පිරිමි සිකරට් බොනවට සාපේක්ෂව ගැහැණු කරන දේවල් (Video)

කැකිරාව ගල්කිරියාගම ශ්‍රී සමාධි උපදේශණ මධ්‍යස්ථානාධිපති ත්‍රිවිධ හමුදාවේ දේශක පාඨශාලාචාර්ය විචිත්‍ර කාලීන ධර්ම දේශක ගෞරව ශාස්ත්‍රපති කාගම සිරිනන්ද හිමියන්

“පිරිමි සිකරට් බොනවට සාපේක්ෂව ගැහැණු කරන දේවල්” ගැන කිව්ව අපූරු කතාව මෙන්න…

Source Link : Online Sinhala Blog

දෙයක් කරන්න හිතුණොත් අනිවාර්යයෙන්ම කරනවා. මම හැම තිස්සේම තනි තීරණ ගත්තු චරිතයක්…”

“නිදියහන කැළඹෙයි මං රඟපෑව මුල්ම චිත්‍රපටය..” “මගේ චරිතයට අදටත් හානියක් වෙලා නැහැ..”

අනූෂා සොනාලි සිනමා නිළියක් විදිහට බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් චරිතයක්. ඇය මීට කලකට පෙර රඟපෑ චරිත බොහෝ දෙනා අතර කතා බහට ලක්වුණා. කලක් රඟපෑමෙන් ඉවත්ව නිහඬ දිවියක් ගත ඇය මේ වන විට අසනීප තත්ත්වයෙන් පසුවුණත් නුදුරේදීම ටෙලිනාට්‍යයකට සිය රංගන දායකත්වය ලබා දීමට සූදානමින් ඉන්නවා. ජීවිතයට කොතෙකුත් බාධක, කම්කටොළු පැමිණියත් ඒ සියල්ලට ධෛර්යයෙන් යුතුව මුහුණ දුන් ඇය පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් තම ජීවන තොරතුරු හෙළිකර තිබුණේ මෙලෙසින්.

ඉගෙන ගන්න කාලේ සිහින මැව්වේ කවුරු වෙන්නද?
ඒ කාලේ ඉඳන්ම නිළියක් වෙන්න තමයි සිහින මැව්වේ.

එතකොට රඟපාන්න අවස්ථාව උදාවුණේ?
සාමාන්‍ය පෙළ විභාගය කරන කොට රස පත්තරේ මංගල කලාපය ජීවන් කුමාරතුංග මහතාගේ සහ ගීතා කුමාරසිංහගේ කවරයක් පළවුණා. ඒ කාලේ ඉඳන්ම මං ජීවන් අයියට ආසයි. ජීවන් අයියා මුල් කවරයේ ඉන්න හින්දාම තමයි පත්තරේ ගත්තේ. ඒ පත්තරේ දාලා තිබුණා සුමිත්‍රා පීරිස් මහත්මිය ගැහැණු ළමයි ටෙලි නාට්‍යයට නවක ගැහැණු ළමයි තෝරනවා කියලා.

එතකොට ඔබ අවුරුදු කුමාරිය වෙලා හිටියා. එහෙමනේ?
ඔව්. කළුතර ප්‍රාදේශිය සභාවෙන් පවත්වපු අවුරුදු උත්සවයේ කළුතර දිස්ත්‍රික් අවුරුදු කුමාරිය වෙලයි හිටියේ. රස පත්තරේ තිබුණ දැන්වීමට මගේ අයදුම්පත්‍රයකුත් පුරවලා ඡායාරූපයකුත් සමඟ යොමුකළා.

ඊට පස්සේ?
මට සම්මුඛ පරීක්ෂණයට එන්න කියලා ආරාධනා ආවා. අන්තිමේ මම සම්මුඛ පරීක්ෂණ විස්සකට විතර සහභාගි වුණා.

සුමිත්‍රා පීරිස් ඔබට දැකපු ගමන් මොකද කිව්වේ?
ගෙදර ඉස්සරහා කාමරේ තමයි ඇය වාඩිවෙලා හිටියේ කැමරාවක් තිබුණා. තව තුන් හතර දෙනෙක් හිටියා. මගේ විස්තර අහලා නැගිටින්න කිව්වා. ආපහු වාඩිවෙන්න කිව්වා.

ගෙදර ගියාට පස්සෙ මොකද වුණේ?
අපේ ගෙදර අය තමයි සුමිත්‍රා පීරිස් මහත්මිය ගැන දන්නේ. ඒ කාලේ ලෙස්ටර් සර් අපේ අම්මාගේ පින්තූරයක් පත්තරයකින් දැකලා ගම්පෙරළිය චිත්‍රපටයට කතා කරලත් තිබුණා. අන්තිමේ අම්මා සහභාගි වෙලා තිබුණේ නැහැ.

ඒ අවස්ථාව ලැබීම ගැන මොකද හිතුණේ?
අදටත් ඒ ගැන සතුටුයි. ගෙදර කැමැත්ත පවා අරගෙන තමයි රඟපාන්න ගියේ.

අන්තිමේ නිර්මාණ රැසකට ආරාධනා ලැබෙනවා?
ගැහැණු ළමයි චිත්‍රපටය යන අතරේ සුමිත්‍රා පීරිස් මහත්මියගේ ලොකු දුව චිත්‍රපටයේ රඟපාන්නත් අවස්ථාව උදාවනවා. ඒකේ ෂූටින් ඉවරවෙනවාත් එක්කම තවත් චිත්‍රපටයක් හම්බවෙනවා. මගේ පළමු චිත්‍රපටය තමයි ලොකුදුව.

ඔබේ මුල්ම චිත්‍රපටය අදටත් තිරගත වුණේ නැහැනේද?
නිදියහන කැළඹෙයි චිත්‍රපටයේ තමයි මුලින්ම රගපෑවේ. තවම ඒක තිරගත වුණේ නැහැ.

ඒ කාලේ ලැබුණ ජනප්‍රියත්වය ගැන මොකද හිතන්නේ?
ඒ කාලේ මට හැමෝම කිව්වේ රස තාරකාවිය කියලා. ඒ වගේම තවත් පත්තරවල මගේ මොනවාහරි ප්‍රවෘත්ති පළවුණාම ඒකෙන් ලොකු ප්‍රසිද්ධියක් ලැබුණා. මං රඟපෑ ටෙලිනාට්‍ය එන්න කලින් මාව ජනප්‍රිය වුණා. මගේ ජීවිතයේ අමතක කරන්නම බැරි චරිතයක් තමයි අර්නස්ට් වඩුගේ කියන්නේ. මොකද එයා තමයි ඇත්තටම මාව ජනප්‍රිය කළේ.

ලොකු දුව චිත්‍රපටයේ දී ඔබට සිනමාවේ දැවැන්ත චරිත කිහිපයක් මුණගැහුණා නේද?
ගීතා කුමාරසිංහ, ජෝ අබේවික්‍රම, අයිරාංගනී සේරසිංහ, කමල් අද්දරආරච්චි, ජැක්සන් ඇන්තනි වැනි දැවැන්තයෝ ටික මට මුණගැහුණා.

කාලයක් ඔබ නිහඬව හිටියා නේද?
ඒ කාලේ දාන දාන චැනල් එකේ ඉන්න ඕනෑ කියන මතයේ මම හිටියේ නැහැ. අනික ලැබෙන හැම නිර්මාණයක්ම භාර ගත්තෙත් නැහැ. එක නිර්මාණයක් අවසන් වුණාට පස්සේ තමයි අනෙක භාරගත්තේ. දැන් ආපහු ආරාධනාවක් ලැබුණා. රෝද පුටුවේ ඉඳන් තමයි රඟපාන්න තියෙන්නේ.

අවුරුදු දහයකට පසුව තමයි ආපහු රඟපෑමට එන්නේ?
ඔව්. අවුරුදු දහයකට පස්සේ තමයි මම ටෙලිනාට්‍යයක් භාර ගත්තේ. නාලක විතානගේ තමයි අධ්‍යක්ෂවරයා. එලඹෙන 28 වැනිදා ඉඳන් තමයි රූගත කිරීම් ආරම්භ කළේ.
මොනවගේ චරිතයක් ද ලැබුණේ.
ප්‍රධාන චරිතය කරන ගැහුණු ළමයාගේ මවගේ චරිතය තමයි මට ලැබුණේ.

අසනීප තත්ත්වයේ ඉදන් රඟපාන්න පුළුවන්ද?
ඇත්තටම මම හිතන්නේ නාලක සමඟ මීට කලින් වැඩ කරලා තියෙනවා. හවසට මම ඇවිදින්න එළියට යනවා. එයා ඉන්නෙත් අපේ ගෙවල් කිට්ටුව. ඔහු මාව නිතරම දකිනවා. ඒ නිසා තමයි මේ ආරාධනාව සිදුකළේ. මේ වගේ තත්ත්වයක හිටපු මට ආරාධනා කරපු එක ගැන පවා සන්තෝස වෙනවා. මට අවස්ථාව දෙන්න ඕන නිසා තමයි මවගේ චරිතය ඒ විදිහට හරවලා තියෙන්නේ.

අසනීප වූ කාලයේ ආපු ප්‍රශ්න ගැන මොකද හිතෙන්නේ?
ප්‍රශ්න නම් එමටයි. මට තිබිලා තියෙන්නේ ප්‍රශ්නවලින් පිරුණු ජීවිතයක්. මම ඒවායින් සැලුණේ නැහැ. අදටත් මම ගලක් වගේ ඉන්නවා. මගේ හිත හයියයි.

ඒ කාලේ ඔබට හරියට චෝදනා පවා එල්ල වුණා නේද?
මම ඒවා අදටත් ගණන් ගන්නේ නැහැ.

ක්ෂේත්‍රයේ තරහාකාරයෝ ඉඳලා තියෙනවාද?

ක්ෂේත්‍රයේ තරහාකාරයෝ නැහැ. අසනීප වුණාට පසුව තමයි හරියටම යාළුවෝ කවුද කියලා දැනගත්තේ. මට පුළුවන් කාලේ තියෙන කාලේ මගේ වටේ ගොඩක් යාළුවෝ හිටියා. කොළඹ ඉන්න කාලේ අපේ ගෙදර පාටියක් දැම්මොත් අපේ ගෙදර කට්ටිය පිරිලා. දුර හිටපු අය ඔක්කොම වගේ හිටියේ මගේ ගෙදර.

අසනීප වෙන්න කලින් හිටපු යාළුවෝ අද නෑ නේද?
අපොයි ඔව්. අද ඉන්නේ ඒ යාළුවොන්ගෙන් තුන් හතර දෙනයි.

මේ හින්දා ජීවිතය ගැන පසුතැවීම් තියෙනවාද?
නැහැ. මිනිස්සු කවුද කියලා හොඳටම තේරුම් අරන් තියෙනවා.

අතීතයේ මාධ්‍යවලින් ඔබට මොනවගේ සහයෝගයක් ද ලැබුණේ?
මං කවදාවත් පත්තර වාර්තාකාරයෝ පස්සෙන් ගිය චරිතයක් නෙමෙයි. මගේ ළඟම මිත්‍රයෝ නිර්මාණයක් කරද්දී චරිතයක් දෙන්න කියලා නැහැ. පත්තරවල ආටිකල් දාලා දෙන්න, කවරයක් දාලා දෙන්න කියලා කවදාවත් කියලා නැහැ. ලැබෙන දෙයක් තියෙනවා නම් ඒ දේ ලැබෙයි. එ‍හෙම ගියෙ නෑ කියලා අදටත් මගේ චරිතයට හානියක් වෙලා නැහැනේ.

ඔබ ගැන කතා කරද්දී විසිදැල ගැන කතා නොකරම බැහැ?
සුමිත්‍රා පීරිස් කියන්නේ ලංකාවේ අග්‍රගණ්‍ය අධ්‍යක්ෂිකාවක්. ඒ වගේම එච්.ඩී. ප්‍රේමරත්න මහත්මයාත්. ඉතිං මම හරි වාසනාවන්තයි ඒ වගේ කෙනෙක් එක්ක වැඩ කරන්න ලැබීම ගැන.

ජීවිතයේ ගත්තු තීන්දු ගැන පසුතැවීම් ඇති නේද?
මට දෙයක් කරන්න ඕනි කියලා හිතුණොත් අනිවාර්යයෙන්ම කරනවා. මම හැමතිස්සෙම තනි තීරණ ගත්තු චරිතයක්. ඉදිරියටත් එහෙමයි. අදටත් එහෙමයි.

තනි තීරණ හින්දා වැරදුණ අවස්ථා එමටයි. එහෙම නේ?
එහෙම වෙලාත් තියෙනවා. නැතිවත් තියෙනවා. ඒක ලොකුවට ප්‍රශ්නයක් කර ගන්නේ නැහැ.

Source Link : Gossip Lanka News & Video

අයෙකුට මරු කැඳවූ අත්තනගල්ල සංගීත ප්‍රසංගයේ කාන්තාවකටත් වුන දේ

උදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් බොහෝ ප්‍රදේශ වල බක් මහා උළෙල මෙන්ම රාත්‍රී සංගීත ප්‍රසංගද බොහොමයක් දැකගත හැකියි. ඒ අතර, නිට්ටඹුව-අත්තනගල්ල විහාරස්ථානය අසළ පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුරදී ඊයේ(21) සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා. නිට්ටඹුව පොලීසිය ප්‍රකාශ කළේ, නාදුනන පිරිසක් විසින් අදාළ වෙඩි තැබීම සිදුකර ඇතිබවයි.

හෙයියන්තුඩුව දේවමිත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි අයෙක් මෙම වෙඩි වැදීමෙන් මියගොස් තිබෙනවා. ඔහු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන ඔහු සංගීත සන්දර්ශනය ආරම්භයේ පොල් තෙල් පහන දැල්වීමද එක් වූ බවයි පැවසෙන්නේ.

අනෙකුත් තුවාල ලැබූවන් වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති අතර කාන්තාවක් ද තුවාල ලැබුවන් අතර සිටින බවයි පොලිසිය පවසන්නේ. අදාළ වෙඩි තැබිමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවයි පැවසෙන්නේ.

Source Link : Online Sinhala Blog

සමාජ ජාල උණුසුම් කළ මාලිංග ඉන්දියාවේ සිට අන්තර්ජාලයට මුදාහල වීඩියෝව (Video)

ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරඟාවලියේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් මේ වන විට රැදී සිටින්නේ ඉන්දියාවේ. ඊයේ(21) මාලිංග විසින් අන්තර්ජාලයට මුදාහැර තිබූ ආන්දෝලනාත්මක වීඩියෝවක් මේ වන විට බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.

ලසිත් මාලිංග සවිස්තරාත්මකව මෙම විඩියෝව මගින් කරුණු පැහැදිලි කර තිබුණේ නව තේරීම් කමිටුව පත් කිරීමත් සමඟින් තමන්ට මුහුණ දීමට සිදුවූ බව කියන සියලුම ගැටළු සම්බන්ධවයි.

මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමන් එළැඹෙන දකුණු අප්‍රිකානු සංචාරයට ක්‍රීඩා කිරීමට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් තමන් පසුවන බවයි.

මාලිංග විසින් අන්තර්ජාලයට මුදා හැර තිබූ එම විඩියෝවයි මේ…

Source Link : Online Sinhala Blog

සිරස TV නාළිකා ප්‍රධානී චන්දන සූරියබණ්ඩාර සිරසෙන් ඉවත් කරයි

සිරස ටීවී හා එම්ටීවී නාලිකා ප්‍රධානියා ලෙස මෙතෙක් කටයුතු කර චන්දන සුරියබණ්ඩාර මහතා එම තනතුරෙන් ඉවත් කර මහරාජා සමූහ ව්‍යාපාරයේ ‘ස්ටේන් ස්ටුඩියෝ’ වෙත අනුයුක්ත කර ඇත රූපවාහිනී නාලිකාවන්හි නව නාලිකා ප‍්‍රධානී හා පූර්ණ මාධ්‍ය ජාලයේම ප‍්‍රධානියා ලෙස පත් කර ඇත්තේ සුසාර දිනාල් මහතාය ඉන්දියානුවකු නොවන්නෙකු එම තනතුරට පත් වූ මුල්ම අවස්ථාවද මෙයයි.

චන්දන සුරියබණ්ඩාර මහතා නාලිකා ප‍්‍රධානී වන්නට පළමු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටි සිරස නාලිකාව විශාල ආදායමක්ද උපයමින් සිටි අතර සුරිය බණ්ඩාර මහතාගේ පාලන කාලය තුල ශ්‍රේණිගත කිරීම්වල පහලටම වැටී ආදායම්ද විශාල ලෙස අඩු වී තිබූ බව ආයතනයේ අභ්‍යන්තර ආරංචි කියයි.

සුරියබණ්ඩාර මහතා සමග රාජකාරි කල නොහැකි වීම නිසා කලකිරීමෙන් නාලිකාවේ සිටි දක්ෂ මාධ්‍ය වේදීන් රැසක් එම කාලයේදී ආයතය හැර ගොස් තිබේ කිංස්ලි රත්නායක තනුජා ජයවර්ධන නාරද බක්මීවැව සම්පත් ශ්‍රී ජයසිංහ ඇතුළු පිරිස ඉන් සමහරකි සුසාර දිනාල් මහතා මාද්‍ය විෂය සම්බන්ධයෙන් දක්‍ෂයෙකු ලෙස සැලකෙන අතර සිරස නාලිකාව ඔහු යටතේ ඉදිරියට යනු ඇති බව ආයතනයේ සෙසු නිලධාරී පිරිසේ අදහසයි.

Source Link : Gossip Lanka News & Video

ක්‍රිකට් නිලවරණයට ඔන්න මෙන්න තිබියදී මාලිංග කට අරියි

ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට එක්කර නොගැනීම සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා බොහෝ දෙනෙකු ප්‍රශ්න කර තිබුණා. ඔහු විවේක ගන්වා ඇති බව ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසුවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපවෙත වාර්තා වුණේ පෞද්ගලික හේතුවක් මත මාලිංග මෙලෙසින් කණ්ඩායටම එක්කර නොගන්නේ ක්‍රිකට් ඉහළ පෙලේ නිලධාරියෙකුගේ උවමනාවක් මත බවයි.

කෙසේ නමුත් නිදහස් කුසලානයට පවා මාලිංග සම්බන්ධ කර නොගෙන සිටියදී ඔහු පළාත් තරඟවලදී දැක්වූ දක්ෂතා කාගෙත් අවධානයට යොමු වුණා. මේ අතරතුරයි ඔහු IPL හි මුම්බායි පිලේ වේග පන්දු උපදේශක ලෙසින් එක්ව තිබුණේ. ඒ අතර තමන් කණ්ඩායමට එක්කර නොගැනීම සම්බන්ධයෙන් මාලිංග මේ වනවිට අදහස් දක්වා ඇති අතර ඔහු එහිදී පවසන්නේ තමන් කණ්ඩායමට එක්වීමට කැමැත්තෙන් සිටියත් එය වලක්වන්නට කටයුතු කරන්නේ මෙම තේරීම් කමිටුව බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලවරණය මේ වන විට පැවැත්වීමට තීරණය කර තිබෙන අතර ඒත් සමඟින් මාලිංග කළ සම්පූර්ණ කතාවේ වීඩියෝව පහතින්…..

Source Link : Gossip Lanka News & Video

කාටත් කලින් චාමර වීරසිංහගේ උපන්දිනයට හොදම යාළුවා ඉඳුනිල් සුභ පැතුවේ මෙන්න මෙහෙමයි

චාමර වීරසිංහ කිව්වොත් ලංකාවේ ලොකු පොඩි බ්ගේදයකින් තොරව රටක් ආදරය කරන ඉතාමත් දක්ෂ වගේම ඉතාමත් ජනප්‍රිය ගායකයෙක්..ඉතින් මොහුගේ උපන්දිනය අද දිනට දී තිබෙනවා කියලා අපට ආරංචි වුනා..ඒ අස්සේ ඔන්න අපේ චාමරගේ උපන්දිනේට කාටත් කලින් චාමරගේ හොඳම යාළුවා ඉඳුනිල් සුබ පතලා තිබුනේ මෙන්න මේ විදිහට

වීඩියෝව පහතින් බලන්න

Source Link : Gossip Lanka News & Video

ගහක මල් පිපිලා ගීතය ඇත්තම් තේරුම ගැන ලේඛිකාව යමුනා මාලනී කියන කතාව

සමහර ගීත ඉතා ඉක්මනින් ජනප්‍රිය වෙලා ඒ වේගෙන්ම හැමෝටම අමතක වෙලා යනවා. එහෙම නැත්නම් බොහෝ දෙනාට එපා වෙනවා. ඒත් එකවර ජනප්‍රිය නොවී රසිකයන් අතරට ගිහින් ජනප්‍රිය උන සමහර ගීත තියෙනවා කවදාවත් රසිකයන්ගෙන් ඈත් නොවන. බොහෝ විට මෙවැනි ගීත වර්ථමානයේ බිහි නොවුනත් මීට වසර ගනනාවකට පෙරනම් බොහෝ අවස්ථාවල නිර්මාණය වෙලා තියෙනවා.

ප්‍රවීන ගී පද රචිකාවියක් වගේම ලේඛිකාවක් වන යමුනා මාලිනී ලියා ගුණදාස කපුගේ සංගීතවත් කර කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන ‘ගහක මල් පිපිලා පිපෙන්නේ‘ ගීතය මෙරට රසිකයන් අතර බොහෝ කලක සිට අතිශය කතා බහට ලක්වුනු ගීතයක්. මෙහි ප්‍රේමය පිලිබදව අතිශය සංවේදීව පද ගලපලා තියෙනවා වගේම රසිකයන්ට විවිධ පැති ඔස්සේ චිත්ත රූප මවා ගැනීමට හැකි පරිදි මෙම ගීතය නිර්මාණය වෙලා තියෙනවා. ඉතිං මේ අපුරු ගීතය නිර්මාණය පිලිබදව යමුනා මාලනී කියලා තිබුනේ මේ විදිහට.

“එක ලේඛිකාවක් හිටියා පුවත්පත් වලට වගේම සගරාවලට ලිපි ලියන. ඉතිං මේ ලේඛිකාවගේ නිර්මාණ වලට ආසා කරපු රසිකාවියොත් විශාල ප්‍රමාණයක් හිටියා. ඉතිං මේ අය නිතර මේ ලේඛිකාවට ලිපි ලියපු අතර මේ රසිකාවියන්ටත් ලේඛිකාව හැකි පමනින් පිලිතුරු ලිපි ලිව්වා. හැබැයි තමන්ට ලිපි එවන සියල්ලන්ම රසිකාවියෝ කියලා තමයි මේ තරුණ ලේඛිකාව හිතන් හිටියේ.

මේ ලිපි අතර ටිකක් වෙනස් ලිපි ටිකක් මේ ලේඛිකාව දකිනවා. ඒ වගේම ඒ ලිපි රසිකාවියක් නෙමේ රසිකයෙක්ගේ බවත් මේ ලේඛිකාවට තේරෙන්න ගන්නවා. ඒක තේරුනේ මේ ලේඛිකාවගේ දුරකථන අංකයක් හොයාගෙන ඇගේ කාර්යාලයට දිනක් පුද්ගලයෙක් කතා කරලා ‘ මේ කතා කරන්නේ ලිපි එවන කෙනා‘ කිව්වට පස්සෙයි. ලේඛිකාව පුදුමයට පත්වෙලා මම රසිකයන්ට ලිපි ලියලා නෑ මම ලියලා තියෙන්නේ රසිකාවියන්ට විතරයි කිව්වත් රසිකයා ඒක පිලිඅරන් නෑ. කොහොම හරි මේ රසිකයගේ නම කාන්තා නමකට සමාන නිසා මොහු මේ ලේඛිකාවට දිගින් දිගටම කාන්තාවක් වගේ ලිපි එවලා තියෙනවා.

පස්සේ ටික ටික මේ රසිකයා ලේඛිකාව එක්ක හිතවත් උනාට පස්සේ දවසක් ඔහු කියනවා, ‘මම ඔයාගේ ලේඛනයට වශී වෙලා ඉන්නේ. අපිට මුණ ගැහෙන්න බැරිද දවසක‘ කියලා. ඊට පස්සේ ලේඛිකාව මොහුට දොස් කියලා තියෙනවා ‘ඔයා කලේ රැවටීමක් අපිට මුණ ගැහිලා කතා කරන්න දෙයක් නෑ‘ කියලා. පස්සේ ඔහු කියනවා ‘මම අපරාදයක් කරා නෙමේනේ මම කලේ මගේ හිතේ තිබුනු දේ කියපු එක. ඒ විදිහට ලෝකේ ආදරයක් ඇති වෙන්න බැරිද‘ කියලා.

මේ ලේඛිකාව කොහොමවත් රසිකයගේ ඉල්ලීමට එකග වෙලා නෑ. අවසානයේ රසිකයා ඇයට කතා කරලා මෙහෙම කියලා තියෙනවා. ‘ ඔයාගේ කවිවල තියෙන සෞම්‍ය බව ඔයාගේ කතාවෙවත් හදවතේවත් නෑ. මතක තියාගන්න ඔයාගේ ලියවිල්ලට ආදරේ කරපු වගේම ඔයාට ආදරේ කරපු කෙනෙක් හිටිය වග. ලෝකේ මේ විදිහට නොහිතන තැන් වලත් ආදරේ උපදිනන් පුලුවන් තව ඉස්සරහට ඔබටම ඕක තේරෙයි‘

පස්සේ කවදාවත් මේ රසිකයා ලේඛිකාවට කතා කරලා නෑ. ඉතිං කලක් යනකම්ම මේ මතකය ලේඛිකාවගේ හිතේ තිබිලා. ඇයටම අවසානෙදි තේරිලා මොහු හොද හැදියාවක් තිබුනු අයෙක් බව. මේ කතාව මට කියද්දි මටත් හිතුනා මේ විදිහට ඒක පාර්ශවීය ප්‍රේමයන් ලෝකේ තියෙන බව. අපි ආදරය ගැන මොනතරම් දේවල් ලිව්වත් තව ආදරය ගැන ලියන්න දේවල් තියෙන බව මටත් තේරුනා. ඉතිං මෙන්න මේ සත්‍ය කතාව මුල් වෙලා තමයි මේ ගීතය ලියවුනේ.”

ගහක මල් පිපිලා ගීතය සමරිසි පෙමක් ගැන කියවෙන ගීතයක් බවට බොහෝ දෙනා අන්තර්ජාලයේ පවා ව්‍යාජ සටහන් තබා තිබුනත් මෙම ගීතයේ සත්‍ය කතාව තමයි මේ. මේකෙන් කියවෙන්නේ පිවිතුරු අප්‍රකාශිත පෙමක් ගැන මේක ගැන සමරිසි කතාවක් අන්තර්ජාලයේ පල උනාට පස්සේ මටත් දිගින් දිගටම ඇමතුම් ආවා. මට උනා ගීතයේ අරුත පැහැදිලි කරන්නත්. ගීතයක් ජනගත උනහම ඒක අයිති රසිකයන්ට. ඒ නිසා තමයි රසිකයෝ මේ ගැන මෙතරම් කතා කලේ. ඉතිං තවමත් හොද රසිකයන් පිරිසක් ඉන්න එක ගැන සතුටුයි.

Source Link : Gossip Lanka News & Video

මීටර් දෙක තුනක් මුහුදු රළ උස්වෙයි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

කාලගුණය…. කාලගුණය කියන්නේ හරියට කෙල්ලෝ වගේ කියලයි අපි නිකමටත් කියන්නේ. මේ තියන කාලගුණ තත්වය නෙමෙයි තව ටික වෙලාවකින් තියෙන්නේ මොකද ඒ තරම් ඉක්මනට වෙනස් වෙනවා. ඔන්න ඉතින් මේ වෙනස්වෙන කාලගුණය ගැන අද අපේ රටේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරලා තිබුණා. මේක නිවේදනයක් විතරක්ම නෙමෙයි අනතුරු ඇඟවීමක්.

මුහුදු රල මීටර් දෙක තුනක් උස්වන බැවින් ගොඩබිම තුලටද මුහුදු රල පැමිණිය හැකි බැවින් ප්‍රවේශම් වන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක්ද කර තිබෙනවා වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්

Source Link : Online Sinhala Blog

කනත්තේ තිබෙන ඇඟ හිරිවැටෙන හොල්මන් ගැන කනත්ත පාලකවරයා කිව්ව කතාව

රු අහසේ ගිනි ගනිමින් තිබේ. මධ්‍යාහ්නයට තවත් ඇත්තේ විනාඩි දෙකකුත් තත්පර තිස්ගණනක් පමණක් විය යුතුය. මා දැන් සිටින්නේ ගල්කිස්සේ මහ කනත්තේය. මළවුන් අතර ගැවසෙමින් මම ඒ පටු මාවත් දිගේ සැරිසරමි. සිනමා සක්විති ගාමිණි ෆොන්සේකාගේ භෂ්මාවශේෂ තැන්පත් කළ සොහොන ථූම්භගෙය අබියසදි මට පෙනෙයි.

බටහිර අහස රතු සිත්තම් මැකුණාවේ
දෙණිපෙත හඬන හිරියා මල්
පිපුණාවේ
මා ආදරය දුටු බව නොම හැඟුණාවේ
මා නැති කලෙක උන් සුවඳක් දැනුණාවේ

එතුමා විසින් ම පරසතු මල් චිත්‍රපටයට ලියූ සුන්දර කවියක් එහි කොටා තිබිණ. මළවුන්ගේ බිමේ හිණිහිසේ සිටින්නේ ප්‍රවීණ ගුවන් විදුලි නිවේදක හිටපු ගුවන් විදුලි සංස්ථා සභාපති ලලිත් එස්. මෛත්‍රිපාලයන්ගේ සොහොනය. සනත් ගුණතිලකගේ මව හා පියාගේ සිරුරු මිහිදන්ව ඇත්තේ කනත්තේ මැද පිහිටි අරලිය මල් සෙවණ යටය.

බෙන් සිරිමාන්න සී.ටී, ප්‍රනාන්දු, සාගරිකා ගෝමස්, දොන් සිරිසේන, එම්.එස්. ප්‍රනාන්දු, චන්ද්‍රා වයමන්, ‘ඇස්දෙක’ ලියූ සෝමපාල රණතුංග, විකට ශිල්පී ඇන්ටන් ජූඩ් මේ කනත්තේ තැන් තැන්වල සමාදානයේ සැතපෙති. මෙහි නිදන සියලු ම කලාකරුවන්ගේ නාමාවලිය ලියන්නට ගියා නම් එය මීටත් දිගය. දෙහිවල ගල්කිස්සේ මහ ඉහළින් වැජැඹි ව්‍යාපාරිකයන්, නීතිවේදින් මතු නොව ඇතැම් දේශපාලකයෝ ද මෙහි සැතැපී සිටියහ.

මා ලියන්නට යන්නේ ඒ කනත්තේ වගතුග නොවේ. මරණය කියන අකුරු හතරට කවරදාවත් බිය නොවූ මරණය යන නියත දහම බණක් ලෙස නිතර මෙනෙහි කළ අපූරු මිනිසෙක් ගැනය. අද විශ්‍රාමිකයකු වුව ඔහුගේ අත්දැකීම් ගොන්න කවදාවත් ඉසුබු නොලබයි. වත්මනේ තටු ගසමින් හේ මා අබිමුව බොහෝ දේ කියයි. ගල්කිස්ස හිටපු සුසාන භූමි පාලක උදිත ලක්ෂ්මන් ප්‍රනාන්දු නම්වර ලත් හෙතෙම ලලිත් එස්. මෛත්‍රිපාලයන්ගේ එක කුස ඔත් සහෝදරයාය.

ගල්කිස්ස පොදු සුසානය විතරක් නොවේ. මා යටතේ තවත් සුසාන භූමි ගණනාවක් පාලනය වුණා. ගොනාකෝවිල, කොහුවල, නැදිමාල, අත්තිඩිය සොහොන් පළ ආදියත් මා යටතේ තිබුණෙ. උදේ පාන්දර බුදුන් වැඳලා හිත සැහැල්ලු කරගෙන ජීවත් වෙන්ඩ රාජකාරියට ආවත් උදේ හිට රෑවන තුරු මගේ වචන කෝෂයේ ප්‍රධාන වචනය මරණය.

මරණ පත්‍රිකා, මරණ දැන්වීම, මරණ ආදාහන, මරණ භූමදාන, මරණාධාර ආදි වශයෙන් උදේ ඉඳන් ඇස ගැටෙන වචනයත් මරණය. බිම් කළුවර වැටෙනවාත් එක්ක මරණය පිළිබඳ ස්මාරක අපේ හිතේ රැව් දෙනවා. ඒත් මරණය කියන අකුරු හතර මට සාමාන්‍යයි.

අපට මේ මරණ චාරිත්‍ර බොහොමයක් ආවෙ ඉන්දියාවෙන්. ඉන්දියාවේ මුහුදුබඩ ප්‍රදේශවල වැසියන්ගේ චාරිත්‍රයක් තිබුණ මරණ (මිනී) කැලේ හංගන්ඩ ගියාම වැලි ගෝනියක් අරන් යන එක. අද වගේ භූමදාන හෝ ආදාහන ඒ කාලෙ තිබුණෙ නෑ. සොහොන් පිටි වගේ කැලේ පිහිටි විල්ලු වගේ තැන්වලට ගිහින් මේ මිනී වීසි කරලා එනවා.

බොහෝ විට මේ විදියට මිනී වීසි කරන්ඩ ගියාම ඒ අයටම ආපසු එන්ඩ පාර මතක නෑ. අර විදියට මිනී විසිකරන්නේ සතුන්ට ආහාරයක් වෙන්නයි. පාර මතක නැති වන හින්දා කැලයට යන තැන සිට මුහුදු වැලි අහුරු ගණන් වීසි කරන එක ඒ අය කළා. ඒ විදියටයි අවමංගල රථ කනත්තට ගෙන යන විට ඉදිරියෙන් යන කරත්තයකින් වැලි දමන සිරිත අපටත් ආවෙ.

ගොවි බිම්වල අය මේ විදියට කැලේට මිනී ගෙනියනකොට පොරි (වී බැදලා ගන්නා) වීසි කළා. එනවිට සත්තු ඒවා කාලා තිබුණොත් කියලා කොළ අතුත් මග දිගට කඩාගෙන ගිහින් අන්තිම කොළ අත්ත මිනිය වීසි කළ තැන ගහලා ආවා. ඒ නිසයි පොරි වීසිකිරීම කොළ අතු වලේ ගසන සිරිත අපට ආවෙ.

මේ කැලෑවල ඒක සාටක තපස්වීන් විශේෂයක් හිටියා. ඒ අය බොහෝ විට ඇන්දේ මළ මිනී ඔතලා වීසි කරලා දමපු රෙදි සෝදලා පිරිසුදු කරලයි. ඒ අය ස්නානය කළේ නිරුවතින් ගඟ දිගේ පිහිනමින්. ඒ අඟහරුවාදා හා සිකුරාදා දවස්වලට. මළ මිනී වීසි කරන්ඩ එන අය නිසා ඔවුනගේ නෑමට කරදරයි.

ඒ නිසා ඒ අය මතයක් ඇති කළා අඟහරුවාදා, සිකුරාදා කැලේ මිනී වැළලීම කරන්නේ නෑ කියලා. ඒවත් හරි හැටි තේරුම් ගන්නෙ නැතිව අපි එලෙසම ගත්තා. ඒත් අඟහරුවාදා සිකුරාදා මිනියේ වැඩ කරන මිනිස්සුත් අප අතර නැතිවාම නොවෙයි.

කෙනෙකුගේ මරණයෙන් තමන්ගේ අභිමානය ඇති කරගන්ඩ යන අය මා අනන්තවත් දැක්කා. සමහරු ආදාහනාගාර තියෙද්දි වෙනම චිතකයක් හදලා පුච්චන්ඩ කතා කරනවා. බලපත්‍රය ගත්තාම ඒවාට අවසර ගත හැකියි. තමන්ගේ අම්මා තාත්තා ඉන්නකොට සලකන්නෙ නැති දරුවො ඒ අය මළාම නම්බුවට තට්ටු හතක රන්සිවිගෙය ගහලා පුච්චන්නෙ.

ඊට පස්සෙ කියනවා අපේ තාත්තා පිච්චුවෙ තට්ටු හතක රන්සිවිගෙයක් ගහලා. පෙට්ටිය විතරක් 55,000 යි ආදි වශයෙන්. මහත්මයාගේ මිනිය කනත්තට ඇතුළු කරනකොට මැරෙන්ඩ හදන විලාප නගන සමහර අම්මණ්ඩිලා කටයුතු අවසන් වුණාම වෙනත් මහත්වරුන්ගේ තඩි කාර්වල හිනාවෙමින් යනවා මා දැකලා තියෙනවා.

එක අවමංගල පත්‍රිකාවක් මා දුටුවා. දුව එංගලන්තෙ අහවල් රස්සාව. බෑනා අහවල් රටේ අහවල් රස්සාව පුතා මෙහෙමයි. නංගි මෙහෙමයි. ඔක්කොම ලොකු ලොකු තානාන්තර දාලා මැරුණු මනුස්සයාගේ පින්තූරය ඉතාම පොඩියට. ඒකම පත්තරවලත් පළ කරනවා. ගුණ කථන බොහොමයි. ඉවරයක් කරගන්ඩ බැරි අරවගෙ මළගමක් මට මතකයි.

රජ පෙළපතින් සියල්ල තිබුණෙ අනේ! පහුවෙනිදා අපි බලන් ඉන්නවා. ඊට පහුවෙනිදත් මේ විදියට සතියක්. අර මැරුණු මනුස්සයාගේ අළු ටික ගන්නවත් අර රජ පැටව් කවුරුවත් නෑ. ජීවිතය දකින්ට හොඳම තැන තමයි මේ රස්සාව.

සමහර සල්ලිකාරයො බලපත්‍ර අරගෙන මිනී චිතකයෙ වැඩ කටයුතු අවසන් වන තුරු වැඩ ටික කරන්ඩ අවමංගල ශාලාවලට කොන්ත්‍රාත් බාර දෙනවා. දවසක් මහ රාත්‍රි අපේ මුරකරුවෙක් ඇවිත් මට කියනවා. සර් අර අවමංගල ශාලාවෙ රථයටයි මිනිස්සුන්ටයි හන්දියෙ කට්ටියක් ගහනවා කියලා. මාත් දුවගෙන ගියා බලන්ඩ.

අනේ! බලනකොට චිතකය දැල්වෙද්දි ඒ කටයුතු බලන්ඩ අවමංගල ශාලාවකින් ‘හර්ස්’ එකක් ඇවිත්. ඒ මිනිස්සු විටින් විට මහ රාත්‍රි 11 ට විතර කනත්තේ ඒ ඉසව්වට යනවා එනවා. හන්දියෙ කට්ටිය හිතලා තියෙන්නෙ ‘හර්ස්’ එකක් ඇවිත් අලුත් පෙට්ටි උස්සන්ඩ කියලා. මං කරුණු පැහැදිලි කරලා දීලා ඒ අය බේරාගත්තා. මිනී පෙට්ටියක් ගිනි පෙට්ටියක් වගේ උස්සන් යන්ඩ බෑ කියලා මිනිස්සු තේරුම් ගන්නෙ නෑ.

තවත් දවසක් ‘නයින් තර්ටි’ ෂෝ එක ඕඩියන් එකේ බලලා පාරෙ යන කට්ටියක් මාව හොයාගෙන ආවා. “මහත්තයො, යක්ෂණියක් අර අලුත මිනියක් පිච්චෙන තැන ඉඳගෙන මිනී මස් අරගෙන තලු මර මරා කනවා අපි දැක්කා බලන්ඩ” කියලා. මාත් දුවගෙන ගියා. ඇත්තටම මහ බියකරු රූපයක්. කොණ්ඩය අපිළිවෙළට දිගට තිබුණා. බලනකොට මේ ගෑනි පිස්සු ගැහැනියක්. අර චිතකයෙ පිච්චෙන අඟුරුවලට කොස් ඇට දාලා ඒවා පිච්චුණාම අරගෙන කනවා. මේකට අර මිනිස්සු හිතුවෙ අර විදියටයි.

තවත් දවසක හොඳට හඳ පායලා තිබුණා. මුරකාරයා මට කතා කළා. රාත්‍රි 11 ට විතර. සර්, මිනී වලකින් අතක් උස්සනවා. පහත් කරනවා. මේක නම් හොල්මනක් කියලා. සාමාන්‍යයෙන් අලුත තැබූ පෙට්ටියක් අවස්ථා 3 කදි ගිලා බහිනවා වළ ඇතුළට. ඒ පෙට්ටිය දිරනකොට. ඊළඟට මිනිය දිරනකොට. අන්තිමේ ජරපත් වුණාම.

එතකොට වළ උඩහ තරමක හිදැසක් ඇති වෙනවා. මාත් ගිහින් ටිකක් බලන් හිටියා. ඇත්ත එකපාර අතක් ඉස්සුණා. ඊළඟට පහළට වැටුණා. තව ටික වේලාවකින් ආයිත් අත ඉස්සුණා. ආයිත් පහළට වැටුණා. මං පුරුෂ වීර්යය අරන් ඒ වළ ළඟට ගියා. බලනකොට බ්‍රීෆ්කේස් එකක් වළ උඩ. මහත්තයෙක් හොඳට බීලා වළ ඇතුළෙ නිදි.

කොච්චර වටේට ගේට්ටු තාප්ප තිබ්බත් පිටිපස්සෙන් එන්නත් පුළුවන්. මිනිහව මදුරුවො කනවා. මිනිහා අත උස්සලා නිදි මතේ ම මදුරුවන් තළනවා. මං ඇහැරලා කතා කළා. බලනකොට පෙරදා හවස පුච්චලා තියෙන්නෙ එයාගෙ යාළුවෙක්. එයා හිතේ අමාරුවට බීලා. බීලා වැඩිවෙලා පාරෙ වැටුණා කියලා මිනිහා හිතලා තියෙන්නෙ. කැරකෝප්පුව කීවාම මිනිහාගේ වෙරි හිඳුණා.

‘හොල්මන්’ කියන්නෙ මහත්තයො, හෙලවෙන මනසනේ. ඒත් මං නම් මේ අවුරුදු 34 ටම හොල්මන් කියන අවතාර වැනි දෙයක් දැක්කෙ නෑ. ඒත් මගෙ මුරකාරයො අහලා තියෙනවා. පුංචි දරුවෙක් කෙම්මුරදා රාත්‍රිවලදි ‘අම්මා’ ‘අම්මා’ කියලා අඬනවා. පුංචි දරුවන්ගෙ මරණ මට හරිම සංවේදීයි. එදාට මං ටිකක් බැහැර වෙලා අනෙක් අයට කියනවා කටයුතු බලන්ඩ කියලා.

ඒ ශබ්දය ඇහෙන්නෙ පුංචි දරුවෙක් වළ දාපු තැනකින්. ඊට ටිකක් එහායින් තිබෙන්නේ ගබ්සා වූ දරුවන්, ශල්‍ය කර්මයකින් ඉවත් කරන කොටස් වළදාන තැනක්. මං දරාගන්ඩ බැරි නිසා ඒ පැත්ත නම් බලන්ඩ යන්නෙ නෑ. තව දවසක් අපේ මනුස්සයෙක් දැකලා තියෙනවා මනමාලියකගෙ පහළ කොටස. මිනිහා තරමක් හිස පහත් කරගෙන ඉන්න වෙලාවක.

එයා ඔළුව උස්සලා ඉහළ කොටස බලන්ඩ ගියෙ නෑ. මහ රාත්තිරියෙ දොළහට පමණ වන නිසා. ඒ ළඟම මනාලියගේ වේලය රැගත් සුන්දර තරුණ ළඳක් වළ දමා තිබෙනවා. ඒ සොහොන් කොතෙත් මනාලියගේ රූපයෙන් ඇය පෙනී සිටිනවා.

හැම මාසෙම එක දවසක මාර්ග සංවර්ධන අධිකාරියෙ මහත්මයෙක් එයාගේ නෝනගෙ වළ ළඟට ඇවිත් දවස පුරා හඬලා මල් ගහලා, ඉටිපන්කම් පත්තු කරලා යනවා. දැන් ඒ මහත්මයත් මැරිලා. එයාගෙ වගතුග බලන්ඩ ගියාම එයා කිව්වෙ අපි හරිම ආදරෙන් හිටියා. දරුවො වුණත් එයා වගෙ මගෙ දිහා බලන්නෙ නෑ.

මං මැරෙනකම් එයාට මේ රෝස මල් පොකුර අරන් හැම මාසෙම එයා මැරුණ දාට එනවා කියලයි. අනේ, මහත්තයො මාවත් මළදාට මෙතැනම වළලන්න එයා කිව්වා. ඒත් එයා කොහේ වැළලුවාද දන්නේ නෑ. කවරදාවත් එයා මා විශ්‍රාම යනකම් ආවෙත් නෑ. ජීවිතේ හැටි එහෙම තමයි.

මගෙ ජීවිතේ තෘප්තිමත්ම දවස 1996 මැයි මාසෙ උදාවුණේ. ගල්කිස්ස ධර්මපාලාරාමෙ වැඩ හුන් කොටිකාවත්තෙ සද්ධාතිස්ස හාමුදුරුවො වැඩමවලා මං කනත්තේ මළවුන් වෙනුවෙන් බණක් කියෙව්වා. මළවුන් වෙනුවෙන් හාමුදුරුවන් 20 නමක් වැඩමවලා ධර්මපාලාරාමයෙ දානයකුත් දුන්නා. පිරිකර ලබා දුන්නේ මළමිනී අයිතිකාරයෝ.

සබන් කැටයක් හරි දෙන්න කිව්වා. එළවළු වෙළෙන්දෝ එළවළු දුන්නා. මාළු වෙළෙන්දෝ මාළු දුන්නා. හාල් වෙළෙන්දෝ හාල් දුන්නා. මේවගෙ එක එක අය මේ පින්කමට විවිධ විදියට දායක වුණා. මේක තමයි ඉතිහාසයේ පළමු වතාවට මළවුන්ට බණ කියූ කනත්ත.

මෙහෙ හිටපු එක්තරා දේශපාලනඥයෙක්ගෙ අපූරු පුරුද්දක් තිබුණා. එතුමා උදේ ඉඳන් අපට ඇමතුම් දීලා අහනවා. මරණ ලැයිස්තු. අද ගෙනෙන ඒවා. තියෙන ලිපින ආදිය. හැන්දෑවට එයා කනත්ත ළඟට ඇවිත් ඉන්නවා. ඒ අවමංගල පෙරහරවලට එකතු වෙලා අපුරු කතා පවත්වනවා. ඉතින්! සහභාගි ඡන්ද සියල්ල එයාට.

නොවැම්බර් මාසය මළවුන් සමරන මාසය. ඒ කාලෙට කතෝලිකයන් මෙහි පිරිලා. ඉටිපන්දම් පත්තු කරනවා. යාච්ඤා කරනවා. මළවුන්ගෙ අවුරුදු දවස වගෙයි. වෙසක් දවසටත් එහෙමයි. පහන් පත්තු කරනවා. සමහර බෞද්ධයො කරන කැත පුරුදු තියෙනවා. ඒ තථාගත බුදු රජුන්ගේ ඡායාරූප තමන්ගෙ මියගිය ඥාතියාගේ වළ වටේ ගහනවා.

ඒක කෙතරම් නරක දෙයක් ද කියලා මා පැහැදිලි කරලා දෙන්ඩ ගියාම එක දරුවෙක් කිව්වා, අනේ මහත්තයො, අපි බුදු හාමුදුරුවො කියලා කෙනෙක් දැකලා නෑ. ඒත් අපේ අම්මාව නම් දැකලා තියෙනවා කියලා.

1988 – 89 කාලෙ තරුණ කොල්ලන්ගෙ මිනී පාරවල් අයිනෙ පිච්චෙන්ඩ ඉස්සෙල්ලා අපේ තාප්පයට උඩින් කනත්තට මිනියක් වීසි කරලා තිබුණා. මළ මිනියෙ මුළු ඇඟම සීබ්‍රාවෙක් වගේ. හැම තැනම දරුණු කැපුම් තුවාල. නිර්වස්ත්‍ර මේ සිරුර අපි පළාතේ ඒ. එස්. පී. ට පෙන්නලා වගකීමෙන් ආරක්ෂා වීමේ පනත යටතේ වැළලුවා. ඒ කාලේ පොලිස් අධිකාරිට, සහකාර පොලිස් අධිකාරිට මහේස්ත්‍රාත් බලතල දීලා තිබුණා.

තව දවසක් ඩබල් කැබ් එකක් රාත්‍රි ඇවිත්. ලොකු අධි ශීතකරණයක මොනවාදෝ තියාගෙන කනත්තට වීසි කරන්ඩ ලෑස්ති වෙනවා. මං ගියා. සොයා බලනකොට මේ නරුමයො නරක් වෙච්ච ඉස්සො තොගයක් සොහොනට වීසි කරන්ඩයි ලෑස්ති වෙන්නෙ. මං ගිහින් බැන්නා. ඕයි, මේක තියෙන්නෙ මිනී වළලන්ඩ මිසක්, ත මුසෙලාගෙ ඉස්සො, බල්ලො වළලන්ඩ නොවේ. මං සද්දෙ දානකොට සෙනඟ පිරෙන බයට ඩබල් කැබ් එක ඇදලා ගියා.

තවත් සෙල්ලමක් තිබුණා. රාත්‍රි දොළහට එකට විතර ආදාහනාගරයේ කූල් රූම් පැත්තට ගණිකාවො අරන් පාදඩයො එන වැඩක්. උදේට එතැන තිබුණු යට ඇඳුම් ආදිය අරන් දාන්ඩ ඕනෑ අපේ සේවකයන්.

මං රැකලා අල්ලන්ඩ බැලුවා. ඒක තේරිලා කවුරුවත් ආවෙ නෑ. ඊළගට මං කළේ ඒ පැත්තෙ තිබුණු පයිප්පෙ ගලවලා දාන එක. එතකොට වතුර නෑනේ. කොහොම හරි මේ සිද්ධිය දුරදිග ගියා. කොච්චර තාප්ප ගේට්ටු දැම්මත් කළුවර වැටුණු ගමන් දුරාචාර ක්‍රියාත්මකයි. මං සැක හිතෙන තරුණ රංචු යනකොට කෑගහලා බැන්නා. මාත් දෙහිවල ගල්කිස්සෙ මිනිහෙක්. මගෙ අම්මා දෙහිවල තාත්තා ගල්කිස්සෙ. තුට්ටු දෙකේ වැඩවලට එන්ට එපා කියලා.

තව දවසක් මහ රාත්තිරියේ මට දැනුම් දෙනවා. මගේ කාමරේ ඇතුළෙ කවුරුදෝ පෙරළනවා කියලා. මං ඒ රාත්‍රියෙම ගියා. ගිහිල්ලා ටික වේලාවක් එළියෙ ඇහුම්කන් දීගෙන නිශ්ශබ්දව හිටියා. කතාව ඇත්ත. මගෙ කාර්යාලයෙ මේස පුටු පෙරළන ශබ්ද. මං දොර ඇරියා. බලනකොට මේසය තියා කඩදාසියක්වත් හෙලවිලා නෑ. කවුරුවත් නෑ. ශබ්ද තරංග තිබෙන්ඩ පුළුවන්. එහෙත් දැකීම, දෘෂ්ටිය සිද්ධ වෙන්ඩ බෑ.

1989 – 90 කාලෙ පුදුමාකාර දෙයක් වුණා. මට ආරංචියක් ආවා. ජේ. වී. පී. ලීඩර් කෙනෙක්ගෙ දේහයක් පුච්චන්ඩ මහ රාත්‍රි මෙහෙ එන බව. ගේට්ටුවට ඉබ්බා දාලා මාත් ගෙදර ගිහින් අපේ නෝනට කියලා බැරිස්ටර් මහත්මයකුගෙ ගෙදර ගිහින් හැංගුණා.

රෑ ඒ කට්ටිය ඇවිත් අගුල් කඩලා ඇතුළු වුණාම ආදාහනාගාරය අරින්ඩ බැරි වුණා. මාව හොයාගෙන ගෙදර ආවත් මාත් ගෙදර නෑ. ටෙලිෆෝන් නිහඬයි. ඒ නිසා ඒ සිහි විසඥ දේහය අරගෙන ඒ අය කොළඹ කනත්තකට ගිහින්. ඒ වැඩේ කළ බව මට ආරංචි වුණා.

1940 කාලෙ මේ සොහොන් භූමියට මළ මිනියක් තබා අවසන් ගෞරව දක්වන්ඩ ථූම්භ ගෙයක් තිබුණෙ නෑ. වැල්ලවත්තෙ කට්ටියක් තමන්ගෙ අම්මාගෙ මිනිය අරගෙන ඇවිත් මහ වැස්සකට කොටු වෙලා මිනිය තබා ගන්ඩ තැනක් නැතිව දුක් විඳලා තියෙනවා. ඒ අය ඒ සිද්ධිය නිසාම මෙතැන ථූම්භ ගෙයක් හැදුවා.

දැන් ඒ දරුවො ඉන්නෙ කැනඩාවෙ. එංගලන්තෙ වැනි රටවල. මෙහෙ ආවාම අපෙන් අවසර අරන් ථූම්භ ගෙය පිළිසකර කළ අවස්ථා තියෙනවා. ඒ ථූම්භ ගෙය ඇතුළෙ දෙපැත්තෙ පුන්කලස් දෙකේ තියෙන්නෙ ඒ අයගෙ අම්මගෙ හා තාත්තගෙ අළු.

මිනියක ඔළුව බස්නාහිරට තබන්නෙ ඇයි? හදිසියේම මම ඔහුගෙන් ඇසුවෙමි.

ඕනෑම සුබ කටයුත්තකට නැ‍ඟෙනහිර හොඳයි. සුබ කටයුතුවලට හිරු ප්‍රධානයි. එළිය ගෙනෙන්නේ නැ‍ඟෙනහිර. අඳුර ගෙනෙන්නෙ බස්නාහිර. මරණය සුබ කටයුත්තක් නොවෙයි. ඉපදීමයි සුබ කටයුත්ත. මරණයකදී ඔළුව බස්නාහිරට තබන්නෙ ඒ නිසයි.

සොහොන් භූමි පාලකයෙක් නිසා ඔහුට සමාජය තුළ මහත් පිළිගැනීමක් තිබේ. නඩුකාර හාමුදුරුවන්ගෙන් පවා ඔහුට ලැබුණු වරදාන ගැන ඔහු මට කී යමක් මතකය. ඕනෑම කාර්යාලයක රජයේ දෙපාර්තමේන්තුවක ඔහුට උදව් කරන්නෝ ද සිටිති.

දෙහිවල ගල්කිස්ස නගරයේ විවිධ ක්ෂේත්‍රවල සිටින්නෝ ඔහු හොඳින් හඳුනති. ඔහුට දරුවන් තිදෙනෙකි. පුතා උගත්තේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේය. ඔහු උසස් රැකියාවක් කරයි. දියණියන් දෙදෙනා ද සමාජයේ ඉහළ පුරවැසියන් ය.

ළමයින්ට දෙයියන්ගෙ ලෙඩ හැදුණා. ඒත් මං රස්සාවට ගිහින් ආවා. දෙහි හෝ කහ ගාගෙන නාලා පිරිසුදු වෙලා ගෙට ආවා. විසබීජ තමයි කිල්ල කියන්නේ. අපේ හිතේ කිල්ල ඇති කරගන්ඩ එපා. මළවුන්ගේ ලෝකය ජීවත්වන මිනිසුන්ට බොහෝ දේ කියා දෙනවා. මං ඔබට කිව්වේ ඒකෙන් ටිකක් විතරයි.

උපුටා ගැනීමකි.

Source Link : Gossip Lanka News & Video