දසුන් වෙනස්වුන විදිය දුටු මිතුරු ධනංජය සිරිවර්ධන ඒ ගැන අදහස් පල කරයි

මේ වන විට දසුන් නිශාන් ජීවිතයෙන් සමු අරන්.ප්‍රියයන්ගේ වෙන්වීම දුකක් කියන කාරණය මේ ලෝ දහමේ සදාතනික සත්‍යයක්.ඒ නිසාවෙන්ම දසුන් වෙනුවෙන් අද බොහෝ දෙනෙකු දුක්වෙනවා.ඒ අතරට ඔහුගේ ප්‍රියයින් වගේම කවදාවත් දසුන්ව මුණ නොගැහුනත් දසුන්ට ආදරේ කරපු රසිකයිනුත් බොහොමයක් ඉන්නවා.

ධනංජය සිරිවර්ධන කියන්නේ දසුන්ගේ සමකාලීනයෙක්.තමන්ගේ මිතුරාගේ වෙන්වීම ගැන ඔහු ෆේස්බුකේ එකේ තබන සටහන තවත් කෙනෙකුට පාඩමක් වේවි.ජීවිතයේ ප්‍රශ්නවලින් පලා නොගොස් ජීවිතයට මුහුණ දෙන්න ඕනේ කියන කාරණයයි ධනංජය කියන්නේ.ප්‍රශ්නවලින් පලා යන තාරුණ්‍යට ඔහු තැබූ මේ සටහන වටිනා පණිවුඩයක් වේවි..

දස්සා selfy ගොඩක් ගහල ගියා.

දසුන් ගැන සටහනක් ලියන්න හිතුවෙ හැමෝම දසුන් ගැන ශෝක ප්‍රකාශ නිකුත් කරන නිසාවත් දසුන් එක්ක ගත්තු selfy දාන නිසාවත් නෙවෙයි. ආයෙ කවදාවත් දසුන් ගැන ලියන්න, කතා කරන්න මට අවස්ථාවක් නොඑන නිසා. ඊයෙ දසුන් සිය දිවිය අවසන් කරා කියල අහපු ගමන් මං ගියා දසුන්ව බලන්න. එතකොට දසුන් ගිහින් පැයක් විතර ඇති. දසුන් දැක්ක ගමන් මට මතක් උනේ ඌ අපේක්ෂා ටෙලි නාට්‍යයේ මගේ මස්සිනා හැටියට මුලින්ම රගපාන්න ආපු දවස. එදා ඉදං අයියෙ .. මචං .. උඹ කියාගෙන අවුරුදු ගානක් ඇතුලෙ දසුන් නලු ජීවිතය ලස්සනට හදා ගත්ත. ඒත් ඇයි මල්ලි .. මචං උඹට බැරි උනේ ජීවිතේ ලස්සනට හදා ගන්න?

නලුවෙක්ගේ උත්කර්ෂය මේක නෙවෙයි. ජීවිතේ අත හරින්න හිතුන එකම කෙනා දසුන් නෙවෙයි. උඹට මට අපි හැමෝටම හිතිල ඇති දැං හිටිය ඇති කියල. ආදරේ කරල ඇති උඹ උඹට ලං වෙන්න බැරි තරං උසකට. ” ඒ එකක්වත් නෙවෙයි උත්කර්ෂය. ගහගෙන මරාගෙන හරි ජීවත් වෙමු. ” මේ ටික මට ඌට කියන්න තිබ්බ. එත් මං යනකොට දසුන් ගිහිං.

දසුන්ට ආදරේ කරපු උන් එක එක විදියට ආව දසුන්ව බලන්න. සමහර Fans ලා දසුන්ව බලල දුක් උනා, පුදුම උනා. සමහරු හිනා වෙවී ආව. ඒ අයට මේක තවත් ටෙලි නාට්‍යක් වගේ ඇති.
ඒත් ගොඩක් එවුන් shock. ඒ ඇත්තටම උගේ යාලුවො. ඒත් එකෙක්වත් එතන selfy ගැහුවෙ නෑ. ඒත් එතන්ට ආවෙ නැති අය fb පුරාවට දසුන් එක්ක ගත්තු selfy දදා බලාපොරොත්තු උනේ මොකද්ද කියල මට තේරුනේ නෑ. එක්කො ඒක වෙන්න ඇති style එක. Trend එක. නැත්තං ඒ අයට දුක ඇති මේ වෙලාවෙ එතන්ට එන්න බැරි උන එකට. “දසුන් මගේ යාලුවෙක්” කියල පෙන්නන්න පුලුවන් හොදම සාක්කිය කලින් ගහපු selfy කියල හිතන්නත් ඇති. කොහොම උනත් දසුන් හැමොගෙම යාලුවෙක්. ඒකනං ඇත්ත.

දසුන් උඹ මේ system එකෙන් අයින් උනා. හැමෝම උඹට බැන්නත්, වැරදි කිව්වත් හොද කිව්වත් දැං දස්ස නෑ.
අපේක්ෂා එකේ රගපාන්න ආපු දවසෙ ඉදං 22වෙනිදා අපි අන්තිමට ගත්තු selfy එක දක්වා මං උඹව බලං හිටිය දසුන්. උඹ ගොඩක් වෙනස් උනා. ඒත් අන්තිමට අපේක්ෂා භංගත්වයට පත් වෙලා උඹ යන්නම යන වෙලාවෙත් මං උඹදිහා බලං ඉන්නව.

ආයෙ කවදාවත් දසුන් නිශාන් අපිට හමුවන්නේ නැද්ද.. නෑ. අපි ආයෙ හමුවෙනව. දැංම නෙවෙයි. ටික කාලෙකට පස්සෙ ආයෙ හමුවෙමු. අපේ නම, හැඩහුරුකම් වෙනස් උනත් අපිට අදුන ගන්න පුලුවං වෙයි. හරියට එදා අදුන ගත්ත වගේ. එතකං කොහේ හරි පරිස්සමින් හිටපං…
මරනය තාවකාලික සමුගැනීමක් විතරයි.

මරනයෙන් සියල්ල අවසන් වන්නේ නැත

ඔබගේ අදහස මෙතනින් පළ කරන්න

Source Link : Tv kirilli

ඔහුගේ රුව දැක්කම කාන්තාවන්ට හැඟීම පාලනය කරගන්න බැරිවෙනවා කියලා රටින් පිටුවහල් කල සව්දි රටේ තරුණයා

විවිධ වැරදි කරලා අහුවෙලා ඒවා ඔප්පු වුනාම රටින් පිටුවල් කරලා දාන ප්‍රවෘත්ති අපි ඕනේ තරම් අහල තියනවා. අපේ ලංකාවෙත් එහෙම සිද්ධි අපි අහලත් තියනවා

නමුත් ඔබට විශ්වාස කරන්න පුලුවන්ද කාන්තාවන් ඔහුගේ රුව දැක්කම උමතුවට පත්වෙනවා කියලා ඔහුව රටින් පිටුවහල් කරා කියලා කියලා කිව්වොත්. විශ්වාස කරන්න අමාරු වුනාට එහෙම වෙලා බලන්නකෝ මෙන්න ඔහුගේ ඡායාරුප සහ වැඩි විස්තර සහිත වීඩියෝව

Source Link : Online Sinhala Blog

සංගා තම කණ්ඩායමෙන් මහේල ඉවත් කරයි, මෙන්න ටීම් එක

ලොව විශිෂ්ටතම වමත් පිතිකරුවෙක් ලෙස සැලකෙන ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර මේ දිනවල එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට සහභාගිවී සිටියි. මෙවර තරග වාරයෙන් අනතුරුව පළමු පෙළ ක්‍රිකට් ඇතුළුව සියලු ක්‍රිකට් තරගවලට සමුදීමට ඔහු අදහස් කරගෙන සිටින අතර, ඔහුගේ සදාතනික ක්‍රිකට් කණ්ඩායම (ALL TIME – XI) පසුගියදා ප්‍රකාශයට පත් කළේය.

කෙසේ වෙතත් ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන කාලයේ ඔහුගේ හොඳම කණ්ඩායම් සගයා හා ව්‍යාපාරික සගයා වන මහේල ජයවර්ධන මෙම කණ්ඩායමට ඇතුළත් නොවීම සුවිශේෂීය. සංගක්කාර සඳහන් කරන පරිදි ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන හා අරවින්ද ද සිල්වා අතරින් අංක පහ ස්ථානයේ ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයෙක් තෝරාගැනීම තමාට ඉතාම දුෂ්කර වූ බවයි.

මහේල ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ටතම ක්‍රීඩකයෙක් බව තමා අවිවාදයෙන් පිළිගන්නා බවත් සදාතනික කණ්ඩායම මෙහෙය වීම සඳහා ශ්‍රී ලංකාවේ අරවින්ද ද සිල්වා තෝරාගත් බවත් ඔහු එහිදී පැහැදිලි කළේය.
සංගක්කාර තේරූ මෙම කණ්ඩායමට ඔස්ට්‍රේලියානුවන් සිවුදෙනෙක්, ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක්, එක් ඉන්දියානුවෙක්, එක් කොදෙව් ක්‍රීඩකයෙක්, එක් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙක් සහ එක් පාකිස්තානුවෙක් ඇතුළත්ය.

no

Source Link : Gossip Lanka News & Video

සංගා තම කණ්ඩායමෙන් මහේල ඉවත් කරයි, මෙන්න ටීම් එක

ලොව විශිෂ්ටතම වමත් පිතිකරුවෙක් ලෙස සැලකෙන ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර මේ දිනවල එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට සහභාගිවී සිටියි. මෙවර තරග වාරයෙන් අනතුරුව පළමු පෙළ ක්‍රිකට් ඇතුළුව සියලු ක්‍රිකට් තරගවලට සමුදීමට ඔහු අදහස් කරගෙන සිටින අතර, ඔහුගේ සදාතනික ක්‍රිකට් කණ්ඩායම (ALL TIME – XI) පසුගියදා ප්‍රකාශයට පත් කළේය.

කෙසේ වෙතත් ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන කාලයේ ඔහුගේ හොඳම කණ්ඩායම් සගයා හා ව්‍යාපාරික සගයා වන මහේල ජයවර්ධන මෙම කණ්ඩායමට ඇතුළත් නොවීම සුවිශේෂීය. සංගක්කාර සඳහන් කරන පරිදි ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන හා අරවින්ද ද සිල්වා අතරින් අංක පහ ස්ථානයේ ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයෙක් තෝරාගැනීම තමාට ඉතාම දුෂ්කර වූ බවයි.

මහේල ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ටතම ක්‍රීඩකයෙක් බව තමා අවිවාදයෙන් පිළිගන්නා බවත් සදාතනික කණ්ඩායම මෙහෙය වීම සඳහා ශ්‍රී ලංකාවේ අරවින්ද ද සිල්වා තෝරාගත් බවත් ඔහු එහිදී පැහැදිලි කළේය.
සංගක්කාර තේරූ මෙම කණ්ඩායමට ඔස්ට්‍රේලියානුවන් සිවුදෙනෙක්, ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක්, එක් ඉන්දියානුවෙක්, එක් කොදෙව් ක්‍රීඩකයෙක්, එක් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙක් සහ එක් පාකිස්තානුවෙක් ඇතුළත්ය.

no

Source Link : Gossip Lanka News & Video

කොදෙව් නව ආරම්භක පිතිකරුවා ලුවිස් පහරපිට පහරදෙයි. 200 මගහැරුනේ ආබාදය නිසා

එංගලන්ත කොදෙව් තෙවන එක්දින තරගයේ දී පලමුව පන්දුවට පහර දුන් කොදෙව්වන් 356 ක දැවැන්ත ලකුණු ප්‍රමානයක් ලබා ගත්තා. එහිදි 25 හැවිරිදි නව ආරම්බක පිතිකරු එවින් ලුවිස් 176 ලබා ගත්තා. එයට 6 පහර 7 ක් 4 පහර 18 ක් ඇතුලත්.

ඔහු 200 පෙනෙන මානයේ සිටියදී පන්දුවක් පාදයේ වැදීමෙන් පිටියෙන් රැගෙන ගියේ ට්‍රොලියක් ආදාරයෙන්.

කෙසේ වෙතත් එංගලන්තය ඩක්වර්ත් ලුවිස් ක්‍රමය අනුව තරගය ජය ගත්තා.

ලුවිස්ගේ ප්‍රහාරය පහතින් බලන්න

Source Link : ආටිකල් 14.news

ලංකාවේ ජනප්‍රියම පුද්ගලයා සම්මානය ලබයි

දෙරණ ආයතනය විසින් සංවිධානය කරන 2017 වසරේ ශ්‍රී ලාංකිකයා සම්මාන උලෙලේ අපේ කාලයේ නිහතමානි සොදුරු කලාකරුවා චාමර වීරසිංහ ලංකාවේ ජනප්‍රියම පුද්ගලයා යන සම්මානය ලබාගත්තා.

2017 ලංකාවේ ජනප්‍රියම ශ්‍රී ලාංකිකයා වන අපේ කාලයේ කලාකරුවා තුරුණු ශක්ති වේදිකාවෙන් පලමු ස්ථානය ලබාගෙන පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමත් සමග එකතුවීමෙන් සංගීත ගමන ඇරබුවා.

වර්ථමානයේ සංගීතය යන විශය සංවේදීව කරගෙන යන අතලොස්සක් අතරින් ඉහලින්ම සිටින චාමර මුදල් මත හෙලුව සහ පෞද්ගලිකත්වය විකුණන මස් කඩ කාරයන්ගේ අහලකටවත් ලං කර නොහැක. අනාගත සංගීතය සහ මිනිසුන්හේ රසවින්දනයේ වගකීම රදා පවතින්නේ මෙවබ් කලාකරුවන් අතර බව ඔවුනුත් වටහා ගත යුතුය.

Source Link : ආටිකල් 14.news

“අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළයාමට කිසිසේත් ඉඩ තැබිය නොහැක” – ජනපති

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් රජය මගින් ආනයනයට පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

ඒ, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් පිළිබඳව අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකදීයි.එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළයාමට කිසිසේත් ඉඩ තැබිය නොහැකි බව ද මේ සම්බන්ධයෙන් ගන්නා තීන්දු තිරණ සක‍්‍රීයව සෘජුව ක‍්‍රියාත්මක විය යුතු බවය.

පොල් වගාකිරීමේ මණ්ඩලය හරහා සෘජුවම ජනතාව වෙත අඩු මිලට පොල් අලෙවි කිරීමට ද මෙහිදි ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ, සහල්, ලොකු ළූණු, අර්තාපල් දැනට පවතින මිලට වඩා අඩු මිලට සතොස හරහා හෙට සිට පාරිභෝගිකයින් වෙත ලබාදීමට ද ජනාධිපතිතුමා මෙහිදි උපදෙස් ලබාදුන් බවයි.

එමෙන්ම සියලුම සහල් වර්ගවල මිල ගණන් හෙට සිට පහල දැමීමටත්, අදාළ මිල ගණන් හෙට දිනය තුළ ප්‍රකාශයට පත් කිරීමටත් ජනාධිපතිතුමා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

Source Link : Bro – බ්‍රෝ

“දේශපාලන ස්ථාවරත්වය තුළ අන්තර්ජාතික වශයෙන් ද සියලූදෙනාගේ සහය ශී‍්‍ර ලංකාවේ සංවර්ධන වැඩපිළිවෙළ සදහා නොඅඩුව හිමිව තිබෙනවා” – ජනපති

අද රටේ තහවුරු වී ඇති දේශපාලන ස්ථාවරත්වය තුළ අන්තර්ජාතික වශයෙන් ද සියලූදෙනාගේ සහය ශී‍්‍ර ලංකාවේ සංවර්ධන වැඩපිළිවෙළ සදහා නොඅඩුව හිමිව තිබෙන බව සඳහන් කරන ජනාධිපතිතුමා එම සංවර්ධන කි‍්‍රයාවලියේදී කිසිදු වංචාවක්, දූෂණයක් හෝ අක‍්‍රමිකතාවයක් සිදුවීමට ඉඩ නොතබන බව අවධාරණය කරයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (27) පෙරවරුවේ බදුල්ල දිස්ති‍්‍රක්කයේ පැවති වැඩසටහනකට එක් වෙමිනි.

වැරදි කරන අයට දඩුවම් ලබා නොදෙමින්, එම වැරදි තව දුරටත් සිදුවීමට පසුගිය ආණ්ඩු ඉඩ හැරිය ද අද කිසිදු දේශපාලන භේදයකින් තොරව වංචාවට, දූෂණයට සහ අක‍්‍රමිකතාවයට එරෙහිව දැඩි කි‍්‍රයාමාර්ගවලට එළැඹීමට රජය ප‍්‍රතිපත්තිමය වශයෙන් කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

රට තුළ තහවුරුවී ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස අනුව දේශපාලන ප‍්‍රතිවාදීන් රජයට කුමන අන්දමේ චෝදනා සහ විවේචන එල්ල කළ ද ලෝකයේ සියලූ මිත‍්‍ර රාජ්‍යවල සහය ඇතිව රට තුළ ගෙනයන සංවර්ධන වැඩපිළිවෙළ ආපසු හැරවීමට කිසිවෙකුට නොහැකි බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

බදුල්ල, හාලිඇල සහ ඇල්ල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල, ග‍්‍රාම නිලධාරි වසම් 42 ක එක්ලක්ෂ දසදහසක් ජනතාවට ඝෘජුවම පානීය ජලය සැපයෙන බදුල්ල, හාලිඇල සහ ඇල්ල ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය අද (27) පෙරවරුවේ පළමුව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.

මහවැලි ගඟේ ප‍්‍රධාන අතු ගංගාවක් වන බදුලූ ඔය දෙමෝදර දී හරස් කොට මෙම ජලාශය ඉදිකර තිබෙන අතර දිනකට ජලය ඝන මීටර් 15,000 ක් පිරිපහදු කළ හැකි ජල පිරිපහදු මධ්‍යස්ථානයක්, ඝන මීටර් 132,000 පරිමාවකින් යුත් මීටර් 17 ක උස කොන්කි‍්‍රට් වේල්ලක් සහිත ජලාශය මෙන්ම ප‍්‍රදේශය ආවරණය වන පරිදි ඉදිකරන ලද ජල ගබඩා ටැංකි 08ක් සහ සම්පේ‍්‍රෂණ හා බෙදාහැරීම් ජල නළ පද්ධති මීට ඇතුළත් වේ.

පිරිපහදු කරන ලද පානීය ජලය ලබාදීම තුළින් එම ප‍්‍රදේශවල ජනතාවගේ සෞඛ්‍ය සහ ජීවන මට්ටම ඉහළ නැංවීම මෙන්ම එම ප‍්‍රදේශවල ජනතාවගේ කෘෂිකාර්මික ජල අවශ්‍යතා සඳහා ජලය මුදාහැරීම ද මෙමඟින් අපේක්ෂා කෙරේ.

ශී‍්‍ර ලංකා රජයේ සහ ඇමරිකානු ණය ආධාර යටතේ ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 11,800 කි.

සමරු ඵලකය නිරාවරණය කර ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරූ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

මේ අතර බදුල්ල නගරය තුළ දැඩි අඩුපාඩුවක්ව පැවති වාහන අංගණයක අවශ්‍යතාවය සපුරාලමින් ඌව පළාත් සභාව මගින් රුපියල් මිලියන 95ක වියදමින් ඉදිකළ මෝටර් රථ අංගනය ද අද පෙරවරුවේ විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතිනි.

එකවර වාහන 200 ක් පමණ ගාල් කර තැබිය හැකි මෙම වාහන අංගණය මහල් දෙකකින් සමන්විතය.

එමෙන්ම ඌව පළාත සඳහා සංවර්ධන නිලධාරි, කෘෂි සහකාර, අදායම් පරීක්ෂක, කෘෂි උපදේශක, දෙමළ මාධ්‍ය ගුරු උපදේශක ඇතුළු රාජ්‍ය සේවා පත්වීම් 320 ක් ප‍්‍රදානය කිරීමද මේ හා සමගාමීව සිදුවූ අතර ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව පත්වීම් ලිපි කිහිපයක් ප‍්‍රදානය කෙරිණි.

අනතුරුව බදුල්ල නගරයේ ද නිරීක්ෂණ චාරිකාවක නිරතවු ජනාධිපතිතුමා එහි නව මාර්ග සංඥා පද්ධතිය ද විවෘත කරනු ලැබීය.

අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, හරින් ප‍්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් සෙනෙවිරත්න, ඩිලාන් පෙරේරා, නියෝජ්‍ය ඇමතිනි සුමේධා ජී. ජයසේන, ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ, ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු රැුසක් මෙම අවස්ථාවන් සඳහා එක්ව සිටියහ.

Source Link : Bro – බ්‍රෝ

බයිසිකලේ

ඔන්න එකෝමත් එක ඩයල් එකක් වෙනසකටත් එක්ක ට්‍රිප් එකක් යන්න තීරණය කරාලු බයිසිකලෙන්.
යන්නේ තනියෙන්….
..අනික හෙන දිග ගමනක් ….ඔන්න ඔහොම ඉතින් මිනිහ යනකොට එක හරියකදී හම්බුනාලු මහ පතසාර කන්දක් ….පොරත් ඉතින් ඩයල් එක වගේ කන්ද පාගන්න ගත්තලු….ටිකක් යනකොට මෑන්ට හොඳ ගණන්….අම්මෝ පපුවත් රිදෙනවලු….පොර වගේ වැඩේට බැස්සට දැන් ඉතින් වැඩේ අමාරුයිලු..
.කරකියාගන්න දෙයක් නැතුව පොර බයිසිකලේ පාරෙ අයින් කරන් නැවත්තුවලු

..පැත්ත පලාතක මිනිස් පුළුටක් නෑලු….අහිංසකය වාහනයක්වත් අල්ලගන්න කියල ඔහොම පැයක් විතර ඉන්නකොට …ඔන්න බොලේ පිඹගෙන එනවලු Ferrari කාර් එකක්…ගිනි කුරුල්ල වගේ..කරන්න දෙයක් නැති හින්ද ඕන මගුලක් කියල මිනිහ අත දැම්මලු …කාර් එකත් මනුස්සකමට කරාස් ගාල බ්‍රේක් ගහල නවත්තපි……

“මොකද අවුල ?”
“මම මේ බයිසිකලෙන් ගමනක් යනගමන්…මට මේ කන්ද නැගගන්න හරිම අමාරුයි….බැරිද ලිෆ්ට් එකක් දෙන්න පොඩ්ඩක් ..?”
“අපොයි දෙන්නම්….හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ ඔයාගෙ බයිසිකලේ තමයි…ඕක දාගෙන යන්න මේකේ ඉඩ නෑනේ….ඕකත් අරන්යන්න ඕනමද ?”

“අනේ ඔව්….මේකනම් දාල යන්න බෑ”

මදක් කල්පනා කළ ferrari එකේ රියදුරු තෙමේ….

“හොඳයි….අපි මෙහෙම කරමු…..මගේ ගාව තියෙනව දිග කඹයක්….මම ඒකෙ එක කොනක් මගේ කාර් එක පිටිපස්සේ ගැටගහල අනිත් කෙලවර ඔයාගේ බයිසිකලේ ගැටගහන්නම්…..ඊට පස්සෙ ඔයා බයිසිකලේ ඉඳගෙන හෙමින් සැරේ එන්න….මම ඔයාව ගානට ලතාවට හෙමින් හෙමින් ඇදගෙන යන්නම්….හදිසියෙවත් මම යන වේගේ වැඩී වගේනම් ඔයා ටක් ගාල ඕකෙ බෙල් එක ගහන්න….එතකොට මම ටකස් ගාල slow කරන්නම්….එලනේ ?”

ඔන්න ඉතින් මේ විදියට අපේ බයිසිකල් කාරයව කන්ද උඩට හෙමින් හෙමින් ඇදගෙන යනකොට…එකපාරටම කොහෙන්දෝ ආපු BMW කාර් එකක් සිං……ගාල Ferrari එක පහු කරන් ගියා නෙව…ඒ මදිවට කින්ඩියට “පෝක්” ගාල හෝන් පාරකුත් ගහගෙන….මලා….මේක දැක්ක විතරයි අපේ ferrari එකාට මල පැනපි…
“අඩෝ ව්….BMW එකක් මාව පහු කරන්න ?!!??!!…එව්වා කොහෙද මයේ දෙයියො!!! “කියල…….පොරට පිටිපස්සේ ගැටගහල ඇදන් එන බයිසිකල් කාරයත් අමතක වෙලා “බ්‍රර්ර්ර්ර්ර්ර්ර්රාරං” ගාල ඇද්දුවේ නැතෑ…..

ඔන්න දැන් ferrari එක BMW එක අල්ලන්න පාගල යනවලු ලෙල්ලටම….අනේ අර බයිසිකල් බුවා….”ඕයි ඕයි….වේගෙ වැඩී”…කිය කිය බෙල් එක ගහනවලු ටලන් ටලන් ගාල කැඩෙනකන්…කොහෙද…..වාහනේ එලවන එකාට ඒ ගැන සිහියක්කත් නෑ…

ඔහොම යනකොට ඔන්න එනවලු පොලිස් චෙක්පොයින්ට් එකක්….ඒකෙ රාලහාමි මීටරේ ඇල්ලුවම …මෙන්න බොලේ වේගෙ 200 ට ඔන්න මෙන්න ලු….පොරත් ඉතින් අත දැම්මලු නවත්තන්න කියල….කොහෙද…..පොරව ගණන් ගත්තේවත් නැතුව වාහන ටික ගියාලු පිඹලා…..

දැක්ක දෙයින් ෆුල් හොල්මං වෙලා ගිය රාලහාමි..ටක්ගාල එයාගේ වෝකි ටෝකි එකෙන් කතා කරාලු ඊළඟ චෙක්පොයින්ට් ඒකෙ ඉන්න රාලහාමිට….කතා කරලා මෙහෙම කියනවලු

” ඕයි ඕයි …..ඔන්න දැන් මෙතනින් ගියා BMW එහෙකුයි ferrari එහෙකුයි පිඹගෙන 200 ට විතර…..දැන් ඔය පැත්තට ඒවි…..ඒක නෙවෙයි අයිසේ වැඩේ…..ඒ දෙකට ඔන්න මෙන්න පිටිපස්සෙන් සයිකල් කාරයෙක් හිටු කියල පැදගෙන එනවා ඒ වේගෙන්ම…ඒ මදිවට ඒ යකා නවත්තන්නෙම නැතුව උගේ බෙල් එකත් ගහනව ටලන් ටලන් ගාල අර කාර් දෙක ඕටෙක් කරන්න….”

Source Link : ඇම්ඩාගේ හා වෙනත් කථා

DJ අරා ඔළුව අතගාලා හීනියට ඉරාජ්ට ටොක්කක් ඇන්න හැටි

ඔයාගේ “ප” යන්නට වඩා පරණ “ස” යන්න අපට වටිනවා

DJ අරා ඔළුව අතගාලා හීනියට ඉරාජ්ට ටොක්කක් ඇන්න හැටි

Source Link : Gossip Lanka News & Video