ජපානේ පුරාම මේ ආරංචිය කටින් කට ගිහින් ගොඩාක් ව්‍යාපාරිකයෝ සකිචිව හොයාගෙන ඇවිත් මේ මැෂින් මිලදී ගන්න උනා.

අවසානයේ ආයෝජකයින් කිහිප දෙනෙකුත් සමග එකතු වෙලා අවසානයේ සකිචිට පුළුවන් උනා Toyota Loom Company නම් මහන මැෂින් සමාගම පටන් ගන්න ටොයෝඩා සකිචිට පුළුවන් උනා. මේ සමාගම දිගටම මහන මැෂින් විකුණමින් ඉතා විශාල ආදායමක් උපයාගත්තා.

එත් අවාසනාවකට මේ කාලේ ජපන් ආර්ථිකයේ ඇති වුනු කඩාවැටීමත් හමුවේ සකිචිට සමාගමෙන් ඉල්ලා අස් වෙන්න සිදු උනා. ඒ   අතරවාරයේ සකිචි තමන්ගේ ජිවිතයට අමතක නොවෙන මතකයන් කිහිපයක් එක් රැස් කරගනිමින්  ඇමෙරිකාවේ සහ යුරෝපයේ සංචාරයක් බලා ගියා. එහිදී තම රටින් බොහෝ ඈත දේශ වල තිබූ දියුණුව සහ ඇති මහත් වාහන සංඛ්‍යාව දැක  ඔහු  ඉමහත් පුදුමයට පත් වුනා. අලුත් දේවල් පසු පස හඹා හිය සකිචිගේ සිතිවිලි උඩු යටිකුරු කිරීමට ඒ මතක සටහන්  සමත් උනා. පසුව සිකිචි යලිත් වරක් ජපානයට ආවේ වාහන නිෂ්පාදනය ගැන සිහින දකිමින්.

තමන්ගේ වාහන සිහිනය කෙසේ හෝ මුදුන් පත්කරවාගැනීමට සිකිචිට තදින්ම අවශ්‍ය උනා. එය කොතෙක් ද කියනවනම්, මෙතෙක් කල් තමන් සතුව තිබූ මහා නිධානයක් බඳු වූ මහන මැෂින් තැනීමේ අයිතිය ඔහු යෙන් මිලියනකයට විකුණා දැමුවේ වාහන තැනීමේ සිහිනය කෙසේ හෝ සැබෑ කරගැනීමේ අරමුණින්. තම පුත්‍රයා වූ ඉචිරෝ ටොයෝඩා ගැන තදබල විශ්වාසයක් තැබූ සිකිචි ඒ මුදල් ඔහු අත තැබුවේ යම් දිනක අනිවාර්යෙන්ම වාහන හදන සමාගමක් පටන් ගත යුතු යැයි යන පොරොන්දුව මතයි

වාහන හැදීම ගැන එතරම් ලොකු විශ්වාසයක් නොතිබුණු ඉචිරෝ තම පියා මෙන්ම වාහන නිෂ්පාදනය ගැන අවබෝධයක් ගන්නට වහාම ඇමරිකාවට යන්නට වුණා. එහිදී වාහන නිෂ්පාදනය  ගැන ඉචිරෝ ගොඩාක් පැහැදුනා. මේ කාලෙදිම ජපන් ආණ්ඩුවටත්, තමාගේ රටේම කියා  වාහනයක් නිෂ්පාදනය කරගන්න තදබල ඕන කමක් තිබුණු නිසා, නව ව්‍යාවසායකයින්ට නොයෙකුත් පහසුකම්  ලබා දෙන්නත් ආණ්ඩුව කටයුතු කරා. මේ සියල්ල  සැලකිල්ලට අරගෙන නැවත ජපානයට පැමිණි ඉචිරෝ වාහන නිෂ්පාදනය වෙත යොමු උනා.

ටොයෝටා සමාගමට මෙන්ම ජපානයටත් වැදගත් සංදිස්ථානයක් එක කරමින් 1933 දී  පළමු වරට වාහන දෙකක් නිෂ්පාදනය කරන්න ටොයෝටා සමාගමට හැකි වුනා. මෙතෙක් කල් මහන මැෂින් සමාගමේ අනු ආයතනයක් ලෙස තිබූ වාහන නිෂ්පාදන අංශය, වර්ෂ 1937 දී ටොයෝටා මෝටර් කොම්පැණි (Toyota Motor Company) ලෙසින් ප්‍රධාන සමාගමක් බවට පත් වුනා.

ටොයෝටා සමාගමේ අභිප්‍රාය වූයේ එතෙක් ජපානයට ආනයනය කළ ෆෝර්ඩ් සහ ජෙනරල් මෝටර්ස් වාහන වලට වඩා ඉතා අඩු මුදලට ටොයෝටා වාහන අලෙවි කිරීමයි. මේ නිසා අලුත් සමාගමක් වුණත් ටොයෝටා වාහන ජපානය පුරාම  ශීග්‍රයෙන් ප්‍රචලිත වෙන්න පටන් ගත්තා.

ටෝයෝදා සිකිචි අනුස්මරණය වන්නට මුල් කාලයේ යොදා තිබූ නම  වූයේ “ටෝයෝඩා” යන්නයි. එහෙත් පසු කාලීනව, “ටොයෝටා” යන්න වඩාත් වාසනාවන්ත නමක් ලෙස ජපනුන් සැලකූ නිසා එය, අද අප කවුරුත් දන්නා ටොයෝටා බවට පත් කෙරුනා. ටොයෝටා යන්නෙහි සිංහල  තේරුම් වනුයේ  “සරුසාරවත් සහල්” යන්නයි.

බොහෝ සැලසුම් තියාගෙන ලොකු  තැනකට එන්න හිටපු ටොයෝටා සමාගම  දෙවන ලෝක යුද්ධය නිසා නැවත වතාවක්  බංකොලොත් තත්වයට පත් වුණා. මෙතනින් පසුව ටොයෝටාහි ගමන් මග බොහෝ කම්කටලු වලින් පිරුණු එකක් වුණා. ඒත් අවසානයේ 1950 දී ආරම්භ  වුණු කොරියානු යුද්ධය නිසා නැවතත් සමාගමට ගොඩ එන්න හැකි උනා. ඒ, ඇමෙරිකාව විසින් යුද්ධය සඳහා අවශ්‍ය ටොයෝටා වාහන  5000 කට අධික ප්‍රමාණයක් ඇනවුම් කිරීමෙන් පසුවයි.

දිනක් ඇමෙරිකාවේ සංචාරයක යෙදුනු ටොයෝටා සමාගමේ විධායකයෙකුට බොහොම වැදගත් දෙයක් සොයාගන්න ලැබුනා. ඒ තමයි, ඇමරිකානුවන් භාවිතා කළ විශාල ප්‍රමාණයේ මෝටර් රථ අතුරින් යුරෝපීය කුඩා මෝටර් රථ වලට හොඳ තැනක් හිමිව තිබූ බව. එවගේම එම කුඩා රථ වල මිල ජනතාවට උහුලන්න බැරි තරම් ඉහළ වුණු බවත් ඔහු නිරීක්ෂණය කරා.

මෙම නිරීක්ෂණයෙන් ඵල නෙලා ගන්නට වුණු ටොයෝටා සමාගම අඩු මුදලකට විකිණිය හැකි කුඩා මෝටර් රථයක් සාදන්න කටයුතු කරා. ඔවුන්ගේ මහන්සියේ ප්‍රතිඵලයක් ලෙසට ටෝයෝපෙට් ක්‍රවුන් (Toyopet Crown) නමින් ඉතිහාස ගත වූ  රථයක් ලොවට නිර්මාණය උනා.

මේ ක්‍රවුන් රථය ගැන අහස උසට බලාපොරොත්තු තියාගෙන සිටි ටොයෝටා සමාගමට අත් විදින්නට වූයේ සම්පූර්ණයෙන්ම විරුද්ධ දෙයක්. පුදුමයකට මෙන් මේ රථ ඇමෙරිකාවේ විකිණුනේ 300 ක් වැනි ඉතාම සුළු ප්‍රමාණයක්.

ජපනා  කොපමණ හොඳට මේ රථය  නිර්මාණය කරලා තිබුනත් ඔවුන් ඇමෙරිකාවේ මාර්ග තත්වය නම් හොඳහැටි අමතක කරලා තිබුනා. මේ  කාර් එක  ජපන් පාරවලට කොතරම් හොඳ උනත් ඇමරිකාවේ පාරවල් අහලකින් වත් තියන්න බැරි උනා. හයි වේ වල ගියපු මේ කාර් රත් වී  මග දෙපස හිටින්නටත්,  ඉහල වේගවලදී  පාලනය කරගන්න බැරුව ගොස් අනතුරට පත්වන්නටත්, ගැලුම් ගණන් ඉන්ධන බොන්නටත් උනා. එතැනින්ම ඇමරිකානුවන්ට මේ ක්‍රවුන් රථය එපාම වන්නට වුනා.  අවසානුයේ කැත නමක් හදාගත්තු ටොයෝටා සමාගමට ටෝයෝපෙට් රථය සහමුලිම නිර්මාණය කරන්නට සිදු උනා.

මේ අත්දැකීමෙන් ටොයෝටා සමාගම මෙන්ම  ජපානයත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. තමන්ගේ සේවකයන්ගේ තෘප්තියේ සිට වාහන එලවන රියදුරන්ගේ පහසුව දක්වා තිබෙන අංශු මාත්‍ර දෙයකම තත්වය ගැන ඉහලින්ම සිතන්න ටොයෝටා සමාගම කටයුතු කරා. එදායින් පස්සේ, තමන් හදන වාහනවල  තුබුණු ඒ දෝෂ මග හැරලා ඉහළ ගණයේ තත්ත්ව සහතිකයක් දීල ඉතාම හොඳ නිමාවකින් යුතු  රථ නිර්මාණය කරන්න ටොයෝටා සමාගමට හැකි වුණා. මේවගේ ලොකු කතාවකින් පස්සේ තමයි ලොව  ඉතාමත්ම සාර්ථකව විකිනුනු කොරොල්ලා මෝටර් රථය 1966 දී  වෙළඳ පොළට ආවේ.

ඔය අතර වාරයේම 1973 දී ඇමෙරිකාවේ ඇතිවුණු  තෙල් හිඟයෙන් කුඩා ප්‍රමාණයේ මෝටර් රථ වලට ලොකු ඉල්ලුමක් ආව. මේකෙන් පස්සේ ජපන් ටොයෝටා කාර් ඇමෙරිකාව පුරාම උණු කැවුම් වගේ විකිනෙන්න වුණා. මේ කාර් වල   මිලේ හැටියට වෙන කිසිම යුරෝපිය හෝ ඇමෙරිකානු වාහනයක්,  ටොයෝටා කාර් එකක් ළඟින්වත් තියන්න බැරි උනා. ඒ තරම් අඩු මුදලට වාහන විකුනන්න ටොයෝටා සමාගම කටයුතු කරා.

මේ විදියට ශීග්‍ර දියුණුවක් පස්සේ යමින් තිබුනු ටොයෝටා සමාගම කාලයත් සමග කැම්රි , සුප්‍රා , මාක්, සහ ප්‍රියස්  වගේ මාදිලිත් වෙළඳ පොලට මුදා හරින්නට කටයුතු කළා. ඒ රථත්   බොහොම ඉක්මණට ලොව පුරාම ජනප්‍රිය උනා.  1989 දී ටොයෝටා සමාගමේම අනු සමාගමක් හැටියට ලෙක්සස්(Lexus) සමාගම  බිහි වුනේ යුරෝපය මුල් කරගෙන. ඒ අනුව ටොයෝටා සමාගම ලෙක්සස් නම යටතේ ඉතා සුඛෝපභෝගී රථ පෙළක්  නිෂ්පාදනය කරලා යුරෝපයට නව මුහුණුවරකින් අලෙවි කරන්න වුණා.

දැන් අපි ටොයෝටා සමාගමේ අද තත්වය විමසා බලමු.

අද  වනවිට කවුරුත් දන්නා ටොයෝටා සමාගම විවිධ මාදිලි 100ක් යටතේ පමණ වාහන නිෂ්පාදනය කරනවා. 2015 වර්ෂයේදී ලොව විශාලතම වාහන නිෂ්පාදකයා වුනේ ටොයෝටා සමාගමයි.  එත් පසුව ඒ තැන වොක්ස්වැගන් සමාගමට දීල දෙවැන්න බවට පත්වීමට ටෝයෝටා සමාගමට  සිද්ධ වුණා.

ඒ කාලේදී ටොයෝටා සමගම වසරකට කාර් මිලියන 10.2 ක් හදන විට පළමු වැනි තැන හිටපු වොක්ස්වැගන් සමාගම හැදුවේ වසරකට කාර් මිලියන  10.3 ක් පමණයි. මෙතනින් තුන් වැනි තැන ගත්තේ කාර් මිලියන  9.8 ක් හදන ජෙනරල් මෝටර්ස් සමාගමයි. ඒ නිසා මෙය  ජර්මනිය, ජපානය සහ ඇමරිකාව අතර තිබූ තුන් කොන් සටනක් කියලත් කාටහරි කියන්නත් පුළුවන්. 2016 වසරේ විතරක් කාර් හදල ටොයෝටා සමාගම උපයපු අදායම ඩොලර් මිලියන 248 ක්! මේකෙන් ශුද්ද ලාභයම ඩොලර් මිලියන 20.3 වුනා.

අප දන්නා ගොඩාක් වාහන නාම  ටොයෝටා සමාගමට අයත් ඒවා කියුවොත් ඔබ පුදුම වේවි. ඒ අතරින් ඩයිහට්සු(Daihatsu), හිනෝ (Hino), සහ ලෙක්සස් සම්පූර්ණයෙන්ම වාගේ අයිති ටොයෝටා සමාගමට. ඒ වගේම සුබාරු සමාගමෙන් 16.7% ක් ප්‍රමාණයක් ද ඉසුසු සමාගමේ 6% ප්‍රමාණයක් ද අයිති වෙලා තිබෙන්නේත් ටොයෝටා වලට. ඒවගේම 2016 වෙන තුරුම ටෙස්ලා සමාගමේ 10%ක හිමිකාරත්වය දැරුවෙත් ටොයෝටා සමාගමමයි.

ඒ විතර නෙමෙයි, ටොයෝටා මවු සමාගමටම අයත් කියෝහොකයි (kyohokai) සමාගමටත් තව සමාගම් 300 ක පමණ අයිතිය තිබෙනවා. ඒ නිසා ටොයෝටා කියන්නේ නිකම්ම නිකම් කාර් හදන තැනක් නෙමෙයි කියල මතක තියාගන්න ඕනේ.

ටොයෝට සමාගමේ කර්මාන්තශාලා  රුසියාව, කැනඩාව, ප්‍රංශය,  තුර්කිය, එංගලතය සහ ඇමෙරිකාව ඇතුළු ලොව රටවල් 27ක් උරා පැතිරිලා තිබෙනවා. ඒවගේම තුන් ලක්ෂ 49 දහසක සේවක  මණ්ඩලයක්ද ටොයෝටා සමාගම සතු වෙනවා.

ඒ වගේම   ආදායම අතින් සලකුවාම ලොව නව වැනි ස්ථානය හිමිවන්නේත් ටොයෝටා සමාගමටමයි. මේ සා විශාල වත්කමක් උපයන ටොයෝටා සමාගම සමාජ සුභාසිද්දිය සඳහාත් සැලකිය යුතු මුදලක් වෙන කරනවා. ඒ අතරින් අධ්‍යාපනය, විපත් කළමනාකරණය, වන සංරක්ෂණයම  ආදිය මුල් තැනක් ගන්නවා.

ටොයෝටා ගැන ඔබ නොදත් පුදුමසහගත  කරුණු

1966 ඉඳන් ටොයෝටා කොරොල්ලා කොපමණ විකුණුනා ද කියනවා නම්, සෑම  තත්පර 37 කටම වරක් ටොයෝටා කොරොල්ල කාර් එකක් විකිණිලා තිබෙනවා. දැන් තත්වය ඊටත් වඩා වෙනස්. දැන් සෑම තත්පර 15 කටම වරක් ලෝකේ කොහේ හරි අලුත්ම අලුත් කොරොල්ල කාර් එකක් විකිනෙනවා.

මේ දක්වා විකුනපු ටොයෝටා කොරොල්ල කාර් මිලියන 44 ම එකක් පිටිපස්සේ එකක් තිබ්බොත් මේ පෘතුවියේ විෂ්කම්භය වගේ 5 පාරක් දිග පෝලිමක් හැදේවි.  ඒ වගේම මේ කොරොල්ලා රථ ධාවනය වුණු මුළු දුර බැලුවොත් පෘතුවියේ ඉඳල හඳට 50 වතාවක් ගිහිල්ල එන්නත්  පුළුවන්.

ඒවගේම වර්ෂ 1997 ඉඳල ලොව වැඩියෙන්ම විකිණෙන වාහන මාදිලිය වුණෙත්  ටොයෝටා කොරොල්ලා මාදිලියයි. තමන්ගේ නිෂ්පාදන වල ගුණාත්මක භාවය තියාගන්න ටොයෝටා සමගම කොපමණ පරීක්ෂණ කරනව ද කියුවොත් සෑම පැයකටම ඔවුන් ඩොලර් මිලියන 1ක් මුදලක් පරීක්ෂණ සඳහා පමණක්  වැය කරනවා.

ටොයෝටා කියන්නේ ලෝකප්‍රකට වෙළඳ නාමයක්. අප දන්නා කොකා කෝලා, මැක් ඩොනල්ඩ්ස් වගේ ප්‍රසිද්ධ නාමත් පැතිරිලා තියෙන්නේ රටවල් 100 ක වගේ ප්‍රමාණයක වෙනකොට ටොයෝටා සමාගම රටවල් 178 කම  ප්‍රධානම වෙළඳ නාමයයි.

ඒවගේම ටොයෝටා ප්‍රියස් රථය තමයි ලොව වැඩිපුරම විකිණෙන හයිබ්‍රිඩ් කාර් එක. 1997 ඉඳන් මේ වනවිට ටොයෝටා සමාගම හයිබ්‍රිඩ් කාර් 4.4 මිලියන පමණ විකුනළා තිබෙනවා.

ටොයෝටා කියන්නේ කෙතරම් අරුම පුදුම ආයතනයක් ද කියල දැන් ඔබට තේරෙනවා ඇති.

ඒවගේම දැන් ඔබට හිතෙන්න පුළුවන් ඒ දවස්වල තිබුණු ටොයෝටා මහන මැෂින් ව්‍යාපාරයට මොකද උනේ කියල. එත් ටොයෝටා සමාගම මුල නම් අමතක කරලා නැහැ. මහන මැෂින් නිෂ්පාදනයේ සහ රෙදි විවීමේ තවමත් යෙදී සිටින ටොයෝටා සමගම, දැන් හඳුන්වන්නේ Toyota Industries Corporation නමින්. ලොව forklift නිෂ්පාදනයේ ප්‍රමුඛයා ද වන්නේ මේ සමාගමමයි.

තමන්ගේ මව අමාරුවෙන් රෙදි වියමින් සිටිනවා දැකල  ඇයට උපකාරයක්  වීමට ආරම්භ වුනු ඒ යහපත් සිතුවිල්ල ලොව විශාලතම මෝටර්රථ සමාගම බවට පත් කරන්න පුළුවන් වුණ එක හරිම ආශ්චර්යයක් නේද? එත් උත්සාහය තිබේ නම් මොනවා කරන්න බැරිද කියන එක මේ කතාවෙන් අපිට හොඳටම පැහැදිලි වෙනවා. ඒ විතරක් නෙමෙයි, මිට පස්සේ ටොයෝටා වාහනයක් දැකපු වෙලාවකට මේ උත්සහවන්ත ආශ්චර්යමත් කතාව හොඳින්  මතක් කරගන්න.

දේශාන් වලල්ලාවිට

Source Link : Wishma Lokaya

කොන්ක්‍රීට් වලින් විශ්ව කර්ම වැඩ කල ආචාර්ය කුලසිංහගේ කතාව

කොළඹ ග්‍රහලෝකාගාරය හෝ වරායේ සම්බුද්ධත්ව ජයන්ති චෛත්‍යය හෝ පොල්ගොල්ල වේල්ල හෝ එකවරක් පමණක් නොව කීප වරක් දකින්නකු තුළ වුවත් විස්මයක් හට ගනු නො අනුමානයි. එහි නිර්මාතෘවරයා ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මහතා. අපේ රටේ කොන්ක්‍රීට් විශ්වකර්මයා ලෙස හැඳින්වෙන්නේ ඔහු. චෛත්‍ය, තට්ටු නිවාස, ආයතන, ගොඩනැඟිලි, වරාය, පාලම් යනාදි වශයෙන් ඉදිකිරීම් ගණනාවකට නිර්මාතෘ වන්නේ කුලසිංහ. බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවත නිදහස ලැබූ රාජ්‍ය අතරින් ශ්‍රී ලංකාව 1948 න් පසු බුද්ධිමත් දක්ෂ විද්‍යාඥයන් කීපදෙනකු ම බිහි කළ අතර ආචාර්ය කුලසිංහ ද ඔවුන් අතර එක් අයකු බව ආතර් සී. ක්ලාක් වරක් පවසා සිටියා.

1919 දී ජාඇළ උදම්විට උපන් ඒ. (අරුමා දර) එන්. (නන්දසේන) එස්. (සිල්වා) කුලසිංහ අධ්‍යාපනය ලැබුවේ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන් හා කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහලෙන්. ඔහු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිර්මාතෘ හා ප්‍රථම සභාපති. ශ්‍රී ලංකා ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය (NERD) ආරම්භ කරන ලද්දේත් කුලසිංහයන් විසින්. විවිධ අවදීන්හි විවිධ ආයතනවල නිලතල දැරූ හෙතෙම ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් සම්මාන ගරු බුහුමන් බොහෝමයක් ලබා තිබෙනවා. 1979 දි මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඔහුට ආචාර්ය උපාධිය පිරිනැමුවා. පෙරසවි තාක්ෂණය (PRE STRESSED CONCRETE) හඳුන්වා දීමේ පුරෝගාමියා ආචාර්ය කුලසිංහ. ඒ අනුව ඔහු ඉදිකිරීම් රැසක් කර තිබෙනවා.

වරක් අපේ රටේ නිවාස හා ඉදිකිරීම් ඇමැතිවරයෙක් නිවාස ඉදිකිරීම් සඳහා අඩු වියදම් තාක්ෂණික උපදෙස් ගැනීමට මැලේසියාවට ගොස් තිබෙනවා. එහිදි මැලේසියානු නිවාස හා ඉදිකිරීම් ඇමතිවරයා අපේ ඇමැතිට කියා ඇත්තේ මෙවැන්නක්. “අපිත් නිවාස ඉදිකිරීම්වලදි තාක්ෂණික උපදෙස් ගත්තේ ඔබේ රටින්. ඒ කියන්නේ කුලසිංහ නමැති දක්ෂ ඉංජිනේරුවරයාගෙන්. එහෙම අය ඔබේ රටේ ඉද්දි ඔබලා මොකටද එන්නේ අපෙන් උපදෙස් ගන්ට.” කුලසිංහයන් මැලේසියාවේ පමණක් නොව ඉන්දුනීසියාව, සිංගප්පූරුව, පිලිපීනය, තායිලන්තය වැනි රටවල ද උපදේශක ඉංජිනේරුවකු ලෙස කටයුතු කර තිබෙනවා.

පෙරසවි තාක්ෂණය ඇතුළු විවිධ තාක්ෂණික විධික්‍රම 25ක් පමණ කුලසිංහයන් සොයාගෙන තිබෙන බව පැවසෙනවා. කොළඹ වරායේ සම්බුද්ධත්ව ජයන්ති චෛත්‍යය , මාලිගාවත්ත මහල් නිවාස පිහිටි තැන 1960 ගණන්වල තිබුණේ විශාල මඩ වගුරක්. “කුලසිංහට පුළුවන්ද ඔය මඩ වගුරේ ගෙවල් හදන්න.” ආර්. ප්‍රේමදාස මහතා දිනක් කුලසිංහගෙන් ඇහැව්වා. “හා හොඳයි” ඒ කුලසිංහගේ පිළිතුර. ඒ මඩවගුරේ තට්ටු හතරේ ගෙවල් හැදුවේ එලෙසින්. ඉන්පසු නාරාහේන්පිට මහල් නිවාසත් ඔහු යටතේ ඉදිකෙරුණා.

කුලසිංහයන්ගෙන් සිදු වූ මහානාර්ඝ සේවයක් වන්නේ වසර 30 කින් ඉදිකිරීමට ‍යෝජිතව තිබූ මහවැලි ව්‍යාපෘතිය වසර 6 කින් නිම කිරීමයි. කඩිනම් මහවැලි ව්‍යාපෘථිය යටතේ වූ නළ මාර්ග හා විදුලිබල මධ්‍යස්ථාන ඇතුළුව වික්ටෝරියා, කොත්මලේ, මාදුරු ඔය, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ ඉදිකිරීම කටයුතු අධීක්ෂණය කළේ මොහු.

නායයෑම්වලට හේතුව මහවැලිය කඩිනම් කිරීම බව ඇතැමුන් චෝදනා කරද්දි කුලසිංහ තර්කානුකූලව පෙන්වා දුන්නේ ඊට හේතුව වන්නේ කැපීමෙන් සිදුවන පස සෝදා යෑම බවයි. ධීවර වරාය ගණනාවක ම නිර්මාතෘ කුලසිංහ හම්බන්තොට වරාය ගැන ඔහු කලකට ඉහත දී දැක්වූ ආකල්ප මොනතරම් සාධනීයදැයි ඔහුගේ පහත වන ප්‍රකාශයෙන් සාක්ෂාත් වෙනවා. “හම්බන්තොට වරායක් හැදුවොත් ලංකාවට විශාල ආදායමක් එනවා. ඒක මහවැලියටත් වඩා විශාල ව්‍යාපෘතියක් වෙනවා. මුළු වැඩේ ම අපිට කරන්න පුළුවන්; පිටරට උදව් නැතුව.” මිරිස්ස, තංගල්ල, යාපනය, බේරුවල ධීවර වරාය කුලසිංහයන්ගේ නිර්මාණ. තාර ඇතිරූ මහාමාර්ගවලට කොන්ක්‍රීට් දැමීම, දුම්රිය මාර්ගවල දැව සිල්පර වෙනුවට කොන්ක්‍රීට් සිල්පර දැමීම, පූට්ටු පාලම් ඉදිකිරීම් කුලසිංහයන් ගේ අධීක්ෂණය යටතේ සිදුවුණු තවත් වැදගත් ක්‍රියාකාරකම්.

දුම්රිය මාර්ගවලට කොන්ක්‍රීට් සිල්පර දැමීමෙන් සියයට විසිපහක මුදලක් ඉතිරි කර ගත හැකි බවත් ඔහු පෙන්වා දුන්නා. දේශීය ඉංජිනේරුවන් ගේ ශිල්පීය හැකියාව කෙරෙහි කුලසිංහයන් සියයට සීයක් විශ්වාසය තැබුවා. විදේශීය උපදෙස් ගැන ඔහු ඒ තරම් තැකීමක් කළේ නැහැ. ඔහු ඇතැම් අවස්ථාවලදි විදේශීය ඉංජිනේරුවන් සමඟ ගැටුණු බවක් ද සඳහන් වෙනවා.

ඊට හොඳම නිදර්ශනයක් තමයි මාදුරුඔය ජලාශයේ ඉදිකිරීම්. මෙහි ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පැවතියදි ඉහළින් ලැබුණු නියෝගකින් කියැවුණේ ඉදිකිරීම් වහාම නවතා දමන ලෙසයි. එයට ‍හේතුව වුණේ කැනඩාවෙන් ඉංජිනේරු කණ්ඩායමක් පැමිණීම. මෙයින් වියදම සිවු ගුණයක් වන බවත් කිසියම් ප්‍රමාදයක් සිදුවන බවත් කුලසිංහයන් පෙන්වා දුන්නත් වගකිව යුත්තන් එය ගණනකට ගත්තේ නැහැ.ග්‍රහලෝකාගාරය අවසානයේ සිදුවූයේ කුමක් ද?

මිලියන 650 කින් නිම කරන්නට සැලසුම් කර තිබූ මෙම ජලාශය විදේශ ආධාර යටතේ ඉදිකිරීම සඳහා මිලියන දෙදහස් අටසීයක් වැයවීම. එපමණක් නොවේ. දේශීය සැලසුම්වලට මෙගාවොට් 6 ක විදුලි බලාගාරයක් ද ඇතුළත් වුණා. ඒත් කැනඩා සැලසුම්වල එවැන්නක් තිබුණේ නැහැ. ඒ නිසා ඉන් ලැබෙන වාසිය ද අපේ රටට අහිමි වුණා. ප්‍රතිඵලය වුණේ මාදුරු ඔය ජලාශයේ ජලය අපතේ ගලා ගෙන යෑමයි. වානේ සංස්ථාව හා පිටි කම්හල ඉදිකිරීම්වලදී ද මෙවැනි පරස්පර විරෝධතා නිසා කුලසිංහයන් රුසියානු ඉංජිනේරුවන් සමඟ ගැටුණු බව ඔහුගේ සමකාලීයන් කියා තිබෙනවා.

කළුතර බෝධිය කුලසිංහයන්ගේ තවත් මාහැඟි නිර්මාණයක්. මෙහිදි ඔහුට ගැටෙන්න සිද්ධ වුණේ අපේ ම අය සමඟ. මහාචාර්ය සෙනරත් පරණවිතාන කුලසිංහගේ සැලස්මට එකඟත්වය පළකළේ නැහැ. මෙහි සැලැස්ම වුණේ ගෘහයක් සහිතව චෛත්‍යය පිහිටීම. දුටුගැමුණු යු‍ගයේවත් මෙවැනි ගෘහයක් සහිත චෛත්‍යයක් ඉදිකර නැති බව පරණවිතානයන් තර්ක කළා. ඊට කුලසිංහ දුන්නේ මෙවන් පිළිතුරක්.

“දේශීය පැරණි තාක්ෂණය මා අගය කරනවා. පස්වලින් වේලි හදපු රටක් මේක. ඒත් දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලේ අද මේ තියෙන තාක්ෂණය තිබුණේ නැහැ. තිබුණ නම් එතුමත් අනිවාර්යයෙන්ම යොදා ගන්නේ මේ තාක්ෂණය. චෛත්‍යය හදන්නේ ගඟක් (කළු ගඟ) ආසන්නයේ. වර්ග අඩි 100 ක විෂ්කම්භයක් ඇති මේ චෛත්‍යය ගලෙන් බැන්දොත් ඒක ගිලා බහිනවා.”වික්ටෝරියා වේල්ල කළුතර චෛත්‍යයේ නිර්මාණ සැලැස්ම දුටු ලංකාවේ කිසිම ඉදිකිරීමේ සමාගමක් එය ඉදිකිරිම භාර ගත්තේ නැහැ.

අවසානයේ කුලසිංහ ම ඉදිරිපත් වී චෛත්‍යයේ වැඩ නිම කළා. (මෙහි වටදාගෙය වාස්තු විද්‍යා උපදේශක ජස්ටින් සමරසේකර නිමැවුමක්) අපේ රටේ ඉදිකිරීම් ප්‍රතිපත්තියක් නැති කම ගැන කුලසිංහයන් නිරන්තරවම කතා කළා.

“අපේම සම්පත් උපයෝගි කරගෙන, දේශගුණයට සරිලන පරිදි වියදම් අඩු, පරිසරයට හානියක් සිදු නොකරන ඉදිකිරීම් ප්‍රතිපත්තියක් අපි හදාගන්න ඕනෑ.” ඒ ඔහු කියූ දේ. එවිට විදේශීය සමාගම්වලට ඉදිකිරීම් කොන්ත්‍රාත් දීම අවශ්‍ය නොවන බව ඔහු කියා සිටියා. 2002 වසරේ ප්‍රකාශනයට පත් කුලසිංහ අභිනන්දන ග්‍රන්ථයට ලිපියක් ලියන ආතර් සී. ක්ලාක් කියා ඇති දෙයකින් මෙම ලිපිය නිම කිරීම උචිත යැයි මා කල්පනා කරනවා. “බටහිරින් පැමිණි ඉතාමත් හොඳ යැයි සැලකුණු තාක්ෂණික ක්‍රම වෙනුවට දේශීය ප්‍රශ්නවලට දේශීය විසඳුම් සෙවීමට ඔහු (කුලසිංහ) උත්සාහ ගත්තේය. ඒ දේශීය හැකියාව හා දේශීය සම්පත් යොදා ගනිමිනි.

Source Link : Wishma Lokaya

මෙම ආහාර වර්ග ප්‍රචලිත කලොත් ලංකාවේ නැවත යෝධයන් බිහි වෙනවා

රටේ අතීත සුවිසල් ඉදිකිරීම් අතරට ගැනෙන මහා දාගැබ්, වැව් අමුණු, ඇළ මාර්ග, බලකොටු, ගොඩනැගිලි, මං මාවත් තැනුවෝ සාමාන්‍ය ජනතාව නොව යෝධ ශක්තිය ඇති යෝධයෝ යැයි අපේ රටේ තිබෙන ජනප්‍රිය මතයකි. උසින්, මහතින්, ශක්තියෙන් අතිශය දැවන්තයින් ලෙස අප අසා ඇති යෝධයින් හැබෑවටම කවුරුන්ද?

ඔවුන් සාතිශය දේහධාරීන් ද? යෝධයින් ලක් ‍පොළොවෙන් වැළලී ගියේ කෙසේද? යන ඉතා සාධාරණ ගැටලු රැසක් අප හමුවේ ඉතිරිව ඇත. සැබැවින්ම ඔවුන්ගේ කිසිදු භෞතික ශේෂයක්, අස්ථි ශේෂයක් හමු වී නැත. ඉන් කියවෙන්නේ කුමක්ද? අප වත්මන් යෝධයන් ලෙස කතාන්තරවල දකින පුද්ගලයන් ඇත්තෙන්ම උසින්, මහතින් යුතු දැවැන්තයන් නොවන බවයි. ඔවුන් යෝධයන් ලෙස නම් කළේ ඔවුන් සතු අධි Yodayan මානසික, අධි කායික, ශක්තීන් හේතුවෙන් විය හැකිය. අතීතයේ යෝධයන් වූයේ දැවැන්ත ශරීර සහිත මිනිසුන් විශේෂයක් නොවන බවට තර්ක කිහිපයක් ඇත.

• කිසිදු පුරාවිද්‍යාත්මක කැණීමකින් යෝධයකුට අයිති කිසිදු අස්ථියක්, දතක් හෝ වෙනත් කිසිදු භෞතික ශේෂයක් හමු වී නොමැත.

• මානව ජාන විශ්‍ලේෂණයකින් කිසිදු අයුරකින් යෝධ මානව පැලැන්තියක් තැනීමට අවැසි ප්‍රතිජානාත්මක ප්‍රජනන ශක්තීන් හෝ ඩී.එන්.ඒ. ෙසෙල නිෂ්පාදනයක් වූ බවට සාධක නොමැත.

යෝධයා වූ කලී අධිෂ්ඨානශීලී කායික මානසික ශක්තීන් උපරිමයෙන් ක්‍රියාවට නැංවූ අතීත මිනිසාය. ගැහැනියය. ඔවුන් එබඳු වික්‍රමයන් පාන්නට පෙළ ගැසුනේ කෙසේද? ශාරීරික ශක්තිය හා මානසික ශක්තිය සොබා ශක්තිය සමග මුසු කරගත් කල ප්‍රභාවත්, ප්‍රතාපවත් යෝධයෝ බිහි නොවේද ? ඒ බව හෙළි වන්නේ වාසල මුදියන්සේලාගේ ගෙදර කිරි බණ්ඩා දුක්ගන්නා රාළගේ ඓතිහාසික තල්පත් කී කතාවලිනි.

රජවාසල මුළුතැන්ගෙයි භාරව සිටි පරම්පරාවක පුරුකක් සොයා හසලක විල්ගමුවේ යාය 2 කැලෑ ගම්මානයට ගියෙමි.

රාජකීය භෝජනාගාරයේ දුක්ගන්නාරාළ පරපුරේ පුරුක් දෙකක් හමු වුනෙමි. ඔවුන් ඉංග්‍රීසි ආණ්ඩුවේ පළිගැනීම්වලට ලක් වූ 1818 දී පිටුවහල් කරන ලද දේශීය සිරකරුවන් ලැයිස්තුවේ සිටින දේශද්‍රෝහීන් යැයි රොබට් බ්‍රවුන්රිග්ගේ උදහසට ලක් වූ පරපුරේ සිටින්නෝ වෙති.

උඩරට නිදහස් අරගලයට සහාය දුන් බවට චෝදනා ලැබ පානමට පිටත් කර හරින ලද කණ්ඩායම 1818 මාර්තු 16 දා පානම පදිංචියට පැමිණි අතර ඉන් කොටසක් කුල හීනයන් සමග මිශ්‍රව පදිංචි කරවා බලහත්කාරයෙන් විවාහ කරවා වංශවත් පවුල් සියල්ල සුනු විසුනු කරද්දී මොවුන් පානමින් පැනගොස් රහසේ ගොපල්ලන් ලෙස විල්ගමුවේ යාය 2 ගම්මානයට වැදී දුකසේ කල්ගත කරයි.

දුක්ගන්නාරාළ පරපුරේ තිබූ ඉතා වැදගත් පුස්කොළ ‍පොත් රැසක් ඉංග්‍රීසින් පුළුස්සා දමා තිබේ. ඒ අතරින් සඟවාගෙන පැමිණි ඉතා අගනා පුස්කොළ ‍පොතකින් උපුටා ගත් රහස් ඔසු කිහිපයක් හා සහල් ප්‍රභේද, කෙසෙල්, පලතුරු, අල වර්ග හා කැඳ වර්ග කිහිපයක් මෙසේ පෙළගස්වනු ලබයි.

පැරැන්නෝ දිනකට වේල් 02ක් බත් ආහාරයට ගත්තාහ. කුරක්කන්, අමු, මෙනේරි වැනි තෘණ පවු‍ලේ ධාන්‍ය හෝ අල වර්ග කොස්, දෙල්, කටු අල වැනි බෝගයන් තෙවන වේලට සරිකර ගනී. රජගෙයි සහල් වර්ග 125ක් ගබඩා කරන ලද අතර ඒවායින් රජුට අවැසි පරිදි රජුගේ සෞඛ්‍ය තත්ත්වය, පවතින කාලගුණ, දේශගුණ තත්ත්වය, නිරෝගී භාවය සලකා බලා ශක්තිය වර්ධනය කෙරෙන සහල් වර්ග තෝරා බේරා ගෙන ආහාර සැකසුවේ අපේ කතානායක පරපුරේ ආදිතමයන් බව ඔවුහු ඉතා ගෞරවයෙන් පවසති.

පාරම්පාරික වී වර්ග 3000කට වඩා වැඩි ප්‍රමාණයක් දේශීය ගොවියා සතුව පැවැතිනි. අද වන විට ඒවායින් කිහිපයක් පමණක් ඉතිරිව ඇත. රජමාලිගයට හා දළදා මාලිගයට පිළියෙළ කරන ලද වී ප්‍රභේද 125කි. දේශීය වී වර්ගවලින් ශක්තිය අධිකව මුදාහල අතරම ජීවී සෛල තුළ නිෂ්පාදනය වන අහිතකර විෂ තත්ත්වයන් නැසීමට අවැසි ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළ අගයක් ගනී. දියවැඩියාව, කොලෙස්ටරෝල්, හෘද රෝග ආදිය නැසීම නිරායාසයෙන්ම සිදු වෙයි. පාරම්පරික වී වර්ගවල ප්‍රතිඔක්සිකාරක ගුණය 0.2 සිට 3.7 දක්වා ඉහළ අගයක් ගනී. වැඩිදියුණු කරන ලද වත්මන් වී වර්ගවල එය 0.7 සිට 2.1 දක්වා අඩු අගයක් ගනී. නිවුඩු සහල්වල තිබූ ජීර්ණමය තත්ත්වය අද වන විට ඇති සුපිරිසිදු සහල් වලින් කිසිවිටෙක නොලැබෙයි.

රජගෙදර මුළුතැන්ගෙයි නායකත්වය හිමිකර ගත් දුක්ගන්නාරාළවරු රජුගේ සෞඛ්‍ය සම්පන්න බව හා නිරෝගී බව පිළිබඳව කෙතරම් සැලකිලිමත් වූවේද යත් දෙයියන්ගේ වෙල වැනි රජුට ධාන්‍ය සැපයූ වෙල් කුඹුරු වෙත යාම ‍පොදු ජනයාට තහනම්ව තිබූ අතර රාජකීය අටුවේ තැන්පත් කරන ධාන්‍ය පිළිබඳ වගකීමද දරා ඇත. සමබල ආහාර වේලකට අවැසි හෙළ අවුළු පවා ඉතා ප්‍රවේශම් සහගතව වගා කෙරේ. හෙළ අවුළු වනාහි එළවළු යන්නෙහි පර්යාය පදයයි.

දළදා මාලිගය සහ රජගෙදර භෝජනයට පිළියෙළ වූ භෝජන අතරට සෞඛ්‍ය සම්පන්න කැඳ වර්ග විශේෂ විය.

අතුරුපස සඳහා කෙසෙල් ප්‍රමුඛ විය. සියයකට වඩා අධික වූ කෙසෙල් වර්ග අතර ඒ සියලු කෙසෙල් වර්ග අතරින් ඖෂධීය ගුණ හා ‍පෝෂණීය වටිනාකම ජීර්ණ පද්ධතියට හිතකර බව කෙබඳුද යන්න මේ දුක්ගන්නාරාළවරු සිය අත්දැකීමෙන් පවසයි.

කිරි බණ්ඩා හා සුදු බණ්ඩා සොයුරන් දෙදෙනා රජගෙයි දුක්ගන්නාරාළ තනතුරේ කටයුතු පිළිබඳව සිය පරම්පරාවෙන්  උගත් තොරතුරු මහත් ගෞරවයෙන් ඉදිරිපත් කරන අතර තමුන්ගේ මී මුත්තා රාජ පරපුරටම ඥාතීත්වයක් දක්වන්නා වූ දුක්ගන්නාරාළ තනතුරෙහි ප්‍රවීණයෙකැයි පවසයි. මී මුත්තා සෙනරත් රජුගේ දුක්ගන්නාරාළයි.

ඌව වෙල්ලස්ස නිදහස් අරගලයේදී රාජකීය දුක්ගන්නාරාළවරුන් සුදු කිරීටයේ උදහසට ලක්වන දේශද්‍රෝහීන් බවට පත්විය. ත්‍රස්තවාදයට බිය වූ මොවුහු අත්‍යවශ්‍යම දේ පමණක් රැගෙන මැද මහනුවරින් පලා ගියහ. ඒ යන අතරතුරදී පෙට්ටගමේ දැවෙමින් තිබූ අගනා ඖෂධ හා රහස්‍ය බෙහෙත් වට්ටෝරු සහ රජුගේ සුවිශේෂී ආහාර කට්ටල් සහිත පුස්කොළ ‍පොත් දෙක වාසල මුදියන්සේලාගේ ගෙදර කිරි බණ්ඩා දුක්ගන්නාරාළ විසින් ඇඳි වතට අමතරව රැගෙන පලා ගොස් තිබිම සිය රාජකාරිය ඉටුකළ අයුරු සහ වෘත්තීය ගෞරවය ආරක්ෂා කළ අයුරු සිහි ගන්නා වූ කදිම අවස්ථාවකි.

මෙම පුස්කොළ ‍පොත් දෙකෙහි පත් ඉරු ගණන විසි අටකි. ඒ තුළ පාලි පද්‍යයෙන් ලියවුණු රහස්‍ය බෙහෙත් වට්ටෝරු හතක් මහ වාසල මුළුතැන්ගෙයි කාර්යාවලිය දැක්වෙන කැඳ විශේෂ, පලතුරු, පළා සඳහන් කරයි. මෙම සුවිශේෂී වූ පුස්කොළ ‍පොත් කිසිදු සංරක්ෂණයකට භාජනය වී නැති අතර ඒවා සංරක්ෂණය කිරීමට හා කෞතුකාගාරයේ තැබිමට ඔවුන් මැලි වේ. ඒ තුළ අන්තර්ගත සියලු තොරතුරු පිළිබඳ පුළුල් පර්යේෂණයක් මවිසින් කළ බැවින්  එහි තිබූ ප්‍රත්‍යක්ෂ ඖෂධ හා වාජීකරණ ඖෂධ අතුරින් කිහිපයක් මෙහි ඉදිරිපත් කරනු ලැබේ.

නහර අප්‍රාණිකත්වය මුළුමනින්ම නසාලන පේෂී හා අස්ථි සුරැකෙන, හෝමෝන වර්ධනය වේගවත් කරන කිසිදු වෙනත් උපද්‍රවයන්ගෙන් තොර බෙහෙත් වට්ටෝරු දෙකක් තමන් සතු බවත් ඒවායෙහි ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ලබා ඇති බවත් මේ සොයුරෝ දෙදෙනා සඳහන් කරති. පුංචි මැණිකේ මාතාව මේ දෙදෙනාගේම බිරිඳයි. මොවුන්ට දරු දැරියෝ දහතුන් දෙනෙක් දැනට 81 හා 79 වියෙහි පසුවන අයියා, මලෝ දෙදෙනාගේ බිරින්දෑ වූවත් තවමත් ඉතා නිරෝගීව සිට සෑම ආහාර වේලකටම මැල්ලුමක් එකතු කර ගන්නා පුරුද්දක් සහිත විස්තෘත පවුලකි.

පුරාණ ශ්‍රී ලාංකිකයා මානසික ශක්තියෙන්ද, චිත්ත ඒකාග්‍රතාවයෙන්ද, කිසිවෙකුටත් දවෛනි නොවූ බව ශේෂ වී ඇති නිර්මාණයන් අපට කියා පායි. ගල් කණු 1600කින් නිර්මිත ලෝවාමහාපායට දිග් ග‍ලේ සිට පාෂාණ කුලුනු නිර්මාණය කොට ප්‍රවාහනය කළේ කෙසේද? ඒ සඳහා දේහ ශක්තියට අමතරව චිත්ත ශක්තිය භාවනා වැනි ව්‍යායාමයෙන් ළඟා කරගත් බව පෙනී යයි. එපමණක් නොව ලොව අනගිතම නිර්මාණ ගණයට ගැනෙන මූර්ති, චිත්‍ර, ආභරණ රසවින්දනයෙන් අනූන ගැදි පැදි සාහිත්‍ය සියල්ලක් අතීත ඥාතීහු සිය කාර්යය සාපල්‍යතා අතරින් අපට ඉතිරිකර තිබේ.

වයස අවුරුදු 13 සිට 59 දක්වාම කාන්තාවෝ දරුවන් බිහි කිරීමේ ශක්තියෙන්ද, පිරිමින් සතුව අවුරුදු 75 වනතුරු ප්‍රජනන ශක්තියෙන් යුතු වූ බව දුක්ගන්නාරාළ පරපුරෙන් පැහැදිලි වේ. ඒ සඳහා විශේෂිත ආහාර, කෙම් ක්‍රම, පාන වර්ග හඳුනාගෙන තිබූ අතර කායික ශක්තිය, මානසික ඒකාග්‍රතාවය හා බැඳුනු පැරැන්නෝ ස්වකීය වර්ගයාගේ යහ පැවැත්ම හා අභිවෘද්ධිය වෙනුවෙන් ආයෝජන ඉතිරි කිරීම් වර්ධනය කර තිබේ.

හතරකෝරළයේ බුලත්කොහුපිටිය කැන්දව ගමේ ඩිංගිරි මැණිකේ මහත්මිය දුක්ගන්නාරාළ පරපුරේ දියණියකි. දරුවන් 18 දෙනෙකුගේ මවක් වන ඇය උත්තුංග කඳු තරණය කරනුයේ තවමත් සිය ශාරීරික ශක්තිය වර්තමාන මව්වරුන්ට පෙන්වමිනි. “ සිංහල අවුරුදු දාට 146 දෙනෙක් බුලත් දෙන්න එනවා.” ඒ වීරෝදාර මාතාවගේ සතුටයි. 146 දෙනා තම දරු දැරියන්ගේ දරු මුණුපුරන් පමණි. අවුරුදු 61දී උපන් සිරියාවතී මේ මවගේ බඩපිස්සිය වේ. “ සිරියාවතී ඉපදෙනකොට ලොකු දුවගේ පුතා කසාද බැඳලත් ඉවරයි.” මේ පරම්පරා ධූරාවලියේ සත්‍ය වු ස්වරූපයයි.

කෙසේනමුදු දුක්ගන්නාරාළ පරපුරේ ඇත්තෝ ජාතියට කියන පණිවුඩයක් ඇත. ඒ අනෙකක් නොව ආරෝහ පරිණාහ දේහයකින් යළි නැගී සිටින්නට නම් අතීත උරුමය ලෙස හයාගත් මුවින් බලා සිටිනු හැර ඒ උත්තුංග නිර්මාණ කළ මිනිසාගේ ශක්තීන් උරා ගන්නට කටයුතු කරන්නැයි කරන ආයාචනයයි.

ලක්බිම – විරාජ් නිරංජන් බාලසූරිය

Source Link : Wishma Lokaya

ඉක්මණින් ගිරි අදින සේ රෝස දණ්ඩක් සිටුවා ගන්නා හැටි

දේශීය මෙන්ම විදේශීයව ඉහළ ඉල්ලුමක් පවතින රෝස මල් වගාව කෙරෙහි වැඩි දෙනකුගේ අවධානය යොමුව පවතින අතර ලොකු කුඩා අප කවුරුත් රෝස මල කෙරෙහි දක්වන්නේ අසීමිත ආදරයකි. වර්තමානයේ එක් රෝස පඳුරක් වත් නොමැති නිවෙසක් හෝ ගෙමිදුලක් දක්නට නොලැබෙන්නේ ද ඊට ඇති අපිරිමිත සෙනෙහස නිසාවෙනි.සාමාන්‍යයෙන් රෝස වගාවක නිරත වන්නේ නම් මනා ඉවසීමක්  තිබිය යුතු අතර ඒ කෙරෙහි වැඩි අවධානයක් ද යොමු කළ යුතුවේ. විශේෂයෙන්ම පරිසරයට ගැළපෙන ලෙසින් තම සිතැඟි පරිදි රෝස ගසක් හෝ වගාවක් නිර්මාණය කර ගැනීමේ දී වැඩි සැලකිල්ලක් දැක්විය යුතු අතර ඒ සඳහා වැඩි කැපවීමක් ද කළයුතු වේවි.අනෙකුත් මල් වගා කිරීමේ දී මෙන්ම රෝස වගාවේ දී ද වගා භූමිය සහ පස පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතුවේ.

වියලි පසේ රෝස වගා කිරීම

වියලි පස රෝස වගාවට යොදාගන්නේ නම් පැන නගින ප්‍රධාන ගැටලුව ජලය එහි රදා නොසිටිමයි.මේ නිසා පස වියලී යයි.ශාකවලට මෙම වර්ගය සුදුසු නැත.විශේෂයෙන්ම රෝස ශාකවලට මෙය නුසුදුසුය.ඊට හේතු වන්නේ රෝස පැළ සිටුවීමෙන් පසු පොහොර යෙදීම කළහොත් දින කිහිපයකින් පොළවට පොහොර ගිලා බසී.ජලය රැදී නොසිටීම නිසා ශාකය මැරී යයි.නැතිනම් වියළී යයි.මේ සදහා සුදුසු පරිදි පස සකස් කිරීම සදහා ගෙවත්තේ තෝරා ගත් බිම් අඩි 1 2/1 ක් පහළට හා අඩි 1ක් ගැඹුරට කපා පස ඉවත්කල යුතුය.ඉන්පසු ඇතුලට තණකොළ පිඩලි ,ඇටකටු පොහොර,කොළ පොහොර,වැලි 2:2:1 අනුපාතයට මිශ්‍ර කොට අගල් 6 සිටින සේ පළමුව මිශ්‍රණය යොදා ඉන් පසු පැළය සිටුවා පසුව වටේට ඉතිරි පස් මිශ්‍රකොට පුරවා දැමීම අවශ්‍යය. පසුව දිනකට දෙවරක් ජලය යෙදිම සුදුසුය.

මැටි ආශ්‍රිත පසේ රෝස වගා කිරීම

මැටි පසේ ප්‍රධාන ලක්ෂණය ජලය බැස නොයාමයි.ජලය රඳා පැවතීම සදහා පසෙහි වාතාශ්‍රය අඩුය.මේ නිසා වියළි කාල වලදී පස වියළී යන ස්වරූපයක් දකී.මැටි පසේ රෝස වගා කිරීමේ දී මුලින්ම අවශ්‍යය ප්‍රමාණයට පාත්ති සකස්කොට ගැනීමෙන් පසු පස පුළුස්සා ඉන් දින කීපයකට පසු පාත්ති මත හුණු කුඩු ඉසීම අවශ්‍යය වන්නේ පසේ ආම්ලිකතාවය අඩු කිරීමටය. ඉන්පසුව කොළ පොහොර ගොම සමග වැලි 2:2:1 මිශ්‍රණයට එක්කොට ,පැළ සිටුවා වැලි පසෙහි පොළව සකස් කල ආකාරයට සකස්කර ගැනීම වැදගත්ය.

ලොම් ආශ්‍රිත පසේ රෝස වගා කිරීම

ජලය හොදින් බැස නොයන දැඩි ලොම් පස ඉතාමත් සාරවත් පසකි.රෝස වගාවට එවැනි සාරවත් පසක් ද සුදුසු නොවේ.මේ නිසා රෝස වගාව සදහා ඒ පස සුදුසු ලෙස සකසා ගත යුතුය.මෙහිදී අඩි 02 ක් ගැඹුරට වළක් කපා ගැනීමෙන් පසු අඩි1 1/2 පමණ පළල් කොටසක පස් හොදින් බුරුල් කොට වියළාගත් ගොම කුඩු එකතුකොට ඉතිරි කොටසට කොළ පොහොර හා වැලි සමව මිශ්‍ර කළ යුතුය.ඉන්පසු රෝස පැළය සිටුවා ගන්න.

හුණු පස වගාව‍ට යොදා ගැනීම

හුණු පස රෝස වගාවට සුදුසු නොවේ.ඓහෙත් පස් ඒ තත්වයට පත්කළ හැක.මුලින්ම කපාගත් වැලි පස් ඉවත් කොට ඉන්පසු පොළව යටට තණ පිදලි අලවා පස් මිශ්‍රණය වැලි,ගොම , කොළ පස් 2:2:1 අනුපාතයට මිශ්‍රකොට ඉන්පසු පැළය සිටුවන්න. ජලය අවශ්‍යය ප්‍රමාණයට යෙසිය යුතුය.

ජලය රඳා පවතින පසේ රෝස වගා කිරිම

කොතරම් හොදට පස සකස් කළත් පොහොර යෙදුව ද ,ජලය නිසි ලෙස බැස නොයන්නේ නම් සාර්ථක රෝස වගාවක් කළ නොහැකිය.එහි දී ජලය බැසයාම සදහා අවශ්‍යය ලෙසට කාණු හොදින් සකසා ගැනීමඅවශ්‍යය.නැතිනම් තණ පිඩලි යොදා සකස් කොට ගත යුතුය.

තවද රෝස දණ්ඩක් ඉක්මනින් ගිරි අද්දවා ගැනීම සදහා පහත විශේෂ ක්‍රමය ඔබට භාවිතා කිරීමටත් පුළුවන්. මේ සදහා ඔබට පස් අවශ්‍ය නොවන අතර අර්තාපල් ගෙඩියක් පමණක් අවශ්‍ය වේ.

Source Link : Wishma Lokaya

බොරු කරන මිනිසුන් හදුනා ගැනීම සදහා රහස් පොලිස් නිලධාරීන් භාවිතා කරන සරල ක්‍රම

යමෙකු සමග කතා කරන විට ඒ අයගේ සිතුම් පැතුම්, ඔවුන්ගේ ක්‍රියා කලාපයන් තුලින් හඳුනා ගැනීමට හැකි නම් කොපමණ හොඳ ද? එවිට ඔවුන්  සමග ඵලදායිව කතා කිරීමටත්, යමෙකුගෙන් නො රැවටී ආරක්ශාවීමටත් එය ඉතා ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.

කෙනෙකු යම් මොහොතක සිතන්නේ කුමක් ද? මාන බලන්නේ කුමක් සඳහා ද? කොන් වෙලා සිටින්නේ ඇයි? වැනි ප්‍රශ්න ගණනාවකට පිළිතුරු ලබා ගැනීමට නම් මිනිසුන්ගේ සිතුවිලි සහ ක්‍රියාදාමයන් හොඳින් අධ්‍යයනය කර තිබිය යුතු වෙනවා.

ඒ නිසා, අද විශ්ම ලෝකය තුලින් අප සිතුවේ, එසේ අන් අයගේ සිතුවිලි සහ ක්‍රියාදාමයන්ගෙන් පිළිබිඹු වන දේ හඳුනා ගැනීමට ඔබට උපකාර වන යම් කාරනා කිහිපයක් මේ ලිපිය තුළින්  ගෙන ඒමටයි.

මූලික ගති ලක්ෂණ අධ්‍යනය

මිනිසුන් කතාබහ කරන අතරතුර විවිධාකාර වූ දේ කරයි. සමහරක් අය බිම බලාගෙන කතා කරන විට තවත් කෙනෙකු  ඔලුව කැසීමට,  අත් දෙක බැඳ සිටීමට, බොරුවට කැහීමට මෙන්ම දෙපැත්තට පැද්දී පැද්දී සිටීමටත් කටයුතු කරයි. මේ සෑම එකක ම යටි අරුතක් තිබේ.

පුරුද්ද, කෝපය, අපරිණත භාවය මෙන්ම මුළාවක් කිරීමේ යටි චේතනාව ද මෙයට ඉවහල් විය හැකියි. එහෙත් ඒ බව අවබෝධ කරගත හැක්කේ යම් කෙනෙකුගේ මූලික ගති ස්වාභාවය අධ්‍යයනය කිරීමෙන් පමණි.

වෙනස්කම් තේරුම් ගැනීම

එසේ අධ්‍යයනය කළ විට ඔවුන් කරන සමහර දේවල් ඔවුන්ගේ මූලික ගති ලක්ෂණ වලින් වෙනස්වන්නට පුළුවන් බව වරෙක ඔබට ඒත්තු යනු ඇත.

නිදසුනක් වශයෙන්, ඇතැමෙකු කලබල වූ විට වෙනදා නො කරන ආකාරයට කිහිප සැරයක් උගුර පෑදීමට කටයුතු කරනු ඇත. එය ඔහු පිටතට නොපෙන්වුවත්, එවැනි අමුතු  ක්‍රියා නිසා තව කෙනෙකුට ඔවුන් සඟවා ගැනීමට උත්සාහ කරන ඒ කළබල ගතිය පහසුවෙන්ම හඳුනා ගත හැකියි.

ඉරියවු හඳුනා ගැනීම

යමෙකු අමුතු දෙයක් කර පලියට ම ඔහු තුළ යම් හොරයක් තිබෙනු ඇතැයි කිව නොහැක. එහෙත්, එක දිගට කිහිප සැරයක් ඔහු තුලින් විවිධ ඉඟි පහල වන්නේ නම් ඒ ඉඟි තුළ යම් අර්ථයක් සැඟ වී තිබිය යුතුයි.

නිදසුනක් වශයෙන්, කෙනෙකු එකම වේලාවේ කිහිප වතාවක් කහින්නටත්, හිස කසන්නටත්, කකුල් වැනීමටත් ගන්නේ නම් ඔහුගෙන් පරෙස්සම් විය යුතුය. මන්ද, ඔහු ඔබට මුලාවක් පවසනවා හෝ යම් රැවටීමක් කරනවා වන්නට පුළුවන්

යමෙකු කතාබහ කරන විට ඒ අයගේ මුහුණේ ස්වාභාවය වෙනස් වන්නේ කෙසේද? අනිත් අයත් සමග ගනුදෙනු කරන්නේ කොහොමද? ශරීර අංග චලනයන් ගෙන්  පැවසෙන්නේ කුමක් ද? යමෙකු සාමාන්‍ය ස්වාභාවයෙන් ඔබ්බට අමුතු ලෙසකින් ක්‍රියා කරයි නම් එවැනි දේ ගැන අවධානය යොමු කළ යුතුයි

යමෙකු සමග කතා කරන විට ඔහුගේ ඇස් දෙස බලන්න. ඔවුන්ගේ කළු ඉංගිරියාව දීප්තිමත් වී විශාලව ඔබ දෙස යොමු වී ඇත්නම්, ඇත්තටම ඔබේ කතාවට ඔවුන් අවධානය යොමු කර තිබේ. එහත් දෙනෙතින් ඔබව මග හරිමින්, වෙනතක් බලාගෙන බොරු සිනාවකින් කතා කරයි නම් ටිකක් ප්‍රවේසම් විය යුතුයි. ඔවුන් ඔබට බොරු පවසනවා විය හැකියි.

කැඩපතක් බඳු අපේ මුහුණ

මොලයේ ඇති කැඩපත් නියුරෝන වලට සිතේ ඇති තත්වය මුහුණෙන් ප්‍රකාශ කරන්න පුදුම හැකියාවක් තිබෙනවා. නිදසුනක් වශයෙන්, සිනාසෙන විට මුහුණේ සතුටු සේයාවක් මැවෙන්නේ ඒ නිසයි. එමෙන්ම රවන විට අප්‍රසාදයේ ලකුණු පහල වන්නේත් ඒ නිසාමයි.
අප සිත්ගත් කෙනෙකු දෙස බලන විට, අපගේ මුහුණේ මාංශ පේශීන් ලිහිල් කිරීමට මොලයෙන් මුහුණට සංඥාවක් ලබා දෙනවා. එම පුද්ගලයාගේ මුහුනෙන්ද ඊට සමාන ආකාරයක ප්‍රසන්න,  ධනාත්මක  පිළිතුරක් නො ලැබුණහොත් එම  පුද්ගලයා ඔබට   කැමති නැති වන්නට පුළුවන්. එසේත් නැත්නම් ඔබ කළ දෙයකට කැමති නොවන්නට පුළුවන්.

කටහඬ  සහ ආත්ම විශ්වාසය

ඔබ යම් රැස්වීමක ඉන්නවා යයි සිතන්න. එහි සිටින බලවත්ම පුද්ගලයා ලෙස ඔබ දකින්නේ එහි මුලසුන හොබවන්නා ද? එහෙම නැත්නම් නිවේදකයා ද?

යමෙකුට හිතේ විශ්වාසයෙන් බය නැතුව කතා කරන්න පුළුවන් නම් ඔහු ශක්තිමත් ය. යමෙකු පිළිතුරු දීමට නොහැකිව මුළු ගැන්වී සිටීනම්, ඔහු තුල ආත්ම විශ්වාසය අඩුය. එසේම, ඇවිදින විට හරියට කෙලින් ඉදිරිය බලාගත නො හැකිව බිම බලාගෙන ඇවිදින අය තුළද ආත්ම විස්වාසය අඩුයි කිව හැකියි.

මිනිසුන් සරලව තේරුම් ගැනීම

සෑම කෙනෙකුටම ආවේණික පෞද්ගලිකත්වයක් තිබේ. යම් පුද්ගලයෙකුව සම්පූර්ණයෙන්ම තේරුම් ගත නොහැකි උනත්, එක්තරා මට්ටමකට ඕනෑම කෙනෙකුගේ ඇතුලාන්තය හඳුනා ගත හැකියි. ඒ සඳහා ඔබෙන්ම ඇසිය හැකි ප්‍රශ්න කිහිපයක් තිබේ.

•    මෙම පුද්ගලයා ලජ්ජාශීලී කෙනෙකු ද සමාජශීලී කෙනෙකු ද?
•    අවදානම හා අස්ථිරභාවයට එම පුද්ගලයා මුහුණ දෙන්නේ කෙසේද?
•    ඔවුන් අහංකාර වන්නේ කුමන දේවලින් ද?
•    මානසික පීඩනයකදී ඔවුන් හැසිරෙන්නේ කෙසේද?
•    ඔවුන් නිදහසේ සිටින විට ඔවුන් කුමන වර්ගයේ අය ද?

මේ ප්‍රශ්න කිහිපයෙන් ඔබත් සමග කටයුතු කරන කෙනා ගැන ඔබට ප්‍රවේසමෙන් වැඩ කිරීමට තරම් ප්‍රමාණවත් අවබෝධයක් ලබා ගන්න පුළුවන්.

මිනිසුන්ව කියවිය හැකි ආකාරය ඉගෙන ගැනීම ක්ෂණිකව කළ හැකි දෙයක් නොවේ. ඒ සඳහා කාලය අවශ්‍යයි. නමුත් මෙම මූලධර්මවලට අනුකූල වීමෙන්, අන් පුද්ගලයින් තේරුම් ගැනීම  පිළිබඳ ඔබේ නිපුණතා වැඩිදියුණු කර ගත හැකි අතර ඔවුන් සමග   වඩාත් ඵලදායී ලෙස සන්නිවේදනය කිරීමටත් ඉඩ සැලසෙයි.

දේශාන් වලල්ලාවිට

Source Link : Wishma Lokaya

වාහනේ තෙල් පිච්චෙනවා වැඩි නම් අඩු කර ගන්නේ මෙහෙමයි

විවිධ හේතූන් නිසා වාහනයක ඉන්ධන කාර්යක්ෂමතාව අඩු විය හැකිය. එවිට නිතර නිතර ඉන්ධන මිලදී ගැනීමටත්, ඒ සඳහා විශාල මුදලක් අමතරව වියදම් කිරීමටත් සිදු වේ. පූර්ණ දහනයකට ලක් නොවූ ඉන්ධන නිසා කළු දුම ඇතිවීමටත් පුළුවන්. බොහෝ වාහන දුම් පරීක්ෂාවෙන් අසමත් වීමටත් කාබන් අධික එම කළු දුම හේතු වේ. එමෙන්ම ඉන්ධන දහනය හරි හැටි නොවීම පරිසරයට ද බෙහෙවින් අහිතරය.

ඉන්ධන අකාර්යක්ෂමතාවට හේතු වන බොහෝ දේ අපට පහසුවෙන් නිවැරදි කරවා ගත හැකිය. එම හේතු වලින් බොහෝ විට දක්නට ලැබෙන හේතු  8ක්  අද විශ්ම ලෝකය තුලින් කියවා බලමු.

වාහනයක ඉන්ධන අකාර්යක්ෂමතාවයට බහුලවම හේතුවන්නක් ලෙස ටයර් වල පීඩනය නිසි පරිදි නොතිබීම දැක්විය හැකිය. හුළං අඩු වීම මෙන්ම වැඩියෙන් තිබීමත් මීට එක සේ බලපායි. බොහෝ ටයර් පිරවුම්හල් වල කරන වැරද්දක් වනුයේ සියලුම වාහන වලට එකම පීඩනයක් දක්වා හුළං ගැසීමයි. ටයර් වල තිබිය යුතු පීඩනය වාහනයේ මාදිලිය අනුව වෙනස් වේ. එය ටයර් එකේ සඳහන් කර ඇති අගය ලෙස ඇතැම් දෙනා රැවටෙන අවස්ථාත් නැතුවා නොවේ. තිබිය යුතු නිවැරදිම පීඩනය වාහනට අදාළ  අත් පොතේ සහ රියදුරු අසුන පැත්තේ දොරේ සඳහන් කර ඇති ටැග් එකේ දක්වා තිබේ. ටයර් වල පීඩනය මෙම අගයට තිබේදැයි සතිපතාම පරීක්ෂා හුළං අඩු වීමක් තිබේදැයි හඳුනාගත හැකි වේ.නිවසේදීම මෙය පරික්ෂා කරගත හැකි පීඩන මාපක සුළු මුදලක් වැය කර වෙළඳපොලෙන් මිලදී ගත හැකිය. එසේත් නැත්නම් ඊබේ හරහා නිවසටම ගෙන්වා ගත හැකිය.

දෝෂ සහිත ඔක්සිජන් සෙන්සර් සහ අපවිත්‍ර එයාර් ෆිල්ටර් නිසා වාහනයක ඉන්ධන කාර්යක්ෂමතාවය 20% කින් පමණ අඩුවේ. සිලින්ඩර් වලට සැපයෙන ඉන්ධන-වාතය මිශ්‍රණයේ වාතය ප්‍රමාණය යාමනය කරනුයේ ඔක්සිජන් සෙන්සර් වලිනි. ඔක්සිජන් සෙන්සර් දෝෂ සහිත වී මෙම මිශ්‍රණය නිසි අනුපාතයට සිලින්ඩර වලට නො ලැබෙන විට ඉන්ධන කාර්යක්ෂමතාව අඩුවේ.  එයාර් ෆිල්ටර් කාලයත් සමග අපවිත්‍ර වී සිර වීම ඕනෑම වාහනයක සිදුවන සාමාන්‍ය දෙයකි. ඒවා පිරිසිදු කිරීම හෝ අලුත් ඒවා යෙදීම මගින් එන්ජින් වලට අවශ්‍ය වාතය ඉතා හොඳින් ලබාගත හැකිය.

පෙට්‍රල් වාහනයක නම් සිලින්ඩර් තුළට සැපයෙන පෙට්‍රල් සහ වාතය දහනය වීමට පුළිඟුවක්(ස්පාර්ක්)  අවශ්‍ය වේ. මෙම පුළිඟුව ලබා දෙනුයේ ස්පාර්ක් ප්ලග් එක මගිනි (පුලිඟු පෙනුව). දෝෂ සහිත  ස්පාර්ක් ප්ලග් නිසි වෙලාවට පුළිඟුව ලබා නොදෙයි නම් එන්ජිමේ ක්‍රියාකාරීත්වය සැලකිය යුතු ලෙස අඩාල වේ. එවිට අනිවාර්යෙන්ම ඉන්ධන කාර්යක්ෂමතාවත් අඩු වේ.

කාර්යක්ෂමතාව අඩු වීමට තවත් හේතුවක් ලෙස ,  ඉන්ජෙක්ටර් වල දෝෂ දැක්විය හැකියි. එන්ජිමට අවශ්‍ය ඉන්ධන ලබා දෙනුයේ ඉන්ජෙක්ටර් මගිනි. මෙම ඉන්ජෙක්ටර් වලින් ඉන්ධන ඉවතට කාන්දු වන්නේ නම් එන්ජිමට සැපයන ඉන්ධන ප්‍රමාණය අඩු වේ. එවිට එන්ජිමේ කාර්යක්ෂමතාවය ද බෙහෙවින් අඩුවේ. ඒ නිසා වහාම ඉන්ජෙක්ටර් පිරිසිදු කිරීම හෝ අලුත්වැඩියා කිරීම කර ගත යුතුය.

වාහනයක වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියා කරවීම සඳහා ඉන්ධන විශාල ප්‍රමාණයක් වැයවේ. එබැවින් පරිසර උෂ්ණත්වය අඩු  උදෑසනට සහ හවස් යාමයේ දී  වායු සමීකරණය ක්‍රියා විරහිත කර ධාවනය කිරීම මගින් ඉන්ධන නාස්තිය වළක්වා ගත හැකිය. එහෙත් අධි වේගී මාර්ගයේ වේගයෙන් යාමේදී ඇති වන වාත ප්‍රතිරෝධය වැළක්වීම සඳහා වීදුරු වසා ගෙන යා යුතුය. එහිදී වායු සමීකරණය ක්‍රියාත්මක කරවීම, වීදුරු විවෘත කරගෙන යාමට වඩා වාසිදායකය.

අපගේ සමහර පුරුදු නිසා ද ඉන්ධන නාස්තිය සිදු විය හැකිය. නිතරම එන්ජිම රේස් කරමින්, ක්ෂණිකව වේගවත් කරමින් ධාවනය කරන්නේ නම් ඉන්ධන ඵලදායී ක්‍රියාවක් වෙනුවෙන් වැය නොවේ.  එබැවින් එකතැන් සිටියදී රේස් නොකිරීමටත්, වේගවත් කිරීමේදී සෙමෙන් වේගය වැඩි කිරීමටත්, වග බලා ගත යුතුය.

වාහනයේ එන්ජිම පණ ගන්වා එක තැන නතර කරගෙන සිටීම ඉන්ධන කාර්යක්ෂමතාව අඩු වීමට තවත් හේතුවකි. උදෑසනට එන්ජිම රත් වීමට යයි කියා බොහෝ වෙලාවක් පණ ගන්වා තැබීම සමහරුන්  කරන දෙයකි. වාහනයක් රත් වීමට තත්පර 30 ක කාලයක් වුව ද ප්‍රමාණවත්ය. ඔබ ඉන්ධන නාස්තිය ගැන සිතන්නෙකු නම් තවත් අයෙකු පැමිණෙන තුරු හෝ වායු සමීකරණය ක්‍රියාත්මක කරවීම සඳහා හෝ වාහනය පණ ගන්වාගෙන තැබීම කොහෙත්ම නොකළ යුතු දෙයකි. එවැනි අවස්ථාවක වාහනය අක්‍රිය කර නියුට්‍රල් කර තබන්න. එමගින් ඉන්ධන නාස්තිය මෙන්ම පරිසරයට අහිතකර වායුන් නිදහස් වීම ද වළක්වාලනු ඇත.

වාහනයට යොදන එන්ජින් ඔයිල් වර්ගය ද එහි ඉන්ධන කාර්යක්ෂමතාවට 12% කින් පමණ බලපානු ලබයි. එන්ජිමේ ඇති ඝර්ෂණය අඩු කර චලනය වන කොටස් අතර සුමට චලනයක් ඇති කරවීමට එන්ජින් ඔයිල් ඉතා වැදගත් වේ. එන්ජින් ඔයිල් නිසි පමණට නොතිබීම නිසා හෝ, නිසි කලට මාරු නොකිරීම නිසා එන්ජින් සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කිරීමට සිදු වල අවස්ථා ද තිබේ. ඒ නිසා නිෂ්පාදකයා විසින් අනුමත කර ඇති එන්ජින් ඔයිල් වර්ගයම යෙදීමට කටයුතු කළ යුතුය.

Source Link : Wishma Lokaya

ගුවන් යානයක් තුල කවදාවත්ම මේ දේවල් 11 සිදු කරන්න එපා

ඕනෑම ගුවන් ගමනක් විනෝද කාමී මෙන්ම යම් බියක් හෝ පීඩනයක් ගෙන දෙන්නක් වෙන්න පුළුවන්. ගොඩබිමේදී ඉතා සාමාන්‍ය පහසු යැයි හැඟෙන දේවල් ගුවන් යානය තුලදී නුපුරුදු පරිසරය තුල ඊට හාත් පසින්ම වෙනස් වෙනවා. ඉතින් ගුවන් ගමන් අතරතුරදී නොකළ යුතු දේවල් මොනවද කියල දැනගෙන ඉන්න එක්ක වඩාත් නුවණට හුරුයි.

11.කන්ටෑක්ට් ලෙන්ස් (contact lenses) භාවිත කරන්න එපා…

කන්ටෑක්ට් ලෙන්ස් වලින් කොහොමත් ඇස් වල වියළි ගතිය වැඩි කරනවා. ඉතින් ගුවන් යානය ඇතුලේ ක්‍රියාත්මක වායු සමීකරණ නිසා මෙම වියළි ස්වභාවය තවත් වැඩි වෙනවා. මේ මහින් ඇසට අපහසුවක් ඇති කරවනවා. ඉතින් ගුවන් යානයකදී මේ වෙනුවට සාමාන්‍ය කන්නාඩි යුවලක් භාවිතයෙන් වඩාත් පහසුවක් දැනෙනු ඇත. තවදුරටත් අපහසුවක් ඇති වෙයි කියල බය හිතෙනවා නම්, නැත්තම් නිතර ඇස් වියළි බවක් පෙන්වනවානම්, අයි ඩ්‍රොප් එක භාවීත කරන්න පුළුවන්.

10.අගුළු වැටුණු කන් සුද්ද කරන්න කනට මුකුත් දාන්න එපා

ගුවන් යානය ගුවන් ගත කිරීමේදීත් නැවත පොළවට පතිත කිරීමේදීත් කන් අගුළු වැටෙන එක සාමාන්‍ය දෙයක්. මේකට හේතුව මේ වෙලාවේදී ගුවන් යානය තුල ඇතිවන පීඩන වෙනසයි. එහෙම වුනාට ඒ වෙලාවට කනට කිසිවක් ඇතුල් කර පිරිසිදු කිරීමට යන්න එපා. අතපසු වීමක් නිසා එය කන ඇතුලේ වැදී කන තුවාල වෙන්න පුළුවන්. අනික මේ ක්‍රමයෙන් කනේ අගුළු වැටීම යථා තත්වයට පත්වෙන්නෙත් නෑ. නමුත් දුක් වෙන්න එපා. අපි බලමු මෙහෙම වෙලාවට මොකක්ද කරන්න පුළුවන් කියල.

යමක් ගිලීම හෝ සැපීම මගින්… වැඩිහිටියන්ට නම් චුවින් ගම එකක් සැපීම වැනි දෙයකින් මේක අඩු කරගන්න පුළුවන්. වතුර ටිකක් පානය කිරීම වැනි දෙයක් කුඩා ළමයින්ට නම් වඩා සුදුසුයි.

කට විවර කර වසන්න. මෙය කිහිප වතාවක් කිරීමෙන් සහනයක් ලබා ගන්න පුළුවන්.

මීලඟ ක්‍රමය වඩාත් සාර්ථකයි. ආශ්වාස කරන්න. දැන් ඇඟිලි තුඩු භාවිතයෙන් නාස් විවර වසා ගන්න. ඉන්පසු වාතය එළියට දැමීමට උත්සාහ කරන්න. එනම් කට ඇතුලේ පිරිලා තියන හුලන් එලියට පිඹින්න. මේ ක්‍රමයෙන් එම වාතය කන් තුලට යාමට උත්සාහ කරනවා. මෙමගින් කන් තුළ හා පිටත පීඩනය සමාන වෙනවා.

තව දුරටත් කන් අගුළු වැටිලා තියනවා නම් වෛද්‍ය උපදෙස් පැතීම වඩාත් සුදුසු වෙනවා.

9. නාසය බරකරගෙන ගුවන් ගත වෙන්න එපා…

බර වුනු නාසයක්, එනම් සෙම්ප්‍රතිශ්‍යාව උත්සන්න වුන වෙලාවක ගුවන් ගමනක් නිසා, කන අභ්‍යන්තරයට පවා තුවාල සිදු විය හැක. නමුත් සෙම්ප්‍රතිශ්‍යාවක් නිසා ගුවන් ගමනක් අවලංගු කරන්න නම් බෑ තමයි. නමුත් මෙවන් වෙලාවක භාවිත කරන්න පුළුවන් නාස් දියර අරන් යන්න පුලවන්. මේවා මගින් නාස් කුහරයේ බිත්තියේ රුධිර නාල සංකෝචනය කර ඉක්මන් සහනයක් ලබා දෙනවා. නමුත් මැක්සිලරි ආසාදනයක් (maxilitis), හෝ සයිනස් ආසාදනයක් (sinusitis) තිබෙනවා නම් ගුවන් ගමන් අනතුරු දායකයි. අවලංගු කල නොහැකි ගමනක් නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු වෙනවා.

8. එක දිගට එකම ඉරියවුවක වැඩි වෙලාවක් ඉන්න එපා
.
ගුවන් ගමනක් අතරදී ඔබගේ රුධිර සංසරණය ගොඩක් අඩුයි. මේ නිසා එක දිගට එකම ඉරියවුවක සිටීමෙන් අපහසුවක් දැනෙන්න පුළුවන් වගේම ත්‍රෝම්බෝසිස් වැනි රෝගී තත්වයන්ද උත්සන්න වෙනවා. පහත සඳහන් සරල විදි භාවිතයෙන් අපිට මේ තත්වය මග හරවා ගන්න පුළුවන්.

මදක් සිටගෙන මගී කුටිය තුල ටිකක් එහාට මෙහාට ඇවිදින්න. ඔබගේ ඉරියවු පවත්වාගැනීමට බාධාවක් නොවන සේ බුරුල් ඇඳුම් ඇදීමට සිතේ තබා ගන්න. සපත්තු ලේස් බුරුල් කරගන්න. කකුල් වල රුධිර ගමනය ආශ්‍රිත රෝග තත්ව තිබේ නම් පීඩනය වැඩි කිරීමට භාවිත කරන මේස් පැලඳ යන්න. සැරින් ස්රේට මද ව්‍යායාමයක් සිදු වෙන විදිහට සිටගෙන වැඩි වෙන්න. අඩුම තරමේ ඇඟිලි තුඩු දික් කර හකුලා ගැනීම කරන්න.

7. සෝඩා වැනි කාබනේටඩ් බීම වර්ග භාවිත කරන්න එපා

කටින් වාතය පිටවීම, නැතහොත් ගුඩුස් යාම ඉතා අපහසු මෙන්ම ප්‍රියමනාප නොවන කටයුත්තක් බව අපි හැමෝගෙම අත්දැකීමයි. කාබනේටඩ් බීම වර්ග කියන්නේ අධික වායු පීඩනයක් යටතේ නිෂ්පාදනය කර ඇති, පානය කිරීමෙන් පසු වාතය මුදා හැරෙන බීම වර්ගයි. ගුවන් යානය තුල පීඩන වෙනස නිසා මෙම බීම වර්ග වලින් මුදා හැරෙන වායු ප්‍රමාණය වැඩි වෙනවා. මේ නිසා මෙම පාන වර්ග භාවිතය ගුවන් ගමන් අතර තුර එතරම් සුදුසු නෑ.

6. චලන අසනීපය (motion sickness) තියනවා නම් පසු පෙළ අසුන් වෙන් කරගන්න එපා.

චලන අසනීපය තියන කෙනෙක් නම් වාහනයක ගමන් කරන විටදී වුනත් පසුපෙළ අසුන් අපහසුයි කියල අත්දැකීමෙන්ම දන්නවා. මේක ගුවන් යානයටත් අදාල වෙනවා. ඉතින් මෙම අපහසුතාවෙන් මිදීම හරිම පහසුයි. ඉදිරි පෙළ අසුනක් වෙන් කර ගන්න. එමෙන්ම මෙවන් පුද්ගලයන්, ගුවන් ගමනට පෙර දින සිට තෙල් අධික ආහාර වලින් වැළකීම මෙන්ම ඇල්කොහොල් භාවිතයෙන් වලකීමද ප්‍රයෝජනවත් වෙනවා.

5. අධික මද්‍යසාර භාවිතයෙන් වලකින්න.

මෙම පියවර, හේතු කිහිපයක් නිසා වැදගත් වෙනවා. මුලින්ම, ගුවන් යානය තුල ඇත්තේ ඉතා වියලි පරිසරයක්. වායු සමීකරණ වල වැඩි ක්‍රියාකාරිත්වය මෙයට හේතුවයි. මේ නිසා වීජලන තත්වයන්ට මුහුණ දීමට ඇති හැකියාව, අධික මත්පැන් භාවිතය නිසා වැඩි වෙනවා. දෙවනුව, මත්පැන් රුධිර ගත වීම නිසා ශරීරයට අවශ්‍ය තරම් ඔක්සිජන් රුධිරයේ තැන්පත් වීමට බාධා ඇති වෙනවා. මේ නිසා නිරන්තරයෙන් ක්ලාන්ත ගතියක් ඇති වෙනවා. තවත් මතයක් තියනවා ගුවන් ගමන් අතර තුරදී ඉක්මනින් වෙරි වෙනවා කියල. මේකේ සත්‍ය අසත්‍ය තාවය කොහොම වුනත් ගුවන් ගමනක් අතර මත්පැන් වලින් වැළකී සිටීමෙන් නම් ගොඩක් ලොකු වාසියක් වෙනවා

4. නිකරුනේ වටපිටාව අතපත ගන්න එපා.

ගුවන් යානයක් කියන්න බැක්ටීරියා වැනි අහිහකරැ ක්ෂුද්‍රජීවින් බහුල ස්ථානයක්. කලින් ගමනේදී ගමන් කල මගීන්ගෙන් යානයට දායාද වුනු මෙම අහිතකර ක්ෂුද්‍රජීවීන් තවමත් යානය තුල ඉන්න තියන ඉඩකඩ බොහොම වැඩියි. ඇල්කොහොල් අඩංගු විෂබීජ නාශක තුවා භාවිතයද සිදු කළ හැකි වුනත් මෙය එතරම්ම ප්‍රායෝගික නෑ. කොතරම් පිරිසිදු කිරීම් ගමන් වාර අතර සිදු කෙරුණද මේ තත්වය වෙනස් වෙන්නේ නෑ. අපේ ආරක්ෂාව අපිම සළසා ගැනීම වඩාත් නුවණට හුරුයි.

3. යානය තුල දුරකථන භාවිතය එපා.

මේක තරමක් යල්පැන ගිය කතාවක් කියල ඔබට බැලූ බැල්මට සිතෙන්න පුළුවන්. ඇත්ත. දැන් නවීන දුරකථන වල එයාප්ලේන් මුඩ් එකක් තියනවා තමයි. නමුත් කෙතරම් ආරක්ෂා සහිත වුනත් ගුවන් යානයක සන්නිවේදන කටයුතු වලට කිසිදු බලපෑමක් ඇති නොවන සේ දුරකථනය විසඳි කර තැබීම තමයි වඩාත් සුදුසු. විශේෂයෙන්ම ගුවන් ගත වීමේදී හා නැවත පතිත වීමේදී. අද වර්තමානයේ සමාජ ජාල භාවිතය වැඩි වීමත් සමග දුරකතනයෙන් ලබා ගන්න ඡයාරුප එසැණින් අන්තර්ජාල ගත කිරීමට අපි යුහුසුළු වෙනවා. මෙවන් දේ වලින් අපි වැළකිය යුතු වෙනවා.

මතක තියා ගතයුතු කරුණ නම්, වර්තමානයේ අපි භාවිත කරන ස්මාර්ට් දුරකතන අපි භාවිත නොකර ලොක් කර ඇති විටදී වුවද එය විසින් ස්වයන්ක්‍රියව දුරකථන ජාලයක් සොයා සම්බන්ද වීමට උත්සාහ කරනවා. මේ මගින් ගුවන් යානයේ නියමුවා වෙත එවන රේඩියෝ පණිවිඩයකට බාධා ඇති විය හැකි වෙනවා. එක දුරකතනයකින් හෝ දෙකකින් ගුවන් අනතුරක් සිදු නොවන නමුත්, සියලු මගීන් දුරකථන පාවිච්චි කරන්න ගත්තොත් නම් සැලකිය යුතු බාධාවක් වෙන්න පුළුවන්. අනිත් එක මද වෙලාවකට දුරකථනය විසඳි කිරීම අපහසු කාර්යක් නෙමෙනේ. එසේ නැත්නම් අඩුම තරමේ එයප්ලේන් මුඩ් එකටවත් දම තියන්න අමතක කරන්න එපා.

2. යානයෙන් ලබාදෙන ඉයර් ෆෝන් භාවිත කරන්න එපා.

කොච්චර ලස්සන ප්ලාස්ටික් හෝ පොලිතින් ආවරනයක බහා දුන්නද මේවා අලුත්ම ඒවා නම් නෙමේ. පෙර ගමනේදී භාවිත කරපු ඒවා. ගමන් වාර අතරදී මේවා පිරිසිදු කරන බව නම් ඇත්ත. නමුත් සියලුම බැක්ටීරියා වැනි අහිතකර දේ නම් මේ පිරිසිදු කිරීම් වලදී ඉවත් වෙන්නේ නෑ. වඩාත් සුදුසු දේ තමයි තමන්ගේ ඉයර් ෆෝන් දෙකක් පාවිච්චි කිරීම.

1. සපත්තු ගලවන්න එපා.

දිගු ගුවන් ගමනක් අතරතුර සපත්තු දෙක ගලවා සැහැල්ලුවෙන් ගමන් කිරීමට සිතෙනවා තමයි. නමුත් මෙය සුදුසු නෑ. මේ මගින් අපගේ කකුල් වල ඇති සෞඛ්‍යයට අහිතකර ක්ෂුද්‍රජීවීන් ගුවන් යානයට මුදා හැරෙනවා පමණක් නොව, ළඟ සිටින මගියාටද මහත් අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්.

ඉතින් මෙම කරුණු අනුගමනය කිරීම මගින් වඩාත් පහසුවෙන් මෙන්ම ආරක්ෂිතව ගුවන් ගමනක් යාමට අපිට හැකි වෙනවා. මෙම ලිපිය ඔබට වැදගත් වුවා කියා සිතෙනවා නම් තව කෙනෙකු වෙනුවෙන් ෆේස්බුක් එකට ශෙයා කරන්නත් අමතක කරන්න එපා. විශ්ම ලෝකයෙන් ඔබට සුබ දවසක් !!!

Source Link : Wishma Lokaya

මේ විදියට වාහනේ පදවනවා නම් තෙල් පිච්චේන්නෙම නෑ

වාහනයක් පදින කොයි කාගේත් හිත්වල වද දෙන ගැටළුවක් වනුයේ තම වාහනවලින් උපරිම ඉන්ධන ඉතුරුවක් ලබා ගන්නේ කෙසේද යන්න යි. එය පදින වාහනය අනුව වෙනස් වන දෙයක් නමුත්, පදවන ක්‍රමය වෙනස් කරගත්තොත්  කාට වුණත් තමන්ගේ වාහානවලින් ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අද මේ ලිපිය සැකසෙන්නේ වාහනවලින් ඉහළම ඉන්ධන ඉතුරුවක් ලබාගන්නේ කෙසේද යන්න ගැන ඔබට යම් අවබෝධයක් ලබා දීමටයි.

ඉන්ධන වල අධික මිලට හේතුව

ඩීසල් සහ පෙට්‍රල් වැනි ඉන්ධන ලබාගනුයේ බොර තෙල් වලින්. මැද පෙරදිග රටවල සිට ලංකාවේ ඉන්ධන පිරවුම්හල් වෙතින් අප පෙට්‍රල් ඩීසල් ලබාගන්නා තැන තෙක් ක්‍රියාවලියට විශාල පිරිවැයක් වැය වේ. සාමාන්‍යයෙන් ඉන් 72% ක් පමණම පිරිපහදු කටයුතු සඳහාත්,  28% ක් පමණ ප්‍රවාහනය ,ගබඩා කිරීම, රජයේ බදු ගෙවීම ආදී කරුණු සඳහාත් වැයවේ. ඊට අමතරව සිදු වන ස්වාභාවික විපත්, ඩොලර් මිල ඉහළ පහළ යාම වැනි හේතු නිසාත් වරින් වර මේ මිල වනස් වෙන්න පුළුවන්. ඉන්ධන මිළ පාලනය කරන්න අපට බැහැ. නමුත් ඉන්ධන ඉතුරු කරගන්න අපට පුළුවන්.

අධික වේගය සීමා කිරීම

වාහනයක් වේගයෙන් ධාවනය කරවීමට, සෙමෙන් යනවාට වඩා වැඩි ඉන්ධන ප්‍රමාණයක් අවශ්‍ය වේ. එයට හේතුවක් ලෙස ඉහළ වේගයත් සමග මුහුණදීමට සිදු වන වාත ප්‍රතිරෝධයත් වැඩි වීම දැක්විය හැකිය. එනිසා හදිස්සියක් නොමැති සෑම විටෙකම වාහනයේ වේගය 60kmph ට පහලින් තබා ගැනීම ඉන්ධන ඉතුරු කරවයි.

වාහනයේ ඇක්සලේටරය පාගන සෑම අවස්ථාවකම එන්ජිමට ඉන්ධන පොම්ප කෙරේ. ඒ නිසා, හේතුවක් නොමැතිව වාහනය රේස් කිරීම, ඉදිරියෙන් බාධක තිබියදී නවතින්න බලාගෙන වේගයෙන් ධාවනය කරවීම, නිතර නිතර බ්රේක් කිරීම වැනි හේතු නිසා ඉන්ධන වැඩියෙන් නාස්ති වීම සිදු වේ. ඔබ පදින්නේ මැනුවල් ගියර් වාහනයක් නම් RPM එකේ රතු කට්ට පැනීමට පෙර ගියර් මාරු කිරීමටත්, ඉහළ ගියර් වල වාහනය ධාවනය කරවීමටත් වග බලා ගන්න.

කෘස් කොන්ට්‍රෝල් භාවිතය

වාහනයේ වේගය යම් අගයක ස්ථිරව පවත්වාගැනීම කෘස් කොන්ට්‍රෝල් (cruise control) විශේෂාංගය මගින් සිදු වේ. එය ක්‍රියාත්මක කරවීමෙන් ඇක්සලේටරයෙන් කකුල ඉවතට ගෙන නිදහසේ ගමන් කිරීමට රියදුරාට අවස්ථාව ලැබේ. බෙන්ස් වැනි සුඛෝපභෝගී වාහනවල කෘස් කොන්ට්‍රෝල් වලට නම් ඉදිරියෙන් යන වාහනයේ වේගයට අනුරුපිව තම වේගය පාලනය කරගැනීමට හැකිය. එසේ වුවත්, සාමානය මිල ගණන් යටතේ ඇති බොහෝ වාහනවලත් දකින්න පුලුවන් මේ කෘස් කොන්ට්‍රෝල් විශේෂාංගය හයි වේ හෝ එක දිගට එකම වේගයෙන් යා හැකි මාර්ග වල භාවිතා කළ හොත්  20% කින් පමණ ඉන්ධන ඉතුරු කරගැනීමට හැකි වනු ඇත.

නිවැරදි වෙලවට සර්විස් කිරීම

කෙතරම් ප්‍රවේසමට ධාවනය කරත්, වාහනය නියමිත වෙලාවට නඩත්තු කරන්නේ නැත්නම් වාහනයේ ඉන්ධන කාර්යක්ෂමතාවය බොහෝ සෙයින් අඩු වේ. තෙල් අධිකව පිච්චීම,  අසමානව ගෙවුණු ටයර් තිබීම මෙන්ම  බුරුල් වුනු බෙල්ට්ස් ආදිය නිසා අප නොදැනුවත්වම ඉන්ධන වැඩියෙන් වැයවේ. එබැවින් වාහනයක් නියමිත කලට, හරි තැනකින් නිසියාකාරව නඩත්තු කළ යුතුයි. වාහනයේ තෙල් සහ විවිද බෙල්ට්ස් වර්ග මාරු කළ යුතු කාලය, ටයර් වල තිබිය යුති පීඩනය ආදී ඉතා වැදගත් තොරතුරු රැසක් වාහනයේ අත් පොතේ සඳහන් වේ. එබැවින් කුමන වාහනයක් මිලට ගත්තත් එහි අත්පොත සොයාගෙන කියවීම දවසක ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

වායු සමීකරණය භාවිතය අඩු කිරීම

ලංකාව වැනි  උෂ්ණාධික රටක වායු සමීකරණය නොකරන ලද රථයක දවල්ට ගමන් කිරීම ඉතා දුෂ්කරය. එහෙත් වායු සමීකරණය ක්‍රියාත්මක කරවීමට ඉන්ධන විශාල ප්‍රමානයක් වැඩි පුර අවශ්‍ය වේ. එය ප්‍රතිශතයක් ලෙස මුළු ඉන්ධන පිරිවැයෙන් 15%ක් පමණ වේ. වායුසමීකරනය ක්‍රියා විරහිත කළොත් සෑම කිලෝ මීටර් 100 කටම ඉන්ධන ගැලුමක් පමණ  ඉතුරු කරගත හැකිය. එනිසා, හැකි සෑම විටෙකම වායු සමීකරණය ක්‍රියා විරහිත කර ගමන් කරන්නට පුරුදු වන්න. එපමණක් නොව, වායු සමීකරණයේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා  වාහනයේ වීදුරු අඳුරු කිරීමත් සහ නිරතුරුවම සෙවනේ නැවත්වීමට පුරුදු වීමත් ඉතා වැදගත්ය.

ගමන් බිමන් සැලසුම් කර යාම

එක ගමනකින් කරගෙන ආ හැකි කාර්යයන් රැසක් සඳහා හතර පස් සැරයක් යාමට සිදු වන්නේ නම්, එය ඉන්ධන නාස්ති කිරීමකි. සිසිල්ව තිබෙන වාහනයක් පළමු කිලෝ මීටර් 5-6 ක් ගොස් නිසි උෂ්ණත්වයට පත් වන තෙක්  ඉන්ධන කාර්යක්ෂහ්මතාවය ඉතා අඩුය. ඒ නිසා අවස්ථා කිහිපයකදී කෙටි ගමන් ගොඩක් යනවාට වඩා, එක ගමනකින් වැඩ සියල්ල අවසන් කරගතහොත්  ඉන්ධන විශාල ප්‍රමාණයක් ඉතුරු කරගැනීමට හැකි වේ.

වර්ෂාව වෙලාවට ධාවනය නොකිරීම

මෝටර් රථයක් මාර්ගයේ ගමන් කරවීම සඳහා යම් ගර්ෂණ බලයක් අවශ්‍ය වේ. එත් වැස්සට මාර්ග තෙත් වී ගර්ෂණය අඩු වේ. එවිට, වාහන රෝද ඉදිරියට ගමන් කරනු වෙනුවට, එක තැන කරකැවීමට ඇති සම්භාවිතාව වැඩියි. කොටින්ම කියතොත්, වාහනය ඉදිරියට ගමන් කරවීමට වැඩි බලයක් ලබා දිය යුතුයි. ඒ නිසා වැස්ස දිනවල දී වාහනය එළියට නොදැම්මොත් සාක්කුවට ලොකු ඉතිරියක් වනු ඇත.

ටයර් පීඩනය නියමිතව තබා ගැනීම

ටයර් වල හුළං අඩු වීම මෙන්ම වැඩිවීමත්, ඉන්ධන කාර්යක්ෂමතාව අඩු කරවීමට හේතු වේ. අධිකව හෝ අඩුවෙන් පිම්බීම නිසා, පොළොව මත ගෑවෙන ටයර් පෘෂ්ටය වර්ගඵලය සම්මත තත්වයන්ට වඩා වෙනස් විය හැකිය. තවද, බ්රේක් ක්‍රියා කිරීම ද අඩු විය හැකිය. ටයර් වල පීඩනය වායු ගෝල පීඩන 0.1 ක් වැනි සුළු ප්‍රමාණයකින් අඩු වුවත්, ඉන්ධන නාස්තිය 2-3%ක් වැනි  ප්‍රමාණයකින් ඉහල යයි. එ නිසා ටයර් පීඩනය නිශ්චිත අගයටම තිබිය යුතුයි.

අනවශ්‍ය බර ඉවත් කිරීම

වාහනයක බර වැඩි වෙන තරමට, ඒ අමතර බර රැගෙන යාමට නාස්ති වන ඉන්ධන ප්‍රමාණයත් වැඩියි. ඒ නිසා, පුරුද්දක් ලෙස වාහනය සතියකට වරක්වත් හොඳින් අස්-පස් කර අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කිරීමට වග බලා ගන්න. හැකිනම් අමතර ටයරය, ජැක් එක සහ  උපාංග කට්ටලය යන දේවල් වලට වඩා වෙන කිසිවක් වාහනය තුළ තබා ගැනීමෙන් වළකින්න.

විමසිලිමත්ව ධාවනය කිරීම

විමසිලිමත් ධාවනය හැම අතින්ම හොඳ දෙයකි. අවට පරිසරයේ සිදු විය හැකි දේවල් පිළිබඳව පූර්ව අවබෝධයක් ලබා ගැනීමට එමගින් හැකිවනු ඇත. නිදසුනක් ලෙස රතු එලිය දැල්වීමේදී, වාහනයේ වේගය වැඩි නොකර එයට ලැස්ති වීමට ඔබට හැකිය. එමෙන්ම ඉහත කියුවාක් මෙන්, ඉදිරියේ පවතින බාධක වලට අනුරූප වන්නට වේගය වැඩි නොකර සෙමෙන් යාමට හැකි වනු ඇත. එය ඉන්ධන ඉහලින්ම ඉතුරු කරන කාරණයකි. විමසිලිමත් ධාවනය අනතුරු අඩු කිරීමටද හේතු වේ.

Source Link : Wishma Lokaya