
තමන්ට සාධාරණයක් ඉටු කර ගැනීමට උදව් කළ ජනතාවට ස්තුතිවන්ත වන බව ඝාතනයට ලක්වු ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ මව අද (27) සඳහන් කළා.
ඒ,සැකකරුවන් හත් දෙනෙකු වෙත මරණීය දණ්ඩනය ලබාදීමෙන් අනතුරුවයි.මෙම නඩුවේ ප්‍රධාන සැකකරු වූ ස්විස් කුමාර් ඇතුළු හත් දෙනෙකුට මෙලෙස මරණීය දණ්ඩනය හිමිවූ අතර සැකකරුවන් දෙදෙනෙකු රජයේ සාක්කි කරුවන් වීම නිසා ඔවුන්ව නිදහස් කෙරිණ.
ඝාතකයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පැවසුවේ මෙම තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කරන බවයි.
මරණ දඬුවමට අමතරව එක් විත්තිකරුවෙකු විසින් විද්‍යාගේ පවුලට රුපියල් ලක්ෂ 10 බැගින් ලක්ෂ 70 ක් වන්දි මුදලක් ගෙවිය යුතු අතර එම මුදල ගෙවීම පැහැර හරින්නේ නම් මරණීය දඬුවමට අමතරව විත්තිකරුවන්ට නියම කොට ඇති වසර 30 ක බරපතල වැඩ ඇති සිර දඩුවම තවත් දීර්ඝ කරණ බවද නඩු වාර්තාවේ සඳහන් වෙයි.
මෙම නඩු තීන්දුව දැක බලා ගැනීමට විද්‍යා දැරියගේ මව පියා ඇතුළු ඥාතීන් විශාල පිරිසක්ද යාපනයේ සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් ද අධිකරණය වෙත පැමිණ සිටියහ.
පිටු 332 කින් සමන්විත වූ මෙම නඩු වාර්තාව ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති වවුනියාව මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතා විසින් කියවන ලදී.
මෙම නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේදී විභාගයට ගැණුනු අතර වවුනියාව මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්රන්මහතාගේ සභාපතිත්වයෙන් යුතුව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචෙලියන් හා ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේම් ශංකර් යන මහත්වරුන් විසින් විභාග කෙරිණ.
සුවිස් කුමාර්ට පැනයාමට ආධාර හා අනුබල දීමේ චෝදනාව මත එවකට උතුරු පළාත බාරජ්යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පතිවරයාව සිටි ලලිත් ජයසිංහ අත් අඩංගුවට පත්වූයේ ඝාතනයට ලක්වූ විද්‍යා දැරිය සම්බන්ධයෙන් වූ නඩු විභාගය යාපනය මහාධිකරණයේදී විභාගයට ගැනෙමින් තිබූ අතර තුර ලද සාක්කි කීපයක් පදනම් කරගෙනය.
Source Link : ආටිකල් 14.news