මහනුවරදී හදවත බද්ධ කළ සචිනි ඊයේ මියයයි දෙවෙනි හදවත් සැත්කම අසාර්ථක වෙයි

මහනුවරදී හදවත බද්ධ කළ සචිනි ඊයේ මියයයි  දෙවෙනි හදවත් සැත්කම අසාර්ථක වෙයි

Source Link : Gossip Lanka News & Video

2017-10-01 සිට 2017-10-07 මේ සතිය ඔබේ ලග්නයට කොහොමද?

උදාවන සතියේ ඔබේ දෛවය

ඔබේ ලග්නාධිපති කුජ සමග සිකුරු පස්‌වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රඵලදායකයි. නිතර නිවසින් බැහැරව යැමට සිදුවේ. අනවශ්‍ය ලෙස විනෝදයට බරවීමෙන් අධ්‍යාපන කටයුතු වලට බාධා ඇතිවිය හැකිය. පෙම් සබඳතා ස්‌ථිර කර ගැනීමට ද විවාහ මංගල යෝජනා පිළිබඳ කටයුතුවලට ද සුබපලදායක වේ. හවුල් ව්‍යාපාර වලින් ලාභ ලැබේ. දරුවන් පිළිබඳව සතුටුදායක ආරංචි ලැබේ. සේවක පක්‌ෂයේ ගැටලු ඇතිවිය හැකිය. නීතිමය අංශවල සහයෝගය ලබාගත හැකිය. පදිංචිය පිළිබඳව ගැටලු ඇතිවීමට ද ඉඩ තිබේ. සෙනසුරු දශා ගත කරන අය ශරීර සනීපය ගැන සැලකිලිමත් වෙන්න.
සුබ පාට – රෝස සුබ අංකය – 3

 


සිකුරු කුජ සමග හතරේද සදු නමයේද රවි බුධ පහේ ද ගමන් කරමින් උදාවන මේ සතිය අධ්‍යාපන කටයුතු වලට සුබදායකයි. ඒ සඳහා සුබ නැකත් යෙදේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ලාභ බලාපොරොත්තුවෙන් මුදල් ආයෝජනය කිරීමට සුබදායක වේ. ලොතරැයි ජයක්‌ ලැබීමට ද ඉඩ තිබේ. පවුලේ අය සමග සතුටින් කාලය ගතවේ. දියුණුවට කරන කටයුතු වෙනුවෙන් නිතර ගමන් බිමන් යැමට සිදුවේ. කෘෂිකාර්මික කටයුතු වලින් ලාභ ලැබේ. විවාහ සහකරුට තරමක්‌ අපලයි. සහෝදරයකු ගැන සුබදායක ආරංචියක්‌ ලැබේ.
සුබ පාට – මිශ්‍ර ලා සුබ අංකය – 6

 


ඔබේ ලග්නාධිපති බුධ සමග රවි හතරේ ද ගුරු පහේ ද සඳු අටේ ද ගමන් කරමින් උදාවන මෙම සතිය මුලදී බලාපොරොත්තු නොවූ වියදමක්‌ දරන්නට සිදුවේ. සෙම් රෝග වැනි සෞඛ්‍ය ගැටලු පවතී. සතිය මැද වන විට තත්ත්aවය සුබ අතට හැරේ. ගෘහ ජීවිතයේ දියුණුවට කරන කටයුතු සාර්ථක කරගත හැකිවේ. දේපළ පිළිබඳව තිබූ නීතිමය ගැටලුවත් විසඳාගත හැකිවේ. අවිවාහක තරුණ තරුණියන්ට මංගල යෝග යෙදේ. සහෝදරයන් හා අසල්වාසීන් සමග තිබූ අමනාප දුරුවේ. උත්සාහය ධෛර්ය ඉහළ යයි. ප්‍රයෝජනවත් කෙටි ගමන් බිමන් නිතර යෙදේ. වියදම් පාලනය කර ගන්න.
සුබ පාට – ලා කොළ සුබ අංකය – 4

 


ඔබේ ලග්නාධිපති සඳු කේතු සමග හතේ ද රවි බුධ සමග තුනේ ද ගුරු හතරේද ගමන් කරමින් උදාවන මෙම සතිය බොහෝ දුරට සුබපලදායකයි. චිත්ත ධෛර්යය උසස්‌ මට්‌ටමක පවතී. ප්‍රයෝජනවත් කෙටි ගමන් බිමන් නිතර යෙදේ. ලිපි ලේඛන හා ශාස්‌ත්‍රීය කටයුතු වලින් ජය ලැබේ. මව්පියන් දූ දරුවන් සමග සතුටින් කාලය ගතවේ. අධ්‍යාපන කටයුතු වලට බාධා විය හැක්‌කේ උදාසීන බව වැඩ කල් දැමීම නිසා බැවින් උනන්දුවෙන් කටයුතු කිරීම වැදගත්ය. විනෝදය උදෙසා කරන වියදම් වලදී දුරදිග බලා කටයුතු කරන්න. සතිය මැද දී සෙම්රෝග වැනි අපල පෙන්වයි. සති අන්තය වන විට හිතේ තිබූ කරදරයකින් නිදහස ලැබෙනවා ඇත.
සුබ පාට – කහ තැඹිලි සුබ අංකය – 5

 


රවි සමග බුධ දෙවැන්නේ ද සඳු කේතු හයවැන්නේ ද සෙනසුරු හතරේද ගමන් කරමින් උදාවන මේ සතිය මිශ්‍රපලදායක බව පෙනේ. සතිය මුලදී රහස්‌ සතුරු උපද්‍රවයක්‌ නිසා සිත් තැවුලක්‌ ඇති වේ. අනාගතය ගැන වැඩියෙන් හිත යොමුවේ. මව හෝ පියාට තරමක්‌ අපලයි. විදේශ ගමන්වලට තිබූ බලාපොරොත්තුවක්‌ සාර්ථක කර ගැනීමට පහසුකම් සැලසේ. රැකියාව හෝ ව්‍යාපාරය ගැන වැඩි කැපවීමකින් ක්‍රියා කිරීමට පෙළඹේ. දැඩි කාර්ය බහුල බවක්‌ ඇතිවිය හැකිය. සහෝදරයෙකු වෙනුවෙන් අමතර වෙහෙසක්‌ දරන්නට සිදුවේ. අධ්‍යාපන කටයුතු මිශ්‍රඵලදායක වේ. මේ අතර ආගම දහම කෙරෙහි ද වැඩි නැඹුරුවකින් කටයුතු කරන බව පෙනේ.
සුබ පාට – රෝස සුබ අංකය – 3

 


ඔබේ ලග්නාධිපති බුධ රවි සමග ලග්නයේ උදාවන අතර සඳු සමග කේතු පස්‌වැන්නේ ගමන් කරමින් උdදාවන සතිය බොහෝ දුරට සුබපලදායක වේ. ඉගෙනීමේ කටයුතු වල යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශේෂ සුබඵල දෙයි. විභාග හෝ සම්මුඛ පරීක්‌ෂණ වලින් සමර්ථ විය හැකියි. රැකියා හෝ ව්‍යාපාර අංශ වලට ද දක්‌ෂතා පෙන්නුම් කරමින් කටයුතු කළ හැකි වේ. උසස්‌ අයගේ ආධාර උපකාර ලැබේ. සහෝදරයෙකු හෝ අසල්වැසියෙකු නිසා පාඩුවක්‌ විඳීමට සිදුවේ. විදේශ ගමන් වලට සුබයි. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. බලාපොරොත්තු බොහොමයක්‌ සාර්ථක කරගත හැකි බව පෙනේ.
සුබ පාට – ලා කොළ සුබ අංකය – 4

 


ඔබේ ලග්නාධිපති සිකුරු කුජ සම`ග එකොළහේද, ගුරු ලග්නයේද, රවි බුධ දොළහේද ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍ර පලදායක බව පෙනේ.

රැකියා හා ව්‍යාපාර අංශවල දියුණුවට තරමක බාධා පවතී. ආදායම් සතුටුදායක වුවද වියදම්ද ඉහළ යනවා ඇත. විදේශ ගමන් වලට සුබපල දායකයි. උසස්‌ අධ්‍යාපනය ලැබීම බලාපොරොත්තුවෙන් විදේශ යැමට තිබූ බලාපොරොත්තුවක්‌ සාර්ථක කර ගැනීමට හැකිවේ. අවිවාහක අයගේ මංගල යෝජනා පිළිබඳ කටයුතු වලට සුබපල දායකයි. යහළු යෙහෙළියන් සම`ග සතුටින් කාලය ගත කිරීමට හැකිවේ. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක වේ.
සුබ පාට – මිශ්‍ර ලා සුබ අංකය – 6

 


ඔබේ ලග්නාධිපති කුජ, සිකුරු සම`ග දහයේද, රවි බුධ එකොළහේද, සඳු තුනේද ගමන් කරමින් උදාවන මෙම සතිය බොහෝ දුරට සුබපල දායකයි. තනතුරේ හෝ තත්ත්වයේ උසස්‌වීම් ලැබීමට හේතුයි. ඒ සඳහා තිබූ බාධා ඉවත් වේ. ප්‍රධානීන්ගේ උදව් ලැබේ. නීතිමය අංශවලද ආධාර උපකාර ලැබේ. උත්සාහය ධෛර්යය වැඩිවේ. තම ප්‍රධානත්වය හා නායකත්ව ගුණාංග ඉස්‌මතු වේ. සමාජයේ කැපී පෙනෙන තත්ත්වයක්‌ ඇතිවේ. බිරිඳ හෝ සැමියාගේ රැකියා ප්‍රශ්නයකට විසඳුම් ලැබේ. සතිය මැදදී පවුලේ දියුණුවට කරන කටයුත්තක්‌ සාර්ථක වේ. මේ අතර ශනි ලග්නයේ ගමන් කරන බැවින් සෙම් රෝග හා වාතාබාධ වැනි අසනීප තත්ත්වයන් ගැන සැලකිලිමත් වීම වැදගත්ය.
සුබ පාට – සුදු සුබ අංකය – 2

 


ඔබේ ලග්නාධිපති ගුරු එකොළහේද, රවි සම`ග බුධ දහයේaද, කුජ සිකුරු නමයේද ගමන් කරමින් උදාවන මේ සතිය බොහෝදුරට සුබපල දායක බව පෙනේ. බිරිඳ හෝ සැමියාගේ රැකියා අංශයක දියුණුවට කරුණු යෙදේ. උත්සාහය ධෛර්යය උසස්‌ තත්ත්වයක පවතින නිසා බොහෝ දුරට සාර්ථක කරගත හැකිවේ. අධ්‍යාපන කටයුතු වලටද සුබයි.

රැකියා නැති අයට රැකියා ලාභ ද ලැබේ. අලුත් තනතුරු ලැබීමටද ඉඩ තිබේ. ගෙදර දියුණුව වෙනුවෙන් කරන කටයුතු සාර්ථක වේ. අලුත් හිත මිතුරන් හඳුනා ගැනීමට අවස්‌ථා උදාවේ. මේ අතර රාහු දශා ගතකරන අයට සිතේ චංචල බව උදරාබාධ ආශ්‍රිත හිසේ රෝග පවතී. සෞඛ්‍ය රැක ගන්න.
සුබ පාට – කහ සුබ අංකය – 5

 


සඳු සම`ග කේතු ලග්නයේ ගමන් කරන අතර ඔබේ ලග්නාධිපති ශනි එකොළහේද, ගුරු දහයේද, රවි බුධ නමයේද ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රපල දායක වේ. විවාහ සහකරු පිළිබඳ සැකය නිසා අඹු-සැමි භේද ඇති වීමට ඉඩ තිබේ. හිත මිතුරන්ගේ උදව් උපකාර හා සේවක සහයෝගය නිසා ව්‍යාපාර කටයුතු සාර්ථක කරගත හැකිවේ. එහෙත් අධික කාර්යබහුල බවත් පෙන්වයි. ඉක්‌මන් කෝපය නිසා පවුලේ අය සම`ග ද අමනාපකම් ඇති වීමට ඉඩ ඇත. ඉවසීමෙන් කටයුතු කරන්න. මව හෝ පියාට අපල තත්වයක්‌ පෙන්වයි. හදිසි අනතුරු වලින් ප්‍රවේශම් වීමට වගබලා ගන්න.
සුබ පාට – නිල් සුබ අංකය – 7


ලග්නාධිපති සෙනසුරු දහයේ ගමන් කරන අතර සඳු දොළහේද, රවි බුධ අටවැන්නේද ගමන් කරමින් මෙම සතිය උදාවන්නේය. සතිය ආරම්භයේදී සේවක ගැටලුවක්‌ නිසා සිත් තැවුලක්‌ ඇති වීමට ඉඩ තිබේ. සෙම් රෝග වැනි අසනීප තත්ත්වයන්ගෙන් ප්‍රවේශම් වන්න. කම් සැප කෙරෙහි අධික ලෙස නැඹුරු වීම නිසා කරදර ඇති වීමටත් නින්දා අපහාස විඳීමටත් සිදුවිය හැකි බව මතක තබා ගැනීම මැනවි. බිරිඳ හෝ සැමියාට තරමක්‌ අපලයි. ඔබ තවමත් අවිවාහක නම් මංගල යෝජනා පිළිබඳ කටයුතු දින කිහිපයක්‌ කල් දැමීම මැනවි. නමුත් උත්සාහය ධෛර්යය පවතින නිසා බොහෝ දේ සාර්ථක කරගත හැකි වේ.
සුබ පාට – නිල් සුබ අංකය – 7


ඔබේ ලග්නාධිපති ගුරු අටවැන්නේද, රවි බුධ හතේද, සඳු එකොළහේද, රාහු පහේද ගමන් කරමින් මෙම සතිය උදාවෙයි. හිත මිතුරන් සම`ග සතුටින් කාලය ගත වේ. විවාහ සහකරුට සුබ දායකයි. හවුල් ව්‍යාපාර වලදී සාර්ථක ප්‍රතිපල ලැබේ. නීතියේ පිහිට ලැබේ. හිතේ නොසන්සුන් බව නිසා අධ්‍යාපන කටයුතු වලට තරමක බාධා පෙන්වයි. සතිය මැද වන විට පෙම් සබඳතාවලට නොසිතූ බාධා ඇති වීමට ඉඩ තිබේ. ව්‍යාපාර වලට මුදල් ආයෝජනය කරන විට දුර දිග බලා කටයුතු කරන්න. සතිය අගවන විට තරමක සුබ දායක තත්වයක්‌ ඇති වේ. ගෘහ ජීවිතය මිශ්‍රපල දායකයි. ගුරු දශා ගත කරන අය දියවැඩියාව හා කොලෙස්‌ටරෝල් වැනි රෝග වලින් ප්‍රවේශම් වන්න.
සුබ පාට – සුදු සුබ අංකය – 2

සුනිල් කුමාර ගම්ලත්

Source Link : Gossip Lanka News & Video

මුහුණු පොතෙන් හමුවු දසුන්ගේ බිරිඳගේ දුක මෙන්න

මුහුණු පොතෙන් හමුවු දසුන්ගේ බිරිඳගේ දුක

Screenshot_2017-10-01-21-01-58 Screenshot_2017-10-01-21-02-13 Screenshot_2017-10-01-21-02-20
www.facebook.com/daylook.lk

DAYLOOK FASHION 

Source Link : Gossip Lanka News & Video

ඇම්ඩාගේ පිටරට සවාරිය

ඔන්න දවසක් ඇම්ඩට ඔය මොකද්ද එකකින් පිටරට සවාරියක් යන්න චාන්ස් එකක ආවලු…

අර සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි වගේ එකකින්…

මූ පොඩි එකා නිසා තාත්තත් එක්කලු ගියේ… ගියේ ඇමරිකාවට…

ඔන්න දැන් ලංකාවෙ සෙට් එක එක්කගෙන යනවලු එහේ තියෙන වැඩ කෑලි ඒව මේව බලන්න… ඇම්ඩත් කට ඇරගෙන ඔය හැම එකක්ම බලනවලු තාත්තගෙ අතේ එල්ලිලා…

පට්ට සයිස් ගොඩනැගිලි එක එක ජාතියේ ෆැක්ටරි දැකල ඇම්ඩට දැන් මාර පුදුමයිලු…

අන්තිමට ගියේ මුන් ඇමරිකාවෙ තිබුන බීෆ් සොසේජස් හදන කම්පැනි එකක බලන්නලු…

කම්පැනි එක තනිකරම මැෂින් වලින් වැඩ කරන්නෙ… මැෂින් එකේ එක පැත්තකට හරකෙක්ව දැම්මම ඌ මැරිල කෑලිවලට කැපිල හම කටු අයින් වෙලා අනිත් පැත්තෙන් සොසේජස් හැදිලලු එලියට එන්නෙ…

මේක බලාගෙන ඉදපු ඇම්ඩගෙ තාත්ත ඇමඩට කිවුවලු

” බලන්න පුතා… මේගොල්ලොන්ගෙ තාක්ෂනේ කොච්චර දිවුණුද කියලා… පුතත් හොදට ඉගනගෙන ලොකු උනාම මේ වගේ සොයාගැනීම් කරන්න ඕනෙ … හොද්දද… ”

තාත්ත මෙහෙම කිවුවාම ඇම්ඩටත් ආවලු මාර ගටක්.. ඌ කිවුවලු මෙහෙම..

” අනිවාර්යෙන්ම තාත්තෙ… මම ලොකු උනාම මැෂින් එකක හදනව මෙ පැත්තෙන් සොසේජස් දැම්මම අනිත් පැත්තෙන් හරකෙක් එලියට එන විදියෙ මැෂින් එකක්…. ”

සෙනග මැද්දෙ මූ කියපු ඔල මොට්ටල කතාවට තාත්තට මාර කේන්තියිලු… මිනිස්සු මුගේ දිහායි තාත්ත දිහායි බල බල හිනා වෙවී යනවලු….

තාත්තට මල පැනල මෙහෙම කිවුවලු

” තෝ මොනවද ආයෙ අමුතුවෙන් හදන්නෙ… ?? අර අගෙදර තියෙන මැෂින් එකට මගේ සොසේජස් එක දාල තෝ වගෙ හරකෙක් එලියට ගත්ත මදිද…. ??

Source Link : ඇම්ඩාගේ හා වෙනත් කථා

සෝයාමීට් කන්න එපා.භයානකයි.හේතුව මෙන්න

සෝයා විසි එක්වැනි සියවසේ සුපිරි ආහාරය ලෙස හැඳින්වෙයි. නිර්මාංශිකයන්ට අවශ්‍ය ප්‍රෝටීන ප‍්‍රමාණය සපුරාගන්නට මෙමගින් ලැබෙන අවස්ථාවත් එයට රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්නට ඇති හැකියාවත් පසුගිය දශක දෙක තුන ඇතුළත බෙහෙවින්ම ප‍්‍රශංසාවට ලක්වුණා. ආසියාවේ සෝයා සම්බන්ධයෙන් මහත් පුනරුදයක් ඇති වුණු අතර මේ හා සබැඳී නිෂ්පාදන රාශියක් ඒත් සමගම වෙළඳපොළට පැමිණුනා.

ඒත් දිගින් දිගටම සෝයා වලට ස්වකීය කීර්තිනාමය පවත්වා ගැනීමට වාසනාවක් නෑ. දැන්, දැන් පෝෂණවේදීන් සෝයා ආහාර බරපතල ලෙස ප‍්‍රශ්න කරනවා. මේ සම්බන්ධයෙන් ජගත් ව්‍යාප්ත සංවාදයක් පැවතුණත් ලාංකේය අප මේ සම්බන්ධයෙන් දැණූවත් නෑ. සෝයා සම්බන්ධයෙන් මෙකල පවතින විද්වත් කතිකාවත් ඇසුරේ ඔබේ දැණුම වපසරිය පුළුල් කිරීම අපේ මේ ලිපියේ එක් අරමුණක්.

දැන් තියෙන්නෙ ජාන වෙනස් කරපු සෝයා
සෝයා ආහාර උපන්බිම පෙරදිග ආසියාවයි. ඒත් ලෝකයේ වත්මන් සෝයා අස්වැන්නෙන් වැඩි හරියකට උරුම කියන්නේ ඇමෙරිකාවයි. ඉස්සර නිෂ්පාදනය කළ සෝයාත් දැන් වවන සෝයාත් අතර ප‍්‍රධාන වෙනස්කමක් තිබෙනවා. අද අප ආහාරයට ගන්නා සෝයා වලින් සියයට 90 කටක් වැඩි ප‍්‍රමාණයක් ජාන වෙනස් කර වවන ලද සෝයායි. එසේම මේ සෝයා වලට රවුන්ඞ්අප් නමැති වල්නාශකය නිශ්චිත වශයෙන්ම යොදනවා. රවුන්ඞ්අප් වකුගඩු රෝගී කරන ප‍්‍රබල වල් නාශකයක්. එය පසුගියදා අපේ රටේ තහනම් කළා.

මිලෙන් අඩු නිසා සෝයා ආහාර කර්මාන්තයක් වශයෙන් ලෝකයේ ජනප‍්‍රිය වුණා, සියල්ල සිදුවුණේ ඊට පස්සෙ… ?
සෝයා ඇට වලින් ගන්නා මූලික නිෂ්පාදනය සෝයා තෙල්ය. තෙල් ලබාගත් පසු ඉතිරි වන රොඞ්ඩ සෝයා ආහාර සැකසුමට යොදාගනියි. සෝයා මිලෙන් අඩුය. එසේම ආහාර සැකසීමේදී ඒවායේ ප‍්‍රශස්ත නිෂ්පාදන පහසුකම් ඇතිවේ. මේ අනුව සෝයා ආහාර බෙහෙවින් ජනප‍්‍රියය. සෝයා වලින් ළදරු ආහාරද සැළකිය යුතු ප‍්‍රමාණයක් නිපදවයි.

සෝයා වල පෝෂණීය ගුණය
සෝයා 100g ක ශක්තිය කැලරි 100g ක් තිබේ. මේදය 9g ක්ද.. කාබෝහයිඩ්‍රේට 10g ක්ද ප්‍රෝටීන 17g ක්ද අඩංගුය. මෙහි ඇති ප්‍රෝටීන මස්වල.. බිත්තරවල ඇති ප්‍රෝටීන තරමට පෝෂණීය නොවේ. එහෙත් අන් කවර ශාක ප්‍රෝටීනයකටත් වඩා සෝයා ප්‍රෝටීන පෝෂ්‍ය ගුණයෙන් ඉහළය. හැබැයි මේදය සැළකූ කළ.. මෙහි ඇත්තේ බහු අසංතෘප්ත මේදයයි. එම නිසා සෞඛ්‍යසම්පන්න ජීවිතයක් අගයන අයට එතරම් සුදුසු නොවේ.

සුපිරි ආහාරයකැයි බෞතීස්ම ලැබූ සෝයා වල චරිත සහතිකයට කළු පැල්ලමක් එකතු වූයේ ඇයි ?

ශරීරයට කෘත‍්‍රීමව ලිංගික හෝමෝන බෙදාහරින පයිටොඊස්ට‍්‍රජන
දැනට හඳුනාගෙන ඇති පයිටොඊස්ට‍්‍රජන වැඩි වශයෙන්ම අඩංගු ආහාරය සෝයා වෙයි. පයිටොඊස්ට‍්‍රජන යනු අප ශරීරයේ තිබෙන ඊස්ට‍්‍රජන් හෝමෝනයමය. සෝයා වල වෙනසකට ඇත්තේ එකී ප්‍රෝටීන සම්භවයකින් යුක්ත වීමයි. පසුගිය කාලය පුරාවටම අසන්නට ලැබුණේ පයිටොඊස්ට‍්‍රජන වල ගුණ ගැනය. නමුත් ඒ පර්යේෂණවලට මුදල් වියදම් කළේ කවුද ? සෝයා කර්මාන්තයෙන් අධික ලාභ ලැබූ ව්‍යාපාරිකයන්ය.

බාහිරින් මෙවන් හෝමෝන වලට සමාන රසායනයක් ලැබුණු විට ශරීරය එයට ප‍්‍රතිචාර දක්වයි. ලිංගික හෝමෝන කෘත‍්‍රීමව ලැබීම නිසා ස්වාභාවික ශරීරගත හෝමෝන ක‍්‍රියාකාරිත්වයට ඇති කරන බලපෑම අති විශාලය. ඊස්ට‍්‍රජන් හෝමෝනය අධිකව ක‍්‍රියාත්මක වීමේ ප‍්‍රතිඵළයක් ලෙස ඇතිවන රෝග අතර පියයුරු පිළිකා, එන්ඩොමෙටි‍්‍රයෝසියාව, ෆයිබ්‍රොයිඩ, දරුවන් නැතිකම මෙන්ම ලිංගික බෙලහීනතාවය මූලික වෙයි. දරුවන් සඳහාද සෝයා නිෂ්පාදන අද අලෙවි කෙරේ. සෝයා වට්ටෝරුවකින් සමන්විත ආහාර වේලක් ගැනීමේදී මේ නොදරුවාටද උපත් පාලන පෙති හතරක හෝමෝන ශරීරගත වන බව පර්යේෂකයන් කණ්ඩායමක් ප‍්‍රකාශ කළේය. අද කාලයේ ඇතැම් දරුවන් වයස අවුරුදු හතේ අටේදී වැඩිවිය පත් වීමට මේ බලෙන් පැටවූ සෝයා ආහාර
සිරිතද එක් චූදිතයෙකි.

සෝයා ඔබේ තයිරොයිඩ ග‍්‍රන්ථිය විනාශයට පත් කරයි
තයිරොයිඞ් ග‍්‍රන්ථිය මගින් සිදු කරන අයඩින් සමායෝජනය අඩාල කරන ආහාර .ගොයිට්‍රොජිනික ආහාර. ලෙස හඳුන්වමු. තයිරොයිඞ් හෝමෝන ඝ‍්‍රාවයට අහිතකර බලපෑම් ඇති කරන ගොයිට්‍රොජිනික ආහාර රැුසක් මේ වන විට හඳුනාගෙන තිබේ. ඒ සියල්ලෙන්ම රජු ලෙස සැළකෙන්නේ සෝයා ආහාරයි.
සෝයා ආහාර මගින් තයිරොයිඞ් ග‍්‍රන්ථියේ ක‍්‍රියාකාරිත්වයට විශාල බලපෑමක් කරන බව පසුගියදා මාධ්‍ය මගින් ඉමහත් ප‍්‍රසිද්ධියට පත්වූයේ සෝයා නිෂ්පාදන මහත් අභිරුචියෙන් ආහාරයට ගත් ඇමෙරිකාවේ ඔප්රා වින්ෆ‍්‍රිට සිදුවූ අකරතැබ්බයක් හේතුවෙනි. නිලියක්.. රූපවාහිනී නිවේදිකාවක් වශයෙන් දැවැන්ත මාධ්‍ය භුමිකාවකට පන පෙවූ ඔප්රා වින්ෆ‍්‍රි හිටි අඩියේ චප්පදෝරු ශරීරයකට හිමිකම් පෑවාය. ඇගේ ජීව ශක්තිය කෙමෙන් අඩුවන බවක් මෙන්ම මනෝභාවයන්හී පිරිහීමක්ද ඇතිවන බව ඇයට හැගී ගිය නිසා ඇය වෛද්‍ය පරීක්ෂණ වලට ලක්වීමේදී අයඩින් හිගතාවය නිසා ඇතිවන හයිපොතයිරොඩිසම් රෝගයට ඇය ලක් වී ඇති බව වෛද්‍යවරුන් සොයාගන්නා ලදී. මෙයට බලපෑ ආසන්න හේතුව ලෙස ඇගේ සෝයා ආශක්තතාවය බව හෙළිදරව් වීමත් සමගම සෝයා ආහාර සම්බන්ධයෙන් විශාල ප‍්‍රතිරෝධයක්ද බටහිර රටවල ඇති විය.

එන්සයිම අවශෝෂණය අඩාල කරන පයිටේට
පයිටේට – ඇට වර්ග.. ධාන්‍ය හා රනිල කුලයේ ආහාර වල තිබේ. සෝයා වල මේවා විශාල වශයෙන් තිබේ. පයිටේට මගින් ශරීරයේ ඛණිජ අවශෝෂණය දුර්වල කරයි. අනෙකුත් ආහාර වල මේ ක‍්‍රියාවලිය සිදුවන්නේ නොගිනිය හැකි ප‍්‍රමාණයකිනි. නමුත් පයිටේට වල අධි සාන්ද්‍රණයක් ඇති නිසා සෝයා ආහාර මගින් ශරීරයේ ඛණිජ අවශෝෂණය සැළකිය මට්ඨමකින් ප‍්‍රමාණයකින් දුර්වල කරන බව හෙළිදරව් වී තිබේ. මෙයින් මිදීමට ක‍්‍රමයක් තිබේ. සෝයා ආහාරයට ගැනීමට පෙර පැසවීමකට ලක් කළ යුතුය.

ටි‍්‍රප්සීන් නිසා ආහාර ජීර්ණයට බාධා පැමිණෙයි
ටි‍්‍රප්සින් යනු ජීර්ණක එන්සයිමයකි. ටි‍්‍රප්සින් නැති විට නියමිත පරිදි ශරීරයේ ආහාර ජීර්ණයක් සිදු වන්නේ නැත. එවිට පාචනය.. කෙණ්ඩා පෙරළීම්.. රුධිරවහන ආදිය ඇතිවේ. සෝයා ටි‍්‍රප්සීන් වල ක‍්‍රියාකාරිත්වය අඩාල කරන බවට හෙළිදරව් වී තිබේ. එයින් සමස්ත ජීර්ණක ක‍්‍රියාවලියට බාධා පැමිණේ. මේ නිසා අග්න්‍යාශයේ රෝග ඇතිවීමට ඇති අවකාශ ඉහළ යයි.
මේ හැරුණු විට සෝයා සතුව ඇති පහත දැක්වෙන අවගුණයන්ද පර්යේෂණාත්මකව සනාථ වී තිබේ.
සෝයා වල ඇති විටමින් බී ප‍්‍රතිසම අවශෝෂණයක් සිදු නොවේ. සමස්ත ප‍්‍රතිඵලය වන්නේ ශරීරයේ බී 12 විටමින ඌණතාවයක් ඇති වීමයි.
සෝයා ආහාර නිසා ශරීරයේ විටමින් ඞී අවශ්‍යතාවය ඉහළ නැංවෙයි.
සෝයා ආහාර සැකසීමේදී විෂකාරක ලයිසිනොඇලනින් හා අධි පිළිකාකාරක මෙන්ම නයිට්‍රොසොඇමීන් උත්පාදනය වෙයි.
ඔබ දැනටමත් හානිකර යයි සළකන නිදහස් ග්ලූටමික් අම්ලයද සෝයා ආහාර නිෂ්පාදනයේදී උත්පාදනය වෙයි. සෝයා වල ඇති අමු රසය නැති කිරීමට සැකසූ ආහාර වලට මේවා කෘත‍්‍රිමව එකතු කිරීමක්ද සිදුවේ.
සෝයා වල අධික ලෙස ඇළුමිනියම් ඇත. මේවා ස්නායු පද්ධතියටත්.. වකුගඩුවලටත් හානිකර බව අමුතුවෙන් කිවයුතු නොවේ.

සෝයා සම්බන්ධයෙන් සමාජයේ ඇති වැරදි විශ්වාස
සෝයා ආහාර සම්බන්ධයෙන් වැරදි විශ්වාස විශාල සංඛ්‍යාවක් සමාජගත වී තිබේ. අප ඒවායේ සත්‍ය අසත්‍යභාවය විමසමු.

සෝයා වසර දහස් ගණනාවක් පැරණි ආහාරයකි
සෝයා මුලින්ම ආහාරයට ගත්තේ චීනයේ ක‍්‍රි.පූ. 1134-246 සමයේ විසූ චොවු අධිරාජ්‍යයය. සෝයා අමුවෙන් ආහාරයට ගැනීම විෂ සහිතය. මේ නිසා සෝයා පැසීමට ලක් කිරීමෙන් (Fermentation)චීන වැසියෝ ඇතැම් ආහාර රසවත්ව නිෂ්පාදනය කළහ.

ආසියානුවන් විශාල වශයෙන් සෝයා ආහාර අනුභව කරයි
චීනයේත්, ජපානයේත් යන දෙරටේම දෛනික සෝයා පරිභෝජනය එක් පුද්ගලයෙකුට තේ හැඳි දෙකකට වැඩි නොවේ. සමස්තයක් ලෙස ආසියානුවන් මෙය මාංශල ආහාර වලට ආදේශකයක් ලෙස ප‍්‍රයෝජනයට ගන්නේ නැත.

පැරණි සෝයා ආහාර තරමටම නූතන සෝයා ආහාරද සෞඛ්‍යසම්පන්නය
නූතන ආහාර සැකසීමේදී සිදුවන්නේ පැසීමට ලක් කිරීමෙන් එහි ඇති විෂ උදාසීන කිරීමයි. මෙහිදී ප්‍රෝටීන වල මුල් අණූක සැකැස්ම වෙනස් කිරීමක් සිදුවේ.
එය සෞඛ්‍යයට හානිකරය. එසේම මේ ක‍්‍රියාවලියේදී විශාල පිළිකාකාරක ප‍්‍රමාණයක් ඊට එකතු වන්නේය.

සෝයා ආහාර වලින් සම්පූර්න ප්‍රෝටීන් අවශ්‍යතාවය සපිරෙයි
එය වැරදි මතයකි. සියළුම රනිල භෝග වලට ඇති නොහැකියාව, එනම් ගෙන්දගම් සහිත ඇමිනෝ අම්ලය නොමැති වීම.. මිතියොනයින් හා සිස්ටින් යන සංඝටක ඌණතාවය මේ සෝයා ප්‍රෝටීනවලද එලෙසමය. නූතන ආහාර නිෂ්පාදන ක‍්‍රියාවලිය තුළදී පහසුවෙන් බිඳෙනසුළු ලයිසින් විනාශ වීම තවත් බරපතල අඩුවකි. එවිට ලැබෙන්නේ බාගෙට ප්‍රෝටීන සැපයුමකි.
සෝයා පැසවීමට ලක් කිරීම නිසා විටමින බී 12 අවශ්‍යතාවය සම්පූර්ණ වන්නේය
සෝයා වල තිබෙන මේ විටමින් බී 12 ශරීරය තුළ ප‍්‍රයෝජ්‍ය වන්නේ නැත. ඒ නිසා එම විටමින වල ඇති ගුණයක් නැත. මෙහිදී ඇත්තෙන්ම සිදු වන්නේ විටමින් බී 12 තිබුණාටත් වඩා අඩුවක් නිර්මාණය වීමයි.

සෝයා ආහාර වට්ටෝරු ළදරුවන්ට ඉතා පෝෂ්‍යදායකය
ටි‍්‍රප්සින් නිෂේධක ආහාරයට ගැනීමෙන් මිටි බව ඇතිවන බව හා අග්න්‍යාශයේ ලෙඩ රෝග ඇති කරන බව සත්ත්ව අධ්‍යයන වලින් සනාථ වී තිබේ. දරුවෙකුට දත් හා අස්ථි වර්ධනයට විටමින් ඞී.. තීරණාත්මක කාර්යක් ඉටු කරයි. දරුවන්ට සෝයා වට්ටෝරු ලබාදීමෙන් ශරීරයේ විටමින් ඞී අවශ්‍යතාවය ඉහළ නැංවන බව හඳුනාගෙන තිබේ.

යකඩ හා තුත්තනාගම් බිළිඳු මොළයේ වර්ධනයට අවශ්‍ය වේ. සෝයා වල ඇති පයිටික් අම්ලය මේ යකඩ හා තුත්තනාගම් වල ක‍්‍රියාකාරිත්වය අඩාල කරන බව හෙළිදරව් වී තිබේ. මේ කාලයට දරුවන්ට කොලෙස්ටරෝල්ද අවශ්‍ය කරයි. සෝයා වල කොලෙස්ටරෝල් සංයුතිය අඩුපාඩු සහිතය.
සෝයා වල ඇති පයිටොඊස්ට‍්‍රජන නිසා ඉතා අඩු වයසෙන් ලිංගික පරිණතියට දරුවන් පත්වීමේ ගැටළුව මේ ලිපියේම අන් තැනක අප කතා කළෙමු.
මේ සියළු කාරණා විමසීමේදී හයක් හතරක් නොතේරෙන දරුවන්ට සෝයා වට්ටෝරු නිතිපතා දීම කෙතරම් සුදුසුද යන්න නැවත සමාලෝචනය කිරීමට සිදු වේ.

සෝයා ආහාර ඔස්ටියෝපොරෝසිස් වළක්වයි
සෝයා ආහාර ගැනීම නිසා කැල්සියම් හා විටමින් ඞී යන පෝෂ්‍ය පදාර්ථ දෙකටම ගැටළු මතු වෙයි. මේ දෙකම අස්ථි සුවසෙත කෙරෙහී බෙහෙවින් වැදගත් වන බව ඔබද දන්නා කරුණකි. මේ නිසා සෝයා අස්ථි සවිමත් කිරීමට කිසිසේත් සම්මාදමක් වන්නේ නැත.

නූතන සෝයා ආහාර ගැනීමෙන් පිළිකා විශාල ප‍්‍රමාණයක් වැළඳීමෙන් ඔබව ආරක්ෂා කරයි
මෙයද වැරදි මතයකි. බි‍්‍රතාන්‍ය රජය විශේෂ වාර්තාවක් නිකුත් කරමින් සෝයා ආහාර ගැනීමෙන් පිළිකා ඇතිවීම වළකින බවට ඇති සාක්ෂි එතරම් සවිමත් නොවන බව පෙන්වා දෙයි. ඇත්තෙන්ම මේ ගැන ගැඹුරින් විමසන කළ පිළිකා ඇතිවන අවස්ථා වැඩි කිරීමට නම් සෝයා හේතු වන බවට විද්‍යාත්මක කරුණු බොහෝ තිබේ.

සෝයා ආහාර ඔබව හදවත් රෝග වලින් ආරක්ෂා කරයි
ලොව පුරා සිදුවූ අධ්‍යයන වලට අනූව සෝයා ආහාර ගැනීමෙන් ඇතැම් ජන කොටස් වල කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන බවට සාක්ෂි පවතී. එහෙත් සෝයා ප්‍රෝටීන වලින් හදවත් රෝග ඇතිවීම මර්ධනය වන්නේද යන්න විමසිය යුත්තකි.

සෝයා ඊස්ට‍්‍රජන් ඔබට යහපතක් සිදු කරයි
සෝයා.. නිර්නාල ග‍්‍රන්ථි අවහිරකයකි. ස්වාභාවික ශරීර හෝමෝන වල ක‍්‍රියාකාරිත්වයට මෙමගින් ඇති කරන්නේ බාධාවකි. ආහාර ප‍්‍රයෝජ්‍ය මට්ටමෙන් ගත් විට සෝයා ආහාර ගැනීමෙන් කාන්තාවන්ගේ ඩිම්බ මෝචනයට බාධා පැමිණෙයි. පිළිකා අවදානම ඉහළ නංවයි. එය මික්සිඞීමා නොහොත් තයිරොයිඞ් ග‍්‍රන්ථියේ අයඩින් නිෂ්පාදනය අඩාල කිරීමේ වරදටද හේතු වෙයි.

සෝයා වල ඇති පයිටොඊස්ට‍්‍රජන මනස සුසර කරයි
මෑතකාලීන අධ්‍යනයකට අනූව කාන්තාවන්ගේ රුධිරයේ වැඩිම ඊස්ට‍්‍රජන් සංයුතියක් ඇති අවස්ථාවේදී ඔවුන් අඩුම ප‍්‍රජානන ක‍්‍රියාකාරත්වයක් ප‍්‍රකට කරන්නේය. ඇමෙරිකාවේ.. ජපානයේ ටොෆු.. ජනප‍්‍රිය ආහාරයකි. මේ සෝයා වලින් හදන ආහාරය අනුභවයෙන් පසුකාළීනව ඇල්ෂයිමර් රෝගයට ලක්වීමේ අවදානම ඉහළ නැංවෙන බව හඳුනාගෙන තිබේ.

ආර්තව අභාවයට පසු කාලය ගත කරන කාන්තාවන්ට සෝයා ආහාර වඩාත් හොඳය
සෝයා ආහාර මගින් ඊස්ට‍්‍රජන් මත ක‍්‍රියාකාරී වන අර්බුද, පිළිකා ආදිය බලගැන්වීමේ අවස්ථාව වැඩිය. එය තයිරොයිඞ් ග‍්‍රන්ථිය ආශ‍්‍රිත රෝග වලටද අත වනයි. තයිරොයිඞ් ග‍්‍රන්ථියේ අවක‍්‍රියාකාරිත්වය හේතුකොටගෙන ආර්තව අභාව රෝග ලක්ෂණ වඩාත් දුෂ්කර තත්ත්වයකට පත්වේ.

සෝයා ආහාර ඔබේ ලිංගික සෞඛ්‍යය සාරවත් කරයි
සත්ත්වයන් යොදාගෙන සිදු කරන ලද පර්යේෂණ වලට අනූව සෝයා සාඵළ්‍යතාවය නොහොත් වර්ගයා බෝ කිරීමට බාධා කරමින් අහිතකර ක‍්‍රියාකාරිත්වයක යෙදෙන බව හෙළිදරව් වී තිබේ. මේ හැරුණු විට මැදි වයස් පුද්ගලයන්ගේ රෝම වර්ධනය වැඩි කරන බව හඳුනාගෙන තිබේ. මෙය ටෙස්ටස්ටරෝන හෝමෝන හීන වන බවට සළකුණකි.

සෝයා පරිසරයට මිතුරු වගාවකි
දැනට වවන සෝයා වලින් සියයට 90ක්ම ජාන වෙනස් කරන ලද සෝයා වෙයි. මේවා ගැටළු රාශියක් පාරිසරික ජෛව ක‍්‍රියාකාරීන් විෂයෙහි ඇති කරයි.

සෝයා ආහාර දියුණු වන රටවල ජනතාවට වඩා හොඳ ආහාර තේරීමකි
දියුණු වන රටවලට ආවේණික ධාන්‍ය තිබේ. වී, කුරහන්, මෙනේරි, මුං, මේ කිසිවක් සෞඛ්‍යයට අහිතකර නැත. ප‍්‍රචාරයට මුවාවී සෝයා ප‍්‍රචලිත කිරීමෙන් මේ ගුණවත් ආහාර ජනතාවෙගෙන් ඈත් වී යයි.
මේසා විපරීත පැටිකිරියක් සහිත සෝයා ආහාර පුරුද්දක් ලෙස පරිභෝජනයට ගැනීමෙන් රටක ජනතාවට සිදුවන යහපතක් නැත. මේ නිසා සුලබව සෝයා නිෂ්පාදන ආහාරයට ගන්නා පාරිභෝගිකයන් මේ ගැන යලි යලිත් සිතනු වටී.

උපුටා ගැනීම – වෛද්‍යවරයා

The post සෝයාමීට් කන්න එපා.භයානකයි.හේතුව මෙන්න appeared first on පුහුල් හොරා.

Source Link : පුහුල් හොරා

ටයිටැනික් සත්‍ය කතාවේ එන මේ දේවල් එකොළහ ගැන දන්නවද?

ට්යිටනික් නැවේ කෙදවාචකය අපි හැමෝම දන්නවා . රෝස් , ජැක් කියන්නේ අපේ හිත්වල හැමදාම ඉන්න ආදරවන්තයෝ දෙන්නෙක් .එත් ටයිටනික් සත්‍ය කතාවේ එන මේ දේවල්එකොළහ ගැන දන්නවද? බලන්න මේ video එක

Source Link : Galle Zone

නොසිතු මොහොතක වෙන්වූ දසුන් වෙනුවෙන් ශලිනි ලිව්ව නෙතට කඳුලක් උනන සංවේදී කවි පෙළ මෙන්න

මේ සතියේ ලංකාවම කඳුලින් තෙත්කල සිද්ධියක් වුනේ ජනප්‍රිය තරුණ නළු දසුන් නිෂාන්ගේ හදිසි අභාවයයි. මේ හදිසි වියෝව පිලිබඳ ලංකාවේ විවිධ මාධ්‍ය වලින් විවිධ ෆේස්බුක් පිටුවලින් විවිධ කටකතා පැතිර ගියා..මේ ගැන හරියටම දැනුවත් වෙන්න පහත තිබෙන සවිත්තර විස්තරය දැනගන්න video එක බලන්න..අනිත් අයට දැනගන්න share කරන්න අමතක කරන්න එපා..

Source Link : Galle Zone

අපි භාණ්ඩ මිලදී ගන්න ආකාරය පිළිබඳව තරුණියකු බුකියේ තැබූ සංවේදී සටහන

“මෙව්වා කීයටද විකුනන්නේ ? ” ඇය තැඹිලි වෙළෙන්දාගෙන් ඇසුවේය.
” එකක් රු.80 යි නෝනා ” ඔහුගේ පිළිතුර විය.
” 6 ක් ගන්නම් 400 කට දෙනවද? ” ඇය ඔහුගේ ඇසුවේය.
” හරි නෝනා ඔයාට අවශ්‍ය මිලට මේක ගන්න. බොහොම ස්තුතියි මගෙන් තැඹිලි මිලදී ගත්තට. අද දවසට එක ගෙඩියක් වත් විකුණා ගන්න බැරුව හිටියේ. ” මහලු තැඹිලි වෙළෙන්දාගේ පිළිතුර විය.

ඇය ලොකු ජයග්‍රහනයක් ලැබූ පරිද්දෙන් එම තැඹිලි ටිකද ගෙන ඇගේ ලස්සන හුරුබුහුටි කාරයට ගොඩ වී ගියේ ඇගේ හොඳම මිතුරියව කාර් එකට නග්ග ගැනීමේ අරමුණිනි.

මිතුරියගේ නිවස අසලට ගිය ඈ, මිතුරිය සමග තරු පහේ හෝටලයකට යන්නෙහිය. ඇය සහ ඇගේ මිතුරිය තමාට කැමති ආහාර එම හෝටලයෙන් මිලදී ගෙන, කනේ ඉතා සුළු ප්‍රමාණයක් අතර කෑවාට වඩා ප්‍රමාණයක් ඉතුරු කරයි.

පසුව ඈ බිල ගෙවන්න යන අතර ඔවුන්ගේ කෑම සඳහා අය කිරීම වන්නේ රු.1400 කි. රු.1500 ක් දෙන ඈ එම හෝටලේ අයිතිකරුට පවසන්නේ ” ආ ඉතුරු 100 ය ඔයා තියාගන්න ” යනුවෙනි.

මෙය හෝටලේ අයිතිකරුට නම් අලුත් හෝ අමුතු සිද්ධියක් නොවේ. නමුත් අසරණ තැඹිලි වෙළෙන්දාගේ කොනයෙන් බලද්දී නම් මෙය හිතට වේදනා ගෙන දෙන කරුණකි.

මෙසේ ලියමි,
ඇයි අපි හැමවෙලේම දුප්පත් හා අසරණ වෙළෙඳුන්ගෙන් යමක් මිලදී ගන්නා සෑම අවස්ථාවකම අපිට බලය ඇති බවට පෙන්වීමට උත්සහ දරන්නේ ?
ඒ වගේම ඇයි අපි අපෙන් උදව් අවශ්‍ය නැති අයට ත්‍යාගශ්‍රීලී වෙන්නේ ?

හැම වෙලේම දුප්පත් වෙලෙන්දෙන් මා දෙසට යමක් විකුණගෙන එන සෑම අවස්තවාකම එක්තරා පොහොසත් පුද්ගලයකු දවසන් සඳහන් කරපු දෙයක් මතකෙට එනවා.

ඔහු පවසා සිටියේ ” අපේ තාත්තා ආගම සිහිකර අවසන් කරන සෑම අවස්ථාවකම ඔහු දුප්පත් පුද්ගලයන්ගෙන් යම් යම් දෑ අධික මුදලට මිලදී ගනී, බොහෝ අවස්ථා වල ඔහුට එම දෑ අවශ්‍ය වන්නේ ද නැත.
ඔහු මෙසේ භාණ්ඩයේ මිලට වඩා වැඩි මුදලක් වෙළෙන්දන්ට ලබාදීම දුටු මා දවසක් ඔහුගේ එසේ කිරීමට හේතුව විමසුවෙමි. එවිට ඔහු පැවසුවේ ” එය එක්තරාකාර ත්‍යාගශ්‍රීලී බවක්” යනුවෙනි.

මේ සිද්ධි දාමය බලන විට අපට දෙවරක් සිතීමට කාලයයි මේ.

සටහන : Madhavi Perera සොහොයුරිය ඉංග්‍රීසියෙන් බුකියේ තබා තිබු සටහනක් Hamza Haniffa විසින් සිංහලට පරිවර්ථනය කරන ලදී.

Source Link : Bro – බ්‍රෝ

විල්පත්තු වනාන්තරය ජාත්‍යන්තර සංචාරක පුරයක් කරන්න අවධානය මෙන්න අලුත්ම පුවත

විල්පත්තු රක්ෂිතය ඇතුළත් වනාන්තර භූමිය ජාත්‍යන්තර වටිනාකමක් ලබාදීමට සංචාරකයන්ගේ පහසුකම් වැඩි දියුණු කිරීමට අවධානය යොමුව ඇතැයි බුද්ධ ශාසන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.

විල්පත්තු රක්ෂිතයේ පසුගිය (30දා) නිරීක්ෂණ චරිකාවක නිරත වූ අවස්ථාවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය. එහි පිවිසුම් පිටවීම් දෙරටුවක් ඉදිකිරීම සඳහා මෙම නිරීක්ෂණ චාරිකාව සංවිධානය කර තිබුණි.

ඊට අමතරව විල්පත්තු රක්ෂිත භූමිය ආරක්ෂා වන අයුරින් සංචාරක ආකර්ෂණය වැඩිවන පරිදි සංවර්ධනය කිරීමටත් සංචාරකයන් වැඩි වශයෙන් විල්පත්තු භූමියට ගෙන්වා ගැනීමටත් අවධානය යොමු වී ඇතයි මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පවසා සිටියේය.

මෙම අවස්ථාවට සහභාගී වූ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් විල්පත්තු අවට සිටින ගම්මානවල ජනතාව මුහුණදී දී සිටින ගැටලු සම්බන්ධයෙන් ද අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මෙහිදී දැනුවත් කිරීමෙන් අනතුරුව වනජීවී නිලධාරීන් සමග සාකච්ඡා කොට එම ගැටලුවලට විසඳුම් ලබා දීමට පියවර ගන්නා ලදී.

Source Link : Tv kirilli