මෙන්න මේ වගේ දේවල් ගෙවත්තේ – කැලේ හෝ කොහේදී දැක්කත් වහාම අහකට දුවන්න

වනයේ සැරිසරද්දී ඔබ කලින් නොදුටු දෙයක් හමුවීම ඔබව කලබලයට පත් කරන්න පුළුවන්.නමුත් සමහර අවස්ථාවන් වලදී එවැනි දේවල් වෙත එක්වරම ලං නොවී සිටිනවානම් එය ඔබට හොදයි.මන්දයත් එය භයානක දෙයක් විය හැකි නිසා.මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ එවැනි දේවල් කීපයක්.

01)පුස් නැතිනම් දිලීර.
අපට වනයේ හමුවන සමහර දිලීර ඉතාමත් භයානක වෙන්න පුළුවන්.”OCTOPUS STINKHORN” සහ “DEVILL FINGERS” යන පටබැදි නාමයන්ගෙන් හදුන්වන මේ සමහරක් දිලීර මේ භයානක ගණයට අයත් වෙනවා.මේවයේ ඇති ග්‍රාහිකා ගොදුරු අල්ලාගැනීමට සකස් වී තිබෙනවා.මේවා කැලයේ හටගන්නා ඇති නිසා ඔබ ඔබ වද විය යුත්තේ එයින් හමන දුර්ගන්ධය ගැනයි.
ආසියානු කලාපයෙන් හමුවන “PODOSTROMA CORNU-DAMAE” නම් දිලීරය නම් මිනිසාට එතරම් හිතකර බිම්මල් විශේෂයක් නොවෙ.මන්දයත් ඒවායේ “TRICHOTHECENE MYCOTOXIN” නම් විෂ අන්තර්ගත වී තිබෙන නිසා.මේවායින් ඔබේ සමේ අසාදන ඇති වීමට ඉඩ තිබෙනවා.
“LEPIOTA BRUNNEOINCARNATA” නම් බිම්මල් විශේෂය පෙනුමෙන් සිත් නොගන්නා මාරාන්තික බවින් අඩු වුවත් එහි “ALPHA AMAINITING” නම් විෂ අන්තර්ගත වී තිබෙනවා.”DEEDLY DAPPERLING” නමින්ද හදුන්වන මෙය ආහාරයට ගැනීම පළමුව වමනය කිරීමේ ලක්ෂණ ඇති වී පසුව ඉන්ද්‍රියන්ගේ බිදවැටීම් වලට හේතුවනවා.

02)බෙරි විශේෂ.

 

 

 

 

 

 

 

 

කැලයෙදී අපට හමුවන ගුප්ත පෙනුමක් ඇති “DOLL’S EYE” සහ “white baneberry” නමින් හැදින්වෙන ශාකය ශරීරගත වීමෙන් උගුරේ දැවිල්ලක් මෙන්ම භ්‍රාන්තිමය තත්වයක් ඇතිවීමට පුළුවන්.
එසේම තක්කාලි ගෙඩියේ හැඩය ගන්නා ගෙඩි හටගන්නා අලංකාර මල් වලින් සමන්විත “THE HORSE NETTLE” නම් ශාකයද ඉතාමත් විෂ සහිතයි.මෙම ශාකයේ සෑම කොටසකම විෂ අන්තර්ගත වේ.මෙහි අඩංගු වන ක්ෂාරමය විසක් වන “solamine” උදරමය ආබාධ,සංසරණ පද්දතියේ ගැටළු සහ ශ්වසන ආබාධ ඇති කරනවා.
ගෙවතු අලංකරන ශාකයක් ලෙසද යොදා ගන්නා”Jerusalam cherry” නමින් හදුන්වන “SOLANUM PSEUDOCAPSICUM” නම් ශාකයද ඉතාමත් විෂසහිත වේ.

03)බුව සහිත ශාක.

ඊසාන දිග ඕස්ට්‍රේලියනු ප්‍රදේශයේදී හමුවන “DENDROCHIDE MOROILES” නම් ශාකය අපේ කහඹිලියා ශාකය වැනියි.අගල් 3-10 දක්වා උස වන මෙම ශාකය පුරාම බූව වලින් සමන්විතයි.යන්තමින් හෝ මෙහි ගෑවුනොතින් එහි ඇති බූව මගින් ඔබේ ශරීරයට සිලිකා ඇතුල් වීමට පුළුවන්.එය සුව වීමට දින ගණනක් හෝ අවරුදු ගණනක් වුවද ගත විය හැක.

04)දළඹුවන්.

අපට එදිනෙදා ජීවිතයේදී හමුවන දළඹු විශේෂ හැරුණු කොට බයානක දළඹුවන් සිටින බව ඔබ දන සිටියාද?”ASP” නමින් හදුන්වන මෙම දළඹුවන්ගේ ශරීරය සම්පූර්ණයෙන්ම ඉදිකටු වැනි දිගු බූව විශේෂයකින් ආවරණය වී ඇත.දකුණු ඇමෙරිකවෙ දැනට වාසය කරනා විෂෙන් වැඩිම දළඹු විශේෂය මොවුන් වේ.මොවුන් අප සිරුරේ ගෑවුනොත් එම ස්ථානයේ ක්ෂනික දැවිල්ලක් හට ගන්නවා මෙන්ම ශ්වසන අපහසුතාද ඇති වීමට ඉඩ ඇත.මෙම තත්වයන් පහව යාමට අවමයෙන් පැය 12ක් පමණ ගත වේ.

05)වෘක මල්(wolf bane)
මිථ්‍යා පුරාවෘත්ත වලද සදහන් වන මෙම මල් විශේෂය අලංකාරවත් දම් පැහැයක් ගන්නවා.එම නිසා ගෙවතු උද්‍යාන වලද සමහර අවස්ථාවන් වලදී මෙය දක්නට ලැබෙනවා.”ACONITUM” සහ “MONKSHOOD” යන නම් වලින්ද හදුන්වන මෙහි මුල පද්ධතිය වඩාත් විෂෙන් වැඩි බව පවසනවා.අතීතයේදී මිනිසුන් තමන්ගේ අවි විස ගැන්වීම උදෙසා මෙම ශාකයේ කොටස් බාවිතා කර තිබෙනවා.
2014 දී Nathan Greenway නැමැත්තා සේවාදායෙකුගේ ගෙවත්තක වැඩ කරමින් සිටියදී මෙම ශාකයක් පිළිසකර කිරීමට ගොස් මරණයට පත් වී ඇති බව පැවසේ.

06)කුරුළු විශේෂ
දැනට ලෝකයේ වාසය කරන විෂ සහිත එකම පක්ෂි විශේෂය වාසය කරන්නේ නිව් ගිනියාවේ ය.”THE HOODED PITOHUI” යන නමින් හැදින්වෙන මොවුන්ගේ සිරුර පුරා විෂ අන්තර්ගත වෙන බව සැල වේ.ඔවුන්ගේ සතුරන්ගෙන් සහ පරපෝෂිතයන්ගෙන් ආරක්ෂා වීමට ඔවුන් තම විෂ බාවිත කරනවා.”THE LITTLE SHRIKETRUSH” යනු නිව් ගිනියාවේදී හමුවන තවත් කුරුළු විශේෂයකි.

07)මත්ස්‍ය විශේෂ
ඔබ මාළුවන්ට කෙතරම් කැමති වුවත් ඔබ මෝරුන් වැනි භයානක සතුන්ගෙන් ඈත් වී සිටින්නට නේද උත්සහ කරන්නේ?නමුත් අහිංසක පෙනුමක් ඇති “PUFFERFISH” නම් මත්ස්‍ය විශේෂය දැනට වාසය කරන වඩාත් විෂ සහිත පෘෂ්ටවන්ශියා ලෙස වාර්තා වෙනවා.වැඩුනු මිනිසුන් 30කට පමණ තුවාල කිරීමට තරම් විෂක් එක මත්ස්යෙකුගේ අන්තර්ගත වෙනවා.අනතුරකදී තමන්ගේ සිරුරේ ප්‍රමාණය විශාල කර ගැනීමේ හැකියාවක් ඔවුන්ට පවතිනවා.මේ කුමක් වුවද චීනය වැනි රටවල මොවුන් ආහාරයටද ගන්නවා.

08)Slow Doris
බැලූ බැල්මට අහිංසක පෙනුමක් ඇති මෙම සතුන් ඉතාමත් විෂ සහිත සත්ව කොට්ටාශයක් වනවා.නමුත් මොවුන්ගේ එක සපාකෑමකින් ඔබේ සිරුරට විෂ ඇතුළු විය හැකියි.මොවුන් සතුව ඉතාමත් තියුණු දත් තිබෙන අතර ඔවුන්ගේ අත් වල ඇති ග්‍රන්තියක් ලෙව කෑමෙන් ඔවුන් විස සපයා ගනී.එම ග්‍රන්ථියෙන් නිපදවන ස්‍රාවය සමග ඛේටය මිශ්‍ර වීමෙන් එම භයානක විෂ නිපදවේ.

09)බූවල්ලා
ඔබ දන්නවා මොවුන් ඉතාමත් බුද්ධිමත් සත්ව කොට්ඨාසයක් බව.නමුත් සමහර බුවල්ලන් ඉතාමත් විෂ සහිතයි.මුහුදේදී හමුවන ඉතාමත් භයානකම බුවලු විශේෂය වන්නේ “BLUE-RINGED” විශේෂයයි.නාමයෙන් ගම්‍ය වන ආකාරයටම නිල් පැහැ වළලු ශරීරය පුරා දක්නට ලැබෙන අතර මොහු නිතරම සැගවී සිටීමට උත්සහ කරයි.යම් අවස්ථාවකදී ශරීරය කහ පැහැති වී තද නිල් පැහැයෙන් වලලු ඇති වේ නම් ඔහු කෝපයට පත් වී ඇත.එම නිසා එවැනි සත්වයෙකු මුහුදේදී දුටුවොතින් වහාම ඉවත්වී යා යුතුයි.
මොහුගේ විෂ “Neurotoxin,Tetrotoxin,Histamine,Tryptamine,Octopamine,Taurine,Acetylcholine” සහ “Dopamine” යන විෂ වලින් සමන්විත වේ.එක් බුවල්ලෙකු තුල වැඩුනු මිනිසුන් 26 දෙනෙකුට තුවාල කිරීමට තරම් විෂක් අන්තර්ගත වෙනවා.
10)යෝධ කූඹි කන්නා.
සාමාන්‍යයෙන් මොවුන් කුහුඹුවන් ආහාරයට ගත්තත් සමහර අවස්ථාවලදී මිනිසුන්ටත් හානි කිරීමට පෙළඹෙනවා.මොවුන්ගේ ඉදිරි පාද ශක්තිමත් වී ඇත්තේ සතුරන් සමග සටන් කිරීමටමයි.මධ්‍යම හා දකුණු ඇමරිකා ප්‍රදේශ වල මොවුන් ඉතා දරුණු සතුන් වශයෙන් සලකනවා.ජැගුවරයින් සමග හා දිවියන් සමග වුවද සටනට යන මොවුන් සටන් කිරීමට ඔවුන්ගේ නිය හා පාද යොදා ගන්නවා.

Source Link : Online Sinhala Blog

ස්වයං වින්දනය නවතන්නේ කෙසේද? තරුණයෙක් ඇසු ප්‍රශේනකට ඥානානන්ද හිමි ලබාදුන් අපූරු පිළිතුර

තරුණයින්ට විවිධාකාර ප්‍රශ්න තිබෙනවා. සමහ්රුනම් තමන්ට තියන ප්‍රශනය කෙලින්ම අහනවා. සමහරු ලජ්ජාවට සමහර දේවල් අහන්නේ නැහැ. නමුත් අද අපි කියන්න යන්නේ ලංකාවේ තරුණයෙක් බුද්ධ පුත්‍රයකුගෙන් ඇසු ප්‍රශ්නෙකට ලබාදුන් ප්‍රයෝගික විසඳුමක් ගැනයි. ඔගුගේ ප්‍රශනය වුනේ

“පින්වත් ස්වාමීන් වහන්ස, ස්වයං වින්දනය නවතාගන්ට කොපමණ උත්සාහ කළත් නැවතත් පරණ තැනට ම වැටෙනවා. මෙය නවත්වන්න ක්‍රමයක් කියාදෙනු මැනවි. ඒ වගේ ම අසභ්‍ය රූප බැලීම වළක්වා ගන්නේ කෙසේ ද?” මෙම ප්‍රශ්නයට උන්වහන්සේ විසින් ලබාදුන් පිළිතුර “මහාමේඝ” නම් වෙබ් අඩවියේ සටහන්කොට තිබුනා ගොඩක් යට තිබෙන අහන්න අකැමති ප්‍රශ්නෙකට හිමිනමකගේ පිළිතුර මෙන්න  පහත විදියෝවෙන් නරඹන්න එහෙනම් හැමෝම

Source Link : Tv kirilli

විල්පත්තුව බේරගන්න පුද්ගලික මුදල් වියදම් කරගෙන මිනිසුන් දැනුවත් කරන අපේ කාලේ තරුණ තරුණියෝ

විලප්ත්තු විනාශය දැක දැක අපේ රටේ දේශපාලුවෝ එන්න එක ගැන ඇත්තටම අපිට තියෙන්නේ මහත් කණගාටුවක්. කොච්චර සංවිධාන විල්පත්තුව ගැන කතා කලත් එක නිකන් දැන් බීරි අලින්ට විනා ගහන තත්වෙට පත්වෙලා තියෙන්නේ. ඔන්න ඔය අස්සේ තමන්ගේ පුද්ගලික මුදල් වියදම් කරගෙන විලප්ත්තු විනාසය නවත්තන්න උත්සහ කරන තරුණ තරුණියන් පිරිසක් ගැන අපිට අහන්නට ලැබුනා.

බස් වලට කොච්චි වලට නැගල විල්පත්තුව බේරගන්න පත්‍රිකා බෙදමින් යන අපේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එක ගැනයි මේ වීඩියෝව පහතින් ඔබත් නරඹන්න share කරන්නත් අමතක කරන්න එපා

Source Link : Tv kirilli

“ස්වයං වින්දනය නවතන්නේ කෙසේද?” තරුණයෙක් ඇසු ප්‍රශේනකට ඥානානන්ද හිමි ලබාදුන් ප්‍රයෝගික පිළිතුර

අද කාලයේ තරුණයින්ට විවිධාකාර ප්‍රශ්න තිබෙනවා. සමහ්රුනම් තමන්ට තියන ප්‍රශනය කෙලින්ම අහනවා. සමහරු ලජ්ජාවට සමහර දේවල් අහන්නේ නැහැ. නමුත් අද අපි කියන්න යන්නේ ලංකාවේ තරුණයෙක් බුද්ධ පුත්‍රයකුගෙන් ඇසු ප්‍රශ්නෙකට ලබාදුන් ප්‍රයෝගික විසඳුමක් ගැනයි. ඔගුගේ ප්‍රශනය වුනේ

“පින්වත් ස්වාමීන් වහන්ස, ස්වයං වින්දනය නවතාගන්ට කොපමණ උත්සාහ කළත් නැවතත් පරණ තැනට ම වැටෙනවා. මෙය නවත්වන්න ක්‍රමයක් කියාදෙනු මැනවි. ඒ වගේ ම අසභ්‍ය රූප බැලීම වළක්වා ගන්නේ කෙසේ ද?” මෙම ප්‍රශ්නයට උන්වහන්සේ විසින් ලබාදුන් පිළිතුර “මහාමේඝ” නම් වෙබ් අඩවියේ සටහන්කොට තිබුනා ගොඩක් යට තිබෙන අහන්න අකැමති ප්‍රශ්නෙකට හිමිනමකගේ පිළිතුර මෙන්න ඔයාලම බලන්නකෝ

Source Link : Online Sinhala Blog

මෙම ඇප් වර්ග 5 ඔබේ සමර්ට් දුරකථනයේ තියෙනවනම් වහාම ඉවත් කරන්න

ස්මාර්ට් ෆෝන් එකක ඇති ඇප් 5ක් ගැන මේ ඇප් 5 බොහෝ දෙනෙක් අනිවාර්යෙන් ඔබේ දුරකතනයට ඩවුන්ලෝඩ් කරගෙන ඇති..දුරකථනය වේගවත් කරගන්න කියලා මේ ඇප් ස්ථාපිත කලාට මේ ඇප් 5න් වෙන්නේනම් හොඳක් නෙමෙයි..ඒ ඇයි කියලා පහත විඩියෝවෙන් ඔබට දැනගන්න පුළුවන් වේවි විස්තර සියල්ලම පහතින් ඔබත් නරඹන්න

Source Link : Tv kirilli

විල්පත්තුව බේරගන්න තම පුද්ගලික මුදල් වියදම් කරගෙන මිනිසුන් දැනුවත් කරන අපේ කාලේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එක

විලප්ත්තු විනාශය දැක දැක අපේ රටේ දේශපාලුවෝ එන්න එක ගැන ඇත්තටම අපිට තියෙන්නේ මහත් කණගාටුවක්. කොච්චර සංවිධාන විල්පත්තුව ගැන කතා කලත් එක නිකන් දැන් බීරි අලින්ට විනා ගහන තත්වෙට පත්වෙලා තියෙන්නේ. ඔන්න ඔය අස්සේ තමන්ගේ පුද්ගලික මුදල් වියදම් කරගෙන විලප්ත්තු විනාසය නවත්තන්න උත්සහ කරන තරුණ තරුණියන් පිරිසක් ගැන අපිට අහන්නට ලැබුනා.

බස් වලට කොච්චි වලට නැගල විල්පත්තුව බේරගන්න පත්‍රිකා බෙදමින් යන අපේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එක ගැනයි මේ වීඩියෝව

Source Link : Online Sinhala Blog

දළ පූට්ටුවා මරපු තිරිසන්නු ඔහුගේ දළවලින් හදපු දේවල් මෙන්න – මුන්ට යාදෙනවද දන්නෑ මේවා දාන හිටියම

රටක් වටිනා ඇතාගේ ඝාතනයට මින් පෙරද ග්‍රාම නිලදාරියකු අත්අඩංගුවට ගත අතර දළ පූට්ටුවාගේ දළ වලින් සැදුවේ යැයි කියන භාණ්ඩ සමඟ තවත් ග්‍රාම නිලදාරීන් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට පත්ව තිබෙනවා වැඩි විස්තර සහ ඡායරූප සහිත වීඩියෝව

Source Link : Tv kirilli

සැමියා කරපු වරදම කරන්න ගිය ගුරුවරියකට අවසානයේ හීනෙන්වත් නොසිතන දෙයක් වෙලා

සමහර ජීවිත කතා ගැන ඇහුවම හරි පුදුමයි.

අහම්බයෙන් අපිට ළං වෙන සමහර අය මුළු ජීවිතේම වෙනස් කරනවා.

ඒ විදිහට ගෙතුණු ජීවිත කතාවකි මේ.

එදා සෙනසුරාදා දිනයකි. සති අන්ත නිවාඩු දිනයක් වුවද අතපසු වූ වැඩ කොටසක් කිරීම සඳහා මම කාර්යාලයට පැමිණියෙමි. මේසය මත වූ දුරකථනය නාද වුයේ ඔය අතරය. මම රීසිවරය අතට ගත්තෙමි.

“අමල් මං සුබෝධා… ඇයි ඔයා ඊයේ ගෙදර ආවේ නැත්තෙ…?”

ඇය කියාගෙන ගියාය.

“අනේ ඊයේ එන්න බැරි වුණා. අද නම් කොහොම හරි එනවා.”

ඇය කාගේ කවුදැයි නොදත් මමද ඊට පිළිතුරු දුන්නෙමි.

“ඔය අමල් නෙමේ”

“නැහැ ළමයෝ මම අමල්. ඔයාට හඳුගන්න බැරිද….?”

“නැහැ ඔය අමල් නෙමේ.”

ඇය ඇමතුම විසන්ධි කළාය.

“ලස්සන කටහඬක් කවුද මේ”

ඇගේ කටහඬට මම වශී වුයෙමි. ඇයගේ දුරකථන අංකය මගේ දුරකථනයේ සදහන්ව ඇති නිසා යළි ඇයට පෙරළා ඇමතුමක් දෙන්නට මට සිතිණි. ඒත් ඒ සැණින් යළි මට ඇමතුමක් ලැබිණි. එයද ඇයගෙනි.

“මට අමල්ට කතා කතාකරන්න පුළුවන් ද?”

ඇය විමසුවාය.

“ඔව් අමල් තමයි කතාකරන්නේ…. කියන්න.”

“අනේ ඔය අමල් නෙමේ. මට අමල්ට දෙන්නකෝ”

ඇගේ කටහඬ මට මහත් මිහිරියාවක් ගෙන දුනි.

“ඔයාගේ කටහඬ හරි ලස්සනයි.”

මම කීවෙමි. ඇය ඊට දැක්වුයේ සිනහවකි.

“අනේ අමල්ට දෙන්නකෝ මම හදිසියකට ගන්නේ.”

ඇය යළිත් කියන්නට වුවාය. ඇය කතා කරන්නේ වැරදි අංකයකට බව මම සිතුවෙමි.

“අනේ බබෝ ඔයාට වැරදිලා මෙහෙ අමල් කියලා කෙනෙක් නැහැ.”

“නැහැ.”

“අනේ සොරි. එහෙනම් මම තියන්නම්”

“එපා එපා පොඩ්ඩක් ඉන්න. අමල් නැති වුණාට මම ඉන්නවානේ… ඔයා කොහෙන්ද කතා කරන්නේ…?”

“මම මොනරාගලින්.”

අපේ කතාව ඇරඹුණේ එලෙසිනි.

සියඹලාණ්ඩුව පැත්තේ විදුහලක සිංහල ගුරුවරියක ලෙස ඇය සේවය කරන්නීය. අමල් යනු ඇගේ සැමියාය.

වෙනදාට නිවාඩුවට ගෙදර එන සැමියා දින දෙක තුනක්ම නොපැමිණීම ගැන විමසන්නට ඇය එසේ දුරකථන ඇමතුමක් දෙන්නට වුවාය.

ඇගේ සැමියා කොළඹ විදුලිබල මණ්ඩල කාර්යාලයක ලිපිකරුවකු ලෙස සේවය කරන බව ඇය මට කීවාය. ඉන් පසු ඇය මටත් මම ඇයටත් නිතර නිතර දුරකථන ඇමතුම් දෙන්නට විය. ඒ අතරතුර අපි බොහෝ දේ කතා කළෙමු. ඒ වෙනකොට අපේ කතාබහට සති දෙක තුනක්ම ගෙවී ගොසිනි.

“මොකටද ඔච්චර මහත්තයා ගැන හොයන්නේ.”

මම ඇගෙන් නිකමට මෙන් ඇසුවෙමි. ඊට ඇය කීවේ සිතාගත නොහැකි පිළිතුරකි.

“එයා ඔෆිස් එකේම තව ගෑනු කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා දැන් ගෙදර එන්නේ නැහැ. ඒ ගෑනිගේ ගෙදර නවතිනවාලු.”

සැමියා නිසා ඇයට සිදු වන අපහසුතාවය ඇය මට එකක් නෑර කීවාය. නොදුටු ඇය කියන දේ ඇත්ත බව මම සිතුවෙමි.

“ඔන්න ඔය මිනිහව අතහැරලා දාන්න. ඔහොම මිනිහෙක් එක්ක පවුල් කන්න පුළුවන්යැ.”

“ඔව් ඒක ඇත්ත. මම මේ දරුවා හින්දයි ඉවසන්නේ.”

ඇයට දරුවකු ඇති බව මා දැනගත්තේ ඉන්පසුවය. ඇගේ චුටි දියණියට වයස අවුරුදු හතකි.

“දුව අප්පච්චි කෝ කියලා අහනකොට මම මොනවද කියන්නේ.”

ඇගේ කතාවට මට ද උත්තරයක් නැත. මම ඒ සියල්ල අසා සිටියෙමි.

“ඉතිං අමල් ගෙදර එන්නේම නැද්ද…?”

“එයා මගේ ඇවස්ස මස්සිනා. අපේ ගෙවල් දෙකම තියෙන්නේ ළඟ ළඟ.ඉස්සර එයා වැඩ කළේ මොනරාගල. දැන් අවුරුද්දකට කලින් කොළඹට මාරුවීමක් ලැබුණා. ඉස්සර හැම සෙනසුරාදාවකම ගෙදර ආවා. පස්සේ පස්සේ එයා ගෙදර එන එක මඟ හැරියා. හොයලා බලද්දී එයා ඒ ඔෆිස් එකේම ගැහැනියක් එක්ක යාළුයි කියලා දැනගත්තා. දැන් එයා මෙහේ එන්නේ නැතිව ඒ ගෑනිගේ ගෙදර යනවලු.”

ඇය සිය සැමියා ගැන ඇත්ත කතාව දුරකථනයෙන් මට කීවාය. මට ඇය ගැන ඇත්තෙන්ම ඇති වුණේ දුකකි.

“මට ඔයා ගැන ඇත්තට දුකයි.”

“ඒකනේ බලන්නකො මට මාර ප්‍රශ්නයක් මේක. දුව තාත්තා කෝ කියලා අහනකොට මම මොනවද කියන්නේ.”

ඇය යළිත් ඒ කතාවම කීවාය. දියණිය සිය පියා ගැන විමසද්දී ඊට දියයුතු පිළිතුරක් ඇය සතුව නැත.

“මට දුවව බලන්න එන්න හිතෙනවා”.

“අනේ එන්න.”

ඇය මට කිහිප වතාවක්ම එළෙස ආරාධනා කළාය. ඒ අනුව මම දිනෙක ඇයත් දුවත් දැක බලා ගන්නට කොළඹින් මොනරාගල බලා පිටත් වුයෙමි. මොනරාගලට බසයෙන් ළඟා වෙද්දී දහවල් එකොළහ ද පසුව තිබිණ. බසයෙන් බැසගත් මම ඇයට ඇමතුමක් දුන්නෙමි.

“හරි ඔයා ඔහොම ම ස්ටෑන්ඩ් එකේ කෙළවරට එන්න.”

“ඉතින් මම කොහොමද ඔයාව හඳුගන්නේ කතා කළාට දැකලා නැහැනේ.”

“ඔයා එන්නකෝ මම රෝස පාට ඇඳුමක් ඇඳල පොත් වගයකුත් අතේ තියාගෙන ඉන්නේ.”

මම ඒ අනුව බස් නැවතුම් කෙළවරටම ගියෙමි. පොත් දෙක තුනක් ද පපුවට තුරුලුකරගෙන සිටි ඇය මා දුටු සැණින් සිනාසුනාය. මම ඇය ළඟට ගියෙමි.

“ඔයා මාව හඳුනගත්තා නේද?”

ඇය ඊට පිළිතුරු දුන්නේ සිනහවකිනි.

“මම හිතුවෙ නැහැ ගමේ මෙච්චර ලස්සන ළමයි ඉන්නවා කියලා.”

මම ඇය දෙස බලමින් කීවෙමි.

“ඇයි මම කැතයි කියලද හිතුවේ.”

“නැහැ කටහඬින්ම දැනගත්තා ඔයා ලස්සනයි කියලා.”

“ඒක නෙමෙයි මෙහෙම කතා කරන්න බැහැ. මේක අපේ ගම… ඒ නිසා අපේ ගෙදර යමු.”

“අපෝ බැහැ.”

“එහෙම කියන්න එපා. දවල්ට කෑම ටිකක් කාලා එහෙම නිදහසේ කතා කරමු.”

“එතකොට අහල පහළ අය මොකුත් හිතන්නේ නැද්ද?”

“ඒකට බය වෙන්න එපා. එයාලා ඇහුවොත් මම කියන්නම්කෝ ඔයා අපේ ගුරුවරයෙක් කියලා.”

සැමියාට දොස් කීවද ඇය ද කරන්නට හදන්නේ වැරදි දෙයක් බව මට සිතිණි. ඕවා කතාකරන්න ගියොත් ලැබෙන්නට තියෙන දෙයත් නැතිව යන බව දත් මා දියණියට ද චොක්ලට් කිහිපයක් රැගෙන ඇගේ ගෙදරට ගියේ මහත් සතුටකිනි.

අම්මා දුටු චුටි දියණිය දිව ආවාය. පොත් මිටිය පැත්තක තැබු ඇය චුටි දියණිය හොවාගෙන සිපගත්තාය. මම චොකල්ට් කිහිපය දියණිය අතට දුන්නෙමි. ඇය මා දෙස පුදුමයෙන් බලා සිටියාය.

“අප්පච්චි ඔයාට චොක්ලට් එවලා ගන්න පුතේ.”

ඇය කීවාය.

“ඔයා ඉන්න මම බොන්න මොනවා හරි හදාගෙන එන්නම්.”

ඇත්තෙන්ම එය සුන්දර පරිසරයකි. කොළඹින් සැතපුම් ගණනකට ඈතින් පිහිටිය ද ගැමි සුන්දරත්වය තවමත් පහවී නොගොසිනි. හමා එන වියළි සුළඟ ගතට ගෙන එන්නේ අමුතුම සිසිලකි.

“මොනවද කල්පනා කරන්නේ”

“කොළඹට වඩා ගම කොච්චර හොඳද කියලා.”

දුන් කහට වතුර වීදුරුව අතට ගත් මම ඇයට කීවෙමි.”

“මේ මොනවද?”

“බෙලිමල් ඇඟට හරිම ගුණයි.”

“ඇත්තද මම නම් බීලම නැහැ.”

“ඒකනේ …. ගමටම එන්න ඕන ඕවා බොන්න.”

“අපි ඉතින් ටී නැත්තම් ප්ලේනටි තමයි.”

මගේ කතාවට ඇයට සිනහ ගියාය. ටිකෙන් ටික චුටි දියණිය ද මා හා මිතුරු වුවාය. මම ඇයව උකුලේ තබා ගෙන නොයෙකුත් දේ කීවෙමි. ඇය ඒ දෙස බලා සිටින්නේ සතුටකි.

“මෙයා මෙතෙක් වෙලා අප්පච්චි නැතුව දුකෙන් හිටියේ. දැන් ඒ සේරම අමතකයි.

“පව් අහිංසක කෙල්ල.”

අපි ඉන් පසුව බොහෝ දේ කතා කළෙමු. ඇගේ සැමියා ගැන ද කතා කළෙමු. දුවගේ අනාගතය ගැන කතා කළෙමු.

“මට එක වෙලාවකට හිතෙනවා මේ මිනිහගෙන් අයින් වෙන්න. තව ගෑනියෙක් එක්ක ඉන්දැද්දී ආයෙත් මොකට ද?”

ඇය කියාගෙන යන්නේ දැඩි වේදනාවකින්ය.

”ඒත්…”

“ඇයි ඒත් කිව්වේ…”

මම ඇගෙන් ඇසුවෙමි.

“ඒත් මේ කෙල්ලට තාත්තා කෙනෙක් නැති වෙනාවනේ. ඒකියි මට තියෙන ප්‍රශ්නේ?”

ඒ අතර දියණිය යළි මා තුරුලට පැමිණ චොක්ලට් පෙත්තක් මට කවන්නට වුවාය.

“ඒ අප්පච්චි නැති වුණාට මේ අප්පච්චි ඉන්නවනේ නැද්ද දුව“

මම දියණිය දෙස බලමින් කීවෙමි. සතුටුවන දියණිය දෙස බලා ඇයද සිටින්නේ සතුටිනි.

“එහෙම වුණොත් ඔයා මෙයාගේ අප්පච්චි වෙනවද?

දියණිය හොවා ගෙන සිටින මා අසලට පැමිණි ඇය මගෙන් එසේ විමසන්නට වුවාය. මම ඇය දෙස බැලීමි.

“ඔව් සත්තකින්ම”

ඇගේ දෙනෙත් කඳුළින් පිරිණි. දියණිය මෙන්ම ඇයද තුරුළු කරගත් මා එදින රාත්‍රිය එහි ගතකළේ සියල්ල අමතක කොට පසුදින කොළඹ යන බලාපොරොත්තුව සමඟිනි.

Source Link : Gossip Lanka News & Video

ලංකාවෙ ගැන තිබුණේ පහත් ආකල්පයක් රූ රැජින තරඟයට ගිය දුෂේනි මියුරංගි කියන කතාව

පසුගියදා පැවැති ලෝක රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වුණේ 2017 ශ්‍රී ලංකා රූ රැජින විදියට කිරුළ දිනූ දුෂේනි මියුරංගියි. නමුත් තරගයේදී අවසන් තරගකාරියන් 40 දෙනා අතරටවත් ඒමට ඇයට නොහැකි වුණා.

2017 ලෝක රූ රැජින තරගයට සහභාගි වීමට ලැබුණු අවස්ථාව ගැන මොකද හිතෙන්නේ ?

මගේ ජීවිතයේ ලැබූ ලොකුම අත්දැකීමක් තමයි මේ.

මම මේ වගේ ජාත්‍යන්තර තරගයකට මුහුණ දුන්නේ පළමු අවස්ථාවටයි. නෑදෑ හිතවතුන්ගෙන් වගේම රටෙනුත් ඈත්වෙලා සති පහකට වැඩි කාලයක් මම තරගය වෙනුවෙන් චීනයේ ගත කළා.

එතැනදී නම් පුංචි පාළුවක් හිතට දැනුණා. ඒත් ටික දවසක් යනකොට අනෙක් තරගකාරියෝ එක්ක මිත්‍රශීලිව ඉන්න කොට ඒ පාළුව තනිකම මැකිලා ගියා.

අවසන් තරගකාරියන් අතරට එක්වන්නට අවස්ථාව නොලැබිම ගැන දුකක් නැද්ද?
නැහැ. මොකද ඒ වන විට මම කිරුළ පිළිබඳ ආශාව අතහැර දාලයි හිටියේ.

ඒකට හේතුව සෙසු තරගකාරියන් ඔබට වඩා ඉහළින් සිටීමද?
නැහැ. ඒ වනවිට මගේ හිතේ “තරගාවලිය” ගැන ඇතිව තිබූ අදහස්

ඒ මොනවාද?

ඇතැම් රටවල් බොහොමයක ජනතාව තමන්ගේ රට නියෝජනය කළ තරගකාරිය වටා හිටියා. එවැනි අයට තරගය තුළ ලොකු විශේෂත්වයක් තිබුණා.
ඒ වගේම දියුණු රටවල අයටත් විශේෂත්වයක් තිබුණා.

මම ඉදිරිපත් වුණේ ලංකාව නියෝජනය කරමින්. ලංකාව පිළිබඳ ඒ අය තුළ ලොකු පිළිගැනීමක් තිබුණේ නැහැ. ඒ වගේම මගේ රටෙන් මට අනුග්‍රාහකත්වය දක්වන්න කෙනෙක් හිටියෙත් නැහැ. මම තරග බිම තුළ හුදකලා වූ චරිතයක් විදිහට හිටියේ. ඒ හින්දා මට කලින්ම දැනුණා අවසන් 40ට මම ඇතුළත් නොවන බව.

ඒත් දුෂේනි තරගයට පිටව ගියේ පිබිදුණු සිතකින් ?

ඔව්, මට බලා‍පොරොත්තු ගොඩක් තිබුණා. ඒත් එහෙට ගිහින් දවස් ගෙවිලා යද්දී තමයි මම දැකපු හීන බොඳ වෙන බව තේරුණේ

තරගයේ සෙසු තරගකාරියන් ඔබට දැක්වූ ප්‍රතිචාර මොන වගේද?
රටවල් 130ක අය ඇවිත් හිටියා. ඒ අය අතරින් “අප්ලර් ස්ටේල් (මිස් ටර්නි), ෆ(ර්) අර්න් (මිස් කොරියා) හා කොරිනා ජෝෂුවා (මිස් රුසියා) තුන්දෙනා තමයි මගේ හොඳම මිතුරියන් වුණේ. ඔවුන් සමග ගෙවී ගිය දවස් නම් හරිම සුන්දරයි.

අනෙකුත් තරගකාරියන් ගැන කතා කළොත් ?

විවිධ මානසික මට්ටම් තියෙන අය ඕනෑම තැනක ඉන්නවානේ. ඇතැම් රටවල අය තමන් පිළිබඳ ලොකු අභිමානයකින් හිටියා. ඒ අයට ලංකාව පිළිබඳ තිබුණේ පහත් ආකල්පයක්. එවැනි අයගෙන් යම් යම් සිත් රිදෙන ප්‍රතිචාරත් ලැබුණා. හැබැයි මම ඒ හැම දෙයක්ම සම සිතින් දරාගෙන හිනා වෙලා හැමෝටම සුහදශීලී ප්‍රතිචාර දැක්වූවා.

ඉදිරියටත් මෙබඳු තරග සඳහා යාමට අදහස් කරගෙන සිටිනවාද?

නැහැ. ‘මිස් ශ්‍රී ලංකා’ විදිහට මම කිරුළ දිනුවා. ලෝක රූ රැජින තරගයට සහභාගි වුණා. මීට වඩා දැවැන්ත තරග නැහැනේ. ඉතින් වෙන තරගයකට ආයෙ සහභාගි වෙන්න බැහැ.

මෙම තරගයත් එක්ක දුෂේනිගේ රංගන ජීවිතයත් තාවකාලිකව නතර වුණා ?

ඔව්. මම ඒ කැප කිරීම කරලා තමයි මේ තරගයට ගියේ.
“ශ්‍රී ලංකා රූ රැජින” විදියට කිරුළ ලැබුවට පස්සේ ටෙලි නාට්‍ය හා සිනමාවට ලැබෙන ආරාධනා වැඩි වුණා. ඉදිරියේදී ඒවායින් හොඳ නිර්මාණවලට එකතු වනවා

Source Link : Tv kirilli

මුහුදෙන් සර්පයින් මතුවුයේ ඇත්තටම සුනාමියක් නිසාද? නාරා ආයතනය හේතුව සොයාගනී

ඊයේ දිනයේ ලංකාවම භීතියෙන් ඇලලී ගිය පුවතක් තමයි මඩකලපුව හා කලවන්චිකුඩි ප්‍රදේශ වලින් මුහුදු සර්පයන් ගොඩබිමට බුරුතු ලෙස විශාල ගණනක් පැමිණීම. ඉන්දියානු අනාවැකි කරුගේ සුනාම අනාවැකියක් ගැන රටම කලබල වී සිටින මොහොතක මේ සිද්ධියත් සමඟ හැමෝම හිතුවේ මේ සුනාමි අනතුරක සේයාවක් විය හැකි බවයි.

කොහොම වුනත් ඊයේ මුළු ලංකාවේම අවධානයට යොමුවූ මේ පුවත ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය හෙවත් නාරා ආයතනය ද විශේෂ ප්‍රක්ෂයක් කල සිටියා මුහුදෙන් සර්පයින් මතුවුයේ ඇත්තටම සුනාමියක් නිසාද? නාරා ආයතනය එයට හේතුවද මෙහදී හෙළිකර තිබුනා

Source Link : Online Sinhala Blog