ලාස් වේගාස් වෙඩි වරුසාවේ නන්නාදුනන ගැහැණියකට ආවරණය සැපයු පුද්ගලයා සිය අනන්‍යාතාවය හෙළි කරයි

පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 01 වෙනිදා රාත්‍රියේ ඇමරිකාවේ ලාස් වේගාස් නුවර පැවැත්වූ සංගීත සංදර්ශනයක් අතර තුර සිදු වූ සමුල ඝාතනයක් අරමුණු කර ගත් වෙඩි ප්‍රහාරය ඔබට මතකද ? මෙහිදී සංගීත සංදර්ශන භූමියට නුදුරින් පිහිටි මැන්ඩෙලා බේ හෝටලයේ 32 වන මහලේ සිට Stephen Paddock නමැති 64 හැවිරිදි පුද්ගලයකු විසින් මෙම වෙඩි තැබීම මෙහෙයවා තිබුණා. මේ සදහා ඔහු විසින් අර්ධ ස්වයංක්‍රිය ගිනි අවි කීපයක් යොදා ගත්තා. හරියටම රාත්‍රී 10.05 ට ඔහු සංගීත සංදර්ශන භුමියේ ප්‍රීතියෙන් උද්දාම වී සිටි අහිංසක මිනිසුන් දෙසට එකවර හිතුමතේ වෙඩි තැබීම ආරම්භ කළා.

සංගීත සංදර්ශනය සදහා මිනිසුන් 22000 ක් පමණ සහභාගී වී සිටි අතර ඔවුන්ට මද වෙලාවක් යන තුරු මේ සිදු වන්නේ කුමක්දැයි වත් තේරුම් ගියේ නෑ. තමන් අසල සිටින්නන් රුධිරය නැහැවෙමින් බිම ඇද වැටෙනු දුටු සමහරු මෙය වෙඩි තැබීමක් බව හදුනා ගන්නා විටත් විශාල පිරිසක් තම ජිවිතයෙන් සමුගෙන අවසන්. සියලු සංගීත භාණ්ඩ හා මිනිසුන් නිහඩව බිම දිගා වී විලාප දෙන්නට වූ අතර අවකාශය පුරා එක දිගට නිකුත් වූ වෙඩි උණ්ඩ වල ශබ්දය පමණක් ඇසෙන්නට උනා.

නැගී සිටි එකම පුද්ගලයා Stephen Paddock නමැති හිත් පිත් නැති අමන මිනිසා පමණක් වූ අතර මෙම අධමයා විසින් විනාඩි 10ක් වැනි සුළු කාලයක් තුල මිනිස් ජිවිත 58 ක් විනාශ කර දැමුවා. තවත් 800 කට වැඩි පිරිසකට තුවාල සිදු කළා. මෙය ඇමරිකාව තුලදී එක් පුද්ගලයෙකු විසින් මෙහෙය වූ දරුණුතම වෙඩි තැබීම ලෙස ඉතිහාස පොත් වලට පවා එකතු උනා. සිදුවීම ආරම්භ වී පැයකට පමණ පසුව Stephen Paddockගේ කාමරයට ඇතුළු වූ ආරක්ෂක අංශ වලට දැක ගත හැකි වුයේ තම ගිනි අවියෙන්ම සිය දිවි නසා ගත් ඝාතකයාගේ මල සිරුරයි. සිද්ධියේ වගකීම ISIS ත්‍රස්තවාදී සංවිධානය භාරගත් අතර Stephen Paddock මීට මාස කීපයකට ඉස්ලාම් ආගමට පරිවර්තනය වී ඇති බවද සොයා ගනු ලැබුවා.

මේ භයානක සිද්ධි මාලාව අතරතුර ලබා ගත් වීඩියෝ දර්ශන හා ජායාරුප සැනෙකින් අන්තර්ජාලය තුල ව්‍යාප්ත වූ අතර ඒවා අතරින් එක් සංවේදී ජායාරුපයක් විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනා ගැනීමට සමත් උනා. ඒ වේගයෙන් ඇදෙන වෙඩි උණ්ඩ වලින් කාන්තාවක්ව ආරක්ෂා කර ගැනීම සදහා තම ශරීරයෙන් ආවරණය සැපයු පුරුෂයෙකුගේ ජයාරුපයයි. මේ පහලින් දැක්වෙන්නේ එම අවස්ථාවයි.

මෙහිදී ඔහු තම ජිවිතය පරදුවට තබමින් ඔහුගේ සමස්ත ශරීරය මගින් කාන්තාවගේ ශරීරය ආවරණය කර ගෙන සිටිනවා ඔබට පෙනේවි. ඒ වගේම ඔහු විසින් අයගේ දෑස් පවා සිය අත්ලෙන් වසා සිටින්නේ එම බියකරු මොහොත ඇගෙන් වසන් කිරීමටයි. ඔහු ඇයගේ ජීවිතය ආරක්ෂා කරන්නේ ඉතාම පුරුදු කාරයෙකු මෙනි. එම අවස්ථාවේ කාන්තාවගේ ජීවිතය වෙඩි වරුසාවෙන් ආරක්ෂා කර දුන් මෙම තරුණයා පසුව ඇයව ආරක්ෂා සහිතව ඇගේ මෝටර් රථයට ඇරලවා තිබෙනවා.

මෙම ජයාරුපය අන්තර්ජාලයේ ව්‍යාප්ත වීමත් සමගම මෙම නිර්භීත තරුණයා කව්දැයි දැන ගැනීමට ඇමරිකාවට පමණක් නොව මුළු ලෝකයටම අවැසි උනා. මහ ජනතාව මෙන්ම මාධ්‍ය මගින්ද ඔහු ගැන සෙවීමට උත්සකු වූ අතර අවසානයේ ඔහු විසින් මාධ්‍යට ඉදිරිපත් සිය අනන්‍යතාවය හෙළි කළා

ඔහු වෙන කිසිවෙකු නොවෙයි. ඇමරිකානු රජයේ හමුදා සෙබලෙක්. ඔහු නමින් Matthew Cobos. ඇමරිකානු වැසියන් ආරක්ෂා කිරීමට තමුන් දිවුරා පොරොන්දු වී ඇති බවත් එම අවස්ථාවේ හැකි තරම් එම යුතුකම ඉටු කල බවත් ඔහු මාධ්‍යට පවසා සිටියා.

අදාළ කාන්තාවගේ ජීවිතය ආරක්ෂා කිරීමෙන් අනතුරුව නැවත සංගීත භූමියට පැමිණි කොබොස් තම බද පටිය ආධාරයෙන් තුවාල කරුවන්ගේ ලේ ගමනා ගමනය නතර කිරීම සිදු කල අතර අධික රුධිර වහනයන් සිදුවන පපුවට වෙඩි වැදීම් සිදු වූ අයගේ තුවාල තම අත්ලවල යොදාගෙන නතර කිරීමට උදව් කර තිබෙනවා.

වෛද්‍ය ආධාර හා හමුදා පිරිස් පැමිණෙන තුරු ඔහු සිය ජීවිතය ගැන තඹ සතයකට මායිම් නොකර හමුදා සෙබෙලෙකුගේ යුතුකම ඉතාම මැනවින් ඉටු කරා. සැබවින්ම හමුදා සෙබෙලෙකු යන්නට මැතිව් කොබොස් හොදම උදාහරණයක්. මෙම අනවාරණයත් සමග ඔහුව ජාතියේ වීරයෙකු ලෙස සලකා පදක්කම් ප්‍රධානය කරන ලෙසද ජනතාව විසින් ඇමරිකානු ජනාධිපති තුමා වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියා.

මෙම සිද්ධිය ගැන ලිපිය ලියද්දි මා හට ශ්‍රී ලාංකිය හමුදා විරුවන් ගැනද නිතැතින්ම මතක් වෙයි. අවසන් සටනේ නන්දිකඩාල් කලපුවේ කොතරම් මෙවැනි සිද්ධීන් සිදු වන්නට ඇත්ද ? ඒවා එලෙසම මහා පොලවට නිදන් වන්නට ඇත. නැතිනම් සදාතනික මතක් සටහන් ලෙසින් ඔවුන්ගේ හිත් වලම ඉතුරු වන්නට ඇත. රණවිරුවා යනු සැමදා ජීවමාන මිනිසෙකු වෙන්නේ මේ නිසයි.

මේ වටිනා ලිපිය ඔබේ මිතුරන්ටත් බලන්න ශෙයා කරන්න යාලු. ඔබට සුබ දවසක් !!!

Source Link : Wishma Lokaya

ඔබගේ සැමියා මේ දේවල් 10 කරනවා නම් ඔබේ විවාහ ජීවිතය සුර පුරයක් වෙනවා නියතයි

බොහෝ තරුණියන් විශාල බලාපොරොත්තු තබා විවාහ උනත් අවසානයේ විවාහය ජිවිතයේ කටුක අත්දැකීමක් බවට පත් කර ගන්නවා . කෙසේ වෙතත් ඔබ විවාහ දිවිය ඉතා සතුටින් ගත කරන බිරිදක් නම් එසේ වීමට හේතුව ඔබේ සැමියා විසින් ඔබව සතුටු කිරීමට යම් යම් දේවල් සිදු කරමින් සිටිම විය හැකියි. ඔබත් විවාහක යුවතියක් නම් ඔබේ සැමියා මෙන්න මේ දේවල් 10 ඔබ වෙනුවෙන් කරනවද බලන්න. එසේ සිදු කරනවා නම් ඔහු මෙලොව සිටිනා හොදම හොද සැමියෙක් බවට නම් කිරීමට පුළුවන්.

1. ඔහු ඔබට නිතරම ආදරෙයි ( I LOVE YOU ) කියනවා

බැලු බැල්මට ඉතා සරල වචන 3ක් උනත් බොහෝ විවාහ සබදතා වල මේ පුංචි වචන 3 කියවෙන්නේ කලාතුරකින්. ඔබේ සැමියා ඔබ කෙරෙහි ඇති සෙනෙහස පැහැදිළිව ප්‍රකාශ කරනවා පමණක් නෙවෙයි එය ඕනෑම තැනකදී නොබියව සන්නිවේදනය කරනවා නම් ඔහු මෙලොව සිටින හොදම සැමියෙකු බවට හගවන පලවෙනි ලක්ෂණය එයයි.

2. ඔහු ඔහුගේ මවට පණ මෙන් ආදරෙයි

හොද සැමියකුගේ තවත් හොදම ලක්ෂණයක් මේක. ඔබගේ නැන්දම්මා තමයි ඔබගේ සැමියාට මුලින්ම හමුඋනු කාන්තාව. ඇය සමහ ඔහු බොහොම සතුටින් හා ආදරයෙන් කටයුතු කරලා තියෙනවා. ඉතින් අදටත් ඔහු ඔහුගේ අම්මාට ගොඩක් ආදරෙයි කියන්නේ ඉදිරියේදී ඔබටත් එළෙසම ආදරය කරනවා කියන එකට හොද ඉඟියක්.

3. ඔහු තමවත් ඔබ සමග කොමල කරනවා

හොද සැමියෙකුගේ ආදරේ කවදාවත් පරණ වෙන්නේ නෑ. ඔහුගේ ආදරය හදවතින් හැමදාමත් තරුණයි. ඔබගේ සැමියා තවමත් ඉස්සර වගේම පුංචි පුංචි දේවල් කරලා ඔබේ මුවගට නොසිතු මොහොතවල් වල සිනාවන් ගෙනෙනවා නම් ඔහු ඉතාම හොද සැමියෙක්. ඔහුව ප්‍රවේශම් කර ගන්න

4. ඔහු සෑම අවස්ථාවකදීම ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා

ඔහුගේ ජිවිතයේ අංක 1 ඔබයි. ඔබට අවැසි , ඔබ අසරණ වෙන සෑම මොහොතකදීම ඔබව අපහසුතාවයට පත් නොකර ඔහු ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා නම් ඔබව නියෝජනය කරනවා නම් ඔහු ඉතාම හොද සැමියෙකු බව මතක තබා ගන්න.

5. ඔහු ඔබට අපහසු කාර්යන් පහසු කරනවා

ඔබ අසා තිබෙනවද සමහර විවාහකයන් පවසනවා ඔවුන්ගේ සහකරු / සහකාරිය නිසා ඔවුන්ගේ ජිවිත පහසු උනා කියලා. එහෙම වෙන්න හේතුව තමයි තම තමුන්ට තනිවම ඉටු කිරීමට අපහසු කාර්යයන් දෙදෙනා සමග එක්ව බොහොම විනෝදයෙන් ඉටු කිරීම. මේකට පුංචිම පුංචි උදාහරණයක් විදියට නිවස අස්පස් කිරීම / පිගන් සේදීම වගේ පන යන වැඩකට සැමියා විසින් හොද සහයෝගයක් ලබා දීම හා එම වැඩය ඉක්මනින් හා විනෝදයෙන් නිම කිරීමට උදව් වීම පෙන්වා දිය හැකියි

6. ඉලක්ක වෙත යාමට ඔහු ඔබව දිරිමත් කරනවා

බිරිදක් විදියට ඔබටත් ජිවිතයේ විවිධ ඉලක්ක තිබෙනවා. තව දුරටත් ඉහලට ඉගෙන ගැනීම , යම් වෘත්තියකින් ඉහලටම යාම හෝ වෙනත් නිපුණතාවයක් වැඩි දියුණු කර ගැනීම වැනි ඔබ සතු ඉලක්ක වෙත යාමට ඔහු ඔබට මුදල්මය අත හිත දෙනවා පමණක් නෙවෙයි දිරිමත් කිරීමද සිදු කරනවා. ඒ හොද සැමියෙකුගේ ලක්ෂණයක්

7. ඔහු ඔබව සනසවනවා

ඔබට නරක ආරංචියක් ලැබුණු විට හෝ කව්රුන් හෝ ඔබේ සිත පලුදු කල අවස්ථාවකදී හොද සැමියෙකු අනිවාර්යයෙන්ම ඔබව යලි නගා සිටුවනවා. ඔහු ඔබ ගැන හොදින්ම තේරුම් ගෙන ඇති නිසා ඔබව සැනසීමට ඔහුට වැඩි කාලයක් අවශ්‍ය වන්නේ නෑ. ඔබ ඉදිරියේ ඔහු සතු ආදරය විදහා දැක්වීමෙන් ඔබට සියල්ල අමතක කරවීමට හොද සැමියෙකුට ලේසියෙන්ම පුළුවන්

8. ඔහු මහන්සි වී වැඩ කරන්නෙක්

ඔබේ සැමියා කිසිම වේලාවක නිකරුනේ කල් ගත කිරීමට අකමැති කෙනෙක් නම් හා කාලය යනු ලොව වටිනාම දෙය බව නිතර පවසන කෙනෙක් නම් ඔහු පවුලේ ආර්ථික තත්වය වැඩි දියුණු කිරීමට මහන්සි වී වැඩ කරන්නෙකු බව නොඅනුමානයි. ඔහු මහන්සි වී වැඩ නොකළහොත් ඔබ දුක් විදින බව ඔහු හොදින්ම දන්නවා. ඔහු එතරම්ම පවුලට ආදරෙයි.

9. ඔහු ඔබව පුදුම කරනවා

ඔබ ඔහුත් සමග ගෙවන ජීවිතය , ඉදහිට කරන විවිධාකාරයේ පුදුම කරවීම් වලින් පිරිලා නම් එහි තේරුම වන්නේ ඔහුට ඔබව ගොඩක් වැදගත් කෙනෙකු යන්නයි. කුඩා දරුවෙකු වැඩිහිටියන් පුදුම කරන්නට කුඩා කල උත්සහ කලාක් මෙන් , ඔබව පුදුම කරවීමට විවිධ දේවල් සිදු කරන්නේ ඔබට තිබෙන හදපිරි ආදරය නිසයි.ඔබව ඔහුට හුගාක් වැදගත් නිසයි

10. ඔහු ඔබව අගය කරනවා

තම බිරිදව අගය කල යුතු තැන අගය නොකිරීම යනු බොහෝ සැමියන් හිතා මතාම සිදු කරන ඉතාම නරක ක්‍රියාවක්. අගය කිරීම් යනු යහපත් සබදතාවයකට අතවශ්‍යම සාධකයක්. ඔබ යම් කිසි ජයග්‍රහණයක් ලද අවස්ථාවකදි ඔබව අගය කරමින් ඔබ ගැන මට ආඩම්බරයි පවසන සැමියෙක් ඔබට සිටි නම් ඔබ ඉතා වාසනාවන්තයි.

මේ ලක්ෂණ 10 ඔබගේ සැමියාට තිබේ නම් ඔබ මෙලොව ජිවත් වන වාසනාවන්තම බිරිදක් බවට කිසිදු සැකයක් නෑ. ඔහුව සදහටම ආරක්ෂා කර ගැනීමට උත්සහ කරන්න.

Source Link : Wishma Lokaya

සුදොවුන් රජුගේ ඉල්ලීමට විශ්ව කර්ම ලබා දුන් යෝජනාව

සුදොවුන් රජතුමා රාජ සභාවේ සාකච්ඡා කළේ රාෂ්ට්‍ර පාලනයටම ඇතුළත්වූ සුවිශේෂී කරුණකි. තම ආදරණීය පුතණුවන් වූ සිද්ධාර්ථ කුමරුන් ගැන ත්‍රිවේදය දත් බ්‍රාහ්මණයින් පැවසූ අනාවැකි දෙකක්‌ රජුගේ සිතට නිරන්තරව සිහිපත් විය. ”කුමරු සක්‌විති රජකමට පත්වෙනවා, නැතිනම් බුදු වෙනවා” යන්නයි. සියල්ල අතහැර ලබන බුදුරජ පදවියට වඩා බොහෝ සෙයින් රජුගේ සිත් ගත්තේ සක්‌විති රජකම කෙරෙහිය.

මේ සාකච්ඡාව වූ කලී සොළොස්‌ විය සැපිරූ කුමරුන්ගේ විවාහ මංගල්‍යය ගැනයි. මහා ප්‍රජාපතී ගෝතමිය, ඇමතිවරුන් හා රජු හැර පියවි ඇසට නොපෙනෙන දේව සමූහයා රාජසභාවට අධිගෘහිතව සිටියහ.

නිර්මාණ ශිල්පයේ අතිදක්‍ෂ වූ විශ්වකර්ම ගෙන් රජු මෙසේ ප්‍රශ්න කළේය.

”මා පුතනුවන්ගේත්, යශෝධරාවගේත් මංගල මණ්‌ඩපය ඔබ කෙසේ නිර්මාණය කරන්නේ දැයි පැහැදිලි කරන මෙන් මා ඉල්ලා සිටිනවා.”

”රජතුමනි, කුමරුන්ගේ මගුල් මණ්‌ඩපය මෙසේ වනු ඇති” විශ්ව කර්ම කීවේය.

එහි දිග රියන් සොළසකි. පළල රියන් පහළොවක්‌ වෙනවා. මේ මණ්‌ඩපයේ දොරටු හතරක්‌ තියනවා. (වහළයේ) වියනේ උඩුවියන් බැඳ කොත තබනවා. පරසතු, කඩුපුල්, මදාරා, ඕලු, නෙළුම්, සපු, නා ආදී මල් වර්ගවලින් මණ්‌ඩපය සැරසෙනවා. අපගේ පෞරාණික කැටයම්වලින් ද ඔපවත් වෙනවා. වියන නවග්‍රහ දෙවියන්ගේ රූපවලින් සැරසේවි. සිව් කොණ පුන්කලස්‌ තබනවා. පෝරුව මැද මුතු මැණික්‌ වලින් සරසා සතර දිශාවේ රන් පහන් දල්වනවා. මෙයයි මගේ සැලසුම.

ත්‍රිවේදයෙහි විශිෂ්ටයෝ වූ බ්‍රාහ්මණයන් විසින් සාදන ලද ශුභ නැකත් වේලාවක විශ්වකර්ම විසින් සාදන ලද මංගල පෝරුව මත සිද්ධාර්ථ කුමරුන් හා යශෝධරා දේවියත් අභිෂේක කරවන ලදී. සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක්‌ පෙරුම් දම් පිරූ ලෝකයේ උසස්‌ම තලයට යැමට උපන් කුමරුගේ පෙර පින මහා බලවත් විය. මේ පෝරුවේ සතර දිශාවේ තිබූ දොරටු හතරේ ධෘතරාෂ්ඨ, විරූඨ, විරූපාක්‍ෂ, වෛශ්‍රවණ යන සතර වරම් දෙවිවරු සිටියහ. බ්‍රාහ්මණ වේශයක්‌ මවාගත් සක්‌ දෙවිඳුන් විසින් ඊශ්වර දෙවිඳුන්ගේ රන් කරඩුවක සඟවා තිබූ දිව්‍ය පිරිත් හුය ගෙන යුවති පතීන්ගේ දෙසුළැඟිලි බැන්දේය. සහම්පතී නම් බ්‍රහ්මරාජෝත්තමයා විසින් රන් කෙණ්‌ඩියෙන් පැන් වත් කරමින් දෙදෙනාගේ විවාහ අභිවෘද්ධිය සැලසූහ. නවග්‍රහයන්ට අයිති දෙවියෝ වියනට අරක්‌ ගත්හ.

ඉහත සඳහන් කරන ලද්දේ අදත් විවාහ මංගල චාරිත්‍රවලට අයත් කියමන්වල සඳහන් වන කරුණු අනුව සිදුවූ බව කියෑවෙන සිදුහත් කුමරුගේත් යශෝධරා දේවීන්ගේත් පෝරුව පිළිබඳ ඉතිහාසයයි.

මේ අනුවම හෙළ බෞද්ධ ජනතාව තම මංගල චාරිත්‍ර වෙනුවෙන් නිර්මාණය කෙරෙන පෝරුව සාදන්නේ මෙම ආකෘතිය සැලකිල්ලට ගැනීමෙනි. පෝරුවේ චාරිත්‍ර කරන හා කරවන සියලු දෙනා මෙහි සැබෑ අරුත දැනගැනීම වැදගත් වේ. පෝරුවක්‌ සාදන්නේ කුමන කරුණු පදනම් කරගෙනද යන්න ඉහත කරුණු මත පැහැදිලි කර ගත හැකිවේ. කෙසේ නමුත් ඉහත පරිදි සතර දිශාවටම දොරටු නැතත් තම ආර්ථික තත්ත්වය හා පහසුකම් අනුව මංගල පෝරුව සෑදීම උක්‌ත කරුණුවලට ගැළපෙන සේ සිදුකළ යුතු වේ.

පෝරුවක්‌ නිර්මාණය කරන විට අනුගමනය කළ යුතු ක්‍රමය පහත කවිවලින් පැහැදිලි කරගත හැකි වේ.

දෙදෙව් ලොව දෙවි පැමිණ සිදුහත් කුමරු හට සෑදූ විලසිනා
දිග සොළොස සහ පුළුල පසළොස ලෙසට සරිලන විලසිනා
ළඟට පැමිණෙන අපල උවදුරු දුරු කරන හැටි දැනගෙනා
ම`ගුල් පෝරුව සදපු යුවති පතිට හැම සැප පතමිනා

සතර දොරටුව තොරණ සතර ද සිව්වරම් දෙවි රුවතනා
නොහැර නවග්‍රහ මඬල මුදුනේ එරන් කොත තබමින් මනා
කෙසර ගජලතා සියපත් දිලෙන සඳකඩ පහණිනා
පවර දෙවි විමනක සිරිය දී උඩුවියන් බැ`දි විලසිනා

එමැද පෝරුව තනා සහලින් බුලත් හුරුළුත් තබමිනා
සුවඳ දුම්දී කලස්‌ දල්වා සබෙන් අවසර ලැබගෙනා
නැමඳ තෙරුවන් සහිත ලොවපල් සුරිඳු පිහිටේ පතමිනා
මෙසඳ මනාල යුවළ පෝරුවෙ තබනු සුබ නැකතින් ගෙනා

ඉහත පරිදි ශාස්‌ත්‍රානුකූලව නිර්මාණය කරගත් මංගල පෝරුවට යුවතිපතීන් නංවනුයේ මඟුල් බෙර හා ජයසක්‌ හඬ මධ්‍යයේ ශුභ නැකතිනි. චරිතය ආරක්‍ෂා කරගත් තරුණියකට හා තරුණයකුට ස්‌වකීය අනාගත යුග ජීවිතයට තුණුරුවන්ගේ ආශිර්වාදයත්, දෙවියන්ගේ රැකවරණයත්, වැඩිහිටි හිතමිත්‍රාදීන්ගේ ශුභ ප්‍රාර්ථනාත් මධ්‍යයේ මංගල පෝරුවකට නැගීමට ලැබීම ස්‌වර්ණමය අවස්‌ථාවක්‌ වන්නේය. මේ සෑම චාරිත්‍රයක්‌ම බුදු දහම හා බැ`දී පවතින්නේය.

පෝරුවේ චාරිත්‍රවලදී සිදු කෙරෙන චාරිත්‍ර වාරිත්‍ර පහත සඳහන් පරිදි වනවා ඇත.

1. මනාල යුවළ පෝරුව අසලට කැඳවාගෙන ඒම. මනාලයාගේ වම් පසින් මනාලිය සිටින සේ පෝරුව දෙපස දෙදෙනා සිටුවීම

2. සතර වරම් දෙවියන් වෙනුවෙන් පුන්කළස්‌වල පහන් දල්වා සුවඳ දුම් දීම

3. පන්සිල් ගැනීම, දේවතාරාධනා කීම

4. යුවළ පෝරුවට නැංවීම සුබ නැකතින් සිදු කෙරේ

5. තැළි පිළි පැළඳවීම පිළිබඳ චාරිත්‍රය

6. හගල හුරුළු දීම

7. කැවුම් කිරිබත් අනුභවය

8. මනාලියගේ මවට කිරිකඩ හේලය පිදීම

9. මනාලියගේ පියාට හා මනාලයාගේ මවුපියන්ට බුලත් දීම

10. අතපැන් වත් කිරීම

11. ජයමංගල ගාථා කීම

12. වැඩිහිටියන්ට බුලත් දීම. (අවස්‌ථානුකූලව)

13. පෝරුවේ කියමන්.

14. පෝරුවෙන් යුවළ බැස්‌සවීම.

15. පොල් බිඳීම.

මෙහිදී මංගල චාරිත්‍ර මෙහෙයවීම,අෂ්ටක කීම කළ යුත්තේ කීමෙහි බිනීමෙහි චතුර භාවය ඇති සිල්වත් ගුණවත් වැඩිහිටියකු විසිනි.

01. තැළිපිළි පැලඳවීම හා මුදු මාරුකිරීම.

පළමුවෙන්ම මනාලයා විසින් රැගෙන ආ අළුත් ඇඳුම් කට්‌ටලයක්‌ මනාලියට අන්දවනු ලැබේ. අවස්‌ථානුකූලව එය ඉනවටේ දවටා මුදුමාල පැළදීම කළද ස්‌වාමිපුරුෂයා විසින් තම ශක්‌ති පමණින් භාර්යාවට ඇඳුම් පැළඳුම් ආභරණ ලබා දිය යුතු යයි සි`ගාලෝවාද සූත්‍රයේ බුදු හිමියන් වදාළ දහම සනාථ කරවන්නේය.

02. හඟල හුරුළු දීම

මෙයින් අදහස්‌ කරන්නේ පඩුරු (මුදල්) සහිත බුලත් හුරුළු මනාලයා විසින් මනාලියට දීමත්, ඇය විසින් ඒවා පෝරුව මත පතිත කිරීමත්, මනාලිය විසින්ද එවැනි පඬුරු සහිත බුලත් මනාලයාට දීමත්, මනාලයා ද ඒවා පෝරුව මත පතිත කිරීමත්ය. මෙසේ බුලත් හුරුළු හතක්‌ මනාලයා විසින් මනාලියට දෙන අතර අන්තිම බුලත් හුරුල්ල වෙනුවට එකක්‌ මනාලිය විසින් ආපසු දෙනු නොලැබේ. මෙම චාරිත්‍රය සිඟාලෝවාද සූත්‍රයේ එන සදිසා නමස්‌කාරය ප්‍රදර්ශනය කෙරෙන අවස්‌ථාවකි.

ස්‌වාමියා ධනය සපයා භාර්යාවට දෙන බවද, පෝරුවේදී මනාලයා දෙන බුලත් හුරුළුවලින් කියෑවේ. ඒවා එසේම ප්‍රවේශම් කර අවශ්‍ය අවස්‌ථාවන්හිදී ආපසු දෙන බව මනාලිය ආපසු දෙන බුලත් හුරුළුවලින් කියෑවෙන අතර හයවරක්‌ම එසේ මාරු කරන්නේ ගිහියෙකුට හය ආකාරයකට යුතුකම් ඉටුකිරීමට සිදුවන බැවිනි.

1. සංඝයා වහන්සේට, විහාරස්‌ථානයට
2. මවුපියන්ට
3. ගුරුවරුන්ට
4. අඹුදරුවන්ට
5. හිතමිතුරන්ට
6. දැසි දසුන් හෙවත් සේවකයන්ට

යන පාර්ශවයන්ට අවශ්‍ය අවස්‌ථාවලදී විය පැහැදම් කිරීමට, යුතුකම් ඉටු කිරීමට මෙයින් දෙදෙනාම එක`ග වෙති. අන්තිම බුලත් හුරුල්ල මනාලියගෙන් ආපසු නොලැබෙන්නේ ස්‌වාමියාගේ අවසරය ඇතිව හෝ නැතිව ධනයෙන් කොටසක්‌ පිනට දහමට යෙදවීමට කටයුතු කරන බව හෙවත් දන් දෙන බවයි. අර්ථය දැනගෙන කරන්නේ නම් මේ චාරිත්‍රය ඉතා වැදගත් බව නොකිව මනාය.

3. වතුර වීදුරුවක්‌ දීම, කැවුම් කිරිබත් අනුභවය

ආහාර පිළිගැන්වීමට පෙර වතුර බඳුනක්‌ පිළිගැන්වීම කරයි ද නොකරයි ද යන්න ගැන මහෞෂධ පණ්‌ඩිතයන් පරීක්‍ෂාවෙන් සිටි බවත්, අමරා දේවි පළමුව වතුර බඳුනක්‌ පිළිගැන්වූ නිසා එතුමා සතුටු වූ බව උම්මග්ග ජාතකයේ සඳහන් වේ. තවද පිරිසිදු ජලය, පිරිසිදු ආදරය සංකේතවත් කරයි. කැවුම් කිරිබත් අනුභවයේ විශේෂයක්‌ ඇත. තෙරුවන් ගුණ නිසාත්, දේවතාරාධනාකොට ආශිර්වාද කරන තැනකට මස්‌ මාංශ අනුභවය නොගැළපෙන බව කිව යුතු නොවේ. නිර්මාංශ ආහාර පමණක්‌ භාවිත කරනු ලැබේ.

4. කිරිකඩ හේලය දීම

මනාලියගේ මවට කිරිකඩ හේලය දීම මනාලයා විසින් කරනු ලැබේ. මෙහි ප්‍රමාණය කච්චියක්‌ යෑයි සඳහන් වන්නේය. මෙම චාරිත්‍රය මවක විසින් තම දියණියට දුන් කිරි සංකේතවත් කරමින් මවු ගුණයට කරන උපහාරයකි. ඈත අතීතයේ මනාලයකු විසින් මනාලියගේ මවගෙන් දියණියට කොපමණ කිරි දුන්නේ දැයි අසන ලදුව රෙදි කච්චියක්‌ තෙමෙන්නට කිරි දෙන්නට ඇතැයි උදාහරණයකින් පැවසු බව ”කිරිකඩ උපත” නම් පුරාණ කවි පෙළෙහි සඳහන්ය. එම කවි කිහිපයක්‌ පහත දැක්‌වේ.

ඉමේ බද්ද මහ කප්පේ – සුබහ්ම බ්‍රහ්ම ගාමකේ
ඔක්‌කාක රජ කාලේන – බ්‍රහ්මාභිෂේකං පවත්තතී
ඔක්‌කාක රජ කල – සුබ්‍රහ්ම යයි නම් කළ
නායක බමුණු කුල – තමයි බ්‍රහ්මාභිෂේකය මුල

සුබ්‍රහ්ම කියනා බමුණෙක්‌ එගම සිටිනා
සෝසිලී කියනා බැමිණි කුමරුට දාව උපනා
බ්‍රහ්ම මාලී නම් මව් බැමිණියගේ කුසයෙන්
ඉපිද සොළ සැවිරිදි වෙමින් විසිය එකුමරු සඳෙසෙ වැඩෙමින්

මෙලෙස වැඩෙනා කළ – සරණක්‌ සොයා නිසි කළ
බ්‍රහ්ම නායක මුල – බමුණු කුමරුට පාව දෙන කල
මවු බැමිණි මෙලෙසේ – ඇවිදින් ළඟට නොලසේ
බමුණු කුමරුට මෙසේ – කීය වදනක්‌ මෙලෙස දුක සේ

අනේක දුක්‌ වින්දා – පුතුනුවනි දුව සන්දා
දෙතන කිරි කන්දා – මගෙන් කොපමණ යන්ට ඇද්දා
මා වි`දපු දුක්‌ සේ – දුව ඇති කළේ මලක්‌ සේ
පුතනුනි නෙතක්‌ සේ – මෙමා ඇති කළෙ දුව නිදක්‌ සේ

මවු පියවරුන් හට – දරු දුකට සම වන්නට
උපමා කරන්නට – දෙයක්‌ මේ ලොව ඇද්ද මා හට
මවු පියන්ගේ සිත – සතුටු කළ දරුවන් හට
යස ඉසුරු සම්පත – ලැබේ තිරමැයි දනුව මගෙ පුත

ලිපිය දීර්ඝ වන බැවින් සම්පූර්ණ කවිපෙළ මෙහි සඳහන් කරනු නොලැබේ.  ඉහත කවි ගායනා කළ පසුව කිරිකඩ හේලය මවට ද, බුලත් හුරුල්ලක්‌ සහිත ත්‍යාගයක්‌ පියාටද පිරිනමනු ලැබේ.

අතපැන් වත් කිරීම

කිරිකඩ රෙද්ද දීමෙන් පසුව මනාලිය හා මනාලයාගේ දෑඟිලි බැඳ අතපැන් වත් කිරීම සිදුවේ. අත පැන් වත්කොට දන් දීම වෙස්‌සන්තර ජාතකයේ සඳහන් වේ. මෙහිදී භවතු සබ්බ මංගලම් ආදී ගාථාවක්‌ කියමින් ආශිර්වාද කරනු ලැබේ. මෙහිදී මනාලියගේ මාමා යොදා ගන්නා අවස්‌ථා ඇතත් ඊට වඩාත්ම සුදුසු පුද්ගලයා මනාලියගේ පියා ය.

ජයමංගල ගාථා කීම

බාලිකාවන් විසින් ජයමංගල ගාථා කීම ප්‍රසිද්ධ චාරිත්‍රයකි. මෙහි සඳහන් වන්නේ බුදුන් වහන්සේගේ ගුණ ගායනා කර ඒ සත්‍යානුභාවයෙන් යුවති පතීන්ට ජය වේවායි ආශිර්වාද කිරීමයි. ඉන්පසු මනාලයා හා මනාලිය වැඩිහිටි ඥාතීන්ට ආචාර කර සෙත් පිරිත් කියන අතරතුර පෝරුවෙන් බසිනු ලැබේ. මෙහිදී කියනු ලබන බුදු ගුණ සහිත කවියක්‌ පහතින් දැක්‌වේ.

ඝෝරතර ඒ සමර සෙන් බිඳ බුදු වූ ජයසිරියෙන් මඟුල්
නෑර සුර බඹ කරන ඈ සවි සතුන් දිනු බලයෙන් මඟුල්
කාර බැ`දි මේ යුවළ ලබන සෙ සිතා ජයසිරි ශුභ මඟුල්
සාර පද යුග දෙරන මතුයෙහි තබනු මැන වේ ජය මඟුල්

පැයක්‌ හෝ ඊට වැඩි දීර්ඝ වේලාවක්‌ මනාල යුවළ පෝරුව මත සිටුවා ඒ අයටවත්, පැමිණි අමුත්තන්ගේ වැඩි දෙනෙකුටත් නොතේරෙන පාලි, සංස්‌කෘත ආදී භාෂාවකින් ගොරහැඬි ලෙස අෂ්ඨක කීම මේ කාලයට උචිත නොවේ. ඉහත චාරිත්‍ර විධි පැහැදිලි කර දෙමින් විනාඩි 30 – 45 ක්‌ අතර කාලයකදී පෝරුවේ චාරිත්‍ර විධි අවසන් කළ හැකිය. එවිට එය කාගේත් ප්‍රසාදයට හේතුවනු ඇත.

කෑගල්ලේ  සුනිල් කුමාර ගම්ලත්

Source Link : Wishma Lokaya

වෙනත් අයෙකුට වඩා ඉක්මණින් යමක් මතකයේ රඳවා ගන්නේ කෙසේද?

යමෙක් යම්කිසි කරුණක් මතකයේ රඳවා ගන්නේ කෙසේද යන්න ඔබ විමසූ විට බොහෝ දෙනා ඔබට පවසාවි ඔවුන් කටපාඩම් කරන බව. කටපාඩමින් යම්කිසි කරුණක් මතකයේ ගබඩා කරගැනීමට තරමක් පහසු වුවත් කටපාඩමින්ම කරුණු මතකයේ තබා ගැනීමට කාලයක් ගත වනවා. යම් කිසි කරුණක් කෙටි කාලයක් ඇතුලත මතකයේ රඳවා ගැනීමට ගෝලීය වශයෙන් භාවිතා කරන ක්‍රම කිහිපයකින් ඔබව දැනුවත් කිරීමටයි අද අපි සූදානම් වන්නේ.

පළමු පියවර: පරිසරය සකසා ගැනීම

ඔබට යම් කිසි කරුණක් ක්ෂණයකින් මතකයේ ගබඩා කර ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ඔබට සරිලන වටපිටාව පිළිබඳව ප්‍රථමයෙන්ම අවධානය යොමු කල යුතු වනවා. උදාහරණයක් ලෙස ඇතැම් පුද්ගලයින් හට යමක් ධාරණය වන්නට හුදකලා ස්ථානත් ඇතැම් පුද්ගලයින්ට මිනිසුන් ගැවසෙන ස්ථානත් අවශ්‍ය වනවා. මේ ආකාරයට ඔබට අවශ්‍ය වටපිටාව පිළිබඳ ප්‍රථමයෙන්ම අවධානය යොමු කරන්න.

ඉන් පසුව තේ කෝප්පයක් පානය කරන්න. හරිත තේ පානය කිරීම මගින් මතක ශක්තිය වර්ධනය වන බව විවිධ විද්‍යාත්මක කරුණු අනුව තහවුරු කර ඇති නිසා යමක් මතකයේ රඳවා ගැනීම සඳහා හරිත තේ පානය කිරීමට හැකිනම් එය වඩාත් සුදුසු වනවා. අපට යමක් මතකයේ තබා ගැනීමට අවශ්‍ය වූ විට අප සිදු කරන සම්පර්කනය (පුනරාවර්තන) මනසේ ඇති නියුරෝන සමග ශක්තිමත් වීම නිසා මතකයේ රඳවා ගැනීමට අවශ්‍ය කරුණු මතකයේ රැදීම සිදු වනවා. සම්පර්කන වාර ගණන වැඩි වන විට අදාළ කරුණ මතකයේ ඉතා තදින් රැදීම සිදු වනවා.

යමෙක් වයස්ගත වන විට විවිධ විෂ සහිත රසායනික සංයෝගයන් මගින් අපගේ නියුරෝන සහ සම්පර්කන හානිවීම සිදුවී මතකය ගිලිහී යෑම සහ ඇතැම්විට Alzheimer’s වැනි රෝග තත්වයන් පවා ඇති වනවා. හරිත තේ සතු සංයෝගයන් මගින් මෙවන් විෂ සහිත සංඝටකයන් මර්ධනය කර මොලයේ සෛල දිගු කලක් නිසි ලෙස ක්‍රියාත්මකවීමට වගබලා ගන්නවා.

දෙවෙන පියවර: ඔබ මතකයේ තබා ගන්නා කරුණු පටිගත කරන්න

ඔබ යම්කිසි දේශනයක කරුණු මතකයේ තබා ගැනීමට උත්සහා කරනවා නම් මෙම ක්‍රමය ඔබට ඉතා ප්‍රයෝජනවත් වනවා. ඔබ දේශනයට සහභාගී වන අතර වාරයේ ඔබට පවසන කරුණු සහ ඔබට ඇසෙන කරුණු ඔබේ ජංගම දුරකථනය භාවිතයෙන් පටිගත කර ගන්න. පසුව ඔබ පටිගත කල දේශනයේ ඔබට අවශ්‍ය වන ප්‍රධාන කරුණු භාවිතා කර ඔබ වේනම කතාවක් හඬනගා පටිගත කර එම කතාවට සවන් දෙන්න. මෙය හඬ මාධ්‍යය පමණක් භාවිතා කර අධ්‍යාපනය ලබන සහ එම ක්‍රමයට ප්‍රිය කරන්නන්ට අතිශය ප්‍රයෝජනවත් වන අතර ඔබටත් මෙම ක්‍රමය මගින් කරුණු වටහා ගැනීමටත් එම කරුණු මතකයේ තබා ගැනීමටත් පහසු වනවා.

තුන්වන පියවර: ඔබට අවශ්‍ය කරුණු සියල්ල ලියා ගන්න

ඔබේ මතකය අවදි කර සියල්ල නැවත මතක් කර ගැනීමට ප්‍රථමයෙන් එම තොරතුරු පිළිබඳ කොළ කැබැල්ලක ලියා ගන්න. මෙම ක්‍රමය මගින් මතකයට නගා ගැනීමට අවශ්‍ය කරුණු පිළිබඳ ඔබට හුරු පුරුදු ස්වරූපයක් දැනේවි. මෙම ක්‍රියාව ඔබ පටිගත කරගත් හඬ පට වලට සවන් දෙන අතර වාරයේ සිදු කරන්න.

හතරවන පියවර: ඔබේ සටහන් කාණ්ඩ වලට වෙන් කර ගන්න

ඔබ පෙර ලියාගත් ඔබට අවශ්‍ය කරුණු අඩංගු වන සටහන කොටස් දෙකකට වෙන් කර ගන්න. මෙම ක්‍රමය රූපමය මාධ්‍යය භාවිතයෙන් අධ්‍යාපනය හදාරන්නට ප්‍රිය කරන අයෙක් නම් නැත්නම් විවිධ විෂයන් සඳහා විවිධ වර්ණ සංකේතයන් භාවිතා කරන අයෙක් නම් මෙම ක්‍රමය වඩාත් ප්‍රයෝජනවත් වනවා. මෙම ක්‍රමය ප්‍රායෝගිකව භාවිතා කරන ඔබට අවශ්‍ය කරන කරුණු පහසුවෙන් මතකයේ ගබඩා කර ගැනීමට හැකියාව ලැබේවි.

පස්වන පියවර: කරුණු මතකයේ තබා ගැනීමට කටපාඩම් කරන්න.

ඔබ පටිගත කල හඬ පට වල සහ ඔබ ලියාගත් කරුණු පේලි ලෙස ගෙන නොබලා පැවසීමට හැකි වන පරදී කටපාඩම් කරන්න. ඔබ මේ ආකාරයෙන් මතකයේ තබා ගන්නා කරුණු කෙටි කාලයක් තුල නැවත මතකයෙන් ගිලිහී යන නිසා දිගුකලක් මතකයේ රඳවා ගැනීම සඳහා නැවත නැවතත් පාඩම් කරන්න. ඔබ බෙදා වෙන් කරගත් එක් කාණ්ඩයක් සම්පූර්ණ වශයෙන් මතකය තුල ගබඩා වන තුරු වෙනත් කාණ්ඩයක් වෙත යොමු වීමෙන් වළකින්න.

හයවන පියවර: මතකයේ ඇති දෑ ලියන්න.

ඔබේ මතකයේ ඇති සියල්ල කොලයක ලියන්න. මෙම ක්‍රමය මගින් ඔබේ මතකයේ ඇති කරුණු නැවත නැවත මතකයට නැගී ඔබේ මතකය ශක්තිමත් වේවි.

හත්වන පියවර: ඔබටම හෝ වෙනත් අයෙකුට ඔබේ මතකයේ ඇති දෑ උගන්වන්න.

අධ්‍යාපන හදාරන අයෙකුට තමා ඉගෙන ගනු ලබන කරුණු මතක තබා ගැනීමට ඇති සාර්ථකම ක්‍රමවේදයක් ලෙස වෙනත් අයෙකුට ඉගැන්වීම හඳුන්වා දෙන්නට පුළුවන්. ඔබට මෙම ක්‍රියාවලිය විවිධාකාරයෙන් සිදු කරන්නට පුළුවන්. ඔබේ කරුණු අධ්‍යයනය කිරීමට අවශ්‍යතාවයන් ඇති ඔබ ඉදිරියේ සිටින එක් පුද්ගලයෙකුට හෝ පුද්ගලයින් පිරිසකට ඔබට හැකි අයුරින් කරුණු පහදා දෙන්න. එවිට ඔවුන් නගන ප්‍රශ්නත් සමග ඔබේ දැනුම තවත් වර්ධනය වේවි.

අටවන පියවර: නොනවත්වා හඬපට වලට සවන් දෙන්න

රෙදි පිරිසිදු කිරීම, නිවස පිරිසිදු කිරීම සහ වෙනත් බාහිර ක්‍රියාකාරකම් සිදු කරන අතරවාරයේ ඔබ පටිගත කරගත් හඬ පට වලට සවන් දෙන්න.

නවවන පියවර: විවේකයක් ලබා ගන්න

අවසාන වශයෙන් ඔබේ මනසට විවේකයක් ලබා ගන්න. ඔබ අධ්‍යයනය කරමින් සිටි කරුණු හැර වෙනත් කරුණක් පිළිබඳව සිත යොමු කර වෙනයම් ක්‍රියාවක් සිදු කරන්න. ඉන් පසුව නැවතත් ඔබ අධ්‍යයනය කරමින් සිටි කරුණු වෙත අවධානය යොමු කරන්න. මෙම ක්‍රියාවලිය මගින් ඔබේ මතකයේ ඇති කරුණු මොනවාද යන්නත් ඔබ දුර්වලතාවයක් දක්වන කරුණු මොනවාද යන්නත් ඔබට හොඳින් වැටහේවි.

Source Link : Wishma Lokaya

අවුරුදු 30න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න රහස් 12ක්

අවුරුදු 30 පසුව සිරුරේ බර අඩු කර ගන්නවා කියන එක කාන්තාවකට ලොකු අභියෝගයක්. මොකද මේ අවධිය වෙන කොට ඔබේ සිරුර හොඳින් පවත්වා ගැනීම සඳහා ඔබේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියා වැඩි කරගන්නේ කොහොමද කියලා ඔබට ඉගෙන ගන්න වෙනවා. සෞඛ්‍යමත් පරිවෘත්තීය ක්‍රියාවලියක් සිදු වීම අරම්භ වන්නේ නව යොවුන් වියේදී හා වයස අවුරුදු 20 පමණ වන විටයි.

වයස අවුරුදු 30 පමණ වන විට කාන්තාවන්ගේ සිරුරේ විශාල වෙනස්වීමක් සිදු වේ. මෙය සංක්‍රාන්තිමය අවධියක් ලෙසත් හැඳින්විය හැකියි. එහෙත් මෙම වෙනස්වීම පරිවෘත්තීය ක්‍රියාවලියට අභියෝගයක් විය හැකියි. ඇතැම්විට ඔබ විවාහ වී දරුවන් ලැබී, ඉතා කාර්යබහුල රැකියාවක නිරත වනවා විය හැකියි. මේ නිසා සිරුරේ බර අඩු කර ගැනීම අපහසු කාර්යයක් විය හැකියි. එහෙත් එයින් කියවෙන්නේ නැහැ වයස අවුරුදු 30න් පස්සේ බර අඩු කරගැනීම කරන්න බැරි දෙයක් කියලා. මේ නිසා ඔබට කරන්න තියෙන්නේ හොඳින් සුදානම් වී සංවිධානය වීමත් බුද්ධියෙන් වැඩ කිරීමත් පමණයි.

අවුරුදු 30න් පසුව පරිවෘත්තීය ක්‍රියා වර්ධනය කර ගන්නේ කෙසේද?

මේ වයසේදී සෞඛ්‍යමත් පරිවෘත්තීය ක්‍රියාවලියක් ඇති කර ගැනීම සඳහා අනුගමනය කල යුතු පුරුදු අන් කවරදාකටත් වඩා වැදගත් වෙනවා. අවුරුදු 30දී ඔබ ඇති කර ගන්න පුරුදුම තමයි ඔබ අවුරුදු 40 හා 50 මෙන් ම ඉන් එහාටත් අරගෙන යන්නේ. ඒ නිසා මෙම පුරුදු ඉතාමත් වැදගත් වෙනවා.ඔබට ආඩම්බර විය හැකි සිරුරක් හිමි කරගෙන ජීවිතය විඳීමට හැකි නම් කෙතරම් අපුරුද?

සිහින්, සුන්දර පෙනුමක් ලබා ගැනීම සඳහා ඔබේ පරිවෘත්තීය ක්‍රියා වැඩි කරගන්නේ කොහොමද? මේ සඳහා ඔබට ශරීරයෙන් වැඩි කැලරි ප්‍රමාණයක් දහනය වන ලෙස දවස පුරාම ඔබේ සිරුර ක්‍රියාශීලීවව තබා ගත හැකියි. එමෙන්ම ඔබේ සිරුර වියලීමටත් අකාර්යක්ෂම කිරීමටත් හේතු වන නරක පුරුදු නවතා දමන්න. ඊළඟට සිරුරට ශක්තිය සහ ප්‍රාණවත් බව ලබා දෙන පෝෂ්‍යදායි ආහාර ගන්න.

බලන්න මේ පුරුදු වලින් කොපමණ ප්‍රමාණයක් නිවසේ සහ කාර්යාලයේ ඔබේ දින චර්යාවට ඇතුලත් කරගන්න පුලුවන්ද කියලා.

01) වෙනදාට වඩා වැඩිපුර වතුර බොන්න

ඔබේ සිරුර වියලෙන විට එහෙම නැත්නම් විජලනය වන විට ඔබගේ ශක්තිය සීග්‍රයෙන් පහත වැටේ. එමෙන්ම ආහාර ගැනීමෙන් පසු ඔබට දැඩි පිපාසයක් දැනීමට ද පුළුවන්. ඉතින් දැන් වතුර බොන්න පටන් ගන්න. අඩුම තරමේ දවසට ජලය අවුන්ස 24 බෝතල් තුනක්වත් පානය කල යුතුයි. මේ සඳහා පළමුවෙන්ම දිනය ආරම්භයේ වතුර බෝතල් තුනක් පුරවා ශීතකරණයේ දමා තබන්න. ඊළඟට දවස ඇතුලත කොහොම හරි ඒ බෝතල් තුන බොන්න අරමුණු කර ගන්න. මේ විදියට ඔබට දිනට අවශ්‍ය වතුර ප්‍රමාණය සපයා ගත හැකි වේවි.

02) නිවැරදි ඉරියව් පුරුදු වන්න

ඇතැම්විට ඔබ විශ්වාස නොකරනවා ඇති ඔබේ සිට ගැනීමේ සහ ඉඳගැනීමේ ඉරියව් වලිනුත් ඔබේ ශක්ති මට්ටමට සහ ඔබේ ආත්ම විශ්වාසයට බලපෑමක් ඇති වෙනවා කියලා. එහෙත් මෙවායින්ද ඔබේ ශක්තියට බලපෑමක් ඇතිවේ. දිනපතා උදෑසන සහ දිනයේ අතරමැදදී ඉතා සරල ව්‍යායාම කිහිපයක් කිරීම වැදගත් වේ. මිනිත්තු 5 ක පමන කුඩා ව්‍යායාමයකින් වුවද ඔබව ප්‍රානවත් වේ.

03) කැෆෙන් වලින් පරිස්සම් වෙන්න

කැෆෙන් ස්වල්පයකින් ඉතා ඉක්මනින් සුළු ශක්තියක් ලබාදෙයි. එහෙත් ඔබ එය වැඩිපුර පානය කිරීමෙන් ඔබ විජලනයට පත් වීමත් මහන්සියට පත් වීමත් සිදු විය හැකියි. එමෙන්ම ඔබ රාත්‍රියට කැෆෙන් භාවිත කලොහොත් එය ඔබගේ නින්දටද බාධාවක් විය හැක. එම නිසා ඔබගේ කැෆේන් භාවිතය දිනකට දෙවරකට පමණ සීමා කරන්න. එමෙන්ම නින්දට යාමට පෙර චොකලට්, කෝපි, සහ අනෙකුත් කැෆේන් අඩංගු ආහාර ගැනීමෙන් වලකින්න.

04) උදෑසනට ඕනවට වඩා ආහාර හැනීමෙන් වළකින්න.

අප සැම අසා ඇත්තේ උදෑසනට රජෙක් වගේ ආහාර ගන්න කියලයි. එහෙත් නවතම සොයාගැනීම් අනුව දවස පුරාම සිදු කරන දේවල්වලට උදෑසන ආහාර වේලේ දැඩි බලපෑමක් නැති බව පැවසේ. එනිසා දවස පුරාම ඔබව කම්මැලි කරන ලෙස උදෑසනට විශාල ආහාර වේලක් ගැනීමෙන් වළකින්න. උදෑසනට ප්‍රෝටීන් හා ඛනිජලවන අඩංගු පෝෂ්‍යදායි ආහාර ගන්න.

05) දිනපතා ඔබ ඇවිදින ප්‍රමාණය ගණනය කරන්න.

දිනපතා ඔබ කොපමණ ප්‍රමාණයක් ඇවිදින්නේද යන්න ගණනය කරන්න. ඔබ ඇවිදින සෑම අවස්තාවකම ඔබේ කැලරි දහනය වේ. එනිසා ඔබ ඇවිදින ප්‍රමාණය සොයා ගෙන එම ප්‍රමාණය තවත් වැඩි කරගන්න උත්සහ කරන්න. දිනකට පියවර 7000 න් ආරම්භ කර එය 10000 හෝ ඊටත් වැඩි කිරීමට උත්සහ දරන්න. නව තාක්ෂණය අනුව මෙය ගණනය කල හැකි අතේ පළඳින ඔරලෝසු පවා අද මිලදී ගත හැක.

06) තොරතුරු රැස් කරන්න

සෞඛ්‍යමත් ජීවිතයකට අවශ්‍ය වැදගත් තොරතුරු රැසක් ඔබට අන්තර්ජාලයෙන් ලබා ගන්න පුළුවන්. මෙහි ඇති පහසුකම්, විවිධ ඇප් වලින් ඔබේ ශරීරය වෙහෙස කරන ප්‍රමාණය ගණනය කරන්න පුළුවන්. මෙමගින් ඔබ දවස පුරා ශරීරය ක්‍රියාකාරී කරන ප්‍රමාණය ගණනය කල හැකි අතර ඔබේ සිරුරේ සියුම් චලනයන් පවා ගණනය කල හැකි වීම මින් ලැබෙන තවත් විශේෂ වාසියකි.

මෙයින් ඔබට ඔබේ සිරුර ක්‍රියාශීලී නොවන වේලාවන් පැහැදිලිව හඳුනා ගත හැකි අතර ඒ ඔස්සේ එම වෙලාවන්වල වැඩිපුර ක්‍රියාශීලී වීමට ඔබට හැකියාව ලැබේ. උදාහරණයක් වශයෙන් දහවල් කාලය කියන්නේ අපි හැමෝටම කම්මැලි හිතෙන වෙලාවක්. ඉතින් ඔබට පුළුවන් මේ වෙලාව ඔබේ මිතුරකු සමග ඇවිදීමට හෝ ජිම් එකට යාමට වෙන් කර ගන්න පුළුවන්. එයින් ඔබට දවස පුරාම ඔබේ සිරුර ක්‍රියාශීලීව තබා ගත හැකි වේවි.

07) වැඩ කරන අතරතුරත් ක්‍රියාශීලී වී පරිවෘත්තීය ක්‍රියා වර්ධනය කරගන්න

කාර්යාලයේදී ත් ඔබගේ කැලරි දහනය වන ආකාරයට ඔබගේ කාර්යයන් වල සුළු සුළු වෙනස්කම් සිදු කරගන්න. ඔබ අසල ඇති කුණු බඳුන ඔබ විසින්ම ඉවත් කරන්න. මෙයින් ඔබ ඔබේ අසුනෙන් නැගිට ඇවිදීමට සිදුවේ. එවිට ඔබගේ සිරුර ක්‍රියාශීලී වේ. ඔබ වැඩ කරන පිරිස සමග රැස්වීම් හෝ සාකච්ඡා පවත්වන විට හැමවිටම කාමරයකම මේවා පැවැත්වීමෙන් වැළකී කාර්යාලයේ ඇවිදිමින් ගොඩනැගිලි වලට යාමට පුරුදු වන්න.

එමෙන්ම දහවල් ආහාරයෙන් පසු ඔබ සමග වැඩ කරන සුළු වෙලාවක් ඇවිදීමට යාමද කල හැක. මෙම ක්‍රියා තුලින් ඔබගේ සිරුර ක්‍රියාශීලී වී පරිවෘත්තීය ක්‍රියා වැඩි කරයි.

08) ඇදීමේ ව්‍යායාමයකින් ඔබේ දවස ආරම්භ කරන්න.

උදෑසනදී ඔබ තමන් පිලිබඳ වැඩි අවධානයක් ලබා දෙන්න. උදෑසන අවධි වූ පසු විනාඩි 10-15 පමණ ඇදීමේ ව්‍යායාම සහ චලනය වීම් කිහිපයක් සිදු කරන්න. මෙම සුළු ව්‍යායාම් තුලින් ඔබට දවස පුරාම ධනාත්මක මෙන්ම ප්‍රීතිමත් බවක් ඇති කරාවි. ඔබගේ ශරීරය මෙන්ම මනස ද සැහැල්ලු වූ පසු ශරීරය වෙහෙසවමින් දවස පුරාම කරන්නට වන සියලුම කාර්යයන් ඔබට ඉතාම සාර්ථකව කරගත හැකි වේවි.

09) දින චර්යාව සමබර කර ගන්න.

ඔබගේ පරිවෘත්තීය ක්‍රියාවන් සඳහා ව්‍යායාම අත්‍යවශ්‍ය දෙයකි. එහෙත් අනවශ්‍ය ලෙස අමාරු ව්‍යායාම් කිරීමේ අවශ්‍යතාවයක් නැත. එමෙන්ම අනවශ්‍ය ලෙස වැඩිපුර ව්‍යායාම් කිරීමෙන් ඔබගේ පරිවෘත්තීය ක්‍රියාවලියට හානිකර ද විය හැක. එම නිසා ඔබ ව්‍යායාම් කරන විට සරල ව්‍යායාම් කිහිපයකුත් දැඩි ව්‍යායාම අඩුවෙනුත් එකතු කර ගැනීමට වග බලා ගන්න.

10) මාංශ පේශී වර්ධනය කර ගන්න.

වයස අවුරුදු 30 න් පසුව ඔබගේ සිරුරේ බර අඩු කර ගැනීම සඳහා ඔබට ගත හැකි වඩාත් සුදුසුම පියවර වන්නේ මාංශ පේශී වර්ධනය කර ගැනීමට උත්සහ දැරීමයි. මාංශ පේශී වර්ධනය කර ගැනීම තුලින් ඔබට ඔබගේ පරිවෘත්තීය ක්‍රියා වර්ධනය කර ගැනීමට පමණක් නොව ඔබේ සිරුරට සිහින් මෙන්ම ආකර්ශනීය පෙනුමක් ලබා ගැනීමටද හැකියාව ලැබේ.

මේ සඳහා ව්‍යායාම කිරීමට සතියට දෙවරක් පමණ වෙන්කර ගැනීම ප්‍රමාණවත්. එයින් ඔබට සුන්දර සුරුරක් ලබා ගැනීමට මෙන්ම ශරීරය ක්‍රියාශීලී කර ශක්තිමත් කර ගැනීටත් හැකි වේ.

11) සරල, කෙටි ව්‍යායාම සැලසුමක් සාදා ගන්න

ජිම් එකට යන්න තරම් වෙලාවක් හොයා ගන්න එක ඔබට අමාරුද? ව්‍යායාම කරන්න වෙනම වෙලාවක් වෙන් කරගන්න එකත් ඔබට අමාරුද? එහෙම නම් ඔබට කරන්න තියෙන්නේ වෙලාවක් ලැබුන ගමන් ව්‍යායාම කරන්න ඔබ සුදානම් වී සිටීමයි. මේ සඳහා ඔබට අන්තර්ජාලයේ සහය ගන්න පුළුවන්. ඒ වගේම ඔබේ දුරකතනයට ව්‍යායාම සැලසුම් ඇප් එකක් බා ගත කර තබා ගන්නත් පුළුවන්.

එවිට ඔබට ඉඩක් ලැබුණු විට එහි ආධාරයෙන් ව්‍යායාම කල හැකියි. එමෙන්ම ඔබ කාර්යාලයට යන විට හෝ වෙනත් ගමනක් යන විට ව්‍යායාම කිරීමට අවශ්‍ය ඇඳුම් සහ පාවහන් ආදිය රැගෙන යන්න. එවිට ඔබට ඉඩක් ලැබුණු විට මිතුරකු සමග ඇවිදීමට හෝ දිවීමට යාමටත් ව්‍යායාම කිරීමටත් හැකි වේ. මෙයින් ඔබට ව්‍යායාම කිරීම මනසට වදයක් කර ගන්නේ නැතිව සැහැල්ලුවෙන් කරන්න පුළුවන් වේවි.

12) උදව් ලබාගන්න.

වයස අවුරුදු 30න් පමණ පසු බොහෝ කාන්තාවන් සිතන්නේ තමන්ගේ මුළු කාලයම සිය පවුල සහ රැකියාව වෙනුවෙන් වැය කල යුතුයි කියායි. එහෙත් මෙය වැරදි මතයක්. ඔබේ සෞඛ්‍ය යහපත් කර ගැනීම සඳහා අවශ්‍ය උදව් ලබා දීම ඔබේ පවුලේ අයගෙත් වගකීමකි. ඔබ ව්‍යායාම කරන තුරු හෝ බයිසිකල් පදින තුරු හෝ ටික වෙලාවක් සඳහා දරුවන් බලා ගන්න ලෙස ඔබේ සැමියාගෙන් ඉල්ලන්න.

එමෙන්ම නිතරම නිවසට වේලාම නොසිට ඇතැම් දිනක සැවොම එකතු වී ඇවිදීමට හෝ බයිසිකල් පැදීමට යන ලෙස යෝජනා කරන්න. මෙයින් ඔබේ විශාල වැඩකටයුතුවලින් මද සහනයක් ලබාගැනීමටත් ඔබට හැකි වේ. එමෙන්ම මනසට ද සැහැල්ලුවක් ඇති වේ.

මේ දේවල් අනුගමනය කලොත් කෙතරම් වයසට ගියත් ඔබේ පරිවෘත්තීය ක්‍රියා වර්ධනය කර ගනිමින් ඔබට සඛ්යමත් ජීවිතයක් ඉක්මනින්ම ඔබට ලබා ගත හැකි වේවි.

ලිපි මුලාශ්‍රය  – sinhala.goodhousekeeping.lk

Source Link : Wishma Lokaya

මහසෝනා ගහන කළුකුමාරයා වැහෙන තනිකම් දෝෂය

අද අපේ සමාජයේ ජ්‍යෙතිෂ්‍ය ගැන විශාල කතා බහක්‌ ඇතිවී තිබේ. ජ්‍යෙතිෂ්‍ය මූලික කොටගත් දේශපාලනය නිසා මේ විෂය හාෂ්‍යයෙන් යුතුව කතාබහට ලක්‌ වෙනවා විය හැකියි. ඒ ජ්‍යෙdතිෂ්‍ය අනාවැකි නිසයි. නමුත් එදා දේශපාලන අනාවැකි කියනවාට වඩා ජ්‍යෙතිෂ්‍ය තුළින් අප බයවීම්, යක්‌ෂ දොෂ, තනිකම් දෝෂ, ප්‍රේත දෝෂ, කළු කුමාර දිෂ්ඨිය වැනි දේවල් දුටුවා. ඒ සමගම ඒවාට ප්‍රතිකාර සෙව්වා. එහෙත් අද සමාජයේ එවැනි දේ ගැනත් ඊට ප්‍රතිකර්ම විදියට සිදු කෙරෙන බලි තොවිල් වැනි දේ අසන්නට දකින්නට ලැබෙනවා අඩුයි.

එසේම එදා සෑම ගමකම ගෙවල්වල බලි අරිනවා, තොවිලයක්‌ කරනවා, දෙහි කපනවා, මතුරනවා. එසේම සෑම තුංමංහන්දියකම පෙරේත ගොටුවක්‌ දකින්නට ලැබුණා. නමුත් අද ඒවා දකින්නට නැති තරම්. එදා අපේ සමාජයේ තිබූ තනිකම් දෝෂ බයවීම් වැනි දේවල්වලට සිදුවූයේ කුමක්‌ද? ඒවා දැන් සමාජයෙන් තුරන්වී ගොස්‌ ඇතිද? එම තත්ත්වයන් බටහිර මනෝ වෛද්‍ය විද්‍යාව තුළ අර්ථ දක්‌වන්නේ කෙසේද? යන්න ගැන මෙවර සුවහමුව තුළින් කතා කිරීමට අප අදහස්‌ කළා.

වෛද්‍යතුමනි, අපි මුලින්ම අපේ ගතානුගතික සමාජයේ පැවැති ඉහත සඳහන් කළ ආකාරයේ රෝග නවීන මනෝ විද්‍යාව තුළින් අර්ථකථනය කරන්නේ කෙසේද කියා පවසනවා නම්?

ඉහත සඳහන් කළ ආකාරයේ තනිකම් දෝෂ, බියවීම් වැනි රෝග සියයට සීයක්‌ම අප බටහිර මනෝ වෙද්‍ය විද්‍යාව තුළ එන රෝගවලට සම්බන්ධ කරන්න බැහැ. නමුත් කිට්‌ටුම සම්බන්ධතා ඇති රෝග වන්නේ භීතිකා (phobia‌) සහ මහත් සේ බියට පත්වී සංත්‍රාසය (panic attack) නම් රෝග දෙකයි.

හොඳයි, එසේ නම් වෛද්‍යතුමනි ඔබ සඳහන් කළ භීතිකා සහ සංත්‍රාසය (panic attack) අපට කියන්න.

අපි පළමුව භීතිකා ගැන බලමු. බටහිර වෛද්‍ය විද්‍යාව පෙන්වා දෙන දෙයක්‌ වන්නේ ජනගහනයෙන් 10% කට පමණ යම් ආකාරයක භීතිකාවක්‌ තිබෙන බවයි. ඉතා සුලභ භීතිකා වන්නේ තනිව සිටීමට හෝ තනිව ගමනක්‌ යන්නට ඇති බියයි. මෙහි ප්‍රධාන රෝග ලක්‌ෂණය වන්නේ තනිවම ගෙදර සිටියහොත් විශාල තනිකමක්‌ දැනී විශාල බයක්‌ දැනීමයි.

ඒ වගේව තනිවම ගමනක්‌ යන විටත් එවැනිම බියක්‌ ඇති වෙනවා. හිත කලබල වෙනවා. ලොකු බියක්‌ එනවා. කවුරුත් නැති තැන තමන් මැරෙයි, එසේ නැතිනම් තමන්ට බරපතළ අසනීපයක්‌ හැදෙයි කියා අධිකව බිය වෙනවා.

ඒ වගේම පපුව ගැහෙන්න ගන්නවා. අත පය සීතල වෙනවා. කලන්තේ හැදෙනවා, සංත්‍රාසය (panic attack) යනුවෙන් හඳුන්වන්නේ මෙම තත්ත්වයයි. ගතානුගතික සමාජයේ තනිකම් දෝෂ වූයේ මෙම තත්ත්වයයි. මෙවැනි අයට තිබෙන්නේ තනිකම් දෝෂයක්‌ නොව, තනිකම් භීතිකාවක්‌ යෑයි අපට කිව හැකියි.

වෛද්‍යතුමනි, එවැනිම වෙනත් භීතිකා තත්ත්වයක්‌ තිබෙනවාද එසේනම් ඒ මොනවාද?

තවත් භීතිකා කීපයක්‌ම තිබෙනවා. එනම් ලේ දැකීමට ඇති බිය, තුවාල දැකීමට ඇති බිය, මළගෙවල්වල යැමට ඇති බිය, උස්‌ ස්‌ථානවලට ඇති බිය, සහ වැසූ කාමර වැනි ස්‌ථානවල සිටීමට ඇති බිය ඒ අතර ප්‍රධාන වෙනවා. මා විශේෂයෙන් මෙම භීතිකා තත්ත්වයන් ගැන සඳහන් කළේ, මා කලින් සඳහන් කළ තනිකම් භීතිකා තිබෙන අයට මෙම භීතිකා තත්ත්වයන් ඇතිවන ඉඩකඩ වැඩි නිසයි.

හැබැයි තව භීතිකකා තිබෙනවා. කැරපොත්තෝ, මකුළුවෝ වැනි කුඩා සතුන්ට ඇති භීතිකාව, උස නැගීමට ඇති භීතිකාව, අකුණු කොටන විට ඇතිවන භීතිකා වැනි දේවල්. මේ සියල්ලටම වඩා තරමක්‌ වෙනස්‌ භීතිකාවක්‌ වන්නේ සමාජ භීතිකාවයි.

ඔබතුමා පවසන්නේ ඔය කියන විදියේ නානා ප්‍රකාර භීතිකා තත්ත්වයන් තිබෙන අය එම භීතිකා ඇති වන අවස්‌ථාවලට මුහුණ දුන්නොත් කලින් විදියේ සංත්‍රාසය (panic attack) නම් තත්ත්වය ඇතිවෙන බවද?

ඔව්. එනම් භීතිකාව නොයෙක්‌ විදියේ වෙනස්‌ භීතිකාවක්‌ විය හැකියි. හැබැයි ඇතිවන ප්‍රතිඵලය එකමයි. එනම් මෙම භීතිකාවකදීම ඇතිවන්නේ සංත්‍රාසය (panic attack) නම් රෝග තත්ත්වයමයි.

එසේ නම් මහසෝනා ගැහුවා, කළු කුමාර දිෂ්ඨිය වැහුනා කියන ඒවත් ඔය වර්ගයේ රෝග තත්ත්වයන්ද?

ඔව් එයත් ඒ වගේම ප්‍රශ්නයක්‌. මූලික දේ වන්නේ සංත්‍රාසය (panic attack) නම් තත්ත්වයයි. එම සංත්‍රාසය (panic attack) හැදුන පුද්ගලයෙක්‌ කෙතරම් බිය වෙනවා දැයි කියනවා නම් ඔහු හෝ ඇය තමන් මැරෙයි කියාම හිතනවා. බොහෝවිට කලන්තේ හැදනෙවා.

මෙවැනි කෙනෙකුට කරන ප්‍රතිකාර මොනවාද?

මෙම රෝගීන්ගේ තිබෙන යම් ස්‌නායු දුර්වලතා අපි හඳුනාගෙන තිබෙනවා. එනම් මනස සක්‍රීය කිරීමට අවශ්‍ය ස්‌නායු හෝමෝන වර්ග වන serotonin සහ dopamine වල අඩු ක්‍රියාකාරිත්වය මේවාට හේතු වන බවයි. එම තත්ත්වය නැවත ඇතිවීම වළක්‌වාලීම සඳහා ඖෂධ භාවිතා කරනවා.

ඒ වගේම අත්‍යාවශ්‍ය දෙයක්‌ වන්නේ තම මානසික ශක්‌තිය නැවත ලැබූවිට ඔවුන්ට තම භීතිකාව ඇති කරවන තත්ත්වයන්වලට මුහුණදීමට හැකි තත්ත්වයට රෝගියා ගෙන ආ යුතුයි. මෙහිදි විශේෂයෙන්ම කළින් සඳහන් කළ විදියේ සංත්‍රාසය (panic attack) ඇති නොවන විධියට රෝගියා ඊට මුහුණ දෙන තත්aත්වයට ගෙන ඒම කළ යුතුයි. එසේ කළොත් ඔහුට හෝ ඇයට මෙම තත්ත්වයෙන් සදහටම ගොඩ එන්න පුළුවන්.

එදා මෙවැනි තත්ත්වයන්ට බලිතොවිල්වලින් සාර්ථක ප්‍රතිඵල ලැබුණා. නමුත් අද ඖෂධවලින් ප්‍රතිකාර කරන්නේ ඇයි?

එදා බලිsතොවිල්වලින් සාර්ථක හෝ අසාර්ථක ප්‍රතිකාර කළා. බලිතොවිල්වලින් කළෙත් මා ඉහත කීවා වගේ නොයෙක්‌ භීතිකා ඇතිවන අවස්‌ථා ඇතිකොට ඒවාට රෝගියා යොමුකිරීමයි. රෝගියා සහිsය නැති වන්නේ ඒ නිසයි. බටහිර ප්‍රතිකාර වලින් රෝගියා එසේ සෘජුවම භීතිකා ඇතිවන අවස්‌ථාවන්වලට නිරාවරණය නොකරන හේතුව මෙයයි.

එනම් අධික භීතිකා තත්ත්වයකට පත් කිරීම හොඳ දෙයක්‌ නොවෙයි. එය හෘදය වස්‌තුවට ඉතා විශාල බරක්‌ විය හැකියි. අධික බිය නිසා සමහර විට මෙවැනි රෝගීන් මරණයට පවා පත්වී තිබෙනවා. ඒ වගේම බලිතොවිල් කිරීම දැන් ඉතා මිල අධික දෙයක්‌. සාමාන්‍ය ජනතාව බටහිර වෛද්‍ය විද්‍යාව කෙරෙහි ඇදීයැමට එයද එක්‌ හේතුවක්‌ විය හැකියි.

විශේෂඥ මනෝවෛද්‍ය රනිල් අබේසිංහ , සුවසෙත විශේෂඥ වෛද්‍ය සේවා මධ්‍යස්‌ථානය
අංක. 109, පේරාදෙණිය පාර, මහනුවර,
දුරකථන – 081 – 2232928, 081 – 4481427, 071- 2717768
ලිපි මුලාශ්‍රය – දිවයින පුවත්පත

Source Link : Wishma Lokaya

නොබෙල් තැගි වලින් 22% ක් තමන් සතු කර ගත් ලොව බුද්ධිමත්ම ජාතිය වෙසෙන රට ඊශ්‍රායලය

මුළු අරාබිකරයේම ඉන්න මුස්ලිම්වරුන්ට රිදෙන්න ගහපු පුංචිම පුංචි රටක් ගැන තමයි මේ කියන්න යන්නේ. මේක තමයි මැදපෙරදිග තියෙන එකම මුස්ලිම් නොවන රට. ලංකාවෙන් ⅓ විතර තමයි වෙන්නෙ. සිවිල් වැසියො විදිහට මැදපෙරදිගට සංක්‍රමණය වෙච්ච මේගොල්ලො, කෙළවරක් නැති මුස්ලිම් ආක්‍රමණ නිසා පස්සෙ කාලෙක බොහෝම බිහිසුණු, දක්ශ වගේම කාර්‍යක්ශම හමුදාවක් බවට පත් වෙනවා.

රට බිහිවෙලා අවුරුදු 25 ක් ඇතුලත අරාබි හමුදා වල ආක්‍රමණ 3 කටම සාර්ථකව මුහුණ දෙනවා.ඒ හැම වතාවකදීම අරාබි හමුදා මේ රටේ හමුදාවට වඩා ප්‍රමාණයෙන් ඉතාම විශාල වුණා. මේ මොන යුද්ධ තිබුණත්, 21 සියවස වෙද්දි මේ රට ලෝක වාර්තා රැසක් පිහිටුවනවා. කියන්නෙ මේ රට මුළු ලෝකෙන්ම වෛද්‍ය විද්‍යා උපාංග වැඩිම ගණනකට පේටන්ට් හිමිකරගන්නවා. වැඩිම නොබෙල් ත්‍යාග ප්‍රතිශතයක් ලබාගන්නවා. දෙවෙනියට හොඳම අභ්‍යවකාශ තාක්ශනයට හිමිකම් කියනවා. දැනට මේ ඇති.. මේ ලිස්ට් එක ගොඩාක් දිගයි ……..ඉතිං මේ රටෙන් තමයි පස්සෙ කාලෙක මුස්ලිම් අන්තවාදීන්ට නෙළන හැටි මුළු ලෝකෙම ඉගෙන ගන්නෙ.

ඊශ්‍රායලයේ ඉතිහාසය කොටින්ම හොලිවුඩ් ඇක්ශන් ෆිල්ම් එකක් වගේ. මුස්ලිම්වරු ඇරුනහම මැදපෙරදිග හිටපු සුළු ජාතියක් තමයි යුදෙව්වො (Jews) කියල කියන්නෙ. මේ මිනිස්සු මුස්ලිමුන් අතින් මහ මග නිතර නිතර ඝාතනයට ලක්වෙන්න ගත්තා.

මුස්ලිම් අය දැනගෙන හිටියෙ නෑ තමන් වලියට ගියේ වැරදි ජාතියක් එක්ක කියන එක ! මේ වැඩේ හැමදාමත් කරන්න බැරි නිසා යුදෙව්වන්, තමන්ගෙම කියල රටක් හදාගන්නවා. ඒ තමයි ඊශ්‍රායලය. ඉතින් 1948 මේ පුංචි රට ප්‍රකාශයට පත් කරපු දිනයට පහුවදාම අරාබි රටවල් 5 ක දැවැන්ත හමුදා 5 ක් එකවර ආක්‍රමණය කරනවා.

මේ වෙද්දි රටේ වැඩිහරියක් හිටියෙ හිට්ලර් ගෙන් බැටකාලා යුරෝපයෙන් පැනලා ආපු සිවිල් වැසියො. ඒ කාටවත් හරි හමං හමුදා පුහූණුවක් තිබුනේ නෑ. අරාබි හමුදා, සටන් පෙරමුණට එනකොට ලෝකෙ වටේ හිටපු යුධ විශ්ලේෂකයන් හිතුවෙ නෑ ඊශ්‍රායලය සති දෙකක් වත් තියේවි කියලා. ඒත් මාස 9 ක් පුරාවට වෙච්ච මේ යුද්ධයේ අන්තිමටම ඊශ්‍රායලය වැසියන්, සියළුම අරාබි හමුදා පැරැද්දුවෙ කවුරුත්ම හිතපු නැති විදිහට..!

ඊශ්‍රායල වැසියො දැනගෙන හිටියා මේක අවසානය නෙවෙයි. ඉස්සරහටත් මුස්ලිම් රටවල් එක්ක හැප්පෙන්න වෙනවා කියන එක. ඒක නිසා ඒගොල්ලො ඔක්කොම අකුලගෙන ආපහු යුරෝපෙටම ගියා ? මොන පිස්සුද. මේ පාර වෙච්ච වැරදිත් හදාගෙන ඊලඟ යුද්ධෙට ලෑස්ති වුණා.

දැන් තමයි හොඳම හරිය එන්නේ. තවත් අවුරුදු 19 ට පස්සෙ විශාල අරාබි රටවල් 4ක් එකවර පහරදෙන්නෙ මුලු අරාබිකරයේම විතරක් නෙවෙයි පකිස්තානෙන් පවා සහය අරගෙන. ඊශ්‍රායලය දවස් 6 න් මුං ඔක්කොටම ගහල දැම්මා….. !ඔව්……. දවස් 6 යි.

මේ යුදෙව්වන් තමන්ගෙ රට defend කරල නිකං හිටියෙ නෑ. තමන්ගෙ රට වගේ 3 ගුණයක් විශාල බිම් කොටස් අර හැම අරාබි රටකින්ම අල්ලා ගත්තා දඬුවමක් විදිහට. අපි අවුරුදු 30 ක් තිස්සෙ කරන ජාතියේ යුද්ධ මේ ගොල්ලො කරන්නෙ දවස් 6 කින්. (ඔන්න දැන්නං යන්තම් ඊශ්‍රායලය ලංකාව තරම්ම ලොකුයි)

මේක නං මුළු ලෝකය පුරාම 6-Day-War නමින් ගොඩක් ජනප්‍රිය වුණා. යුද්ධයට අණ දුන්න ඊශ්‍රායලය Generals ල International Celebrity ල ගෙ තත්වෙට ආවා.

පිටරට පත්තර හිටං මේ විශ්මිත ජයග්‍රහණය ගැන මුල් පිටුවෙ පළ කළා. යුධ විශේෂඥයෝ ඊශ්‍රායලය හමුදා නිළධාරීන් ගෙ සටහන් අධ්‍යයනය කරන්න ගත්තා. ඉතිං ඊශ්‍රායලය ආක්‍රමණය කරන එක පැත්තක තියලා තමන්ට අහිමි උන ඉඩම් කෑලි ටිකවත් ආපහු ගන්න කියලා, අවුරුදු 6ක් ඇතුලත නැවතත් අරාබි රටවල් 2ක් ආක්‍රමණයක් දියත් කරනවා (‍Yom Kippur War)

රටවල් දෙකක් වුණාට මේ යුද්ධය නං කලින් වගේ ලේසි වුණෙ නෑ. රුසියාවෙන් ලැබුණු නවීනතම ආයුධ අරාබි ජාතිකයන් සතු වුණා. ඊශ්‍රායලය යුදෙව්වන් කියන්නෙ සෙල්ලම් නෙවෙයි කියන එකත් ඒගොල්ලන්ට හොඳටම තේරිලයි තිබුණෙ. මේ නිසා මාස ගණනක් තමන්ගෙ සටන හොඳින් සැළසුම් කළා.

කොටින්ම අරාබි ජාතිකයන්ට රාත්‍රී කාලයෙ දැකිය හැකි Night Visions පවා තිබුණා. ඊශ්‍රායලය හමුදා සෙබලුන්ට රාත්‍රි කාලයෙ සතුරා ලඟට එනකං ඉඳලම පහර දෙන්න සිදුවුණා. හරියට අන්ධයෙක් ඇස් පේන කෙනෙක් එක්ක ගහගන්නවා වගෙ වුණා. නමුත් ඊශ්‍රායලය වැසියන් ගාව අරාබි ජාතිකයන් ලඟ නැති බිහිසුණු ආයුධයක් තිබුණා. ඒ තමයි මොලේ කියන එක

අරාබි රටවල් මාස ගණනක සැලසුම් ඊශ්‍රායල අණදෙන නිළධාරීන් ගෙ තැනට සුදුසු තීක්ෂණ නුවණ ඉදිරියේ කෑලි කෑලි වලට කැඩිලා ගියා. හරියට මාස ගණනක් කට පාඩම් කරල කතාවක් පැවැත්තුවට පස්සෙ සභාවෙ කෙනෙක් අංඤකොරොස් ප්‍රශ්නයක් ඇහුවා වගේ.  ඊශ්‍රායල ජෙනරල්ලා මේ යුද්ධයේදි පාවිච්චි කරපු අලුත්ම සංකීර්ණ හමුදා මෙහෙයවීම් (ground maneuver) , පස්සෙ කාලෙක යුධ විශේෂඥයොන්ගෙ ප්‍රශංසාවට ලක්වුණා.

(Arial Sharon. එදා මෙදා තුර ඊශ්‍රායලය බිහිවුණ හොඳම military strategists කෙනෙක්. මෙයාගෙ වැඩ මේ Yom Kippur යුද්ධය දින්න ලොකු උදව්වක් වුණා. පස්සෙ කාලෙක රටේ නායකය වෙන්නෙත් මෙයාම තමයි )

මාසයක විතර දරුණු සටනකින් පස්සෙ ඊශ්‍රායලය නැවතත් ජයග්‍රාහීව නැඟී හිටියා. එදා ඉඳන් අද (2014) වෙනකං අවුරුදු 40 කින් කිසිම අරාබි රාජ්‍යක් ඊශ්‍රායලයත් එක්ක හැප්පෙන්න තරම් නිර්භීත වුනේ නෑ. මේ සෑම යුද්ධයකදීම ඊශ්‍රායලයේ හමුදා භටයින් 10 කට අරාබි හමුදා භටයින් 1000 ගණනක් මරු දැක්කා. එක කාලයකදී ඊශ්‍රායලයේ ගුවන් යානා 25ක් විනාශ වෙද්දි අරාබි යානා 631 ගණනක් සුනු විසුනු කරල තිබුණා !!!

ඉතිං මේ ඊයෙ පෙරේදා බිහි වෙච්ච රටක යුධ හමුදා නිළධාරීන්ට, ගුවන් හමුදා පයිලට් ලට ඇමරිකාවෙන් පවා දේශන පවත්වන්න ආරාධනා ලැබෙන්න ගත්තා.

අනික් රටවල ජෙනරල්වරු වගේ පදක්කම් rack පිටින් ඇඳුමෙ එල්ලගෙන ඉන්න සිරිතක් ඊශ්‍රායලයේ officers ලගෙ නෑ. නිතරම front එකට ගිහිල්ල අණ දෙන එක මේ සරළ ඇඳූම නිසා ලේසි වුණා.මේ ගොල්ලන්ගේ නායකත්වය තමයි හැම වතාවකදීම අරාබි හමුදා දණ ගැස්සුවෙ.

මීට පස්සෙ ආපු පුංචි මුස්ලිම් ප්‍රහාර වලට, ඊට වඩා 10 ගුණයකින් බිහිසුණූ ප්‍රති ප්‍රහාර ඊශ්‍රායලය හමුදා එල්ල කළා

පලස්තීන ගරිල්ලන් ඊශ්‍රායලයට රිංගලා සිවිල් වැසියන් එකා දෙන්නා ඝාතනය කළා. ඒ එක්කෙනාට පලස්තීනුවන් 10ක් යුදෙව්වන් විසින් මරා දැමුවා. බිල්ඩිං පිටින් බිමට සමතලා කළා.

හැමෝගෙම විරෝධතා මැද්දෙ ඉරාකයේ සදාම් හුසේන් න්‍යශ්ථික බලය ලබාගන්න උත්සහ කළා. ඊශ්‍රායලය ගුවන් හමුදාව මුස්ලිම් රටවල් දෙකක කනෙන් රිංගලා ඉතාමත් දුර තිබුණු ඉරකයේ බෑග්ඩෑග් නුවර තිබ්බ Nuclear Reactor එක කුඩු කෑලි වෙන්න ගුවනින් බෝම්බ දාන්න සමත් වුණා.

ඒ වගේම තමන්ගෙ ඔලිම්පික් කණ්ඩායම ඝාතනය කරපු සියළුම මුස්ලිම් වරුන්ව ඊශ්‍රායලය ඔත්තු සේවා අවුරුදු 20 ක් පුරාවට දඩයම් කළා. (Operation Wrath of God)

අද ඊශ්‍රායලයේ සියළුම යුදෙව් වැසියන් අවුරුදු 19 ඉඳන් අනිවාර්‍ය යුධ පුහුණුව ලබනවා. ගෑනු අයත් ඇතුළුව. මේ හැමෝටම ආත්මාරක්ශාවට පාවිච්චි කරන්න, තමන්ටම නිර්මාණය කරපු සටන් කළාවක් පවා තියෙනවා.

ඕනෑම කාලයකදි පැය 72 ක් ඇතුලත 250, 000 හමුදාවක් සේවයට කැඳවන්න තරම්ට හමුදා සන්නිවේදනය සහ protocols කාර්‍යක්ශම කළා. යුද්ධ කාලෙදි ලෝකය පුරා ඉන්න ගොඩක් ඊශ්‍රායලය ජාතික විශ්ව විද්‍යාල ශිෂ්‍යයො ඔක්කොම දාල ආපහු රටට එන්නේ කවුරුත් බල කරල නෙවෙයි. මේ විදිහට යුද්ධ වලදි front සටන් වැදිලා වෙඩිනොකා බේරුන නිර්භීත සෙබලු පස්සෙ කාලෙක රටේ නායකයො වෙන්න ගත්තා.

වෙන කිසිම රටකට නොදෙවෙනි වෙන ලොකු Range එකක ආයුධ තමන්ම නිපදවන්න ගත්තා. උණ්ඩයේ ඉඳන් Fighting Jet දක්වා ( උදා:- කෆීර්).

ලෝකයේ අංක 1 ඩ්‍රෝන (drone) අපනයනය කරන්නෙත් මේගොල්ලොම තමයි.

ඇමරිකාවෙ CIA එකේ 20 000 නිළධාරීන් Most Wanted 100 people list එකක් ගැන බලද්දි, ඊශ්‍රායලය ඔත්තු සේවාවේ (Mossad) එකේ 2500 නිළධාරීන් වටේම ඉන්න අරාබි රටවල Most Wanted 100 000ක ලෝකෙ ලොකුම list එකේ මිනිස්සු ගැන අවධියෙන් හිටියා

කොටින්ම අද මුළු ඊශ්‍රායලයම එකම War Machine එකක්.මේ පුංචි War Machine එකට මැදපෙරදිග විතරක් නෙවෙයි, මුළු අරාබිකරයම යටයි. ( හැබැයි ඉතිං ලංකාවෙනුත් ⅓ යි )

දැන් එතකොට ඊශ්‍රායල් උන්ට යුද්ධයෙන් තොර ලෝකයක් නැද්ද ? ඉන්නෙ ඔක්කොම thugs ලද ? අපෝ නෑ

මේ පුංචි රට 21 සියවස වෙද්දි ඊශ්‍රායලය විද්‍යාව හා තාක්ෂණය අතින් ඉහලම තලයකට එන්න සමත් වෙනවා මුළු ලෝකෙන්ම වැඩිම නොබෙල් තෑගි ප්‍රතිශතයක් ලබාගනවා ( ඒවයින් වැඩි හරියක් විද්‍යාවට අදාල තෑගි. ) වැඩිම විද්‍යාඥයන් , technicians ලා ප්‍රතිශතය වාර්ථා කරනවා. (මිනිස්සු 10k ට 145ක්,දෙවෙනියට ඉන්න ඇමරිකාවෙ මේ ප්‍රතිශතය 10k ට 85. පේනවනෙ ගැප් එක ?)

සැටලයිට් එකක් අභ්‍යවකාශයට Launch කළ හැකි රටවල් අතරට එනවා (ලෝකෙටම එහෙම රටවල් තියෙන්නෙ 8ක් විතරයි. අපි යැව්වෙත් චීනාට කියලනෙ)

3 වෙනියට හොඳම Science & Technology Institutes බිහිකරනවා. වැඩිම Scientific Papers Publishing ප්‍රතිශතයක් ලබාගන්නවා. ලෝකෙ 8 වෙනියට වැඩිම ආයු අපේක්ශිත කාලය ( වටේම අරාබි රටවල් දිනපතා ප්‍රහාර එල්ල කළත්) හිමිකරගත්තා.

කොටින්ම cell phone එක බිහිවුණෙ මේ රටේ තිබුණු Motorola Lab එකේදි. ඒ වගේ Intel හි Pentium IV, Centrino වගේ Processors බිහිවෙන්න ගත්තා.

Skype වගේ මෘදුකාංග වල භාවිතා වන VOIP වල දියුණුවට උදව් වුණා ( Viber කියන්නෙ 100% ඊශ්‍රායල නිශ්පාදනයක් ). ඇඟ ඇතුලෙ පින්තූර ගන්න capsule වගේ නව සොයාගැනීම් එක්ක වෛද්‍ය විද්‍යාව ඉහලම තැනකට ආවා.

අද වෙද්දි ඊශ්‍රායලය ආර්ථිකය, වටේම ඉන්න අරාබි මුස්ලිම් රටවල ආර්ථික වටිනාකම් වල එකතුවටත් වඩා වැඩියි ! හැබැයි ඉතින් මේ දේවල් කළේ රටේ තියෙන තෙල් ටික විකුණගෙන කාලා නෙවෙයි. ඔව්………. මැදපෙරදිග වුණත් ඊශ්‍රායලයට තෙල් සම්පතක් නෑ !! “Arabs may have the oil, but we have the matches” – Arial Sharon

ඒත් කොහොමද ඊශ්‍රායලය මෙච්චර දෙයක් කලේ ? උත්තරේ හරිම සරලයි. ඊශ්‍රායලයෙ ඉන්නෙ යුදෙව්වන් . මුං තමයි මුළු ලෝකෙන්ම Average IQ එක වැඩිම ජාතිය.

මුළු ලෝකෙටම යුදෙව්වන් ඉන්නෙ 0.2% ඒත් නොබෙල් තෑගි වලින් 22% අයිති මේගොල්ලොන්ට. සෙල්ලං සාම තෑගි නෙවෙයි. විද්‍යාව හා තාක්ෂණයට අදාල ඒවා.

(පහුගිය අවුරුදු 105 දී මුස්ලිම් නොබෙල් ත්‍යාග ලාභීන් හිටියෙ 8 විතරයි. ඒත් යුදෙව්වො 166 ක් හිටියා. ස්වීඩන් වල යුදෙව්වො ඉන්නෙ 5% ඒත් ඒ රටේ ඉංජිනේරුවොන්ගෙන්, වෛද්‍යවරයොන් ගෙන් 51% යුදෙව්වන්. ඇමරිකාවෙ 3% ඉන්නෙ ඒත් 27% නොබෙල් තෑගි ඇමරිකානු යුදෙව්වන් ගෙ(මේ වගේ පිස්සු කොර වාර්ථා යුදෙව්වො ඉන්න හැම රටකින්ම වාර්ථා වෙනවා)

ලෝකෙන්ම වැඩිම IQ හිමි පුද්ගලයන් අතරින් සැළකිය යුතු ගණනක් යුදෙව්වන්

කීර්තිමත් භෞතික විද්‍යාඥයින් ( උදා:- ඇල්බට් අයින්ස්ටයින්)

මනෝ වෛද්‍යවරුන් (සිග්මන් ෆ්‍රොයිඩ්)

සිනමා කරුවන් (ස්ටීවන් ස්පිල්බර්ග්)

Facebook නිර්මාතෘ (Mark Elliot Zuckerberg) විතරක් නෙවෙයි Google හොයාගත්තු දෙන්නගෙන් එක්කනෙකුත් (Sergey Mikhaylovich Brin) යුදෙව්වෙක් තමයි.

ලෝකයේ පළවෙනි එන්නත් කටුවේ නිර්මාතෘ.

පළවෙනි පෝලියෝ එන්නත හොයාගත්තු වෛද්‍යවරයා.

ලෝකයෙ පලමු Chess Champions 13 දෙනාගෙන් 50% ක් ( 1,2 ස්ථාන ඇතුලුව)

කොටින්ම නාසි කඳවුරු වල හිරවෙලා හිටපු යුදෙව් ගණිතඥයෙක් තමන්ගෙ දුක අමතක වෙන්න කියල ගණිත ගැටලු ගැන හිත හිත ඉඳල අලුත් ගණිත ක්‍රමයක් පවා හොයාගත්තා. දැන් තේරෙනවා ඇති නෙ තත්ත්වෙ..?

ඉතිං ඊශ්‍රායලය හමුදා අණදෙන නිළධාරීන් හැමෝම මේ වගේ ගොඩාක් උගත් පවුල් වලින් පැවතගෙන ආපු අය. අදටත් සමහර ඊශ්‍රායල හමුදා නිළධාරීන්ට PhD තියෙනවා.ඒ කියන්නෙ ඊශ්‍රායලය front එකේ යුද්ධ කරන සමහර සෙබලු, අරාබි රටවල හමුදා ලොක්කොන්ටත් වඩා දක්ශ වුණා.

මෙන්න මේ හේතුව නිසයි ඊශ්‍රායලයෙ පුංචි හමුදාව මුළු අරාබිකරයේම දැවැන්ත හමුදාවලට වඩා බිහිසුණු වෙන්නෙ. කාර්‍යක්ශම වෙන්නෙ.

වසර ගණනක් තිස්සෙ මැදපෙරදිග දියත් කරපු මෙහෙයුම් වල සාර්ථකත්වය, කාර්‍යක්ශමතාව දැකපු ලෝකයේ අනික් රටවලුත් ( උදා:- ඇමරිකාව, ශ්‍රී ලංකාව) දැන් ඒගොල්ලන්ගෙ හමුදා ඊශ්‍රායලයට එවනවා.

අරාබි රටවල් වගේ නෙවෙයි ඊශ්‍රායලය ආගමික නිදහස තියෙනවා. ලඟදි ලංකාවෙන් ගියපු අය එහේ පන්සලකුත් හදුවා. කිසි ප්‍රශ්නයක් නෑ

එහේ අය අපේ මිනිස්සුන්ට හොඳට සළකනවා. තාම ඒ කාටවත් පෙට්ටියක් ඇතුලෙ ලංකාවට එන්න වුණෙ නෑ.

ඊශ්‍රායලය පිහිටුවන්න කලින්, පල්ස්තීනය පුරා විහිදී තිබුණු ක්‍රිස්තියානි, කතෝලික සිද්ධස්ථාන මුස්ලිම් පාලනයට නතුවෙලා තිබුණෙ

ඒත් ඊශ්‍රායලය පිහිටෙව්වත් එක්කම මුස්ලිම් ග්‍රහණයෙන් බේරගෙන, යුදෙව් මුස්ලිම් ක්‍රිස්තියානි කතෝලික ඕනෑම කෙනෙකුට ඕනෑම තැනකට ගිහිල්ල නිදහසේ වැඳපුදාගන්න අවස්ථාව දුන්නා

පස්සෙ කාලෙක මැදපෙරදිහ ක්‍රිස්තියානි, කතෝලික ආගම අදහන අරාබි ජාතිකයන්ව මුස්ලිම් ආක්‍රමණ වලින් බේරගන්නෙත් ඊශ්‍රායලය හමුදාම තමයි.

මේ හේතුව නිසාම අරාබි ලෝකයෙන් එල්ල වුණ හැම ආක්‍රමණයකදීම අරාබි ක්‍රිස්තියානි ජනතාව හිටියෙ ඊශ්‍රායලයත් එක්ක.

අද ඊශ්‍රායලයේ 25% ක් මුස්ලිම්වරුන් නිදහසේ ජීවත් වෙනවා

ඒ මුස්ලිම් කාන්තාවන්ට අනික් මැදපෙරදිග රටවල් වල වත් නැති නිදහස, සමතැන දීලා තියෙනවා. අර කලින් කිව්ව යුධ පුහුණුව මේ ඊශ්‍රායලය-අරාබි ජාතිකයන්ට අනිවාර්‍ය වුණෙ නෑ. ඒත් සමහර ඊශ්‍රායලය-අරාබි ජාතිකයන් තමන්ගෙ කැමැත්තෙන්ම හමුදාවට එකතු වුණෙ අනික් කිසිම අරාබි රටකටත් වඩා තමන්ට නිදහස දුන්න නිසා.

යුධ බලයෙන් කොච්චර පොහොසත් වුණත් ඊශ්‍රායලය පුළුවන් හැම වෙලාවකදීම අරාබි රටවල් එක්ක සාමයෙන් ප්‍රශ්න බේරගත්තා. සාම සාකච්ඡා වලට ගෙන්න ගන්න අර යුද්ධ වලදි අල්ලා ගත්තු තෙල් වලින් පොහොසත් ඉඩම් පවා ආපහු ඒ රටවල් වලට බාරදුන්නා.

හැබැයි යුද්ධෙට ආපු හැම රටකටම දුවන්න දුන්නා. ඒ විතරක් නෙවෙයි හිතුනොත් ඒ රටවල් වලින් කොටස් හිටන් අල්ලගත්තා.

ඊශ්‍රායලය බිහිකළෙ එකම එක අරමුණක් මුල් කරගෙන. ඒ තමයි ලෝකය පුරා විසිරිලා ඉන්න යුදෙව්වන්ට තමන්ගෙම රටක් බිහිකරල දෙන එක.හිට්ලර් විසින් යුරෝපීය යුදෙව්වන් 70% ඝාතනය කළාට පස්සෙ ඒ උවමනාව වෙන කවදාටත් වඩා ඔවුන්ට දැනුනා.

රටේ මොන තරම් යුද්ධ තිබුණත් ඔවුන් අවට අරාබි රටවල් වල දුක් විඳිමින් ඉන්න යුදෙව්වන් ඊශ්‍රායලයට ගෙන්න ගත්තා. ඕනෙම රටක දේශපාලනය අස්ථාවර වේගෙන එද්දි ඒ රටවල් වලත් හොරෙන් යුදෙව්වන් බේරාගෙන තමන්ගෙ රටට ගෙන්න ගන්න ඊශ්‍රායල රජය සාර්ථකව මෙහෙයුම් දියත් කළා.

අද ලෝකෙ ඕනෑම කෙනෙක්ට තමන් යුදෙව්වෙක් කියල ඔප්පු කරන්න පුළුවන් නම් එවෙලෙම ඊශ්‍රායලය පුරවැසිබාවය දෙනවා.

මේගොල්ලො ලෝකය පුරා ඉන්න යුදෙව්වන්ට කියන්නෙ එක දෙයයි “Come Home”

ඒත් ලෝකෙ හතර අතේ විසිරිලා තිබුණු යුදෙව්වන් කතා කළෙ ඒ ඒ රටවල් වල භාශාව (රුසියානු, පෝලන්ත, ජර්මන් වගේ).

මේකට විසඳුමක් විදිහට ඒගොල්ලො, යුදෙව්වන්ගෙ භාෂාව විදිහට අවුරුදු 2000 ක් තිස්සෙ වඳවෙලා තිබ්බ හීබෲ භාශාව කතා කරන්න ගත්තා. අවුරුදු දෙදහසකින් ඇහුනෙ නැති භාශාවක වචන මැදපෙරදිගින් ඇහෙන්න ගත්තා.

මීට කලින් මේ මුළු මිනිස් ඉතිහාසයේම කොතනකවත් වඳවෙලා තිබුණූ භාශාවකට පණ දීලත් නෑ, එය රටක ප්‍රධාන භාශාවක් කරගෙනත් නෑ.

මේ විදිහට ලෝකය පුරා යුදෙව්වන්ට නිවහනක් වුණ ඊශ්‍රායලය, තමන්ගෙ ජාතිය දශ ලක්ශ ගණනින් මරපු නාසි නිලධාරීන්ව දඩයම් කරන්න ලෝකයේ හැම පැත්තකටම මෙහෙයුම් දියත් කළා.

තමන්ගෙ ජාතිය දස වද දීලා මැරුවත්, පුළුවන් හැම වෙලාවකදීම නාසි කාරයොන්ව පැහැරගෙන ඊශ්‍රායලය ගෙනල්ලා එහිදී අධිකරණ ඉදිරියෙ නිදහසට කාරණා පවා දක්වන්න අවස්ථාව දුන්නා. නීතීඥයන් ලබා දුන්නා.

නමුත් ඇයි යුදෙව්වො යුරෝපේ අතෑරලා මේ මැදපෙරදිග දූවිලි ගොඩකට ආවෙ ? ඇමරිකාවට යන්න තිබ්බනෙ ? ඇයි ඊශ්‍රායලය භූමිය මේ තරම් ඔවුන්ට වැදගත් ?

ඊශ්‍රායලය කියන්නෙ යුදෙව්වන්ගෙ ශුද්ධ භූමිය නිසා.

අවුරුදු 3000 කටත් කලින් යුදෙව්වො ඔය තැන ඉඳල තියෙනවා. නමුත් Babylonian Attack එකෙන් පස්සෙ ඔවුන් ලෝකයෙ 4 දිශාවට පිටුවහල් කළා. ඔවුන්ගෙ Temple එක කුඩු කළා.

ඉතිං කුඩා කණ්ඩායම් විදිහට විසිරිලා ගියත් අවුරුදු 1000 පුරාවට ඒගොල්ලො තමන්ගෙ සංස්කෘතිය රැකගෙන ඒ රටවල් වල හිටියා. එහෙම ඉඳලා නැවතත් ඊශ්‍රායලයට ආවා.හිතල බලන්න.. අවුරුදු 1000 ක් !

නමුත් දෙවෙනි වතාවටත් රෝමයේ ආක්‍රමණයට නතු වුණ යුදෙව්වන් සීසීකඩ විසිරුණා. ඔවුන්ගෙ 2 වෙනි Temple එකත් කුඩු කෑලි වලට කැඩුනා.

යුරොපයේ රටවල් වලට පලාගියපු යුදෙව්වත් උත්සහයෙන් උනන්දුවෙන් ඒ රටවල් වල ඉහලම තැන් වල වැජඹුනා. රටේ උගතුන් දක්ශයන් අතරින් බහුතරය යුදෙව්වන්ම වුණා.

මේ හේතුව නිසා තමයි හිට්ලර් ගේ හමුදා අතින් ඔවුන් ලක්ශ 60 ක් සංහාරයට පත් වෙන්නෙ.මේ විදිහට තමයි අවුරුදු 3000 ක් පුරාවටම මේ මිනිස්සු අනික් ජාතීගෙ දඩයම් බවට පත් වුණේ.

හැබැයි මේ විදිහට පිටුවහල් වෙන හැටි, සංහාරයට පත් වෙන හැටි ඔවුන්ගෙ බයිබලයේ පැහැදිලිවම කලින්ම අනාවැකි කරල තිබුණා.

“යුදෙව්වන් රට හැර ගියාට පස්සෙ මුලු පොලවම නිසරු වෙලා කාන්තාරයක් වෙන බවත් “

“හැර ගිය යුදෙව්වන් කවදාහරි ආපහු ඊශ්‍රායලයට එන බවත්”

“ආවට පස්සෙ භූමිය නැවතත් දළු දාලා සාරවත් වෙන බවත් “ බයිබලයේ සඳහන් වුණා

යුදෙව්වන් හැමදාමත් වැඩ කළේ බයිබලයේ මේ සැලසුමට අනුව.

ඉතින් තවත් අවුරුදු 1000 ක් ට විතර පස්සෙ හිට්ලර් ගෙන් බේරිලා, 3න් වෙනි වතාවත් නැවත ආපු යුදෙව්වන්, අර වැලි දූවිලි කාන්තාරයේ Green houses හදලා වගා කරන්න ගත්තා

මේ හේතුව නිසා 21 සියවස වෙද්දි කලින් තිබුණට වඩා ගස් ප්‍රමාණය වැඩි කරගත්ත ලෝකෙ රටවල් 2 න් එකක් බවට පත් වුණා. බයිබලයේ අනාවැකි වෙනකං ඉන්නෙ නැතුව තමන්ම උත්සහයෙන් දියුණූ වුණා.

ඉතිං මේ විදිහට තමයි යුදෙව්වන් තමන්ගෙ අවුරුදු 4000 පරණ සැලැස්මේ අන්තිමට හරියත් ගොඩනගන්න සමත් වුණෙ.

අවුරුදු දහස් ගණනක් පුරාවට දශ ලක්ශ ගණනින් සංහාරයට පත් වෙච්ච මිනිස්සු ටිකක් යුරෝපයේ, ඇමරිකාවෙ තමන්ගෙ සැප ජීවිත අතෑරලා තුත්තිරි ගහක් පැලවෙන්නෙ නැති දූවිලි කාන්තාරයට නැවත ඇවිල්ලා හතර වටේම ආපු මුස්ලිම් තර්ජන අස්සෙ රටක් හදලා 0 ඉඳලා ලෝකයේම ඉහලම තැනකට ඇවිල්ලා අවුරුදු 4000 ක සැළැස්මක් සාර්ථකව ඉවර කරපු කතාව තමයි මේ.

අරාබි රටවල් එකිනෙකා එක්ක ඇණකොටාගෙන ලේ විලක් වෙද්දි ඊශ්‍රායලය රට ඉතාම සාමකාමීව සිංදුවක් කියාගෙන, දෙයියනෙ කියල ලෝකෙට විද්‍යාවෙන් දේවල් දායක කරල නොබෙල් තෑග්ගක් දෙකක් ගහගෙන හිටියා.

සමහර වෙලාවට මේ අරාබි රටවල් අතර ගැටුම් වලිදි තුවාල වෙච්ච මුස්ලිම් මිනිස්සුන්ට ප්‍රතිකාර කරල ආපහු ඒ රටවල් වලටම යැව්වා.

අපිට වගේම මේගොල්ලන්ට යුධ අපරාධ චෝදන අම්බා……නක් තියෙනවා. ලංකාව ගරිල්ල සංවිධානයක් එක්ක ගහගෙනත් ලෙඩ වැටුණු එකේ. ඊශ්‍රායලය තමන්ගෙ රට වගේ 650 ගුණයක් විශාල රටවල් එක්ක හැප්පෙද්දි මේ චෝදනා එන එක පුදුමයක් නෙවෙයිනෙ ?

ඉතිං මේක මෙතනින් ඉවරද ?ඒක නං ශුවර් නෑ. හැබැයි යුදෙව්වන්ගෙ බයිබලයේ තියෙන ඊශ්‍රායලය දැන් තියෙන එකට වඩා සෑහෙන්න ලොකුයි. මුං මේක අද හෙට අල්ලගනියි ද ? නැත්නං තව අවුරුදු 1000 කින් අල්ලයිද කියන එක අපි කවුරුත් දන්නෙ නෑ. දන්න එකම දේ තමයි. යුදෙව්වන් කියන්නෙ තමන්ගෙ වාරය එනකං අවුරුදු දහස් ගණනක් උනත් බලාගෙන ඉන්න පුළුවන් ජාතියක් කියන එක.

හැබැයි ඉතිං මුළු ලෝකෙටම (Ex:- USA, Israel, Russia..etc) මුං ඉන්නෙ මිලියන 12-14ක් වගේ. ඔව්. ලංකාවෙ මුළු ජනගහනයටත් වඩා අඩුයි තමයි.

Source Link : Wishma Lokaya

මරණයෙන් සිනහසෙන තායි පන්සලේ හාමුදුරුවෝ

වයස අවුරුදු 92 ක් වූ ලුආන් ෆොර් පියන් නැමති සවාමින් වහන්සේ නමක් පසුගිය නොවැම්බර් 16 වැනි දා තායිලන්තයේ අගනුවර වන බැංකොක් නුවර රෝහලකදී අපවත් උනා. මෙය උන්වහන්සේ ලගින් ඇසුරු කල හා දැන සිටි අයට මහත් ශෝක පුවතක් උනා. කාම්බෝජය උපත ලැබුවත් ලුආන් හාමුදුරුවෝ තම ජිවිතේ වැඩි හරියක් ගත කලේ තායිලන්තයේ ලොප්පුරි කියන මධ්‍යම පළාතේ හොද අධ්‍යාත්මික බෞද්ධ ගුරුවරයෙකු ලෙස කටයුතු කරමින්. උන් වහන්සේ අපවත් වීමෙන් පසුව දේහය තැන්පත් කර තිබුනේ උන්වහන්ස්ගේ උපන් රට උණු කාම්බෝජයේ පන්සලකම තමයි.

අද විශ්ම ලෝකය මේ වීඩියෝව තුලින් අපි ඔබට කියන්න යන්නේ උන්වහන්සේ අපවත් වීම ගැන නම් නෙවෙයි. ඉන්පසුව සිදු වූ හරිම අපුරු ගුප්ත සිදුවීමක් ගැන. පසුගිය සතියේ ලුආන් හාමුදුරුවන්ගේ මෘත ශරීරය ඔහුගේ දායකයන් විසින් එය තැන්පත් කර තිබු මිනි පෙට්ටියෙන් එලියට ගත්තේ හාමුදුරුවන්ට අලුත් සිවුරක් පලදවන්න. නමුත් මිනි පෙට්ටියේ පියන ඇරියාම දුටු දර්ශනය එම ස්ථානයේ සිටි සියල්ලන්ටම අමුතු ආකරයේ අත්දැකීමක් උනා.

ලුආන් හාමුදුරුවන්ගේ මල සිරුර කිසිදු අයුරකින් දිරාපත් වී නොතිබූ ආකරය දුටු සියල්ලෝම මවිත උනා. මේ සේරටම වඩා පුදුම සහගත කරුණ උනේ උන් වහන්සේ මිය සිය පසුව සිනහකින් තම මුව සරසාගෙන මිනි පෙට්ටියේ වැතිරු සිටීමයි.

එම අවස්තාවෙදී උන්වහන්සේගේ සිරුර පරික්ෂා කල වෛද්‍යවරුන් පැවසුවේ උන් වහස්න්ගේ දේහයේ තවමත් තිබෙන්නේ සාමාන්‍ය මරණයක් සිදු වී පැය 36 ක කාලයක් ගත වුවාට පසු සිදුවන වෙනස් කම් පමණක් බවයි.

කෙසේ හෝ මේ සිදුවීම සිදු වූ අවස්ථාවේ ගත් හිමි නමගේ ජයාරූප අන්තර්ජාලයට එක් වීමත් සමග ලොව පුරා මිනිසුන් පුදුමයට හා භීතියට පත් වෙමින් සිටිනවා. සැබවින්ම මෙවැනි දෙයක් සිදු විය හැකිද ? මෙම සිදුවීම පිළිබද ඔබ සිතනා දෙය පහල කමෙන්ට් තිරයේ පල කරන්න. ඔබට සුබ දවසක්

Source Link : Wishma Lokaya

තොටිල්ල නොපදවන පාතාලයේ රජ කරන ත්‍රිකුණාමලය හොල්ලන අවිගත් කත

ත්‍රිකුණාමලයේ මිනිසුන් තැතිගෙනය. සිවිල් නීතියක් ඇතැයි විශ්වාස කරන රටක ජීවත්වන මිනිසුන් තැති නොගත යුතු තරමට තැති ගෙනය. අකාලයේ වෙඩි පහරකට ලක්ව මිය නොයෑම සඳහා ඔවුන් ගෙවිය යුතුව ඇති මිල කියැවෙන්නේ මිලියන ගණනින්ය. පොලිසියට, බුද්ධි අංශවලට, රටේ ආරක්ෂක නියාමනයන්ට උඩින් සිට ක්‍රියාත්මක වී ඇති කප්පම් ගැනීම්, මිනීමැරීම් සහිත මේ සෝමාලියානු මොඩල අපරාධ රැල්ලේ ආසන්නම සිදුවීම වාර්තා වන්නේ පසුගිය සිකුරාදාය. ඒ තරුණයකු පැහැරගෙන කප්පම් ගැනීමේ සිද්ධියක් සමඟය.

කප්පම් සිද්ධිය

ත්‍රිකුණාමලයේ කෝටිපති ව්‍යාපාරිකයෙක් වර්ෂ 2008 ඔක්තෝබර් මස වෙඩි තබා ඝාතනය කළේය. ඩබ්ලියු.ජී.පී ප්‍රසන්න නමැති මෙම ව්‍යාපාරිකයා ත්‍රිකුණාමලයේ ඩබ්ලියු.ජී.පී සමූහ ව්‍යාපාරයේ හිමිකරුව සිටියේය. මාළු තොග වෙළෙ¼දාම, මත්පැන් අලෙවිසල් දෙකක් හා අවන්හලක් පවත්වාගෙන යෑම ඇතුළු ව්‍යාපාර කිහිපයක නිරතව සිටි ප්‍රසන්න ත්‍රිකුණාමලයේ මිනිසුන් හැඳින් වූයේ චූටි මුදලාලි නමින්ය. චූටි මුදලාලි වෙඩි තබා ඝාතනය කළ මිනීමරුවන් අදටත් හඳුනාගෙන නැත.

චූටි මුදලාලි මරා දැමෙන විට ඔහුගේ එකම දරුවා පාසල් වියේය. ඔහු ඩබ්ලියු.ජී. චතුර දිල්රංගය. චූටි මුදලාලිගේ බිරිය මේ දරුවාවත් හදා වඩා ගෙන ව්‍යාපාර ටික කරගෙන ගියේය. සිය පියා මරා දමන විට 13 වැනි වියෙහි පසුවූ චතුර දැන් 23 හැවිරිදිය. පසුගිය වසර කීපයක සිට ඔහුත් මේ ව්‍යාපාර පරිපාලනය කිරීමේ කටයුත්තට එක් වී සිටියේය.

චතුර විවාහ වීමට බලාපොරොත්තුව සිටියේ ප්‍රදේශයේම තරුණියක් සමඟය. ඇයගේ නිවෙස ත්‍රිකුණාමලය නුවර පාරේ අභයපුර මංසන්ධිය අසලය. පසුගිය සිකුරාදා ඇයගේ නිවෙසට ගොස් පැමිණෙන චතුර නැවත ගෙදර ආවේ නැත. සිය පුතු අපේක්ෂාවෙන් තැතිගෙන සිටි මවට එදින මධ්‍යම රාත්‍රිය වනවිට දුරකතන පණිවුඩයක් ලැබිණි.

“පුතා අපි ළඟ ඉන්නවා. කලබල කරන්න එපා.” අනතුරුව එන කතා ගණනාවකි. පියාගේ මරණය ගැන සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රකාශයක් ලබා ගන්නට චතුර රැගෙන යන බව කතාවකි. අනතුරුව එන අතුරු සංවාදය. අවසානයේදී දරුවා නොමරා බේරා එවන්නට කියැවෙන මිලකි. අවසානයේදී පුරා දින 03 ක් තිස්සේ කළ කේවල් කිරීම්වලින් අනතුරුව පසුගිය සඳුදා (5) තරුණයා නුවරපාරේ මිරිස්වත්තේ දී අතහැර කප්පම්කරුවෝ කප්පම් රැගෙන යති. පොලිසිය අනුමාන කරන ආකාරයට ලබාගෙන ඇති කප්පම ලක්ෂ දෙසීය පනහකි.

කරන ලද පරීක්ෂණවලින් අනතුරුව තරුණයාගේ පැදගෙන ගිය පල්සර් වර්ගයේ බයිසිකලය පාල් කැලෑබද පෙදෙසක වන රොදක තිබී සොයා ගෙන තිබිණි. මේ පිරිස චතුරගේ මව සමඟ කළ සංවාදයන්හි දුරකතන කුලුනු වාර්තාව අනුව ඔවුන් මේ ගනුදෙනුව කරන කාලය පුරාම තැනින් තැන සැඟවෙමින් සිටි ආකාරය පෙනුණි. මිහින්තලය, බකමූණ, දඹුල්ල ආශ්‍රිත දුරකතන කුලුනුවලින් සමහර ඇමතුම් ආවරණය කර තිබූ අයුරින් ඒ බව තහවුරු විය.

මිරිස්වත්තේදී සොයාගත් චතුරගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සියලු විස්තර සහිතව උත්තරයක් ලබා ගෙන තිබිණි. පසුගිය අඟහරුවාදා ඔහුව සිය මවට භාරකරනු ලැබීය.

තවත් සිද්ධි

මේ සිදුවීම රටට හෙළි වීමත් සමඟ ජීවිත බේරා ගැනීම සඳහා කප්පම් දුන් පුද්ගලයන් ගණනාවක් රහසින් ස්වකීය කතා කියන්නට වූහ. මින් පෙර ත්‍රිකුණාමල නගරයේ කවුරුත් දන්නා කුඩු අමිල නමැති කුඩු ජාවාරම්කාරයා පැහැර ගැනුණි. කියැවුණේ ජීවිතය බේරා ගන්නට ඔහුත් ලක්ෂ ගණනින් කප්පම් ගෙවූ වගය.

කලක් අතුරුදන්ව සිටි අමිල පොලිසියට එන්නේ කටඋත්තරයක් දී තමන් පැහැරගෙන නොගිය බව කියන්නටය. තවත් අයකුගෙන් කප්පම් අරගෙන තිබුණේ දුරකතන ඇමතුම් දී ගෙන්වා ගෙනය. අවනීතිය අබියස දශක තුනකට අධික කාලයක් පීඩාවට පත්වූ ත්‍රිකුණාමලයේ මිනිසුන්ගේ අත්දැකීම් වෙනස්ය. ඔවුහු මේ සෙල්ලමේ බිහිසුණුකම දන්නේය. කිසිවෙක් මුවින් වචනයක් පිටකරන්නට බිය වූයේ ඒ නිසාය.

පාතාල කාන්තාව

පොලිසියටත් ඇස් ඇරුණේ මේ පසුබිමේදීය. ත්‍රිකුණාමලය මුල් කරගෙන දියත්වී ඇති මේ පාතාල බලය කේන්ද්‍රගතව ඇත්තේ කාන්තාවක් වටාය. පොලිසියට ලැබෙන තොරතුරු අනුව මේ කාන්තාව කලක් ත්‍රිකුණාමලයේ මාළු වෙළෙඳපොළේ බලය සියතට ගෙන සිටි කපිල නමැත්තාගේ බිරියය. එල්.ටී.ටී.ඊ.ය ත්‍රිකුණාමලය නගරය බිය වද්දාගෙන කප්පම් ගනිමින් මිනී මරමින් සිටියදී ඊට යම් අභියෝගයක් කළ නීත්‍යනුකූල නොවන මැර කණ්ඩායම් අතර කපිලගේ කණ්ඩායමත් විය. එල්.ටී.ටී.ඊ නියෝග නොසලකා ත්‍රිකුණාමලයේ වෙසක් තොරණ ඉදිකරනු ලැබුවේ කපිලගේ කණ්ඩායම මුල් වීමෙනි.

මේ නිසා මේ පිරිසට යම් බලයක් ත්‍රිකුණාමලයේ සුළුතරය වූ සිංහල ජනතාව අතරද විය. එහෙත් ඔහුගේ අවකල් හැසිරීම ප්‍රමාණයට වඩා වැඩි වී තිබිණි. කප්පම් ගැනීම්, පහරදීම් හා සමහර මිනීමැරීම්වල කෙළවරක කපිල සිටියේය. ඔහුගේ බලපෑම්වලින් බේරීම සඳහා අතමිට ඇති ව්‍යාපාරිකයෝ තමන්ගේම ආරක්ෂක කණ්ඩායම් හදාගත්හ. මරා දමන ලද ඩබ්ලියු.ජී.පී ව්‍යාපාරයේ අධිපති චූටි මුදලාලිත් එවැනි කණ්ඩායමක් නඩත්තු කළ අයෙකි. කපිල හා චූටි මුදලාලි අතර එළිපිට ගැටුමක් විය. කපිල ජීවත්ව සිටි කාලයේ අවස්ථා කීපයක චූටි මුදලාලිගේ හෝටලයට බෝම්බ ප්‍රහාර එල්ල කළේය. චූටි මුදලාලිගේ ආරක්ෂකයන්ව සිටියේත් පාතාල මැරයන්ය.

අයිස් මංජු නමැති ප්‍රකට එල්.ටී.ටී.ඊ මැරයා කපිලගේ නිර්මාණයක් බවට තතු දන්නවුන්ගේ හඳුනා ගැනීමක්ව තිබිණි. මාළු වෙළෙඳසලේ අයිස් කඩමින් සිටි මංජුට යම් සිදුවීමක් මුල් කොට පහරදී දණ ගස්වා තැබීමත්, එහි පළිය ගැනීම සඳහා ඔහු එල්.ටී.ටී.ඊ ය හා එක්වීමත් පිළිබඳව ත්‍රිකුණාමලය වැසියෝ කතා කරති. අයිස් මංජු කොපමණ ශූර චරිතයක් වී එල්.ටී.ටී.ඊ ය වෙනුවෙන් කටයුතු කළාද යන්න හමුදා සන්නද්ධ බුද්ධි අංශයේ කොඳු නාරටිය සවිමත් කළ කර්නල් මීඩින් ඝාතනයෙන් පැහැදිලි විය. අවසානයේදී කපිල වෙඩි කා මිය ගියේය. කපිල මරා දමනු ලැබුවේ අයිස් මංජු විසින් යැයි කියැවිණි.

කපිල මරා දැමූ පසු ඔහුගේ අනීතික ව්‍යාපෘති පවත්වාගෙන ගියේ ඔහුගේ බිරිය වන ඉනෝකා නමැත්තියක් බවට පොලිසියට තොරතුරු ලැබී තිබිණි. ඇයගේ මෙහෙය වීමෙන් කප්පම් ගැනීම් මාලාවක් ත්‍රිකුණාමලය නගරය තුළ සිදුවන ආකාරය මිනිස්සු රහසේ කතා කරමින් උන්හ. තරුණයා පැහැර ගැනීම සිදුවන්නේ ඒ අතරය.

මේ පැහැර ගැනීම පිටුපස හබරණ රංජි නමැති පාතාල මැරයෙක් හා කපිලගේ බිරිය යැයි කියනා පාතාල කල්ලි නායිකාව සිටින බවට පොලිසියට තොරතුරු ලැබෙමින් තිබේ. පැහැර ගැනීම සිදුවූ දිනයේ හා ඉන් පසු දින දෙක තුළ විවිධ අවස්ථාවලදී මේ තැනැත්තිය පැමිණ ඇති බවට වූ ආරංචි ඔස්සේ පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි. පොලිස් අවධානය යොමු වීමත් සමඟම දැන් ඇය සැඟව ගොස්ය. එහෙත් ඇයගේ කණ්ඩායම තවමත් ත්‍රිකුණාමලේ ක්‍රියාත්මකය

යුද්ධය අවසන් වී අවුරුදු ගණනකි. එහෙත් තවමත් සිවිල් ජන ජීවිතයේ නිස්කාංසුව විඳින්නට නොහැකි වූ පිරිසක් මේ රටේ සිටිති. ඔවුන් මේ රටේ පුරවැසියන්ය. ඔවුන් වෙනුවෙන් රටේ වගකීම ඉටුවිය යුතුව තිබේ

සධීර නිශාන්ත ලිපි මුලාශ්‍රය – මව්බිම

Source Link : Wishma Lokaya

ලංකාවේ තරුණියන් අතර සීග්‍රයෙන් ප්‍රචලිත වන ඩාලිං පෙත්ත

ලංකාවේ මත්ද්‍රව්‍ය සංස්කෘතිය දැන් දැන් පාසල් මට්ටමින් ද ව්‍යාප්ත වෙමින් පවතින බව ඔබ වෙත දන්වන්නේ කණගාටුවෙනි. තරුණ කෙල්ලන්ද, විශේෂයෙන් පාසල් සිසුන් ද සිසුවියන් ද මේ අපචාරවලට ගොදුරු වීම දැන් රට පුරා සිදුවේ. කොළඹ තදාසන්නයේ මතු නොව හද්දා පිටිසර ද සුරාවට හෝ මත්ද්‍රව්‍යවලට ලොල් පරපුරක් ඇති වෙමින් තිබේ. සමාජ ජාල, වෙබ් අඩවි, යූටියුබ් මෙවැනි අධම ක්‍රියාකාරකම් සඳහා යොදා ගැනීම නිසා මේ තත්ත්වය වඩාත් වර්ධනය වෙයි.

පැය 3 – 4 කින් සමාජ ජාලා හරහා දැනුම්වත් කරන කෙටි පණිවුඩයකින් දැන් මේ රටේ රාත්‍රි වෙරළබඩ මත්පැන් සාද ඇතිවෙයි. හෝටල්වලට තරුණ තරුණියෝ රොද බඳිති. පුවක්පිටිය, මීගමුව හා තවත් ප්‍රදේශ කිහිපයක‍ මෙවැනි හමුවීම් කීපයක් ඉකුත්දා මාධ්‍ය මඟින් අනාවරණය කැරිණ. උදෑසන එළැඹෙද්දීත් මහ මඟ වෙරි මතින් වැටී සිටින යෞවනයන් ගැනත්, වැල්ලේ නිදහසේ ලිංගික හැසිරීම් පවත්වන කෙල්ලන් සිටින ලෝකයේ තවත් රටක් නැති තරමට දැන් මේ සිරි ලංකාව පිරිහිලා ය.

බේරුවල රා තැබෑරුමේ බලපත්‍රය මෙතෙක් නොවිකුණුන, ඉහළ මුදලකට මෙවර විකිණී තිබිණි. ඒ අලුත් මත්ද්‍රව්‍ය ආවාට තවමත් රා වලටද තැනක් ඇතැයි පෙන්වමිනි. කෙසේ නමුත් මේ විනාශ වන්නේ හෙට අපේ රට බාරගන්නා තරුණයන්ය. එසේ ම තරුණියන් ය. නැත්නම් වෙනත් විදියකට කියනවා නම් රටේ අනාගතයට දරුවන් බිහි කරන තාත්තලාය. අනාගතයට දරුවන් බිහිකරන අම්මලා ය.

මේ රටට ගෙන එන හා නීතියට හසුවන හෙරොයින් කුඩු, කේරළ ගංජා ප්‍රමාණය දකින විට අද ලංකාව ලෝකයේ මත්ද්‍රව්‍ය ගබඩාව දැයි මට සිතේ. මෙසේ හමුවන මත්ද්‍රව්‍ය නැව් ගණන් කන්ටේනර් ගණන් බඩුවලට ඊට පසුව සිදුවන්නේ කුමක්දැයි අපට පමණක් නොව රටේ පළමු පුරවැසියා ජනාධිපතිවරයාට ද ප්‍රශ්නයකි. එතුමා මේ ගැන විටින් විට ප්‍රශ්න කළේය. ඒ මත්ද්‍රව්‍ය තොග විනාශ කරන බව කීවද එය සක්සුදක් සේ පැහැදිලි නැත.

ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ සිසුවියන් දෙදෙනකු විදුහල අසල වෙළෙඳසලකින් මිලදී ගත් ටොෆි වර්ගයක් කෑමෙන් පසු අසනීප වී රෝහල් ගත වීම ආසන්නතම සිද්ධියයි. අපි මේ පිළිබඳව වැඩිමනත් තොරතුරු දැන ගැනීමට මේ පරීක්ෂණයේ දී කට උත්තරක් දුන් ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පතිනිය අනුෂා මෙත්තානන්ද මහත්මියට කතා කළෙමු. “සිද්ධිය වුණේ සැප්තැම්බර් 25 වැනිදා. උදේ 7.30 ට පාසල් එනකොට අපේ පාසලේ 8 වසරේ ඉගෙනුම ලබන සිසුවියන් දෙදෙනෙකු පාසල ළඟ කඩේකින් ටොෆි 4 ක් ගෙනැවිත් ඉන් 2 ක් දෙන්නා කාලා. මුල් පරිච්ඡේදය අවසන් වෙලා චිත්‍ර පන්තියට සෞන්දර්ය ක්‍රියාකාරකම් සඳහා ළමයින් පිටත යන්නට ඕනෑ. මේ අයගේ පංති තියෙන්නෙ මහපොළ ගොඩනැඟිල්ලේ 3 තට්ටුවේ. මේ ටොෆි කාපු ළමයිනට වමනය, කලන්තය හා මත් ගතියක් ඇතිවෙලා අසනීප වෙලා පංතියේ නැවතිලා. බඩේ අමාරුවකුත් ඇවිල්ලා.

චිත්‍ර පන්තියේ ගුරුතුමිය තමන්ගෙ පාඩමට ආපු නැති දරුවන් ගැන විමසිල්ලෙන් ඉඳලා මේ ළමයි රැගෙන මගේ ළඟට ආවා. ඒ වෙලාවේ විදුහල්පතිනිය හිටියෙ නෑ. මා වහාම ඒ ඉතිරි ටොෆි ගෙනැවිත් බැලුවා. ඒ කවරයේ ‘ලව්’ හා ‘ඩාලිං’ යන වචන තිබුණා. මං ඒ එක ටොෆියක් පාසලේ ආරක්ෂාවට ඉන්නා මහත්මයකුට ‘ටෙස්ට්’ කරන්න කන්නැයි කීවා. එය කන විට සැර හඳුන්කූරු සුවඳක් වගේ එකක් ආවා. ඒ මහත්මයාටත් ටික වේලාවකින් නිදිමත, වමනය, කරකැවිල්ල ආවා. මා තේරුම් ගත්තා මේවා නම් දරුවන් මත් කරන පෙති වර්ගයක් කියලා. අපි පොලිසියට දැන්වුවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුටත් දැන්වුවා. ඒ අය කීවේ මේ ටොෆි බාබුල් කියන ජාතියට සමානයි කියලයි. මේ දරුවන් අහිංසකයි. මල් වගේ දරුවෝ. ඉගෙනුමටත් දක්ෂයි. ළමයි දෙන්නා පාණදුරේ හා බණ්ඩාරගම ඉඳලා පාසල් එන්නෙ. මේවා විකුණන කඩේ මිනිස්සු ළඟ කිසි ම මිනිස්කමක්වත් නෑ, දරුවෝ අනාථ කරන මේ ක්‍රියාකාරකම් නවත්වන්න ඕනෑ.”

මේ ගුරුවරිය කියන කතාව ඇත්තය. සාමාන්‍යයෙන් අප දන්නා විදියට පාසලක් පවතින ස්ථානයේ සිට කිලෝ මීටර භාගයක් දුරට කිසිම මත් ද්‍රව්‍යයක් (සිගරට්ටුවක්වත්) විකුණන වෙළෙඳසලක් තිබිය නොහැකිය. ඒත් මේ විදියට අපේ තරුණ පරපුර විනාශ කරන පිරිස් පොලිස් ඇප පිට නිදහස් වීම ද පුදුම සහගතය. මීට ප්‍රථම මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ නඩු විභාග වූ අන්දම තරමක් හෝ ඔබට ලිවිය යුතුය. සිද්ධියට අදාළව පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් සිද්ධියට සම්බන්ධ බව කියන මුස්ලිම් ජාතික පුද්ගලයින් දෙදෙනකු අධිකරණයට කැඳවීය.

අධිකරණය – මේ දෙදෙනා අධිකරණයට කැඳවූයේ නොතීසියක් අනුවද?

පොලිසිය – නැහැ ස්වාමිනී, ඔවුන් පොලිස් ඇප මත මුදා හැර තිබුණා.

අගතියට පත් දරුවන්ගේ දෙමාපිය සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඊ.ඒ.පී. රාජකරුණා මහතා එහිදී මෙසේ කීය.

ස්වාමිනි, දරුවන් දෙදෙනෙක් ටොෆි කාලා කළුබෝවිල රෝහලට ඇතුළත් කැර සිටියා. ටොෆි කෑමෙන් පසුව ඔවුන්ට කලන්තය හැදිලා තිබුණා. දරුවන් ඉගෙනුම ලබන විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනිය මේ ගැන පොලිසියට ප්‍රකාශයක් දීලා තියෙනවා. නමුත් පොලිසිය නිසි පරිදි ක්‍රියාත්මක වෙලා නෑ, පොලිසියේ සටහන් කැර තිබූ සටහන ටිපෙක්ස් කැර මකා දමලා සිද්ධිය ගැන පොලිසිය නිසි පරිදි කටයුතු කැර නෑ.

නීතිඥ රාජකරුණා උසාවියේදි කීය. එම කරුණු ගැන අවධානය යොමු කළ අධිකරණය මේ සිද්ධිය ගැන ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට දන්වා යැවිය යුතු බවට නියෝග කළේය. පසුව මේ නඩුව නැවතත් ඔක්තෝබර් 31 දා කැඳවිණ. මේ පිළිබඳව වැඩිමනත් තොරතුරු සොයා ගැනීමට අප ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන අතුකෝරල මහතා සම්බන්ධ කැර ගතිමු.

“අපි ඒ ටොෆි වර්ගය රස පරීක්ෂක වෙත යැව්වා. අවශ්‍ය කටයුතු හරි විදියට සිදුකරලා තියෙනවා. ඒ නීතිඥ මහතා මෙවර (31 දා) උසාවි වාරයේදි එම ‘ටිපෙක්ස්’ ගා සටහන් මැකූ කතාව හා ප්‍රකාශය ඉල්ලා අස්කැරගෙන සමාව ඉල්ලා තිබෙනවා. මත්ද්‍රව්‍ය වරදවලට නීතිය බරපතළ ලෙස ක්‍රියාත්මක වෙනවා. වැරැදි කරලා කෙනෙකුට බේරෙන්න බෑ.

මේ පිළිබඳ විමර්ශන කටයුතු සිදුවුණා. නීතිය ඉදිරියේ නඩුව විභාගවෙන නිසා වැඩිමනත් කරුණු කියන්න අපට බෑ…” ඒ මහතා කීය. නීතිය කාටත් සමානය. නීතිය ඉදිරියේදි යුක්තිය හා සාධාරණය ඉටු කළා කීවාට මදිය. ඒ යුක්තිය හා සාධාරණත්වය හරිහැටි ඉටුවූ බව මුළුමහත් සමාජයට පැහැදිලිව පෙනෙන්නට තිබිය යුතුය. මේ නීතියේ වටිනා උධෘතයක් බව ඔබට සිහි ගැන්විය යුතු ය.

ලිපි මුලාශ්‍රය – සිළුමිණ

Source Link : Wishma Lokaya