ගහක මල් පිපිලා ගීතය ඇත්තම් තේරුම ගැන ලේඛිකාව යමුනා මාලනී කියන කතාව

සමහර ගීත ඉතා ඉක්මනින් ජනප්‍රිය වෙලා ඒ වේගෙන්ම හැමෝටම අමතක වෙලා යනවා. එහෙම නැත්නම් බොහෝ දෙනාට එපා වෙනවා. ඒත් එකවර ජනප්‍රිය නොවී රසිකයන් අතරට ගිහින් ජනප්‍රිය උන සමහර ගීත තියෙනවා කවදාවත් රසිකයන්ගෙන් ඈත් නොවන. බොහෝ විට මෙවැනි ගීත වර්ථමානයේ බිහි නොවුනත් මීට වසර ගනනාවකට පෙරනම් බොහෝ අවස්ථාවල නිර්මාණය වෙලා තියෙනවා.

ප්‍රවීන ගී පද රචිකාවියක් වගේම ලේඛිකාවක් වන යමුනා මාලිනී ලියා ගුණදාස කපුගේ සංගීතවත් කර කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන ‘ගහක මල් පිපිලා පිපෙන්නේ‘ ගීතය මෙරට රසිකයන් අතර බොහෝ කලක සිට අතිශය කතා බහට ලක්වුනු ගීතයක්. මෙහි ප්‍රේමය පිලිබදව අතිශය සංවේදීව පද ගලපලා තියෙනවා වගේම රසිකයන්ට විවිධ පැති ඔස්සේ චිත්ත රූප මවා ගැනීමට හැකි පරිදි මෙම ගීතය නිර්මාණය වෙලා තියෙනවා. ඉතිං මේ අපුරු ගීතය නිර්මාණය පිලිබදව යමුනා මාලනී කියලා තිබුනේ මේ විදිහට.

“එක ලේඛිකාවක් හිටියා පුවත්පත් වලට වගේම සගරාවලට ලිපි ලියන. ඉතිං මේ ලේඛිකාවගේ නිර්මාණ වලට ආසා කරපු රසිකාවියොත් විශාල ප්‍රමාණයක් හිටියා. ඉතිං මේ අය නිතර මේ ලේඛිකාවට ලිපි ලියපු අතර මේ රසිකාවියන්ටත් ලේඛිකාව හැකි පමනින් පිලිතුරු ලිපි ලිව්වා. හැබැයි තමන්ට ලිපි එවන සියල්ලන්ම රසිකාවියෝ කියලා තමයි මේ තරුණ ලේඛිකාව හිතන් හිටියේ.

මේ ලිපි අතර ටිකක් වෙනස් ලිපි ටිකක් මේ ලේඛිකාව දකිනවා. ඒ වගේම ඒ ලිපි රසිකාවියක් නෙමේ රසිකයෙක්ගේ බවත් මේ ලේඛිකාවට තේරෙන්න ගන්නවා. ඒක තේරුනේ මේ ලේඛිකාවගේ දුරකථන අංකයක් හොයාගෙන ඇගේ කාර්යාලයට දිනක් පුද්ගලයෙක් කතා කරලා ‘ මේ කතා කරන්නේ ලිපි එවන කෙනා‘ කිව්වට පස්සෙයි. ලේඛිකාව පුදුමයට පත්වෙලා මම රසිකයන්ට ලිපි ලියලා නෑ මම ලියලා තියෙන්නේ රසිකාවියන්ට විතරයි කිව්වත් රසිකයා ඒක පිලිඅරන් නෑ. කොහොම හරි මේ රසිකයගේ නම කාන්තා නමකට සමාන නිසා මොහු මේ ලේඛිකාවට දිගින් දිගටම කාන්තාවක් වගේ ලිපි එවලා තියෙනවා.

පස්සේ ටික ටික මේ රසිකයා ලේඛිකාව එක්ක හිතවත් උනාට පස්සේ දවසක් ඔහු කියනවා, ‘මම ඔයාගේ ලේඛනයට වශී වෙලා ඉන්නේ. අපිට මුණ ගැහෙන්න බැරිද දවසක‘ කියලා. ඊට පස්සේ ලේඛිකාව මොහුට දොස් කියලා තියෙනවා ‘ඔයා කලේ රැවටීමක් අපිට මුණ ගැහිලා කතා කරන්න දෙයක් නෑ‘ කියලා. පස්සේ ඔහු කියනවා ‘මම අපරාදයක් කරා නෙමේනේ මම කලේ මගේ හිතේ තිබුනු දේ කියපු එක. ඒ විදිහට ලෝකේ ආදරයක් ඇති වෙන්න බැරිද‘ කියලා.

මේ ලේඛිකාව කොහොමවත් රසිකයගේ ඉල්ලීමට එකග වෙලා නෑ. අවසානයේ රසිකයා ඇයට කතා කරලා මෙහෙම කියලා තියෙනවා. ‘ ඔයාගේ කවිවල තියෙන සෞම්‍ය බව ඔයාගේ කතාවෙවත් හදවතේවත් නෑ. මතක තියාගන්න ඔයාගේ ලියවිල්ලට ආදරේ කරපු වගේම ඔයාට ආදරේ කරපු කෙනෙක් හිටිය වග. ලෝකේ මේ විදිහට නොහිතන තැන් වලත් ආදරේ උපදිනන් පුලුවන් තව ඉස්සරහට ඔබටම ඕක තේරෙයි‘

පස්සේ කවදාවත් මේ රසිකයා ලේඛිකාවට කතා කරලා නෑ. ඉතිං කලක් යනකම්ම මේ මතකය ලේඛිකාවගේ හිතේ තිබිලා. ඇයටම අවසානෙදි තේරිලා මොහු හොද හැදියාවක් තිබුනු අයෙක් බව. මේ කතාව මට කියද්දි මටත් හිතුනා මේ විදිහට ඒක පාර්ශවීය ප්‍රේමයන් ලෝකේ තියෙන බව. අපි ආදරය ගැන මොනතරම් දේවල් ලිව්වත් තව ආදරය ගැන ලියන්න දේවල් තියෙන බව මටත් තේරුනා. ඉතිං මෙන්න මේ සත්‍ය කතාව මුල් වෙලා තමයි මේ ගීතය ලියවුනේ.”

ගහක මල් පිපිලා ගීතය සමරිසි පෙමක් ගැන කියවෙන ගීතයක් බවට බොහෝ දෙනා අන්තර්ජාලයේ පවා ව්‍යාජ සටහන් තබා තිබුනත් මෙම ගීතයේ සත්‍ය කතාව තමයි මේ. මේකෙන් කියවෙන්නේ පිවිතුරු අප්‍රකාශිත පෙමක් ගැන මේක ගැන සමරිසි කතාවක් අන්තර්ජාලයේ පල උනාට පස්සේ මටත් දිගින් දිගටම ඇමතුම් ආවා. මට උනා ගීතයේ අරුත පැහැදිලි කරන්නත්. ගීතයක් ජනගත උනහම ඒක අයිති රසිකයන්ට. ඒ නිසා තමයි රසිකයෝ මේ ගැන මෙතරම් කතා කලේ. ඉතිං තවමත් හොද රසිකයන් පිරිසක් ඉන්න එක ගැන සතුටුයි.

Source Link : Gossip Lanka News & Video

මීටර් දෙක තුනක් මුහුදු රළ උස්වෙයි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

කාලගුණය…. කාලගුණය කියන්නේ හරියට කෙල්ලෝ වගේ කියලයි අපි නිකමටත් කියන්නේ. මේ තියන කාලගුණ තත්වය නෙමෙයි තව ටික වෙලාවකින් තියෙන්නේ මොකද ඒ තරම් ඉක්මනට වෙනස් වෙනවා. ඔන්න ඉතින් මේ වෙනස්වෙන කාලගුණය ගැන අද අපේ රටේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරලා තිබුණා. මේක නිවේදනයක් විතරක්ම නෙමෙයි අනතුරු ඇඟවීමක්.

මුහුදු රල මීටර් දෙක තුනක් උස්වන බැවින් ගොඩබිම තුලටද මුහුදු රල පැමිණිය හැකි බැවින් ප්‍රවේශම් වන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක්ද කර තිබෙනවා වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්

Source Link : Online Sinhala Blog

දිනපතා කෙසෙල් ලෙල්ලක් මුහුණේ අතුල්ලන්න… වෙන දේ ඇසුවොත් ඔබ විශ්මයට පත් වේවි..

දිනපතා කෙසෙල් ලෙල්ලක් මුහුණේ අතුල්ලන්න. ඔබ විශ්මයට පත් වේවි එහි ප්‍රතිපල දැක. කෙසෙල් ආහාරයට ඉතා ගුණ පළතුරක් මෙන්ම කෙසෙල් ලෙල්ලද රුපලාවන්‍ය කටයුතු සඳහා ඉතා වටිනා දෙයකි. එමගින් ප්‍රතිපල රාශියක් ලබාගත හැක. ඔබගේ දත් අවපැහැ ගැන්වී ඇත්නම් කෙසෙල් ලෙල්ලක් ඔබේ දත් වල දිනපතා ආලේප කරන්න. සුදුවන් දත් පෙළක් ලබාගත හැක. වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් නරඹන්න

Source Link : lanka-hotnews

කනත්තේ තිබෙන ඇඟ හිරිවැටෙන හොල්මන් ගැන කනත්ත පාලකවරයා කිව්ව කතාව

රු අහසේ ගිනි ගනිමින් තිබේ. මධ්‍යාහ්නයට තවත් ඇත්තේ විනාඩි දෙකකුත් තත්පර තිස්ගණනක් පමණක් විය යුතුය. මා දැන් සිටින්නේ ගල්කිස්සේ මහ කනත්තේය. මළවුන් අතර ගැවසෙමින් මම ඒ පටු මාවත් දිගේ සැරිසරමි. සිනමා සක්විති ගාමිණි ෆොන්සේකාගේ භෂ්මාවශේෂ තැන්පත් කළ සොහොන ථූම්භගෙය අබියසදි මට පෙනෙයි.

බටහිර අහස රතු සිත්තම් මැකුණාවේ
දෙණිපෙත හඬන හිරියා මල්
පිපුණාවේ
මා ආදරය දුටු බව නොම හැඟුණාවේ
මා නැති කලෙක උන් සුවඳක් දැනුණාවේ

එතුමා විසින් ම පරසතු මල් චිත්‍රපටයට ලියූ සුන්දර කවියක් එහි කොටා තිබිණ. මළවුන්ගේ බිමේ හිණිහිසේ සිටින්නේ ප්‍රවීණ ගුවන් විදුලි නිවේදක හිටපු ගුවන් විදුලි සංස්ථා සභාපති ලලිත් එස්. මෛත්‍රිපාලයන්ගේ සොහොනය. සනත් ගුණතිලකගේ මව හා පියාගේ සිරුරු මිහිදන්ව ඇත්තේ කනත්තේ මැද පිහිටි අරලිය මල් සෙවණ යටය.

බෙන් සිරිමාන්න සී.ටී, ප්‍රනාන්දු, සාගරිකා ගෝමස්, දොන් සිරිසේන, එම්.එස්. ප්‍රනාන්දු, චන්ද්‍රා වයමන්, ‘ඇස්දෙක’ ලියූ සෝමපාල රණතුංග, විකට ශිල්පී ඇන්ටන් ජූඩ් මේ කනත්තේ තැන් තැන්වල සමාදානයේ සැතපෙති. මෙහි නිදන සියලු ම කලාකරුවන්ගේ නාමාවලිය ලියන්නට ගියා නම් එය මීටත් දිගය. දෙහිවල ගල්කිස්සේ මහ ඉහළින් වැජැඹි ව්‍යාපාරිකයන්, නීතිවේදින් මතු නොව ඇතැම් දේශපාලකයෝ ද මෙහි සැතැපී සිටියහ.

මා ලියන්නට යන්නේ ඒ කනත්තේ වගතුග නොවේ. මරණය කියන අකුරු හතරට කවරදාවත් බිය නොවූ මරණය යන නියත දහම බණක් ලෙස නිතර මෙනෙහි කළ අපූරු මිනිසෙක් ගැනය. අද විශ්‍රාමිකයකු වුව ඔහුගේ අත්දැකීම් ගොන්න කවදාවත් ඉසුබු නොලබයි. වත්මනේ තටු ගසමින් හේ මා අබිමුව බොහෝ දේ කියයි. ගල්කිස්ස හිටපු සුසාන භූමි පාලක උදිත ලක්ෂ්මන් ප්‍රනාන්දු නම්වර ලත් හෙතෙම ලලිත් එස්. මෛත්‍රිපාලයන්ගේ එක කුස ඔත් සහෝදරයාය.

ගල්කිස්ස පොදු සුසානය විතරක් නොවේ. මා යටතේ තවත් සුසාන භූමි ගණනාවක් පාලනය වුණා. ගොනාකෝවිල, කොහුවල, නැදිමාල, අත්තිඩිය සොහොන් පළ ආදියත් මා යටතේ තිබුණෙ. උදේ පාන්දර බුදුන් වැඳලා හිත සැහැල්ලු කරගෙන ජීවත් වෙන්ඩ රාජකාරියට ආවත් උදේ හිට රෑවන තුරු මගේ වචන කෝෂයේ ප්‍රධාන වචනය මරණය.

මරණ පත්‍රිකා, මරණ දැන්වීම, මරණ ආදාහන, මරණ භූමදාන, මරණාධාර ආදි වශයෙන් උදේ ඉඳන් ඇස ගැටෙන වචනයත් මරණය. බිම් කළුවර වැටෙනවාත් එක්ක මරණය පිළිබඳ ස්මාරක අපේ හිතේ රැව් දෙනවා. ඒත් මරණය කියන අකුරු හතර මට සාමාන්‍යයි.

අපට මේ මරණ චාරිත්‍ර බොහොමයක් ආවෙ ඉන්දියාවෙන්. ඉන්දියාවේ මුහුදුබඩ ප්‍රදේශවල වැසියන්ගේ චාරිත්‍රයක් තිබුණ මරණ (මිනී) කැලේ හංගන්ඩ ගියාම වැලි ගෝනියක් අරන් යන එක. අද වගේ භූමදාන හෝ ආදාහන ඒ කාලෙ තිබුණෙ නෑ. සොහොන් පිටි වගේ කැලේ පිහිටි විල්ලු වගේ තැන්වලට ගිහින් මේ මිනී වීසි කරලා එනවා.

බොහෝ විට මේ විදියට මිනී වීසි කරන්ඩ ගියාම ඒ අයටම ආපසු එන්ඩ පාර මතක නෑ. අර විදියට මිනී විසිකරන්නේ සතුන්ට ආහාරයක් වෙන්නයි. පාර මතක නැති වන හින්දා කැලයට යන තැන සිට මුහුදු වැලි අහුරු ගණන් වීසි කරන එක ඒ අය කළා. ඒ විදියටයි අවමංගල රථ කනත්තට ගෙන යන විට ඉදිරියෙන් යන කරත්තයකින් වැලි දමන සිරිත අපටත් ආවෙ.

ගොවි බිම්වල අය මේ විදියට කැලේට මිනී ගෙනියනකොට පොරි (වී බැදලා ගන්නා) වීසි කළා. එනවිට සත්තු ඒවා කාලා තිබුණොත් කියලා කොළ අතුත් මග දිගට කඩාගෙන ගිහින් අන්තිම කොළ අත්ත මිනිය වීසි කළ තැන ගහලා ආවා. ඒ නිසයි පොරි වීසිකිරීම කොළ අතු වලේ ගසන සිරිත අපට ආවෙ.

මේ කැලෑවල ඒක සාටක තපස්වීන් විශේෂයක් හිටියා. ඒ අය බොහෝ විට ඇන්දේ මළ මිනී ඔතලා වීසි කරලා දමපු රෙදි සෝදලා පිරිසුදු කරලයි. ඒ අය ස්නානය කළේ නිරුවතින් ගඟ දිගේ පිහිනමින්. ඒ අඟහරුවාදා හා සිකුරාදා දවස්වලට. මළ මිනී වීසි කරන්ඩ එන අය නිසා ඔවුනගේ නෑමට කරදරයි.

ඒ නිසා ඒ අය මතයක් ඇති කළා අඟහරුවාදා, සිකුරාදා කැලේ මිනී වැළලීම කරන්නේ නෑ කියලා. ඒවත් හරි හැටි තේරුම් ගන්නෙ නැතිව අපි එලෙසම ගත්තා. ඒත් අඟහරුවාදා සිකුරාදා මිනියේ වැඩ කරන මිනිස්සුත් අප අතර නැතිවාම නොවෙයි.

කෙනෙකුගේ මරණයෙන් තමන්ගේ අභිමානය ඇති කරගන්ඩ යන අය මා අනන්තවත් දැක්කා. සමහරු ආදාහනාගාර තියෙද්දි වෙනම චිතකයක් හදලා පුච්චන්ඩ කතා කරනවා. බලපත්‍රය ගත්තාම ඒවාට අවසර ගත හැකියි. තමන්ගේ අම්මා තාත්තා ඉන්නකොට සලකන්නෙ නැති දරුවො ඒ අය මළාම නම්බුවට තට්ටු හතක රන්සිවිගෙය ගහලා පුච්චන්නෙ.

ඊට පස්සෙ කියනවා අපේ තාත්තා පිච්චුවෙ තට්ටු හතක රන්සිවිගෙයක් ගහලා. පෙට්ටිය විතරක් 55,000 යි ආදි වශයෙන්. මහත්මයාගේ මිනිය කනත්තට ඇතුළු කරනකොට මැරෙන්ඩ හදන විලාප නගන සමහර අම්මණ්ඩිලා කටයුතු අවසන් වුණාම වෙනත් මහත්වරුන්ගේ තඩි කාර්වල හිනාවෙමින් යනවා මා දැකලා තියෙනවා.

එක අවමංගල පත්‍රිකාවක් මා දුටුවා. දුව එංගලන්තෙ අහවල් රස්සාව. බෑනා අහවල් රටේ අහවල් රස්සාව පුතා මෙහෙමයි. නංගි මෙහෙමයි. ඔක්කොම ලොකු ලොකු තානාන්තර දාලා මැරුණු මනුස්සයාගේ පින්තූරය ඉතාම පොඩියට. ඒකම පත්තරවලත් පළ කරනවා. ගුණ කථන බොහොමයි. ඉවරයක් කරගන්ඩ බැරි අරවගෙ මළගමක් මට මතකයි.

රජ පෙළපතින් සියල්ල තිබුණෙ අනේ! පහුවෙනිදා අපි බලන් ඉන්නවා. ඊට පහුවෙනිදත් මේ විදියට සතියක්. අර මැරුණු මනුස්සයාගේ අළු ටික ගන්නවත් අර රජ පැටව් කවුරුවත් නෑ. ජීවිතය දකින්ට හොඳම තැන තමයි මේ රස්සාව.

සමහර සල්ලිකාරයො බලපත්‍ර අරගෙන මිනී චිතකයෙ වැඩ කටයුතු අවසන් වන තුරු වැඩ ටික කරන්ඩ අවමංගල ශාලාවලට කොන්ත්‍රාත් බාර දෙනවා. දවසක් මහ රාත්‍රි අපේ මුරකරුවෙක් ඇවිත් මට කියනවා. සර් අර අවමංගල ශාලාවෙ රථයටයි මිනිස්සුන්ටයි හන්දියෙ කට්ටියක් ගහනවා කියලා. මාත් දුවගෙන ගියා බලන්ඩ.

අනේ! බලනකොට චිතකය දැල්වෙද්දි ඒ කටයුතු බලන්ඩ අවමංගල ශාලාවකින් ‘හර්ස්’ එකක් ඇවිත්. ඒ මිනිස්සු විටින් විට මහ රාත්‍රි 11 ට විතර කනත්තේ ඒ ඉසව්වට යනවා එනවා. හන්දියෙ කට්ටිය හිතලා තියෙන්නෙ ‘හර්ස්’ එකක් ඇවිත් අලුත් පෙට්ටි උස්සන්ඩ කියලා. මං කරුණු පැහැදිලි කරලා දීලා ඒ අය බේරාගත්තා. මිනී පෙට්ටියක් ගිනි පෙට්ටියක් වගේ උස්සන් යන්ඩ බෑ කියලා මිනිස්සු තේරුම් ගන්නෙ නෑ.

තවත් දවසක් ‘නයින් තර්ටි’ ෂෝ එක ඕඩියන් එකේ බලලා පාරෙ යන කට්ටියක් මාව හොයාගෙන ආවා. “මහත්තයො, යක්ෂණියක් අර අලුත මිනියක් පිච්චෙන තැන ඉඳගෙන මිනී මස් අරගෙන තලු මර මරා කනවා අපි දැක්කා බලන්ඩ” කියලා. මාත් දුවගෙන ගියා. ඇත්තටම මහ බියකරු රූපයක්. කොණ්ඩය අපිළිවෙළට දිගට තිබුණා. බලනකොට මේ ගෑනි පිස්සු ගැහැනියක්. අර චිතකයෙ පිච්චෙන අඟුරුවලට කොස් ඇට දාලා ඒවා පිච්චුණාම අරගෙන කනවා. මේකට අර මිනිස්සු හිතුවෙ අර විදියටයි.

තවත් දවසක හොඳට හඳ පායලා තිබුණා. මුරකාරයා මට කතා කළා. රාත්‍රි 11 ට විතර. සර්, මිනී වලකින් අතක් උස්සනවා. පහත් කරනවා. මේක නම් හොල්මනක් කියලා. සාමාන්‍යයෙන් අලුත තැබූ පෙට්ටියක් අවස්ථා 3 කදි ගිලා බහිනවා වළ ඇතුළට. ඒ පෙට්ටිය දිරනකොට. ඊළඟට මිනිය දිරනකොට. අන්තිමේ ජරපත් වුණාම.

එතකොට වළ උඩහ තරමක හිදැසක් ඇති වෙනවා. මාත් ගිහින් ටිකක් බලන් හිටියා. ඇත්ත එකපාර අතක් ඉස්සුණා. ඊළඟට පහළට වැටුණා. තව ටික වේලාවකින් ආයිත් අත ඉස්සුණා. ආයිත් පහළට වැටුණා. මං පුරුෂ වීර්යය අරන් ඒ වළ ළඟට ගියා. බලනකොට බ්‍රීෆ්කේස් එකක් වළ උඩ. මහත්තයෙක් හොඳට බීලා වළ ඇතුළෙ නිදි.

කොච්චර වටේට ගේට්ටු තාප්ප තිබ්බත් පිටිපස්සෙන් එන්නත් පුළුවන්. මිනිහව මදුරුවො කනවා. මිනිහා අත උස්සලා නිදි මතේ ම මදුරුවන් තළනවා. මං ඇහැරලා කතා කළා. බලනකොට පෙරදා හවස පුච්චලා තියෙන්නෙ එයාගෙ යාළුවෙක්. එයා හිතේ අමාරුවට බීලා. බීලා වැඩිවෙලා පාරෙ වැටුණා කියලා මිනිහා හිතලා තියෙන්නෙ. කැරකෝප්පුව කීවාම මිනිහාගේ වෙරි හිඳුණා.

‘හොල්මන්’ කියන්නෙ මහත්තයො, හෙලවෙන මනසනේ. ඒත් මං නම් මේ අවුරුදු 34 ටම හොල්මන් කියන අවතාර වැනි දෙයක් දැක්කෙ නෑ. ඒත් මගෙ මුරකාරයො අහලා තියෙනවා. පුංචි දරුවෙක් කෙම්මුරදා රාත්‍රිවලදි ‘අම්මා’ ‘අම්මා’ කියලා අඬනවා. පුංචි දරුවන්ගෙ මරණ මට හරිම සංවේදීයි. එදාට මං ටිකක් බැහැර වෙලා අනෙක් අයට කියනවා කටයුතු බලන්ඩ කියලා.

ඒ ශබ්දය ඇහෙන්නෙ පුංචි දරුවෙක් වළ දාපු තැනකින්. ඊට ටිකක් එහායින් තිබෙන්නේ ගබ්සා වූ දරුවන්, ශල්‍ය කර්මයකින් ඉවත් කරන කොටස් වළදාන තැනක්. මං දරාගන්ඩ බැරි නිසා ඒ පැත්ත නම් බලන්ඩ යන්නෙ නෑ. තව දවසක් අපේ මනුස්සයෙක් දැකලා තියෙනවා මනමාලියකගෙ පහළ කොටස. මිනිහා තරමක් හිස පහත් කරගෙන ඉන්න වෙලාවක.

එයා ඔළුව උස්සලා ඉහළ කොටස බලන්ඩ ගියෙ නෑ. මහ රාත්තිරියෙ දොළහට පමණ වන නිසා. ඒ ළඟම මනාලියගේ වේලය රැගත් සුන්දර තරුණ ළඳක් වළ දමා තිබෙනවා. ඒ සොහොන් කොතෙත් මනාලියගේ රූපයෙන් ඇය පෙනී සිටිනවා.

හැම මාසෙම එක දවසක මාර්ග සංවර්ධන අධිකාරියෙ මහත්මයෙක් එයාගේ නෝනගෙ වළ ළඟට ඇවිත් දවස පුරා හඬලා මල් ගහලා, ඉටිපන්කම් පත්තු කරලා යනවා. දැන් ඒ මහත්මයත් මැරිලා. එයාගෙ වගතුග බලන්ඩ ගියාම එයා කිව්වෙ අපි හරිම ආදරෙන් හිටියා. දරුවො වුණත් එයා වගෙ මගෙ දිහා බලන්නෙ නෑ.

මං මැරෙනකම් එයාට මේ රෝස මල් පොකුර අරන් හැම මාසෙම එයා මැරුණ දාට එනවා කියලයි. අනේ, මහත්තයො මාවත් මළදාට මෙතැනම වළලන්න එයා කිව්වා. ඒත් එයා කොහේ වැළලුවාද දන්නේ නෑ. කවරදාවත් එයා මා විශ්‍රාම යනකම් ආවෙත් නෑ. ජීවිතේ හැටි එහෙම තමයි.

මගෙ ජීවිතේ තෘප්තිමත්ම දවස 1996 මැයි මාසෙ උදාවුණේ. ගල්කිස්ස ධර්මපාලාරාමෙ වැඩ හුන් කොටිකාවත්තෙ සද්ධාතිස්ස හාමුදුරුවො වැඩමවලා මං කනත්තේ මළවුන් වෙනුවෙන් බණක් කියෙව්වා. මළවුන් වෙනුවෙන් හාමුදුරුවන් 20 නමක් වැඩමවලා ධර්මපාලාරාමයෙ දානයකුත් දුන්නා. පිරිකර ලබා දුන්නේ මළමිනී අයිතිකාරයෝ.

සබන් කැටයක් හරි දෙන්න කිව්වා. එළවළු වෙළෙන්දෝ එළවළු දුන්නා. මාළු වෙළෙන්දෝ මාළු දුන්නා. හාල් වෙළෙන්දෝ හාල් දුන්නා. මේවගෙ එක එක අය මේ පින්කමට විවිධ විදියට දායක වුණා. මේක තමයි ඉතිහාසයේ පළමු වතාවට මළවුන්ට බණ කියූ කනත්ත.

මෙහෙ හිටපු එක්තරා දේශපාලනඥයෙක්ගෙ අපූරු පුරුද්දක් තිබුණා. එතුමා උදේ ඉඳන් අපට ඇමතුම් දීලා අහනවා. මරණ ලැයිස්තු. අද ගෙනෙන ඒවා. තියෙන ලිපින ආදිය. හැන්දෑවට එයා කනත්ත ළඟට ඇවිත් ඉන්නවා. ඒ අවමංගල පෙරහරවලට එකතු වෙලා අපුරු කතා පවත්වනවා. ඉතින්! සහභාගි ඡන්ද සියල්ල එයාට.

නොවැම්බර් මාසය මළවුන් සමරන මාසය. ඒ කාලෙට කතෝලිකයන් මෙහි පිරිලා. ඉටිපන්දම් පත්තු කරනවා. යාච්ඤා කරනවා. මළවුන්ගෙ අවුරුදු දවස වගෙයි. වෙසක් දවසටත් එහෙමයි. පහන් පත්තු කරනවා. සමහර බෞද්ධයො කරන කැත පුරුදු තියෙනවා. ඒ තථාගත බුදු රජුන්ගේ ඡායාරූප තමන්ගෙ මියගිය ඥාතියාගේ වළ වටේ ගහනවා.

ඒක කෙතරම් නරක දෙයක් ද කියලා මා පැහැදිලි කරලා දෙන්ඩ ගියාම එක දරුවෙක් කිව්වා, අනේ මහත්තයො, අපි බුදු හාමුදුරුවො කියලා කෙනෙක් දැකලා නෑ. ඒත් අපේ අම්මාව නම් දැකලා තියෙනවා කියලා.

1988 – 89 කාලෙ තරුණ කොල්ලන්ගෙ මිනී පාරවල් අයිනෙ පිච්චෙන්ඩ ඉස්සෙල්ලා අපේ තාප්පයට උඩින් කනත්තට මිනියක් වීසි කරලා තිබුණා. මළ මිනියෙ මුළු ඇඟම සීබ්‍රාවෙක් වගේ. හැම තැනම දරුණු කැපුම් තුවාල. නිර්වස්ත්‍ර මේ සිරුර අපි පළාතේ ඒ. එස්. පී. ට පෙන්නලා වගකීමෙන් ආරක්ෂා වීමේ පනත යටතේ වැළලුවා. ඒ කාලේ පොලිස් අධිකාරිට, සහකාර පොලිස් අධිකාරිට මහේස්ත්‍රාත් බලතල දීලා තිබුණා.

තව දවසක් ඩබල් කැබ් එකක් රාත්‍රි ඇවිත්. ලොකු අධි ශීතකරණයක මොනවාදෝ තියාගෙන කනත්තට වීසි කරන්ඩ ලෑස්ති වෙනවා. මං ගියා. සොයා බලනකොට මේ නරුමයො නරක් වෙච්ච ඉස්සො තොගයක් සොහොනට වීසි කරන්ඩයි ලෑස්ති වෙන්නෙ. මං ගිහින් බැන්නා. ඕයි, මේක තියෙන්නෙ මිනී වළලන්ඩ මිසක්, ත මුසෙලාගෙ ඉස්සො, බල්ලො වළලන්ඩ නොවේ. මං සද්දෙ දානකොට සෙනඟ පිරෙන බයට ඩබල් කැබ් එක ඇදලා ගියා.

තවත් සෙල්ලමක් තිබුණා. රාත්‍රි දොළහට එකට විතර ආදාහනාගරයේ කූල් රූම් පැත්තට ගණිකාවො අරන් පාදඩයො එන වැඩක්. උදේට එතැන තිබුණු යට ඇඳුම් ආදිය අරන් දාන්ඩ ඕනෑ අපේ සේවකයන්.

මං රැකලා අල්ලන්ඩ බැලුවා. ඒක තේරිලා කවුරුවත් ආවෙ නෑ. ඊළගට මං කළේ ඒ පැත්තෙ තිබුණු පයිප්පෙ ගලවලා දාන එක. එතකොට වතුර නෑනේ. කොහොම හරි මේ සිද්ධිය දුරදිග ගියා. කොච්චර තාප්ප ගේට්ටු දැම්මත් කළුවර වැටුණු ගමන් දුරාචාර ක්‍රියාත්මකයි. මං සැක හිතෙන තරුණ රංචු යනකොට කෑගහලා බැන්නා. මාත් දෙහිවල ගල්කිස්සෙ මිනිහෙක්. මගෙ අම්මා දෙහිවල තාත්තා ගල්කිස්සෙ. තුට්ටු දෙකේ වැඩවලට එන්ට එපා කියලා.

තව දවසක් මහ රාත්තිරියේ මට දැනුම් දෙනවා. මගේ කාමරේ ඇතුළෙ කවුරුදෝ පෙරළනවා කියලා. මං ඒ රාත්‍රියෙම ගියා. ගිහිල්ලා ටික වේලාවක් එළියෙ ඇහුම්කන් දීගෙන නිශ්ශබ්දව හිටියා. කතාව ඇත්ත. මගෙ කාර්යාලයෙ මේස පුටු පෙරළන ශබ්ද. මං දොර ඇරියා. බලනකොට මේසය තියා කඩදාසියක්වත් හෙලවිලා නෑ. කවුරුවත් නෑ. ශබ්ද තරංග තිබෙන්ඩ පුළුවන්. එහෙත් දැකීම, දෘෂ්ටිය සිද්ධ වෙන්ඩ බෑ.

1989 – 90 කාලෙ පුදුමාකාර දෙයක් වුණා. මට ආරංචියක් ආවා. ජේ. වී. පී. ලීඩර් කෙනෙක්ගෙ දේහයක් පුච්චන්ඩ මහ රාත්‍රි මෙහෙ එන බව. ගේට්ටුවට ඉබ්බා දාලා මාත් ගෙදර ගිහින් අපේ නෝනට කියලා බැරිස්ටර් මහත්මයකුගෙ ගෙදර ගිහින් හැංගුණා.

රෑ ඒ කට්ටිය ඇවිත් අගුල් කඩලා ඇතුළු වුණාම ආදාහනාගාරය අරින්ඩ බැරි වුණා. මාව හොයාගෙන ගෙදර ආවත් මාත් ගෙදර නෑ. ටෙලිෆෝන් නිහඬයි. ඒ නිසා ඒ සිහි විසඥ දේහය අරගෙන ඒ අය කොළඹ කනත්තකට ගිහින්. ඒ වැඩේ කළ බව මට ආරංචි වුණා.

1940 කාලෙ මේ සොහොන් භූමියට මළ මිනියක් තබා අවසන් ගෞරව දක්වන්ඩ ථූම්භ ගෙයක් තිබුණෙ නෑ. වැල්ලවත්තෙ කට්ටියක් තමන්ගෙ අම්මාගෙ මිනිය අරගෙන ඇවිත් මහ වැස්සකට කොටු වෙලා මිනිය තබා ගන්ඩ තැනක් නැතිව දුක් විඳලා තියෙනවා. ඒ අය ඒ සිද්ධිය නිසාම මෙතැන ථූම්භ ගෙයක් හැදුවා.

දැන් ඒ දරුවො ඉන්නෙ කැනඩාවෙ. එංගලන්තෙ වැනි රටවල. මෙහෙ ආවාම අපෙන් අවසර අරන් ථූම්භ ගෙය පිළිසකර කළ අවස්ථා තියෙනවා. ඒ ථූම්භ ගෙය ඇතුළෙ දෙපැත්තෙ පුන්කලස් දෙකේ තියෙන්නෙ ඒ අයගෙ අම්මගෙ හා තාත්තගෙ අළු.

මිනියක ඔළුව බස්නාහිරට තබන්නෙ ඇයි? හදිසියේම මම ඔහුගෙන් ඇසුවෙමි.

ඕනෑම සුබ කටයුත්තකට නැ‍ඟෙනහිර හොඳයි. සුබ කටයුතුවලට හිරු ප්‍රධානයි. එළිය ගෙනෙන්නේ නැ‍ඟෙනහිර. අඳුර ගෙනෙන්නෙ බස්නාහිර. මරණය සුබ කටයුත්තක් නොවෙයි. ඉපදීමයි සුබ කටයුත්ත. මරණයකදී ඔළුව බස්නාහිරට තබන්නෙ ඒ නිසයි.

සොහොන් භූමි පාලකයෙක් නිසා ඔහුට සමාජය තුළ මහත් පිළිගැනීමක් තිබේ. නඩුකාර හාමුදුරුවන්ගෙන් පවා ඔහුට ලැබුණු වරදාන ගැන ඔහු මට කී යමක් මතකය. ඕනෑම කාර්යාලයක රජයේ දෙපාර්තමේන්තුවක ඔහුට උදව් කරන්නෝ ද සිටිති.

දෙහිවල ගල්කිස්ස නගරයේ විවිධ ක්ෂේත්‍රවල සිටින්නෝ ඔහු හොඳින් හඳුනති. ඔහුට දරුවන් තිදෙනෙකි. පුතා උගත්තේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේය. ඔහු උසස් රැකියාවක් කරයි. දියණියන් දෙදෙනා ද සමාජයේ ඉහළ පුරවැසියන් ය.

ළමයින්ට දෙයියන්ගෙ ලෙඩ හැදුණා. ඒත් මං රස්සාවට ගිහින් ආවා. දෙහි හෝ කහ ගාගෙන නාලා පිරිසුදු වෙලා ගෙට ආවා. විසබීජ තමයි කිල්ල කියන්නේ. අපේ හිතේ කිල්ල ඇති කරගන්ඩ එපා. මළවුන්ගේ ලෝකය ජීවත්වන මිනිසුන්ට බොහෝ දේ කියා දෙනවා. මං ඔබට කිව්වේ ඒකෙන් ටිකක් විතරයි.

උපුටා ගැනීමකි.

Source Link : Gossip Lanka News & Video

ලිංගික හැසිරීම් ගැන ඔබ නොදන්නා ගොඩක් දේවල් හරියටම දැනගන්න

ලිංගිකත්වය එහෙම නැත්නම් Sex අපේ ජිවිතයට බද්ධ වෙලා තිබුණත් ඒ වචනය තරම් කතා කරන්න බය , කතාකරන්න තහනම් වචනයක් අපේ ලංකාවේ නෑ.

ඒ වුණාට Google Search engine වල Sex කියන වචනය වැඩිම වාර ගණනක් හොයපු රට විදිහට ශ්‍රී ලංකාව කප් ඒක ගත්තු අවස්ථාත් නැතිවාම නෙවෙයිනෙ. අපිට තහනම් නම් කොහොමද එහෙම වෙන්නෙ. අපේ සංස්කාතිය , සමාජ අගනාකම් එක්ක ජිවිතය අඟුල් වැටෙනකොට හොරෙන් හොරෙන් කට්ටි පැන්නම එහෙම වෙනවා. මට නම් හිතෙන්නෙ එහෙම. හංගන දෙයක කුතුහලයත් එක්ක තහනම් ගහක කොළයක් හරි කඩන්න හුඟක් අය උත්සහ කරන්නෙ ඒකයි.

importance-of-sex1එහෙම වුණාමයි කියමුකෝ. කාටවත් ඒහෙම කළාට හානියක් නෑනේ. අනික ඔය දේ බැලුවා කියලා ළමයි හම්බ වෙනවද?. කාට හරි එහෙම තර්ක කරන්ඩ පුළුවන්. ඔව් එහෙම නම් වෙන්නෙ නෑ. ඒත් අර ඔළු ගෙඩි ටික අසහනයෙන් විකාර වෙනවා. එක සමාජ පිළිකාවක් වෙනවා.

අසහනය දරා ගන්න බැරිව සමාජයට හෙණයක් වෙන්නෙ මේ තහනම නිසාමයි. කාන්තාව විතරක්ම නෙවෙයි , පිරිමින්ට වුණත් නිදහසේ පාරේ බැහැල යන්න බැරි වෙන්නෙ මේ අසහන‍යේ විපාක විදිහට. දරුවෙක්ට කිරි දෙන අම්ම කෙනෙක් දිහා බලාගෙන කෙල ගිලින දීන හිත් ඇති මිනිසුන් සමාජයේ ඕන තරම්.

මව් සෙනෙහසක් දිහා බලාගෙන වින්දනයක් ලබන්න තරම් මේ අසහනය උඩු දුවලා. බස් රථයක තනිව ගමන් කරන්න බැරි තත්ත්වයකට සමාජය පත්වෙලා. ළඟදි දවසක මහරගමදි තරුණයෙක්ට හොඳ ගුටි පූජාවක් පිළිගන්න සිද්ධ වුනෙ අසහනය පාලනය කරගන්න බැරි තරම් මානසික විකෘතිතාවක් නිසා වෙන්නත් පුළුවන්. මොකද තමන් ළඟ නිරුවතින් කෙනෙක් උන්නත් පාඩුවේ යන්න පුළුවන් වෙන තරමටම අපේ සංස්තෘතිය තුළ අපට අගනාකම් , වටිනාකම් කියලා දෙනවා. පොඩ්ඩක් හිතමු නේද නිවාඩු පාඩුවේ.

ඒ වගේ ආඩම්බරකාර සංස්කෘතියක් ඇතුලේ අද වෙන කොට බාලවයස්කාර අම්මලා ගණන කොයිතරම්ද කියලා පරිවාස නිවාසයක් පැත්තෙ ගියොත් බලාගන්න පුළුවන්. ඒ වගේම තමයි දවසින් දවස දුෂණ , අතවරවලට ලක්වෙන පිරිස වැඩියි. කනගාටුදායක තත්ත්වය තමයි සමහර විට ඔවුන් අතවරයකට ලක් වුණ බවක්වත් ඔවුන් දන්නෙ නැති වීම .

තව අවස්ථා තියෙනවා රැකවරණය උපරිමයි කියලා හිතන පවුල තුළම ලිංගික පීඩනයන්ට ලක්වෙන සිද්ධීන්.ඒත් ලැජ්ජාවට හරි බයට හරි නිත්‍යානුකූල වාර්තාවලට හෙළි නොවී වැහිලා ගිය අඳුරු ජිවිත මේ සමාජයේ ඕන තරම්. කාටවත් කියාගන්න බැරිව අසරණකම් හිත ඇතුළෙ හිරකරගෙන විඳවන ජිවිතවල වගකීම කව්ද ගන්නෙ.

නිකමට වගෙ ගිහින් බලන්න සමාජ වෙබ් අඩවි පැත්තට. ලිංගික ගනුදෙනු සඳහාම වෙන්වුණ Profiles , Pages කොයිතරම්ද කියලා. ඒ තුළ එළිදැක්වෙන අදහස් වලින් අපට හිතන්න ඉතිරිවෙන්නෙ මොනවද කියලා. සමහරවිට ඔබේ දුරකථන අංකය අහම්බෙන් හරි වැරදි කෙනාට හමුවුණොත් අසභ්‍ය පණිවිඩ නිසා පීඩාවිදින්න , අපහාස විඳින්න වුණ අවස්ථා ඔබේ ජීවිතවලත් තියෙන්න පුළුවන්. මුන්ට පිස්සු කියලා අපි මේ ප්‍රශ්නය ගැන සැහැල්ලුවෙන් හිතන්නෙ නැතුව පොඩ්ඩක් විවෘතව හිතමුද.

ඇයි අපි සෙක්ස් කියන වචනය හංඟන්නෙ. ඇයි අපිට මේ වචනය සාමාන්‍යකරණය කරන්න බැරි. ලිංගික අධ්‍යාපනය අපේ අධ්‍යාපන ක්‍රමයට එකතු ‍කරන එක වැරැදි දෙයක්ද? ප්‍රජනනය හා සෞඛ්‍යය කියන පාඩම විෂයය නිර්දේශය තුළ නිවැරැදි ඉගැන්වීමක් සිදුවෙනවා නම් නව යොවුන් වියේ ඇතිවන බොහෝ කුතුහලයන්ට විසඳුමක් ලැබෙනවා. ඒ තුළින් වැරදි අත්හදා බැලීම්වලට යොමු වී ජිවිතය විනාශ කර ගන්නෙ නැතුව අතරමං නොවී කතරගම යන්න යෞවනත්වයට පාර කියන්න පුළුවන්.

දියණියක් මල්වර වුණාට පස්සේ ජයටම පාටි දානවා වගේම Sex කියන වචනය ඇතුළෙ තියෙන යථාර්තය ත් පැහැදිලි කරන්න මවුපියන්ට ආත්ම ශක්තිය තියෙන්න ඕන. ඒක ලැජ්ජාවෙන්න ඕන කාරණාවක් නෙවෙයි. අනාගත පරම්රාවට දෙන තෑග්ගක් . සම්මත ලිංගික සම්බන්ධතා, අදාළ වයස් සීමාවන්, ලිංගික රෝග හා ප්‍රතිකාර වගේම ආරක්ෂාකාරී උපාය මාර්ග ගැනත් යෞවනත්වයට කියල දෙන්න හැකියාවක් වැඩිහිටි පරම්පරාවට තියෙන්න ඕනිමයි. එහෙම නැත්නම් වෙන්නෙ සමාජ රෝගවලින් ජිවිතයම අපායක් කරගත්තු සමනළ යෞවන හීන ගිනි ගත්ත මානසික විකෘතිතා සමඟ අනාගතයක් බිහිවෙන එක විතරයි.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Source Link : lanka-hotnews

පිරිමි සිකරට් බොනවට සාපේක්ෂව ගැහැණු කරන දේවල් ගැන කියන කාගම සිරිනන්ද හිමියන්

කැකිරාව ගල්කිරියාගම ශ්‍රී සමාධි උපදේශණ මද්‍යස්ථානාධිපති ත්‍රිවිධ හමුදාවේ දේශක පාඨශාලාචාර්ය විචිත්‍ර කාලීන ධර්ම දේශක ගෞරව ශාස්ත්‍රපති කාගම සිරිනන්ද හිමියන් පිරිමි සිකරට් බොනවට සාපේක්ෂව ගැහැණු කරන දේවල් ගැන කියන හැටි

Source Link : Tv kirilli

බුකිය කැළඹූ උදාරි නාන වීඩියෝවක් අන්තර්ඡාලයට – Video

උදාරි කියන්න ඉතාමත් ජනප්‍රිය නිලියක් වගේම ටිකක් සරාගී රන්ගනයන් ඉදිරිපත් කරන නිලියක් ඔහුගේ නාන වීඩියෝවක් බලන්නකො පිස්සු හැදෙනවා ඇග දැක්කම පරන අවුරුද්දේ උදාරි අක්ක නාන හැටි අයියා කෙනෙක් හොරෙන් වීඩියෝ කරලා ලීක් කරලා බලන්නකො කරනදේ මෙයා

Source Link : lanka-hotnews

මෙන්න ලංකාවට පැමිණීමට නියමිත අලුත්ම ත්‍රීවීලරය ඉඩකඩ ප්‍රශ්නයට නියම විසදුමක්

සාමාන්‍යයෙන් ත්‍රී රෝද රථයක පසුපස යන්න පුළුවන් තුන් දෙනෙකුටනේ නමුත් මෙම නවතම ත්‍රි රෝද රථයේ මගින් හය දෙනෙකුට පමණ සුවපහසුව යාමට හැකියාව තිබෙන බව බැලූ බැල්මට කියන්න පුළුවන් මෙන්න බලන්නකෝ එම ත්‍රි රෝද රථයේ පින්තූර කිහිපයක් පහතින්

 

 

Source Link : Tv kirilli

රෝසාගේ කැමැත්ත අරගෙන නලීන් රු. ලක්ෂ 3කට කරපු වැඩේ

Fender Stratocaster

මේරියනස් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදක ප්‍රසන්න රෝසාගේ 50 වැනි උපන් දින සාදය පසුගිය දිනෙක පැවැත්වුණා. මේ සාදයේදී රෝසාට ලැබුණු වටිනාම තෑග්ග Fender Stratocaster වර්ගයට අයත් ගිටාරයක්. ඒක දුන්නේ මේරියන්ස් කණ්ඩායමේ නායක නලින් පෙරේරා. ලක්ෂ 3කට වඩා වැටි වටිනාකමකින් යුත් මේ ගිටාරය ලැබුණු සතුට වගේම උපන් දිනය දවසේ තමන්ගේ බිරිය මෙන්ම දරුවන්ගෙන් හිමිවුණ ආදරය ගැන රෝසා බොහොම සතුටු වුණා.

හීනයක් සැබෑ වුණා නේද ?
ඇත්තටම ඔව්. Fender Stratocaster වර්ගයට අයත් ගිටාරයක් ගන්න කාලෙක ඉදලම මගේ හිතේ තිබුණා හීනයක්. මේ වර්ගයේ ගිටාර්වල මිල අධිකයි. ඉතිං මගේ උපන් දිනය දවසේ මාව පුදුමයට පත් කරලා නලින් මේ තරම් වටින තෑග්ගක් මට දුන්නා. මට කියන්න තියෙන්නේ නලින් ඔබට හුගාක් ස්තූතියි කියලා තමයි.

සාදය දවසේ මේ තෑග්ග ලබාදෙන තුරු ඔබ හාංකාවිසයක් මේ පිළිබද දැන සිටියේ නැද්ද ?
(සිනාසෙමින්) ඒකනේ පුදුමය කියන්නේ. දවසක් දෙකක් නලින් මං එක්ක මේ වගේ ගිටාර් ගැන කතා කළා. පුතාට ගිටාර් එකක් අරන් දෙන්න ඕන කියන කාරණය තමයි ඉස්මතු කළේ.
ඒ වගේම මේ ගිටාර් එක ගෙන්වන යමහා ආයතනයේ ෂේන්වත් මට හම්බවෙලා විස්තර කියන්න පලුවන් විදියට පරිසරය හැදුවා. මගේ හිතේ තිබුණේ නලින්ගේ පුතාටනේ මේ අරන් දෙන්න යන්නෙ කියන දැනුවත් භාවය විතරයි. මම ගිටාර් ගැන දන්න නිසා මගෙන් විස්තර අහනවා කියලා මම හිතුවා. පිටරටවල සංචාරය කරද්දීත් මේ වගේ ගිටාර්වල පින්තූර පෙන්නලා මගෙන් විස්තර ඇහුවා. බලද්දි නලින් මේ සේරම කරලා තියෙන්නේ මං වෙනුවෙන්.

නලින් සහ ඔබ අතර ලොකු මිත්‍රත්වයක් තිබෙනවා නේද ?
ඇත්තටම ඔව්. මම පුංචි පුංචි සංගීත කණ්ඩායම්වල ඉදලා සියැක් සංගීත කණ්ඩායමේ ඉන්න කොට තමයි මේරියන්ස් පටන් ගන්න නලින් මට කතා කළේ. ඒ 1991 අවුරුද්දේ. ඒ වෙද්දි සියැක් කණ්ඩායම මෙහෙයවපු රාජු ජයකොඩිට කතා කරලා මම සුහදව ඔහුගෙන් සමුගත්තා.
එදා ඉදලා මගේ විවාහ ජීවිතයටත් වඩා වැඩි කාලයක් පරණ ඇසුරක් නලින් සමග මට තිබුණා. අදටත් එහෙමයි.

අපි විවිධ අවස්ථාවල කණ්ඩායමට විතරක් නෙමෙයි පෙඃද්ගලික ජීවිතේටත් ආපු ප්‍රශ්නවලදී යම් අවබෝධයෙන් යුතුව කතා කළා. නලින්ගේ හැම ප්‍රශ්නයකටම උත්තර හොයන්න මම උදවු වුණා. ළගින් හිටියා. ඒක පුදුම යාළුකමක්.

ගෙදර අය ඔබට ලැබුණු මේ තෑග්ග ගැන මොනවද කිව්වේ ?
මගේ බිරිය හා දරුවෝ දෙන්නටත් පුදුම විදියේ සතුටක් දැනුණා. මොකද ඒ අයත් දැන ගෙන හිටියා මම මේ වර්ගයේ ගිටාර් එකකට හුගාක් කැමැතියි කියලා.
බොහොම කාලෙකට පෙර මා ළග මේ වර්ගයේ මිලෙන් අඩු ගිටාර් එකක් තිබුණා.
ඒ ගිටාරයෙන් රූකාන්තගේ ‘රූ සද රෑ’ ප්‍රසංගයේදී ගමන ‘මේ දිගන්තයේ’ ගීතයට සම්බන්ධ ගිටාර් වාදනය කරන්න බැහැ. ඒ ගිටාරයේ පහසුකම් අඩුයි. මේ නිසා ඒක මම වෙනත් ගිටාරයකට මාරු කර ගත්තා. නමුත් කල්ගත වෙද්දි මට තේරුණා මගේ පරණ Fender ගිටාර් එක තරම මට ඒ මාරු කරගත් ගිටාර් එක වටින්නේ නැහැ කියලා. ඒ අනුව මම මගේ පරණ ගිටාර් එක සෙව්වා. කොහොම හරි අවුරුදු 20කට විතර පස්සේ ඒ ගිටාර් එක මට නැවත සොයා ගන්න පුළුවන් වුණා. එදා මම වින්ද සතුට නලින් දැක්කා. නලින්ට ඒ වර්ගයේම වටිනා හොද ගිටාර් එකක් අරන් දෙන්න හිතෙන්න ඇත්තේ ඒ නිසා වෙන්න ඇති.

එදා උපන්දින සාදයට බොහෝ පිරිසක් පැමිණ සිටියා ?
ඔව්…. මගේ අයියා දෝහා කටාර්වල ඉදලම ඇවිත් හිටියා. එයාත් හුගක් සතුටු වුණා මට ලැබුණු ගිටාර් එක දැකලා.
ඒ වගේම මම සාදයට ඇරයුම් කළේ අපේ පවුල් දෙකේ අයට වගේම මගේ සංගීත ජීවිතයට හුගාක් සම්බන්ධ අයට වගේම හිතවත් මිතුරු මිතුරියන්ට…. මට ඕන වුණා කාලෙකට පස්සෙ ඔවුන් එක්ක හෝරා කිහිපයක් ගත කරන්න.

අපි දැන් වයස ගැන කතා කරමු. දැන් අවුරුදු 50ක්…. මොකද ජීවිතේ ගැන හිතෙන්නේ ?
හරිම සතුටුයි. මට අවුරුදු 50යි. මගේ පවුල් ජීවිතයට අවුරුදු 25යි. දියණියට අවුරුදු 25 සම්පූර්ණ වෙන්න ළගයි. 1994 ජනවාරි විවාහ වුණා. නොවැම්බර් දුව ඉමායා අපිට ලැබුණා. ඊළගට පුතා. එයාට දැන් අවුරුදු 17යි.

ඔබ ඉතා කාර්යබහුල චරිතයක්. මේරියන්ස්ලා සමග රට වටා යනවා. ගෙදර වැඩ කටයුතු හුගාක් කරන්නේ බිරිය නේද ? ඇය රෝසාට ලොකු සහායක් දෙනවා වගේ ?
ඇත්තටම ඔව්, ඇය මහ පුදුමු භාර්යාවක්. මගේ ඇදුම් පැලදුම් ටික. කෑම බීම ටික සූදානම් කරනවා විතරක් නෙවෙයි. දරුවන්ගේ වැඩකටයුතු ටික කරන්නෙත් ඇගේ අතින්. මම රට වටේ, ලෝකේ වටේ යනවා. රූ එළිවෙනතුරු ප්‍රසංගවලට සහභාගි වෙනවා. ඒත් මගේ හිත රිද්දවන කිසිම දෙයක් කරන්නේ නැහැ. කියන්නේ නැහැ. අපි අතර කිසිම ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. ඇය ඉතා හොදින් මගේ ජීවිතේ තේරුම් අරන් ඉන්නවා.

දරුවොත් එහෙමද ?
දරුවෝ දෙන්නම මාව ඉතා හොදින් තේරුම් අරන් ඉන්නවා. ඔවුන්ට ඒ දැනුම ලබා දෙන්න ඇත්තේ මගේ බිරිය තුෂාරි.
දරුවෝ දෙන්න කවදාවත් තාත්තේ ඔය යන ටුවර් එකකට අපිව එක්කරගෙන යන්න කියලවත් කියලා නැහැ. හැබැයි ඒ අයව පෙඃද්ගලිකව හරි රටකට අරන් යන්න ඕන. ඒ බලාපොරොත්තුව මට තියෙනවා.

The post රෝසාගේ කැමැත්ත අරගෙන නලීන් රු. ලක්ෂ 3කට කරපු වැඩේ appeared first on Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk - Raja Gossip.

Source Link : Gossip – Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

නිවසේ මින්ට් වගා කර ගන්නා අයුරු සහ නිවසේ මින්ට් වගා කිරීමට හේතු පහළොවක්

ප්‍රියජනක සුවඳක් සහ මිහිරි රසයක් ඇති Lamiaceae පවුලට අයත් වන මින්ට් මගින් අප්‍රමාණ සෞඛ්‍යය වාසි සපයා ගන්නට පුළුවන්. වසර ගණනාවක සිට විවිධ රෝග සුවපත් කර ගැනීම සඳහා මින්ට් ඖෂධයක් ලෙස භාවිතා කර තිබෙනවා. ඊට අමතරව ස්නානය කිරීමේදී, ආනනකයක් ආකාරයට, දන්තාලේපයක් ලෙස, සුවඳ විලවුන් ලෙස සහ මවුත් වොෂ් ලෙස මින්ට් භාවිතා කිරීම සිදු වනවා. ඔබ මින්ට් නිවසේ වගා කල යුතු හේතු පහළොවක් පහත ආකාරයට දක්වන්නට පුළුවන්.

1. ඇදුම රෝගය සුවපත් කිරීම

මින්ට් තුල අන්තර්ගත වන Rosmarinic අම්ලය තුල ප්‍රභල ප්‍රතිඔක්සිකාරක බලයක් අන්තර්ගත වන නිසා ඇදුම රෝගය වැනි ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග බොහෝමයක් සුවපත් කර ගන්නට පුළුවන්.

2. හිසරදය සමනය කර ඔක්කාරය සුවපත් කිරීම

හිසරදය සහ ඉරුවාරදය සුවපත් කිරීමට මින්ට් ඉතා ඵලදායී වනවා. හිසරදයක් ඇතිවූ විට මින්ට් පත්‍ර කිහිපයක් නළලේ අතුල්ලන්න නැතිනම් මින්ට් පත්‍ර භාවිතා කර තේ පානයක් සකස් කර පානය කරන්න. මෙමගින් ඔබට ඇතිවන හිසරදය සහ ඉරුවාරදය සුවපත් කරගන්නට පුළුවන්.

3. මුඛ සෞඛ්‍යය වර්ධනයට

මින්ට් තුල අඩංගු වන බැක්ටීරියා නාශක බලය සහ වේදනා නාශක බලය මගින් මුඛය තුල ඇති බැක්ටීරියාවන් නසා විදුරුමස් ආශ්‍රිත රෝගද නසා මුඛයෙන් හමන දුර්ගන්ධය පවා පහකර මුඛ සෞඛ්‍යය වර්ධනය කරනු ලබනවා.

4. කැස්ස සහ ශ්වසන රෝග වලට සුවයක් සලසා ගැනීම

මින්ට් පත්‍ර වල සුවඳ ආග්‍රහණය කිරීම මගින් ශ්වසන අපහසුතා සමනය කර ගන්නට පුළුවන්. එමෙන්ම, මින්ට් ක්‍රීම් හෝ මින්ට් පත්‍ර කිහිපයක් පපුව මත අතුල්ලන්න, මින්ට් පත්‍ර භාවිතා කර තේ පානයක් සකසා පානය කරන්න.

5. ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කිරීම

මින්ට් පත්‍ර තුල අඩංගු වන විටමින් B, විටමින් C, විටමින් D, විටමින් E, කැල්සියම් සහ පොස්පරස් මගින් සෙම්ප්‍රතිශ්‍යාව සහ වෙනත් ආසාදනයන් සුවපත් කර ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරනු ලබනවා.

6. ආහාර ජීර්ණය වර්ධනය කිරීම

උදරයේ වේදනාව සමනයට සහ ආහාර ජීර්ණය වේගවත් කිරීමට මින්ට් ඵලදායී වනවා. මින්ට් තුල අන්තර්ගත වන ශාකමය ධාතු සහ ප්‍රතිඔක්සිකාරක මගින් ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග සුවපත් කර ආහාර ජීර්ණයට අවශ්‍ය වන එන්සයිම නිසි ලෙස වර්ධනය කර ගන්නට පුළුවන්.

7. පිළිකාව ඇතිවීමේ අවදානම පහල දැමීම

මහා බඩවැලේ ඇතිවන පිළිකාව, චර්ම පිළිකාව, අක්මාවේ සහ පෙනහල්ලේ ඇතිවන පිළිකාව ඇතිවීමට බලපාන පිළිකා සෛල නැසීමේ හැකියාවක් මින්ට් තුල අන්තර්ගත වනවා.

8. මව්කිරි ලබාදෙන මව්වරුන්ගේ වේදනාවන් සමනය කිරීම

මව්කිරි ලබා දෙන මව්වරුන්ට ඇතිවන පියයුරු වේදනාව සහ දැවිල්ල සුවපත් කර ගැනීමට පියයුරු මත මින්ට් පත්‍ර ඇතිල්ලීම සහ මින්ට් තේ පානයන් පානය කිරීම සිදු කරන්නට පුළුවන්.

9. මනෝභාවය වර්ධනය කිරීම

මින්ට් මගින් මොළයේ serotonin ප්‍රමාණය වර්ධය කර මනෝභාවය සහ මතක ශක්තිය වර්ධනය කරනු ලබනවා.

10. ඉක්කා වැටීම වළක්වා ගැනීමට

ඔබට නිතර ඉක්කා වැටෙනවා නම් මින්ට් ජලය පානය කරන්නට පුළුවන්. මින්ට් තුල අඩංගු වන මෙන්තොල් මගින් ඉක්කා වැටීම පාලනය වනවා.

11. ශරීරයේ බර පාලනයට

මින්ට් පත්‍ර සතු ආහාර ජීර්ණය සඳහා වූ එන්සයිම උද්විපණය කිරීමේ හැකියාව මගින් ආහාර ජීර්ණ ක්‍රියාවලිය වේගවත් කර ශරීරයේ බර අඩු කර ගන්නට පුළුවන්.

12. මතක ශක්තිය වර්ධනය කර ගැනීමට

අධ්‍යයනයන් වලට අනුව මින්ට් මගින් මතක ශක්තිය සහ සිතීමේ හැකියාව වර්ධනය කර ගන්නට පුළුවන්. මතකය වර්ධනය කර මොළයේ සෞඛ්‍යය වර්ධනය කර ගන්නට නම් දිනකට කිහිප වතාවක් මින්ට් තේ පානයක් පානය කල යතු වනවා.

13. විෂාදය සහ තෙහෙට්ටුව දුරු කර ගැනීමට

ශරීරයට ශක්තිය ලබාදී මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරන ස්වභාවික උත්තේජකයක් ලෙස මින්ට් ක්‍රියාකරනු ලබනවා. ඔබට කාංසාව, මානසික වෙහෙස හෝ විෂාදය තත්වයක් දැනෙනවා නම් මින්ට් පත්‍ර සහ මින්ට් තෙල් උපකාර වේවි.

14. සමේ සෞඛ්‍යය වර්ධනය කිරීමට

මින්ට් තෙල් තුල අඩංගු වන ප්‍රතිපූතික බලයන් මගින් සම නිසි ලෙස පවිත්‍ර කිරීම සිදු කරනු ලබනවා. කුරුලෑ සහ මුහුණේ ඇතිවන බිබිළි ඉවත් කර ගැනීමට සහ කෘමි සතුන්ගෙන් සමට සිදුවන හානි දුරු කර ගැනීමට මින්ට් තෙල් භාවිතා කරන්නට පුළුවන්. මින්ට් පත්‍ර මගින් ශරීරයට ලබා දෙන සිසිල් බව මගින් සමේ පීඩාකාරී තත්වයන් සහ ඉදිමීම වැනි තත්වයන්ටද සුවය සැලසනවා.

15. නිසරුබව දුරු කිරීම

මින්ට් තුල අන්තර්ගත වන මෙන්තොල් සංයෝගය මගින් කාන්තාවන්ගේ නිසරුබව දුරු කරනු ලබන අතර කාන්තාවන්ගේ මෙන්ම පිරිමි පුද්ගලයින්ගේද නිසරු බව මින්ට් මගින් දුරු කරනු ලබනවා.

නිවසේදී මින්ට් ශාකයක් රෝපණය කර ගන්නේ කෙසේද?

මින්ට් මගින් සෞඛ්‍යය වාසි බොහෝමයක් සලසන නිසා පහත උපදෙස් අනුව ඔබේ නිවසේසෙත් මින්ට් ශාකයක් රෝපණය කර ගැනීම අතිශය ප්‍රයෝජනවත් වනවා.

• අඟල් 12-15 පළල ඇති පෝච්චියක් ගෙන එයට සරු පස් පුරවා පසට මින්ට් පත්‍ර සිටුවා ගන්න.

• මින්ට් පත්‍ර සිටුවා ගත් පෝච්චිය හිරුකිරණ පතිත වන ස්ථානයක තබන්න.

• මින්ට් ශාකය අඟල් පහක් පමණ වර්ධනය වූ පසුව මල් පොහොටු ඇතුළුව පත්‍ර කප්පාදු කරන්න.

• මින්ට් පත්‍ර අස්වැන්න ලබා ගැනීමේදී සම්පූර්ණ පත්‍ර ප්‍රමණයෙන් 1/3 ක් පමණක් අස්වැන්න ලබා ගන්න.

Source Link : Wishma Lokaya