විද්‍යාගේ මව ජනතාවට වැඳ වැටෙයි.! තිරිසන් දූෂකයාට මරණ දඬුවම..

තමන්ට සාධාරණයක් ඉටු කර ගැනීමට උදව් කළ ජනතාවට ස්තුතිවන්ත වන බව ඝාතනයට ලක්වු ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ මව අද (27) සඳහන් කළා.

ඒ,සැකකරුවන් හත් දෙනෙකු වෙත මරණීය දණ්ඩනය ලබාදීමෙන් අනතුරුවයි.මෙම නඩුවේ ප්‍රධාන සැකකරු වූ ස්විස් කුමාර් ඇතුළු හත් දෙනෙකුට මෙලෙස මරණීය දණ්ඩනය හිමිවූ අතර සැකකරුවන් දෙදෙනෙකු රජයේ සාක්කි කරුවන් වීම නිසා ඔවුන්ව නිදහස් කෙරිණ.

ඝාතකයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පැවසුවේ මෙම තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කරන බවයි.

මරණ දඬුවමට අමතරව එක් විත්තිකරුවෙකු විසින්  විද්‍යාගේ පවුලට රුපියල් ලක්ෂ 10 බැගින් ලක්ෂ 70 ක් වන්දි මුදලක් ගෙවිය යුතු අතර එම මුදල ගෙවීම පැහැර හරින්නේ නම් මරණීය දඬුවමට අමතරව විත්තිකරුවන්ට නියම කොට ඇති වසර 30 ක බරපතල වැඩ ඇති සිර දඩුවම තවත් දීර්ඝ කරණ බවද නඩු වාර්තාවේ සඳහන් වෙයි.

මෙම නඩු තීන්දුව දැක බලා ගැනීමට විද්‍යා දැරියගේ මව පියා ඇතුළු ඥාතීන් විශාල පිරිසක්ද යාපනයේ සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් ද අධිකරණය වෙත පැමිණ සිටියහ.

පිටු 332 කින් සමන්විත වූ මෙම නඩු වාර්තාව ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති වවුනියාව මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්රන් මහතා විසින් කියවන ලදී.

මෙම නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේදී විභාගයට ගැණුනු අතර වවුනියාව මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන්මහතාගේ සභාපතිත්වයෙන් යුතුව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචෙලියන් හා ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේම් ශංකර් යන මහත්වරුන්  විසින් විභාග කෙරිණ.

සුවිස් කුමාර්ට පැනයාමට ආධාර හා අනුබල දීමේ චෝදනාව මත එවකට උතුරු පළාත බාරජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පතිවරයාව සිටි ලලිත් ජයසිංහ අත් අඩංගුවට පත්වූයේ ඝාතනයට ලක්වූ විද්‍යා දැරිය සම්බන්ධයෙන් වූ නඩු විභාගය යාපනය මහාධිකරණයේදී  විභාගයට ගැනෙමින් තිබූ අතර තුර ලද සාක්කි කීපයක් පදනම් කරගෙනය.

 

Source Link : ආටිකල් 14.news

තේරීම් කමිටුව කරපු වැරදි ටික මෙන්න

පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ගත් ඇතැම් තීරණ දැඩි ලෙස විවේචනයට ලක්වූ පසුබිමක සනත් ජයසුරියගේ නායකත්වයෙන් යුතු පැරණි තේරීම් කමිටුව ඉල්ලා අස්වීමත් සමඟ පත්වුණේ ග්‍රැහැම් ලැබ්රෝයිගේ සභාපතිත්වයෙන් යුතු තේරීම් කමිටුවකි.අලුත් තේරීම් කමිටුවද පරණ තේරීම් කමිටුව සිදුකල වරද ඒ ආකාරයටම ඉදිරියට ගෙන ගොස් ඇති බව ඉන්දියාවේ ක්‍රීඩා වෙබ් අඩවියක් වන ක්‍රිකට් ඒජ් පලකල වාර්තාවක දැක්වේ.ඔවුන් මෙලෙස කරුණු දක්වන්නේ පාකිස්ථානය සමඟින් වන ටේස්ට් තරඟ දෙක වෙනුවෙන් නම් කල සංචිතය සම්බන්දයෙනි.

සනත් ඇතුළු තේරීම් කමිටුව කල ආකාරයට පුදුම සහගත තේරීම් සමඟින් යම් ධනාත්මක තේරීමද අලුත් තේරීම් කමිටුව සිදු කර ඇති බව මෙම ඉන්දීය වෙබ් අඩවිය සදහන් කර ඇත.

ශ්‍රී ලංකා පළමුපෙළ තරඟාවලියේ වැඩිම ලකුණු ලාබියාමෙන්ම දේශීය පිටියේ වඩාත් සාර්ථකම පිතිකරුවා ලෙසින් පසුගිය කාලයේ දක්ෂතා දැක්වූ සධීර සමරවික්‍රම සහ මහේල,තිලාන් වැනි මැදපෙළ පිතිකරුවෙකු සොයමින් යන ශ්‍රී ලංකා කණ්ඩායමට දේශීය පිටියේ සිටින වඩාත් ස්තාවරම මැදපෙළ පිතිකරුවා වන රොෂේන් සිල්වා කැඳවීම අලුත් තේරීම් කමිටුවේ හොඳ තීරණයක් බව මෙම වෙබ් අඩවිය දක්වා ඇත.

සධීර වඩාත් හොඳින් ලකුණු අතර සිටින අවස්ථාවේ බංගලාදේශය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කල අවස්ථාවේ ඔහු කණ්ඩායමට කැඳවීමට පැරණි තේරීම් කමිටුව තීරණය නොකිරීමද සනත් ඇතුළු පැරණි තේරීම් කමිටුවේ වැරදි තීරණයක් ලෙස දක්වා ඇත.

පසුගිය ඉන්දීය කණ්ඩායම සමඟ එක්දින තරඟාවලියට කැඳවීම සමඟ යම් සාර්ථකත්වයක් පෙන්වූ ලහිරු තිරිමාන්න මාස 15 කට පසුව ඔහු වඩාත් අසාර්ථක ටෙස්ට් ක්‍රිකට් පිටියට උපනායකත්වයේ වගකීමද පවරමින් කැඳවීම අලුත් තේරීම් කමිටුවේ පුදුම සහගත තීරණයක් බව ක්‍රිකට් ඒජ් වාර්තාවේ හෙළි කර ඇත.

දඟ පන්දු යවන්නන් හමුවේ ලෝකයේ වඩාත් සාර්ථකම කණ්ඩායම වන ඉන්දීය කණ්ඩායම හමුවේ තම මංගල තරඟයේ දක්ෂතා දැක්වීමට නොහැකි වුවද දෙවන තරඟයේ ඉන්දීය පිතිකරුවන්ට පීඩනයක් එල්ල කරමින් ඉන්දීය කඩුලු 3ක් දවාගත් මාලින්ද පුෂ්පකුමාර සංචිතයෙන්ද ඉවත්කර දැමීමත්,ස්ථාවර ස්ථානයක් නොමැතිවීමෙන් කණ්ඩායමෙන් හැලීගිය ධනංජය සිල්වාගේ හැකියාවන් කෙරෙහි අවධානය යොමු නොකිරීමත් අලුත් තේරීම් කමිටුවේ තවත් අඩුපාඩුවක් බව මෙම වෙබ් අඩවිය පෙන්වා දී ඇත.

සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් ප්‍රධාන වේගපන්දු යවන්නන් ලෙස සංචිතයේ සිටියදී වේගය භාවිතා කරමින් පිතිකරුවන් මෙල්ල කල හැකි ලහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර දෙදෙනාගෙන් එක අයෙකු හෝ සංචිතයට එකතුවිය යුතු බවද මෙම වාර්තාවේ දක්වා ඇත.

කෙසේ වෙතත් මෙම කරුණු වල ඇති සාධාරණ අසාධාරණ බව තරඟාවලියේ ප්‍රතිපලය සමඟ විසදෙනු ඇත.මෙම ඉන්දීය වෙබ් අඩවිය හෙළිකරන කරුණු වලට ඔබ එකඟ වන්නේද නොවන්නේද යන්නත් ඔබේ පිළිතුරට හේතුවත් දැක්වීමට ඔබට හැක.

The post තේරීම් කමිටුව කරපු වැරදි ටික මෙන්න appeared first on පුහුල් හොරා.

Source Link : පුහුල් හොරා

සීගිරිය ගැන මේ කතාව සෑම ශ්‍රී ලාංකිකයෙකුම අනිවාර්යයෙන් කියවිය යුතුයි

මෙය කියවන ඔබ තම ජීවිතයේ එක වරක් හෝ මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි වර්තමාන “සීගිරිය” නමින් හදුන්වන, ලෝක උරුමයක් ලෙස මෙන්ම, ලෝකයේ අටවැනි පුදුමය ලෙසින් හදුන්වන ඒ විශ්මිත නිර්මාණය වෙත එලබ, එය නිරීක්ෂණය කර ඇති බවට කිසිදු සැකයක් නැත. අපගේ මෙම කතාවට පෙර යටත් විජිත සමයේ සිට ඇරඹෙන අපගේ පුරාවිද්‍යාව නම් විෂය ධාරාව “සිගිරිය” දකින සැටි මදක් විමසා බලමු

මෙම ස්ථානය මුලින්ම ගවේෂණය වන්නේ වසර 1890 දී බ්‍රිතාන්‍ය රජයේ අදායම් බදු නිලධාරියෙකු ලෙස ලංකාවේ සේවය කරන H.C.P. Bell නම් විදේශිකයා අතින්ය. වර්ථමාන ශ්‍රී ලාංකීය පුරාවිද්‍යාවේ පියාලෙස සලකන ඔහු, එකල එවන් වූ විෂයක් අද්‍යනය කල කෙනෙකු නොව, සරලව කිවහොත් Treasure Hunter කෙනෙක්ය. ඔහු අපගේ ඉතිහාසය ගැන උනන්දුවක් දැක්වුයේ, අප ගැන තිබු කරුනාව නිසා නොව එම ස්ථාන වල ඇති ඉතාවටිනා වස්තු කොල්ලකෑමටය. මේ සදහා ඔවුහු තම ජීවිතය පරදුවට තබමින් දිවා රැ වෙහෙසෙමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගතකල බව සත්‍යය. එවකට ලැබුණු, සාක්කුවක දමාගෙන යන තරමේ වටිනා වස්තු, කිසිම වර්තාවක් නොමැතිව සුද්දගේම සාක්කුවෙන් එංගලන්තයට ගියේය. ඊට විශාල වස්තු රාජ්‍යය අනුග්‍රහය ලබමින් නැව් මගින් රැගෙන ගියේය. අපගේ පරණ පිනකට අවුකන, සමාධි වැනි පිළිම නැවක දාගෙන රැගෙනයාමට බැරි තරමේ විශාල නිර්මාණ විය. නැතිනම් මේවන විට ඒවා අනෙකුත් කුඩා නිර්මාණ මෙන්ම විදේශ කෞතුකාගාර වලට ගොස් මුදල් ගෙවා ප්‍රවේශ පත්‍ර ලබාගනිමින් නැරබීමට සිදුවනු ඇත.

කෙසේ වෙතත් අපගේ වංශකතා වල කසුප් නම් රජකෙනෙකු තම පියාවන ධාතුසේන රජු මරා සිංහ ද්වාරයක් (සිංහ කටක් හෝ සිංහයන් සිටින පිවිසුමක්) සහිත ශිඛර පෙදෙසක සැගවී සිටි බවක් ලියා තිබු බව H.C.P. Bell අසා තිබුනේය. ඉතා දුෂ්කරව ගමනකින් පසුව සීගිරියේ ඉහත රුපයේ ඇති, පාද දෙකක් මැදින් ඇති පිවිසුම් ස්ථානයට ලගාවූ බෙල් ඇතුළු පිරිස එය දැක මදකට හෝ තුෂ්නිම්භූත වූ බවනම් නොඅනුමානය. එකල අද මෙන් ක්‍රමවත් අධ්‍යාපන ක්‍රමයක් නොපැවතුනේය. අද නම් පහ වසර දරුවෙකු ශිෂ්‍යත්ව විභාගයට පින්සිදුවන්නට හෝ සිංහයාට කකුල් සතරක් ඇති බවත් එම හැම කකුලකම ඇඟිලි සතරක් බිම වදින බවත් මහපට ඇගිල්ල මදක් ඉහලින් පිහිටන බවත් හොදින් දන්නේය.

අපගේ ඉතිහාස කතා නායකයා වන අසරණ H.C.P. Bell මහතා සිතා සිටියේ සිංහයාට ඇගිලි 3 ක් තිබු බවය. එබැවින් මෙය සිංහ ද්වාරය ලෙසත් මෙම ස්ථානය Lions Rock (සිහගිරිය) ලෙසත් ප්‍රකාශ කර සිටියේය. පහත ඇති රූපය හොදින් නිරීක්ෂණය කරන්න. එහි ඔබට පෙනෙන්නේ සිංහ පාදයක්ද?

මෙහි පාදයේ ඇගිලි ඉදිරියට විසිරී තිබේ, එලෙසම නියපොතු ඇගිල්ලේ තරමටම මහත්ය. සිංහයන්ගේ නියපොතු එලෙස මහත් නැත, එය ඇඟිලි අතර සැගවී පිහිටන්නේය. එලෙසම ඇගිලි අතර පරතරය ලොම් ඇති නිසා එකවර දැකගත නොහැකිය. ඔබ දොරටුව ඉදිරිපිට සිටගත් විට ඔබගේ වම් අත දෙසින් පෙනෙන පාදය මෙම රුපයේ ඇත . එහි වම් පස විලුඹට ආසන්නයේ තවත් නියපොත්තක් දක්නට ලැබේ. රුපයේ වම්පසින් සිංහ පාදය කියා බෝඩ් එකක් ද දමා ඇත්තේ කවුරුන් රවටන්නද? මදක් සිතන්න. මෙහි ඇත්තේ පක්ෂියෙකු ගේ පාදයක් නොවේද?


බෙල් මහතා අකුරු කියවූ අපගේ පුරාවිද්‍යාව, ඔහුගේ ගෝල පරපුරද එලෙසින්ම දකින්නේය. ඉන් එහා ලොවක් ගැන සිතීමට ඔවුනටද උවමනාවක් නොමැත. දැන් අපේ ඉතිහාසය ගැන මහා හඩින් රුපවාහිනී කතා පවත්වන සමහර පණ්ඩිතයන් තම හෙළුව වසා ගැනීමට මෙය සිංහ පාදයක් බවටම තර්ක කරනු ඇති අතර මා ඉතිහාසය විකුර්ති කරන දේශද්‍රෝහියකුද ලෙස හංවඩු ගසනු ඇත. මා මේ ගැන විමසු අවස්ථාවේ සමහරෙකු පවසන්නේ එකල ත්‍රිසින්හලයක් තිබුන නිසා මෙය සිංහයෙකු වුවත් ඇඟිලි තුනක් ඇති බවය. එකල අපේ කලාකරුවා සිංහයා මේ ආකාරයෙන් දුටුබවය.

මෙම පාද අසලම ගල ඇතුලින් ගමන්කළ හැකි උමගක් තිබුන බවත් බෙල් මහතා එහිවූ වටිනා වස්තු නැවක දමා රැගෙන ගියබවත්, එම අවස්තාවේම උමන් මග සිමෙන්ති දමා වැසූ බවත් පසුකල එහි සිටි සේවකයෙකු පවසා ඇත. කෙසේ වෙතත් අපගේ පුරා වස්තු රැගත් බොහෝ නැව් ලංකාව අසලම මුහුදේ ගිලී ගියේය. රන්මුතු දුව ච්ත්‍රපටිය ගොඩනගන්නේ ඒවා ගොඩගැනීමට දරු උත්සාහයක ආවරණයක් ලෙසය. මක් නිසාද යත් එහි සම්බන්ද අය මින්පෙර චිත්‍රපට කර්මාන්තයේ නියැලී නොසිටි අය නිසාය

එසේනම් මෙම පර්වතයේ නියම ඉතිහාසය කුමක්ද?

රාවන පුරණයටත් පෙරසිටම ගුරුලා තම සංකේතය ලෙස යොදාගත් දියුණු ශිෂ්ටාචරයක් හෙළ පොලවේ විසු බවට සාදක හමුවේ. මොවුහු කුරුළු හොට සහිත හිස්වැසුම් පැලදී අතර අහසින් පැමිණුන එවන් මිනිසුන් කොටසක් ගැන ලොවපුරා විවිධ සාධක ඇත. සමහරුන් මොවුන්ව අර්ථකථනය කරන්නේ දෙවියන් ලෙසය. අද සීගිරිය එකල එවන් මිනිසුන් ගොඩනැගු රාජධානියක්ය.

ගෞතම බුදුන් දවස (වසර 2600 කට පෙර) බුදුන් හා සමාන රුවින් හෙබි කාශ්‍යප මහා රහතන් වහන්සේ කලක් වාසයය කල කුක්කුට සමපාද පර්වතය මෙයය. කුක්කුට යනු කුකුළා, ගුරුලා හෝ ඒ හා සමාන මනංකල්පිත පක්ෂියෙකු හැදින්වූ නාමයය.

ක්‍රිස්තු වර්ෂ 400 දී පමණ පැමිණෙන පාහියන් භික්ෂුව පවසන්නේ මෙම ස්ථානයේ “කාශ්‍යප තෙරුන්ගේ” සිරුර තවමත් පවතින බවය. එහි නම “ගුරුපාද” ලෙස පැහැදිලිව සදහන් කර ඇත. අද අප දන්නා සීගිරිය හා සම්බන්ද කාශ්‍යප යන නම, කසුප් රජු නොව කාශ්‍යප තෙරුන් ගේ නාමයය. කසුප් රජු සිටියේ මෙහි බවට කිසිදු සෙල් ලිපියක් හමු නොවේ. අනිත් අතට වංශකතාවල සිතියමක් දක්වා නැත. නියම සිංහ ද්වාරයක් යාපහුවෙන් හමුවේ.

වඩාත්ම පුදුම සහගත කරුණ වන්නේ සීගිරියෙන් හමුවන සෙල්ලිපියක “බ්‍රහ්මදත්ත ගේ ගුහාව” ලෙස සදහන් වීමය. දැන් මෙම කතාවට බ්‍රහ්මදත්ත රජු සම්බන්දවෙන්නේ කෙසේදැයි ඔබට ප්‍රශ්නයක් මතුවනු ඇත. එම කතාව පැවසීමට තවත් කතාවක් කියන්නට සිදුවේ.

බෞද්ධ ඉතිසහසයේ සිටි සියලුම චරිත, සියලුම බුදුවරු ඉපදී ජීවත් වී ඇත්තේ මේ හෙළබිම තුලය. (ක්‍රි.ව.) 400 දී පැමිණෙන පාහියන් මුලින්ම බෞද්ධ සිද්දස්ථාන වැඳ පුදාගන්නේ ජන්බුද්වීපය නම් වූ මෙම හෙලබිමේ මධ්‍යම, දකුණු සහ නැගෙනහිර දිසාවන් වලය, මක් නිසාදයත් බුදුන් ගේ ලලාට ධාතුව (දන්ත ධාතුව) පාහියන් වැඳ පුදාගන්න නිසාය. බටහිර සමාජය පාහියන් වාර්තාව පරිවර්තනය කලේ ජන්බුද්වීපය යන නමට ඉන්දියාව යන වචනය දමාය. එබැවින් සියල්ලක්ම කණපිට පෙරලුනි.

Alexander Cunningham යනු වත්මන් ඉන්දීය පුරාවිද්‍යාවේ පියාය, ඔහු බ්‍රිතාන්‍ය හමුදාවේ ඉන්ජිනේරුවරයෙකි. ඔහුත් කලේ අපේ බෙල් මහතාගේ ක්‍රියාවමය. ප්‍රථමයෙන් ගයාව නම් හින්දු කෝවිලක් හදුනාගෙන එය බුද්ධ ගයාව කළේය, ඉන්පසු පාහියන් වාර්තාව බලා ඒ අනිත් ස්ථාන සමාන ශබ්දයෙන් එන (උදා පාටලිපුත්ත = Patna) මුළු ඉන්දියන් ඉතිහාසය මෙන්ම ලාංකීය ඉතිහාසයද විකෘති කළේය. තම හිතු පමණින්. ස්ථාන සොයාගත් නිසා ඔහුට නයිට් පදවියක් ද ලැබුණි. කෙසේ වෙතත් ඔහු ලුම්බිණිය සොයා නොගතේය. මේකාලය තුල ජර්මන් ජාතික Anton A. Fuhrer නම් දේවගැති තුමා, ව්‍යාජ සෙල්ලිපියක් කොටා අද නේපාලයේ Rumandai නම් ස්ථානය ලුම්බිණිය බව ප්‍රකාශකර තවත් නයිට් පදවියක් ලබාගත්තේය.

වඩාත්ම සිනහ යන කරුණ වන්නේ, පාහියෙන්ගේ වාර්තා Cunningham අමු අමුවේම බොරු කියමින් තමන්ගේ හිතුමතයට විකුර්ති කිරීමය. බුදුන් තුසිත ලොව සිට ඉනිමගකින් බැසි ස්ථානය සංකස්ස ලෙස හදුන්වන පාහියන් ලියන්නේ, එහි අශෝක රජු ඉදිකර පැති සතරක් ඇති, එම පැති සතරේම බුදුරුව ඇති එහි උඩ සිංහයෙක් සිටිනා කණුවක් ඇති බවය. අද Cunningham පෙන්වන ඉන්දියාවේ සංකස්සයේ කනුව රවුම්ය, එහි උඩ සිටින්නේ අලියෙක්ය. එවිට Cunningham පවසන්නේ මෙය පාහියන්ට වැරදී අලියා සිංහයා ලෙස ලියා ඇති බවය.

පාහියන් ලියන්නේ බුදුන් බුදුවූ බෝගස සිට යොදුන් 3ක් දකුණින් “ගුරුපාද” පිහිටන බවය. අද ලංකාවේ බුදුන් බුදුවූ ස්ථනය ලෙස හදුනාගන්නේ හබරන හිරිවඩුන්න නම් ස්ථානයය, එහි බෝගස, වජ්රාසනය, මුචලින්ද නටබුන්, රුවන්ගෙය, සක්මන් මලුව, සහ නේරංජන ගඟ අදත් තිබේ.

සුද්දන් ඉන්දියාවේ ස්ථාන බලා යොදුන සැතපුම් 32 ක් බව පවසයි. මක් නිසාදයත් ඔවුන්ගේ සිතියමට අනුව එවන් නගර ලග පිහිටා නැති බැවින්ය . “යොදුන” යනු යෝදයෙකු දුන්නකින් විදිනා දුරය.

පාහියන් පවසන අන්දමට “ගුරුපාද” නම් ස්ථානය සීගිරියම බව තහවුරු වේ. සිංහ පාදය සහ කුරුළු පාදය වෙනස නොහදුනන, අපේ පණ්ඩිතයන් බුදුන් මෙහි සිටි බව කවදාවත් පිලි නොගනී. පාහියන් අන්තිමට එන රට සිංහලය ලෙස හදුන්වයි, එය අනුරාධපුර රාජධානියය. මෙහි පැටලුමක් ඇත්තේ ඔහු එන්නේ ජලමාර්ගයකින් නිසාය. ඔහු පවසන සිංහලය දිගින් (උතුරු-දකුණු) යොදුන් 30 කි, පළලින් 50 කි. මේ කතා කරන්නේ මුළු ලංකාව නොවන බව ඕනෙම කෙනෙකුට වැටහෙනු ඇත.

පාහියන් ලියු ජන්බුධ්වීපයේ ස්ථාන බොහොමයක් මේ වනවිට අප අධ්‍යනය කර ලක් පොලවේ සොයාගෙන ඇත. සියලුම දුරවල් ද සමාන වන අතර වෙහෙර විහාර එම ආකාරයෙන්ම ඇත. නුදුරු කාලයේදී ලෝක ඉතිහාසය උඩු යටි කුරු කරමින් සාක්ෂි සහිතව ඒවා පෙන්වා දෙනු ඇත.

ප්‍රසාද් කුමාර
(නියාමක–තරු ගුවන්විදුලි සේවය)

Source Link : Wishma Lokaya

“බිරිඳ දික්කසාදය දෙන්න ලොකු මුදලක් ඉල්ලුව නිසා දසුන් ඉදියේ ලොකු මානසික පිඩනයකින්”

“ප්‍රශ්නේ විසදගෙන එනකල් මම අයින් වෙලා ඉන්නම් කිව්වා”..

“දසුන් විවාහකයි කියලා පස්සේ දැනගත්තේ”

ආදරය කියන අකුරු හතර බලවත් කියලා බොහෝ දෙනා කියන්නේ ඒ වචනෙට කරන්න බැරි දෙයක් නැති නිසා. ආදරණිය හදවතකට ජිවිතයක් ජිවත් කරවන්නත් ජීවිතයක් නැති කරන්නත් පුළුවන් කම තියනව. මනුස්ස ආත්මයක් ලබන හැමෝම කාලෙන් කාලෙට ආදරේ හොයනවා.

ටෙලි නාට්‍ය කිහිපයක රංගන දායකත්වය ලබා දෙමින් නළුවෙක් වුනු දසුන් නිශාන් සිය දිවි හානි කරගෙන තිබෙන්නේ දෙහදක අදරේකට මැදි වුනු නිසා කියලයි කියන්නේ. ඒ කොහොම නමුත් ඇත්ත දන්නේ පීඩනය විදි හදවත පමණයි, දසුන් විතරමයි.

දසුන් පසුගිය කාලයේ ආදරය කල ජනප්‍රිය නිළිය හා දසුන්ගේ ලගම මිත්‍රයෙක් කල ප්‍රකාශයක්. මෙන්න මෙහෙමයි කිවුවේ,

“ඇත්තටම දසුන් පසුගිය කාලයේම හිටියේ මානසික පීඩනයෙන්. ඔහු ලගින් හිටි කෙනෙක් හැටියට හිත හදා ගන්න අපිත් උදවු කළා. නමුත් දරාගන්න බැරි වුනු තැන ජිවිතේ දාලා යන්න තීරණය කරන්න ඇති. අපිනම් හිතුවේ නෑ මෙයා මෙහෙම කරයි කියලා. දසුන් මිය ගියාට පස්සේ බොහෝ දෙන විවිධ දේ කිවුවා. ඇත්ත එයා ජනප්‍රිය නිලියක් එක්ක සම්බන්දයක් තිබුනා, නමුත් එයා නිසා දසුන් ජිවිතයට හානි කරගත්තා කියන්න බැහැ. නමුත් දසුන් විවාහ වෙලා කියලා ඔය කියන නිළිය මුලින් දන්නේ නැහැ. ඇය සමග ප්‍රේම සම්බන්දයක් ඇති කරගත්තේ ලොකු උත්සාහයකින් පසුවයි.

ඒ බව ලගින් හිටපු අපි දන්නවා. ඔහු වරදක් කරනවා. ඒ ඇයට මොහු විවාහකයෙක් කියන එක සැහෙන කාලයක් වසන් කිරීම. ඒ ආදරේට වෙන්න ඇති. ඒ වගේම අයගේ ආදරේ ලබාගත්තේ බොහොම අමාරුවෙන් නිසා ඒ ආදරේ රැකගන්න වෙන්න ඇති. පසුව මේ නිළිය දැනගන්නවා මොහු විවාහා වෙලා කියලා. ඒ වෙනකොට දසුන්ගේ හා නිළියගේ ප්‍රේමය ස්ථිර ප්‍රේමයක් වෙලා, එත් ඇය ඔහුට කිව්වා “ඔයා මේ ප්‍රශ්නේ විසදගෙන එනකල් මම අයින් වෙලා ඉන්නම් කියලා. “.. ඒ වගේම දසුන් ඇය ගැන විවාහක බිරිඳටත් කියලා තිබුනා. දසුන් කියන්නේ මත් පැන් වලට ලොල් වෙලා ඉදපු කෙනෙක්.

නිළිය තමයි ඒ ඇත්බැහි වීමෙන් ඉවත් කරගත්තේ. ඇයට තිබුන ආදරේ නිසාම අපි\ මත් පැන් පානය කරන්න කතා කලත් ඔහු අවේ නැහැ. බැහැ ඇයට පොරොන්දු වුණා කියලා මග හැරියා. මේ විදිහට ඉන්නකොට තමයි ප්‍රශ්නය මතු වුනේ, එතකොට නිළිය ඔහුගේ හිත හැදුවා. දසුන්ට ඇයගෙන් ඉවත් වෙලා ඉන්න බැරි වුණා. විවාහක බිරිඳ මුලින්ම කිවුවා දික්කසාදය දෙන්න බැහැ කියලා ඒ වගේම දසුන් එක්ක ජිවත් වෙන්න බැහැ කියලත් කිවුවා. ප්‍රශ්න වැඩි වෙද්දී නිළිය ඉවත් වෙන්න හිතුවා.

එත් ඒ දේ කලේ නැහැ දසුන්ට ප්‍රශ්නයක් වේවි කියලා. එත් එක්කම ඔහුගේ බිරිඳ කියලා තිබුනා ඩිවෝස් එක දෙන්න නම් ලක්ෂ ගණක ලොකු වන්දි මුදල ඕන කියලා. දසුන් ඉදියේ ලක්ෂ ගානක් හොයාගන්නේ කොහොමද කියලා. දසුන් හා ඇය අතර ලොකු කාලයක් ප්‍රේම සම්බන්දයක් තිබුන නිසා ඇයට ඉගන ගන්න පවා මුදල් වියදම් කලේ දසුන් කියලා ඔහු අපට කියල තිබුනා. කෙසේ නමුත් ඔහු හදුනන ලෝයර් කෙනෙක් එක්ක දික්කසාදය ගැන කතා කරලා තිබුනා. ලෝයර් ඔහුට කිව්වෙත් කලබල නොවී ඉන්න කියලයි. අන්තිමට දසුන් ප්‍රශ්න ඉතුරු කරලා ජිවිතේ හානි කරගෙන විසදුම තනියම හොයාගෙන යන්නම ගියා….”

එමෙන්ම දසුනගේ මව කියන්නේ දසුන් දසුන් හා නිළියගේ සම්බන්දයට මව අකමැති වූ බවත් ඔහුට ඒ සම්බන්දයෙන් ආදරෙන් අවවාද දුන් බවයි.

දසුන්ගේ විවාහක බිරිඳ කියන්නේ,
” මගෙයි දසුන්ගෙයි ආදරේ වරස 13ක් වෙනවා. අපි දෙමව්පිය ආශීර්වාදය මත තමයි විවාහා වුනේ. පසුව දසුන් නිලියක් එක්ක සම්බන්දයක් තිබෙන බව ඔහුගෙන්ම දැනගන්න ලැබුනා. ඇයත් මාත් එක්ක කතා කළා. ඇයට දසුන්ව අවශ්‍ය බවත් ජිවත් වන්නේ දසුන් සමග බවත් කිවුවා. මම ඔහුට ගොඩක් ආදරේ නිසා විවාහා ජිවිතේ රැකගන්න උත්සහා කළා”

Source Link : lanka-hotnews

සියදිවි නසා ගත්තු අය දැන් කොහේ ඇත්ද? සියදිවි නසා ගත්තම මොකද වෙන්නේ?

මේ ලිපිය මම දාන්න හිතුවෙ නෑ කවදාවත්. ඒත් මිය ගියපු කෙනාට ගරු කර කර, වැලපි වැලපි, දුක් වෙවී, ඉන්නවට වඩා ජීවත් වෙලා ඉන්න එක කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි මේ ලිපිය කියවල ජීවත් වෙන්න හිතට ගන්නව නම් ඒකම අැති මට. හැබැයි මේ ලිපියෙන් ඒ මැරුණු කෙනාගෙ පවුලෙ කෙනෙක්ට, හිතවතෙක් ට සෑහෙන්න හිත් වේදනා එන්න පුළුවන්. කරන්න දෙයක් නෑ. ලංකාවෙ මැරෙන්න හිතන් ඉන්න එක කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි ජීවත් වෙනව නම් මේ ලිපිය කියෙව්වට පස්සෙ, මම එච්චරයි බලාපොරොත්තු වෙන්නෙ.

පහුගිය කාලෙ සෑහෙන්න මැරුණනෙ.. එල්ලිලා මැරුණා, කෝච්චියට බෙල්ල තියල මැරුණා, කැම්පස් එකේ කෙල්ලෙක් මැරුණ මේ ලඟදිත්. දැන් මේ නලුවෙක් මැරුන. ඉතින් කට්ටිය ලොකුවට බරටම දුක් වෙනව. වැලපෙනව අඬනව. කවි හදනව, කොඩි දානව, Photos දානව. පෝස්ට් දානව.. එකම සිද්ධිය. මේ මනුස්සය මැරෙන්න හිතල තියෙන්නෙ ගෑණියෙක් නිසා. ඇත්ත කතාව ඒකනෙ. ගෑණියෙක් කසාද බැඳල ඉන්දෙද්දි තව එකියක් එක්ක යන්න ඕන වෙලා පස්සෙ ඔහොම හුටපටයක් ගිහින් මේ මනුස්සය සිය දිවි නසා ගත්ත කියල තමයි ප්‍රවෘත්ති වලට කියන්නෙ.. පොලිස් මරණ පරීක්ෂණ වාර්තාවෙ එහෙමලු කියන්නෙ. ඉතින් අපි හිතමු ඒක බොහෝ දුරට ඇත්ත වෙන්න ඇති කියල.

දැන් අපේ කට්ටියගෙ අලුත්ම Trend එක තමයි මරුණ කෙනාට බොක්කෙන්ම කඳුලු සලන එක. නිවන් සුව අත්වේවා කියල අඬනවා. අපිත් එක්ක හිටපු එල කොල්ලෙක් කියනව. සුපිරි චරිතයක් කියනව.. හැබැයි ඉන්නකන් ඌ ගැන ජීවිතේට මතක් උනෙත් නෑ. උගෙ ප්‍රශ්ණයක් ගැන හොයන්න එකෙක් හිටියෙත් නෑ. නිකමට උගෙ බොක්කක් කියල කියා ගන්න එකෙක් හරි හිටිය නම් ඌට පිටට තට්ටුවක් දාල කියන්න තිබුන “පිස්සුද මචං.. ඔය ගෑණු හු*** අපිට වැඩක් නෑ. අපි එකට කාල බීල හිටපු උන් එක පංති‍යේ එක පුටුවෙ එක ඩෙස් එකේ…. එකට බත් මුල කාපු එකාල අපි. පිස්සු කෙලින්න එපා මචං මෙන්න මෙහෙ වරෙන්. අද අපි මම ගානෙ හොඳ අඩියක් ගහල ආතල් එකක් ගමු. වරෙන් හු** වරෙන් බන් මෙන්න මෙහෙ පිස්සු කෙලින්නෙ නැතුව..” මෙහෙම හිත හදන්න එක කොල්ලෙක් ඌට හිටිය නම් අද ඌ ඕක කරගන්නෙ නෑ. ජීවත් වෙලා ඉන්න කාලෙ එක බල්ලෙක් ඌට බොක්ක දීල නෑ. හැබැයි මැරුණට පස්සෙ අම්මෝ ඉන්න යාලුවො ටික. එකට හිටිපු උන්ලු. එකට ක්ලාස් ගියාලු. එකට කැරම් ගැහුවලු. පාරෙ හම්බුනාම කතා කරල යනවලු. සුපිරි චරිතයක් ලු. හැබැයි අරූගෙ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න එකෙක් ඉඳල නෑ. “අනේ නිකන් පලයන් බන් යන්න හැමි**** නැතුව” කියන්න තමයි මට නම් කියන්න තියෙන්නෙ. පවු අහිංසක ජීවිතයක් නැති උනා. කවුරුත් ඌට හිටියෙ නෑ ඕක කරන්න එපා කියන්න. ප්‍රශ්ණයක් කියන්න කෙනෙක් ඉඳලත් නෑ. හැම ප්‍රශ්නෙකටම උත්තර තියෙනව කොල්ලනේ කෙල්ලනේ. කිසිම ප්‍රශ්නෙකදි උත්තර හොයන්න එපා ජීවිතේ නැති කරගෙන. Depression !! මේක ලෙඩක් ලු.. පුදුම ලෙඩක්.. මානසික පිස්සෙක් කියන එක ඊට වඩා හොඳයි කියල තමයි කියන්නෙ. ඔය එක මානසික පිස්සුවක් වත් එන්නෙ නෑ හරිහමන් ඔය බොක්ක දෙන්න කියාගෙන ඉන්න යාලුවො එකෙක් හරි හිටිය නම්… එහෙනම් අදටත් ඌ බියර් එකක් ගහල ෆන් එකේ කෑල්ලක් ටෝක් කරගෙන ඉන්නව. ඌ තනි උන එක උනේ. ‍වටේ හිටපු උන් මුගෙන් ප්‍රයෝජන ගත්ත විතරයි මූ ගන හොයල බලන්න එකෙක් ඉඳල නෑ. වැරදි නම් වැරදී කියපන්..

මේක ලියන මට ඉන්නව සුපිරි යාලුවො කිහිප දෙනෙක්.. උන් අද හම්බෙන්නෙත් නෑ ලේසියෙන්. හැබැයි මගේ මුළු ජීවිතේම උන් අදටත් දන්නව. උන් කරන දේවලුත් මම දන්නව. එක එක දිහාස් වල දැන් අපි ඉන්නෙ. උන් මම දුකින් අවුලින් හිටපු හැම වෙලාවකම උදව් කරා. සමහර විට මට උනත් ප්‍රශ්න ඇවිත් තියෙන්දි මැරෙන්න හිතිච්ච වාර අනන්ත තියෙනව. හැබැයි මගේ යාලුවො කිව්වෙ, “කාලයට ඉඩ දීපන් මචං.. යමන් මගෙත් එක්ක පොල්ගහවෙල අසපුවට. අපි හාමුදුරුවො කෙනෙක්ගෙන් අහමු මේකට උත්තරේ..” මෙහෙම කියපු කල්‍යාන මිත්‍රයො හිටිය. අද ඒ යාලුවො මගේ සාර්ථකත්වයේදි ඇත්තටම සතුටු වෙනව. උන්ගෙ සාර්ථකත්වයේදි මම සතුටු වෙනව. මේ යාලුවො මට ඉන්නකන් මලාට මම ගෑනියෙක් නිසා මැරෙන්නෙ නෑ කියන එක 100%ක් විශ්වාසයි. උඹලත් කොල්ලනේ කෙල්ලනේ බොක්කෙන් යාළුවො ආශ්‍රය කරපල්ල. වාසියට නෙමෙයි. යාළුවොන්ට අමාරු තැන් වලදි බොක්කෙන් උන්ට උදව් කරපන් නැගිටින්න. ඒක ජීවිතයක් බේරුව වෙයි කවද හරි.

හරි අපි හිතමු මැරෙන්නම ඕන කියල. ඇත්තටම මැරෙන්නම අවශ්‍යයි නම් මොනවද කරන්න ඕන? මම කියන්නම් කරන්න ඕන දේවල්..

පළමුව යන්න වකුගඩු රෝගීන් ඉන්න රෝහලකට. ගිහින් තමන්ගෙ රුධිර වර්ගයට ගැලපෙන රෝගියෙකුට ඔයාගෙ වකුගඩු දෙකෙන් 1ක් දෙන්න. උඹ නිසා එක මනුස්සයෙක් ජීවත් වෙයි තව අවුරුදු 20ක් වත්. අසරණ රෝගීන්. උන් ජීවත් වෙන්න පට්ට ගේමක් දෙන්නෙ. දෙවණුව යන්න අක්ශි රෝග රෝහලකට. ඇස් දෙකම පේන්නෙ නැති පොඩි දක්ෂ කොල්ලො කෙල්ලො ඉන්නව. පවු මේ ලෝකය දකින්න පිණ නැතුව ඉපදිලා මචං. එක ඇහැක් දන් දීපන් එවෙලෙම. උඹට පට්ට සතුටක් ලැබෙයි.. දැන් තාම උඹට එක ඇහැක් තියෙනවනෙ.. ඔහොමම බස් එකකට නැගල යමන් පිළිස්සුනු රෝගීන් ඉන්න රෝහලකට. ගිහින් ලස්සනට හිටපු ලස්සන කාන්තාවකට හෝ පිරිමියෙකුට පිලිස්සීම නිසා ඇති වෙලා තියෙන මූනෙ ලස්සන ආයෙමත් අරන් දෙන්න පටක දන් දීපන් උමේ ඇ‍ඟේ නොපෙනෙන තැනකින්.. දැන් ඔහොමම යමන් ලේ බැංකුවට. ලේ පයින්ට් 2ක් විතර දීපන්. රෝගීන් 4 දෙනෙක් ජීවත් වෙනව එක පයින්ට් එකකින් මම දන්න විදියට. උඹ මහා කුසල් ගොඩක් කර ගත්ත දැන්. දැන් ගිහින් හොඳට කල්පනා කරපන් කර ගත්තු පිං ටික. සමහර විට උඹට ලොකු සතුටක් දැනෙයි. මැරෙන්න හිටපු එකාට තව මේ වගේ සතුටු වෙන්න අවස්ථා හම්බෙයි කියල ජීවත් වෙන්න හිතෙන්නත් පුළුවන්. මහණ වෙන්න හිතෙන්නත් පුළුවන්. දැක්කද පවට පින පල දීල වාසනාව උදා වෙන විදිය. ඒ නැතත් මැරෙන්නම ඕන නම් මැරිල යමන් අර කරපු පිං ටික හිතේ තියාගෙන. එතකොට උඹට මල පෙරේත ආත්මයක් නැතුව අඩුම ගානෙ ටිකක් හොඳ උප්පත්තියක් වත් ලැබෙයි මේ කරගත්තු පිං බලෙන්..

අැත්තටම දසුන් සහ මැරුණු අනික් අය මේ වෙද්දි කොහේ ඇත්ද?

දසුන් විතරක් නෙමෙයි අර කලින් ඉඳන් මැරුනු හැම එකාලම මේ වෙද්දි නිරයෙ දුක් විඳිනව. එහෙම නැත්නම් පෙරේත ආත්මයක පල පෙරේතයෙක් වෙලා දුක් විඳිනව. අරූ පිරිමියෙක්නෙ. ගෑණියෙකුට ආසාවෙන් නේහ් මැරිල ගියේ.. කෙලින්ම මරණින් පස්සෙ ඕපපාතිකව ඉපදෙන්නෙ අර ආසාවෙන් මැරිච්ච ගෑණි ගාවමයි. ඒත් කරපු පව්කාර කමට ඒ ගෑනිට ලං වෙන්නවත් බැරි වෙන්න පුළුවන්.. සමහර විට මේ මලපෙරේතය ජීවත් වෙන්නෙ අර ගෑණිගෙ ඇ‍ඟෙන් පිට වෙන දාඩිය උරා බීල. එහෙම නැත්නම් ඒ ගෑනිගෙන් පිටවෙන ශ්‍රාවය වෙන යුශ උරා බීල. එහෙන නැත්නම් මාස්පතා පිටපන අපද්‍රව්‍ය උරා බීල තමයි මේ මල පෙරේතාත්මය ජීවත් වෙන්නෙ. ඉතින් මේ විදියට අවුරුදු 100 ගාණක් එක එක ගෑණු ගාව ජීවත් වෙලා අවසානෙ ඒ ඉන්න කාලෙ කර ගත්තු පව් ගොඩට යන්නෙ නිරයෙ. නිරයෙ ගිහින් අපායෙ ගිනිදැල් වලින් පීඩා විඳිමින් ජීවත් වෙනව. කොල්ලනේ කෙල්ලනේ.. පේනව නේද මහා පාප කර්ම කර ගත්තම ඒ මිනිස්සුන්ට වෙන දේවල්? කිසිම විදියකට නිවන් යන්න බෑ. කවුරු මොන බෝඩ් ගැහුවත් නිවන් යන්නෙ නෑ. දැන් බනී බණ කියන්න ඕන නම් මහන වියන් කියල මට. රිදෙයි ගොඩක් කට්ටියට. හැබැයි මේක තමයි ඇත්ත. මේ දේ තමයි ඇත්තටම වෙන්නෙ. උඹ දැකල තියේද අහයි. නෑ. හැබැයි මම බුදු බණ විශ්වාස කරනව. කෙලින්ම බුදුහාමුරුදුවො කියල තියෙනවනෙ සියදිවි හානි කර ගත්තොත් වෙන්නෙ මොකක්ද කියල…

මේක කියවන ඔයා මැරෙන්න හිතන් ඉන්න කෙනෙක් නම්, කිසිම දවසක ඒ දේවල් කරන්න එපා. කරන්න වැඩ ඕන තරම් තියෙනව සතුටින් ඉන්න නම්.. මේ ලිපිය ලියන්න හිතුවෙ ඔයා මැරෙන්න ඉන්න කෙනෙක් නම් ඒකෙන් මුදව ගන්න… සමහරු නම් කියන්නෙ මැරෙන එකා මැරෙනවම ලු. නෑ මචං. උඹට වැරදිලා. මැරෙන්න ඉන්න එකාට බොක්ක යාලුවෙක් හිටිය නම් ජීවිතේට එක පාරක් හරි, ඌ අරූට මැරෙන්න දෙන්නෙ නෑ. එහෙම මැරෙන්න නොදී හිටපු උඹල උගෙ යාලුවො නෙමෙයි. වාසියට හිටපු උන් විතරයි. මැරුණට පස්සෙ මතක් වෙලා මොනව කරන්නද. දැන් වත් ඉන්න කාලෙ ඉන්න යාලුවොන්ට කල්‍යාණ මිතුයො වියල්ල. එතකොට කවදාවත් උඹටවත් උන්ටවත් මැරෙන්න වෙන්නෙ නෑ නිකරුනේ.

ප්‍රශ්ණය අපේ නොවනකන් දාර්ශනිකයි තමා. ඉවසපන්. ඉවසල ඉවසල බැරිම තැන ඒත් ඉවසපන්. වෙන මොකුත් නිසා නෙමේ. අම්මගෙ කිරියි, තාත්තගෙ දාඩියයි ගැන හිතලා…. ලිව්ව ආටිකල් එකට රිදෙයි. ගොඩ දෙනෙක්ට… කරන්න දෙයක් නෑ. ඇත්ත කිව්වෙ.

ඒ අතරෙ මට ලස්සන දෙබසක් මතක් උනා..

“භාග්‍යවතුන් වහන්ස, කෙනෙකුගෙ ජීවිතයෙන් බාගයක්ම තීරණය වෙන්නෙ ඇසුරු කරන මිත්‍රයන් මත නේද?”

“නැත ආනන්දය. ජීවිතයෙන් බාගයක් නෙමෙයි, සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නෙ ඇසුරු කරන මිත්‍රයන් මතයි”

මට හරිපාර පෙන්නල දීපු මගේ කල්‍යාණ මිත්‍රයො වජිර, හේමන්ත, උදයංග, ප්‍රගීත් සහ අපි හැමෝටම මේ දේවල් අවබෝධ කර ගන්න කියල දීපු අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය හා ස්තූතිය.

හැම කොල්ලෙකුටම කෙල්ලෙකුටම දළදා හාමුරුවන්ගේ පිහිටයි !!

මේ ලිපිය ඔයාට දශමයක් හරි ප්‍රයෝජනයක් උනා නම් මේක Share කරන්න පැකිලෙන්න එපා. ඔයත් පොඩි හරි පිණක් රැස් කර ගත්තා වෙයි. ඔයාලගෙ යාලුවොන්ට අනිවාර්යයෙන් බලන්න Share කරන්න.

උපුටා ගැනීම – adare.lk

Source Link : Sakwala

ඔබ නිවැරදිකරු ද? වැරදිකරු ද?  ” මම විල්සන්කරු ස්වාමීනි.. ” D J අරා දීපූ ඇඩෙන ටෝක

ඉරාජ්ගේ Video එක හොඳද? නරකද? මේ වෙද්දී හැමෝටම තියෙන ලෝක ප්‍රශ්නේ තමයි ඕක. ඉරාජ් කියනවා මම කාටවත් මඩ ගැහුවේ නැහැ කියලා. ඒත් සමහරු කියනවා ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහත්තයාගේ පහුගිය ජීවිත කතාවයි ඉරාජ් මේ බයිටට අරන් තියෙන්නේ. කොහොම වුනත් මේ වෙද්දී Video එක ලංකාවේ You Tube Trending වල අංක එකට ඇවිත්. ඒ විතරක් නෙවෙයි ඔස්ට්‍රේලියාව වගේ රටවලත් Trending වලට ඇවිත්.

ඒ අතර ලංකාවේ සමහරු ලෑස්ති වෙන්නේ ඉරාජ්ගේ Video එක Report කරන්න. ඒ වෙනුවෙන් මේ වෙද්දී සමහරු FB හරහා ප්‍රචාරයන් දියත් කරනවා. මේ අස්සේ ලංකාවම ආදරේ කරන DJ අරවින්ද අද සියත Morning Show එකේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරා.

මීට කලින් ඉරාජ් ගීතයකින් තමන්ටත් මඩ ගහපු හැටි මතක් කරපු අරවින්ද කිවුවේ ඒ ගැන නම් කිසිම තරහක් නැහැ කියලයි.

කොහොම වුනත් කතාවේ අන්තිමට සියතේ අරවින්ද ඉරාජ්ට හීනියට ටොක්කක් ඇන්නේ “ඔයාගේ ‘ප’ යන්නට වඩා පරණ ‘ස’යන්න අපිට හොදයි.” කියමින් වික්ටර් රත්නායකගේ ගීතයක් ප්‍රචාරය කරලයි.

මේ තියෙන්නේ අරවින්ද ඉරාජ් ගැන කරපු සම්පුර්ණ කතාවේ හඬ පටයයි…

සින්දු කෑල්ලෙන් පස්සේ හොඳම කෑල්ල තියෙන්නේ..

Source Link : ආටිකල් 14.news

වික්ටර්ගේ බිරිඳ ඉරාජ්ගේ ආන්දෝලනාත්මක අලුත් වීඩියෝව ගැන රිදෙන්න කිව්ව කතාව

මේ දිනවල ආන්දෝලනයට තුඩුදී තිබෙන ඉරාජ්ගේ මියුසික් වීඩියෝව ගැන බොහෝ දෙනෙක් දැඩි විවේචන එල්ලකරමින් පවතිනවා. මෙම වීඩියෝව තුලින් වික්ටර් රත්නායක මහතාගේ චරිතයට දැඩි ලෙස හානි කල බව ඇතැමුන්ගේ චෝදනාව වෙනවා

මේ පිළිබඳව විමසීමට වික්ටර් රත්නායක මහතා සම්බන්ද කරගත් මොහොතේ එතුමාගේ බිරිඳ මාධ්‍යට කල ප්‍රකශය පහතින් දැක්වෙනවා

Source Link : Online Sinhala Blog

දසුන් ශලිනි සහ බිරිඳ අතර තිබුන තුන්කොන් ප්‍රේමය මිතුරකු හෙළිකරයි!

සුන් විවාහකයි කියලා පස්සේ දැනගත්තේ.මම අයින් වෙලා ඉන්නම් කිව්වා ප්‍රශ්නේ විසදාගෙන එනකල්..
බලවත් අකුරු හතරක් ආදරය කියන්නේ . බොහෝ දෙනා කියන්නේ ඒ වචනයට කරන්න බැරි දෙයක් නැති නිසයි. ආදරණිය හදවතකට ජිවිතයක් ජිවත් කරවන්නත් ජිවිතයක් නැති කරන්නත් පුළුවන්කම තියෙනවා. මනුස්ස ආත්මයක් ලබන හැමෝම කාලෙන් කාලෙට ආදරේ හොයනවා. පුංචි කාලේ දෙමාපිය ආදරේ තරුණ කාලේ පෙම්වතියකගේ බිරිදගේ ආදරේ.විවාහයෙන් පසුව දරුවන්ගේ ආදරේ වගේම යහළු යෙහෙළියන්ගේ ආදරේ වශයෙන්. මේ හැම ආදර කතාවකටම වඩා පෙම්වතා හෝ පෙම්වතියගේ ආදරේ බොලද විදිහට බලාපොරොත්තු වෙද්දී සුරංගනා ලෝකවල ජිවත් වෙද්දී ඒ ආදරේ තමා සතු කරගන්න වෙහෙසෙනවා.ටෙලි නාට්‍ය කිහිපයක රංගන දායකත්වය ලබා දෙමින් නළුවෙක් වුණු දසුන් නිශාන් සිය දිවි හානි කරගෙන තිබෙන්නේත් දෙහදක ආදරේට මැදිවුණු නිසා කියලයි කියන්නේ. ඒ කොහොම නමුත් ඇත්ත දන්නේ පීඩනය විදි හදවත විතරයි. දසුන් විතරමයි. ඔහු අවට හිටි හැමෝටම ඔහු මියගිය පසු ඕනෑම දෙයක් කියන්න පුළුවන්.දසුන් පසු ගිය කාලයේ ආදරය කළ ජනප්‍රිය නිළිය හා දසුන්ගේ ළගම මිත්‍රයෙක් අපට කිව්වේ මෙහෙම කතාවක්..

“ඇත්තටම දසුන් පසුගිය කාලයේම හිටියේ මානසික පීඩනයෙන්. ඔහු ළගින් හිටි කෙනෙක් හැටියට හිත හදා ගන්න අපිත් උදව් කළා. නමුත් දරා ගන්න බැරි වුණු තැන ජිවිතේ දාලා යන්න තීරණය කරන්න ඇති. අපි නම් හිතුවේ නැහැ එයා මෙහෙම කරයි කියලා. දසුන් මිය ගියාට පස්සේ බොහෝ දෙනා විවිධ දේ කියනවා. ඇත්ත එයා ජනප්‍රිය නිළියක් එක්ක සම්බන්ධයක් තිබුණා. නමුත් එයා නිසා දසුන් ජිවිතයට හානි කරගත්තා කියන්න බැහැ. මොකද දසුන් විවාහ වෙලා හිටියා කියලා ඔය කියන නිළිය මුලින් දන්නේ නැහැ. ඇය සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත්තේ ලොකු උත්සහයකින් පසුවයි.ඒ බව ළගින් හිටි අපි දන්නවා. ඔහු වරදක් කරනවා. ඒ ඇයට මොහු විවාහකයෙක් කියන ඒක සෑහෙන කාලයක් වසන් කිරීම. ඒ ආදරේට වෙන්න ඇති ඒ වගේම ඇයගේ ආදරේ ලබා ගත්තේ බොහෝම අමාරුවෙන් නිසා ඒ ආදරේ රැකගන්න වෙන්න ඇති. පසුව මේ නිළිය දැන ගන්නවා ඔහු විවාහ වෙලා කියලා. ඒ වෙනකොට දසුන්ගේ හා නිළියගේ ප්‍රේමය ස්ථිර ප්‍රේමයක් වෙලා. ඒත් ඇය ඔහුට කිව්වා “ඔයා මේ ප්‍රශ්නේ විසදාගෙන එනකල් මම අයින් වෙලා ඉන්නම්..”කියලා. ඒ වගේම දසුන් ඇය ගැන විවාහක බිරිදටත් කියලා තිබුණා. දසුන් කියන්නේ මත්පැන් වලට ලොල් වෙලා හිටපු කෙනෙක්.නිළිය තමයි ඒ ඇබ්බැහි වීමෙන් ඉවත් කරගත්තේ. නිළිය අවසානයට ඔහුට කිව්වා ඇයගේ ආදරේ අවශ්‍යයි නම් ඒ දේවල් වලින් අයින් වෙන්න කියලා. ඇයට තිබුණු ආදරේ නිසාම අපි මත්පැන් පානය කරන්න කතා කළත් ඔහු ආවේ නැහැ. බැහැ එයාට පොරොන්දු වුණා කියලා මග හැරියා. මේ විදිහට ඉන්නකොට තමයි ප්‍රශ්න මතු වුණේ. එතකොට නිළිය ඔහුගේ හිත හැදුවා. දසුන්ට ඇයගෙන් ඉවත්වෙලා ඉන්න බැරි වුණා. විවාහක බිරිද මුලින් කිව්වා දික්කසාදය දෙන්න බැහැ කියලා. ඒ වගේම දසුන් එක්ක ජිවත් වෙන්න එන්න බැහැ කියලත් කිව්වා. ප්‍රශ්න වැඩි වෙද්දී නිළිය ඉවත් වෙන්න හිතුවා.

ඒත් ඒ දේ කළේ නැහැ දසුන්ට ප්‍රශ්ණයක් වෙයි කියලා.ඒත් එක්කම ඔහුගේ බිරිද කියලා තිබුණා ඩිවෝස් එක දෙන්නම් නමුත් වන්දි මුදල් විදිහට ලක්ෂ ගණනක් ඕන කියලා. දසුන් හිටියේ ලක්ෂ ගාණක් හොයා ගන්නේ කොහොමද කියලා. දසුන් හා ඇය අතර ලොකු කාලයක් ප්‍රේම සම්බන්ධය තිබුණු නිසා ඔහු ඇයට ඉගෙන ගන්න පවා වියදම් කළේ දසුන් කියලා අපට දසුන් කියලා තිබුණා. කොහොම නමුත් ඔහු හදුනන නීතිඥවරයෙක් එක්ක දික්කසාදය ගැන කතා කරලා තිබුණා. නීතිඥවරයා මොහුට කිව්වෙත් කලබල නොවී ඉන්න කියලයි. අන්තිමට දසුන් ප්‍රශ්න ඉතුරු කරලා ජිවිතේ හානි කරගෙන විසදුම තනියම හොයාගෙන යන්නම ගියා…”එමෙන්ම දසුන්ගේ මව කියන්නේ දසුන් හා නිළියගේ සම්බන්ධයට මව අකමැති වූ බවත් ඔහුට ඒ සම්බන්ධයෙන් ආදරයෙන් අවවාද දුන් බවයි. දසුන්ගේ විවාහක බිරිද කියන්නේ

” මගෙයි දසුන්ගෙයි ආදරේ වර්ෂ 13ක් වෙනවා. අපි දෙමාපිය ආශිර්වාදය මත තමයි විවාහ වුණේ..පසුව දසුන් නිළියක් එක්ක සම්බන්ධයක් තිබෙන බව ඔහුගෙන්ම දැනගන්න ලැබුණා.ඇයත් මාත් එක්ක කතා කළා. ඇයට දසුන්ව අවශ්‍ය බවත් ජිවත් වෙන්නේ ඇය දසුන් සමග බවත් කිව්වා. මම එයාට ගොඩක් ආදරේ කළ නිසා විවාහ ජිවිතේ රැකගන්න උත්සහ කළා…”යනුවෙනුයි.

hadahananet

Source Link : ආටිකල් 14.news

ඉරාජ්ගේ අලුත්ම මියුසික් වීඩියෝවට මඩ ගහන අයට පියුමි හංසමාලි දුන්න සැර පිළිතුර

පසුගියදා ඉරාජ්ගේ අලුත්ම මියුසික් වීඩියෝව යු ටියුබ් වෙබ් අඩවිය වෙත මුදාහරිනු ලැබුවා මේ වනවිට එය යු ටියුබ් වෙබ් අඩවියේ පළමු ස්ථානයට පැමිණ තිබෙනවා. නමුත් මේ වනවිට සමාජ ජාලා වෙබ් අඩවි වල මේ වීඩියෝවට දැඩි විරෝධයක් එල්ලවෙමින් පවතිනවා

මේ නිසා මෙහි ආන්දෝලනාත්මක රංගනයක් ඉදිරිපත් කරන පියුමි හංසමාලි විසින් වීඩියෝවට බනින හැමෝටම සැර පිළිතුරක් ලබාදී තිබෙනවා මෙන්න එම පිළිතුර

Source Link : lanka-hotnews