බොලිවුඩ් වල පෝසත්ම නිලියෝ 10 දෙනා දන්නවද?

බොලිවුඩයේ සුරූපී නිලියන් කොච්චර පෝසත්ද ? ඒගොල්ලෝ එක eka ෆිල්ම් එකක රඟපාන්න කොච්චර අය කරනවද? බොලිවුඩ් වල ඉන්නා පෝසත්ම නිලියෝ 10 දෙනා කව්ද දැනගන්න මේ video එක බලන්න

Source Link : Galle Zone

“අරා with පැස්බරා” අසහනකාරී ගායකයාගේ රෙදි ගලවයි

ඔබ දන්නවා පසුගියදා එක් අසහනකාරී ගායක යෙක් විසින් ලංකාවේ ශේෂ්ඨ ගායකයකුගේ ජිවිත කතාව, ඔහුගේ මියුසික් වීඩියෝවට ඇතුලත් කරලා, හිට් කරගන්න මාර ගේමක් දුන්නා.

මේ හේතුවෙන්ම එම ගායකයාව සමාජ මාධ්‍යවල පමණක් නොව, අන්තර්ජාලය පුරාවටම දැඩිව විවේචනයට ලක් වුනේ මුදල් වලට තම දෙමව්පියන්ද විකිණිය හැකි අසහනකාරී පුද්ගලයකු ලෙස ඔහුව හංවඩු ගසමිනි.

මෙම සිද්ධිය කෙතරම් දුරට ගියාද නම්, මොහුගේ ආන්දෝලනාත්මක මියුසික් වීඩියෝව සම්බන්දයෙන් සියත එෆ් එම් නාලිකාවේ උදෑසන වැඩසටහන වන “අරා with ආශ්චර්‍යා” වැඩසටහනේදී අරවින්ද ලොකුගේ විසින් සිය අදහස් පල කලේ කාගේත් හිතට දැනෙන විදිහටයි.

අදාළ ගායකයාගේ හිස අතඟා රිදෙන ටොක්කක් ඇන්නා වැනි එම කතා බහේ හොඳම හරිය වුයේ, ” තමන්ගේ දේ කර ගැනීමට ඔහු තම දෙමව්පියන්ද බිල්ලට දීමට ඕනෑම අවස්තාවක සුදානමින් සිටින ” බව පැවසීමයි.

අද දින විකාශය වූ එම වැඩසටහන පහතින්,

Source Link : Bro – බ්‍රෝ

Sachini සාරිය ගැලවෙන්නන දාපු ඩාන්ස් එක මෙන්න බලන්න

නටනවා දැකලා ඇති එත් ඔබ කවදාවත් Sachini සාරිය ගැලවෙන්නන දාපු ඩාන්ස් දැකලා නෑ නේ අපි මේ video අකෙන් ඔබට පෙන්නන්නේ Sachini දාපු පට්ට ඩාන්ස් එකක්..කැමතිනම් අනිත් අයට බලන්න share කරන්න..පහත video එක බලන්න..

Source Link : Galle Zone

හතරේ ඒවා 17යි ..හයේ ඒවා 07යි’.. ලුවිස්ගෙන් ප‍්‍රහාරාත්මක ඉනිමක්..

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 05කින් සමන්විත එක්දින තරගාවලියේ සිව්වැනි තරගය මේ වන විට එංගලන්තයේ ඔ්වල් ක‍්‍රිඩාංගනයේදී පැවැත්වෙයිඑංගලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 05ක් දැවී ලකුණු 356ක් ලබා ගැනීමට සමත් වුනා

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු එවින් ලුවිස් සිය එක්දින දිවියේ හොදම ඉනිම වාර්තා කරමින්  ප‍්‍රහාරාත්මක ඉනිමක් දියත් කල අතර කොදෙව් ඉනිමේ 46වන පන්දුවාරයේදී මස්පිඩු අබාධයක් හේතුවෙන් අවාසනාවන්ත ලෙස පිටියෙන් ඉවත් වන විට  පන්දු 130කදී හතරේ පහර 17ක් හා හයේ පහර 7ක් සමගින් ලකුණු 176ක් රැස් කරගෙන සිටියා

ලුවිස්ට අනගි සහයක් ලබාදුන් ජේසන් හෝල්ඩර් කොදෙව් ඉනිමේ අවසන් පන්දුවේදි දැවී යන විට පන්දු 62කදී ලකුණු 77ක් රැුස් කරගෙන සිටි අතර ලුවිස් හා හෝලඩර් එක්ව පස්වන කඩුල්ල සදහා වාර්තාගත ලකුණු 168ක සම්බන්ධතාවයක්  පැවැත්වීමට ද සමත් වුනා.

Source Link : Gossip Lanka News & Video

ගිලෙන මිතුරාගේ සේයාවක් වත් නොදකින්න තරම් වැදගත් උන සෙල්ෆියක තරම මෙන්න

යාළුවන් කණ්ඩායමක් විසින් චාරිකාවකට සහභාගී වී දිය නෑමට ගොස් සෙල්ෆි ගසමින් සිටින අවස්ථාවේ සිය ඔවුන් සමඟ පැමිණි තවත් යහළුවෙන් දියේ ගිලුණු ආකාරය ඔවුන් ලබාගත් සෙල්ෆියක සටහන් වූ පුවතක් වාර්තා වෙනවා

මෙන්න එම සෙල්ෆිය සහ වැඩි විස්තර සහිත වීඩියෝව මෙන්න

Source Link : Tv kirilli

පණ මෙන් ආදරේ කළ දසුන්ගේ බොරුව හෙළිවූ දා ශලනි වේදනාවෙන් තැබූ ෆේස්බුක් සටහන මෙන්න

‘‘හිමි නැති පෙමකට ඉකිබිද හැඩුමට සිත මගේ බොලද වෙලා“

‘‘අන්සතු හදකට පෙම් කල වරදට ලොව මට එරෙහි වෙලා“

සිය බෝඩිම් කාමරයේ සවි කර තිබූ විදුලි පංකාවේ එල්ලී ගෙන වැලලාගත් දසුන් නිෂාන් ජනප්‍රිය නිළි ශලනි තාරකා හා ප්‍රේම සම්බන්ධයක් තිබූ බවට මේ වන විට කරුණු සියල්ල හෙළිව තිබෙනවා.

නමුත් දසුන් විවාහකයෙකු බව සඟවා ශලනී තාරකාගේ හිත දිනාගෙන ඇත්තේ බොරු දහසක් ඇයට පවසමින්.

Source Link : lanka-hotnews

දිවි නසා ගැනීමට පෙර රංගන ශිල්පී දසුන්ගේ ඉල්ලීමට අනුව සැකසුණු ගීතය මෙන්න බලන්න

“මගේ මරණ මංචකයේ මා නෙතු පියවන්නට පෙර එක මොහොතක් මගේ ලඟින් ඇවිත් හිඳින්න..මට ඒ ඇති තව තත්පරයක් ජීවත් වෙන්න..”දිවි නසා ගැනීමට පෙර දසුන්ගේ ඉල්ලීමට සැකසුණු ගීතය මෙන්න. පහත video එක ඔබත්  බලන්න

Source Link : Tv kirilli

නළුවාගේ ෆෝන් එකේ තියන දිවි හානි කරගන්න VIDEO එකේ විඳිය

දැන් ඉතින් ලංකාවම දාන්න කතාවක් තමයි ජනප්‍රිය නළු දසුන් නිශාන් ඊයේ දිවි නසාගත් බවයි.ඔහු මියයාමට පෙර සිය ජංගම දුරකතනයෙන් සියල්ල වීඩියෝ වීමට සලස්වා මේ සියදිවි නසාගැනීම සිදුකර ඇති බවට මේ වනවිට වාර්තා වෙනවා.ජනප්‍රිය රංගන ශිල්පී දසුන් නිශාන් ගෙලවැලලාගෙන මියයන අවස්ථාවේ සිය ජංගම දුරකථනය මගින් සියල්ල රූගත කර තිබියදී පොලිසියට හමුවී තිබෙනවා.

පන්නිපිටිය ප්‍රදේශයේ රූගත කිරීමකට සහභාගී වූ වෙනත් රංගන ශිල්පියෙකු ඔහු හමුවීමට එම නවාතැන්පොලට පැමිණි අවස්ථාවේදී නිවසේ දොර ජනෙල් වසා තිබෙනු දැක තිබෙනවා.පසුව එම නිවසට පිටුපසින් ගොස් ජනේලයකින් බැලූ විට විදුලි පංකාවක එල්ලෙමින් තිබූ සිරුර දැක ඇති බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ.අදාළ ජංගම දුරකතනයේ පටිගතව තිබූ දර්ශන වලට අනුව ඔහු දෙවරක් එල්ලීමට තැත්කර තිබෙනවා.එක් අවස්ථාවක ඔහු බිම අදවැටී ඇති අතර අනතුරුව මිනිත්තු 5 ක් පමණ කාලයක් කල්පනා කරමින් සිටි ඔහු නැවත ටීපෝවක ආධාරයෙන් එල්ලෙන අයුරු එම වීඩියෝවේ දැක්වෙන බවයි එහි සිටි රංගන ශිල්පියෙක් ප්‍රකාශ කළේ.

එමෙන්ම ඔහු සිය දිවි හානි කර ගන්නා බවට ලිපියක් ද ලියා ඇති බව පොලීසිය ප්‍රකාශ කළා. සිය දිවි හානි කර ගැනීමට කිසිදු බාහිර පාර්ශවයකගේ බලපෑමක් නොමැති බවටයි එමගින් ඔහු සඳහන් කර ඇත්තේ.

Source Link : ආටිකල් 14.news

තුන්දෙනෙකුගෙන් එක් අයෙකුට වැළදෙන අක්මාවේ තෙල් තැන්පත් වීම වළක්වා ගන්නා හැටි

මිනිස්‌ සිරුරේ ඉතා වැදගත් ඉන්ද්‍රියක්‌ තමයි අක්‌මාව කියන්නේ. අක්‌මාව මිනිස්‌ සිරුරෙහි ඇති දෙවන විශාලතම ඉන්ද්‍රියය වන අතර විශාලතම ග්‍රන්ථියද වෙයි. බරින් කිලෝ ග්‍රෑම් 1.5 ක්‌ පමණ වූ අක්‌මාව පිහිටා තිබෙන්නේ උදර කුහරයේ දකුණු පැත්තට වන සේ මහා ප්‍රාචිරයට යටිනුයි. නිරෝගී අයකුගේ අක්‌මාව දැකිය හැක්‌කේ මෘදු, රෝස දුඹුරු පැහැයට හුරු ත්‍රිකෝණාකාර අවයවයක්‌ ලෙසිනි.

අක්‌මාව සලකනු ලබන්නේ ශරීරයේ පවතින රසායනාගාරය ලෙසින්ය. අක්‌මාවෙන් විශාල කාර්ය භාරයක්‌ ඉටුවෙයි. අක්‌මාව තුළ ග්ලයිකොජන් නමැති රසායන ද්‍රව්‍ය ගබඩා කිරීම සිදුවන අතර එම රසායන ද්‍රව්‍ය වරින් වර ග්ලුකෝස්‌ බවට පත් කරමින් රුධිරයට මුදාහරිනු ලැබේ.

රුධිර කැටි ගැසීම වළක්‌වන ප්‍රොටීන නිෂ්පාදනය සිදුවනුයේ අක්‌මාවෙනි. ශරීරයට ඇතුළුවන සමහර ඖෂධ වර්ගවල සැර ගතිය අඩු කිරීමද අක්‌මාවෙන් සිදුකෙරෙයි. ආහාර ජීර්ණයට අවශ්‍යවන පිත නිපදවනුයේ ද අක්‌මාවෙනි. ශරීරයට අවශ්‍ය වන ඇතැම් හෝමෝන වර්ග නිෂ්පාදනය කෙරෙයි. මත්පැන්වල ඇති ශරීරයට අහිතකර බලපෑම් අඩු කිරීමටද අක්‌මාව උපකාර වෙයි.

මෙසේ ශරීරයට අවශ්‍ය ඉතාම වැදගත් සේවාවන් රැසක්‌ සිදුකරන අක්‌මාව ආශ්‍රීතව බොහෝ රෝග තත්ත්වයක්‌ දැක ගැනීම පුළුවන්කම තිබේ.

ඉන් එක්‌ රෝග තත්ත්වයක්‌ වන්නේ ප්‍රමාණය ඉක්‌මවා අක්‌මාවේ මේද තැන්පත් වීමෙන් ඇතිවන රෝග තත්ත්වයයි. සාමාන්‍යයෙන් අක්‌මාවේ මුළු බරෙන් සියයට 5 ත් 10 ත් අතර ප්‍රමාණයක්‌ මේද තැන්පත්වී තිබීම සාමාන්‍ය තත්ත්වයයි. මෙම ප්‍රමාණය ඉක්‌මවා අක්‌මාවේ මේද තැන්පත් වීම හෙවත් මේදමය අක්‌මාව (Fatty Liver) ලෙස හැඳින්වෙයි. පුද්ගලයන් තිදෙනකුගෙන් එක්‌ පුද්ගලයකුට මෙම රෝග තත්ත්වය පවතී යෑයි විශ්වාස කෙරේ. මෙකල මෙම රෝගය සුලභ වශයෙන් දක්‌නට හැකිය.

අක්‌මාවේ ප්‍රමාණය ඉක්‌මවා මේද තැන්පත් වීමට ප්‍රධානතම හේතුව වන්නේ මත්පැන් භාවිතයයි. එසේ වුවද මත්පැන් භාවිතා නොකරන්නවුන් අතරත් අක්‌මාවේ මේද තැන්පත්වීම සුලභ රෝග තත්ත්වයක්‌ බවට පත්වෙමින් පවතියි. මෙම රෝග තත්ත්වය “නන්-ඇල්කොහොලික්‌ ෆැට්‌ ලිවර් ඩිසීස්‌” (Non-Alcoholic Fatty Liver Disease-NAFLD) ලෙස හැඳින්වෙයි.

නන්-ඇල්කොහොලික්‌ ෆැටි ලිවර් ඩිසීස්‌ හෙවත් මත්පැන් පානය නොකරන්නවුන්ගේ අක්‌මාවේ ප්‍රමාණය ඉක්‌මවා මේදය තැන්පත්වීමට හේතු කීපයෙකි. ඒ ශරීරයේ අධික ස්‌ථූලතාව, දියවැඩියා රෝගයෙන් පෙළීම (ප්‍රධාන වශයෙන් දෙවන කාණ්‌ඩයේ දියවැඩියාව), ඇතැම් රෝග සඳහා භාවිතා කරන ඖෂධ වර්ග, මන්දපෝෂණයෙන් පෙළීම, කෙටි කාලයක්‌ තුළ ශරීරය කෘෂවීම (විශේෂයෙන් අධික ස්‌ථුලතාව ඇති අයගේ බර අඩු කිරීමට කරන ඇතැම් සැත්කම්වලින් පසුව), රුධිරයේ පවතින කොලෙස්‌ටරෝල් ප්‍රමාණය වැඩිවීම, වයස්‌ගත වීමත් සමගම මේද තැන්පත්වීම වැඩිවෙයි. සාපේක්‍ෂව පිරිමින් අතර මෙම රෝගය සුලභව දක්‌නට ලැබේ. අධි රුධිර පීඩනයද මෙම රෝගය වැළඳීමට හේතුවක්‌ වන බව මෑතකදී සොයාගෙන ඇත.

අක්‌මාවේ මේද තැන්පත්වීමෙන් හටගන්නා රෝග ලක්‍ෂණ

බොහෝ රෝගීන් තුළ කිසිදු රෝග ලක්‍ෂණයක්‌ දැකගත නොහැකිය. කලාතුරකින් දක්‌නට ලැබෙන රෝග ලක්‍ෂණ නම් අධික තෙහෙට්‌ටු ගතිය සහ අප්‍රාණික බව. උදරයේ දකුණු පැත්තේ අක්‌මාව ආශ්‍රීත ප්‍රදේශයේ වේදනාවක්‌ ඇතිවීම. ආහාර රුචිය අඩුවීම. නිතර ඔක්‌කාර ගතිය ඇතිවීම සහ බඩ පුරවා දැමීම.

මත්පැන් භාවිතයෙන් තොරවූවන්ගේ අක්‌මාවේ මේද තැන්පත්වීම කරනකොට ප්‍රධාන වශයෙන් රෝග අවස්‌ථා තුනක්‌ දක්‌නට හැකිය.

බොහෝ රෝගීන් තුළ දැකිය හැකි වන්නේ අක්‌මාවේ මේද ප්‍රතිශතය 10% කට වඩා තැන්පත් වීම පමණෙකි. මෙම රෝගීන් තුළ මේද තැන්පත් වීම නිසා අක්‌මාවේ ආසාධන තත්ත්වයක්‌ ඇති නොවේ. මෙම අවස්‌ථාව හඳුන්වනු ලබන්නේ “හෙපටික්‌ ස්‌ටියටෝසිස්‌ (hepatic steatosis) යනුවෙනි. ඇතැම් රෝගීන්ගේ අක්‌මාවේ මේද තැන්පත් වීමෙන් අක්‌මාවේ ශෛලයන්හි ආසාදන තත්ත්වයක්‌ ඇතිවේ. මෙම අවස්‌ථාව හඳුන්වනු ලබන්නේ නන් ඇල්කොහොලික්‌ ස්‌ටියටොහොපටයිටිස්‌ (non-alcoholic steatohepatitis) නමින්ය. NASH යන කෙටි නාමයෙන්ද මෙම රෝගී අවස්‌ථාව හැඳින්වෙයි. දිගින් දිගටම Steatohepatitis නමැති තත්ත්වය පැවතුණහොත් අක්‌මාවේ ප්‍රධානතම කාර්යයන් ඉටුකරන අක්‌මා ශෛල විනාශ වී “සිරෝසිස්‌” (Cirrhosis) නමැති රෝග තත්ත්වය ඇතිවිය හැකිය. මත්පැන් පානය නොකරන්නන් අතර සිරෝසිස්‌ රෝගය වැළඳීමට ප්‍රධාන හේතුවක්‌ ලෙස අක්‌මාවේ මේද තැන්පත්වීම සැලකේ.

අක්‌මාවේ මේද තැන්පත් වීමෙන් වැඩි වශයෙන් සිරෝසිස්‌ රෝගය දක්‌වා වර්ධනය වීමක්‌ සිදුවන්නේ මෙවන් රෝගීන් තුළය.

(අ) දියවැඩියා රෝගීන්, (ආ) අධි ස්‌ථුලතාවයෙන් යුක්‌ත වූවත් (ඇ) රුධිරයේ කොලෙස්‌ටරෝල් වැඩිවුවන් (ඈ) වයස අවුරුදු 45 ඉක්‌මවූ රෝගීන්.

මත්පැන් භාවිතය නොමැතිව අක්‌මාවේ මේද තැන්පත් වූ රෝගීන් කොපමණ සංඛ්‍යාවක්‌ සිරෝසිස්‌ රෝග තත්ත්වය දක්‌වා වර්ධනය වේදැයි විමසා බැලීමේදී එහි අගයන් එක්‌ එක්‌ රටවලට වෙනස්‌ වුවද පොදුවේ ගත්කළ සියයට 10 ත් 20 ත් අතර සංඛ්‍යාවක්‌ රෝගීන්ට සිරෝසිස්‌ නමැති රෝගය වැළඳෙන බව විශ්වාස කෙරේ.

අක්‌මාවේ මේද තැන්පත්වී ඇත්දැයි දැනගත හැකි පරීක්‍ෂණ මෙසේයි. සුළභවම කරන පරීක්‍ෂණ වන්නේ SGPT සහ SGPT නමැති රුධිර පරීක්‍ෂණ දෙකයි. අක්‌මාව ආශ්‍රීතව වෙනත් රෝග තත්ත්වයන් නොමැතිව SGPT සහ SGOT මට්‌ටම ඉහළ අගයක්‌ තිබේ නම් ඊට ප්‍රධාන හේතුව අක්‌මාවේ මේද තැන්පත්වීම ලෙස සැලකේ.

අල්ට්‍රා සවුන්ඩ් ස්‌කෑන් (Ultra Sound Scan) නමැති පරීක්‍ෂණය මගින් අක්‌මාවේ මේද තැන්පත්වීම අධික බව නිවැරදිව තහවුරු කරගත හැකිවේ. කොතෙක්‌ දුරට මේද තැන්පත් වීමක්‌ සිදුවී ඇත්දැයි මෙමඟින් සොයා ගත හැකිය.

සී.ටී. ස්‌කෑන් (CT Scan) සහ එම්.ආර්.අයි. යන පරීක්‍ෂණ මගින්ද වඩා පැහැදිලි විස්‌තරයක්‌ අක්‌මාවේ මේද තැන්පතුව පිළිබඳව ලබාගත හැකිවේ.

ලිවර් බයෝප්සි නමැති පරීක්‍ෂණය මගින් කෙතරම් දුරකට අක්‌මාවේ ශෛල ක්‍රියාකාරීත්වය වෙනස්‌ වී තිබේදැයි විස්‌තර වශයෙන් ලබාගත හැකිවේ. මෙහිදී සිදුකරනු ලබන්නේ හිරිවැට්‌ටවීමක්‌ සිදුකර අක්‌මාවෙන් ඉතා සුළු කොටසක්‌ ලබාගෙන අන්වීක්‍ෂණයෙන් පරීක්‍ෂාකර බැලීමකි. මේද තැන්පතුව කරනකොට රෝගියාගේ අක්‌මාව කුමන මට්‌ටමක තිබේදැයි දැන ගැනීමට නම් මෙම පරීක්‍ෂණය සිදුකළ යුතු වෙයි.

කුමන හේතුවක්‌ නිසා හෝ අක්‌මාවේ මේද තැන්පත් වීම ඉහළ ගොස්‌ ඇති රෝගීන් පිළිපැදිය යුතු කරුණු කීපයක්‌ තිබේ. එනම් 1. මත්පැන් පානය කරත් නම් මත්පැන් භාවිතය නතර කළ යුතුය. 2. අධික ස්‌ථුලභාවයෙන් පෙළේ නම් ක්‍රමානුකූලව බර අඩුකැරගත යුතුය. 3. දියවැඩියා රෝගියකු නම් රුධිර සීනි ප්‍රමාණය පාලනය කළ යුතුය. 4. අධි රුධිර පීඩනය තිබේ නම් රුධිර පීඩනය නිසි පරිදි පාලන කරගත යුතුවේ. 5. මේද තැන්පත්වීම වැඩිකරන ඖෂධ භාවිත කරත්නම් එම ඖෂධ භාවිතය නතර කළ යුතුය. 6. එළවළු, පළතුරු, කෙඳි සහිත ආහාර සහ ධාන්‍ය වර්ග වැඩි වශයෙන් ආහාරයට ගත යුතුයි. 7. මස්‌ අනුභවය අවම කළ යුතුවේ. 8. පොල් තෙල් වැනි සංතෘප්ත තෙල් ආහාරයන් අවම කළ යුතුවේ. 9. සම්පූර්ණ මේද සහිත කිරි භාවිතය අඩු කළ යුතුයි. 10. බිත්තර කහ මදය අඩුවෙන් ආහාරයට ගැනීම අවශ්‍ය වේ. 11. හැකිතාක්‌ දුරට සීනි භාවිතය අඩු කළ යුතුය. 12. සුදු පාන් සහ සුදු සහල් ආහාරයට ගැනීම අවම කළ යුතුය. 13 වැඩිපුර කෝපි භාවිතය අක්‌මාවට ආරක්‍ෂාවක්‌ වන බව වටහා ගත යුතුය.

අවම වශයෙන් සතියකට තෙදිනක්‌ හෝ දිනකට පැය භාගයක්‌ නිසි ලෙස ව්‍යායාම කළ යුතුය. අක්‌මාවේ පවතින අනවශ්‍ය මේද ප්‍රමාණය අඩුකර ගැනීම සඳහා ව්‍යායාමය අත්‍යාවශ්‍ය අංගයක්‌ ලෙස සලකනු ලැබේ. සුළු කාලයක්‌ ව්‍යායාමයෙහි යෙදීම ප්‍රමාණවත් නොවන අතර දීර්ඝ කාලීනව ව්‍යායාමයෙහි යෙදීම අක්‌මාවට හිතකර වේ.

අක්‌මාවේ මේද තැන්පත්වීම අඩු කිරීම සඳහා ඖෂධ තිබේදැයි විමසනු ලැබේ. මේ සඳහා නොයෙකුත් ඖෂධ වර්ග යොදා ගනිමින් පර්යේෂණ කර ඇති නමුත් නිශ්චිත ප්‍රතිකාරයක්‌ ලෙස කිසිදු ඖෂධයක්‌ මෙතෙක්‌ සොයාගෙන නොමැත. එසේ වුවද ඇතැම් ඖෂධවලින් කිසියම් ප්‍රමාණයක මේද තැන්පත්වීම අඩුවන බව සොයාගෙන තිබේ.

පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය වෛද්‍ය තිලක්‌ ජයලත්
සකස්‌ කළේ සිරිල් විමලසුරේන්ද්‍ර

Source Link : Wishma Lokaya

යාළුවගේ අවසන් මොහොත ටීම් එකම සෙට් වෙලා ගහපු සෙල්ෆියේ සටහන් වෙයි

යාළුවන් කණ්ඩායමක් විසින් චාරිකාවකට සහභාගී වී දිය නෑමට ගොස් සෙල්ෆි ගසමින් සිටින අවස්ථාවේ සිය ඔවුන් සමඟ පැමිණි තවත් යහළුවෙන් දියේ ගිලුණු ආකාරය ඔවුන් ලබාගත් සෙල්ෆියක සටහන් වූ පුවතක් වාර්තා වෙනවා

මෙන්න එම සෙල්ෆිය සහ වැඩි විස්තර සහිත වීඩියෝව

Source Link : Online Sinhala Blog