ගඟේ ගිලුන ත්‍රීවිල් එකේ ජීවිත 4 ක් බේරපු නළුවන් නොවන සැබෑ සම්මානනීය විරුවෙක්

මඩකලපුව ප්‍රදේශයේ ගුවන් හමුදාවේ සේවය කරන නවීන් දනුෂ්ක කියන්නේ දෙරන විරු සම්මානයෙන් පිදුම ලද විරුවයි. මනකල්පිත ලෝකවල විරුවන් වී ජීවත් වන නළුවන්ට එහා ගිය සැබෑ විරුවන්ට සමාජයේ එතරම් ගරුත්වයක් හිමි නොවීම කනගාටුවට කරුනකි.

ඔහුගේ වීර ක්‍රියාව පහත වීඩියෝවෙන් බලන්න

Source Link : ආටිකල් 14.news

දසුන්ගේ දේහය වලලන්නත් කලින් තවත් තරුණයෙක් ආදරේ නාමයෙන් ගෙල වැලලාගෙන සිය දිවි හානි කර ගනී

දසුන්ගේ දේහය වලලන්නත් කලින් තවත් තරුණයෙක් ආදරේ නාමයෙන් ගෙල වැලලාගෙන සිය දිවි හානි කර ගනී

ජනප්‍රිය නළුවෙකු වන දසුන් සියදිවි නසාගෙන ඔහුගේ දේහය භූමදාන කිරීමටත් පෙරම තවත් තරුණයකු ආදරයේ නාමයෙන් ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන තිබෙනවා මොනරාගල ප්‍රදේශයේ තරුණයක බවයි අපිට ආරංචි වෙන්නේ

මෙම ක්‍රියාව මේ වනවිට ලංකාවේ සාමාන්‍ය සිද්ධියක් බවට අත්වි ඇති බවක් මේ වනවිට ආට පෙනෙන්නට තිබෙන්නේ. අපටනම් කියන්නට තියෙන්නේ මේ ආදරය නොව මෝඩකම කියයි මෙන්න බලන්නකෝ විස්තරේ වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් නරඹන්න

Source Link : Tv kirilli

“හෝ ගාන පොකුණ” යනු හුදු කල්පිත සිනමාවක් නොව සැබෑවක්ම බව පසක් කළ තිළිණි ෂැල්වින්

වසරක් පාසා පැවැත්වෙන Ada Derana Sri Lankan of the Year 2017 ඊයේ (27) උත්කර්ෂවත් ලෙසින් අවසන් වුණේ අප රට තුළ විවිධ ක්ෂේත්‍රයන්ගේ දස්කම් දැක්වූ පිරිසට සම්මාන රැසක් හිමිකර දෙමින්.

මෙහිදී ” The Unsung Hero Of the year ” සම්මානයෙන් පිදුම් ලැබුවේ තිලිණි නදීකා ශැල්විනි මහත්මියයි. සමාජයේ ලොකු කථිකාවකට පත් නොවන මෙම චරිතයට මෙම සම්මානය ලැබෙන්නේ ඇය විසින් ඇය උගන්වන පාසලේ කල සේවයටය.

මේ පිළිබඳව බුකියේ තරුණයකු පලකල සටහන පහතින් දැක්වේ. එය කියවීම තුලින් ඔබට මා පවසන කාරනාව පැහැදිලි වනු ඇත.

————————————————–

2016 අගෝස්තු 23 දා තිලිනි ෂැල්වින් අරභයා ලිවූ මේ සටහන නැවතත් සිහිපත් කරමි. ඇය TV දෙරණ මගින් ඇගයුමට ලක්ව තිබීම ඉමහත් සතුටට කරුණකි.

ඇය තිලිනි ෂැල්වින් ය. කලාප තරග වලට යන්නට චූලාභය ද්විතීක පාසලේ නෙට්බෝල් කණ්ඩායමක් සෑදූ පුංචි ටීචර් ඇය ය. උන්ට පුහුණුවීම් කරන්නට වෙනත් කෙල්ලන් නැති නිසා කොල්ලන්ට නෙට්බෝල් ඉගැන්නූ , පාසල් මිදුලේ මල් පාත්ති විනාස කළ පුංචි ටීචර් ඇය ය. සති අන්තයට ගෙදර නොයන , පොඩි උන් කැටිව වනලැහැබ් මැද ක්ෂේත්‍ර චාරිකා දුවන , උන් පෙළට හිඳ කට ඇද කර සෙල්ෆි ගන්නට අමතක නොකරන පුංචි ටීචර් ඇය ය. උඩුදුම්බරට සිග්නල් නැතැයි කෝප නොවන, සති අන්තයට නුවර ගොස් ෆේස්බුක් ලොග් වෙන , හනි හනිකට ෆොටෝස් අප්ලෝඩ් කරන පුංචි ටීචර් ඇය ය.

අතින් වියදම් කර ළමුන්ට සහතික ප්‍රින්ට් කරන , කොල්ලන්ට සෙල්ලම් කරන්නට නෙට්බෝල් තරග නැතිදැයි දුකෙන් විමසන , ජනෙල් කණ්ඩිය උඩ ජංගමය තබා සිග්නල් තිබේදැයි පිරික්සන මහාමායවේ උගත් , චූලාභයට අකුරු කරවන පුංචි ටීචර් ඇය ය. ළමයි ටික ඇදගෙන , කොළඹ පෙන්නන්නට එන , බස් නොපදින නමුත් ස්කූටි පදින, චිත්‍රත් දන්නා ඉතිහාසයත් උගන්නන පුංචි ටීචර් ඇය ය.

” හෝ ගාන පොකුණ” යනු හුදු කල්පිත සිනමාවක් නොව සැබෑවක්ම බව පසක් කළ තිළිණි ෂැල්වින් වෙත මෙසේ පවසමි. ගුරුවරයෙක් වීමට නොහැකි වීම පිළිබඳව ජීවිතයේ යම්දිනෙක හෝ පසුතැවීමක් ඇතිවූයේ නම් ඒ ඔබ දැකීමෙන් අනතුරුවය. “ගුරු ගීතය” ට සදාකාලිකව වන්දනා කළ යුතු නැති බවත් , පොප්ලර් ගස් අසලම පමණක් නොව පොල් ගස් ,පුවක් ගස් අස පවා දුයිෂෙන් ලා බිහිවිය හැකි බව පහදා දුන්නේ ඔබය. එනුමුදු මම ඔබ තුළින් “හෝ ගාන පොකුණේ ” ටීචර් හෝ “ගුරු ගීතයේ “දුයිෂෙන් නොදකිමි. එය එතරම් සිල්ලරට නොගනිමි.

තිළිණි ෂැල්වින් , මා ඔබ තුළින් දකින්නේ “අටවක පුත්තු” පොතේ එන රෙජිනා නෝනා ය.
සදා ජය !

සටහන : Sahan Kaseera Wickramasinghe

Source Link : Bro – බ්‍රෝ

මුල මතක චාමර මුහුණු පොතේ තිබ්බ සටහන

චාමර වීරසිංහ..මේ නමට හැමකෙනෙක්ම වගේ ගරු කරන්නේ, ආදරේ කරන්නේ ඔහුගේ තියෙන සංගීත හැකියාව වගේම නිහතමානීකම නිසා.රසික හදවතේ ආදරය දිනාගත්තු ගායකයා තමන් බව යළිත් පසක් කරමින් ඊයේ පැවැත්වුණු අද දෙරණ ශ්‍රී ලංකන් ඔෆ් ද ඉයර් සම්මාන රාත්‍රියේදී ජනප්‍රියම ශ්‍රී ලාංකිකයා සම්මානයෙන් පිදුම් ලැබුවා.මේ සම්මානයෙන් පසු සිය මුහුණුපොතේ මේ විදිහේ සටහන් දෙකක් තබා තිබුණා.

d1

d2

Source Link : Gossip Lanka News & Video

දැන් කාලේ ගැහැනු ළමයි කැමැති පොත්ත සුදු අයට. මම කිළිටි වෙයි කියන බයට අපේ අම්මා මාව කළුවට උපද්දලා තියෙන්නේ – චබී

දැන් කාලේ ගැහැනු ළමයි කැමැති පොත්ත සුදු අයට. මම කිළිටි වෙයි කියන බයට අපේ අම්මා මාව කළුවට උපද්දලා තියෙන්නේ – චබී

කණිෂ්ක කියන්නද? චබී කියන්නද?

මේ දවස්වල මාව ගොඩක් අය හඳුනන්නේ චබී විදිහටනේ. ඒ නිසා චබී කියලා කතා කරන්න.

ගායකයෙක් විදියට හඳුනාගත්ත කණිෂ්කව චබී විදියට හඳුනාගත්තේ රංගන ශිල්පියෙක් වුණ නිසානේ. ගායකයාව නළුවෙක් කරන්න ඕන වුණේ කාටද?

ඇත්තටම මාව නළුවෙක් කළේ දෙරණ සභාපති ලක්සිරි වික්‍රමගේ මහත්මයා.

ඉබ්බා දියට දැම්මම ඇන්නෑවේ කිව්වා වගේ ලැබුණ අවස්ථාවක් නේද චබීට ලැබුණේ?

ඔව්. ඩ්‍රීම් ස්ටාර් සීසන් 7 අදියර පටන් ගන්න උත්සවයට මටත් කතා කළා. එතැනදී මට ඇහුණා ලක්සිරි මහත්මයා රවින්, කේෂාන් එක්ක අලුත් නාට්‍යයක් ගැන කතා කර කර ඉන්නවා. ඉතිං මමත් ගිහින් මටත් චරිතයක් දෙන්න කියලා ඉල්ලුවා. චරිතයක් දෙන්නම්, රැවුල කපාගන්න කියලා ලක්සිරි මහත්තයා කිව්වා. පහුවදා සහාය අධ්‍යක්ෂක කතා කරලා කිව්වා නාට්‍යයේ චරිතයක් මට තියෙනවා කියලා.

ඉල්ලුවට චරිතයක් ලැබෙයිද කියලා චකිතයක් තිබ්බේ නැද්ද?

මම චරිතයක් ඉල්ලන්න දෙපාරක් හිතුවේ නෑ. ඉල්ලන්න හිතුණ ගමන් ඉල්ලුවා. ලක්සිරි මහත්මයත් දෙපාරක් හිතන්නේ නැතිව මට චරිතයක් දුන්නා.

ඒ කියන්නේ චබී රඟපාන්න කැමැත්තෙන් ඉඳලා වගේ?

ඔව්. මම පොඩි කාලේ ඉඳන් සින්දු කිව්වා. තරගවලටත් සම්බන්ධ වුණා. හැබැයි අපේ පවුලේ අයට ඕන වුණේ මාව නළුවෙක් කරන්න. ඉතින් ටෙලිනාට්‍යවලට ගන්න ස්ක්‍රීන් ටෙස්ට්වලට මාව යවන්න හැදුවට මම ඒවට යන්න කම්මැළියි. හැබැයි මම ඩ්‍රීම් ස්ටාර් සීසන් 6ට ගිහින් පස්වැනියා වුණා. මටත් රංගන ශිල්පියෙක් වෙන ආසාව තිබ්බා.ප්‍රේක්ෂකයෝ අතර රංගන ශිල්පියෙක් විදියට ජීවත් වෙන්න අවස්ථාව උදාවුණේ දෙවැනි ඉනිම නිසා.

පළමුවැනි රංගන අවස්ථාවම ජීවිතයට හොඳ ඉනිමක් වුණා නේද?

අනිවාර්යයෙන්ම. මට රංගනයට එන්න ඕන වුණාට මේ තරම් ප්‍රේක්ෂකයන් අතරට යන්න පුළුවන් චරිතයක් ලැබෙයි කියලා හිතුවේ නෑ. ප්‍රධාන නළුවගේ යාළුවෙක්ගේ චරිතය මට රඟපාන්න ලැබුණේ, හොඳ නළුවෙක් වුණ දෙනුවන් අයියා එක්ක. ඇත්තටම සාරංග අයියා වගේම සමන් අයියා මාර සහයෝගයක් දුන්නා මේ වැඩේට.

ඩ්‍රීම් ස්ටාර් තරගයෙන් එළියට බැස්සම තිබ්බ ජනප්‍රියත්වයටත් වඩා චබීගේ ජනප්‍රියත්වය දැන් වැඩියි වගේ?

ඩ්‍රීම් ස්ටාර් ඉන්න කාලේ හැමෝම මට ආදරය කළා. හැබැයි ඩ්‍රීම් ස්ටාර් තරගයෙන් අයින් වෙලා ටික කාලයක් යද්දි ගොඩක් අයට අපිව අමතකයි. දැන් චබී නිසා මම ස්වීට්, කියුට් චරිතයක් වෙලා.

සැබෑ ජීවිතයේදීත් චබී, ස්වීට්, කියුට් චරිතයක්ද?

ඩ්‍රාමා එකට විතරයි මම එහෙම. සැබෑ ජීවිතයේදී මම එහෙම නැහැ. මම මුලින් බලාපොරොත්තුවෙන් හිටියේ පාතාල ලෝකයට සම්බන්ධ හතුරෙක්ගේ චරිතයක් කරන්න. මගේ රැවුලත් එක්ක මැච් වුණෙත් ඒ වගේ චරිතයක්. ඉතින් මට චබී වගේ චරිතයක් ලැබුණ එකත් එක්තරා විදියක අත්දැකීමක්. තාමත් මම හතුරෙක්ගේ චරිතයක් කරන්න ආසාවෙන් ඉන්නවා. මම ප්‍රධාන චරිතයක් කරන්නත් ලොකු ආසාවකින් ඉන්නවා.

ප්‍රධාන චරිතයක් ලැබෙන්න තව කල් යයිද?

සාරංග මෙන්ඩිස්, චමිකා මෙන්ඩිස්, මට හුඟාක් ආදරෙයි. ඔවුන්ගේ ඉදිරි වැඩවලටත් මාව සම්බන්ධ කරගනියි. අත්දැකීම් එක්ක ප්‍රධාන චරිතයක් ලැබෙන්න කාලය දුර නැති වෙයි. මේ මගේ වැඩ පෙන්වන සීසන් එක. ඊට පස්සේ වැඩ ලැබෙයි.

අනුහස් වගේ පෙම්වතෙක් වෙන්න චබී කැමැති නැද්ද?

අනුහස් තමයි පෙම්වතා. අපි මේක ඇතුළේ පෙම් කරන්න ගියොත් අවුලක් වෙනවා. අනුහස් දකිද්දී ගෑනු ළමයින්ගේ පැණි බේරෙනවා. හැබැයි මාව දැක්කම හරි ෂෝක් චබී කියලා තමයි කියන්නේ. දෙවැනි ඉනිමේදී පැණි බේරෙන නළුවෙක් නොවුණට චිත්‍රපටයක පැණි බේරෙන පෙම්වතෙක් වෙන්න මට පුළුවන්.

සැබෑ ජීවිතේදී තරුණියන්ගේ ආකර්ෂණය චබීට නැද්ද?

දැන් කාලේ ගැහැනු ළමයි කැමැති පොත්ත සුදු අයට. මම කිළිටි වෙයි කියන බයට අපේ අම්මා මාව කළුවට උපද්දලා තියෙන්නේ.

හැබැයි ඉතින් ඔහොම කිව්වට ඔය කළු චබියාට කැමැති විශේෂ කෙනෙකුත් ඉන්නවනේ?

ඔව්. එහෙම කෙනෙක් ඉන්නවා. මාත් ඉතින් පෙම්වතෙක්.

දැන් ගායන කටයුතු අතහැරලා දැම්මාද?

ගායනය කවදාවත් අතහරින්නේ නැහැ. මට නළුවෙක් වෙන්න අඩිතාලම වැටුණේ ගායනය නිසා. මම චබියාට ගීතයක් නිර්මාණය කරමින් ඉන්නවා. ඉදිරියේදී ඒක රසිකයෝ අතරට ගේනවා.

තව මොනවද ඉදිරි සැලසුම්?

දෙවැනි ඉනිමේ අධ්‍යක්ෂවරයා සහ නිෂ්පාදකවරිය ලෑස්තිපිට ඉන්නවා දෙවැනි ඉනිමට ප්‍රසංගයක් කරන්න. එක පවුලක් විදියට ඒ දේවල්වලට සම්බන්ධ වෙන්න තමයි හිතාගෙන ඉන්නේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

Source Link : lanka-hotnews

දසුන්ගේ දේහයට අවසන් ගෞරවය දක්වන්නට කාවිංග එක්ක ශලිනි ගිහින් කරලා තියෙන්නෙත් රඟපෑමක්

ගෙල වැලලාගෙන සිය දිවා නසාගත් රංගන ශිල්පී දසුන් නිෂාන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා රංගන ශිල්පිනී ශලනි තාරකා පෙරවරුවේ ගම්පහ පිහිටි ඔහුගේ නිවසට ගොස් ඇත.

ඇයට සමීප ආරංචි මාර්ග පවසන්නේ දසුන් නිෂාන් සමග සබදතාවක් තිබූ නමුත් ඔහු විවාහකයෙකු බව දැනගත් පසු ඇය විසින් එය නවතා දමා ඇති බවයි.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා එක්ව ජීවත් වූයේ යයි පලවන වාර්තා අසත්‍ය බවද සදහන් වන අතර මියගිය දසුන් නුගේගොඩ බෝඩිමක සිටිද්දී ශලනී සිය මවුපියන් සමග නිවසේ සිට ඇත.

දසුන් නිශාන්ගෙන් වෙන් වන ලෙස ශලනී විසින් ඔහුගේ විවාහක බිරිද අමතා දැන්වූ යේ යයි පලවන වාර්තාද සත්‍යයෙන් තොර බව ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

කෙසේ නමුත් ශලනි තාරකා මෙලෙස අවසන් ගෞරව දැක්වීමට ගිය අස්ථාවේදී එහිසිටි බොහෝදෙනෙකුට ශලිනි අසලින් සිටි තවත් නළුවෙකු පිළිබද අමුතුම සැකයක් මතුවිය.එම නළුවා ශලිනි තාරකා අසලම සිට ඇති අතර ඔහු එම ස්ථානයේ හැසිරී ඇත්තේ ශලිනි තාරකාගේ පෙම්වතා ලෙසය.නමුත් එම ස්ථානයේ සිටි බොහෝ දෙනෙකුට එයද ඔහුගේ රගපෑමක් බව වටහා ගන්නට එතරම වෙලාවක් ගතවුයේ නැත.

කෙසේ නමුත් ශලනි තාරකා එම ස්ථානයේ විනාඩි 30ක පමණ කාලයක් රැදී සිට එම දේහය පිහිටි නිවසෙන් පිටත්ව ගොස් ඇත.

Source Link : Tv kirilli

ගෙල වැලලාගත් දසුන්ට අවසන් ගෞරව දක්වන්න ශලිනි දසුන්ගේ නිවසට යයි මෙන්න සවිස්තරාත්මක තොරතුරු

අද දිනයේ දසුන්ගේ ගෙල වැලලාගත් දසුන්ගේ අවසන් කටයුතු කිරීමට නියමිතයි කව්රුත් බලාපොරොත්තු නොවූ ආකාරයට ශලිනි දසුන්ට අවසන් ගෞරව දක්වන්න දසුන්ගේ නිවසට ගිය බව අපිට  ආරංචි වුනා

එකට හිටිය කතා වෙන් වෙන්න බලා කරපු කතාවල ඇත්ත එලියට එයි මෙන්න වැඩි විස්තර සහිත වීඩියෝව. මෙහිද ඇය පැතිරගිය කටකතා වල ඇත්තද හෙළිකර තිබෙනවා

Source Link : Tv kirilli

ගෙල වැලලාගත් දසුන්ට අවසන් ගෞරව දක්වන්න ශලිනි දසුන්ගේ නිවසට යයි

අද දිනයේ දසුන්ගේ ගෙල වැලලාගත් දසුන්ගේ අවසන් කටයුතු කිරීමට නියමිතයි කව්රුත් බලාපොරොත්තු නොවූ ආකාරයට ශලිනි දසුන්ට අවසන් ගෞරව දක්වන්න දසුන්ගේ නිවසට ගිය බව අපිට  ආරංචි වුනා

එකට හිටිය කතා වෙන් වෙන්න බලා කරපු කතාවල ඇත්ත එලියට එයි මෙන්න වැඩි විස්තර සහිත වීඩියෝව. මෙහිද ඇය පැතිරගිය කටකතා වල ඇත්තද හෙළිකර තිබෙනවා

Source Link : Online Sinhala Blog

” මේ සම්මානය අයිති මට විතරක් නොවෙයි.ඔයාල හැමෝමත් මේ සම්මානෙ කොටස්කරුවො ” – චාමර

වසරක් පාසා පැවැත්වෙන Ada Derana Sri Lankan of the Year 2017 ඊයේ (27) උත්කර්ෂවත් ලෙසින් අවසන් වුණේ අප රට තුළ විවිධ ක්ෂේත්‍රයන්ගේ දස්කම් දැක්වූ පිරිසට සම්මාන රැසක් හිමිකර දෙමින්.

මෙහිදී කාගෙත් අවධානය දිනූ ජනප්‍රියම ශ්‍රී ලාංකිකයා සම්මානය සඳහා නම් කිහිපයක්ම යෝජනා වී තිබුණා. නමුත් අවසානයේ එය දිනාගත්තේ යොවුන් පරපුර අතර අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටින ගායකයෙකු වූ චාමර වීරසිංහයි.

ඔහුගේ ජයග්‍රහණය කිරීමත් සමහ අද දින උද ඔහුගේ ෆේස්බුක් පිටුවේ අපුරු සටහනක් තබා තිබුනා. එහි සඳහන් වුයේ ” ගොඩක් දුක්ගැහැට මැද ජීවිතේ හරි පාර මට කියාදුන් මගේ රත්තරන් අම්මේ ,කලා කරුවකු ලෙස ලබනට හැකි උසස් සම්මානයකට මා උරුමකම් කීවේ ඔබ නිසයි.. අනේකවාරයක් පින් මගේ අම්මේ ඔබට.

ඔබ අද මගේ ලග හිටියා නම් ඔබ තරම් සතුටු වෙන කිසිවෙක් නැති වෙයි මගේ තාත්තේ… කොතැනක හෝ සිට නුඹ බලාඇති..මට ජීවිතය දුන් ඔබටද අනේකවාරයක් පින්. ” යනුවෙනි.

සල්ලි වලට හා විව්ස් වලට තමන්ගේ අම්මා තාත්තා වුනත් විකුනන්න සැරසෙන සමහරක් ගායකයන් අතර චාමර උඹ නම් නියම කොල්ලෙක්. උඹට මිනිස්සු ආදරය කරන්නේ උඹේ මෙන්න මේ නිහතමානි කම නිසයි. උඹ කවදාවත් උඹේ දෙමව්පියන්ව අමතක කරේ නැහැ. ඔබට මේ තැනට එන්න උදව් කරපු අයව අමතක කරේ නැහැ. උඹේ සාර්ථකත්වයට හේතුවත් මේක තමයි.

මේ ඔහු ඔහුගේ ෆේස්බුක් පිටුවේ තබා තිබු සංවේදී සටහන,

Source Link : Bro – බ්‍රෝ

දසුන් නිෂාන්ට අවසන් ගෞරව දක්වන්න ශලනී තාරකා යයි… හෙලි නොවූ කතා සියල්ල හෙලිවෙයි…

silva

Source Link : Gossip Lanka News & Video