කොරියානු ප්‍රභලයෝ ජනපතිව ඉහළින් පිළිගනී. නිළ ට්විටර් පණිවුඩ ටික මෙන්න…!

පසුගියදා දකුණු කොරියාවේ නිල සංචාරයට පිටවී ගිය ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මහතා හට Seoul ගුවන්තුටුපලේදී උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතර ඒ සඳහා විදේශ කටයුතු නියෝජ්ය අමාත්ය Cho Hyun, ජාතික ආරක්ෂක ප්රධානියා Chung Eyi-yong ට අමතරව ඉහල ප්‍රභූවරුන් රැසකගේ සහබාගිත්වයෙන් පැවැත්විණි.

ඊට අමතරව කොරියානු නිල ජනපති නිවස වන @TheBlueHouseKR යන නිල ට්විටර් ගිණුම හරහා ශ්‍රී ලංකා ජනපතිගේ පැමිණීම ඉහල තලයේ තබා ටිව්ටර් පණිවුඩ කිහිපයක් නිකුත් කර තිබුනේ, මෑතකදී කොරියාවට පැමිණි ඉහල පෙළේ නායකයන් අතරින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමන්ට ප්‍රමුඛස්ථානයක් දෙමිනි.

ඔවුන් පවසා සිටින්නේ, කොරියාව හා ශ්‍රී ලංකාව අතර වසර 40 ක් පවතී රාජත්‍රාන්තික සබඳතාව වැඩිදියුණු කරමින් ශ්‍රී ලංකා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොරියාවට පැමිණීම ගැන ඔවුන් ඉමහත් සතුටින් පසුවන බවත්, දෙරට අතර මිත්‍රත්වය ඉහල නැංවීමට මෙය හොඳ අවස්තාවක් බවයි.

ඔවුන් විසින් නිකුත් කර තිබු ටිව්ටර් පණිවුඩ කිහිපයක් පහතින්.

Source Link : Bro – බ්‍රෝ

ශ‍්‍රීලනිප ය හා ඒකාබද්ධ අතර අද විශේෂ හමුවක්

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබේ. ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්ව තරග කිරීම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර එකඟතාවක් ඇති කිරීම සඳහා පැවති මූලික සාකච්ඡාවල තවත් එක් අදියරක් ලෙස මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

කෙසේවෙතත් තවමත් සාකච්ඡාව පැවැත්වෙන වේලාව සම්බන්ධයෙන් තම නියෝජිතයින් දැනුවත් කර නොමැති බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඒකාබද්ධව මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් පවතින සාකච්ඡා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණි ලොකුගේ මහතා ද අදහස් පළ කළේය.

Source Link : Bro – බ්‍රෝ

දුෂිත පාලනය වෙනස්කර ජනතාව අලූත් ආණ්ඩුවක් බලයට පත්කරේ නිවැරදි වැඩපිළිවෙළක් සඳහා

දුෂණයට, වංචාවට එරෙහිව තීන්දු තීරණ ගන්නාවිට එයට විරුද්ධව තමාට චෝදනා එල්ල කරන්නේනම් තමන් සියලූ තනතුරු අතහැර ජනතාව සමග එක්ව එම සටන ඉදිරියටම ගෙන යාමට සූදානම් බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ අද (24) පෙරවරුවේ නිකවැරටිය ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව වැරදි කළ නිසා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා 2015 වසරේදී පරාජයට පත්වූ අතර, එක්සත් ජාතික පක්ෂයේ පිරිස් ද ආණ්ඩුව තුළ සිටිමින් එම වැරදි සහ අඩු පාඩු එලෙසම සිදු කරන්නේනම් ජනතාව එය අනුමත නොකරන බව ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

පැවති දුෂිත පාලනය වෙනස්කර ජනතාව අලූත් ආණ්ඩුවක් බලයට පත්කර ගත්තේ නිවැරදි වැඩපිළිවෙළක් සදහා බව අවධාරණය කළ ජනාධිපතිතුමා එම ජනතා අපේක්ෂාව ඉටුකිරීම වෙනුවෙන් නිවැරදි ගමනක් යාමට සියලූදෙනා සූදානම් විය යුතු බව ද අවධාරණ කළේය.

වෙන්වීම පහසුවන අතර, එක්වීම අපහසු බව සදහන් කළ ජනාධිපතිතුමා දේශපාලන ළදරුවන් නොවී පරිණත සහ බුද්ධිමත් දේශපාලනඥයින් ලෙස බෙදීම්වලින් තොරව රට වෙනුවෙන් ඉදිරියට යාම සියලූදෙනාගේ වගකීම බවත්, දේශපාලන බලය හා පුද්ගලික න්‍යාය පත‍්‍රවලට අනුව කටයුතු නොකර රටට හා ජනතාවට ආදරය කරන දේශපාලනඥයින් බවට සියලූදෙනා පත්විය යුතු බවත් කියා සිටියේය.

කවුරුන් කෙසේ කීවද තම වසර 50 ක දේශපාලන ජීවිතය තුළ සැමදා කැපවූයේ පිරිසිදු සහ යහපත් දේශපාලන සංස්කෘතියක් සදහා බව පැවසූ ජනාධිපතිතුමා එම දිගුකාලීන දේශපාලන ගමනක මහගු අත්දැකීම් සම්භාරය තුළ තමන් සෑම අවස්ථාවකම ඉතා ඉවසීමෙන් සහ උපේක්ෂා සහගතව කටයුතු කරන බවත්, තමන් පුරුදුවීමට දේශපාලනයට පැමිණි අයෙකු නොවන බවත් සදහන් කළේය.

පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබද චෝදනා එල්ල කළ ද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ද අවශ්‍යව ඇත්තේ ඉතා ඉක්මණින් මැතිවරණයකට යාමට බව පැවසූ ජනාධිපතිතුමා ඒ සදහා අවශ්‍ය සියලූ කැපවීම් මේවන විට සිදුකර තිබෙන බව කියා සිටියේය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මතකර ගනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන 47ක් පමණක් පවතින අවස්ථාවේදී වන අතර, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 142 ක් ඒ සදහා ඡන්දය ලබාදුන් බව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළ යුත්තේ මැතිවරණ ජයග‍්‍රහණ සදහා පමණක් නොව යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් බවද පැවසිය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිදුකල කතාව පහත වීඩියෝවේන්

Source Link : Bro – බ්‍රෝ

” රට බීම බොන්න එපා. බියර් බොන්න. ඒක ඇඟට ගුණයි ” – මුදල් ඇමති

මුදල් අමාත්‍ය මංගල සමරවීර පාර්ලීමේන්තුවේදි සිදු කළ ප්‍රකාශයක් කතාබහට ලක්ව තිබෙනවා. ඊයේ දින (10) පාර්ලීමේන්තුව ඇමතු මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර ප්‍රකාශ කළේ සීනි දැමූ පැණි බීම පානය කරනවාට වඩා බියර් එකක්‌ පානය කිරීම ගුණදායක බවයි.

ඇමැතිවරයා මේ බව කීවේ සීනිවලටත් බද්දක්‌ ගසා ඇතැයි අයවැය විවාදයට එක්‌වෙමින් ජවිපේ පාර්ලීමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ

” බොහෝ රටවල සියයට අසූ ගණනක්‌ පානය කරන්නේ බියර්. අඩු ප්‍රතිශතයක්‌ තමයි සැර මත්පැන් පානය කරන්නේ. ඒත් අපේ රටේ සියයට අසූහතරක්‌ බොන්නේ සැර මත්පැන්. අපේ රටේත් පොඩි බියර් එකක්‌ බිව්වට මම වරදක්‌ දකින්නේ නෑ. පැණි රස බීම එකට සීනි දමද්දී තමයි නිෂ්පාදකයාගෙන් බද්දක්‌ අයකරන්නේ. නැතුව සීනිවලට බදු අය කරන්නේ නෑ. පැණි බීම මිලිලීටර් 40 බෝතලයක සීනි ග්‍රෑම් 100.4 ක්‌ තිබෙනවා” යනුවෙනි.

අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ අතිශය කතාබහට ලක්ව තිබෙන අතර පිරිසක් මෙම ප්‍රකාශය විවේචනය කරමින් අදහස් දක්වා තිබූ අතර තවත් පිරිසක් අමාත්‍යවරයාගේ ප්‍රකාශය අනුමත කරමින් අදහස් දක්වා තිබෙනු දැක ගත හැකි වුනා.

Source Link : Bro – බ්‍රෝ

ඒකාබද්ධය බයිසිකලයෙන් පාර්ලිමේන්තුවට ආපු නිසා බුකිය කැලඹෙයි (photos)

2018 සඳහා වූ අයවැය යෝජනාව ප්‍රකාශ කිරීම මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේදී පැවැත්විය. මේ සඳහා දේශපාලන පක්ෂ සියල්ලේම පාහේ මැති ඇමතිවරුන් සහභාගී වූ අතර ඒකාබද්ධ විපක්ෂයේ මැති ඇමතිවරුන් ටික වාහන වලට ගහන්න තෙල් නොමැති නිසාවෙන් බයිසිකලයේ පාර්ලිමේන්තුවට පැමිණෙන පින්තුරු කිහිපයක් අන්තර්ජාලයට එක්වී තිබුණි. ඒ සමගම බුකිය පුරා මේ සඳහා පෝස්ට් සැදුනේ මෙලෙසෙනි,

Source Link : Bro – බ්‍රෝ

යහපාලන රජය ගොඩනගාගත්තේ පසුගිය යුගයේ සිදුකළ වැරදි සිදු නොවන්න

බැඳුම්කර කොමිසම පත්කිරීම පිළිබද ආණ්ඩුවේ සුලු පිරිසක් විසින් තමන්ට චෝදනා සහ විවේචන එල්ල කළ ද, තමන් එය සිදුකරන ලද්දේ යහපාලන රජයක් ලෙස සමාජ සාධාරණත්වය ඉටුකරමින් වංචා දූෂණ පිටුදැකීම සදහා ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (08) පෙරවරුවේ බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ පැවති පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමි දෙවැනි ගුණ සමරු උත්සවය අමතමිනි.

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබදව ඒ සදහා වැරදිකරුවන් වන සියලූදෙනා වගකිව යුතු බව ද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා පැවති දූෂිත පාලනය වෙනස් කර යහපාලනයක් සදහා වූ ඉතා පවිත්‍ර චේතනාවෙන් යුතුව යහපාලන රජය ගොඩනගාගත්තේ පසුගිය යුගයේ සිදුකළ වැරදි නැවත සිදුකිරීමට නොවන බව ද අවධාරණය කළේය.

සම්මුතිවාදී ආණ්ඩුවක් ලෙස යහපාලන සංකල්පය උදෙසා මෙන්ම සමාජ සාධාරණත්වය ඉටුකිරීම උදෙසා සියලූදෙනා කැපවිය යුතු අතර, එහිදී නීතියේ ආධිපත්‍යය ද සැමට සමාන විය යුතු බවත්, වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීම ද නිසි ලෙස සිදුවිය යුතු බවත් ජනාධිපතිතුමා අවධාරණය කළේය.

තමා ජනාධිපති ධූරයට පත්වූයේ ඕනෑම මොහොතක එම ධූරයෙන් ඉවත්ව යාමට සූදානමින් බවද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා තමන් විසින් නිවැරදිව සිදුකරනු ලබන කටයුතු සදහා සහයෝගය ලබාදීම ආණ්ඩුවේ සියලූදෙනාගේ වගකීමක් බවද ප්‍රකාශ කළේය.

ලබන ජනවාරි 08 වනදාට වසර 03 ක් සපිරෙන යහපාලන රජය විසින් ඉටුකරන ලද යහපත් දේ ජනතාව අතරට ගෙන යා යුතු මෙන්ම ආණ්ඩුවේ ඇතැම් සුලු පිරිසක් විසින් සිදුකරන ලද වැරදි නිවැරදි කර ගනිමින් යහපත් ආණ්ඩුවක් ලෙස ඉදිරියට යාමට තවමත් අවස්ථාව පවතින බව ද ජනාධිපතිතුමා මෙහිදී සදහන් කළේය.

පූජ්‍ය මාදුලුවාවේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ වෙත සිදුකළ හැකි ඉහළම උපහාරය වන්නේ උන්වහන්සේගේ දැක්ම, දර්ශනය හා අපේක්ෂාව වූ සාධාරණ සමාජයක් ගොඩනැගීමට සියලූදෙනා කැපවීම බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු වටරවුමේ ඉදිකෙරෙන පූජ්‍ය මාදුලුවාවේ සෝභිත නායක ස්වාමින් වහන්සේගේ පිළිරුව සදහා අද මුල්ගල් තැබුණේ ද ජනාධිපතිතුමා අතිනි. අනතුරුව අපේගම පරිශ්‍රයේදී ප්‍රධාන ගුණසමරු උත්සවය පැවැත්විණි.

බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවති මෙම ගුණ සමරු උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා මෙසේද කීවේය.

“වැරදි දූෂිත පාලනයක් පෙරළලා අපි ආණ්ඩුවක් පිහිටෙව්වේ ඇයි? වැරදි කරපු මිනිසුන්ට ඇගිල්ල දිගු කරනවා වගේම, දඬුවම් දෙනවා වගේම අපේ වැඬේ අපි හරියට කරනවා. මහබැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් මම ජනාධිපති කොමිසමක් පත් කිරිම ගැන ඉතාමත් සුළු පිරිසක් මාධ්‍යවලින් වැරදි විග්‍රහ කරනවා. ආණ්ඩුවේ ඉතා සුළු පිරිසක් ෆේස්බුක්, වෙබ් සයිට් හරහා කැම්පේන් කරමින් මට චෝදනා කරනවා. සති අග පුවත්පත් වල පිටු ගණන් වෙන්කර ගෙන, ඇතැම් මාධ්‍ය ආයතනවලට සල්ලි වියදම් කරලා මට පහර දෙනවා. විපක්ෂයෙන් ගහන ඒවාට වගේම ආණ්ඩුවෙන් ගහන ඒවටත් මට මුහුණ දෙන්න පුළුවන්. නමුත් ආණ්ඩුවේ අය මට පහර දෙනවා නම් එයින් අදහස් වන්නේ සෝභිත හාමුදුරුවන් බලාපොරොත්තු වු සාධාරණ සමාජයක් වෙනුවෙන් කටයුතු කරන නිසයි. උන් වහන්සේ ජීවතුන් අතර සිටියා නම් මට උපහාරයක් කරනවා.”

‘‘ජනතාව අපිව පත්කළේ මොකටද..? අපි ආවේ හොරකම් කරන්නද? ආණ්ඩුව පත් වෙලා මාස තුනකින් තමයි මේ විනාශය කළේ. බැඳුම්කර සිදුවිම ඇති වුණ වෙලාවේ ආණ්ඩුවේත් විපක්ෂයේත් කිසිම බේදයක් නැතිව හැමදෙනාම මෙහි වැරදිකරුවන්ට දඬුවම් දිය යුතු බව කියා සිටියා. මේ ගැන සොයන්න කොමිසමක් පත් කරන ලෙස ඉල්ලීම් ආවා. මම ඒ ඉල්ලීම ඉටුකළා. කවුරු කළත් වරදක් නම් වරදක් මයි. ඒ වැරදි වලට අදාල පුද්ගලයන් ඒවාට වගකිව යුතුයි.‘‘ යැයි ද ජනපති කීය.

කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර, පෑලියගොඩ විද්‍යාලංකාරාධිපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය බෙල්ලන්විල විමලරතන, පූජ්‍ය තීනියාවල පාලිත යන ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය ද, කථානායක කරු ජයසූරිය මහතා ඇතුලු මැති ඇමතිවරු රැසක් ද, රාජ්‍ය නිලධාරින්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුලු සම්භාවනීය ආරාධිත පිරිසක් ද, මාදුලුවාවේ සෝභිත හිමි ගුණ සමරු කමිටුවේ සභාපති නීතිඥ රවී ජයවර්ධන මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Source Link : Bro – බ්‍රෝ

රටේ දැවෙන ගැටලු සියල්ලටම ස්ථිරසාර විසඳුම් ජනපති සතුව පමණයි

“රටේ දැවෙන ගැටලු සියල්ලටම ස්ථිරසාර විසඳුම් ඔබ සතුව පමණයි”

මැදගොඩ අභයතිස්ස හිමියන් ජනපති මෛත්‍රීට අවධාරණය කරයි

ශ්‍රී ලංකාව අභිමුඛයේ පවතින්නා වූ බරපතළ අභියෝග ජයගැනී සඳහා විශාල ශක්තියක් සහ හැකියාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සතු බවත්, සියලූ ජාතීන්ගේ එකගතාවයෙන් ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් දියහැකි එකම නායකයා ජනාධිපතිතුමා පමණක් බවත් ශ‍්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ පවසති.

රටට නිදහස ලැබුණු දා සිටම සුළු ජනවර්ග හා මහ ජනවර්ග අතර ගැටුම් අවුලවනුයේ අවස්ථාවාදී දේශපාලනඥයින් බවත්, එසේ ඇවිලවිය හැකි යම් මූල බීජයක් පවතින්නේ නම් එය ඉවත් කොට සියලූ ජාතීන්ට සමගියෙන් ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම තම ඒකායන අරමුණ බවත් ජනාධිපතිතුමා තමා සහ පිරිසට සඳහන් කළ බව ද අභයතිස්ස හිමියෝ සිහිපත් කළහ.

මෑතකදී ජනාධිපතිතුමා මුණගැසී දීර්ඝ වේලාවක් තමන්ගේ අදහස් පළකළ බව සිහිපත් කළ අභයතිස්ස හිමියෝ, ඒ සා දීර්ඝ වේලාවක් ඉතා සන්සුන්ව තමාට සහ තම පිරිසට ඇහුම්කන් දුන් ජනාධිපතිතුමා අවසානයේ ස්ථිරසාර ලෙස සිදුකළ ප්‍රකාශයෙන්, එතුමාට මේ රටත් මහජනතාව සම්භන්ධයෙනුත් ඇති හැඟීම ඉතා ගැඹුරින් තමන් වහන්සේට අවබෝධ කළ බව ද සඳහන් කළේය.

Source Link : Bro – බ්‍රෝ

සිසුන්ගේ ඉල්ලීමට ජනපති සවන් දෙයි. සයිටම් අහෝසියි …!

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ නව ආයතනය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අධීක්ෂණයෙන් යුතුව ක්‍රියාත්මක වනු ඇති බවයි.

මේ අනුව සයිටම් ආයතනයට අලූතින් වෛද්‍ය සිසුන් බඳවාගැනීම අත්හිටුවා ඇති අතර, නව බඳවාගැනීම් සිදුකළ යුතු වන්නේ වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප්‍රමිතින්ට අනුකූලව ස්ථාපිත කෙරෙන යෝජිත නව ආයතනය සඳහා බවයි රජය අවධාරණය කළේ.

එකඟවූ වෛද්‍ය අධ්‍යාපනය හා පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප්‍රමිතීන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ගැසට් කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

Source Link : Bro – බ්‍රෝ

ග්‍රාම ශක්ති කියන්නේ ගමේ ජනතාවගේ වැඩසටහක්. මේක ජනපති පවුලේ එකක් නෙවෙයි

සුගතදාස ක්‍රීඩාංගනයේදී 20 වෙනිදා පැවැති ‘ග්‍රාම ශක්ති’ වැඩ සටහනේ ආරම්භක උත්සවයේ ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් කෝටි 3 ක මුදලක් ජනපති දියණිය චතුරිකා සිරිසේන මහත්මියගේ මීඩියා ෆැක්ටරි නම් ප්‍රචාරක ආයතනයට ලබාදුන් බවට වෙබ් අඩවියක පලවී ඇති වාර්තාව මුළුමනින්ම අසත්‍ය බව ජනාධිපති ජේෂ්ට සම්බන්ධිකරණ නිලධාරී නීතිඥ ශිලාල් ලක්තිලක මහතා අවධාරණය කර සිටියි.

මේ සම්බන්ධයෙන් කල විමසීමකදී ලක්තිලක මහතා පැවසුයේ, ‘ග්‍රාම ශක්ති’ වැඩසටහනට චතුරිකා සිරිසේන මහත්මියගේ කිසිඳු ආකාරයක සම්බන්ධයක් නොමැති බවයි. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානි ධර්මශ්‍රි මහතා කියා සිටියේ මෙම උත්සවයේ ප්‍රචාරණ කටයුතු මෙන්ම වේදිකාව හා ඊට අදාල සියලු සැරසිලි පවා කලේ ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් බවයි.

‘ග්‍රාම ශක්ති’ වැඩසටහනට අදාළ රුපවාහිනී දැන්වීම පමණක් පෞද්ගලික ආයතනයක් ලවා නිර්මාණය කර ගත් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මීඩියා ෆැක්ටරි කාගේද ?

මීඩියා ෆැක්ටරි නම් දැන්වීම බෙදාහරින (Media scheduling) සමාගමේ හිමිකරු වන්නේ කපිල විදානගමගේ නමැති අයෙකි. එහි කොටස් කරුවකු ලෙස කටයුතු කල ප්‍රශාන් සුබ්‍රමනියම් නැමැත්තා මේවනවිට ඉන් ඉවත්වී වෙනම දැන්වීම් සමාගමක් පිහිටුවාගෙන ඇත.

මෙම මීඩියා ෆැක්ටරි සමාගම යෝෂිත රාජපක්ෂ මහතාට අයත් බවට එකල වෙබ් අඩවි වාර්තා කර තිබිණ. ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සිය ෆේස්බුක් පිටුවේ මේ සම්බන්ධයෙන් තබා තිබූ සටහන පහත දැක්වේ.

“ග්‍රාම ශක්ති” ව්‍යාපාරය සමාජ ගත කල පමනින්ම රිදෙන තැන්වලට රිදි ඇති බව පසක් වි තිබේ.ලංකාවේ මෙතෙක් සිදුවු දැවැන්තම වංචාව වු බැඳුම්කර මගඩිය පිලිබඳව වගක් නොවු ගනනට සිටිනා සඳරුවන් සහ ඊ නිවුස් මඩගොරුවට ග්‍රාම ශක්ති වැඩසටහන නිසා බොහෝ රිදි ඇති සෙයක් පෙනේ.

බැඳුම්කර කොමිසම දැමිම හා ඒ තුලින් රටේ සුදුකරපටි හොරැන් සහ ආර්ථික ඝාතකයන් හෙලිකිරිම හේතුවෙන් ජනාධිපතිතුමන් ගේ ලේ ඉල්ලා සිටින තක්කඩියන් ට එතුමන්ට සහ එතුමන් ගෙ දරැවන්ට පහර දිමට යොදාගන්නා දඩබල්ලා සඳරැවන් බව මෙම ප්‍රවෘත්තියෙන් මනා කොට තහවුරැ වන්නේය.

“ග්‍රාම ශක්ති” ව්‍යාපාරය කිසිවිටෙකත් V2025 ට එරෙහි වන්නේ යයි කිසිවිටක කියා නැත. නමුත් දඩබල්ලාට කව්රැ හෝ කියා ඇත.එහි හරයට රිදි ඇති නිසා මා හටද පහර දෙන්නේය.එහි නිමාව හා ඉදිරිපත් කිරිම පිලිබඳව ද බොහෝ ලෙස රිදි ඇති බව පෙනේ. එම ව්‍යාපාරය සාර්තක විමෙන් බොහෝ වාසි ජනාධිපති තුමන්ට හා ජනතාවට බව දන්නා දඩබල්ලා ගේ ස්වාමි වරැන් ජනාධිපතිතුමන් දුර්මුඛකිරිම සඳහා ඔහු ගේ දරැවන් මේ සඳහා ඇද දමයි.

අප වගකිමකින් පවසන්නේ ජනාධිපති තුමන් ගේ දරැවන් සහ ග්‍රාම ශක්ති ප්‍රචාරණ වැඩපිලිවල අතර කිසිදු සම්බන්දයක් නොමැති බවය. අට පාස් මිහරකකු සමග ග්‍රාම ශක්ති වැඩපිලිවෙහි හරය පිලිබඳව තර්ක විතර්ක කිරිමෙන් පලක් නැත.අවැසි නම් පිටු පසින් සිට උසි උසි ගානා බල්ලා ගේ ස්වාමි වරැන්ට ඉදිරියට පැමින නිසි වාදයකට පැමිනෙන ලෙසත් දන්වනු කැමැත්තෙමු. එවිට එංගලන්තයේ ගම ගැනත් සෘජු විදෙශ ආයෝජන මත පවතින ප්‍රයෝජන බාවයත් ගැන කථා කල හැකි වනු ඇත.

Source Link : Bro – බ්‍රෝ

ජාතියට සේවය කල විරුවන් රැසකට ඉන් අසාධාරණයක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව දෙවරක් සිතිය යුතු නොවේද?

ට්‍රැවිස් සින්නයියා වත්මන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුල් පුටුවට පත්වන්නේ 2017/08/23 දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිදුකල පත්කිරීමත් සමඟින්ය. නාවික හමුදාව තුල ඉහල දස්කම් දැක්වූ මෙම නිලධාරියා පසුගිය  යුද්ධය පැවතී කාල සීමාව තුල සතුරු බලමුළු වනසමින් මාතෘ භුමිය වෙනුවෙන් සිය දිවිය කැපකළ නිලධාරින් අතර ප්‍රමුඛ පෙලේ පසුවූ නිලධාරියෙකි.

මානුෂික මෙහෙයුම අවසන් වනවාත් සමඟම එකල පැවතී දේශපාලන හා ජාතිවාදී ගැටළුවලදී තමාට එල්ලවන පීඩනය හා ජාතිවාදී හා දේශපාලන පලිගැනීම් මෙන්ම කෙනෙහෙලිකම් හමුවේ රට හැර යන මෙම නිලධාරියා ඇමරිකානු පුරවසිභාවයද සහිතව රාජතාන්ත්‍රික නිලධාරියකු ලෙස සේවය කරන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඉවත්ව ගිය නිලධාරියකු ලෙසින්ය.

මෙසේ විදේශ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු ලෙස සේවය කරමින් සිටින අතරතුර 2015 වසරේ ජනවාරි 8 වනදා ශ්‍රී ලංකාව තුල දේශපාලනය බලයේ වෙනසක් සිදුකරමින් පැවති රාජපක්ෂ රජය පෙරලා දමා මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය කර නව දේශපාලන තන්ත්‍රයක් මෙරට ස්ථාපිත විය. මේ වෙනසත් සමඟ එදා රාජපක්ෂවරුන්ගේ පලිගැනීම් නිසා විදෙස් ගතව සිටි ත්‍රිව්ධ හමුදාවේ බොහෝ දෙනකු නැවත මෙරටට පැමිණියහ.

ඒ අතර වත්මන් යුධ හමුදාපති මහේෂ් සේනානායක ඇතුළු නිලධාරින් අතර නාවික නිලධාරි සින්නයියා මහතාද විය. ජ්‍යෙෂ්ඨත්වය සලකා බැලීමේදී මේ නිලධාරීන්ට රටේ හමුදාපති වරුන් වීමටද අවස්තාව ඇති බව ඔවුන්ද දන සිටින්නට ඇත. ත්‍රිවිධ හමුදා නිලධාරීන් ලෙස රටේ සියලු හමුදා නිලධාරින් දකින සිහිනයක් වන විශ්‍රාම යාමට දිනකට හෝ පෙර තම හමුදාවේ හමුදාපති ලෙස පත්වීම් ලැබීම හා හමුදාපතිවරයකු ලෙස විශ්‍රාම යාම මේ නිලධාරීන් තුලද නොතිබුනා නොවිය හැකි බව අපගේ මතයයි.

කෙසේ වෙතත් එලෙස නැවත මෙරටට පැමිණෙන වත්මන් නාවික හමුදාපතිවරයා නාවික හමුදාවෙන් ඉවත්ව ගොස් වසර 6ක් ගත වුවද එකල එල්ලවූ දේශපාලන බලපෑම් ආදිය සැලකිල්ලට ගෙන ඉටුවිය යුතු සාධාරණය ඉටු කරමින් ඔහු ඉවත්වූ දිනයේ සිටම නැවත සේවයේ පිහිටුවීමට රජය තීරණය කරන්නේ සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයාගේ අනුමැතිය ඇතිවය. මේ සමඟම ට්‍රැවිස් සින්නයියා මහතාට තම විශ්‍රාම යාමට පෙර මෙරට නාවික හමුදාපති වරයා බවට පත්වීමේ හැකියාව ලැබේ. රාජ්‍යතාන්තික සේවයේ සිට මසකට ඩොලර් 20,000ක් පමණ උපයා නැවත නාවික හමුදාපති වීම ඔහුට අවැඩක් නොවන්නේ රටේ නාවික හමුදාපතිවරයා ලෙස පත්වීමට ඔහුට වරම් ලැබීමත් සමඟය.

මිට ප්‍රථම නාවික හමුදාපති ධුරය හෙබවූ රවින්ද්‍ර විජේගුණරත්න මහතා විශ්‍රාම යාමට ආසන්නවත්ම නාවික මහුදාපති වීමට සිටින නිලධාරින් ලයිස්තුවේ සිටින අය පිලිබඳ ආරක්ෂක ප්‍රධානින් හරහා ජනාධිපතිවරයාගේද අවධානය යොමු වන අතර මානුෂිය මෙහෙයුම සමයේ දස්කම් දක්වමින් සිටි නිලධාරීන් රැසක් සමඟ දේශපාලන පලිගැනීම් වලට ලක්වුවන් රැසක්ද මේ අතර සිට ඇත. ඔවුන් අතරින් 21 නාවික හමුදාපතිවරයා ලෙස ට්‍රැවිස් සින්නයියා පත්වන්නේ සමාජ ජාල මාධ්‍ය හා රටේ මාධ්‍ය තුල සින්නයියා මහතා වෙනුවෙන් දැඩි කැමැත්තක් සමගින් වන අතර ජාතිවාදී හා මහින්ද වාදී සමහර සමාජ ජාල වල දොශාරෝපනද මධ්‍යයේය.

මෙලෙස පත්වන 21 වන ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයාගේ සේවය ඔක්තෝම්බර් 23 දින ඉක්ම යන අතර ඒ මෙරට නීතියට අනුව ඔහුගේ විශ්‍රාම යාමේ වයස සම්පුර්ණ වන බැවිනි. අද වනවිට රටේ සමාජ ජාල මාධ්‍ය වල පුවත් පලවන්නේ ජනාධිපතිවරයා හා සින්නයියා මහතා අතර ඇති ගැටළුවක් නිසා හා වෙනත් යම් යම් ආරවුල් නිසා ඔහුට සේවා දිගුවක් නොදීමට තීරණය කොට ඇති බවයි.

කෙසේ වෙතත් ට්‍රැවිස් සින්නයියා මහතාට සේවා දිගුවක් ලබා දුනහොත් ඔහුට පසුව නාවික හමුදාපති වීමට සිටින රට වෙනුවෙන් කැපවීම් කල නාවික නිලධාරීන් කිහිප දෙනෙකුට නාවික හමුදාපති ධුරය හෙබවීමට ඇති අවස්තාව අහිමිව යන බවද වාර්තා වන අතර සේවය හැරගොස් තානාපති සේවයේ සිට නැවත සේවයට පැමිණි එක් නිලධාරියකුට යුතුකම් ඉටු කිරීමට යාමෙන් තවත් රටට ජාතියට සේවය කල විරුවන් රැසකට ඉන් අසාධාරණයක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව දෙවරක් සිතිය යුතු නොවේද?

තීන්දුව කුමක්දැයි අප නොදන්නා නමුත් “සයිබර් අවකාශයේ ජනතා හඬ” නියෝජනය කරන අපට කීමට ඇත්තේ එක පුද්ගලයකු සතුටු කිරීමට සඳහා තවත් දක්ෂයන් රැසක අවස්තාව අහිමි කිරීම සාධාරණ නොවන බවයි…

Source Link : Bro – බ්‍රෝ