සමාජ ජාල උණුසුම් කළ මාලිංග ඉන්දියාවේ සිට අන්තර්ජාලයට මුදාහල වීඩියෝව (Video)

ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරඟාවලියේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් මේ වන විට රැදී සිටින්නේ ඉන්දියාවේ. ඊයේ(21) මාලිංග විසින් අන්තර්ජාලයට මුදාහැර තිබූ ආන්දෝලනාත්මක වීඩියෝවක් මේ වන විට බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.

ලසිත් මාලිංග සවිස්තරාත්මකව මෙම විඩියෝව මගින් කරුණු පැහැදිලි කර තිබුණේ නව තේරීම් කමිටුව පත් කිරීමත් සමඟින් තමන්ට මුහුණ දීමට සිදුවූ බව කියන සියලුම ගැටළු සම්බන්ධවයි.

මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමන් එළැඹෙන දකුණු අප්‍රිකානු සංචාරයට ක්‍රීඩා කිරීමට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් තමන් පසුවන බවයි.

මාලිංග විසින් අන්තර්ජාලයට මුදා හැර තිබූ එම විඩියෝවයි මේ…

Source Link : Online Sinhala Blog

මාලිංගට මල පනී “2017 වසරේ T20 කඩුලු ලාභින් අතර තුන්වන ස්ථානයේ සිටි මාව ඉවත් කරේ ඇයි ?”

ශ්‍රී ලංකාවේ බිහිවූ සුපිරි වේග පන්දු යවන ලසිත් මාලිංග අද සන්ද්යාවේදී මුම්බායි සිට වීඩියෝවක් අන්තර්ජාලයට එක් කොට තිබුණි. එහිදී ඔහු තමන්ව කණ්ඩායමෙන් ඉවත් කිරීම ගැන තේරීම් කමිටුව දොස් පැවරු අතර, 2017 වසරේ විස්සයි විස්ස කඩුලු ලාබින් අතර තුන් වන ස්ථානයේ සිටි තමන්ගේ නම ඉවත් කරීම ගැන දැඩිව විවේචනය කළේය.

එහිදී අදහස් දැක්වූ ලසිත් මාලිංග,

මම මුලින්ම ඔගොල්ලන්ගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නම්. 2017 දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් මා ඉවත් කරන කොට අලුතින් පැවති තේරීම් කමිටුව මට කිසිම තරඟයක් ලබා නොදී, මම ලෝකේ 2017 දී පැවති T20 තරඟාවල වැඩිම කඩුලු ලබාගත් ක්‍රීඩකයන් අතර තුන්වන ස්ථානයේත්, ශ්‍රී ලංකාවේ පළමු ස්ථානයේත් හිටියා. එහෙම තියෙද්දී තමයි අලුතින් පැවති තේරීම් කමිටුව මට කිසිඳු තරඟයක් ලබා නොදී මාව කණ්ඩායමෙන් ඉවත් කලේ.

ඒ වගේම ඒ වෙලාවේ ඔවුන්ගෙන් ප්‍රශ්න කර සිටියා “ඇයි මාව කණ්ඩායමෙන් ඉවත් කරන්නේ ? ලංකාව වෙනුවෙන් ඒ වෙනවිටත් වැඩිම T20 කඩුලු ලබාගත් ක්‍රීඩකයා මම නේද ? ” කියා. ඒ වෙලාවේදී ඒ ගොල්ලොන් කිව්වේ 2019 ලෝක කුසලානය සඳහා අපි නවක ක්‍රීඩකයන් තෝරා ගැනීමට අවශ්‍යයි. එම නිසා මේ වගේ පොඩි තරඟ වලදී ඔබ විවේක ගන්න කියා. ඒ අවස්ථාවේදී මං ඔවුන්ට තරයේ කියා සිටියා මාව ඉවත් කිරීමට හේතුවක් නැහැ මොකද මම කඩුලු අතර ඉන්න නිසා.

ඉතින් ඒ විවේක ගන්න කාලය අතර තුර මට මුම්බායි ඉන්දියන්ස් පිලෙන් ආරාධනාවක් ලැබුනා මම මුම්බායි වලට වසර 10 ක් ක්‍රීඩා කරලා , ජාතියන්තර තරඟ වසර 15 ක් ක්‍රීඩා කරලා ඒ ලබපු අත්දැකීම්, මම ඒ අවස්ථාව වල මුහුණ දීපු ආකාරය, මගේ පන්දුවල සංකලනයන් අලුතින් එන ක්‍රීඩකයන් හා ජේෂ්ඨ ක්‍රීඩකයන් අතර බෙදා ගෙන පන්දු යවන්නන් ගේ උපදේශකයකු විදිහට කටයුතු කරන්න. ඉතින් මම හිතුවා මම ලබපු ඒ අත්දැකීම් අනෙකුත් ක්‍රීඩකයන් අතර බෙදාගන්න ඕන ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන්.

ඒ දේ මන් බාරගත්තේ සතුටින්. ඉතින් ඒ කාල සීමාව ඉවර වෙන්නේ මැයි මස 24 වන දා. ඉතින් මන් හිතෙනවා මට එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරය එක්දින තරඟ පටන් ගද්දි මට අවස්ථාව තියනවා IPL තරඟාවලිය අවසන් වෙලා ලංකාවට පැමිණ පුහුණුවීම් කරලා, තියන පුහුණුවීම් තරඟ වලට සහභාගී වෙලා, නැවත ජාත්‍යන්තර කණ්ඩායමට මාව තෝරාගැනීමේ බලාපොරොත්තු තියනවා නම්, ඒ ශාරිර යෝග්‍ය තාවය හදා ගෙන, කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන්න.

Source Link : Bro – බ්‍රෝ

කලකිරුණු මාලිංග තමන්ට වෙච්ච කෙණිහිලිකම් ඉන්දියාවේ සිට හෙළිකරයි

lasith malinga

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විශේෂ වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.

මේ වන විට ඉන්දියාවේ සිටින මාලිංග මුහුණුපොත හරහා තමයි මේ වීඩියෝව නිකුත් කර තිබෙන්නේ.

එම විශේෂ වීඩියෝව පහතින් නරඹන්න…

The post කලකිරුණු මාලිංග තමන්ට වෙච්ච කෙණිහිලිකම් ඉන්දියාවේ සිට හෙළිකරයි appeared first on Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk - Raja Gossip.

Source Link : Gossip – Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

ශී‍්‍ර ලංකා ක්‍රිකට් ආයතනයෙන් අසංක ගුරුසිංහ මහතාට නව තනතුරක්

ශී‍්‍ර ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව මේ දිනවල විවිධාකාර පුවත් වාර්තා වෙමින් තිබෙනවා. ඒ අතර, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කරන අසංක ගුරුසිංහ මහතා කි‍්‍රකට් ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස පත් කිරීමට කි‍්‍රකට් ආයතනය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

අසංක ගුරුසිංහ මහතා මේ මස 15 වනදා සිට එම ධුරයේ කටයුතු කරන බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසන්නේ.

සයිමන් විල්ස් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඉහළ දක්‍ෂතා කළමණාකරු තනතුර සඳහාද අසංක ගුරුසිංහ මහතා පසුගියදා පත් කෙරුණා. අසංක ගුරුසිංහ මහතා මේ වනවිට තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙසද කටයුතු කරමින් සිටිනවා.

Source Link : Tv kirilli

අයි.පී.එල්. තරඟාවලියේ දෙවන ශතකය ශේන් වොට්සන්ගේ පිත්තෙන් (Video)

IPL තරඟාවලියේ ඊයේ(20) චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 64 කින් ජයගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වී තිබෙනවා. මෙම තරඟයේ විශේෂත්වය වන්නේ, තරඟාවලියේ දෙවන ශතකය, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ශේන් වොට්සන් විසින් වාර්තා කිරීමයි.

පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 204 ක් රැස්කිරීමට සමත් වුනේ ශේන් වොට්සන්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේයි. පන්දු 51 කදී ශතකය වාර්තා කළ ශේන් වොට්සන් දැවීයන විට ලකුණු 106 ක් ලබාසිටියා. ඔහුගේ ඉනිමට හයේ පහර 6 ක් සහ හතරේ පහර 9 ක් එක් වුනේ පන්දු 57 කදී. අම්බති රයිදු සමඟින් පළමු කඩුල්ල සදහා පන්දු 27 කදී ලකුණු 50 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ වොට්සන්, දෙවැනි කඩුල්ල සදහා සුරේෂ් රයිනා සමඟින් පන්දු 44 කදී ලකුණු 81 ක සම්බන්ධතාවයක් ගොඩනගන්නට සමත් වුනා.

මෙවර තරඟාවලියේ ශතක දෙකම වාර්තා කළ ක්‍රිස් ගේල්, ශේන් වොට්සන් සහ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කළ ලෝකේෂ් රාහුල්, විරාත් කෝලීගේ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමෙන් නෙරපා දැමු ක්‍රීඩකයන් වීම විශේෂත්වයක් වනවා.

ශේන් වොට්සන්ගේ ඉනිමේ විශේෂ අවස්තා කිහිපයක් මේ…

Source Link : Online Sinhala Blog

ශී‍්‍ර ලංකා ක්‍රිකට් ආයතනයෙන් අසංක ගුරුසිංහ මහතාට නව තනතුරක් (Photos)

ශී‍්‍ර ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව මේ දිනවල විවිධාකාර පුවත් වාර්තා වෙමින් තිබෙනවා. ඒ අතර, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කරන අසංක ගුරුසිංහ මහතා කි‍්‍රකට් ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස පත් කිරීමට කි‍්‍රකට් ආයතනය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

අසංක ගුරුසිංහ මහතා මේ මස 15 වනදා සිට එම ධුරයේ කටයුතු කරන බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසන්නේ.

සයිමන් විල්ස් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඉහළ දක්‍ෂතා කළමණාකරු තනතුර සඳහාද අසංක ගුරුසිංහ මහතා පසුගියදා පත් කෙරුණා. අසංක ගුරුසිංහ මහතා මේ වනවිට තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙසද කටයුතු කරමින් සිටිනවා.

Source Link : Online Sinhala Blog

ටයිම්ස් සගරාව 2018 වසරේ බලගතුම පුද්ගලයා ලෙස විරාට් කෝලි නම් කරලා

Virat Kohli

ටයිම්ස් සගරාව විසින් 2018 වසරේ බලගතුම පුද්ගලයා ලෙස ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි නම් කර තිබෙනවා.

එම සගරාව විසින් සෑම අංශයකින්ම බලගතුම පුද්ගලයන් නම් කරනු ලබනවා.

එලෙස වසරේ බලගතුම පුද්ගලයන් 100දෙනා ටයිම්ස් සගරාව විසින් සෑම වසරකම නම් කරනු ලබනවා.

එලෙස නම් කළ බලගතුම පුද්ගලයින් 100දෙනා අතරටයි විරාට් කෝලි නම් කර තිබෙන්නේ.

විරාට් කෝලි බලගතුම ක්‍රිකට් ක්‍රීඩකයාවීමට හේතුව පසුගිය වසරේ ලකුණු 2818ක් ලබාගැනීම සහ සෑම අංශයකින්ම ශතක 11ක් වාර්තා කිරීමයි.

එමෙන්ම විරාට්ගේ නායකත්වයෙන් එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලි ජයගත් අතර, බංග්ලාදේශය, ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගාවලිය ද ජයගෙන තිබෙනවා.

The post ටයිම්ස් සගරාව 2018 වසරේ බලගතුම පුද්ගලයා ලෙස විරාට් කෝලි නම් කරලා appeared first on Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk - Raja Gossip.

Source Link : Gossip – Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

හයේ පාරවල් හතර අතට වනපු ක්‍රිස් ගේල්ව ප්‍රීති සින්ටා වර්ණනා කරපු හැටි

IPL තරඟාවලියේ ඊයේ(19) පැවති තරගය ලකුණු 15 කින් ජයගන්නට කිංස් එලෙවන් පංජාබ් සමත්වුණේ සන්රයිසර්ස් හයිද්‍රාබාද් පරාජය කරමින්.
එහිදී තරගයේ වීරයා බවට පත්වෙමින් පංජාබය ජයග්‍රහණය කරා රැගෙන ගියේ ක්‍රිස් ගේල්.

ඔහු මෙවර තරගාවලියේ ක්‍රීඩකයකු රැස් කල පළමු ශතකයට හිමිකම් කියමින් ලකුණු නොදැවී ලකුණු 104ක් රැස්කළා.

මේ සුපිරි ඉනිම ගැන සුපිරි බොලිවුඩ් නිළියක් වන පංජාබ් කණ්ඩායමේ හිමිකාරියක් වන ප්‍රීති සින්ටා ට්විටර් පණිවිඩයක් මගින් මෙලස පවසා තිබුනා.

“මෙවර තරගාවලියේ පළමු ශතකය, තරගයේ වීරයා බවට ගේල් පත්වුණු දෙවැනි තරගය. දෙවියන්ට ස්තුති වනවා මේ දේ ගැන. ගේල් ප්‍රහාරයේදී මම හරි තැන හිටියා.”

ක්‍රිස් ගේල් මෙවර IPL වෙන්දේසියේ මුලික අදියරේදී කිසිදු කණ්ඩායමක් මිලදී නොගත් අතර ඔහු වෙන්දේසියේ දෙවන අදියරේදී පංජාබ් කණ්ඩායම වෙන්දේසියේ මුලික මුදලට මිලදී ගත්තා.

Source Link : Tv kirilli

අපේ තිසර ඇතුළු අයිසිසි ලෝක කණ්ඩායම ලෝඩ්ස් පිටියේදී තරඟ වදින්නේ මේ නිසයි (Photos)

ලබන මැයි මස 31 වෙනිදා  අයිසිසි ලෝක කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම අතර විස්සයි 20 ක්‍රිකට් තරඟයක් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.

මේ සඳහා තරඟ වදින අයිසිසි ලෝක කණ්ඩායම සඳහා මේ වන විට ක්‍රීඩකයින් නම් කරමින් තිබෙන අතර එහිදී පළමු කැදවීම ලැබූ ක්‍රීඩකයින් අතර ශ්‍රී ලංකා පිලේ තිසර පෙරේරා ද සිටිනවා.

එංගලන්ත පිලේ ඊයින් මෝර්ගන් ලෝක කණ්ඩායමේ නායකත්වයටපත්කර තිබෙන අතර පාකිස්ථානයේ සුපිරි ක්‍රීඩකයින් වන ෂහීඩ් අෆ්රිඩි සහ ෂොයිබ් මලික්ද  කණ්ඩායමට ඇතුළත්. ඉදිරි දිනවල සෙසු ක්‍රීඩකයින් නම් කිරීමට අයිසිසිය කටයුතු කරන බවයි පැවසෙන්නේ.

ඒ අතර, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකත්වයට කාලෝස් බ්‍රරත්වෙයිට් නම් කර තිබෙන අතර ක්‍රිස් ගේල්, මාලන් සැමුවෙල්, සැමුවෙල් බද්ද්‍රි ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිත වබ වාර්තා වනවා.

මෙවැනි තරඟාවලියක් සංවිධානය කිරීමේ අරමුණ ලෙස අයිසිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ , පසුගියදා බටහිර ඉන්දීය කොදෙවු දුපත් වලට බලපෑ ඉර්මා සහ මාරියා නමැති සුළි කුණාටු වලින් හානියට පත්වූ ක්‍රිකටි ක්‍රීඩාංගන 05 ක් මෙම තරඟයෙන් ලැබෙන මුදල් වලින්  යලි පිළිසකර කිරීමට යෙදවීම බවයි.

Source Link : Online Sinhala Blog

IPL ශතකය හයේ පහර වැස්සකින් වර්ණවත් කළ සුපිරි ක්‍රිස් ගේල් (Video)

“ක්‍රිස් ගේල්” නාමය ඇසු පමණින් ලොව කවුරුත් දන්නා හදුනන චරිතයක් බවට පත්ව ඇත්තේ ඔහු ලෝකයේ සිටින සුපිරිම ක්‍රිකට් ක්‍රීඩකයන් අතරට එක්ව ඇති නිසයි. IPL ක්‍රිකට් තරඟාවලියේ 16 වැනි තරඟය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර මොහාලීහිදී ඊයේ(19) පැවැති තරඟය ලකුණු 15 කින් ජයගැනීමට කිංග්ස් XI පංජාබ් කණ්ඩායම සමත් වුනේ ක්‍රිස් ගෙල් නොදැවී රැස් කළ 104ක ලකුණු සංඛ්‍යාවත් සමඟිනි.

එහිදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 193 ක් රැස්කිරීමට සමත් වුනා. ජයග්‍රහණය සදහා ලකුණු 194 ක ඉලක්කයක් හඹාගිය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 178 කි.

ක්‍රමක්‍රමයෙන් සිය ඉනිම ඇරඹු ක්‍රිස් ගේල් කිංග්ස් XI පන්ජාබ් ඉනිම අවසන් වනවිට පන්දු 63 කදී හයේ පහර 11 ක් සහ එක් හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 104 ක් රැස්කිරීමට සමත් වීම කාගේත් අවධානය දිනා ගත්තා. ක්‍රිස් ගේල් විසින් ඊයේ(19) ලබාගත් ශතකය වාර්තා පොත් අතරට එක වුනේ, IPL ක්‍රිකට් ඉතිහාසයේ ගේල් විසින් ලබාගත් 6 වැනි ශතකය ලෙසයි.

පසුව  පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් නායක කේන් විලිම්සන් සහ මනීෂ් පාණ්ඩේ අර්ධ ශතක රැස් කිරීමට සමත් වුනා. එහිදී, පන්දු 41 කට මුහුණදුන් කේන් විලියම්සන් හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 54 ක් රැස්කළ අතර, මනීෂ් පාණ්ඬේ ඉනිම නිමාවන තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 42 කදී එක් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 57 ක් වාර්තා කිරීමට සමත් වුනා.

තවද,  කාසියේ වාසිය දිනාගත් කණ්ඩායමක් විසින් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක් වනවා. සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල්ගේ සුපිරි ඉනිම සහ තරඟයේ විශේෂ අවස්ථා කිහිපයක් මේ…

Source Link : Online Sinhala Blog