එයාටෙල් ශ්‍රී ලංකාව හැරදා යයි? හේතුව මෙන්න

එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකා රජය සමඟ අමනාප වී ඇති පුවතක් පිලිබඳව පුහුල් හොරාට වාර්තා වෙනවා.පසුගියදා එම සමාගමේ විධායක නිලධාරීන් ජනපතිවරයා ඉදිරියේ අපහසුතාවයට පත්වූ බවයි දැනගන්නට ලැබෙන්නේ.වාර්තාවුනු ආකරයට සිදුව ඇත්තේ මෙයයි.

එයාර්ටෙල් සමාගම සහ අයි.ඩී.එම්. සමාගම සම්බන්ධ කරගනිමින් ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ආරම්භ කිරීමට සැලසුම් කළ ව්‍යාපෘතියක් ලෙස එළිදැක්වීමට සුදානම් කළ ‘මතුපරපුර’ නැමැති ව්‍යාපෘතිය හඳුන්වාදීමට ගිය අවස්ථාවේදී එයාර්ටෙල් ප්‍රධාන විධායක නිලධාරී (CEO) ගෝපාල් විටල් මහතා ප්‍රමුඛ එම ආයතනයේ නිලධාරීන්ද එයට සහභාගී වී තිබෙනවා.එම උළෙල අතරමැද එයාර් ටෙල් ආයතනය ප්‍රධාන අනුග්‍රහය දක්වන ‘මතු පරපුර’ වැඩසටහනේ හැඳින්වීම සිදුකිරීමට සැලසුම් කර තිබෙන අතර ඉන් පසුව ජනාධිපතිවරයා සමඟ සුවිශේෂි තිලිණ හුවමාරුවක් සිදු කිරීමටයි බලාපොරොත්තුවී ඇත්තේ.මෙම ව්‍යපෘතිය වෙනුවෙන් එයාටෙල් ආයතනය මිලියණ ගණනක මුදලක්ද ලබා දී ඇති අතර එයාර්ටෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වෙනුවට ඉදිරි අසුන් පෙළේ සිටි වෙනත් විදේශිකයෙකුව වේදිකාවට කැඳවා ජනාධිපතිගේ තිළිණ හුවමාරුව ඔහු සමඟ සිදුකොට ඇත්තේ එයාර්ටෙල් ප්‍රධානියා සහ එම සමාගමේ අනෙකුත් අධ්‍යක්ෂකවරුන් අන්දුන් කුන්දුන් වී බලා සිටියදී බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීමෙන් ඔවුන් දැඩි ලෙස අපහසුතාවයට පත්ව තිබෙනවා.පසුව එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරය සිය අධ්‍යක්ෂක මණ්ඩලයට දැනුම් දී ඇත්තේ මෙම ව්‍යපෘතිය වහාම අත් හැර දමන ලෙසයි.මෙම සිදුවීමත් සමඟම එයාටෙල් ආයතනය සිය ව්‍යාපාරික කටයුතු ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ගැනීමේ සූදානමක් ඇතැයි පැවසුනද මේ වන විට ඒ පිලිබඳව නිල වශයෙන් තහවුරු කිරීමක් සිදුව නැහැ.එයාටෙල් යනු ඒ වන විට ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් අතර තුන්වෙනි තැන පසුවන සන්නිවේදන සමාගමයි.ඩයලොග් ආයතනය පලමුවෙනි ස්ථානයේද ,මොබිටෙල් ආයතනය දෙවෙනි ස්ථානයේද පසුවෙනවා.

The post එයාටෙල් ශ්‍රී ලංකාව හැරදා යයි? හේතුව මෙන්න appeared first on පුහුල් හොරා.

Source Link : පුහුල් හොරා

රාජිතලගේ අමන වැඩ නිසා බිබිලේ රෝගීන් අනතුරේ (VIDEO)

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රමුඛ ඔහුගේ නිලධාරී මන්ඩලයේ අත්තනෝමතික වැඩ නිසා බිබිල රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් අසරණ වී සිටිනවා.එම රෝහලේ මාතෘ සහ ළමා ඒකකය ඇඳන් 80 කින් සමන්විත වුවද මේ වන විට ඒ කිසිඳු ඇඳක කිසිම රෝගියෙකු දකින්නට ලැබෙන්නේ නැහැ.

මෙයට හේතුව වන්නේ එම ඒකකයට ප්‍රමාණවත් තරම් වෛද්‍යවරුන් නොමැති වීමයි.බිබිල රෝහලේ ළමා ඒකකයේ වෛද්‍යවරියන් සිවු දෙනෙකු සිටියා.ඉන් එක් අයෙකු මේ වන විට ප්‍රසූත නිවාඩු ලබා ගෙනයි තිබෙන්නේ.තවත් දෙදනෙකු ප්‍රසූතිය සඳහා සූදානමින් පසුවන අතර ඉතිරිව සිටින් අනෙක් වෛද්‍යවරිය ,සෞඛ්‍ය අමාත්‍යංශය මගින් මාරු කර යවා තිබෙනවා.නමුත් වසර තුනකට ආසන්න කාලයකට ඇයට මෙම පත්වීම ලැබී අතර මේ වන විට ගතව ඇත්තේ වසර එක හමාරකටත් අඩු කාලයක්.

එවැනි තත්වයක් තුල රජයේ සෞඛ්‍ය බලධාරීන් ගෙන ඇති මෙම අමන තීරණය නිසාවෙන් පීඩවට පත්ව ඇත්තේ බිබිල ප්‍රදේශයේ අහිංසක අසරන රෝගීන් බව රහසක් නොවේ.මන්ද ඔවුනට ප්‍රතිකාර ලබා ගැනීමට නම් මොණරාගල,මහියංගනය හෝ බදුල්ල යන රෝහල්වලට යෑමට සිදුවෙනවා.නමුත් එම රෝහල්වල දුර ප්‍රමාණය පිලිවෙලින් කිලෝ මීටර් 40,45 සහ 80ක් පමණ වෙනවා.

The post රාජිතලගේ අමන වැඩ නිසා බිබිලේ රෝගීන් අනතුරේ (VIDEO) appeared first on පුහුල් හොරා.

Source Link : පුහුල් හොරා

ගුවන් යානයක යද්දි කවදාවත්ම නොකල යුතු දේවල් 11 මෙන්න

ඕනෑම ගුවන් ගමනක් විනෝද කාමී මෙන්ම යම් බියක් හෝ පීඩනයක් ගෙන දෙන්නක් වෙන්න පුළුවන්. ගොඩබිමේදී ඉතා සාමාන්‍ය පහසු යැයි හැඟෙන දේවල් ගුවන් යානය තුලදී නුපුරුදු පරිසරය තුල ඊට හාත් පසින්ම වෙනස් වෙනවා. ඉතින් ගුවන් ගමන් අතරතුරදී නොකළ යුතු දේවල් මොනවද කියල දැනගෙන ඉන්න එක්ක වඩාත් නුවණට හුරුයි.

11.කන්ටෑක්ට් ලෙන්ස් (contact ලෙන්සෙස්) භාවිත කරන්න එපා…

කන්ටෑක්ට් ලෙන්ස් වලින් කොහොමත් ඇස් වල වියළි ගතිය වැඩි කරනවා. ඉතින් ගුවන් යානය ඇතුලේ ක්‍රියාත්මක වායු සමීකරණ නිසා මෙම වියළි ස්වභාවය තවත් වැඩි වෙනවා. මේ මහින් ඇසට අපහසුවක් ඇති කරවනවා. ඉතින් ගුවන් යානයකදී මේ වෙනුවට සාමාන්‍ය කන්නාඩි යුවලක් භාවිතයෙන් වඩාත් පහසුවක් දැනෙනු ඇත. තවදුරටත් අපහසුවක් ඇති වෙයි කියල බය හිතෙනවා නම්, නැත්තම් නිතර ඇස් වියළි බවක් පෙන්වනවානම්, අයි ඩ්‍රොප් එක භාවීත කරන්න පුළුවන්.

10.අගුළු වැටුණු කන් සුද්ද කරන්න කනට මුකුත් දාන්න එපා

ගුවන් යානය ගුවන් ගත කිරීමේදීත් නැවත පොළවට පතිත කිරීමේදීත් කන් අගුළු වැටෙන එක සාමාන්‍ය දෙයක්. මේකට හේතුව මේ වෙලාවේදී ගුවන් යානය තුල ඇතිවන පීඩන වෙනසයි. එහෙම වුනාට ඒ වෙලාවට කනට කිසිවක් ඇතුල් කර පිරිසිදු කිරීමට යන්න එපා. අතපසු වීමක් නිසා එය කන ඇතුලේ වැදී කන තුවාල වෙන්න පුළුවන්. අනික මේ ක්‍රමයෙන් කනේ අගුළු වැටීම යථා තත්වයට පත්වෙන්නෙත් නෑ. නමුත් දුක් වෙන්න එපා. අපි බලමු මෙහෙම වෙලාවට මොකක්ද කරන්න පුළුවන් කියල.

යමක් ගිලීම හෝ සැපීම මගින්… වැඩිහිටියන්ට නම් චුවින් ගම එකක් සැපීම වැනි දෙයකින් මේක අඩු කරගන්න පුළුවන්. වතුර ටිකක් පානය කිරීම වැනි දෙයක් කුඩා ළමයින්ට නම් වඩා සුදුසුයි.

කට විවර කර වසන්න. මෙය කිහිප වතාවක් කිරීමෙන් සහනයක් ලබා ගන්න පුළුවන්.

මීලඟ ක්‍රමය වඩාත් සාර්ථකයි. ආශ්වාස කරන්න. දැන් ඇඟිලි තුඩු භාවිතයෙන් නාස් විවර වසා ගන්න. ඉන්පසු වාතය එළියට දැමීමට උත්සාහ කරන්න. එනම් කට ඇතුලේ පිරිලා තියන හුලන් එලියට පිඹින්න. මේ ක්‍රමයෙන් එම වාතය කන් තුලට යාමට උත්සාහ කරනවා. මෙමගින් කන් තුළ හා පිටත පීඩනය සමාන වෙනවා.

තව දුරටත් කන් අගුළු වැටිලා තියනවා නම් වෛද්‍ය උපදෙස් පැතීම වඩාත් සුදුසු වෙනවා.

9. නාසය බරකරගෙන ගුවන් ගත වෙන්න එපා…

බර වුනු නාසයක්, එනම් සෙම්ප්‍රතිශ්‍යාව උත්සන්න වුන වෙලාවක ගුවන් ගමනක් නිසා, කන අභ්‍යන්තරයට පවා තුවාල සිදු විය හැක. නමුත් සෙම්ප්‍රතිශ්‍යාවක් නිසා ගුවන් ගමනක් අවලංගු කරන්න නම් බෑ තමයි. නමුත් මෙවන් වෙලාවක භාවිත කරන්න පුළුවන් නාස් දියර අරන් යන්න පුලවන්. මේවා මගින් නාස් කුහරයේ බිත්තියේ රුධිර නාල සංකෝචනය කර ඉක්මන් සහනයක් ලබා දෙනවා. නමුත් මැක්සිලරි ආසාදනයක් , හෝ සයිනස් ආසාදනයක් (සිනුසිටිස්) තිබෙනවා නම් ගුවන් ගමන් අනතුරු දායකයි. අවලංගු කල නොහැකි ගමනක් නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු වෙනවා.

8. එක දිගට එකම ඉරියවුවක වැඩි වෙලාවක් ඉන්න එපා
.
ගුවන් ගමනක් අතරදී ඔබගේ රුධිර සංසරණය ගොඩක් අඩුයි. මේ නිසා එක දිගට එකම ඉරියවුවක සිටීමෙන් අපහසුවක් දැනෙන්න පුළුවන් වගේම ත්‍රෝම්බෝසිස් වැනි රෝගී තත්වයන්ද උත්සන්න වෙනවා. පහත සඳහන් සරල විදි භාවිතයෙන් අපිට මේ තත්වය මග හරවා ගන්න පුළුවන්.

මදක් සිටගෙන මගී කුටිය තුල ටිකක් එහාට මෙහාට ඇවිදින්න. ඔබගේ ඉරියවු පවත්වාගැනීමට බාධාවක් නොවන සේ බුරුල් ඇඳුම් ඇදීමට සිතේ තබා ගන්න. සපත්තු ලේස් බුරුල් කරගන්න. කකුල් වල රුධිර ගමනය ආශ්‍රිත රෝග තත්ව තිබේ නම් පීඩනය වැඩි කිරීමට භාවිත කරන මේස් පැලඳ යන්න. සැරින් ස්රේට මද ව්‍යායාමයක් සිදු වෙන විදිහට සිටගෙන වැඩි වෙන්න. අඩුම තරමේ ඇඟිලි තුඩු දික් කර හකුලා ගැනීම කරන්න.

7. සෝඩා වැනි කාබනේටඩ් බීම වර්ග භාවිත කරන්න එපා

කටින් වාතය පිටවීම, නැතහොත් ගුඩුස් යාම ඉතා අපහසු මෙන්ම ප්‍රියමනාප නොවන කටයුත්තක් බව අපි හැමෝගෙම අත්දැකීමයි. කාබනේටඩ් බීම වර්ග කියන්නේ අධික වායු පීඩනයක් යටතේ නිෂ්පාදනය කර ඇති, පානය කිරීමෙන් පසු වාතය මුදා හැරෙන බීම වර්ගයි. ගුවන් යානය තුල පීඩන වෙනස නිසා මෙම බීම වර්ග වලින් මුදා හැරෙන වායු ප්‍රමාණය වැඩි වෙනවා. මේ නිසා මෙම පාන වර්ග භාවිතය ගුවන් ගමන් අතර තුර එතරම් සුදුසු නෑ.

6. චලන අසනීපය තියනවා නම් පසු පෙළ අසුන් වෙන් කරගන්න එපා.

චලන අසනීපය තියන කෙනෙක් නම් වාහනයක ගමන් කරන විටදී වුනත් පසුපෙළ අසුන් අපහසුයි කියල අත්දැකීමෙන්ම දන්නවා. මේක ගුවන් යානයටත් අදාල වෙනවා. ඉතින් මෙම අපහසුතාවෙන් මිදීම හරිම පහසුයි. ඉදිරි පෙළ අසුනක් වෙන් කර ගන්න. එමෙන්ම මෙවන් පුද්ගලයන්, ගුවන් ගමනට පෙර දින සිට තෙල් අධික ආහාර වලින් වැළකීම මෙන්ම ඇල්කොහොල් භාවිතයෙන් වලකීමද ප්‍රයෝජනවත් වෙනවා.

5. අධික මද්‍යසාර භාවිතයෙන් වලකින්න.

මෙම පියවර, හේතු කිහිපයක් නිසා වැදගත් වෙනවා. මුලින්ම, ගුවන් යානය තුල ඇත්තේ ඉතා වියලි පරිසරයක්. වායු සමීකරණ වල වැඩි ක්‍රියාකාරිත්වය මෙයට හේතුවයි. මේ නිසා වීජලන තත්වයන්ට මුහුණ දීමට ඇති හැකියාව, අධික මත්පැන් භාවිතය නිසා වැඩි වෙනවා. දෙවනුව, මත්පැන් රුධිර ගත වීම නිසා ශරීරයට අවශ්‍ය තරම් ඔක්සිජන් රුධිරයේ තැන්පත් වීමට බාධා ඇති වෙනවා. මේ නිසා නිරන්තරයෙන් ක්ලාන්ත ගතියක් ඇති වෙනවා. තවත් මතයක් තියනවා ගුවන් ගමන් අතර තුරදී ඉක්මනින් වෙරි වෙනවා කියල. මේකේ සත්‍ය අසත්‍ය තාවය කොහොම වුනත් ගුවන් ගමනක් අතර මත්පැන් වලින් වැළකී සිටීමෙන් නම් ගොඩක් ලොකු වාසියක් වෙනවා

4. නිකරුනේ වටපිටාව අතපත ගන්න එපා.

ගුවන් යානයක් කියන්න බැක්ටීරියා වැනි අහිහකරැ ක්ෂුද්‍රජීවින් බහුල ස්ථානයක්. කලින් ගමනේදී ගමන් කල මගීන්ගෙන් යානයට දායාද වුනු මෙම අහිතකර ක්ෂුද්‍රජීවීන් තවමත් යානය තුල ඉන්න තියන ඉඩකඩ බොහොම වැඩියි. ඇල්කොහොල් අඩංගු විෂබීජ නාශක තුවා භාවිතයද සිදු කළ හැකි වුනත් මෙය එතරම්ම ප්‍රායෝගික නෑ. කොතරම් පිරිසිදු කිරීම් ගමන් වාර අතර සිදු කෙරුණද මේ තත්වය වෙනස් වෙන්නේ නෑ. අපේ ආරක්ෂාව අපිම සළසා ගැනීම වඩාත් නුවණට හුරුයි.

3. යානය තුල දුරකථන භාවිතය එපා.

මේක තරමක් යල්පැන ගිය කතාවක් කියල ඔබට බැලූ බැල්මට සිතෙන්න පුළුවන්. ඇත්ත. දැන් නවීන දුරකථන වල එයාප්ලේන් මුඩ් එකක් තියනවා තමයි. නමුත් කෙතරම් ආරක්ෂා සහිත වුනත් ගුවන් යානයක සන්නිවේදන කටයුතු වලට කිසිදු බලපෑමක් ඇති නොවන සේ දුරකථනය විසඳි කර තැබීම තමයි වඩාත් සුදුසු. විශේෂයෙන්ම ගුවන් ගත වීමේදී හා නැවත පතිත වීමේදී. අද වර්තමානයේ සමාජ ජාල භාවිතය වැඩි වීමත් සමග දුරකතනයෙන් ලබා ගන්න ඡයාරුප එසැණින් අන්තර්ජාල ගත කිරීමට අපි යුහුසුළු වෙනවා. මෙවන් දේ වලින් අපි වැළකිය යුතු වෙනවා.

මතක තියා ගතයුතු කරුණ නම්, වර්තමානයේ අපි භාවිත කරන ස්මාර්ට් දුරකතන අපි භාවිත නොකර ලොක් කර ඇති විටදී වුවද එය විසින් ස්වයන්ක්‍රියව දුරකථන ජාලයක් සොයා සම්බන්ද වීමට උත්සාහ කරනවා. මේ මගින් ගුවන් යානයේ නියමුවා වෙත එවන රේඩියෝ පණිවිඩයකට බාධා ඇති විය හැකි වෙනවා. එක දුරකතනයකින් හෝ දෙකකින් ගුවන් අනතුරක් සිදු නොවන නමුත්, සියලු මගීන් දුරකථන පාවිච්චි කරන්න ගත්තොත් නම් සැලකිය යුතු බාධාවක් වෙන්න පුළුවන්. අනිත් එක මද වෙලාවකට දුරකථනය විසඳි කිරීම අපහසු කාර්යක් නෙමෙනේ. එසේ නැත්නම් අඩුම තරමේ එයප්ලේන් මුඩ් එකටවත් දම තියන්න අමතක කරන්න එපා.

2. යානයෙන් ලබාදෙන ඉයර් ෆෝන් භාවිත කරන්න එපා.

කොච්චර ලස්සන ප්ලාස්ටික් හෝ පොලිතින් ආවරනයක බහා දුන්නද මේවා අලුත්ම ඒවා නම් නෙමේ. පෙර ගමනේදී භාවිත කරපු ඒවා. ගමන් වාර අතරදී මේවා පිරිසිදු කරන බව නම් ඇත්ත. නමුත් සියලුම බැක්ටීරියා වැනි අහිතකර දේ නම් මේ පිරිසිදු කිරීම් වලදී ඉවත් වෙන්නේ නෑ. වඩාත් සුදුසු දේ තමයි තමන්ගේ ඉයර් ෆෝන් දෙකක් පාවිච්චි කිරීම.

1. සපත්තු ගලවන්න එපා.

දිගු ගුවන් ගමනක් අතරතුර සපත්තු දෙක ගලවා සැහැල්ලුවෙන් ගමන් කිරීමට සිතෙනවා තමයි. නමුත් මෙය සුදුසු නෑ. මේ මගින් අපගේ කකුල් වල ඇති සෞඛ්‍යයට අහිතකර ක්ෂුද්‍රජීවීන් ගුවන් යානයට මුදා හැරෙනවා පමණක් නොව, ළඟ සිටින මගියාටද මහත් අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්.

The post ගුවන් යානයක යද්දි කවදාවත්ම නොකල යුතු දේවල් 11 මෙන්න appeared first on පුහුල් හොරා.

Source Link : පුහුල් හොරා

බොරැල්ල හංදියේ හඳුන්කූරු විකුණන සක්විති රණසිංහගේ අම්මාගේ කඳුලු කතාව මෙන්න

“අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ” කියලා වරෙක පිය ගුණ ගීයක් ගයමින් ටී. එම්. මහත්තයා අහනවා.ඔව් එහෙම බුදු බව ලබනවා නම් ඒ ලැයිස්තුවේ ඉහළින්ම ඉන්නේ අම්මලා කියලා බය නැතුව කියන්න පුළුවන් අම්මලා තවමත් මේ ලෝකේ දරු සෙනෙහස හිතේ දරාගෙන මැරෙනකම් මැරි මැරි ජීවත් වෙනවා.

දරුවෙක් ගැන අම්මා කෙනෙක්ගේ හිතේ තියන සෙනෙහස ගැන වගේම මව් ගුණ ගැන ඕනෑවට වඩා ආලවට්ටං දාන්න ඕනේ නැහැ.වර්ණනා විස්තර සපයන්න ඕනෙත් නැහැ. මොකද කොච්චර කිව්වත් කියලා ඉවරයක් කරගන්න බැරි දෙයක් මේ ලෝකේ තියෙනවා නම් ඒ අම්මාගේ ආදරේ.පසුගිය සතියේ දවසක වෙනත් පුවත්පතක සහෝදර මාධ්‍යවේදිනියක් එක්ක පුංචි පිළිසඳරක යෙදෙන වෙලාවක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අම්මා කියන වචනයේ බර දරන්න පුළුවන් “අම්මා” කෙනෙක් ඉන්නවා කියලා දැනගන්න ලැබුණා.

ඒ වෙන කවුරුත් නෙමෙයි මුළු රටම කාලෙකදී කළඹපු ආන්දෝලනාත්මක චරිතයක් වෙච්ච “සක්විති රණසිංහ”ගේ අම්මා.ඔව් ඒ වංචාකාරයාගේ අම්මා තමයි. නම දැක්ක ගමන් තරහෙන් පුපුරන අයටත්, කුතුහලයෙන් බලන අයටත්, “තුහ්– නොදකින්” කියලා සාප කරන අයටත් “අම්මා” කියන වචනයේ බර හිතේ තියාගෙන සාවධානව මේ කඳුළු කතාව අහන්න කියලා ඉල්ලා හිටිනවා.ඉතින් කොහොමින් කොහොම හරි මේ අම්මාව හොයාගෙන යන්න තීරණය කළේ “සක්විතිගේ අම්මා බොරැල්ල හංදියේ හඳුන්කූරු, කපුරුබෝල විකුණනවා” කියලා ආරංචි වුණ නිසා.

ලැබුණු තොරතුරු දිගේ දවස් කීපයක්ම හවස්වරුවේ ඒ අම්මාව හොයාගෙන ගියත් ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථ වෙලා අන්තිමටම පසුගිය දවසක ලැබුණු ඔත්තුවකින් සක්විති රණසිංහගේ අම්මාව හොයා ගන්න අපිට පුළුවන් වුණා.වෙලාව හරියටම කීය ද කියලා කියන්න බැරි වුණත් රාස්සිගේ අව්ව වැටෙන හැන්දෑකරේ. දවස පුරාම මහන්සි වෙලා හරි හරියට වැඩ කරපු කපුටන්, නිල් කොබෙයියන්, කහ කුරුල්ලන් ඇතුළු නේක වර්ණ කුරුළු කිරිල්ලියන් අත් ඔරලෝසුවේ වෙලාව බලන ගමන් ඇගේ හැප්පි හැප්පි කැදලිවලට පියාඹන වෙලාව. බේස්ලයින් පාරේ සුපුරුදු වාහන තදබදයත් එක්ක එන කර්ණ කඨෝර සද්දවලින් ඒ වෙලාවට මුළු බොරැල්ල නගරයම හරිම අවිවේකියි.

හරියට බොරැල්ල මංසන්ධියේ සාප්පු සංකීර්ණයක් ඉදිරිපිට. බැරි බැරි ගාතේ අත් දෙකෙන්ම ලොකු මල්ලක් උස්සාගෙන හිමින් අඩිය තියන්නී, ආයිමත් මල්ල බිමින් තියා එයින් හඳුන්කූරු පෙට්ටි දෙකක් අරන් “අනේ මහත්තයෝ පුංචි උදව්වක් කරන්න” කියන්නි, රවා ගස්සා යන ලොකු සපත්තු දිහා ද, අඩි උස සෙරෙප්පු දිහා ද සුසුම්ලමින් නැවත හැරී බලන්නී, ඇය “අම්මා” නම් විය.පරණ තාලයේ සාරියක් ඇඳලා ගෙන්දගං පොළොව හොඳට හුරුයි කියන්නාක් මෙන් දෙපා නිරුවත්ව හිමින් හිමින් අඩිය තියන මේ අත්තම්මා දිහාවට මම ගියේ ඇගේ කඳුළු කතාව ඇගෙන්ම දැනගන්නවා කියලා හිතාගෙන.

මාවත් ඉස්සර කරගෙන ජංගම දුරකතනය කණේ තියාගෙන ගියපු තරුණියක් හරි අමාරුවෙන් අඩිය තියන මේ ආත්තම්මාගේ ඇගේ හැප්පිලා පස්සවත් නොබලා කිසි ගාණක් නැතුව ගියා. ඇය ඇගේ හැප්පෙද්දිම අඩි දෙකක් පැත්තකට ගියපු මේ ආත්තම්මා නැවතත් තමන්ගේ වෙළදාම කරන්න වුණා.
මේ අම්මාව කතාවට අල්ලගන්න ක්‍රමයක් කල්පනා කර කර ඇය ඉන්න පැත්තට ගියපු මට හඳුන්කූරු පෙට්ටියක් දික් කරලා “අනේ නෝනා එකක් අරන් මට උදව්වක් කරන්න” කිව්වා. “කීයද අම්මේ ගාන” කියලා අහද්දිම “රු.50 පුතේ” කිව්වා. අම්මගේ අතේ රුපියල් 50 තියලා හඳුන්කූරු පෙට්ටිය අරගෙන ඇගේ වෙළදාමේ යටගියාව හාරවුස්සන ගමන් ඇයත් සමඟ හිතවත් වෙන්න පුළුවන් වුණා.

“අම්මේ මුළු දවසෙම පාරෙ රස්තියාදු වෙලා මහන්සිත් ඇතිනේ යමු ද තේ එකක් බොන්න” කියලා කියන නියාවෙන්ම ඇගේ මුවඟට නැඟුණු කෘතඥතා පූර්වක සිනාවෙන්ම එයට කැමති විත්තිය මට තේරුණා. ඇයව පාර අයිනෙම තිබුණු අවන්හලකට එක්කන් ගියේ ඇයත් සමඟ නිදහසේ පිළිසඳරේ යෙදෙන්න බලාගෙන. අවන්හලේ කොනකට වෙන්න තිබුණ මේසය ඉදිරිපිට පුටුවේ වාඩි වුණු ඇය දැන් මගේ නෙත් ඉදිරියේ. මොහොතකින් අප කළ ඇණවුමෙන් ලද තේ කෝප්පය තොලගාන අතර ඇය මාත් සමඟ ඇගේ නිධාන කතාව දිග හරින්න වුණා.ඇය නමින් හේවාතමාදූවගේ දොන් චන්ද්‍රලතා. කොම්පඤ්ඥ වීදියේ තමන්ගේ පොඩි කාලේ ගත කළ මේ අම්මා තමන්ගේ තාත්තාගේ ගම වෙන මාතර මාලිම්බඩට යන්නේ හත වසරේදීලු. කොළඹ මියුසියස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වෙන ඇය හත වසරට වන තෙක් පමණයි අධ්‍යාපනය ලබලා තියෙන්නේ. හරි ආසාවෙන් නොනවත්වා තමන්ගේ කුඩා කාලේ මතකයන් ගැන කියාගෙන යද්දි කතාවට බාධා කරපු මම ඇගේ විවාහය ගැන විස්තර ඇහුවා.

“මම කසාද බැන්දේ අවුරුදු පහලවෙන්. ඒ කාලේ දැන් වගේ බඳින්න වයසක් තිබ්බේ නෑනේ පුතේ.පහලවෙන් කසාද බැඳලා අවුරුදු විසිදෙක වෙද්දි ළමයි පස් දෙනෙකුත් හැදුවා. එතනින් මගේ ලොකු පුතා මැරුණා.” කියලා අම්මා කියද්දිම මම ඉක්මනින් කතාවේ මාතෘකාව අදාළ කෙනා ගැන ඇහුවා,
“එතකොට අම්මේ සක්විති රණසිංහ කීවෙනි ළමය ද?”
“සක්විති කියන්නේ පුතේ මගේ පස්වෙනි දරුවා. එයා තමයි පවුලේ බාලයා. හරිම කීකරුව හැදිච්ච දරුවෙක් එයා. හොඳට ඉගෙන ගත්ත දරුවෙක්. ශිෂ්‍යත්වෙන් පාස් වෙලා එයා ඩී. එස්. එකට ගියා. ඒ ගියපු පළවෙනි වාරෙම එයා පංතියෙන් පළවෙනියා වුණා.” කියලා.
කවුරු කවුරුත් බනින කවුරුත් නොදන්න ඔහුගේ විත්ති කතාව අම්මා කියාගෙන යන්න වුණා.
“හොඳට හිටපු ළමයෙක් එයා. මං සක්විති ළඟ හිටියානං එයාට අද මෙහෙම වෙන්නේ නැහැ. එයාට තේරෙන කාලේ, මම ළඟින් ඉන්න ඕනේ කාලේ මම රට ගියානේ.

කුවේට්වලට ගියේ. ගිහින් මම අවුරුදු තුනෙන් එද්දි කොල්ලා ගෙදරින් ගිහිල්ලා..” කතාව මොහොතකට නතර විය. ඒ මොහොතේ තියන දුක්ඛ දෝමනස්සයන් ඔක්කොම එකට ගුලි කරලා බර හුස්මක් ඒ අම්ම වාතයට මුහු කළා. මේ වගේ ශෝකාලාප හිතේ හිර කරගෙන කියාගන්න බැරුව මේ ලෝකේ අම්මලා කීදෙනෙක්නං මේ වගේම කඳුළු බිබී ජීවත් වෙනව ද කියලා එවෙලේ මට හිතුණා.කතාව වෙන අතකට හරවන්න හිතාගෙන සක්විති රණසිංහගේ විවාහය ගැන අම්මාගේ මතක හාරඇවිස්සුවා. කාලයක් ලංකාවේ සුප්‍රසිද්ධ ඉංග්‍රීසි උපකාරක පංති ගුරුවරයෙක් විදිහට හිටපු සක්විති එයාගෙම ගෝලයෙක් එක්ක හිතුවක්කාරකමට විවාහ වුණාලු. ඒත් තමන්ගේ විවාහ මංගල්ලෙට අම්මාව සහභාගී කරගත්තා කියලාත් අම්මා කිව්වා. මේ විස්තර කියාගෙන කියාගෙන යන අතරෙදී තමන්ගේ පුතාට සමාජෙ එල්ල කරපු බොරු චෝදනාවක් ගැනත් ඒ අම්මා කිව්වා.

“ඒත් බොරු කතාවක් උසාවියේ දැම්මානේ. දූෂණ නඩුවක් දැම්මා මගේ පුතාට මේ විවාහය ගාවලා.
මමයි ඇත්ත කියලා ඒකෙන් බේරගත්තේ.” මේ වචනවල කොයිතරම් නම් වේදනා ගැබ් වෙලා ඇත් ද? සමාජෙට කොතරම් වරදකරුවෙක් වුව ද ඇයට ඇගේ දරුවා දරුවාමය.
අම්මා කොහොම පුතාව සාධාරණීකරණය කරන්න හැදුවත් සක්විති රණසිංහ අම්මට තියන ලැදියාව ගැන මට ඇති වුණේ සැකයක්.
“මගේ පුතා මට හොඳට සැලකුවා. බීපු කිරිවලටවත් ණය නැහැ. පුතා ඉස්සර රෑට ඇවිල්ලා ගෑණිට හොරෙන් මට පනස්දාහ, ලක්ෂෙ දීලා යනවා. ඒත් ඒක කවුරුත් දන්නේ නැහැ. හැමෝම කියන්නේ සක්විති අම්මට සැලකුවේ නෑ කියලා.” ඇත්ත නැත්ත කෙසේ වෙතත් මේ අම්මාගේ වචනවල දරු සෙනෙහස දොරේ ගලනවා කියලා මට තේරුණා.
සක්විති රණසිංහ විතරක් නොව ඔහුගේ දරුවන් ද තමන්ගේ ආත්තම්මාට ඇති ලැදියාව ඇගේ වචනවලින්ම මට කිව්වා.

“ඉස්සර එයාලා බලන්න ගියහම මට ආපිට එන්න දෙන්නේ නැහැ. මට ඉන්නේ මුණුබුරෙකුයි, මිණිබිරියෙකුයි. මට හරිම ආදරෙයි. තවමත් එහෙමයි. එයාලා දැන් ඉන්නේ පරිවාසේ. නිතරම මම බලන්න යනවා එයාලාව.”
ඉපදිච්ච දවසේ ඉඳන් විඳින විඳවන තමන්ට හුරු පුරුදු දුක මියෙන තුරාවට තමන්ගේ තනිය මකන්න තමන් ළඟින් ඉන්නවා කියලා වටහා ගෙන වගේ හිතේ දුක හංගගෙන හිනා කටින් මේ අම්මා තමන්නේ කඳුළු කතාව කියනවා. හිතන්න, තමන්ගේ දරුවා ලෝකෙටම වරදකරුවෙක් වෙද්දි හව්හරණක් නැති මුණුබුරු, මිණිබිරියන් ඇස් පනාපිට පරිවාසේ ඉද්දි, මුළු රටක්ම තම කුසින් වදාපු දරුවාට චෝදනා කරද්දි අම්මා කෙනෙක්ට මොනතරම් වේදනාවක් ඇත් ද?

“පුතා පොලිසියෙන් අල්ල ගත්තා කියලා ආරංචි වෙද්දි මම මහරගම පොලේ හඳුන්කූරු විකුණනවා. රේඩියෝ එකේ කිව්වා කියලා ආරංචි වුණා. මගේ අතපය පණ නැතුව ගියා. හඳුන්කූරු බෑග් දෙකත් කඩේකින් තියලා මම මිරිහානට ගියා. පොලිසියේ මහත්තුරු පුතාව පෙන්නන්න බෑ කිව්වා. මම අඬ අඬා ඉද්දි එයාලා කිව්වා CID එකට එක්කන් ගියා කියලා.
මම එතනින් CID එකට ගියාම ඒ මහත්තුරු එක එක සහතික අරන් එන්න කිව්වා. ඒ ඔක්කොම සහතික ටිකත් එක්කාසු කරන් පහුවදා මම ගියාම පුතා පෙන්නුවා. මට මුකුත් කියාගන්න බැරිවුණා මම කෑගහලා ඇඬුවා හොඳටම.”

මොහොතකට කතාව නතර කළ අෑ තේ උගුරක් තොල ගාන්න වුණා. ඒ ඇසිල්ලෙන් කල්පනා ලෝකෙක අතරමං වුණ මට “අපි ජීවිතේ ගැන දන්නේ මොනාද” කියලා හිතුණා. ජීවිතේ ඇයට පාඩම් කියා දෙනවා ද නැතිනම් ඈ ජීවිතේට පාඩම් උගන්නන්න යනවා ද යන්න මට තවමත් උභතෝකෝටියක්. නැවතත් අෑ ඔහේ තම හදවතේ තෙරපෙන වේදනා වචනවලට මුදා හරින්නීය.
“මම මාසෙකට හතරපස් සැරයක් යනවා සක්විතිව බලන්න. එයාට හරිම දුකයි.
එයා පසුතැවෙනවා කරපු දේවල් ගැන. එයා නිදහස් වෙලා ආවාම ගත්ත සල්ලි පුළු පුළුවන් විදිහට දෙන්න හිතාගෙන ඉන්නේ.”
කෝටි ගාණක මුදල් වංචා කරලා මුළු ලෝකෙටම වංචාකාරයෙක් වෙච්ච තමන්ගේ පුතාව රකින්න මේ අම්මා කොයිතරම් දේවල් නම් කියනවා ද? අම්මලා එහෙමය.

මේ අම්මා තමන්ගේ ජීවිතේ ලද අත්දැකීම්වලින් පසක් කරගත් සමාජ අවබෝධය ඇගේ සෑම වචනයකම ගැබ්ව ඇත.
“මේ සමාජේ මගේ පුතාට තරම් වෙන කාටවත් මඩ ගහලා නැහැ. මේ සිද්ධිය ගාවලා නාට්ටි පවා රඟපෑවා. ඊට වඩා හොරකං කරපු දේශපාලකයෝ, පාතාලේ අයට මඩ ගහන්නේ නෑ බය නිසා. ඇයි මගේ පුතාට විතරක් මෙහෙම? මගේ වයස දැන් 73යි. මේ අවුරුදු 73ටම අහලා නෑ මේ වගේ මඩ කාපු කෙනෙක් ගැන” ඇය නොනවත්වා හිතේ අමාරුව එළියට දමන්නීය. ඇය කියූ එක වචන පෙලක් හිත ඇතුළේ කොහේදෝ තැනක තවමත් කොනහනවා.

“ඇයි මගේ පුතාට විතරක් මෙහෙම?” ඇගේ මේ පැනය මුළුමහත් සමාජයටම ය.

තුවාලයක් වුණත් පාරන්න පුළුවන් ප්‍රමාණයක් ඇත. කතාවක් තියෙනවා තැලෙන යකඩේ උඩ පැන පැන තලන්න එපා කියලා.
ඒ නිසා කතාව වෙන පැත්තකට හරවන්න හිතාගෙන ඇගේ වෙළදාම ගැන වංහුං ඇහුවා.
පිටකොටුවෙන් රු.15 ගානේ හඳුන්කූරු මිලදීගන්න අම්මා උදේ 10ට විතර දෙවන හරස් වීදියේ හඳුන්කූරු විකුණනවාලු.
ඊට පස්සේ සවස්වරුවේ බොරැල්ල නගරයේ ද රාත්‍රියේ පිටකොටුවේ බස් නැවතුමේ ද වෙළදාම් කරන ඇය තවත් රෑ වුණු පසුව ගාලුමුව‍ෙදාර අභියස වෙළදාම් කරනවාලු. මේ විදිහට රෑට රෑට වෙළදාමේ යද්දි තුන්සැරයක් අම්මගේ සල්ලි හොරු අරන් ගිහින් තියෙනවා කියලත් දැන ගන්න ලැබුණා.

මේ හැමදේම කරලත් දවසකට රු.1500ක් විතර හම්බු කරන මේ අම්මා තමා නවාතැන් ගන්න කොලොන්නාවේ සිංහපුරේ පිහිටි පුංචි නිවසට යන්නේ පාන්දර එකට විතරලු.

“ඉස්සර කළුතර, මාතලේ ගිහින් බිස්නස් කරනවා මම. දැන් ඒ වගේ දුර යන්න බැහැ. හැබැයි මම මැරෙනකං මේ රස්සාව කරනවා.”
ඒ හිතේ හයිය, සාධාරණභාවය ඇය තම දරුවාට දායාද නොකළේ ඇයි කියන ප්‍රශ්නය තවමත් මට තියෙනවා.
මේ හැම කතාවකම අවසානයේ ඇගේ අන්තිම බලාපොරොත්තුවත් මම ඇහුවා.
“මගේ දරුවා නිදහස් වෙනවා දැකලා මම හෙට මළත් මට කමක් නැහැ”

ඒ ඇය ජීවත් කරන එකම බලාපොරොත්තුව. ඒ බලාපොරොත්තුව ඇයව ජීවත් කරනවා සේම ඉදිරියටත් දිරිමත් කරාවි.
මිනිසුන් උපතේ සිට මැරෙන තුරාවට කුමක් හෝ දෙයක් හොයාගෙන හැල්මේ දුවති.
විඩාපත්ව හතිලමින් නැවතත් හැරි නොබලමින් දුවයති. අවසන මියැදෙති. කතාවක් ඇත. “මිනිසුන් එති; වෙති; මියෙති” නමුත් ඔවුනට යම් දෙයක් මඟහැරී ඇති සෙයක් නොවැටහෙයි. ප්‍රවේශමෙන් ඔබටත් එය මඟ හැරීමට ඉඩ ඇත. අන් කිසිවක් නොව ඒ “අම්මා”ය.
ඒ විඩාබර නෙත් තවමත් පාර අයිනේ නෙත් යොමා සිටිනවා ඇති, බැරි බැරි ගාතේ දුබල දෙපා තබමින් පියමං කරනවා ඇති, හිතක් පපුවක් නැති කටවල්වලින් අඩත්තේට්ටම් විඳිනවා ඇති, ඒත් තවමත් ඇය ජීවිතය කිමෙක් දැයි හොයනවා ඇති, විමසිල්ලෙන් ඔබටත් ඒ හඬ මඟ දෙපස සිට ඇසෙන්නට පුළුවන්.

The post බොරැල්ල හංදියේ හඳුන්කූරු විකුණන සක්විති රණසිංහගේ අම්මාගේ කඳුලු කතාව මෙන්න appeared first on පුහුල් හොරා.

Source Link : පුහුල් හොරා

ලංකා බැංකුවත් එක්ක ගණුදෙනු කරන්නේ පරිස්සමින්..

ලංකා බැංකුව යනු මෙරට ඇති විශාලතම බැංකුවයි.වසර ගණනාවක පලපුරුද්ද සහ ජනතා විශ්වාසය නිසාවෙන්ම දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ ලංකා බැංකුව සාර්ථකව ව්‍යාප්ත වන්නට විය.බාල තරුණ මහලු කොයි කා අතරත් එම නිසාම එම බැංකුව ජනප්‍රිය වන්නට විය.

නමුත් ලංකා බැංකුව ගැන මෙම විස්වාසය බිඳ වැටෙනුයේ පසුගියදා සිදුවුනු සිදුවීමක් සමඟයි.තමාගේ ගිණුමට වැරදීමකින් ලක්ෂ 24 ක මුදලක් වැටුනු බව පවසමින් කාන්තාවක් බොරැල්ල ලංකා බැංකුවට පැමින පැමිනිලි කල අතර ඒ සමඟම බැංකුවද කලබල වන්නට විය.පසුව හෙලිව තිබුනේ වෙනත් කෙනෙකුගේ ගිණුමකට යොමුවිය යුතු මුදල් ඇගේ ගිණුමට බැරවී ඇති බවයි.පසුව බැලීමේදී හෙලිව තිබුනේ බැංකුවේ නිලධාරියෙකුගේ වැරදීමකින් මෙය සිදුව තිබෙන බවයි.

මෙහි ඇති භයානකම කාරණය නම් මෙලෙස වැරදී ඇත්තේ එක් වරකදී නොව දෙවතාවකදීම බවයි.ලක්ෂ 12 ක් වැනි විශාල මුදලක් තැන්පත් කරන විට නොසැලකිල්ලක් දක්වන්නට තරම් බැංකුවේ සේවකයින් (සියල්ලන්ම නොවේ. )පිරිහී ඇති නම් ගණුදෙනුකාරයින් ලෙස අප ද වඩාත් සැලකිලිමත් විය යුතුය.මන්ද යම් හෙයකින් ඇය බැංකුවට පැමිණ තම ගිණුමට වැරදීමකින් ලැබුනු මුදල් ගැන හෙලි නොකලානම් ,එම මුදල් තැන්පත් කල අයට සිදුවන්නේ බැංකුවේ ලොකු සීන් බලා ගෙන එම ලක්ෂ 24 ගැන ඇති ආශාව අත්හැර දැමීමටය.

අප මෙම ලිපිය කිසිම ආයතනයක් හෝ කිසිඳු පුද්ගලයෙකු කෙරෙහි ද්වේෂයෙන් සටහන් නොකල අතර ලංකා බැංකුව පාර්ශවයෙන් යම් කරුණු පැහැදිලි කිරීමක් වේ නම් ඒ සඳහා සෑම විටම පුහුල් හොරා වෙබ් අඩවිය තුල ඉඩකඩ තිබෙන බව කිව යුතුය.

 

The post ලංකා බැංකුවත් එක්ක ගණුදෙනු කරන්නේ පරිස්සමින්.. appeared first on පුහුල් හොරා.

Source Link : පුහුල් හොරා

රැවටෙන්න එපා.මාතරට කඩා වැටුනේ පිලිපීන ගුවන් යානයක් නොවේ..උල්කාෂ්මයක්..මෙන්න ඇත්ත විස්තරේ

මීට ටික වේලාවකට පෙර මාතර ඇතුලු දකුණු අහසේ ගිනි ජාලා පතුරුවමින් යමක් පොලොවට පතිත වී තිබෙනවා.බොහෝ දෙනෙකු මෙය බෝම්බයක් යැයි සිතා සිටි අතර මිනිසුන් විශාල පිරිසක් මාතර මුහුදු වෙරලටද එකතු වුනා.පොලිස් රථ වාහන සයිරන් හඬවමින් පාර පුරා ගොස් ඇති අතර සමහරුන් විශ්වාස කොට ඇත්තේ යම් ගින්නක් හටගෙන තින බවයි.නමුත් මෙම ගිනි ජාලා මාතරට පමණක් නොව එයින් කිලෝ මීටර් ගණ්නන් ඈත පිහිටා තිබෙන දෙනියාය වැනි ප්‍රදේශවලටද ඇසී තිබෙනවා.

මේ පිලිබඳව අදහස් දක්වන තාරකා විද්‍යාඥ්ඥ ආචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කරන්නේ මෙය උල්කාෂ්මයක් බවයි.ඇතැම් විට එම උල්කාෂ්මය මේ ආකාරයට දකුණු මුහුදට කඩා වැටෙන්නට ඇති බවට විශ්වාස කරනවා.එම ආලෝකය මෙලෙස ගින් දැල් ආකරයෙන් පැතිරෙන්නට ඇති බවටයි පැවසෙන්නේ.

නමුත් මෙම සිහුවීමත් සමඟම ඇතැම් පිරිස් කට කතා යවා තිබෙන අතර ඔවුන් පවසන්නේ මෙය පිලිපීනයේ ගුවන් යානයක සිදු වූ අනතුරක් බවයි.එම යානය තෙල් ලබා ගැනීම සඳහා මත්තල බලා යන අතරතුරේදී මෙලෙස අනතුරට ලක්ව තිබෙන බවයි ඔවුන් පවසන්නේ.නමුත් එම වාර්තාවල කිසිම සත්‍යක් නොමැති බවයි ආරක්ෂක අංශ අවධාරණය කරන්නේ.

The post රැවටෙන්න එපා.මාතරට කඩා වැටුනේ පිලිපීන ගුවන් යානයක් නොවේ..උල්කාෂ්මයක්..මෙන්න ඇත්ත විස්තරේ appeared first on පුහුල් හොරා.

Source Link : පුහුල් හොරා

යහපාලන රණවිරු දඩයමට අහුවුනු හමුදා සෙබලාගේ දුව ලෝකය ජයගත් හැටි

මේ ගෙවෙමින් තිබෙන්නේ ශිෂ්‍යත්ව කඩඉම ජයගත් දැයේ දරුවන්ගේ දක්‍ෂතා පිළිබඳ ජනමාධ්‍ය සහ රටේ ජනතාව විවිධ ආකාරයෙන් කතාබහ කරන දින කිහිපය වේ. එහිදී අසන්නට ලැබුණු දේද බොහෝය.

ඇතැම් දරුවන් ඒ කඩඉම ජනගෙන ඇත්තේ බාහිර පීsඩනයන්ගෙන් තොරව පහසු මඟක ගමන් කරමිනි. එහෙත් තවත් සමහර දරුවන් ඒ ගමන යන්නට බොහෝ දුක්‌ කම්කටොලු මැද ගෙන ඇති වීරිය ඉතාමත් ශෝචනීය වන්නේය.

මෙවර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ එසේ දුක මැද විභාගය ජයගත් දරුවන් රැසක්‌ පිළිබඳව රටේ ජනමාධ්‍යයෙහි අවධානය යොමු වී තිබෙනු දක්‌නට ලැබිණි.

අරණායක සාමසාර කන්ද නායයැමෙන් අවතැන්ව කඳවුරක සිට ලන්තෑරුමක ආධාරයෙන් පාඩම් කර ශිෂ්‍යත්වය ජයගත් අරනායක ශ්‍රී සුමංගල කනිෂ්ට විදුහලේ සේමිනි විඡේසූරිය දැරියගේ ජය එසේ හෙළිදරව් ෙකැරණු එක්‌ කතාවකි.

එසේම පොළොන්නරුව විජයබාහුපුර කනිෂ්ට විදුහලේ ජනනි රංගිකා සහ රංගනී ජනන්දරා යන නිවුන් දැරියන් දෙදෙනාගේ ජයග්‍රහණය පිළිබඳ කතාවද එසේම විය.

එහෙත් මේ සියලු කතා හෙළිවෙද්දී කිසිවකුගේත් අවධානයට ලක්‌ නොවී සැඟව තිබුණු, ශිෂ්‍යත්ව කඩඉම ජයගත් දිරිය රණවිරු දියණියක පිළිබඳ සුවිශේෂී කතාවක්‌ ඉකුත් සතියේ අපට වාර්තා විය.

ඇය නමින් දිසෙනි දිනේත්‍රා රණසිංහය. ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලේ අධ්‍යාපනය හැදැරූ ඇය දරුවකුට දරාගත නොහැකි තරමේ මානසික පීඩා රාශියක්‌ මැද අන්තයටම කඩා වැටි සිටියදීත් ලකුණු 173 මෙවර පැවති ශිෂ්‍යත්ව විභාගය ඉහළින් ජයගත්තාය.

අපේ රණවිරුවන් මේ රට වෙලාගත් ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය වනසා දැමු ඉකුත් 2009 වසර වන විට දිසෙනි වයස අවුරුදු එකක කුඩා සිඟත්තියක්‌ වූවාය. පියකුගේ සෙනෙහස දියණියකට මහාමෙරකි. එහෙත් සිඟති වයසේ සිටම දිසෙනිට ඒ සෙනෙහස අහිමි වුවාය.

එසේ වූයේ දිසෙනිට පියකු නොමැති නිසා නොව. ඇගේ තාත්තා මේ රට වෙනුවෙන් සටනට ගිය රණවිරුවකු වූ නිසාය. ඉකුත් යුද සමයේ ත්‍රිකුණාමලය නාවික හමුදා බුද්ධි ප්‍රධානියකුව සිටි කමාණ්‌ඩර් සුමිත් රණසිංහ දිසෙනිගේ පියා විය.

duwa2ඇගේ පියා දිසෙනි පමණක්‌ නොව, රටේම දරුවන් ඇතුළු සමස්‌ත ජනතාව වෙනුවෙන් ත්‍රස්‌තවාදීන් සමඟ සටන් කරද්දී ඉඳ හිට හෝ දිසෙනිට පිය සෙනෙහස ලැබුණේ හිටි හැටියේ ලැබෙන දුරකථන ඇමතුමකිනි. එහිදී ඇය දියණියකට ලොව්තුරු වූ ඒ හඬට සවන් දී අප්පච්චී කියා සැනසුනාය.

ඉකුත් 2009 වසරේදී යුද්ධය නිමා වී රටටම සාමය උදා වුවද එහිදීත් දිසෙනිට හිත පිරෙන්නට තාත්තාගේ තුරළට වී සෙනෙහස ලබන්නට ඉඩක්‌ නොලැබුණාය. එල්ටීටීඊයේ ත්‍රස්‌තවාදය නිමා කෙරුණද ඒ වන විට ක්‍රියාත්මක වෙමින් තිබූ යළි ප්‍රතිසංවිධානය වීමේ ක්‍රියාවලිය බරපතළ තැනක තිබූ නිසා බුද්ධි නිලධාරියකු ලෙස කමාණ්‌ඩර් සුමිත් රණසිංහට පැවරී තිබූ වගකීම ඉහළම තැනක තිබීම එයට හේතු විය. එසේම කමාණ්‌ඩර් සුමිත් රණසිංහ සියල්ලට වඩා රටට ආදරය කිරීම එයට තවත් හේතුවක්‌ විය.

මෙසේ හැදී වැඩුණු දිසෙනිට තාත්තාගේ සෙනෙහස නොඅඩුව ලැබුණේ නම් එසේ වූයේ ඇය පාසල් ගමන ඇරඹීමෙනුත් වසර දෙකතුනකට පසුවය. ඉතින් ඇයත් සිය එකම නැගිණියත් ලැබුණු අවස්‌ථාව උපරිමයෙන් ලබා ගනිමින් මව්පිය සෙනෙහස විඳිමින් පාසල් ගියාය.

දිසෙනිත් ඇගේ නැගණියත් ඇල්මෙන් අකුරු කළ දරුවන් දෙදෙනකු විය. එහෙත් ඔවුන්ගේ තාත්තා රණවිරුවකු වූ නිසාම එක කුස ඉපදි එකම නිවසක වෙසෙමින් පාසල් දෙකක ඉගෙන ගැනීමට ඔවුන්ට සිදුවිය. එසේ වූයේ රණවිරු පදනම මත පාසල් ලබාදීමේදී දිසෙනිට ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලත් ඇගේ නැගණියට කුරුණෑගල ශූද්ධවූ පවුලේ කන්‍යාරාමයත් ලැබුණු නිසාය.

එහෙත් එසේ කුමන ගැටලු ඇති වුවත් සියලු බාධක මැද දරුවන් දෙදෙනාට හොඳින් අධ්‍යාපනය ලබා දීමට සුමිත් රණසිංහත් බිරිඳ ආර්. පී. චන්ද්‍රිකාත් උපරිමයෙන් කැප වූහ. පාසලේ සෑම වාර විභාගයකදීම දිසෙනි සිටියේ පංතියේ පළමු තැනය. කෙසේ හෝ පහ වසර ශිෂ්‍යත්වය සමත් වී සිය නැගණිය යන කුරුණෑගල ශූද්ධ වූ කන්‍යරාමයට ඇතුළු වී අධ්‍යාපන කටයුතු කරගෙන යැම ඇගේ ඉලක්‌කය වූවාය.

මෙසේ ඉහළ දක්‍ෂතා දක්‌වමින් අධ්‍යාපනය හදාරන්නට වූ දිසෙනි පහ ශ්‍රේණියට පා තැබුවේ ඉකුත් ජනාවරි මාසයේදීය. ඒ වන විටත් අධ්‍යාපන කටයුතු කෙරෙහි ඇය තුළ තිබූ උනන්දුව සහ දක්‍ෂතා නිසාම ඇය ශිෂ්‍යත්ව විභාගයේදී විදුහලට ජාතික මට්‌ටමේ කීර්තියක්‌ දෙනු ඇතැයි යන්aන ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලේ විදුහල්පති එච්.එම්.එස්‌. දිසානායක මහතා සහ ඇගේ පංතිභාර ගුරුතුමිය වූ ලක්‌මිණි සුලෝචනා ඇතුළු සමස්‌ත ගුරුමණ්‌ඩලයේම බලාපොරොත්=ව වූහ.

එහෙත් මෙසේ අකුරු කරමින් සිටි දිසෙනිගේ ලෝකය පසුගිය මාර්තු මාසයේදී හිටි හැටියේම ඇගේ දෙපා මුල කඩා වැටුණේ ඒ පුංචි දියණියට දරාගත නොහැකි තරමටම මානසික රිදුමක්‌ ගෙන දෙමිනි.

නාවික හමුදා බුද්ධි අංශ ප්‍රධානියකුව සිටි දිසෙනිගේ පියා කමාණ්‌ඩර් සුමිත් රණසිංහ පුද්ගලයන් පැහැරගෙන යැමකට සම්බන්ධ බව කියමින් පොලිස්‌ අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීම එයට හේතු විය.

“ඔව් දුව එදා තාත්තව අත්අඩංගුවට ගත්ත දවසේ හොඳටම ඇඬුවා. එයා විතරක්‌ නෙමෙයි අපි තුන්දෙනාම නොකා නොබී හඩා වැටුණා. කරන්නේ මොනවද කියලා හිතා ගන්න බැරුව ගියා. දරුවන්ගේ තාත්තා මිනිස්‌සු පැහැරගෙන ගිහින් කප්පම් අරගෙන කියලා රූපවාහිනී ප්‍රවෘත්තිවල කියනකොට අපි කළේ අඬන එක විතරයි. දුව මානසිකව හොඳටම කඩා වැටුණා..”

දිසෙනිගේ මව, ඇගෙන් පියා වෙන් කළ දවසේ දිසෙනි තුළ ඇතිවූ මානසික කම්පනය පසුගිය දිනක අප ඉදිරියේ වචන කළේ එසේය.

එහෙත් අවසානයේ දිසෙනි හිත හදා ගත්තාය. කුඩා කල සිටම ඉතා සරල ජීවන රටාවකට හුරුව සිටි ඇය “මගේ අප්පච්චි ආයෙත් එයිනේ” කියන බලාපොරොත්තුව සමඟ යළි ඇල්මෙන් අකුරු කරන්නට වූවාය. එසේ වුවද ඈතුළ එතෙක්‌ තිබූ ඉදිරියට යැමේ රිද්මයේ යම් වෙනසක්‌ ඇතිවී තිබිණි.

රට වෙනුවෙන් දහසක්‌ කැපකිරීම් කළ තමන්ගේ ආදරණීය තාත්තා කප්පම් ගැනීමට මිනිසුන් මරා දැමූ නරුමයකු ලෙස හංවඩු ගසද්දී දරුවකු තුළ ඇතිවන අසරණවීමේ මානසික කම්පනය ඇතැම්විට මෙහිදී දිසෙනි තුළින් දිස්‌වූවා විය යුතුය.

මෙසේ පියා සිරගත කිරීමෙන් පසු හිත හදාගෙන යළි අකුරට යන්නට වූ දිසෙනි දියණිය නැවතත් දැඩි කම්පනයකට මුහුණ දුන් අහම්බයක්‌ද මේ අතරේ සිදුවිය. ඒ ඇගේ මව හිටි හැටියේ දැඩි ලෙස රෝගාතුරව නේවාසික ප්‍රතිකාර සඳහා නාවික හමුදා රෝහලට ඇතුළු කිරීමය.

එතැන් සිට ඇය සිය නැගණියද සමඟ ආබාධිතව සිටින අත්තම්මා සෙවනේ තනි වූවාය. ශිෂ්‍යත්ව වභාගයට තිබුණේ තවත් මාස තුන හතරක කාලයකි. එහෙත් ඇයට නොදන්නා පඩමක්‌ කියා දෙන්නට කෙනකු නිවසේ නොවීය. නැගණියගේ පාසල් කටයුතුද දිසෙනිගේ උරමතට වැටුණාය.

දිනක්‌ මේ සියලු මානසික පීඩනයන් මැද පාසලට ගිය දිසෙනි දියණිය සිය පංතිය භාර ගුරු මව වෙත ගොස්‌ හඬා වැටුණාය. “ටීචර් අපේ තාත්තත් නැහැ අම්මත් දැන් ගෙදර නැහැ ටීචර්.. අම්මා අසනීප වෙලා ඉස්‌පිරිතාලේ නතර කළා. මටයි නංගිටයි හරිම පාලුයි..” ඇය එදා තමන් තුළ තිබූ මානසික පීඩනය සිය ගුරු මව ඉදිරියේ වචන කර තිබුFණ්‌ එසේය.

“මාසයක්‌ විතර ඒ විදහට රෝහලගත වෙලා ඉන්න මට සිදු වුණා. දුව එතනදිත් හොඳටම අසරණ වෙලා ඉඳල තිබුණේ. මම රෝහලේ ඉඳලා සනීපවෙලා ආවට පස්‌සේ දුවගේ පංතිභාර ගුරුතුමිය මුණගැහෙන්න ගියා. එදා එතුමිය කිව්වේ දුව අධ්‍යාපන කටයුතුවලට ටිකක්‌ දුර්වල වෙලා ඉන්නේ කියලයි. ඒ තරමටම වෙච්ච දේවල් දුවට බලපාල තිබුණා.”

ඒ තමන් රෝගී වූ අවස්‌ථාවේ දියණිය තුළ ඇතිවූ තත්ත්වය දිසෙනිගේ මව විස්‌තර කළ අයුරුය. අවසානයේ මේ සියලු මානසික පීඩනයන් මැද දිසෙනි දියණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්නාය. එහෙත් ප්‍රතිඵල පිළිබඳ ඇය තුළද වූයේ අඩු විශ්වාසයකි. වයස අවුරුදු දහයක තරමේ දැරියක්‌ මෙවන් වූ මානසික ඇද වැටීමකට ලක්‌ වීමේදී පහ වසර ශිෂ්‍යත්වය වැනි තරග විභාගයක ප්‍රතිඵල පිළිබඳ කවර කතාද?

එහෙත් කොතෙක්‌ බාධක පැමිණියද මේ විරු දියණී දිසෙනි සිරගත පියාගේත් තමන්ට කිසිදු අqවකින් තොරව රැකවරණය දෙන මවගේත් දෙනෙත්වලට සතුටු කඳුළක්‌ එක්‌කරමින් තම සහජ අධ්‍යාපන හැකියාවන් මතුකර ගනිමින්දොa අවසානයේ ඒ සුවිශේෂී කඩඉම ජයගෙන තිබුණාය.

මෙවර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් වීමේදී ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලින් විභාගයට මුහුණ දුන් දිසෙනි දිනේත්‍රා රණවිරු දියණියගේ නම ඉදිරියේ ලකුණු 173 ක්‌ සටහන්ව තිබිණි. සිය නැගණිය අකුරු කරන කුරුණෑගල ශූද්ධවූ පවුලේ කන්‍යරාමයට ගොස්‌ අධ්‍යාපනය හැදැරීමට තමන් තුළ වූ ඉලක්‌කය අවසානයේ ඇය ජයගෙන තිබුණේ එසේය.

“දුව හැමදාමත් කිව්වේ කොහොම හරි ශිෂ්‍යත්වය සමත් වෙලා නංගි යන පාසලට ඇතුළු වෙනවා කියලා. ඇත්තෙන්ම දරුවෝ දෙන්නා ඒ විදිහට එක පාසලක අධ්‍යාපන කටයුතු කරනවා නම් අම්මා කෙනෙක්‌ විදිහට එයාලගේ වැඩටික කරගෙන යන්න මටත් හරි පහසුයි. අද මට දරුවෝ දෙන්නා එකට අමතර පන්තියකටවත් දාන්න බැරි වෙලා දෙන්න දෙපැත්තක ඉගෙන ගන්න නිසා.

මේ දවස්‌වල මහත්තයව බලන්න බන්ධනාගාරයට ගිහින් අනිත් පැත්තට මම කුරුණෑගල එනවා පොඩි දුව ගන්න.. ඊට පස්‌සේ කුරුනෑගල ඉඳන් ගිරිඋල්ලට එනවා ලොකු දුවව අරගන්න. දරුවෝ දෙන්නටත් ඒක ලොකු පීඩනයක්‌. ඒ නිසා ඇත්තටම දුවගේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල එක්‌ක එයාගේ බලාපොරොත්තුව ඉටු වෙලා නංගි යන පාසලට යන්න අවස්‌ථාවත් ලැබුණොත් ඒක අපිට ලොකු සහනයක්‌..”

ඒ දිසෙනිගේ මව දියණියගේ ඉලක්‌කය පිළිබඳ අවසාන වශයෙන් අපට කී කතාවය. බලධරයනි මේ ඉල්ලීම අද කරන්නේ උපන් බිම වෙනුවෙන් සුවිශාල කැපකිරීමක්‌ කළ රණවිරු බිරිඳකි. එය ඉටු කර දිය යුතුද? නැතිද?

ජාතියේ පවට උපන් යහපාලන නඩය විසින් කරණු ලබන රණවිරු දඩයම ක්‍රම ක්‍රමයෙන් උච්චස්ථානයට පැමිනෙමින් තිබේ. මේ එළඹ තිබෙන්නේ වීරයා දංගෙඩියටත් හොරාට රජ සම්පත් ලබාදෙන යමපාලනයක් යෑයි කිව්වාට වරදක්‌ නැත.

(උපුටා ගැනීමකි)

The post යහපාලන රණවිරු දඩයමට අහුවුනු හමුදා සෙබලාගේ දුව ලෝකය ජයගත් හැටි appeared first on පුහුල් හොරා.

Source Link : පුහුල් හොරා

අඹ ගෙඩි තුනක් කඩාගත් වරදට පොලීසියට කැඳවා වතුර පොදක් හෝ නොදීපැය 24 ක් පොලීසියේ සිර කර තැබූ මවක්

තනිවම නිවසක ජීවත්වන තමන් අඹ මාලුවක් කෑම සඳහා අසල නිවසක පාරට බර වූ අත්තකින් අඹ ගෙඩි තුනක් කඩාගත් වරදටතමන් පොලීසියට කැඳවා පැමිණිල්ල විභාග කිරීමෙන් අනතුරුව බීමට වතුර පොදක් හෝ නොදීපැය 24 ක් පොලීසියේ සිර කර තැබූ බවට අනුරාධපුර පදිංචි වයෝවෘද්ධ කාන්තාවක් චෝදනා කරයි.

64 හැවිරිදි ඒ.ලලිතා නමැති එම කාන්තාව තමන්ට මුහුණදීමට සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දක්වමින්,

“පසුගිය 09 වැනිදා උදෑසන අසල්වැසි නිවසක අඹ ගසක පාරට නැමී තිබුණු අඹ වල්ලක ගෙඩි තුනක් මා කඩා ගත්තා අඹ මාලුවක් කන්න හිතාගෙන. එම අවස්ථාවේදී එම නිවසේ බල්ලන් බුරන ශබ්දය ඇසී එළියට පැමිණිඑම ගෙදර නෝනා හා මහත්තයා පොල්ලක් අරගෙන මට ගහන්න පැන්නුවා. ඔවුන් මා පදිංචිව සිටින නිවසේ මිදුලටම දිව ආවා.ඉන්පසුව ඔවුන් අනුරාධපුර පොලීසියට පැමිණිලි කර තිබෙනවා. 

උදේ 10.00 ට පමණ පොලිසියේ මහත්වරු දෙදෙනෙක් මගේ නිවසට පැමිණ, වත්තකට පැන අඹ ගෙඩි 19 ක් හොරකම් කර තිබෙන බවට පැමිණිල්ලක් තිබෙන බවත්, එය විභාග කිරීම ස‍ඳහා පොලීසියට පැමිණෙන ලෙසත් දන්වා සිටියා. එය අසා මා පුදුමයට පත්වුණා. වැඩිපුර අඹ ගෙඩි 16 ක් දමා බොරු පැමිණිල්ලක් දාලා. සපා කන බල්ලන් දෙදෙනෙකු සිටින කම්බි පොටවල් හතක් ගසා තිබෙන වත්තකට අසනීපයෙන් සිටින මා පැන සොරකම් කරන්නේ කොහොමද? එම පැමිණිල්ල අසා මා පුදුමයට පත් වුණා.

මම පහුවදා පොලීසියට ගිය පසු පැමිණිලිකාර කාන්තාවද පැමිණියා. අඹ ගෙඩි 03 ක් කඩාගත් වැරැද්ද මා බාරගන්නා බවත්, මෙය සමථයකට පත් කරදෙන්න යැයි මා පොලිසියෙන් මා ඉල්ලා සිටියා. එහෙත් පැමිණිල්ල ඉදිරිපත් කළ කාන්තාව එයට විරුද්ධ වුණා. පසුව ඇය පොලිස් නිලධාරීන් ඉදිරිපිට දී කියා සිටියේ වැට මායිමේ මා පදිංචිව සිටින වත්තේ තිබෙන ලුණුමිදෙල්ල ගස හා කොහොඹ ගස එම නෝනලාගේ ගස්වලට හානියක් නොවන සේ සතියක් ඇතුළත කපා ඉවත් කරගැනීමට පොරොන්දුවක් දෙනවා නම් අඹ ගෙඩි කැඩූසිද්ධියට අදාළ පැමිණිල්ල ඉවත් කරගන්නා බවයි.

පසුව මා එයට කැමති වුණා. පොලීසියෙන් කොළයක්ද දුන්නා ගස් දෙක සතියකින් කපා ඉවත් කරගන්නා බවට ලියා අත්සන් කරන්න. ඒත් අවසානයේ එයටද එම නෝනා විරුද්ධ වුණා. පසුව පොලිස් නිලධාරීන්, මා උසාවියට ඉදිරිපත් කරන බව පැවසුවා.

දහවල් 11.00 ට පමණ මා පොලිස් නිලධාරී මහත්වරුන්ගෙන් ඇහුවා ගෙදර යන්න ද කියා. උසාවි දාලා තියෙන නිසා යන්න දෙන්න බැහැ කිව්වා. මම අනුරාධපුර පොලීසියේ ලොකු මහත්තයා හම්බ වෙන්න අවස්ථාවක් දෙන ලෙස ඉල්ලා සිටියත් පැමිණිල්ල විභාග කළ මහත්වරු තිදෙනා එය වැළැක්වූවා.

පසුව මා බංකුවක් මත පැය ගණනාවක් වාඩි කර තැබුවා. පිරිමි සිරකරුවන් සිටි කූඩුව ළඟ බංකුවක තමයි මා වාඩි කර සිටියේ. පසුව රාත්‍රියේ සිරකූඩුවකට දමා අගුලු දැමුවා. එම සිරකූඩුවේ සිටියේ මා පමණයි. මගේ උගුර කට වේළිලා කැරකිල්ල වගෙත් ඇති වුණා. කෑම ගෙනත් දෙන්නවත්, මුත්‍රා කිරීමට එළියට යාමටවත් කවුරුත් හිටියේ නෑ.

අපේ ගෙවල් ළඟ පොලීසියේ වැඩ කරන මහත්තයෙක් සිටිනවා දැක කතා කර,වැසිකිළි යාමට අවශ්‍ය බව පැවසූ විට පොලිස් නෝනා කෙනෙක් එව්වා. පහුවදා උදෑසන අපේ ගමේ අයට ආරංචි වී පොලීසියට පැමිණ සිටියා. ඔවුන් පෙරකදෝරු ගාස්තු ගෙවා මා උසාවියට ඉදිරිපත් කර තිබුණා. ලක්ෂයක ශරීර ඇපදීලා තමයි මා නිදහස් කර තිබුණේ.

ගරු අධිකරණ තීන්දුවට මා හිස නමා ආචාර කරනවා.උසාවියට පැමිණෙන්නේ නැතිව මෙය පොලීසියෙන් විසඳාගන්න තිබුණා. කොතනක හරි වැරැද්දක් ඇති. සල්ලි තියෙන අයට එක නීතියකුත් සල්ලි නැති අපට එක නීතියකුත් තමයි පොලිසියෙන් සිදු කරන්නේ. මහත්තයා හා දරුවන් නොමැතිව තනිවම ජීවත්වන්නේ පොල් වත්තක් මුර කරමින්, මේ වනවිට මගේ එක් ඇසක් පෙනීම දුර්වලයි. අනෙක් ඇසට ළඟදි කාචයක් දැමුවා. විටින් විට පපුව අමාරුවද හැදෙනවා” යැයි පැවසීය.

මේ සම්බන්ධයෙන් අප අනුරාධපුර මුලස්ථාන පොලිස්ථානාධිපති සංජීව මහානාම මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කලේපැමිණිල්ලක් සමථයකට පත් කරගැනීම ස‍ඳහා පැමිණිලි පාර්ශ්වය අකමැත්ත ප්‍රකාශ කිරීම නිසා එම කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට සිදු වූ බවයි.

The post අඹ ගෙඩි තුනක් කඩාගත් වරදට පොලීසියට කැඳවා වතුර පොදක් හෝ නොදීපැය 24 ක් පොලීසියේ සිර කර තැබූ මවක් appeared first on පුහුල් හොරා.

Source Link : පුහුල් හොරා

හැම සිකුරාදාම ෆාමසියට තනියම ඇවිල්ලා කොන්ඩම් පැකට් එකක් අරගෙන යන ඇමතිගේ කතාව මෙන්න.

අපේ රටේ බොහොමයක් දෙනා පිටතින් පෙන්වන රූපය ,අභ්‍යන්තරයේත් තිබෙනවාද යන්න නම් ගැටලුවක්.සමාජයට එක් මුහුණතක් පෙන්වන සමහරු හැසිරෙන්නෙ වෙනස්ම විදිහකට.ඒකට වයස් භේදයක් නෑ.ඒ වගේම සමාජයේ පන්ති භේදයක් නෑ.පුහුල් හොරා පහුගිය දින කිහිපයේම මේ ගැන හොයලා බැලුවා.අපි මුලින්ම ඔබට හෙලිකලේ කොළඹ ප්‍රසිද්ධ පාසලක යුවතියන් කන්‍යාභාවය නැතිවුනාම සාද පවත්වන ආකාරයයි.ඒ ලිපිය අපේ හිතවත් වෙනත් වෙබ් අඩවි පවා පල කලා.කිසිම ප්‍රශ්නයක් නෑ.කොහෙන් හරි කමක් නෑ.සමාජය දැනුවත් කරන එකයි අපේ අරමුණ.අද අපි මේ හෙලි කරන්න යන්නෙත් ඒ වගේම දෙයක් ගැනයි.

කොන්ඩම් කියන්නේ ෆාමසියට ගිහිල්ලා ඉල්ලාගන්න ලැජ්ජා වෙන්න ඕන දෙයක් නෙවෙයි.මොකද කොන්ඩම් කියන්නේ රටේ තහනම් කරපු දෙයක් නෙවෙයිනේ.හැබැයි අපේ සමහරුනම් කොන්ඩම් එකක් ප්‍රසිද්ධියේ ඉල්ලන්න ලැජ්ජයි.තත්වය එහෙම තිබියදී රටම පිලිගත්ත රටම දන්න කියන චරිතයක් කිසිම ලැජ්ජාවක් බයක් නැතුව සතියකට දෙතුන් පාරක් ඇවිල්ලා කොන්ඩම් ඉල්ලන හැටි ගැන තමයි අපි මේ කියන්නෙ.

අපිට මේ ෆාමසියේ හිමිකරු මුණ ගැහුනේ අහම්බෙන්.මේ ෆාමසිය පිහිටලා තියෙන්නෙ කොළඹ නගරයේ ඉඳලා වැඩි ඈතක නෙවෙයි.හරියටම කිවුවොත් රටේ උත්තරීතරම තැන පිහිටලා තියෙන පරිපාලන නගර සීමාවේ.ඒ නිසාවෙන්ම ඔබ නොදන්නා බොහොමයක් තොරතුරු හොයාගන්න අපිට පුලුවන් වුනා.රටම දන්නා කටකාර ඇමතිවරයෙක් නිතරම තමන්ගේ ෆාමසියට එනවා කියලා මේ ෆාමසියෙ හිමිකරු අපිත් එක්ක කිවුවේ බොහොම ආඩම්බරයෙන්.

“මතකද අර ..අර සීන් එකටත් මේ ඇමතිතුමා ගෑවුනානේ.කොහොමත් මට එදාත් හිතුනා අනිවාර්‍යෙන්ම මේ කේස් එක පස්සෙ ඒ ඇමතිතුමාත් ඉන්න ඇති කියලා.”

මීට මාස කිහිපයකට පෙර වුන සිදුවීමක් ගැන තමයි ඒ හිමිකරු කිව්වෙ.

“මහත්තයලා දන්නවද ඔය කියන ඇමතිතුමා හැම සිකුරාදාම ෆාමසියට එනවා.ආරක්ෂකයෝ කවුරුත් නෑ.කොන්ඩම් පැකට් එකක් අරගෙන තමයි යන්නේ.හැබැයි කඩේ ඇතුලට එන්නේ නෑ.මට ෆාමසිය ඉස්සරහට ඇවිල්ලා ෆෝන් එකට රින් කරනවා.බොරු නම් මේ සතියෙ එන්නකෝ”

මේ ෆාමසියේ හිමිකරු පැවසූ කතාවයි.

මොහොතක් සිතන්න.ඇමතිතුමෙකුගේ වුවද පුද්ගලික ජීවිතය අපිට අදාල නැත.නමුත් මේ කියන ඇමතිතුමා සති පතා සුරූපිණියන් සමඟ රති කෙලියේ යෙදෙන්නේ දාඩිය මහන්සියෙන් උපයා ගත් සල්ලි නොවේ.මේ ලිපිය ලියන මමත්,ලිපිය කියවන ඔබත් මේ බඩ තඩි ඇමතියාගේ කාමය සංසිදුවීම වෙනුවෙන් සල්ලි ගෙවා ඇත.රටකට ගිය කල ගැන තවත් කවර නම් කතාද.?අප මේ ඇමතියාගේ නම හම හෙලි නොකරන්නේ ෆාමසියේ හිමිකරුගේ  ඉල්ලීම නිසාවෙ පමණි.

The post හැම සිකුරාදාම ෆාමසියට තනියම ඇවිල්ලා කොන්ඩම් පැකට් එකක් අරගෙන යන ඇමතිගේ කතාව මෙන්න. appeared first on පුහුල් හොරා.

Source Link : පුහුල් හොරා

දරුවන්ට කතන්දර පොත් අරන් දීමේදී සෝදිසියෙන් ඉන්න

මගේ පුංචි කාලයේ සැන්දෑ වරුව බොහෝ විට ගෙවුනේ වත්තේ අනෙකුත් ළමයින් සමඟ බට්ටා පැනීමෙන්, හොරා පොලිස් ඇල්ලීමෙන්, අල්ලන සෙල්ලම් කිරීමෙන්, ටින් කැඩීමෙන් හෝ සෙල්ලම් කඩයක් දැමීමෙන්. සති අන්තයේ බොහෝ විට අම්මගේ පරණ සාරියකින් සෙල්ලම් ගෙයක් සාදා චින්චෝරු බත් ඉව්වා.

අද කාලයේ සමාජීය වෙනස් වීම් සමඟ ඒ අත් දැකීම් ලබන්නට අප දරුවන්ට හැකියාවක් නැහැ. එළිමහනට ගියත් අද ඉස්සර වගේ කෙළි සෙල්ලම් කරන දරුවන් දකින්නට නැහැ, බොහෝ විට පන්ති ගිහින්.

ගෙදර හිටියත් පරිගණකයේ සෙල්ලම් කිරීමට හෝ පොත් කියවීම් වැනි ගෘහස්ත ක්‍රීඩා වල යෙදුනත් එළි මහනේ සෙල්ලම් කෙරෙන්නේ කලාතුරකින්. මේ නිසා දරුවන්ට නිවස තුලදීම සෙල්ලම් කිරීමට හෝ යම් කාර්යයක යෙදවීමට ඔවුන් කැමති පොත් පත්, සෙල්ලම් බඩු හෝ අන්තරජාල ක්‍රීඩා ආදියද මිලදී ගෙන දීමට අප උත්සුක වනවා.

මෑතකදී මා දුටු මේ චායරුපයෙන් මා තිගැස්සී සිටියේ මා මෙතෙක් මා දරුවන්ට මිලදී ගත් කතන්දර පොත් එකින් එක කියවා බලා නැති නිසා.  නුතන යුගයේ දරුවන්ට විශේෂිත ලේබල් ගසා එන සියල්ලක්ම දරුවන් සඳහා නොවන බව පසක් කරගත යුතුය.

චේතනාව කුමක් වුවද දරුවන් මං මුලා කර නොමඟ යැවීමේ පමණක් නොව දරුවන් මානසික අවපීඩනයකට ලක් කොට ඔවුන් සියදිවි හානි කර ගැනීමට පවා පොළඹවන බිහිසුණු අන්තරජාල ක්‍රීඩා මෙන්ම පොත් පත්ද නිපදවෙනවා යන තිත්ත ඇත්ත මහත් දුක්බරිත ඛේදජනක තත්වයක්.

මේ තත්වයන්ගෙන් දරුවන් මුදවා ගැනීමට අප කර මත කවදාටත් වඩා විශාල වගකීමක් පැටවී තිබෙනවා.

සුප්රික්ශාකරීව දරුවන්ට අවශ්‍ය විනෝදාස්වාදය හා දැනුම ගෙන දෙන දෑ තෝරා ගන්නේ කෙසේදැයි බලමු.

1. අන්තර්ජාලය

දරුවන්ට අන්තර්ජාලය භාවිතා කිරීමට දීමෙදී ඉතා සුපරික්ෂාකාරී විය යුතු ක්‍රම ගැන අප මින් පෙර කිහිප වතාවක්ම පෙන්වා දුන්නා.

මෙම ලිපියෙන් එවැනි ක්‍රම කිහිපයක් සවිස්තරව ගෙන හැර පා තිබෙනවා. දුරකතනයේ හා පරිඝනකයේ ළමයින්ට සුදුසු වෙබ් අඩවි පමණක් පෙරහන් කළ හැකි මෘදුකාංග ස්ථාපිත කිරීමෙන් දරුවාට අනවශ්‍ය වෙබ් අඩවි පරිහරණය කල නොහැකි වේ. මීට අමතරව දරුවන් සමග නිතර කතා බහ කිරීමෙන් හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන විමසිලිමත් වීමෙන් ඔවුනට හිතකර වෙබ් අඩවි හා අන්තර්ජාල ක්‍රීඩා වල නිරත වීමට උදව් විය හැක.

2. දරුවන් කියවන පොත් පත්

අද කාලයේ දරුවන්ට අහිතකර අදහස් උත්තේජනය කරන ළමා පොත් පත් අප නෙත ගැටුනා. මෙය ඉතා කණගාටුදායක වුවද දරුවන් කියවන පත පොත සියල්ලක්ම ගැන කියවා බලා විමසිලිමත් වීම වැදගත්. මේ සඳහා කාලය යොමු කර, එවන් පොත් පත් ගැන රපොර්තු කිරීමෙන් දරුවන් අතර මේවා ව්‍යාප්ත වීම අපටද පාලනය කල හැකි වනවා.

3. සෙල්ලම් බඩු

අද කාලයේ දක්නට ලැබෙන සෙල්ලම් බඩු බොහොමයක් ප්‍රකෝපකාරී අදහස් උත්තේජනය කරවන්නන්. විශේෂයෙන්ම කුඩා පිරිමි දරුවන්ගේ සෙල්ලම් බඩු. පිරිමි දරුවන්ගේ සෙල්ලම් බඩුවක් කී සැනින් බොහෝ විට හිතට නැගෙන්නේ සෙල්ලම් තුවක්කු. දෙමාපියන් හැටියට දරුවන්ට විනාශකාරී ස්වාභාවයක්  නොගන්නා, අනුන්ට හිරිහැර කර විනෝදය නොදෙන  සෙල්ලම් බදු සොයා දිය යුතුයි.

මේ දේවල් ගැන සලකා බැලුවොත් අපට වගකීමෙන් හා සුපරික්ෂාකාරිව අප දරුවන්ට අවශ්‍ය දේ ලබා දෙන්නට හැකියාව ලබෙනවා.හැකි සෑම විටම තමන්ගේ දරුවන්ට එළිමහනේ සෙල්ලම් කිරීමට උපකාර කිරීමත්, ඔවුන් සමග එක්ව ප්‍රයෝගිකව ක්‍රීඩා සෙල්ලම් වල නිරත වීමට වෙර දරන්නේ නම් දරුවාට සතුට හා හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මං පාදන්න පුළුවන්.

Niloufer Perera MBA (PIM Srij)

The post දරුවන්ට කතන්දර පොත් අරන් දීමේදී සෝදිසියෙන් ඉන්න appeared first on පුහුල් හොරා.

Source Link : පුහුල් හොරා