බොරු වියදම් නොකර, මගුල් ගෙදරට ආපු හැමෝටම අනෝදා පැල දුන්න අපුරු විවාහය

විවාහ උත්සව ගන්නවා කියන්නේ ලොකේම ඇති වෙලා තියන අමුතුම රැල්ලක් අධික වියදම් දරලා රැල්ලට විවාහ උත්සවය ගන්න කාලයක කෙරුන අපූරු විවාහ උත්සවයක් ගැන දැනගන්නට ලැබුනා. වියදම් අඩුවෙන් දරලා පුංචිවට ගත්ත මේ උත්සවයේ මනමාළයා විසින් අපූරු ක්‍රියාවක් කරලා තිබුනා, ඒ උත්සවයට සහභාගී වුන හැමෝටම අනෝද පැල හිටවන්න දීලා මංගල උත්සවයට සහභාගී වූ අයෙක් ඒ පිළිබඳව සිය ෆේස් බුක් ගිණුමෙහි මෙසේ සටහනක් ද තබා තිබුනා.

ආදර්ශයක් දුන්න තවත් අපේ කොල්ලෙක්, අද විවාහ දිවියට එලබුන අපේ Lasitha Thilina Munasinghe විවාහ උත්සවයේම රටට වැඩැති යහපත් මගපෙන්වීමක් දුන්න.විවාහ උත්සවයට පැමිනි හැමෝටම අනෝද පැලයක් තෑගි කලා… ඒ පැලය අමතක නොකර හිටවන්න කියල හැමෝගෙන්ම ඉල්ලීමක් කලා…පැල සියගගනනක් බෙදල දුන්න.විවාහ උත්සවයත් දිවාරෑ පින් වැඩෙන රටට හිතැති පැමිනි අයටත් වටිනැති පින්කමක් කරල අපි පුලුවන් තරම් වවමු කියන ආදර්ශයක් දුන්න අපේ එකා ගැන අපිට ආඩම්බරයි

මේ එම විවාහ උත්සවයේ ඡායාරූප කිහිපයකි.

Source Link : Bro – බ්‍රෝ

19 න් පහල ලෝක කුසලාන තරඟයකදී හසිත බෝයාගොඩ වාර්තාගත ලකුණු 191 ක් රැස් කරයි

මේ දවස් වල පැවැත්වන 19 න් පහල ලෝක කුසලානයේ මේ වනවිට පැවැත්වෙන ශ්‍රී ලංකා 19 න් පහළ පිල හා කෙන්යානු 19 න් පහළ අතර පැවැත්වෙන තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල තම නියමිත පන්දුවාර 50 තුලදී වාර්තාගත ලකුණු 419 ක් රැස් කිරීමට සමත් වුනා.

මෙහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ හසිත බෝයාගොඩ පන්දු 152 ක් තුලදී වාර්තාවක් තබමින් ලකුණු 191 රැස් කලේ හතරේ පහර 28 ක් සහ එක් හයේ පහරක් සමගිනි. මෙය 19 න් පහල ලෝක කුසලාංයකදී ක්‍රීඩකයකු ලැබූ ඉහලම ලකුණු ප්‍රමාණය ලෙසද ඉතිහාසගත වුනි.

පිළිතුරු ඉනිඅ ක්‍රීඩා කරන කෙන්යානු කණ්ඩායම මේ වන විට කඩුලු 8 ක් දැවී ලකුණු 78 ක් ලබා සිටි.කෙන්යානු කණ්ඩායමට ජයග්‍රහණයට පන්දුවාර 24 ක් තුලදී ලකුණු 339 රැස් කල යුතු වේ.

Source Link : Bro – බ්‍රෝ

ෆෙයාර්වේ ගාලු සාහිත්‍යය උත්සවයේ සිංහල දිනය (ඇතුල්වීම නොමිලේ)

ෆෙයාර්වේ ගාලු සාහිත්‍යය උත්සවයේ සිංහල දිනය

2018 ජනවාරි 27 වැනි සෙනසුරාදා පෙ.ව 9.30 – ප.ව 5.30 දක්වා ගාලු කොටුවේ බාලදක්ෂ මූලස්ථානයේදි.
ෆෙයාර්වේ ගාලු සාහිත්‍යය උත්සවයේ සිංහල දිනය පැවැත්වෙන්නේ දෙවැනි වරටය.

• පෙ.ව 9-30 – පෙ.ව 11.00
සිංහල සාහිත්‍යය : දෛනික ජීවිතය පිළිබඳ අවර්ජනා

ලක්ශාන්ත අතුකෝරල
පියන්කාරගේ බන්දුල ජයවීර
සුහර්ෂිණී ධර්මරත්න
මෙහෙයවීම : සහන් කසීර වික්‍රමසිංහ

• පෙ.ව 11.30 – ප.ව 1.00
ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මාන
නිර්දේශිත කර්තෘ මඬුල්ල – සිංහල

නිශ්ශංක විජේමාන්න
අනුරසිරි හෙට්ටිගේ
විමල් උදය හපුගොඩආරච්චි
කීර්ති වැලිසරගේ
දීප්ති මංගල රාජපක්ෂ
මෙහෙයවීම : ආචාර්ය ප්‍රභා මනුරත්න

• ප.ව 2.00 – ප.ව 3.30
නවකතාවේ සිට චිත්‍රපටය දක්වා අනුවර්තන ක්‍රියාවලිය

දිලීප අබේසේකර
අශෝක හඳගම
සමන් වික්‍රමාරච්චි
සුමිත්‍රා රාහුබද්ධ
මෙහෙයවීම: අනෝමා රාජකරුණා

• ප.ව 4.00 ප.ව 5.30
සිංහල කෙටි කතාව වර්තමාන කියැවීම සඳහා වූ ආඛ්‍යාන කලාවක්.

මහාචාර්ය ලියනගේ අමරකීර්ති,
සුදර්ශන සමරවීර
කාංචනා ප්‍රියකාන්ත
මෙහෙයවීම : මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ

ඇතුළුවීම නොමිලේ.

Source Link : Bro – බ්‍රෝ

එක්සත් ජනතා නිදහස් සන්ධාන ජන හමුවක් ජනපති ප්‍රධානත්වයෙන් මඩකලපුවේ

මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කෙරෙන ජනහමු මාලාවේ මඩකලපුව දිස්ත්‍රික් ජනහමුව අද(21) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුවේදී පැවැත්විණි. ජාති, ආගම් බේදයකින් තොරව මඩකලපුව දිස්ති්‍රක්කයේ අතිවිශාල ජනතාවක් මෙම ජනහමුවට එක්ව සිටී අතර, අතිබහුතර වූ ද්‍රවිඩ ජනතාවකගෙන් ක්‍රීඩාංගණය පිරි ඉතිරි ගොස් තිබුණි. ක්‍රීඩාංගණයට රැස්ව සිටී ජනතාවගෙන් මෙහිදී ජනාධිපතිතුමාට හිමිවූයේ උණුසුම් ප්‍රතිචාරයකි. ටී.එම්.වී.පී පක්ෂයේ හිටපු භාණ්ඩාගාරික එරාවුර්පත්තු ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති තම්බිනායගම් කලේන්ද්‍රන් මහතා මෙහිදී ජනාධිපතිතුමාට සහය පළකරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය.

Source Link : Bro – බ්‍රෝ

හරින් හා මෛත්‍රී අතර හදිසියේම ජනාධිපති නිල නිවසේ හමුවීමක්…!

මේ දිනවල මැතිවරණ උණුසුමත් සමඟ යම් යම් මතබේදාත්මක ප්‍රකාශ සහ ඇතැමුන්ගේ ක්‍රියා කලාප දේශපාලන වේදිකා උඩු යටි කුරු කරන අයුරු මාධ්‍ය ඔස්සේ වාර්තා වේ. වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පත් කල බැඳුම්කර කොමිසම සහ එහි වාර්තාව පිළිබඳවද විවිධ අදහස් පළවිය. මෙම බැඳුම්කර සිදිධියට අදාලව දේශපාලන වේදිකාවල ඇතැමුන් සිදු කල කතා සලකා බැලීමේදී එළැඹෙන පළාත් පාලන චන්දය හේතුවෙන් යහපාලනයක් උදෙසා මහජනතාව පත්කළ ජාතික ආණ්ඩුවේ ප්‍රතිපත්තිද ඇතැමුන්ට අමතකව ගොස් ඇති අයුරු පෙනේ.

එක්සත් ජාතික පක්ෂයේ හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් මෑතකදී සිදුකරන ලද ප්‍රකාශයක් ඊට කදිම නිදසුනකි. ඔවුන් එක්ව පිහිටුවූ ජාතික ආණ්ඩුවේ වැරදි සෙවීමට ප්‍රථම පෙර පැවති ආණ්ඩුවේ වැරදි වලට දඬුවම් දී සිටින ලෙස හෙතෙම ජනාධිපතිවරයාට කියා සිටියේය. යහපාලනයක් උදෙසා ජාතික ආණ්ඩුව පිහිටුවූ බව හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයාට අමතක වුවත් වත්මන් ජනාධිපතිතුමා සියළු දුෂණ වංචා වලට සාධාරණ, සෘජු, නීතියට අනුව තීන්දු තීරණ ගන්නා බවට මේ වන විටත් ඔප්පු කර තිබේ.

හරින් ප්‍රනාන්දුගේ සහ ජාතික ආණ්ඩුවේ සමහර අමාත්‍යවරුන්ගේ මෙවැනි ප්‍රකාශ නිසා දැඩි කලකිරීමට පත් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ(ජනවාරි 16) උදෑසන පැවති කැබිනෙට් රැස්වීමට පැමිණි ජනාධිපතිවරයා පැය එකහාමාරක ඉතා සංවේදී සැර ප්‍රකාශයක් කරමින් ජනාධිපතිතුමා කැබිනට් රැස්වීමෙන් නැගිට ගොස් තිබුණි කතාව ආරම්භයේදී ජනාධිපතිතුමන් ජනවාරි 8 දේශපාලන විප්ලවය කිරීමට හේතුවූ කාරනා සහ එම මෙහෙයුම ඉතා දීර්ඝව පැහැදිලි කරදී ජීවිතය පරුදුවට තබමින් රාජපක්ෂ ආණ්ඩුවෙන් එලියට ආ සිද්ධි නැවතත් මතක් කරමින් යහපාලන රජයක් බිහි කිරීමට ජනතාවට දුන් පොරොන්දුව සියලු ඇමති වරුන්ට සිහිපත් කරමින් දින 100 ය ආණ්ඩුව තුලදී මහබැංකු වංචාව සිදුවූ බවත්, එය මේ රජයට ලොකු විශාල කැළලක් යන්නද ප්‍රකශ කරන ලදී.

“දුෂණ වංචා කරපු හැමෝටම නීතියෙන් මන් දඬුවම් දෙනවා. සංවිධානාත්මකව මට මඩ ගහන්න ලැහැස්ති වෙන්න එපා. මට මඩ ගහන්න එක එක්කෙනාව යොදවන්නත් එපා. මරික්කාර්, හරින්, සුජීව සේනසිංහ, කෑ ගහන්නේ මහබැංකුවෙන් හොරාකාපු හොරුන්ව මට රකින්න කියලද ? එකක් හොඳට මතක තියාගන්න, ජනතාවගේ මුදල් හොරාකාපු කිසිම මිනිහෙක් මම රකින්නේ නැහැ. කෝ අද හරින් ඉන්නවද ? ” යනුවෙන් විමසුවත් හරින ප්‍රනාන්දු අමාත්‍යවරයා ඊයේ කැබිනට් රැස්වීමට සහභාගී වී සිටියේ නැත.

“මං මේ කරන දේට ආණ්ඩුවේ මිනිස්සු මට මඩ ගහන්න, අපහාස කරන්න ලෑස්ති නම් එක්කෝ ඒ මිනිස්සු මේ ආණ්ඩුව කරන්න, නැත්තම් මන් මේ ආණ්ඩුව කරන්න ඕන. හැමෝටම ඕන දුශිතයෝ රකින්න නම් මන් මෙතනින් නැගිටලා යනවා” යැයි ප්‍රකශ කරමින් ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමෙන් සිය කාර්යාලයට නික්ම ගියේය.

පසුව අද (ජනවාරි 17) උදෑසන හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා ජනාධිපතිතුමාගේ නිල නිවසට පැමිණ ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ” තමන් සිදු කල ප්‍රකශය වැරදි බවත්, ඒ සඳහා සමාව ලබාදෙන ලෙසත් ” ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටි බව විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරයි.

Source Link : Bro – බ්‍රෝ

ගුවන් නියමුවා පලාලි යන්න පාර දන්නේ නෑ – ඇමතිවරයෙකුගේ දිවි අනු නවයෙන් බේරේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙළිකොප්ටරයකින් යාපනයට ගිය අමාත්‍යවරයෙකු අනුනවයෙන් දිවි බේරා ගත් පුවත් වාර්තා වනවා.

යාපනයේ පැවති තෛපොංගල් උත්සවයට සහභාගීවීම සඳහා ඊයේ (14) දිනයේ දී අමාත්‍ය මහින්ද අමරවීර එහි ගොස් ඇති අතර අමාත්‍යවරයාට මෙම සිද්ධියට මුහුණ දීමට සිදුවූ බවයි වාර්තා වන්නේ.

අමාත්‍යවරයා ඇතුළු පිරිස පලාලි ගුවන් තොටුපල වෙත යාමට නියමිතව තිබුණ ද ගුවන් නියමුවා විසින් තලෛ මන්නාරම දෙසට යානය යොමු කර ඇති බව සඳහන්. ගුවන් මග වෙනස්වීම සැළවූ විගස අමාත්‍යවරයා ගුවන් නියමුවාගෙන් ඒ පිළිබඳව විමසා තිබෙනවා.

එහිදී ගුවන් නියමුවා පවසා ඇත්තේ තමන් පලාලි ගුවන් තොටුපලට ගුවන් යානය පියාසර කරවීමේ ගුවන් පථය නොදන්නා බවයි. කෙසේ වෙතත් ඉන් භීතියට පත් අමාත්‍යවරයා විගසින් මැදිහත් වී ගූගල් සිතියම ආශ්‍රයෙන් යානය පලාලි ගුවන් තොටුපල දෙසට යොමු කර තිබෙනවා.

සමාන්‍යයෙන් කොළඹ සිට පලාලි ගුවන් තොටුපල දක්වා ගුවන් ගමන් කාලය විනාඩි 45ක් වන අතර මෙහිදී පැය 2ට අධික කාලයත් ගතව තිබෙනවා. පලාලි ගුවන් තොටුපල වෙත ළඟාවීමට ආසන්නව තිබියදී ගුවන් යානයේ ඉන්ධන අවසන් වූ බවත් එහිදී සිදුවන්නට ගිය අනතුරු අනුනවයෙන් වැළකී ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විමසීමක් කළ විට එහි මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න කියා සිටියේ අදාළ වාර්තාව නිවැරදි නොවන බවයි.

අමාත්‍යවරයා ඇතුළු පිරිස පෞද්ගලික ආයතනයක ගුවන් යානාවක් මගින් යාපනය බලා පියාසර කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

Source Link : Bro – බ්‍රෝ

ජනාධිපතිවරයාගේ ධූර කාලය ගැන අධිකරණයේ තීන්දුව මෙන්න

ත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 න් පසුව හමාරවිය යුතු බව තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ජනාධිපති කාර්යාලයට දැනුම්දී ඇතැයි රජයේ නිල නොවන ආරංචි මාර්ගවලින් පැවසෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණය ඊයේ (14) සවස ජනාධිපති කාර්යාලයට දැනුම් දී ඇතැයි රජයේ ඉහළ පෙළේ දේශපාලන අංශ ආරංචි මාර්ගවලින් කියැවුණි.

එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම තීරණය පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුවකි. මීට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ විමර්ශනය සිදුකරන ලද්දේ අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප්, ඊවා වනසුන්දර, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ සහ කේ.ටී. චිත‍්‍රසිරි යන පංචපුද්ගල විනිසුරු මඩුල්ල විසිනි.

ශ්‍රේෂ්ඨාධිකරණය වෙත තමාගේ ධුර කාලය නිශ්චිතව දන්වන ලෙස ඉල්ලමින් විශේෂ විමසීමක් යොමුකර තිබුණේජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසිනි.

පසුගිය බ‍්‍රහස්පතින්දා එය විවෘත අධිකරණයේ දී සලකා බැලූ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ස්වකීය නිගමනය ඊයේ සවසජනාධිපති කාර්යාලයට බාරදුන්නේය.

Source Link : Bro – බ්‍රෝ

ඉතිහාසයට එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම වසරේ සහභාගි වන පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ඉතිහාසයට එක්වීමට අවස්ථාවක් උදාවී තිබෙනවා. ඒ, තරගය පැවැත්වෙන බංග්ලාදේශයේ ශරේ බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සිය වන ජාත්‍යන්තර තරගයට සහභාගි වූ කණ්ඩායම බවට පත්වෙමින්.

මෙම තරගය පැවැත්වෙන්නේ ලබන 17 වනදා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරයි. මීට පෙර එක්දින තරග 100 ක් පවත්වා ඇත්තේ ක්‍රීඩාංගණ 5කදි පමණයි.

මේ අතර ශ්‍රී ලංකාවද සහභාගි වන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය අද (15) ආරම්භ වනවා. පළමුව තරග බිමට පිවිසෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තරගාවලියේ ප්‍රතිවාදීන් වන සත්කාරක බංග්ලාදේශය හා සිම්බාබ්වේ කණ්ඩායම්.

චන්දික හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ධූරයෙන් ඉවත් වූ පසු ඔවුන් සහභාගි වන පළමු ජාත්‍යන්තර තරගයද මෙයයි.

Source Link : Bro – බ්‍රෝ

අවුරුදු 7 දී රොෂාන් මහානාමට ඇති වුන උමතු ආදරය ගැන නිරෝෂා පෙරේරා හෙළි කරයි

නිරෝෂා පෙරේරා කියන්නේ නිවේදන ශිල්පිනියක් මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක් දැන් ටිකක් කලා කටයතු වලින් ඈත් වෙලා ඉන්න නිරෝෂා කාලේකට පස්සේ එයාගේ හඬ අවදි කරන්නේ එයාගේ පුංචි කාලේ අදාරය ගැන කියලා. අපි හැමෝටම පුංචි කාලේ ඇතිවුන සොඳුරු මතකයන් සැබෑ නොවුන හීන ගොඩක් තියෙනවා. ඒ දේවල් හැමදාම අපේ හිත් වල තිබෙනවා නිරෝෂා පෙරේරාට අවුරුදු 07 දී ඇති වුන ආදරය ගැන ඇය මේ විදිහට කියලා තිබුනා

අපි හැමෝගෙම ජීවිතවල විවිධාකාර රහස් හැංගිලා තියෙනවා. මගේ ජීවිතෙත් එහෙමයි. ඒත් කාලාන්තරයක් ජීවිතේ දිගේම ආපු රහසක් තමයි අද මම මේ හෙළිකරන්නේ.

වයස 6දී 7දී විතර ඉඳන් මම ක්‍ෂේත්‍රයට එනතුරා හා ඉන් පසු කාලය දක්වා දිව යන කතාවක් තමයි ඒ රහස. එතකොට මට වයස අවුරුදු 7ක් විතර ඇති. අපේ තාත්තා ක්‍රිකට්වලට ගොඩක් ලැදි කෙනෙක්. තාත්තා සා‍ලේ ටී.වී. එකේ මැච් එකක් බලනවා. මමත් නිකමට වගේ එතැනට ගිහින් ටී.වී. එකට එබිලා බැලුවා.

එතකොට හරිම ලස්සන පිරිමි ළමයෙක් බැට් එකක් අරගෙන සෙල්ලම් කරනවා. ඒ වෙද්දී මම ඒ තරම් ලස්සන පිරිමියෙක් දැකලම නැහැ. මටත් පුදුමයි එයා දැක්කම අවුරුදු හතේදී මට ඇතිවූ හැඟීම ගැන. ඒ හැඟීම මොන වගේද කියලා මට තේරෙන්නේ නැහැ. මම තාත්තාගෙන් ඇහුවා ඒ කවුද කියලා.

“රොෂාන් මහානාම”
තාත්තා උත්තර දුන්නා. ඒ වෙලාවේ ඉඳන් තමයි මම මැච් බලන්න පටන් ගත්තේ. ඔය අතරේ රොෂාන් නැහැ. “රොෂාන් මහානාම
කෝ?” මම තාත්තගෙන් ඇහුවා. “එයා අවුට් වුණා” තාත්තා කිව්වා.
“අවුට් වෙනවා කියන්නේ මොකක්ද?” මම දිගින් දිගටම ප්‍රශ්න කළා.
“ඔයාට ඕන මැච් එක බලන්නද. රොෂාන් බලන්නද?”

තාත්තා ඇහුවේ මගේ හරස් ප්‍රශ්න තාත්තට කරදරයක් හින්දා. ඊට පස්සේ මම තාත්තගෙන් හරස් ප්‍රශ්න අහන්න ගියේ නැහැ. ක්‍රිකට් ගැන තනියම හොයා බැලුවා. රොෂාන් ගැනත් තොරතුරු හෙව්වා. කාලයක් යද්දී ක්‍රිකට් ගැනයි රොෂාන් ගැනයි ගොඩක් දේ දැනගත්තා. එදා ඉඳන් මම ටී.වී. එකේ මැච් බැලුවා. පත්තරවල ක්‍රිකට් ගැන පළවුණු ලිපි කියෙව්වා. හැබැයි මම ක්‍රිකට්වලට කැමති නැහැ. රොෂාන්ට තියෙන ආශාවටයි ඒ තොරතුරු හෙව්වේ. අවුරුදු 14 – 15 වෙද්දී ඒ ආශාව උමතුවකට හැරුණා. මගේ මේ “රොෂාන් උමතුව“ ගෙදර අයයි ඉස්කෝ‍ලේ යාළුවොයි දැනගත්තා.

“එයා බැඳලා ළමයිනුත් ඉන්නවා..” යාළුවෝ කිව්වා. ඒත් මගේ උමතුව හොඳ වුණේ නැහැ.
“අපරාදේ අපේ අක්කා ඉපදුන වෙලාවේ මම ඉපදුනා නම් මට කෙළින්ම රොෂාන්ට මගේ කැමැත්ත කියන්න තිබුණා…” මට එහෙම හිතුණා. මගේ මේ උමතුව හින්දම ගෙදර අය මාව මැච් එකක් බලන්න එක්ක ගියා. අපේ අයියා කෙනෙක් හිටියා එයා අපිව රොෂාන් ළඟට එක්කරගෙන ගියා. ඔහු හරිම සුහදව අපිට කතා කළා. මෙච්චර කාලයක් ටී.වී.එකේ දැකපු කෙනා ඇත්තටම දකිනකොට මම උමතුවෙන් වගේ ඒ දිහා බලාගෙන හිටියා.

මම ටික ටික තරුණ වයසට ආවා. පිරිමි ළමුන්ගේ ආදර යෝජනා එන කාලෙනේ ඔය. ඒත් මම හෙව්වේ රොෂාන් වගේ කෙනෙක්. ඒ හිනාව ගමන බිමන ටිකක් හරි තියෙනවා නම් මම එයා ගැන උනන්දු වුණා. ඒත් එයා මට ළංවෙද්දී මේ පුද්ගලයා රොෂාන් වගේ නැහැ කියලා හිතුණම මම එයාගේ යෝජනාව ප්‍රතික්‍ෂේප කළා.
වයසත් එක්ක අපි පරිණත වෙනවා. බොළඳ හිත වෙනස් වෙනවා.

ඒක තමයි ලෝක ස්වභාවය. මටත් ඒක ‍පොදුයි. පස්සේ මම නිවේදිකාවක් වුණා. ඒ ස්වර්ණවාහිනී නාලිකාවේ. එහි උදේ වැඩසටහන් අතර ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ නිවසට ගිහින් කරන වැඩසටහනකුත් තිබුණා. එහි පළමු වැඩසටහනේ නිවේදිකාව ලෙස තෝරාගෙන තිබුණේ මාවයි. නිවේදිකාවක් විදිහට හා හා පුරා මට කාගේ ගෙදරට යන්න වෙයිද කියලයි මමත් හිත හිතා හිටියේ.

“ඔයාට තියෙන්නේ රොෂාන් මහානාමගේ ගෙදරට ගිහින් එයාව ඉන්ටවිව් කරන්න…”

නිෂ්පාදකවරයා එහෙම කියනවා මට ඇහුණේ හීනෙන් වගේ. ඊට පස්සේ මම මගේ කුළුඳුල් සම්මුඛ සාකච්ඡාව කළා. රොෂාන් ඔහුගේ බිරිඳ දරුවෝ මට හමුවුණා. නිවේදිකාවක් විදියට ඒ අය මට සුහදව සැලකුවා. හැබැයි ඒ වේලාවෙත් රොෂාන් එක්ක කතා කරද්දී මොකක්දෝ තිගැස්මක් මගේ හිතේ තිබුණා.

Source Link : Bro – බ්‍රෝ

පුංචි පුස්තකාලයක් සවිකරගෙන ගමන් යන හොරණ – නුවර බස් එක

එදිනෙදා ගමනාගමන කටයුතු සඳහා ලංකාවේ මිනිස්සු වැඩියෙන්ම භාවිතා කරන්නේ බස් රථය. ලංකාවේ බස් රථ වල ගමන් කරනවා කියන්නේ ලේසී වැඩක් නෙවෙයි, නිතරම වගේ මගීන් අපහසුතාවයට පත් වෙන දේවල් සිදුවෙනවා..

එවැනි දේවල් ඕනෑ තරම් අපට නිතරම දකින්න පුළුවන් ඝෝෂාකාරී සංගීතය කියන්නේ මගීන් අපහසුතාවයට පත් කරන ප්‍රධාන හේතුවක් ලංකාවේ හැම බස් රථයක වගේම මේ ප්‍රශ්නය තිබෙනවා.

කණට මියුරු සංගීතය දෙන, වැදගත් සිංහල චිත්‍රපට පෙන්වන බස් රථයක් ගැන සමාජ මාධ්‍ය ජාලයෙන් දැනගන්නට ලැබුනා, හොරණ – මහනුවර ( NC – 7285 ) බස් රථයේ ඝෝෂාකාරී ලෙස සින්දු දාන්නේ නෑ , මේ බස් රථයේ යන අයට කියවන්න පුංචි පුස්ථකාලයකුත් තියනවා. තමන් කැමති පොතක් අරගෙන කියවන්න පුළුවන්  මගීන් වෙනුවෙන් මෙවැනි දේවල් සිදු කරන මේ කොන්දොස්තර මහතා සහ රියදුරු මහතා අගය කළ යුතුයි. ඔවුන් රටේ අනෙකුත් බස් රථ සියයල්ලටම ආදර්ශයක් , නවකතා නාට්‍ය , පොත් පිරුණු පුංචි පුස්ථකාල බස් රථයේ ඡායා රූප කිහිපයකි මේ….

Source Link : Bro – බ්‍රෝ