දැවැන්ත ලාංකිකයෝ දෙදෙනෙක් ඉදිරියේ ලංකාවේ වාර්තාව එංගලන්තය සුනුවිසුනු කරයි ලොව වැඩිම ලකුණ ඔස්ට්‍රේලියාවට එරෙහිව ගත එංගලන්තය වාර්තා ගණනාවක් තබයි

එක්දින තරඟ ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව තමන් සතු කරගන්නට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත්වුනේ ඔස්ට්‍රේලියාව සමග පැවති තුන්වන එක්දින තරගයේදී.

නොටින්හැම් හි පැවති මෙම තරගයේදී එංගලන්ත පිතිකරුවන් නියමිත පන්දුවාර 50 තුල කඩුලු 6ක් දැවී ලකුණු 481ක් රැස්කළා. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේද 2016 වසරේදී පකිස්තානයට එරෙහිව කඩුලු 3කට ලකුණු 444ක් ලබා ගත් එංගලන්ත කණ්ඩායමයි.

කෙසේ වෙතත් වසර ගණනාවක් එක්දින තරඟ ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාවට හිමිකම් කීවේ ශ්‍රී ලංකාවයි. ඒ 2006 වසරේදී නෙදර්ලන්තයට එරෙහිව කඩුලු 9ක් දැවී රැස්කළ 443යි.

Image result for england vs australia 2018

ඊයේ තරඟයේදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ එංගලන්ත ක්‍රීඩක JM Bairstow සහ AD Hales ශතක රැස්කරගත්තා. JM Bairstow පන්දු 92 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 15 ක් සමඟ රැස්කළ ලකුණු සංඛ්‍යාව 139ක්.

Image result for england vs australia 2018

AD Hales පන්දු 92 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 16 ක් සමඟ රැස්කළ ලකුණු සංඛ්‍යාව 147ක්. JJ Roy පන්දු 61 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමඟ රැස්කළ ලකුණු සංඛ්‍යාව 82ක්. එංගලන්ත ඉනිම තව තවත් ඉහලට එසවූ අවසානයේ පිටියට පිවිසි එංගලන්ත නායක EJG Morgan ප්‍රවේගකාරී ඉනිමක් දියත් කළා. එහිදී ඔහු පන්දු 30 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 3 ක් සමඟ රැස්කළ ලකුණු සංඛ්‍යාව 67ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ TM Head හැරුණුවිට සෙසු සියලු පිතිකරුවන් අර්ධ ශතකයට පෙර ක්‍රීඩාගාරයට හරවා යැවීමට එංගලන්ත පන්දු යවන්නන් සමත්වූවා.

Image result for england vs australia 2018

TM Head පන්දු 39 කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 51 ක් රැස්කළා. සුපිරි පන්දු යැවීමක නිරතවූ AU Rashid පන්දුවාර 10 ක් යොමුකරමින් ලකුණු 47කට කඩුලු 4 ක් දවාගැනීමට සමත්වූවා. MM Ali කඩුලු 3 ක් දවාගත් අතර DJ Willey කඩුලු 2 ක් දවාගත්තා. සියලු දෙනා දැවී ඕස්ට්‍රේලියා පිතිකරුවන් රැස්කරගත්තේ ලකුණු 239 ක් පමණයි. ඒ අනුව ලකුණු 242 කින් තරඟයේ ජය හිමිකරගත්තේ එංගලන්තයයි.

මේ තරගයේ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් සිටි අතර ඒ ප්‍රධාන විනිසුරු ලෙස කුමා දර්මසෙනත් විශේෂ විස්තර විචාරකයකු ලෙස එංගලන්තයේ නමක් දිනා සිටින කුමා සංගක්කාරයි.

ලෝකෙම අවධානය යොමුවූ එම සුවිශේෂ තරඟයේ විශේෂ අවස්ථා පහතින්.

Source Link : ආටිකල් 14.news

පෙම්වතා පෙම්වති එකට ගිය ත්‍රිවිල් එක මිනීමරු කාර් රියදුරා හප්පා පෙම්වති මෙලොව තනිකර පෙම්වතා එතනම අවසන් ගමන් ගිය කඩවත අනතුර

අධිවේගී මාර්ග පිවිසුමට ඉදිරිපස ඇති මංසන්ධියේදී මාර්ග සංඥා නොතකමින් පැමිණි මෝටර් රථයක් ත්‍රීරෝද රථයක ගැටෙන ආකාරය ඒ අසල නවතා තිබූ වාහනයක සවිකර තිබූ ආරක්‍ෂිත කැමරාවක සටහන් තිබුණා.

(වීඩියෝව සඳහා පහළට යන්න)

අනතුරෙන් ත්‍රීරෝද රථයේ ගමන් කළ කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් ජීවිතක්ෂයට පත්වුණා.

ඔහුගේ පෙම්වතිය සහ සහෝදරයා අනතුරෙන් බරපතළ තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Source Link : ආටිකල් 14.news

සුනිල් ශාන්තයන් යලි ජීවමාන කල ප්‍රවීන ගායන ශිල්පී අයිවෝ ඩෙනිස් මහතා හඬ ඉතිරිකර සදහටම අපෙන් නික්ම යයි

ප්‍රවීන ගායක සහ සංගීතඥ අයිවෝ ඩෙනිස් වයස අවුරුදු 86ක්ව සිටියදී අද අභාවප්‍රාප්ත වුණා.

සීදුවේ පිහිටි ඔහුගේ නිවසේදී අයිවෝ ඩෙනිස්, සිය දිවි මඩළෙන් සමු ගත් බවයි ගායක, ගායිකාවන්ගේ සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් සඳහන් කළේ.

1950 දශකයේ සිට සිංහල සංගීතයට, සිංහල ජන ගී ආර එක් කළ සුනිල් ශාන්තයන්ගෙන් ගුරුහරුකම් ලැබූ අයිවෝ ඩෙනිස්, ඔහුගේ ගීත වත්මන් පරපුරට දායක කළ සංගීත ශිල්පියායි.

චිත්‍රපට කිහිපයකටම සංගීතයෙන් දායක වී ඇති අයිවෝ ඩෙනිස් සිංහල සංගීතයේ පරම්පරා 3ක් නියෝජනය කළ ගායකයෙකු ලෙස හැදින්විය හැකි වනවා.

අයිවෝ ඩෙනිස් ශූරීන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන බදාදා සිදුකිරීමට නියමිතයි.

මේ එතුමන් ඩෙල් ස්ටුඩියෝ පැමිණ ගායනා කල ගීත


Image result for ivo dennis sri lanka

Image result for aivo denis

Image result for aivo denis

Source Link : ආටිකල් 14.news

ගලබොඩ අත්තේ හාමුදුරු කෙන්ක්ද? බිලා වාහන එළවලා වරද පිළිගත් එකා මොකෙද්ද මු සිංහල බෞද්ධයන්ට ගහන්න ඕන අසුචි – පොහොට්ටුවේ අජිත් ප්‍රසන්න

මේ පොහොට්ටුවේ ක්‍රියාකාරිකයකු වන මේජර් අජිත් ප්‍රසන්න බොදුබලේ හිමියන් දැඩි ලෙස විවේචනය කරන ප්‍රකාශයක්. මේජර් අජිත් ප්‍රසන්න 2020 ජනපති අපේක්ෂකයකු වනවායයි මේ දිනවල කතා බහවන හිටපු හමුදා නිලධාරියකුට හා හිටපු ජනපති පාර්ශවයේ ප්‍රභාලයාට ඉතා කිට්ටු හිතවතෙක් බවයි පැවසෙන්නේ.

Source Link : ආටිකල් 14.news

රන්ජිත් සොයිසා ගණිකා මඩම් කාරයයි සිසිර ජකොඩියිගේ අම්මලා මුන් හදලා නැ අභියෝග කරනවා එලිය ඇවිත් කෙලින් කතා කරපන් – දඹර අමිල හිමි දෙහි කපයි

දඹර අමිල හිමි සියලුම දේශපාලකයන්ට හා මාධ්‍ය මුදලාලිලාට අභියෝග කරමින් කල සැර මාධ්‍ය හමුව

Source Link : ආටිකල් 14.news

බොදුබලේ හිමි මෙවර නඩුවෙන් වැරදිකරු වෙන්නට පෙර බීමතින් රිය පැදවීමට වැරදි කරුවූ සිද්දිය විමසු විට එය වැදගත් එකක් නොවේ කියූ වීඩියෝව

බීමතින් රිය පැදවීමට වැරදි කරුවූ සිද්දිය විමසු විට එය වැදගත් එකක් නොවේ කියූ වීඩියෝව
උපුටාගැනීමක් පමණයි

Source Link : ආටිකල් 14.news

නයි වෛරෙන් සිටි රටවල් දෙක එකවර මිතුරුවීමේ රහස තවත් ප්‍රශ්නයක් කරමින් කිං ජොන්ගේ පෑන ගැන සැකයක්

පසුගියදා ලොව පුරා කතාබහට ලක්වූ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හා උතුරු කොරියා නායක කිම් ජොන් අතර හමුවේදී ගිවිසුම්වලට අත්සන් කිරීමේදී, ඇමෙරිකා නියෝජිතයන් ලබා දුන් පෑන අතට නොගෙන වෙනත් පෑනකින් එම ගිවිසුම්වලට අත්සන් තැබීමට කිම් ජොන් උන් කටයුතු කර තිබුණා.

ඒ පිළිබඳව මේ වන විට විදෙස් මාධ්‍යවල කතාබහට ලක්ව ඇති අතර උතුරු කොරියා නායකයා එසේ කරන්නට ඇත්තේ ඇමෙරිකානුවන් විසින් ලබා දුන් පෑනේ විෂ කැවීමක් කර ඇතැයි සැකයක් මතුවුණු නිසා විය හැකි යැයි ද විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබෙනවා.

කිම් ජොන් ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන අයෙකු වන අතර ගිවිසුම් සඳහා අත්සන් කරද්දී, ඔහුගේ උපදේශිකාව මෙන්ම ඔහුගේ නැගණිය ද වන කිම් යෝ ජොං ද ඒ අසල සිටියාය.

ඇමෙරිකානුවන් දුන් පෑන් අතට ගැනීම වළක්වමින් තම සොයුරාට ඇය ඇය ළඟ ඇති පෑන ලබා දෙන දසුන් මේ වනවිට විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබෙනවා.

Source Link : ආටිකල් 14.news

ගැනුන්ගේ නුවණ හැඳි මිටේ යනුවෙන් ලංකාවේ ප්‍රසිද්ධ කියමන බොරුකර අහසේ ඉගිල්ලෙන්න වරම් ලබපු ලංකාවේ පළමු ගුවන් නියමුවරියෝ හතරදෙනා

කලක් තොටිල්ලට පමණක් සීමා වුනු කාන්තා දෑතේ සවිය අද වනවිට සීමා බිඳ බොහෝ දුර ගොස් ඇත.

කාන්තා සම අයිතීන් අතින් ශ්‍රී ලංකාව ද එම කඩයිම පසුකරමින් සිටී. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පළමු වරට ගුවන් නියමුවරියන් බඳවා ගනු ලැබ ඇත්තේ ද එහි එක් පියවරක් වශයෙනි.

අවි දරා සැතපුම් ගණනාවක් ඇවිද යමින් දුෂ්කර හමුදා පුහුණුවක් ලද ජයනි තත්සරණි හේවාවිතාරණ, පවිත්‍රා ලක්ෂානි ගුණරත්න, පියුමි නිමල්කි ජයරත්න සහ රංගනා තත්සරණි වීරවර්ධනගේ අවසන් ඉලක්කය ගුවන් ගැබ ජය ගැනීමය.

ආධුනික නියමුවරියන් වන ඔවුන් අඹර ජයගත් පළමු කාන්තා නියමු කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයට එක්වනු ඇත.

නියමුවරියන් සිව් දෙනා දැනට ත්‍රිකුණාමලය චීන වාරය ගුවන් හමුදා විද්‍යා පීඨ පරිශ්‍රයේ පිහිටා ඇති අංක 01 පියාසර පුහුණු පක්ෂාංග ඒකකයේ පුහුණුව ලබති.

පුහුණුව අවසානයේ ලොව ගුවන් හමුදා නියමුවරියන් සහිත රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසන පරිදි ගුවන් නියමුවරියන් බඳවා ගැනීම අතින් දකුණු ආසියානු කලාපයේ සෙසු රටවල් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටී.

“ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශ යන රටවල් තුනේම ගුවන් නියමුවරියන් මේ වන විටත් බඳවා ගෙන තිබෙනවා. නමුත් අපේ රටේ තිබුණු යුදමය වාතාවරණය නිසා නියමුවරියන් ඒ කාලයේ බඳවා ගැනීමට හැකියාවක් ලැබුනේ නැහැ,” අංක 01 පියාසර පුහුණු පක්ෂාංග ඒකකයේ අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් පූජන ගුණතිලක බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

ගුවන් නියමුවරියන් හැරුණු කොට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෙසු වෘත්තීන් තුළ කාන්තාවන් සේවය කරන බව ඔහු සඳහන් කළේය.

ගුවන් නියමුවරියන් සිව් දෙනා අධිකාරිය ලබන තුරු වසර තුනක පමණ පුහුණුවක් ලැබිය යුතුය.

පළමු වසර එකහමාර තුළ නියමුවරියන් සටන් පුහුණු ඇතුළු ඒ හා සම්බන්ධ කටයුතුවල නිරතවන බව කී වින්ග් කමාන්ඩර් පූජන ගුණතිලක ඉතිරි අවුරුදු එකහමාර පියාසර පුහුණුව සඳහා වෙන් කෙරෙන බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසන පරිදි පියාසර පුහුණු කාලය තුළ:

පළමු මාස 06 – පියාසරිය සම්බන්ධ න්‍යායික දැනුම ලබා දීම

පසු අවුරුද්ද – මුලික පියාසර පුහුණුව සහ උසස් පියාසර පුහුණුව ලබා දීම

බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ආධුනික ගුවන් නියමුවරියන් සිව් දෙනා පැවසුවේ තමන් හමුවේ පවතින බාධක ජයගෙන කාන්තාවන් ඉදිරියට යා යුතු බවය.

“ලොකු අභියෝගයක් මේක. ඒ අභියෝගය භාර ගැනීමේ අදහසින් තමයි මම මේ රැකියාව තෝරාගත්තේ, මම කියන්න කැමති රටේ ඉන්න අනෙක් සියලුම තරුණියන්ට අභියෝගය භාර ගන්න ඕනි, තමන්ට ඒ දේ කරන්න පුළුවන් බව පෙන්විය යුතුයි” යනුවෙන් රංගනා තත්සරණි වීරවර්ධන පැවසුවාය.

බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පවිත්‍රා ලක්ෂානි ගුණරත්න කියා සිටියේ, “ගුවන් නියමුවරියක් වෙන්න පොඩි කාලේ සිට ආශාවක් තිබුණා. හමුදාව කිව්වම ගැහැණු ළමුන්ට ගෙවල්වලින් බැඳෙන්න දෙන්නේ නැහැ. කාන්තාවක් නිසා කරගන්න බැරි වෙයි කියලා ඒ අය බයයි. පුරුෂයන් වුනත් සිතන්න ඕනි තමන්ට වගේම කාන්තාවන්ටත් නිසි තැන ලැබිය යුතුයි කියලා,” යනුවෙනි.

පියාසර පුහුණු පක්ෂාංග ඒකකයට පැමිණීමට පෙර තමන් සිව් දෙනා මාස හයක සටන් පුහුණුවක් ලැබූ බව කී පියුමි නිමල්කි ජයරත්න, “ඒ වගේම ගුවන් යානයක් පදවනවා කියන්නේ ලොකු වගකීමක් තිබෙන රැකියාවක්. ප්‍රවාහන (Transport) නියමුවෙක් වුනොත් ජීවිත ගණනාවක වගකීම තිබෙන්නේ අපේ අතේ,” යනුවෙනි.

පුරුෂයන්ට සාපේක්ෂව කාන්තාවන්ට කළ හැකි කාර්යයන් සීමා සහිත බවට සමාජයේ මතයක් පවතින බව කී ජයනි තත්සරණි හේවාපතිරණ, ” ගොඩක් දුර ඉලක්කයක් තබා ගත්තොත් මට මේ දේ කරන්න අවශ්‍යයි, මේ දේ පුළුවන් කියලා සිටිය යුතුයි, ඒ වෙනුවෙන් අපි සිහින දැකිය යුතුයි,” යනුවෙන් සඳහන් කළාය.

ආධුනික නියමුවරියන් කණ්ඩායම ඉදිරි දිනවලදී පුහුණුවක් සඳහා ඉන්දියාව බලා යාමට නියමිතය.

පාඨමාලාව අවසානයේ ප්‍රහාරක, ප්‍රවාහන සහ හෙලිකොප්ටර් යානා සඳහා ඔවුන් තෝරා ගනු ලැබීමට නියමිතය.

(BBC සිංහල සේවය ඇසුරිණි)

Source Link : ආටිකල් 14.news

බරපතල වැඩ සහිත වසරක් සිරගතවූ බොදුබලේ හිමි වැලිකඩ බන්ධනාගාරයට ගෙන එයි. සෞඛ්‍ය අයහපත්ලු

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් සිර දඩුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඊයේ (14) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබුවා.

හිමියන්ට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඊයේ නියම වූයේ මාස 06 කින් ගෙවී යන වසරක බරපතල වැඩසහිත සිරදඬුවමක්.

හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග දඬුවම් නියම කරමින් නියෝග කළේ පැමිණිලිකාරියට රුපියල් 50,000 ක වන්දියක්ද ගෙවන ලෙසයි.

එය නොගෙවන්නේ නම් තවත් මාස 03 ක ලිහිල් සිරදඬුවමකටද යටත්වීමට සිදුවන බව හෝමාගම මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද බරපතල සිරදඩුවම් නියම වූ අනෙකුත් සිරකරුවන්ට බලපවත්වන රෙගුලාසි වලට යටත් වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙනිය කියා සිටියා.

හිමියන්ට අනෙකුත් සිරකරුවන්ගේ ඇදුම ඇදීමට සිදුවන බවත්, විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය නම් එය ලබාදිය හැකි බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළා.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සුවදුක් බැලීමට බොදුබල සේනා සංවිධානයේ නියෝජිතයන් පිරිසක් ඊයේ සන්ධ්‍යාවේ වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණ ඇති අතර, ඔවුන්ට ඒ සදහා අවස්ථාවක් හිමිවී නැහැ.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනු කෙරුණේ 2016 වසරේ ජනවාරි මාසයේදීයි.

ඒ, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට පැමිණි ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩට හෝමාගම අධිකරණ පරිශ්‍රයේදී බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන්.

නඩු විභාගයෙන් අනතුරුව හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග තීන්දු කළේ සාපරාධී අඩන්තෙට්ටම් කිරීම සහ සාපරාධි බිය ගැන්වීම යන චෝදනා දෙකටම පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වරදකරු බවයි.

Source Link : ආටිකල් 14.news

රනිල්ගෙන් රැ කෝල් එකක් කියලා බිරිද ඇඳේ ඉදන් දුන්නා. රනිල් අහනවා දිනුම්නේ මන් ඇහුවා දිනුම්ද කියලා. මන් රැ 10 ට නිදාගත්තා – සිරිසේන ඉතිරි රෙදිත් ගලොගනී

2015 ජනාධිපතිවරණයේ ප්‍රතිපල බැලුවේ ගැහි ගැහි පරාජය වුවොත් ආදී හයක් යට වළලන බව දැනන් සිටියා යනුවෙන් මුලින් පැවසු ජනාධිපතිවූ සිරිසේන මහතා දැන් පවසන්නේ ඡන්දය දවසේ රැ 10 වන විට හොදට නිදාගත් බවයි.

රනිල් වික්‍රමසිංහ මහා රැ කෝල් කර අහනකම් දිනුම්ද පරදිද කියා ඔහුවත් ඔහුගේ පවුලේ අයවත් නොදන්නා බව පවසනවා. මෙවන් ප්‍රකාශ හා හෙළිකිරීම් රටේ නායකයකුට නොගැලපෙන්නේ තමන් රටට වැඩක් කිරීමට නායකයා වීමට සිටියානම් මිට වඩා අවදිව සිටිය යුතුයි.

හැම දිනකම රැ 10 ට අනිවාරෙන් නිදන බවත් නිදිමරන්නේ නැති බවත් පවසනවා. අතීතයේ ප්‍රේමදාස වැනි ජනාධිපතිවරු උදැසන 5 ට මිනිසුන් එවන ප්‍රශ්න ඇතුලත් ලිපි කියවා බලා එම ලිපි වලට අදාළ නිලධාරීන්ට උදේ 5 ට අම්මා අප්පා අමතන බව ඔහුගේ චරිත කතා වල සදහන්. එය අප පාට පක්ෂ පිල් නොමැතිව අගය කලයුතු දේ දැකීමට නිහතමානී විය යුතුයි.

රටේ නායකයකු වූ විට දිනකට පැය 6 ක් වත් නිදාගැනීමට හැකිනම් එය වාසනාවකි. මොහුගේ කියවීම පිළිබද මොහු හෙළිකරන අතර උඩින් පල්ලෙන් පොතක් කියවන බව පවසයි. පාට පක්ෂ පසෙකලා නැවත උදාහරණයක් ලෙස ගතහොත් ප්‍රේමදාස ජනාධිපතිවරයා සුචරිතය තම විශ්ව විද්‍යාලය කරගෙන අසීමිතව කියවීමට හුරුවූ අයකි.

රට අද වැටි ඇති තත්වයට මේ පරිනත නොමැතිකම හා බෝල් හා හිස් කම හොදම උදාහරණයයි. මෙය අවසන් දශක 2 , 3 තුල දේශපාලනයේ දුටු විශේෂ ලක්ෂණය වන අතර රට කළමනාකරණය අතින් අන්තයටම වැටීමට එකම හේතුව මෙය බව දැන්වත් තේරුම් ගැනීමේ ශක්තියක් ඇති රටේ සුළුතර ජනතාව හෝ වටහා ගත යුතුය

සම්පුර්ණ වීඩියෝව පහතින් බලන්න

Source Link : ආටිකල් 14.news