බංග්ලාදේශය අසරණ කල අපෙ සිංහයින් මව්බිමට පැමිණියේ මෙහෙමයි

බංග්ලාදේශය අසරණ කල අපෙ සිංහයින් මව්බිමට පැමිණියේ මෙහෙමයි

Source Link : Gossip Lanka News & Video

ලංකාව හෑල්ලුවට දාපු බංගලාදේශ විස්තර විචාරකයාට රොෂාන්ගෙන් සැර උත්තරයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර ඊයේ (15) පැවති විස්සයි 20 තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.

මේ අතර ඊයේ තරඟයේ විස්තර විචාරකයින් වන රොෂාන් අබේසිංහ හා අතාර් අලී ඛාන් අතර සිදුවූ සංවාදයක් මේ වන විට කතාබහක් ඇතිවෙමින් තිබෙනවා.

මීට හේතුව වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිට විස්සයි 20 තරඟ 08ක් පරාජයට පත්ව ඇති බව අතාර් අලී ඛාන් විසින් පැවසීමත් සමගයි.

කෙසේවෙතත් මීට පිළිතුරු දෙමින් රොෂාන් අබේසිංහ පවසා ඇත්තේ බංගලාදේශයේ තත්වය ඊටත් වඩා නරක බවයි.

2007 – 2010 කාල පරිච්ඡේදයේ බංගලාදේශ කණ්ඩායම පිට පිට විස්සයි 20 තරඟ 12ක් පරාජයට පත්ව ඇති අතර,ශ්‍රී ලංකාව පසුගිය වසරේ විස්සයි 20 තරඟ 8ක් පිට පිට පරාජයට පත්ව තිබෙනවා.

“බංගලාදේශය ගැන ඔබ මොකද හිතන්නේ?එහි තත්වය ඊටත් වඩා නරකයි.ආඩම්බර වෙන්න කිසි දෙයක් නැහැ අතාර්” යැයි රොෂාන් පවසා තිබෙනවා.

මද වෙලාවක් නිෂ්ශබ්දව සිටි බංගලාදේශ විස්තර ප්‍රචාරකයා “මම මේ වාර්තා ගැන විතරයි කිව්වේ,පෞද්ගලිකව ගන්න එපා” යනුවෙන් පවසා තිබූ අතර “ඔයා කියන ඒවා කවුද පෞද්ගලිකව ගන්නේ හාහාහා” යනුවෙන් රොෂාන් ආතර්ට පිළිතුරු ලබාදී තිබෙනවා.

කෙසේවෙතත් ඔබ කියන ඒවා කවුද ගනන් ගන්නේ වැනි හාස්‍යජනක අදහසක් රොෂාන්ගේ පිළිතුරේ අඩංගු වූ බව අන්තර්ජාලයේ මත පළකරන බොහෝ දෙනා පවසා තිබෙනවා.

කෙසේවෙතත් අතාර් අලී ඛාන්ගේ විස්තර ප්‍රචාරය පිළිබඳ සමාජජාල වෙබ් අඩවි හරහා පසුගිය සමයේ හාස්‍යට මෙන්ම විරෝධයට ලක්ව තිබෙනවා.

Source Link : Gossip Lanka News & Video

කැපිලි කෙටිලි දැම්ම බංග්ලාදේශයට අමතක නොවන පාඩමක් උගන්වා ශ්‍රී ලංකාව ජයලැබූ හැටි මෙන්න

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය විශිෂ්ඨ හඹායාමකින් ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවුණා.
ලංකාව මේ තරගය ජයගත්තේ කඩුලු හයකින්.
194 ක ජයග්‍රාහී ඉලක්යක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16.4 කදී කඩුලු හයක් දැවී ලබාගැනීමට සමත්වුණා.
කුසල් මෙන්ඩිස් පන්දු 27 කදී ලකුණු 53 ක් රැස් කළා.
ඒ හතරේ පහර 8 ක් හා හයේ පහර 2 ක් සමඟින්.
ධනුෂ්ක ගුණතිලක ලකුණු 30 යි.
ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය තිසර සහ දසුන් පස්වැනි කඩුල්ලට ලකුණු 65 ක් රැස්කිරීමට සමත්වුණා.
තිසර ලකුණු 39 ක් රැස් කළේ පන්දු 18 කින්.
දසුන් ශානක පන්දු 24 කදී ලකුණු 42 ක් රැස් කළා.
කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5 ක් දැවී රැස් ලබාගත්තේ ලකුණු 193 ක් පමණයි.
මහමුදුල්ලා ලකුණු 43 යි..
මුෂ්ෆිකර් රහීම් ලකුණු 66 යි.
ජීවන් මෙන්ඩිස් කඩුලු 2 යි.

Source Link : Gossip Lanka News & Video

ඊයේ මැච් එක දිනපු සතුටට බුකියේ පලවුණු රස කතා ටිකක් මෙන්න

ඊයේ මැච් එක දිනපු සතුටට බුකියේ පලවුණු රස කතා ටිකක් මෙන්න

1 2

3 5

6 7 8

4

Source Link : Gossip Lanka News & Video

කුසල් පෙරේරා තවමත් ආබාධ තත්වයේ නිසා ඒ අඩුව පිරවීමට කුසල් මෙන්ඩිස් කැඳවයි

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි ආරම්භක පිතිකරු කුසල් පෙරේරා වෛද්‍ය උපදෙස් මත එම තරගාවලියට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ බංග්ලාදේශය අතර පැවැති තුන් කොන් තරගාවලිය අතරතුර ඇලපතේ මස් පිඬුවක ඇදීමකින් පීඩා විඳීම නිසා කුසල්ට එම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි තරගය අතරතුර පන්දුවට පහරදෙමින් සිටියදී කුසල් එම ආබාධ තත්ත්වයට ලක් වූ අතර එම තරගාවලියේ මුල් තරග 3 දීම ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ ඔහු, එහිදී අර්ධ ශතකයක්ද සමගින් ලකුණු 130 ක් රැස්කළේය.

1

කුසල් විස්සයි20 සංචිතයට ඇතුළත් කර තිබුණද, තවමත් ඔහුගේ ආබාධ තත්ත්වය පූර්ණ වශයෙන් සුව වී නොතිබීම හේතුවෙන් වෛද්‍යවරුන් ඔහුට විස්සයි20 තරගාවලියට සහභාගි වීමෙන් වැලකී සිටින ලෙස උපදෙස් ලබාදී තිබීම නිසා මෙම තීරණය ගෙන ඇතැයිද වාර්තා වේ.

මේ දක්වා විස්සයි20 තරග 30 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති කුසල් එහිදී අර්ධ ශතක 7 ක් සමගින් රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 816 කි. 2013 වසරේ ඩුබාහිදී පාකිස්තානයට එරෙහිව රැස්කළ ලකුණු 84 කුසල්ගේ ඉහළම විස්සයි20 ඉනිම වන අතර ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය 27.20 ක්ද, ලකුණු ලබාගැනීමේ වේගය 133.55 ක්ද ලෙස සටහන් වේ.

කුසල්ගේ පෙරේරාගේ හිඩැස පිරවීම සඳහා යොවුන් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් විස්සයි20 කණ්ඩායමට ඇතුළත් කර තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 තරග 8 කට ක්‍රීඩා කර ඇති මෙන්ඩිස් එහිදී ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 74 කි. ඔහු අවසන් වරට විස්සයි20 තරගයක් සඳහා සහභාගී වී ඇත්තේ 2017 වසරේ පෙබරවාරි මස ඕස්ටේ්‍රලියාවට එරෙහිවය.

දෙරට අතර පැවැත්වෙන තරග 2 කින් සමන්විත විස්සයි20 තරගාවලියේ පළමු තරගය 15 වැනිදා ඩකාහිදී පැවැත්වෙන අතර දෙවැනි තරගය 18 වැනිදා ශිලාත්හිදී පැවැත්වේ.

Source Link : Gossip Lanka News & Video

T20 263 වාර්තාවට නැවත හිමිකම් කියන්න ශ්‍රී ලංකාව දැඩි පුහුණුවක

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය අනිද්දා ආරම්භවීමට නියමිතයි.තුන්කොන් තරගාවලිය සහ ටෙස්ට් තරගාවලිය ජය ගත ශ්‍රී ලංකා කණ්ඩායම යහපත් මානසික මට්ටමක සිටින බව වාර්තා වනවා.

විස්සයි විස්ස තරග 2ක ද ජය ගැනීම ශ්‍රී ලංකාවේ මිලග අභියෝගය වන අතර මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඒ සදහා දැඩි පුහුණුවිමක නිරත වනවා.වාර්තා වන අන්දමට ශ්‍රී ලංකාවෙන් නැති වී ගිය අභිමානයක් වන විස්සයි විස්ස වැඩිම ලකුණු සංඛ්‍යාව නැවත තරගයකදී ලබා ගැනීමද ශ්‍රී ලංකාවේ එක් අරමුණක් වී තිබෙනවා.

මේ සදහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදානම් කිරීම චන්දික හතුරුසිංහ විසින් දැඩි විනයකින් හා පාලනයකින් යුතුව සිදු කරන අතර වෙනදාට වඩා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ද පුහුණුවීම් සදහා සහභාගී වන අකාරය දක්නට ලැබෙන අතර ඇතැම් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා කරන විලාසය වෙනස් කිරීමටද නව පුහුණුකරු විසින් පියවර ගෙන තිබෙනවා.

වසර 10 ක් පමණ ශ්‍රී ලංකාවට හිමිව තිබු විස්සයි විස්ස අභිමානයක්ව තිබු කණ්ඩායමක් විසින් ඉනිමකදී රැස් කල වැඩිම ලකුණු සංඛ්‍යාව නැවත ශ්‍රී ලංකාවට ලබා දීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සුවිශේෂී අරමුණකි.

Source Link : Gossip Lanka News & Video

මුන් හොර කළා.හිතාමතා තණතිල්ල වෙනස් කලා.චන්දිකගෙන් චෝදනාවක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය අවසාන වුයේ සාමාන්‍යයෙන් ආසියාවේ තණතිල්ලක සිදු නොවන අකාරයෙන් දින පහම පිතිකරුවන්ට යෝග්‍ය ලෙස හැසිරීම නිසා තරඟය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙමිනි.තරඟයේ අවසාන දිනය තුලද තණතිල්ල පිතිකරුවන්ට තර්ජනයක් වන අකාරයෙන් හැසිරුනේ නැති අතර සිව් වන දිනයේ තණතිල්ලේ තිබුන දඟ කැවීම වත් අවසාන දිනයේ දක්නට නොලැබීම පුදුමයට කරුණක් විය.

මේ සම්භන්දයෙන් ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ තරඟ තීරක වරයාගේ අවධානයට යොමු කිරීමට අපේක්ෂා කරන බව විදෙස් මාද්‍ය අද වාර්තා කර තිබු අතර ඔහු තම විශ්මය ප්‍රකාශ කර ඇත්තේ බංගලාදේශය තම සංචිතයට දඟ පන්දු යවන්නන් තිදෙනෙකු කැඳවා මෙවැනි තණතිල්ලක් ලබා දීම බැලු බැල්මට පුදුම සහගත වන නිසාය.

තරඟයේ දිනයක් අවසානයේ තණතිල්ල රෝල් කිරීම නියම අකාරයෙන් සිදු කර ඇත්ද එය තණතිල්ල වෙනස් වන, තරඟයට බලපෑමක් වන ආකාරයෙන් සිදු කර ඇද්ද යන්න තරඟ තීරක ඩේවිඩ් බුන්ගේ අවධානයට යොමු වනු ඇති අතර තණතිල්ලේ අසාමාන්‍ය බව නිසා ශ්‍රී ලංකාවට අවසාන දිනයේ ලබා ගත හැකිව තිබු ජයක් ලබා ගැනීමේ අවස්තාව අහිමි වී ගිය අකාරය දැකගත හැකි විය.

තුන් කොන් තරඟාවලියේ අවසාන තරඟය පන්දු යවන්නන්ට හිතකර තණතිල්ලක් ලබා දුන්නායයි තණතිලි භාරකරු ගාමිණී සිල්වාට චෝදනා කරන බංගලාදේශය චිතගෝන් ටෙස්ට් තරඟයේ තණතිල්ල ගැන මුනිවත රැකීම පුදුමයට කරුණකි.

අළුබඳුන ටෙස්ට් තරඟාවලියේ මෙල්බර්න් ටෙස්ට් තරඟයේ තණතිල්ල ටෙස්ට් තරඟයකට සුදුසු නැති බවට තරඟ තීරක රන්ජන් මඩුගල්ල තීරණය කලේ එම තනතිල්ලද අවසානය දක්වා පන්දු යවන්නන්ට කිසිම සහයක් නොදැක්වූ නිසා වන අතර චිතගෝන් හිදීත් එම සිද්දියම සිදුවී ඇති අවස්තාවක තරඟ තීරක බුන් කුමන අකාරයෙන් හැසිරෙනු ඇතිද යන්න අපි බලා සිටිමු.

Source Link : Gossip Lanka News & Video

අද තරඟය පටන් ගන්න පෙර ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩකයන් සියළු දෙනා 70 වැනි නිදහස සමරපු හැටි මෙන්න

අද තරඟය පටන් ගන්න පෙර ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩකයන් සියළු දෙනා 70 වැනි නිදහස සමරපු හැටි  මෙන්න

Source Link : Gossip Lanka News & Video

පළමු සංචාරය වූ බංග්ලාදේශයට යන්න සල්ලි නැතිව ගිය දුෂ්කර ගමන ගැන ගයාන් කිව්ව දුක්බර කතාව

පළමු සංචාරය වූ බංග්ලාදේශයට යන්න සල්ලි නැතිව  ගිය දුෂ්කර ගමන ගැන ගයාන් කිව්ව දුක්බර කතාව

Source Link : Gossip Lanka News & Video

සුපිරි ඉණිම ගැන කුසල් , ධනංජය මාධ්‍යයට කිව්ව කතාව මෙන්න

සුපිරි ඉණිම ගැන කුසල් , ධනංජය මාධ්‍යයට කිව්ව කතාව මෙන්න

Source Link : Gossip Lanka News & Video