ඔබට ඇති සුවිශේෂිත දක්ෂතාවයට ගැලපෙන සුපිරිම රැකියාව හොයාගන්න මෙන්න හොඳම තැන

WeTroop.com නමනම් ටිකක් අමුතුයි නේද? ඒ උනාට මේක 100%ක් ලංකාවේ වැඩක්. මේ app එක හදල තියෙන්නේ WeTroop Pvt Ltd නම් දේශීය සමාගමෙන්.
ඕනෙම ආකාරයක රැකියාවක් සොයන කෙනෙක්ට කිසිම රස්තියාදුවකින් තොරව ඉතාමත් සරල අතුරු මුහුණතක් භාවිතයෙන් අර්ධ කාලීන හා ස්ථිර රැකියා සඳහා අයදුම් කරන්නත් ඒ වගේම ඕනෑම රැකියාවක් සඳහා සේවකයන් සොයන අයට නොමිලේම සුදුසු පුද්ගලයන් සොයා ගන්නත් හැකිවන ලෙස මේ ඇප්‍ එකත් වෙබ් සයිට් එකත් නිර්මාණය කරලා තියෙනවා.

අපි විශ්වාස කරනවා මේ ලෝකේ අපි හැමෝටම මොකක් හරිම විශේෂිත දක්ෂතාවයක් තියෙනවා, ඒ වගේම හැමෝගෙම තියෙන දක්ෂතාවන් වලට එයාල හිතනවාට වඩා ලොකු වටිනාකමක් තියෙනවා කියල. නමුත් ගැටලුව තිබෙන්නේ එම දක්ෂතාවයන් වලින් වටිනාකමක් ජනනය කරන්න පුළුවන් පුද්ගලයන්, කණ්ඩායම් හෝ සමාගම් එක්ක ඒ දක්ෂතාවයන් තියෙන අයව සම්බන්ධ කරන්න, ඒ තුළින් රටට ලෝකයට වැදගත් නිර්මාණයන් බිහි වෙන්න අවකාශයක් හදන්න පුළුවන් සරල දියුණු ක්‍රම වේදයක් අපේ රටේ නෑ. ඒ දේවල් අපි හදා ගත යුතුයි. ඉතින් අපි අපේ දක්ෂතාවය තිබෙන, අපි ආසම අංශයෙන්, රටේ හැමෝගෙම දක්ෂතාවයන් ලෝකෙට විවෘත කරන්න පුළුවන් වේදිකාවක් හදන්න තීරණය කළා. මොකද අපි ලබපු අත්දැකීම් සහ කැපකිරීම් එක්ක අපි විශ්වාස කරනවා රටක් විදිහට දියුණුවෙන්න ක්‍රියාවලියක් සහ නිෂ්පාදනයන් තිබිය යුතුය කියලා . ඒ අදහසත් එක්ක wetroop නිර්මාණය වුණා.

අපි එක මුලින් සම්පුර්ණ නොමිලේ Part time & permanent job අවශ්‍යතාවයන් සම්පුර්ණ කරන සයිට් එකක් විදියට පටන් අරන් online & on location කරන services දෙන Freelancers ලට career පාත් එකක් තමන්ටම හදා ගන්න පුළුවන් වෙන platform එකක් දක්වා වර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා.

මෙහි දැනටත් තිබෙන වගේම ඉදිරයට එකතුවන සියලුම ප්‍රධාන සේවාවන් සියල්ලම සම්පූර්ණයෙන් නොමිලේ පවත්වාගෙන යන්නත්, ඉදිරියේදී සැලසුම් කර තිබෙන අමතර සේවාවන් අවශ්‍ය අයගෙන් පමණක් එම අමතර සේවා සඳහා පමණක් මුදල් අය කරගන්නත් අපි බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම හැකි ඉක්මනින් ලංකාව තුළ ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීමෙන් පසු විදෙස් රටවල් වලට WeTroop හඳුන්වා දීමටත් ඒ තුළින් විදේශ විනිමය රටට ගෙන ඒමටත් අපි බලාපොරොත්තු වෙනවා.

මේ සියලුම කරුණු නිසා අපි විශ්වාස කරනවා ලංකාවේ ඕනෙම කෙනෙක්ට අපේ දෙයක් කියල ආඩම්බරෙන් ලෝකෙ ඕනෙම තැනක ගිහින් කියන්න පුළුවන් එකම එක හෝ නිෂ්පාදනයක් ලෝකෙට දායාද කරන වගකීම අපේ හිස මත තිබෙනවා කියා.
ඉතින් ඒ සිහිනයත් එක්ක එකතු වෙන්න අපි ඔබ හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා. ”

පටන් අරන් මාස 4ක් පමණ කෙටි කාලයක් උනත් මේ වන විටත් Arpico, Pizza hut, Crysbro, ODEL, Fashion bug වගේ ලංකාවේ විශාල සමාගම් ඇතුළු ආයතන රාශියක් WeTroopහා අත්වැල් බැඳගෙන සිටින අතරම ඒ හරහා දැනටමත් 600 කට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසකට අර්ධකාලීන හා පූර්ණකාලින රැකියා සොයා දෙන්නට WeTroop සමත් වී තිබෙනවා. ඇත්තෙන්ම අගය කල යුතු විශිෂ්ට වැඩක් නේද?

ඉතින් මෙය අගය කලයුතු නිෂ්පාදනයක් කියා ඔබත් සිතනවානම් ඔබේ රැකියාවන් සොයන මිතුරු මිතුරියන් හා නෑදෑ හිතවතුන්ද මේ පිළිබඳව දැනුවත් කරන්න. හැකි තරම් ෂෙයා කරන්න.

WeTroop android app : https://play.google.com/store/apps/details…

Web site : http://wetroop.com/

ඔබේ JOBS සොයන මිතුරන්ටත් දැනගැනීමට ෂෙයා කරන්න.

 

Source Link : Bro – බ්‍රෝ

සියයට 15ක රන් බද්ධ නිසා රන් මිල වෙනස් වෙන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන රන් සඳහා තීරු බදු පැනවීමෙන් අනතුරුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් 6000කින් පමණ ඉහල ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

බදු වැඩිවීමත් සමඟ කැරට් 22 රන් පවුමක නව මිල රුපියල් 57,000 ඉක්මවන අතර එහි පැරණි මිල වුණේ රුපියල් 51,000 ක්. එමෙන්ම නව තීරු බදු හේතුවෙන් කැරට් 24 රන් පවුමක් රුපියල් 7000කින් පමණ ඉහල ගොස් තිබෙනවා. දැනට කැරට් 24 රන් පවුමක් රුපියල් 55,000කට පමණ අලෙවි වන අතර නව මිල වැඩි වීමට අනුව එම රන් පවුමක් අලෙවි වන්නේ රුපියල් 62,000ක මිලකටයි.

ආනයනය කරනු ලබන රන් සඳහා වටිනාකම මත සියයට 15ක බද්දක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට තීරණය කරනු ඇති බව ආරංචි වේ.

Source Link : Bro – බ්‍රෝ

ලොව විශාලතම ගුවන් යානාවක් මත්තල ගුවන් තොටුපොළට – Photos

රුසියාවට අයත් ලොව විශාලතම ගුවන් යානාවක් වන Antonov An – 225 Mriya වර්ගයට අයත් ගුවන් යානාවක් මත්තල ගුවන් තොටුපොළට අද (18දා) උදෑසන 6.35ට පමණ ගොඩ බස්සවා තිබෙනවා. මෙම ගුවන් යානාව මැලේසියාවේ සිට පැමිණ ඇති අතර, නැවත කරච්චි බලා පිටත් වීමට නියමිතයි.

24 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත මෙම ගුවන් යානාවට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට හා කාර්ය මණ්ලයට විවේකයක් ලබාගැනීම වෙනුවෙන් මෙසේ මෙය මත්තල ගුවන් තොටුපොළට ගොඩ බස්සවා ඇත. වැඩිම කාර්ය මණ්ඩලයක් සේවය කරන ගුවන් යානයද මෙය බව පැවසේ.

Source Link : Bro – බ්‍රෝ

පුද්ගලීකරණය කල යුත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවද.? දුම්රිය මගීන්ද..?? අනිවාර්යයෙන්ම කියවන්න

ඔබේ වටිනා කාලයෙන් විනාඩියක් වැය කරලා මෙය කියවන්න.

පුද්ගලීකරණය කල යුත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවද.? දුම්රිය මගීන්ද..??

ඔබට මතක ඇති පසුගියදා ගරු ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අබලන් මැදිරි 200ක් පුනුරුත්තාපනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ පලමු මැදිරි 10 ජනතා අයිතියට පත් කලා. ඉතින් මේ එක් මැදිරියකට මිලියන 15කට ආසන්න මුදලක් වැය කර මෙසේ සුවපහසු ආසන, ඉහල සනීපාරක්ෂක පහසුකම් සහිතව සැකසූ මේ මැදිරි හා හා පුරා කියලා සෙංකඩගල මැණිකේ හා මහනුවර – මාතර දුම්රියට යෙදවූයේ එම මගීන්ගේ ගමන් පහසුව උදෙසායි.

නමුත් පහත ඡායාරූප හොදින් බලන්න. මේ පිටරටක නොවේ. අපේ රටේ පසුගියදා නවීකරණය කල මැදිරි යොදා ගමන් වාර 4ක් පමණක් අවසානයේදී එසේ අළුතින්ම සැකසූ මැදිරිවල කොටස් දුම්රිය මගීන්ම කඩා දමා ඇති ආකාරය. දුම්රියට ආදරේ කරන අප වන් අයට නම් ඉතාමත් පිලිකුලක් ඇතිවුනා මේ ඡායාරූප දුටුවාම. මගියෙක් ලෙසට ඔබ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වන්නේ ගමනේ සුවපහසුවයි. පැරණි දුම්රිය වෙනුවට නව දුම්රියයි.

නමුත් පසුගිය කාලය පුරාවට මුහුනු පොතෙන් එක් එක් සමූහ තුල දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කර රට සාදන්නට කොතරම් දෙනා හඩ නැගුවාද..?? සමහර සමූහ තුල ඒ වෙනුවෙන්ම අදහස් විමසීම උදෙසා Pools පවා සාදා තිබෙනු අප දුටුවා. පිං පඩි කරුවන් කියා ලේබල් කර අවලාද නගන මගී ඔබ මෙලෙසින් ඔබම ගමන් ගන්නා ඔබේ දුම්රිය මෙසේ විනාස කරයි නම්,

“ඇමරිකාවෙන්, කැනඩාවෙන් නොව වෙනත් ග්‍රහලෝකයකින් සුවපහසු දුම්රිය ආනයනය කලද සිදුවන්නේ මෙයමය”.

– ගමන් වාර 4ක් පමනක් ගොස් මෙසේ නම් තව මාසයකින් මේ මැදිරි වලට කුමකින් කුමක් වෙයිද..??
– දුම්රිය පුද්ගලීකරණය කිරීමට හඩ නැගූ හඩ මෙයටත් නැගේවිද..??

අවසන අපට අයැදීමට සිදුව ඇත්තේ මෙසේ කරන අයවලුන්ට වැහි නැති හෙන පමනී.

සංවාදය ඔබට විවෘතයි.

මෙම මැදිරි වල පලමු ගමන ගැන අප වාර්ථා කල ලිපිය https://m.facebook.com/story.php?story_fbid=394958357634970&id=195262664271208

Share කරලා ඔබේ යහළුවන්වත් දැනුවත් කරන්න. වටීවි.

© ඡායාරූප හිමිකම හා සටහන – Sri Lanka Railway Journal

Source Link : Bro – බ්‍රෝ

සූර්යාභිෂේකය 2018 මහා සංස්කෘතික උළෙල සාර්ථකව අවසන් වෙයි (photos)

මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයකට අනුව සංවිධානය කෙරුනු සූර්යාභිෂේකය 2018 – මහනගරේ මහ අවුරුදු සංස්කෘතික උළෙල ඊයේ(08) උදෑසන පටන් දවස පුරා කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය ආශ්‍රිතව මහත් උත්කර්ශවත් අන්දමින් පැවැත්වුණා.

සූර්යාභිෂේකය මහා නගරයේ මහා අවුරුදු උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, මහානගර ඇමති චම්පික රණවක නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණ විතාන යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ(08) උදෑසන ටොරින්ටන් ක්‍රීඩාපිටියේදී ආරම්භ වූ අතර හෙළ සිරිත් විරිත්වලට මුල්තැන දී ආරම්භ වූ මෙම අවුරුදු උත්සවයේ සාම්ප්‍රදායික අවුරුදු ජන ක්‍රීඩා මෙන්ම තවත් තර`ග රැසකින් සමන්විත විය.

දිවයිනේ නන් දෙසින් පැමිණි සිංහල, දෙමළ මුස්ලිම් සියළු ජන කොටස් විශාල සංඛ්‍යාවක් මෙම අවුරුදු උළෙල සඳහා සහභාගී වී සිටීම ද විශේෂත්වයකි.

එම දැවැන්ත අවුරුදු උත්සවයෙන් පසුව සූර්යාභිෂේකයේ මහා සංස්කෘතික මංගල්‍යය සංස්කෘතික අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය, නාවික හමුදාව, ශ්‍රී ලංකා යුධ හමුදාව, ජාතික තරුණ සේවා සභාව, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ දායක්තවයෙන් හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය සංස්කෘතික ශිල්පීන් 1200 කගේ සහභාගීත්වයෙන් ගරු කථානායක කරූ ජයසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සවස 6.30ට නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විණි. ඉන් අනතුරුව විචිත්‍රවත් මල්වෙඩි සන්දර්ශණයක්ද මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය විසින් සංවිධානය කර තිබූ අතර එය බොහෝ දෙනෙකුගේ ආකර්ශණය හිමිවූ අංගයක් විය.

රාත්‍රී අටට ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි සූර්යාභිෂේකයේ මියැසි ප‍්‍රසංගය මහේෂ් දෙණිපිටියගේ සංගීතයෙන් සහ ගායන ශිල්පීන් රැසකගේ සහභාගීත්වයෙන් විචිත්‍රවත් විය.

අභාවයට යමින් පවතින හෙළ සංස්කෘතිකාංග කෙරෙහි නාගරික ජනතාවගෙ සහ තරුණ පරම්පරාවේ අවධානය යොමු කිරීම, අවුරුදු සමයේදී පාළුවට යන කොළඹ අගනගරය උත්සවත්ශ්‍රීයෙන් යුතු මහනගරයක් බවට පත්කිරීම සහ සංචාරක ආකර්ශණය දිනා ගැනීම යන කරුණු ඉලක්ක කරගනිමින් සංවිධානය කල මෙම උළෙල එදා මෙදා තුර කොළඹ නගරයේ පැවති විචිත්‍රවත්ම සිංහල නව අවුරුදු සැමරුම් උත්සවය බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ.

මියැසි ප්‍රසංගය මෙතැනින් නරඹන්න – https://www.facebook.com/PataliChampika/videos/2059181391030035/

සංස්කෘතික උළෙල මෙතනින් නරඹන්න – https://www.facebook.com/PataliChampika/videos/2059099561038218/

Source Link : Bro – බ්‍රෝ

රියදුරන්ට සුභ පණිවුඩයක්. උත්සව සමය නිමිත්තෙන් රථ වාහන දඩය ලිහිල් කරයි

සංශෝධනය කෙරුණු නව රථ වාහන දඩ මුදල් අය කර ගැනීම අවුරුදු සමයෙන් පසුව සිදු කිරීමට තීරණය කර තිබෙනවා. රථ වාහන වැරදි කිහිපයක් සඳහා රුපියල් 25,000 ක දඩයක් අය කිරීමට මීට පෙර කර තිබූ යෝජනාව රුපියල් 3,000 දක්වා අඩු කිරීමටයි දැන් තීරණය කර ඇත්තේ.

දඩ මුදල් සංශෝධනය කිරීම සිදුවුණේ විශේෂ කමිටුවක නිර්දේශ මත පදනම්වයි. ඒ පිළිබඳ අදහස් දක්වමින් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ කියා සිටියේ මෙම මාසයේ දී අදාළ අඩු කිරිම ක්‍රියාත්මක වන බවයි. රථ වාහන වැරදි 33කට අදාළ දඩ මුදල් සංශෝධනය මෙහිදී සිදුවූ බවයි සභාපතිවරයා මෙහිදී කියා සිටියේ. සංශෝධිත දඩ මුදල් ඇතුළත් මෝටර් වාහන පනත යටතේ වූ නියෝග ඉකුත් දා පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.

Source Link : Bro – බ්‍රෝ

රියදුරන්ට සුභ පණිවුඩයක්. උත්සව සමය නිමිත්තෙන් රථ වාහන දඩය ලිහිල් කරයි

සංශෝධනය කෙරුණු නව රථ වාහන දඩ මුදල් අය කර ගැනීම අවුරුදු සමයෙන් පසුව සිදු කිරීමට තීරණය කර තිබෙනවා. රථ වාහන වැරදි කිහිපයක් සඳහා රුපියල් 25,000 ක දඩයක් අය කිරීමට මීට පෙර කර තිබූ යෝජනාව රුපියල් 3,000 දක්වා අඩු කිරීමටයි දැන් තීරණය කර ඇත්තේ.

දඩ මුදල් සංශෝධනය කිරීම සිදුවුණේ විශේෂ කමිටුවක නිර්දේශ මත පදනම්වයි. ඒ පිළිබඳ අදහස් දක්වමින් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ කියා සිටියේ මෙම මාසයේ දී අදාළ අඩු කිරිම ක්‍රියාත්මක වන බවයි. රථ වාහන වැරදි 33කට අදාළ දඩ මුදල් සංශෝධනය මෙහිදී සිදුවූ බවයි සභාපතිවරයා මෙහිදී කියා සිටියේ. සංශෝධිත දඩ මුදල් ඇතුළත් මෝටර් වාහන පනත යටතේ වූ නියෝග ඉකුත් දා පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.

Source Link : Bro – බ්‍රෝ

අවුරුදු නිවාඩුවට විශේෂ දුම්රිය සේවාවක්. විශේෂ දුම්රිය යොදවන මාර්ග ටික මෙන්න

අලුත් අවුරුද්දට ගම් බිම් බලා යන දුම්රිය මගීන්ගේ පහසුව සඳහා විශේෂ අවුරුදු දුම්රිය ගමන් සේවා 24 ක්‌ මේ වනවිට කොළඹ කොටුව දුම්රිය ස්‌ථානයේ ක්‍රියාත්මක බවත්, එම සේවාවන් මෙම මස 17 වැනිදා දක්‌වා ක්‍රියාත්මක බවත් දුම්රිය දෙපාර්තමේන්වේ අතිරේක සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) විජය සමරසිංහ මහතා පවසනවා.

එම විශේෂ දුම්රිය සේවා කොළඹ කොටුවේ සිට බණ්‌ඩාරවෙල, ගාල්ල, මාතර, මහව, මහනුවර, යාපනය, දකුණු කළුතර, වේයන්ගොඩ දක්‌වා ක්‍රියාත්මක බවද හෙතෙම කීය.

විජය සමරසිංහ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

මේ විශේෂ අවුරුදු දුම්රිය සේවාව ක්‍රියාත්මක කරන්නේ සාමාන්‍ය සේවාවන්ට අමතරවයි. අනෙකුත් දුර ගමන් දුම්රියවල මැදිරි ප්‍රමාණය වැඩිකරලා තියෙනවා.

“දුම්රියෙන් ගමන් කරන මගීන්ගේ ආරක්‌ෂාව සඳහා දුම්රිය ආරක්‌ෂක නිලධාරීන්ද යොදවා සිටිනවා. දුම්රියේ පාපුවරුවේ ගමන් කරන්න එපා. එමෙන්ම දුම්රියේ මැදිරි දෙක අතර ඇති ස්‌ථානයේ ගමන් කරන්න එපා.

Source Link : Bro – බ්‍රෝ

Street Race ගිය ත්‍රිරෝද රථ දෙකකට වැඩ වරදින ලකුණු. ඔබ මෙය අනුමත කරන්නේද ? (video)

ලංකාවේ දිනෙන් දින වැඩිවෙන රිය අනතුරුවලට මුලික හේතුව වී ඇත්තේ අවිධිමත් රිය ධාවනය. මෙයට භාජනය වන ප්‍රධාන පෙළ වාහන වර්ගයක් තමයි ත්‍රි රෝද රථ කියන්නේ. ඇතැම් ත්‍රි රෝද රථ රියදුරන් මාර්ගයේ රිය ධාවනය කරන ආකාරය නම් කොහෙත්ම අනුමත කරන්න බැහැ.

එයට හොඳම උදාහරණය තමයි පසුගිය දවසක එක්තරා ප්‍රදේශයක තිබුණු ත්‍රි රෝද රථ තරඟය. තේරෙන භාෂාවෙන් කිව්වොත් ස්ට්‍රීට් රේස්. මෙහි අවසානයේ එක් ත්‍රි රෝද රථයක් පෙරළෙනවා. මෙයින් අපහසුතාවයට පත්වන්නේ එම ත්‍රිරෝද රථයේ රියදුරන් පමණක් නොව එම මාර්ගයේ ගමන් ගන්නා සියලු දෙනයි.

පහත වීඩියෝව බැලීමෙන් ඔබට එය වැටහේ. 206-4461 හා 204-4375 අංක දරණ මෙම ත්‍රිරෝද රථ දෙකට එරහිව නිතිය ක්‍රියාත්මක විය යුතුද නැද්ද යන්න පහත වීඩියෝව බැලීමෙන් පසු ඔබ තීරණය කරන්න. එසේ නම් නීතියට මොවුන්ව හසුකරගන්නා තුරු share කරන්න.

වීඩියෝව පහතින්,

Source Link : Bro – බ්‍රෝ

මොනඩොං වෙනුවට හදුනා නොගත් භයානක රෝග 6ක් සමග වනමි හෙට ලංකාවට

භයානක රෝගය සහිත වනමි (Vannamei) නැමැති ඉස්සන් විශේෂයක් හෙට (08) ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බව ශ්‍රී ලංකා ජලජිවි වගා සංවර්ධන සන්ධානය පවසනවා. එහි සභාපතිවරයා පවසන්නේ සතුන් මෙරටට ගෙන ඒමේදී පිලිපැදිය යුතු නීතිරීති වලට පටහැනිව මෙය සිදුකරන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ මේ වනවිට වනමි (Vannamei) ඉස්සන් විශේෂය වගා නොකරන අතර හදුනා නොගත් භයානක රෝග 6ක් මෙම ඉස්සන් විශේෂයට ඇති බවයි සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

මෙරට පොකුණු ඉස්සන් වගාව විනාශ කළ හැකි වන මී නමැති ඉස්සන් වර්ගයක් සංවිධනාත්මක ව්‍යාපාරික ආයතනයක් විසින් මෙරටට ගෙන්විමට ගෙන ඇති තීරණය වහාම නවතන ලෙසට ඉල්ලා මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජලජිවි වගා සංවර්ධන සන්ධානය සහ ඉස්සන් අබිජනන කරුවන්ගේ සංගමය අද (08) පෙරවරුවේ හලාවත පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.

මෙම වනමී වර්ගයේ ඉස්සන් හේතුවෙන් අප රටෙ මොනඩොං නමැති ඉස්සන්ගේ ව්‍යාප්තියට දැඩි ලෙස හානි පමුණුවන බව ද සොයාගැනීමට හැකි වී තිබේ.

Source Link : Bro – බ්‍රෝ